ක්‍රිකට් හැදුවේ එංගලන්ත සුද්දාය . පැත්තකට වෙලා හෙමින් සැරේ කොරපු සෙල්ලමක් නිසා එයට මහත්තුරුන්ගේ සෙල්ලම කියා නමක්ද හැදුනේය . මුලින් දවස් ගනන් කාලය කැ සෙල්ලම තනි දවසේ සෙල්ලමකට හැරුණාය . මුලින් වැඩ පෙන්නු සුද්දන්ට අමතරව කල්ලන්ද , ඉන්දියානු හා පකිස්ථාන සුදු-කල්ලන්ද තනි දවසේ සෙල්ලමේ වැඩ පෙන්නුවෝය . ඒත් සෙල්ලමේ කම්මැලි ගතිය නම් එලෙසමය . පලවෙනි පන්දු වාර 15දී පිතිකරු වට කොට පන්දු රකින්නන්ය . උන් අතරින් පන්දුවක බැස්සීමට ක්‍රිකට් ශිල්පියේ කෙල පැමිණිය යුතුය . මුලින් ගහන්න එව්වේද එවන් වැඩ කරුවන්ය . මේ සියල්ල උඩු යටිකුරු කලේ ක්‍රිකට් වලට වැඩ්ඩන් නොවූ පුංචි දිවයිනෙන් ආ කලු කොල්ලෙක්ය .
මුන් ඔක්කොම මා ලඟ නම් පිට්ටනියේ හතර වටේ ඉඩ තිබේ නම් අස්සෙන් බස්සන්නෙ මොන _කේ අමාරුවකටදැයි කියා මුලින්ම හිතුනේ මේ කලු කොල්ලාටය .
ඌ වටේට උන්ගේ ඔලුවලට ඔඩින් හතර අතේ නෙලන්න පටන් ගත්තේය . කොල්ලාට යකඩ හය්යක්ද තිබුන නිසා ඒ සමහර එව්වා වැටුනේ පිට්ටනියෙන් එලියේය . මේ තියරියම යුස් කල දොඩම් ගෙඩි දෙකක් සයිස් කොලුවෙකුත් සෙට් උන නිසා වැඩෙ මාර ලස්සනය . අපේ කොල්ලන් දිගට හරහට නෙලත්දී සුද්දන්, කල්ලන් , සුදු-කල්ලන් සියල්ලෝ තක්කු මුක්කු වුණ හැටි තාමත් මතකය .
නගරයට සීමවූ ක්‍රිකට් අඩවියකට මාතරින් ආ මේ කලු කොල්ලා නමින් සනත් ජයසූරියය .කෙනෙකුට සනත් මල්ලීය , තවත් කෙනෙකුට සනත් අය්යාය , බොහෝ දෙනෙකුට නිකන්ම "සනා" ය . ඔහු සුද්දාගෙ ක්‍රිකට් වල නිදිමත් රිද්මය වෙනස් කලේය . පිතිකරුවන් ට අසීරු ව තිබූ පන්දුවාර "පවර් ප්ලේ" විය . පුංචි දිවයිනත් ක්‍රිකට් වැඩ්ඩන් අතරට එක්වෙත්දී සුද්දන් , කල්ලන්, සුදු-කල්ලන්ද අපේ සනා කොපි කරන්නට පටන් ගත්තෝය . ක්‍රිකට් ක්‍රිඩාවට ජීවය එක්විය , ඇඟට දැනෙන රිද්මයක් එක්විය . පවර් ප්ලේ පන්දුවාර ගාන වැඩි විය . සනා පටන් ගත් නෙලිල්ල මැච් එක පුරාම වැඩ කරන විස්සයි විස්ස කියා තරඟ ජාතියක්ද ඇතිවිය . අල්ලපු රටේ සුදු-කල්ලන් මෙ කෙලියෙන් බම්බු නොගහනවා විතරය .
