මේ දවස් වල තිරගත වෙන කිං හන්තර් චිත්‍රපටිය ගැන පුංචි විචාරයක් ඉදිරිපත් කරන්න තමයි මේ සූදානම , ඒත් එක්කම ලාංකීය සිනමාවේ අනෙකුත් හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණ දිහාවටත් පොඩි අවධානයක් යොමු කරන්න පුලුවන්
කින් හන්තර් චිත්‍රපටියේ කථාවට පාදක වෙලා තියෙන්නේ අතීතයේ ඉඳන් බලගතු නිද්‍රාවක් හරහා වර්ථමාන කාලයට එන රජ කෙනෙක් , හැබැයි ඉතින් රජෙක් කිව්වට ඔරිජිනල් රජාම නෙවෙයි . රජාට නිද්‍රාගතවෙන්න සූදානම් කරපු කුටියට වැදිලා නිද්‍රාගත වෙන්නේ රජාගෙම පෙනුම තියන ඩුප්ලිකේට රජා . අමුතු ජාතියෙ ඉක්කාවකුත් එක්ක වර්ථමානෙට එන පොර ට සෙට්වෙන්නේ හොරකමක් කරල පොලිසියට අල්ලගෙන යන අතරෙදි මාංචු පිටින්ම පැනල යන හොරෙක් . මෙහෙව් ඩබලක් සෙට් උනාම ඉතින් අහන්න දෙයක් නැනෙ තියන ආතල් එක ...
ලංකාවේ බිහිවුන ගොඩක් කොමඩි (කියා ගන්න ) නිර්මාන වල දකින්න තිබුන ලක්ෂනයක් තමයි හරි හමන් කතාවක් , වස්තු බීජයක් නැති එක . සිකුරු හතේ, බහු භූතයෝ වගේ චිත්‍රපට දෙකක තුනක ඇරුණාම ගොඩක් විකට චිත්‍රපටි එහෙන් මෙහෙන් ඔබ්බපු දේවල් වලින් තමයි සමන්විත වුනේ . ඒ අතින් නම් කින් හන්තර සාර්ථකයි කියන්න පුලුවන් . මොකද මේ කථා තේමාව හොඳ කොමඩියක් කරන්න ඉතාම හොඳ පදනමක්
කථාව හොඳ මට්ටමේ තිබුනත් තිර රචනය ගැන නම් එහෙමම කියන්න අමාරුයි , මොකද සිනමා නිර්මාණයක තියන්න ඕනි කිසිම ලක්ෂනයක් මේ චිත්‍රපටියේ දකින්න නැ . සිනමා මාධ්‍යය තුලින් නිර්මාණ කරුවාට ලබාදෙන අවස්ථාවන් හරිහැටියට භාවිතා කරපු බවක් පේන්න නැ , කලා අධ්‍යක්ෂනය, ආලෝකකරනය, ,කැමරාකර්නය , සංස්කරනය ආදී හැමදේම භාවිතා කරල තියෙන්නේ සිනමා නිර්මානයකට වඩා ටෙලි නිර්මානයකට සමීප ලක්ෂන ත්යන විදිහට .කොහොමටත් ලංකාවේ ගොඩක් සිනමානිර්මාන වල මේ ලක්ෂනය සුලභව දකින්න ලැබෙනව .මෙ චිත්‍රපටියේ සංගීතය හා ගීත දර්ශන නම් අන්තිමයි කියල යි කියන්නෙ වෙන්නෙ.
