Skip to main content

රාජකාරිය බල්ලාට දමා බලු වැඩ තම රාජකාරිය කරගත් "ලංකාවේ අපේ පොලිසිය "

සිවිල් සමාජයේ නීතිය හා සාමය වෙනුවෙන් ප්‍රධාන වගකීම හිමිවන්නේ පොලිසියටය . එය  මුදල් පසුම්බියක් හොරකම් කිරීමේ සිට මහා දැවැන්ත බැංකු මංකොල්ලයක් දක්වාත් , වාචිකව කරනා තර්ජනයක සිට  දරුණු මිනීමැරුම් දාමයක් දක්වාත් අති  විශාල පරාසයක විහිදෙන්නකි .  නමුත්  ජනතාවගේ අවාසනාවට මේ වගකීම් නිසි ආකාරව ඉටුවීමක් ශ්‍රි ලංකාවේ දක්නට නැත .

පර්ස් එකක් තබා රත්තරන් මාලයක් කැඩීම ගැනවත් පොලිස් පොතේ ලියවෙනා සටහන් වල ඇති කිසිදු ප්‍රායොගික වැදගත් කමක් වර්ථමානයේ දක්නට නැත . මෙවැනි පැමිණිලි වෙනුවෙන් පොලිසිය ක්‍රියාත්මක වීමට නම් පීඩිතයා අඩුම තරමෙ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රි කෙනෙකු හරහාවත් බලපැමක් කල හැකි අයෙකු විය යුතුය . නැතිනම්  ආර්ථික වශයෙන් හයි කාරයෙකුගේ සම්බන්ධයක් තිබුනය යුතුය . ඉන් මෙහා  කිසිදු පැමිණිල්ලක් වෙනුවෙන් පොලිසියේ ක්‍රියාත්මක වීමක් නැත . සමහර ප්‍රදේශ වල චේන් කඩන්නන් පොලිස් නිලධාරින්ගෙ ගජ මිතුරන් බවටද  රාවයන් ඇත

දැවැන්ත මංකොල්ලයන්  වල සැක කරුවන් ප්‍රමාද වී හෝ අත්  අඩංගුවට පත් වේ , ඒත් රහස් පොලිස් මැදිහත් වීම් ආදිය සමඟිනි , නමුත් සාමාන්‍ය මිනිසෙකුගේ නිවසක් කොල්ල කැ කල්ලියක් ලේසියෙන් අත්  අඩංගුවට  පත්වන්නේ නැත ,  මිනිසුන්ට අවසානයේ සිදුවන්නේ දේවාල ගානේ ගොස් තමන්ගෙ ගේ කැඩු සොරුන්ට පලි ගැසීම පමණය .


 සාමාන්ය මිනිසෙකුට එල්ලවන තර්ජනයන් ගැන පොලිසියේ ලියා තිබීමෙන් ඇත්තේද එකම ප්‍රයෝජනයක් පමනි , ඒ තර්ජනය කල එකා සැබවින්ම යමක් කලහොත් කලින් පැමිණිල්ල අනුව අත් අඩංගුවට ගන්නා නිසාවෙනි , එහෙත් එම පුද්ගලයා දේශපාලන බලවතෙකු නම් නීතිය ක්‍රියාත්මක වන්නේ නැත , එක්කෝ ඔහු රටින් පනින තෙක් බලා සිට අත් අඩංගුවට ගැනීමේ පරීක්ෂන ආරම්භ කරයි , නැතිනම් අත් අඩංගුවට ගත්තත් ඇප පිට නිදහස් වන ඔහු පොලිසියේ ඇතමුන්ගේම අනුග්‍රහය ඇතිව සාක්ෂි විනාශ කරයි , සාක්ෂි කරුවන් බිය ගන්වයි , අවසානයේ සාක්ෂි නොමැති වීම නිසා නඩුව අවසන් වේ .දෙපාර්ශවයම සාමාන්‍ය පැලැන්තියේ මිනිසුන් නම් ඇතැම් විට නීතිය ක්‍රියාත්මක වේ ,


තර්ජන ගර්ජන පමණක් නොව  ඇතැම් මිනිමැරුම් පිලිබඳ කථාවද එකමය , ඝාතකයා බල පුලුවම් කාරයෙක් නම් නීතිය ඉදිරියේ වරද කරුවෙක් වන්නේ සහ ඒ සඳහා පොලිසියේ සාධනීය කාර්ය භාරයක් දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතොරකිනි . එක්කෝ මිනිමරුවා සොයා ගැනීමට පොලිසියට නොහැක , පොලිසියට අහුවුනත් ඔහුට විරුද්ධව සාක්ෂි ඇත්තේද නැත .