මේ සියලු දේ වෙත්දී සනා සමු ගෙනය . සනා අපේ රටෙන් බිහිවූ සුපිරිතමයාය . ප්‍රහාරාත්මක පිතිකරණයේ ආරම්භකයාය එනම් ක්‍රිකට් "ගැහිල්ලේ " ආරම්භකයාය . පිටියෙන් සමු ගත්තත් ක්‍රිකට් ලෝලි හදවත්වල සදාරැව් දෙන සුපිරි ක්‍රිඩකයානෙනි ඔබට මාගේ ආචාරය !
--------------------------------------------------------------------------------------------------------------
නායකයො වෙන්න කැමති අය ඉන්නව නම් මෙතනින් ගිහින් ඒ ගැන කියවන්න

දැන් නං ක්‍රිකට් බැලිල්ල නවත්තලා ........ සනත් ලා කලු ල ගහපු කාලෙ වගේ දැන් කොහෙද ක්‍රිකට්........
ReplyDeleteසිරාවට..ඒ කාලේ සනා ගහපු ෂොට්ස් තාමත් මතකයි..අනිත් සිං එක තමා අනිත් කට්ටිය කොච්චර හොදට ගැහුවත්, බොල් කලත් අපි තාමත් කියන්නේ " අපරාදේ සනාට 50 වැදුනානම් ගොඩ කියලනේ "..මම ඒක කිවුවේ අනිත් ක්‍රීඩකයෝ අවතක්සේරුවුට ලක් කරන්න නෙමෙයි..
ReplyDeleteසනාට තිබ්බ ඒ තැන ගන්න නම් ඉතින් කාටවත් ලේසියෙන් බැරි වෙයි..
සනා Best cricketer කෙනෙක්..........
ReplyDeleteඇත්ත බුවා... සනාට ලැබෙන්න ඕනෙ තැන ලැබුනේ නෑ. ඒත් ක්‍රිකට් තියෙන කල්ම සනත් කියන නම ලෝකෙ තියෙයි. අවුරුදු දෙකක් ටීම් එකෙන් එලියේ ඉඳලත් ආයෙත් ටීම් එකට ඇවිත් මැච් එකක් ගහලම සමුගන්න තරම් ගටක් තිබුනු කොල්ලෙක්. අනික අමතක කරන්න එපා... ලෝකේ දෙවැනියට වැඩිම odi ගානක් ගහලා තියෙන්නේ සනා. ඒ වගේම ලකුණු 14000+ එක්ක විකට් 350 ක් විතර අරගත්ත ලෝකේ එකම ක්‍රීඩකයා. ඒ වාර්තාව කඩන්න නම් සෑහෙන අමාරු වේවි.
ReplyDeleteසනා... සුභ ගමන් !!!
සනත් කියන්නේ ක්‍රිකට් වල නව යුගයක ආරම්බය සටහන් කල පුද්ගලයෙක්,ඒක ගෑන විවාදයක් නෑ කියලා තමයි මට නම් හිතෙන්නේ.
ReplyDeleteයනකම් බනින අපි යනකොට සැලුයුට් ගහනව. අපි හෙලුවෙන්ද මන්ද!
ReplyDeleteමාත් අයින් වෙයන් සනෝ කියල නම්බුකාර විදියට කියල කොච්චරවත් කියල ඇති. ඒත් අයින් වෙනව කියල දැක්කම ඇත්තටම හිතට දුකයි!
ලංකාවෙ ක්‍රිකට් උනක් අැතිවුනේ සනා හින්ද.Wish u all the best SANA..........!