කොමඩි චිත්‍රපටයක්දි හාස්‍ය උපද්දවන්න භාවිත කරන මූලිකම ක්‍රම දෙක වෙන්නේ හාස්‍ය ජනක සිදුවීම් , හා දෙබස් .අවස්ථානූ කූලව සංගීතයත් සමහර වෙලාවට (සම්භාව්‍ය නිර්මාවන වලදි බොහෝ දුරට ) සංකල්පය තුලත් හාස්‍ය උපදවන්න දායක වෙනව . ලංකාවෙ කොමඩි චිත්‍රපටිවල ප්‍රධානම ලක්ෂනයක් උනෙ සිදුවීම් වලට වඩා දෙබස් හරහා හාස්‍ය මතු කරන්න උත්සහා කිරීම . බොහොම වෙලාවට මොනව හරි කුණුහරුප ටිකක් තමයි මේ දෙබස් අතරත් තිබුනෙ . සිදුවීම් වශෙයෙන් උනත් බොරුවට උඩ පනින . කැගහන , දඟලන දේවල් තමයි තිබුනේ (කලින් නම් සඳහන් කල චිත්‍රපටි 2 වැනි තවත් දෙක තුනක් ඇරුනාම ) කින් හන්තර් එතනිනුත් යම් තරමක් ඉදිරියෙන් ඉන්නව සිදුවීම අඩංගු වෙන්නේ දෙක තුනක් උනත් ඒ අතර මතක් කර කර හිනාවෙන්න පුලුවන් සිදුවීමුත් අන්තර්ගතයි . ඒ වගේම අන්තර්ගත වෙන දෙබස් කණ්ඩත් හොඳින් නිර්මානයට ගැලපෙනව
සිනමාත්මක දුර්වලතා රාශියක් තිබුනත් චිත්‍රපටිය රසවිඳිය හැකි මට්ටමට පත්කරන්නෙ රංග්න ශිල්පීන්ගෙ දක්ෂතාව . විජය නන්දසිරිත්, මහෙන්ද්‍ර පෙරේරත් දක්වන සුවිශේෂි රංගනය තමයි මුලු චිත්‍රපටියට ජීවය පිඹින්නේ . චරිත වල අකණ්ඩතාව රැකගෙන ඉතාම තාත්වික විදිහට හාස්‍යෝත්පාදක රංගනයක් කරනවාය කියන්නෙ එතරම් ලේසි වැඩක් නොවුනත් මේ ප්‍රවිනයින් දෙන්නාට නම් ඒ දේ එච්චර අභියෝගයක් වෙලා නැති පාටක් තමයි ම්ම නම් දැක්කෙ . චිත්‍රපටියෙ අවසාන භාගයේදී මුණගැසෙන කුමාර තිරිමාදුර හා ගිරිරාජ් කෞශ්ල්‍යත් ඉතාම ඉහල රංගන දායකත්වයක් ලබාදෙනව .
By buwablog at 2011-06-13
අනික් රංගන ශිල්පීන් එක්ක සැලකුවාම ගතයුත්තක් නැතිම තරම් උනත් අනර්කලි ආකර්ෂාගේ රඟපැමෙත් කලින්ට වඩා ප්‍රගතියක් දකින්න තියනව .
හොලිවුඩ් හෝ බොලිවුඩ් කොමඩි නිර්මාණයක් තියන නිර්මානාත්මක ගුණාත්මක බව දකින්න නැතත් සරල් විනෝදයක් ලබාගන්න සාමාන්‍යන් ලංකාවේ දකින්න ලැබෙන නිර්මාන වලට වඩා නම් හොඳ චිත්‍රපටියක් විදිහට කින් හන්තර් නම් කරන්න පුලුවන් . හැබැයි මම දකින විදිහට ලංකාවේ බිහිවුන හොඳම කොමඩිය සිකුරු හතේ තරම් ම නම් හොඳ නැ !