සාමාන්‍ය  පැලැන්තියේ  ඝාතනයන් පිලිබඳව වුවද පොලිසිය අතිශයින් මන්ද ගාමීය , පසුගිය සමයේ කහවත්තෙන් ඇරඹි කණ්ගාටුදායක සීදුවීම් මාලාවේ මූලිකම වගකීම ඇත්තේ නිසි ලෙස ක්‍රියාත්මක වීම අතපසුකල කහවත්ත සහ රත්නපුර පොලිස් ස්ථාන සතුවය .

පාරේ සිටිනා පොලිස් නිලධාරින් හෙවත් ට්‍රැෆික් බාප්පලාගෙ කෙරුවාව පිලිබඳ අමුවෙන් විග්‍රහ කල යුතු නැත .  බාප්පලාගේ බඩගින්නට තේ තිබහට  සහනයක් ලබා ගැනීම වෙනුවෙන් තවත් අවස්ථාවක් ඊයේ සිට ලැබී ඇත .   ඒ ආසන බඳපටි නීතියයි . මෙම නීතිය සෛධාන්තිකව ඉතා  යහපත් වුවත් ක්‍රියාත්මක වීමේදී වාසිය ඇත්තේ බාප්පලාට පමණය . ලයිසම නැති වීමේ අවධානමක් ඇති නිසා තේකක් බීමට පමනක් නොව  වෙල් තුනම බුරියානි කැමේ අවස්ථාවක්ද මින් උදා කරගැනීමේ හැකියාවක් බාප්පලාට ඇත .  අදාල බාප්පාට දොල දුක සැදී ඇත්නම් වාහනයේ වර්ගය හෝ ඉංග්‍රිස් නොම්මර වල හෝ පුද්ගලයාගේ උසේ අදාලත්වයක් නැත  ආසන පටි නැත්නම් කොහු ලණුවක් හෝ පැලඳ සිටිමට සිදුවනු ඇත .

මේ රාජකාරිය බල්ලට දමා ඇති අවස්ථා ගැන කෙටි සටහනක් පමණය , වඩාත් බරපතල කාරණාව වන්නේ බලු වැඩ තම රාජකාරිය කරගැනීමය . දේශපාලුවන්ගෙ පක්කලි වැඩ වලට දායක වීම ඉන් එකක් පමනය . ඊට අමතරව  වෙරලේ ඇවිදින පෙම්වතුන් කූඩු කීරීම , කොල්ලන්ගෙ මොබියිල් ෆෝන් වලට හිතුමතෙ හොට දැමීම , කාමර වල දොර වසාගෙන නිරුවතින් සිටිනා මිනිසුන් ගැහැණුන් අත් අඩංගුවට ගැනීම මේ බලු වැඩ අතර  දක්නට ඇත . වඩාත් බරපතලම තත්වය මිනිස් ජීවීත ආරක්ෂා කිරීම වෙනුවෙන්  කැපවිය යුතු පොලිසිය මිනිසුන් මැරීමේ ආයතනයක් කර ගැනීමයි . අඟුලාන , බම්බලපිටිය හා ඊයේ පෙරේදා දෝම්පේ දක්නට ලැබුනේ එම ඛේදවාචකයයි . වාර්ථා නොවූ සිද්ධීන්ද ඕනැ තරම් ඇති අතර , අත්ඩංගුවට ගත් පුද්ගලයින්ගේ මානව අයිතීන් බල්ලට දමමින් කරනා පහරදීම්  වල  ප්‍රමාණය මෙතෙකැයි කියා පෙන්වීමට බැරි තරම් විශාලය . පාතාල නායකයින් ආයුධ පෙන්වීමට ගොස් පැනයාමේ නාඩගමද පොලිසිය විසින් මිනිස් ජීවිත බිලි ගැනීමේ එක් අවස්ථාවක්  ලෙස සැලකිය හැක