ReplyDelete@sameera - ඒ වගේ ගැහිල්ලක් ගහන්න පුලුවන් අය අපේ කණ්ඩායමෙ පේන තෙක් මානෙක නැ තමා
ReplyDelete@ChammA - ඒ කථාවට හේතුවත් සනාගෙ සට්යිල් එකම තමයි මචන් , බෝල කකා පැය ගානකින් ගහන 100 වගෙ වෙනෙවෙයි සනා හොඳ ලකුණු වේගයක් එක්ක ලකුණු 50ක් 60ක් බෝඩ් එකට දැම්මාම් අනික් උන්ටත් හිතට හෙන ෆිට්
@Chiran - aniwa
@චතුරංග පෙරේරා |- මාත් හිතන්නෙ නැ ලේසියකට ඒ වාර්ථාව කඩන්න පුලුවන් කියල . කොහොමටත් දකුණු ආසියාතිකයෙකුට විතරයි යන්තමින් වත් චාන්ස් එකක් තියෙන්නෙ . සුද්දන්ගෙ වෘත්තීය ජීවිතය(ජාත්‍ය්න්තර ක්‍රිකට් ) බොහොම කෙටියිනෙ
@අසoක -aniwa machan
@මොරටු -ඒකට හේතුව සනත් දක්වපු විශිෂ්ටත්වය . සනත් ලෝක කුසලානයට නම් සෙල්ලම් කලා නම් හොඳය කියන මතයෙ තමයි මම නම් හිටියේ
@ano - aniwa
මටත් හොඳට මතකයි අපි වර්ල්ඩ් කප් එක දිනපු පාර ලංකාවෙ හැම මැච් එකක්ම බැලුවා .....
ReplyDeleteසනත් ජයසූරියයි, කලුවිතාරණයි ගහන ගැහිල්ල ගැන කියන්න වදන් නැහැ. සීයට අනූවක් මැච්වල ඉතිං සනාගේ පනහ නම් ෂුවර් තමා .......
හැබැයි ඉතිං සනත් කියන පුද්ගලයට ඔයිට වඩා ගෞරවාන්විතව ක්‍රිකට් දිවියෙන් සමු ගන්න තිබුනා කියලයි මම හිතන්නෙ. උදාහරණයක් කිව්වොත් අරවින්ද වගේ .....
සනා බෝයියාව ලොකු කරගෙන ඇත්තේ බුවා වැනි ක්‍රීඩා ලෝලී ලෝල්ලන්ය.. සනාට ටැලන්ට් එකක් නැත.. ඇස් දෙක වහගෙන පොල් අඩි නෙළයි.. අපේ ගමේ කොල්ලෝ හවසට වෙල් එළියේ එල්ලේ ගහද්දි මීට වඩා පොල් අඩි නෙළයි.. සනාට හෝ ඕනෑම ක්රිකටර් කෙනෙකුට ලොකු මුදල්ය.. ලොම් හැලි හොට බිම ඇනි තිබියදීත් ක්‍රිකට් වල එල්ලී සිටීමෙන් සනාගේ නියම තත්වය පෙන්නුම් කරයි..
ReplyDelete@මොතා -ටැලන්ට් එකක් නැති එකෙක් ලකුණු 14 ,000 ගානක් ගහන්නේ විකට් 350ක් ගන්නේ කේසේද ? ගහන්න පුලුවන් නම් ලොම් හැලෙන කන් ගැහුවාට ඇති වරදකුත් නැත . සනත් නොහිටියා නම් ශ්‍රි ලංකාවේ ක්‍රිකට් හමාර වී බොහෝ කල්ය . එ නිසා බුවා වැනි ක්‍රිඩා ලෝලීන් සනා ලොකු කර ගැනීම සාධාරණය
ReplyDeleteමමත් හෙන ආසා ක්‍රීඩකයෙක්. ඇත්තටම දුකයි. අපි ස්කෝලේ යද්දී මෙන්න මෙහෙමයි සනත් බැට් කරන්නේ කියලා එක එක විදියට බෝලෙට ගහනවා.
ReplyDeleteසනත්ට යාමට තිබුනේ කලිංය. එහෙනං දැං ලැබුනාට වඩා ගෞරවයක් ලැබෙනවා ෂුවර්ය. අපෙං කුණුකතා අහන්නට වන්නේද නැත.
ReplyDelete