සියලුම ඡායාරූප වල අයිතිය ඒවායෙ මුල්හිමිකරුවන් සතුය

මමත් විශ්වාස කරන්නෙ මෑත භාගයෙදි ලංකාවෙන් ආපු හොඳම විකට චිත්‍රපටිය සිකුරු හතේ කියලයි. එකට හේතුව කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය තුනම ගිරිරාජ්ගෙ වීම නිසා වෙන්න පුළුවන්. ඒ නිසාම ඒක නැවත නැවත බලන්න පුළුවන් චිත්‍රපටියක් වෙලා මටනම්. මොනව වුණත් කිංතුමාට ගේමක් නැතිව දෙවන ස්ථානය දෙන්න පුළුවන්. කොහොමත් ලංකාවෙ චිත්‍රපටිවල සිනමාත්මක පැත්ත ගැන කියන්න දෙයක් නැති තරම්නේ.... ටෙලි වගේම තමයි. ඒකට හේතුව සිනමාව හදාරන්නෙ නැතිව චිත්‍රපට කිරීම.
ReplyDeleteසිංහලෙන් ආපු හොඳම සිනමාත්මක රූපාවලිය විධියට මම හිතන්නෙ විමුක්තිගෙ සුළඟ එනු පිණිස. ඒකෙ අන්තර්ගතය මොකක් වුණත් සිනමැටෝග්‍රැෆි නම් පස්ඨ!
ඔය ඉස්සර ජෝ අබේවික්‍රම, දොන් සිරිසේන, ෆ්‍රෙඩී සිල්වා, හියුගෝ ප්‍රනාන්දු වගේ මහත්තුරු රඟපාපු ටොප් ක්ලාස් කොමඩි තිබිල තියෙනවා.
ඇඩ් එකක් දමමි.... මේ කිං හන්තර් ගැන මට දැණුන එක!
http://living.hartstuff.com/2011/06/king-hunher-sinhala-movie-for-sri-lanka.html
සම්මානනීය නලුවෝ බලු කරනවා...චික්...මනමේ කුමාරයට ගිය කලක් කියලා හිතෙනවා ඇති...
ReplyDeleteමම නම් බලන්න ගියේ නෑ..ඒත් ඉස්සරහට යන්න තමා ඉන්නේ ගෑනු දැරිවි එක්ක...මීට කලින් ඊඑපී එකට ආපුවා ඔක්කොම වගේ බැලුවා මම..ඒත් මහ බොලද ඒවා තමා තියෙන්නේ...
සිකුරු හතේ ගැන නම් නොකියම බෑ තමා...
ඒත් මගේ හිත ඇදිලා තියෙන්නේ මචං ෆිල්ම් එකට..
උඩින් බැලුවොත් නිකම් කතාවක්...
ඒත් එක එක චරිතෙ වෙන වෙනම අරගෙන විග්‍රහ කරන්න පුලුවන් ඒ ෆිල්ම් එකේ...
විජය නන්දසිරි ජරා කරනවා මේ පිටපත් ලියන උන්..සිරසේ ගිය යස් බොස් වලින් පස්සේ විජය කොමඩි නලුවෙක් උනා..ඇත්තටම යස් බොස් වල විජයට දෙබස් කියන්න නිදහස තිබ්බ නිසා හාස්‍යමය ගතියක් තිබ්බා...ඒත් ෆිල්ම් වලට ඉජය දාලා ගහපු ඒවයින් සිකුරු හතේ ඇර අනෙක් ඒවා නම් බලු සරි...
අර සිකුරුටි බොස් කෙනෙක් කරලත් ෆිල්ම් එකක් ගැහුවේ,,,
දැන් ට්‍රෙන්ඩ් එක ඕක නෙමේ නේ....මහින්දාගමනය නේ..හැම තැනම බෝඩ් ගහලා මහින්දාගමනය කියලා....යුව රජු රොශාන් රනවන...තිස්ස වෙන්නේ ජීවන්...කොහොමද ඉතින් කතාව...
රොශාන් යුව රජතුමා විදිහට කියන දෙබස් වලට නම් අරකෙනුත් හිනා....
දුටුගැමුනු රජතුමාට කැලනියේ මැරවියා රගපාන තරමට චිත්‍රපටි කක්කා වෙලා ගිහිල්ලා....
සිනමාවෙ නම් ගන්න දෙයක් නැ තමයි මචන් .මේ චිත්‍රපටියටත් මම සිනමාව කියල නම් කියන්නේ නැ . හරියට ලොකු ස්ක්‍රීන් එකේ ටෙලියක් බැලුව වගෙ තමා , ඒත් අර තියන ජරාවල් වලට වඩා හොඳයි , මහින්දා ගමනය බැලුවේ නැ මොකද මේහෙ තියන පජාතිම හෝල් එකට තමයි ඒක ඇවිත් තියෙන්නෙ .
ReplyDeleteමර්වියා ගත්තේ තනිකරම පබ්ලිසිටියට තවටික කාලෙකින් දකින්න ලැබෙයි "මර්වින් සිල්වා දුටුගැමුණු ලෙස අසහාය රංගනයක කියල පෝස්ටරුත්
රතෝ මමනං විජය ගැන එහෙම හිතන්නෙ නෑ. සිරා නළුකම් වලට වඩා කොමඩිය අමාරු වැඩක්. අනික විජය නාට්‍ය වල සිරා චරිත රඟපාලා වැඩ පෙන්නපු කොල්ලෙක්නේ... එක කොමඩි චරිතයක් හිට් වුණ ගමන් දිගටම ඒ නළුවව කොමඩි නළුවෙක් කරන එකනම් ලංකාවෙ අවුලක් තමයි. ඕකම වෙලා තියෙනව හොලිවුඩේ ජිම් කැරී ගොයියට. උන්දැ හෙන සිරා චරිතයක් වුණත් ගේමක් නැතිව කරන්න පුළුවන් නළුවෙක් කියල Eternal Sunshine of the Spotless Mind වගේ එකකින් හොඳටම පෙන්නල තිබුණත් තාමත් එයා විකට නළුවෙක්නේ... ජෝ අබේවික්‍රමටත් කාලයක් ඔය හෙනහුරා ලබල තිබුණ කියල මම සඟරාවකද කොහෙද කියවල තිබුණා....
ReplyDeleteකිං හන්තර් ගැනනම් කියන්න දන්නෑ මචං...සිකුරැ හතේ නම් බලපු කොමඩි වලින් හොඳම එක...කුමාරත් ගිරිරාජුත් සිනමාවේ ඉදිරියට ලොකු වැඩක් කරන්න පුළුවන් චරිත දෙකක් කියලා නම් විශ්වාසයි..
ReplyDeleteනෑ නෑ හරේ...මම කිව්වේ විජයව බලු කරලා කියලා මේ තිර රචනා ලියන උන්....
ReplyDeleteඒජ විජයගේ අවුලක් නෙමේ...
මම දකින විදියට කිං හන්ටර් කියන්නෙ විවාදයෙන් තොරව හොඳ කොමඩියක්, දැනට ලංකාවෙ බිහි වෙන කොමඩි බැලුවාම ඇත්තටම ඉස්සරහින් තියන්න පුලුවන්. ඉවර වෙනකං එක දිගට කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් ..........
ReplyDeleteපිට රටක ඉන්න අයට මේ ෆිල්ම් එක බලන්න විදිහක් තාම නැතුව ඇති නේද?
ReplyDelete@කල්හාර දිසානායක - Agreed
ReplyDelete@දුකා - මම දන්න තරමින් නම් නැහැ , ඩිවිඩි එක ආවට පස්සෙ නම් යූ ටියුබ් එකටත් වැටෙයි
ප්‍රතිචාරවලට ස්තුතියි !:)
පොස්ට් එකත් හරි අනර්කලී අක්කග පොටෝ එකත් හරි හික් හික්...
ReplyDeleteHikZ
ReplyDeleteහෙ හෙ බුවා මොනා උනත් උබ අනර්කලීගෙ මරැ පිංතුරයක් හොයාගෙන තියෙන්නෙ :D
ReplyDeletehe he
ReplyDelete