රාජකාරිය බල්ලාට දමා බලු වැඩ තම රාජකාරිය කරගත් පොලිසිය නිසා  ඇතිවූ අහිතකර ප්‍රතිඵල ගනණාවක්  අද සමාජයේ දක්නට ඇත . මිනිසුන් බොහෝ දෙනෙක් පොලිස් ක්‍රියා මාර්ගයන් ගැන අවිශ්වාසයෙන් කටයුතු කිරීම නිසා රටේ සිදුවන අපරාධ සමහරක්  පොලිසි කරා වාර්ථා වන්නේ නැත . පොලිසියේන් හැංගී සීටිමේ ඇති ක්‍රමවේදයන් දන්නා සහ ඒ සඳහා බලපුලුවම් කාරකම් ඇත්තවුන් අපරාධ කිරීමට බියක් දක්වන්නේද නැත . පොලිසිය පිලිබඳ විශ්වාසය බිඳීම නිසා ජනතාව නීතියට අතටගෙන ක්‍රියා කිරීම කිසිසේත් සමාජයේ ප්‍රගමනයට සුභදායක නැති අතර ජනතාව පොලිසිය ප්‍රතික්ෂේප කර හමුදාව ඉල්ලා සිටීමේන් සිවිල් සමාජය මිල්ටරීකරණය වීමේ අවධානමද සුලු කොට තැකිය නොහැක . දිනෙන් දින ඉහල යන  අපරාධ , මාර්ග අනතුරු මෙන්ම පොලිස් ඝාතන සඳහා පොලිස් කොස්තාපල් වරයාගේ සිට (කකුල් හතරේ පොලිස් බල්ලන් හැරණු වි)ට සමස්ථ  පොලිස් දෙපාර්ථ මෙන්තුවමත්  , මූලිකම වගකීම සතු මෙතෙක් පැවැති සියලුම  රජයනුත්  පැහැදිලි ලෙසම වගකිව යුතුය



ඉරාජ්ගේ පොලිසිය  ගීතයට තහන්චි දැමුවාට ඇස් පනාපිට දක්නට ලැබෙන ඒ ගීතයෙන් මතුකරන යථාර්තය වසන් කල නොහැක , විජය , සනත් ජීවන් , සශි ගේ කාලයෙන් පසු අවංක පොලිස් නිලධාරියෙක් චිත්‍රපටියකින් පවා දක්නට ලැබෙන්නේ කලාතුරකිනි .

Comments

  1. රවීන්ද්‍ර සහ විජේ පොලිස්කාරයින්ට සිටි චිත්‍රපටියක් බලා මට කාළෙකට පෙර ඇත්තටම පොලිස්කාරයින් ගැන හොඳ සිතක් ඇතිවුණා.

    දැන් නං මතක්වෙන්නේ අපේ මංගලජය කපු මහත්තයාගේ මිතුරු සාජන් කාරයාව විතරයි.

    ReplyDelete
  2. මේ හැමදේකින්ම පේන්නේ මේ රට දැන් යන්නේ පාතාලයට බවයි. මම නම් හිතන්නේ රටේ නීතිය සාධාරන නැහැ කියලා පුරවැසියා පූර්ව නිගමනයකින් ඉන්නේ. පොලීසිය නීතිය ඉටු නොකරනවා විතරක් නෙමේ, අවනීතිය නීතිය බවට පත් කරලා. මම නම් දන්නේ නැහැ අපි කොතනින් මේවා හදා ගනීද කියලා. පාලකයන්ගේ ගැන, නීතිය ගැන, සමාජය සැක කරනවා කියන්නේ පාදඩ සමාජයකට පාර කපනවා කියන එක. ඔබගේ අදහස් මෙහෙම පල කිරීම ඉතා වටිනවා.

    ReplyDelete
  3. //ඉරාජ්ගේ පොලිසිය ගීතයට තහන්චි දැමුවාට ඇස් පනාපිට දක්නට ලැබෙන ඒ ගීතයෙන් මතුකරන යථාර්තය වසන් කල නොහැක , විජය , සනත් ජීවන් , සශි ගේ කාලයෙන් පසු අවංක පොලිස් නිලධාරියෙක් චිත්‍රපටියකින් පවා දක්නට ලැබෙන්නේ කලාතුරකිනි .//

    කියන්න ඇත්තේ ඔපමණය !!!

    ReplyDelete
  4. එකඟයි!

    නීති ඇතිකලාට විතරක් මදි... ඒවා ක්‍රියාත්මක කිරීමට යහපත් යාන්ත්‍රණයක්ද තියෙන්නට ඕනෑ! නැතිනම් අවසානයේදී සිදුවන්නේ නීතිය තවත් ආදායම් මාර්ගයක් වීම පමණයි...
    ඉරාජ්ගේ ගීතයෙන් කියැවෙන දේ ලැජ්ජා සහගත නම්, කළයුත්තේ ඒ ලැජ්ජා සහගත තත්වයට හේතුවූ කාරණයන් සොයා ඒවා නැතිකිරීම මිස ගීතය තහනම් කිරීම නොවේ! එය තනිකරම 'පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමකි'...

    ReplyDelete
  5. ලOකාවේ පොලෝසිය ගෑන කියවද්දී මට නම් බල්ලන්ට තියෙන ආදරේ වැඩි වෙනවා....

    ReplyDelete
  6. දොම්පෙ ගම්පහට දිස්ත්‍රික්කයටයි අයිති. ඒ දිස්ත්‍රික්කයේ හරකුන්ටත් ක්ශේමභුමියක්, එහි කුරා කූඹියෙකුටවත් හිංසාවක් කිරීම නීතියෙන් තහනම්. ඒ වගේම ගව මස් අකැප සාමාන්‍ය ජනතාව හොරෙන් ගව මාංස ආහාරයට ගන්නවාවත්ද ජනතාව මෙතරම් කුපිත වී ඇත්තේ?

    වහාම මහ වෙදනා කැඳවා තහනම් කල යුතු තව මස් වර්ග තිබේදැයි සොයා බලනු!

    තවද ගවයා ශුද්ධ වස්තුවක් ලෙස එහි තහවුරු කලේ ජනතාව සිය කැමත්තෙන්ම ගොනාට ඇඳ ගනු ඇතැයි බලාපොරොත්තුවෙනි, ඇත්තටම එය සිදුවී ඇත. ඒත් ටිකක් පරහක් තිබේ. ගොනාට ඇඳ අනිනින්නටද පටන්ගෙන ඇත.
    ඒකත් අපට හොඳය. මිලිටරිය වහාම ගෙන්වනු.

    ReplyDelete
  7. පොලෝසියෙ මහත්වරුන්ට ගව මස් හා ම්ද්‍යසාර තහනම් කරනු!

    71 පටන් ලංකාවේ සිදු වු දරුනු මිනිස් ඝාතන දැක කෲර මානසිකතවයක් ජනතාවට ඇතිවීම සුලුවට තැකිය නොහැකිය, ජනතාවට, පොලිසියට, හමුදාවට, මානසික උපදේශනය අරඹනු!

    පොලෝසියේ මහතුන්ට සිල් ගැනීම හෝ ආගමානුකූල ක්‍රියා අනිවාර්ය කරනු

    ReplyDelete
  8. ඔන්න බුවාටත් කෙහෙල් පඳුරක් අස්සේ ආයුද හොයනකොට මොකක්ද කරගන්ඩ හිතිලා .. අපේ පොලිසියට හරියට එහෙම වෙනවානේ..

    ReplyDelete
  9. ඔන්න බුවාටත් කෙහෙල් පඳුරක් අස්සේ ආයුද හොයනකොට මොකක්ද කරගන්ඩ හිතිලා .. අපේ පොලිසියට හරියට එහෙම වෙනවානේ..

    ReplyDelete
  10. ඔය විදියට කබායට මුවා වෙලා පුද්ගලික පලිගැනීම් කරපු අඟුලානේ පිත්තල බොත්තම්කාරයන්ට අවසානයේ උරුම වුණේ එල්ලුංගස බව මේ දොම්පේ අය දන්නේ නැද්ද?

    ReplyDelete
  11. මේ රට කාළකණ්නි ‍දේශපාලකයින්ගෙන් බේරා ගැනීමට පෙර ශ්‍රී ලංකා පාතාල පොලීසිය වැනසිය යුතුය. මේ රටේ පොලීසිය කියන්නෙ සාමය ආරක්ෂා කිරීමට සෑදුණක් නොව පාතාළයන්, මංකොල්ලකරුවන්, තක්කඩින්, මිනීමරුවන් සඳහා සැකසුණ ක්ෂේමභූමියකි.

    ReplyDelete
  12. හැබැයි මම මෙහෙම එකක් කියන්නම්... ඔය චාටර් පොලිස් මාමාලා අස්සේ ඉතාමත් විනය ගරුක පොලිස් මාමාලත් ඉන්නවා.. මම අත්දැකීමෙන් කියන්නේ.. එඅ වගේ උතුම් මිනිස්සුත් ඔය ගොම ගොඩේ ඉන්නවා,,,

    ජය,,

    ReplyDelete
  13. අපෝ පොලෝසිය ගැනනම් කතා කරලා වැඩක් නැහැ,හැබැයි එකදෙයක් මොන දේ උනත් යුක්තිය කාලයක් ගිහිල්ලා හරි ඉටු වෙන එකට නම් සතුටුයි..[ දොම්පේ සිද්දියට එහෙම වේවා කියලා ප්‍රර්ථනා කරනවා]

    ඉරාජ් ගේ සින්දුව තහනම් කරාද ? මට එහෙම සීන් එකක් ම්ටර් නැහැ නේ

    ReplyDelete
  14. දැනට අවු 20 කට 30කට ඉස්සරත් පොලිසිය ඔය වගෙම තමයි. කිසිම වෙනසක් වෙලා නැහැ.

    ReplyDelete
  15. පොලීසියට යන්නෙත් අපිත් එක්ක පාරේ එකට ක්‍රිකට් ගහපු කොල්ලො...
    යකාගෙ හැටියට විමානේ... කිව්වලු.

    ReplyDelete
  16. @kathandhara - මමත් විජය සහ රවීන්ද්‍ර ඉන්න පොලිස් චිත්‍රපටියක් බලල තියෙයි සමහර විට කතන්දර බලපු එකම වෙන්න ඇති

    @මහ වෙදනා , චතුරංග , ගීතක - ස්තුතියි

    @මය්යා - හි හි

    @දයාල් - බලධාරිනි , දයාල් බතීගේ සිහි කැඳවීම ඔබටයි

    @සරත් - ඔහොම කිව්වාම බයත් හිතෙනව

    @ජයශ්‍රි - පිස්සුද ලංකාවේ කිසිම පොලිසියක මහත්තුරු එහෙම පාඩ්ම් ඉගෙන ගන්න ජාතියක් නෙවෙයි , ඒ අය තමයි සියල්ල දත්

    ReplyDelete
  17. @outsider - අනිවා

    @ගයාන් - ඕනි තැනක එහෙම තමයි . ලංකාවේ දේශපාලනෙත් හොරා කන්නේ නැති මිනිස්සු ඉන්නේ එහෙනම් ඒත් වැඩක් නැනේ , සමස්ථ ප්‍රතිඵලය තමයි වැදගත්

    @චම්මා - රූපවාහියෙ පෙන්නන්න දුන්නේ නැලු ..මමත් හරියට දන්නේ නැ මොකද මම ටිවි බලන්නේ නැති නිසා

    @ඇනො - ඒක ඇත්ත , ඒකාලෙ බයිස්කෝප් වල හරි හොඳ පොලිස් කාරයො හිටියා දැන් නම් එහෙමත් නැ ...හි හි

    @චමිල - එකට සෙල්ලම් කරපු උන් පොලිසියට ගියාට පස්සෙ අම්තු ජාතියක් වෙන්නේ විමානේ හැටියට යකා නිසා නේ ?

    ReplyDelete
  18. එකගයි. එකක් කියන්න ඕන. ලංකාවෙ පොලිසිය දක්ෂයි. බලන්න ලොක්කන්ට බෝම්බ ගහල තමනුත් කුඩුවෙච්ච කොටින්ගෙ විස්තර පවා හොයාගත්තත් ගමක සිද්ධවෙන හොරකමක් මිණීමැරුමක් හොයාගන්න බෑ කියනඑක පුදුමයක්.

    ReplyDelete
  19. බොහෝ විට අසා ඇති දැක ඇති කතාවක් යලි ලියවී ඇත. කණගාටුවට කරුණ නම් මේ ගැන කීම හැර මේ තත්වය මග හැරවීමට පියවර ගැනීමට සාමාන්‍ය ජනතාව කටයුතු කරන බව නොපෙනීමය.
    මේ පියවර මහා පරිමාණ වීමට අවශ්‍ය නැත. ජනතාවම නීතිය කඩ කර අසු වූ (බහුල උදාහරණ: මාර්ග නීති කඩ කිරීම්) විට ඉන් නිදහස් වීමට නොයෙක් නීති විරෝදී ක්‍රම බාවිතා කරන විට (පගාව දීම, තමන් අදුනන ලොක්කන්ගේ මාර්ගයෙන්) පොලිසිය සාදාරන වීමට ඇති ඉඩ අඩුය.

    මගේ කතාව

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව