Skip to main content

චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ සුරංගනී එල්ලාවල අසමත් වූ දෙය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනගනිවිද ?


" ඒ ආදරණීය ජන නායකයා වෙනුවෙන් අපි නැගී සිටිමු, ලකී අයියා වෙනුවෙන් අපි නැගී සිටිමු,අපේ ආදරණීය පියාණන් වහන්සේ වෙනුවෙන් අපී නැගී සිටිමු . තීරණය ඔබ අතේ........"

ඉහතින් දැක්වෙන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය තම පියාණන් වෙනුවෙන් කල කථාවේ පල කල අදහස් බිඳකි  . අයුක්ති සහගත ලෙස මිය ගිය තම පියාණන් වෙනුවෙන් හඬ නැගීමේ   ඈ සතු ශුද්ධ වූ අයිතිය ප්‍රශ්න කිරීමේ හැකියාවක් මා හට නැතත් , මදකට අතීතය දෙස හැරී විමසීමක් කල යුතු යැයි සිතේ

භාරත ලක්ෂම්න් මහතාගේ ආරම්භක දේශපාලන සගයා වූ විජය කුමාරනතුංගයන් මියගියේ , ඔහුගේ සැබැ මානුෂවාදී දේශපාලනය නොරිස්සු ජවිපේ මිනිමරුවන් අතිනි . දස දහස් ගණන් ජනයා විජය වෙනුවෙන් එක්වූ අවමංගල්‍ය උත්සවයේදී , ඔහුගේ දේහය මත අත තබා චන්ද්‍රිකා කුමාරනතුංග මැතිණිය ශපථ කලේ විජයගේ දර්ශනය ඉදිරියට ගෙන යාම වෙනුවෙනි . කාලයාගේ ඇවැමෙන් ඇය සිරිලකෙහි ජනපතී වූ මුත් ඒ විජයගේ දේශපාලන ගමන් මග තුලින් නොව ඇයගේ මා පිය  උරුමය වූ නිදහස් පක්ෂයෙනි . නිදහස් පක්ෂයෙන් ජනපති පුටුව කරා පියමන් කලත් විජයගේ ප්‍රතිපත්තීන් ඉටු කිරීමේ ලා කිසිදු   බාධාවක් ඇය හට තිබුනේ නැත (භාරත ලක්ෂ්මන් මහතා ඇතුලු බොහෝ විජය අනුගාමිකයින්ද සිටියේ ඇය සමඟය ) . නමුත් විජයගේ සැබැ මානුෂීය දේශපාලනය තබා තම පියාණාන් හෝ මැණියන් ගේ ගෞරවය නිසි පරිදි ආරක්ෂා කර ගැනීමටවත් ඇය සමත් කම් දැක්වූයේ නැත . විජයගේ දේශපාලනය සුරැකීම වෙනුවෙන් ශපත කල ඇය , ඊට හාත්පසින්ම විරුද්ධ මාවතක් ගෙන රට ආඳුරට ගෙන යත්දී විජය  යනු සොඳුරු මිනිසෙකුගේ මතකයක් පමණක් ම විය

චන්ද්‍රිකා බණ්ඩාරනායක  පලමු රජයේ තරුණ ක්‍රියාකාරී මන්ත්‍රි වරයෙකු  වූ නාලන්ද එල්ලාවල  මහතා පලාත් පාලන ඡන්දයක් අභිමුවදී මහ මගදී ඝාතනය විනි . ඒ තමන්ගේම ප්‍රදේශයේ එජාප දේශපාලකයින් දෙදෙකෙකු අතිනි. කුරුවිට නගර මධ්‍යයේ සිය ගණන්ක් සෙනඟ මධ්‍යයේ සිදුවූ කුරිරු ඝාතනයෙන් රුවන්පුරය කැලඹිනි. හිත හොඳ කොල්ලෙකූ වූ නාලන්දයන් ගේ ඝාතනයෙන් කුපිත වූ ජනතාව අදාල එජාප දේශපාලකයින්ගේ පමණක් නොව ඔවුනට හිතවත් ව්‍යාපාරිකයින්ගේද දේපල ගිනිබත් කරත්දී නාලන්දට අවසන් බුහුමන් දැක්වීම  සඳහා කිලෝමීටර ගනන් දිගු පොලිම් දක්නට ලැබුනි . කලබැගැනි සියල්ල අවසානයේ නාලන්ද එල්ලාවල මහතාගේ මැණියන් වූ සුරංගනී එල්ලාවල මහත්මිය දේශපාලනයට පිවිසි අතර ඇය වෙනුවෙන් පොස්ටර ඇලවුනේ "අම්මා දිනවමු" වශයෙනි   .

සුරංගනී එල්ලාවල මහත්මිය සබරගමු පලාත් සභාවට තේරී පත්වූ මුත් ඇයගේ පුත්‍රයාගේ ඝාතකයන් නීතියේ රැහැනින් ගැලවුනි . සියක් ඇස් ඉදිරියේ සිදු කල ඝාතනයක ඝාතකයින් නිදහස් වූවා පමණක් නොව නාලන්දයන්  නියෝජනය කල සන්ධානයේ ආමාත්‍යදූර පවා ලබාගන්නට සමත් වුනි . නමුත් මේ කාලය වන තෙක්වත් සුරංගනී එල්ලාවල මැතිණියගේ දේශපාලන ජීවීතය රැඳී තිබුනේ නැත

පරම්පරාවෙන් ලද දේශපාලන  හය්ය  චන්ද්‍රිකා මැතිණිය රටේ නායිකාව කල  අතර ඇය සිය සැමියාගේ දේශපාලනය වෙනුවෙන් අබමල් රේණුවක දෙයක් ඉටු කලේ නැත . දේශපාලන පරම්පරාවක් වූ එල්ලාවල පවුලේ සමාජිකාවක් වුවත් තමන්ගේ පුත්‍රයා වෙනුවෙන් නීතීය ඉටු නොවෙත්දී නිහඬව විඳ දරාගන්නවාට එහා යමක් සුරංගනී මහත්මියට කල හැකී වූයේ නැත .

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියගේ දේශපාලන ගමන් මගට මෙවන් පසුබිම් සවියක් නොමැත . ඇය සතු එකම ශක්තිය සිය පියාගේ නාමය හා පියා වෙනුවෙන් වන ජනතාවයි . පියා නියෝජනය කරන බලවේගය තුලින්ම මතුවූ අසාධාරනය වෙනුවෙන් හුදකලා සටනක් ඇයට අරඹන්නට සිදුවන්නේ ,  චන්ද්‍රිකා මැතිණිය හෝ සුරංගනී මැතිණිය සතුව තිබූ දේශපාලනික පසුබිම සහ තමන් සතු බලයේ  වාසීය යන කාරණා   තොරව ජීවන අත්දැකීම් වලින් හා වයසින් ඉතාමත් ලාබාල අවධියකය . අතීතයේ අසාර්ථක වූවන් දෙස බලා හිරුණිකා මෙනවියගේ ගමන් මග  ගැන පුරෝකථනයන් දීම අසාධාරණ වුවත් , ඇයගේ ගමන් මග අතිශයින් දුෂ්කර  එකක් වන බව නම් පැහැදිලිය . ඇය එම අභියෝගයන් ජයගනීවීද , කුමන මාවතක් තෝරාගනීවිද කියා කීමට තවමත් කල් වැඩිය .

එනිසා හිරුණිකා සොහොයුරියනි ඔබගේ ව්‍යායාමය සාර්ථක වේවා කියා හදවතින්ම සුභ පැතීමට වඩා යමක් මේ මොහොතේ සිදුකල නොහැක .

Comments

  1. බුවා ඉතා වටින එකතු කිරීමක්, ආසියාව වැන්දබුවන්ගේ දේශයක් කීවොත් වරදක් නෑ.
    ඉන්දුනීසියාව-සුකර්නොපුත්‍රී, පිලිපීනය-අකිනෝ, බංග්ලාදේසය, ඉන්දියාව-ඉන්දිරා, සෝනියා වැඩියෙන්ම ලංකාව

    තව ඔබගේ ලැයිස්තුව දිගය; ෆනෑන්ඩුපුල්ලෙ මැතිනිය, ඇතුලත්මුදලි මැතිනිය දිසානායක මැතිනිය, විජේවීර මැතිනිය, ප්‍රේමදාස මැතිනිය, ප්‍රභාකරන් මැතිනිය, සිරිපති සූරියාරච්චි මැතිනිය, මුත්තෙටුවේගම මැතිනිය,......

    ඇත්තටම මේ කාරනාව ඉතා ගැඹුරින් අධ්‍යයනය කල යුතු දෙයක් බව හැඟේ.

    හිරුනිකා මොන තේරුමෙන් හෝ පාර්ලිමේන්තු යා යුතුය යන්න මගේ විශ්වාසයයි.
    අඩුම තරමින් ඉන්න ගෙයක් හදාගන්න.කම්කරු පසුබිමකින් ආ පුද්ගලයෙකුට යන්න පුලුවන් දුර කුමක්ද කියා මහජනයට මතක් කර දෙන්න.

    වැන්දබුවන් හා දරුවන් අනාත වීම වැලකීමට මාගේ පොඩි මොලේට අදහස් ගලා එයි,

    විහිලු කිරීමට අවස්තාවක් නොවූවත්;

    හක් ගෙඩි පක්සය තව පුලුල් කිරීම, දේසපාලනය විවාහකයන්ට තහනම් කිරීම, මිනුසුන්ගේ ලේ දැකීමේ අසාව සන්තර්පනය කර ගැනීම පිනිස යම් මාර්ග සැපයීම- වැද්දන්සෙ ජීවත් වීමට අවස්තාවක් සැපයීම(අනෙත් අය සිල් ගන්නවා මෙන්), high ego නැති කර ගැනීමට මාර්ග සැපයීම.....

    ReplyDelete
  2. In this situation we have to respect that she has a right to do so.But will her effort against Thug politics of people like kudu duminda or people who destroyed her farthers political career!!!I dont think so this will be a another example of selling tears!!!

    ReplyDelete
  3. වැන්දඹු අනත් දරු දේශපාලනයට අලුතින් එක්වූ හිරුණිකාට අනාගතයේ දුමින්ද සිල්වා හා එකට දේශපාලන වේදිකාවලට, සාද/උත්සවවලට සහභාගී වීමේ වාසනාව උදාවේ. අන්තිමේදී ජවිපෙ සමග සන්ධානගතවූ චන්ද්‍රිකා වැන්නියක් වනු ඇත.

    දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත.

    ReplyDelete
  4. දයාල් ලියාඇති දේට ඌන පුරණයක් විතරයි.. අපේ රටේ අම්ම තාත්ත අයියා අක්කා සැමියා භීෂණය නිසා නැතිවී සිරගතවීසිටින සිටින ජනගහනය එකතුකර වෙනම පක්ෂයක් හැදීම හොඳ බවයි මගේ අදහස.. කිස ගෝතමිය බුදු හාමුදුරුවන් ලඟට ගිහින් තමුන්ගේ මමල පුතාට පන දෙන්න කීවාම උන් වහන්සේ යට ගෙනෙන්න කිවුවේ කෙනෙකු නොමල ගෙයකින් අබ මිටක්.. හෙට කියන්න වෙන්නේ කෙනෙකු භීෂණය නිසා නොමල සිරගත නොවුන ලංකාවේ පවුලකින් අබ ඇටයක් ගෙනෙන්න කියලයි. කියලයි..

    ReplyDelete
  5. @dayal-bathee, ප්‍රභාකරන් මැතිනිය? - මොන විකාර කතාවක් ද ඒක.ඒ ත්‍රස්තවාදියා මිය ගියේ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරද්දී නෙවෙයි.නිරායුධ මිනිස්සු මරමර ඉඳල අවසානේ හමුදාව එක්ක කරපු සටනකදී.ඔබේ ලැයිස්තුවේ අනෙක් අය එක්ක කොහොමටවත් සසඳන්න බෑ.

    ReplyDelete
  6. @බුවා,විජය අති දක්ශ නලුවෙක්,ගායකයෙක්,(සැබෑම සුපිරි තරුවක්).ඒ කළාකරුවා අහිමිවීම රටට පිරිමැසිය නොහැකි පාඩුවක්.නමුත් ඔහුගේ දේශපාලන දර්ශනය කුමක්දැයි මට ඇත්තේ ප්‍රශ්නයක්.මේ ප්‍රශ්නයම ගුණදාස අමරසේකර මහතා ගේ කෙටිකතාවක(විමලසිරි කවියා) තිබුණා.

    ReplyDelete
  7. අපි දැක ඇති විහිලු දේශපාලනයේ ස්වරුපය අනුව ඇය දවසක දුමින්දලා සමග එකම වේදිකාවක නැග්ගොත් කිසිම පුදුමයක් නැහැ . ගැහැණු ළමයෙක් විදියට දේශපාලනයට ඇවිත් නිකන් මඩ නාගන්න වෙයි අනිවාර්යයෙන්ම . ගැහැනියකට ලේසි නැහැ . පිරිමි කරන වැරදි මිනිස්සු ගණන් ගන්නේ නැහැ . ඒත් ගැහැනියක් දිහා සාධාරණ විදියට බලන්න අපේ මිනිස්සු තවම පරිණාමය වෙලා නැහැ . අන්තිමට හොයන්නේ ඇය මිනිස්සු කියක් එක්ක යාලුද කියල විතරයි . අපි නොදන්නා ලංකාවේ දේශපාලනය . අපොයි නංගියේ කියල තමයි මට නම් කියන්න තියෙන්නේ .

    ReplyDelete
  8. @දයාල් - ඔව් ලයිස්තුව සැහෙන්න දිගයි තමා , ලෝකයේ ප්‍රථම අගමැතිනිය අපි බිහි කලෙත් ඔය පදනමෙන්ම නේ

    @ඇනෝ - එකඟයි ,ඒත් බලමු ඉදිරියට මොකද වෙන්නේ කියල , සමහර විටක වෙනසක් කරන්නත් ඉඩ තියෙයි , මේ වෙලාවේදී ඊට වඩා ප්‍රභල අනාවැකියක් කියන එක සාධාරණ නැ නේ

    @රැඩිකල් - ඒක නම් එහෙම තමයි , හැබැයි දුමින්දයට නම් නැගිට ගන්නවත් බැ කියල නේද කියන්නේ ?(මහින්ද විජේසේකර වගේ වේවිය කියනව මම දැක්කා )

    @සරත් - භීෂනය රජයන සමාජයක , ඔබේ කථාවේ සැහෙන වලංගු තාවයක් තියනව

    @ජයශ්‍රි - සිංහල ජාතිවාදියෙකු වෙච්ච ගුණදාස මහත්තයට නම් විජයගේ දේශපාලනය ප්‍රශ්නයක් වෙන එක පුදුමයක් නැ , ඔබටත් ඒක ප්‍රශ්නයක්ද ??

    විජයගේ දේශපාලනය සැබැ මානුෂීය මුහුණුවරක් ගත්තාය කියලයි මම දකින්නේ , ඒක බණ්ඩාරනායකගේ බොරු වමටත් , විජේවීරගේ මිනි මරු වමටත් වඩා සාර්ථකයි , විජය කථා කලේ , විජයව පිලිගත්තේ දකුණේ තරුණයින් විතරක් නෙවෙයි , උතුරේ තරුණයිනුත් විජයව පිලිගත්තා . විජය ඇරෙන්න කිසිම සිංහල දේශපාලකයෙකුට උතුරේ ජනතාව හදවතින්ම එකඟතාවය පල කරල නැ .විජයගේ දේශපාලන දර්ශනය එදා තිබුනු එජාපයේ එකාධිපති ජාතිවාදී දේශපාලනයට හොඳ විකල්ප මතවාදයක් කීයල කියන්න පුලුවන්

    ReplyDelete
  9. @බින්දි - දුමින්දයට නම් සැහෙන කාලෙකට වේදිකාවකට නගිනවා තියා දොට්ට පිලට යා ගන්නවත් බැරි වේවිය කියලනේ කියන්නේ.

    //ගැහැනියකට ලේසි නැහැ . පිරිමි කරන වැරදි මිනිස්සු ගණන් ගන්නේ නැහැ . ඒත් ගැහැනියක් දිහා සාධාරණ විදියට බලන්න අපේ මිනිස්සු තවම පරිණාමය වෙලා නැහැ . අන්තිමට හොයන්නේ ඇය මිනිස්සු කියක් එක්ක යාලුද කියල විතරයි//

    සහතික ඇත්ත අක්කේ ඒක තමයි ලොකුම අභියෝගය , අපොයි නංගියේ (මට නම් මම හිතන්නේ " අක්කේ") කියා කියන්නට සිදුනොවේවා කියල පතමු

    ReplyDelete
  10. අපේ රටවල් වල තවම ගැහැණියට හිතන තරම් ලේසියෙන් ඉදිරියට එන්න බෑ. ‍තවම මෙහි සමාජ මනස ක්‍රියාත්මක වෙන්නෙ පුරුෂාධිපත්‍යයෙන් පිරුණු ගෝත්‍රික ස්වභාවයකින්. දේශපාලකයො කියන විදියෙ සමානාත්මතාවයක් හෝ සහජීවනයක් තවම මෙහි නෑ. කාන්තාවට ඉදිරියට පැමිණිම කෙසේ වෙතත් අපේ රටේ තවම සුඵ ජාතිකයෙකුට අගමැති, ජනාධිපති පදවි වලට යෑම ගැන හීන දකින්නවත් බෑ. පළමුව සමාජ මනස නිවහල් වෙන්න ඕනි. ඒත් එහෙම නොවන ගෝත්‍රික තත්වයන් රැක ගැනීමට තමයි පවතින දේශපාලනය කටයුතු කරමින් ඉන්නෙ.
    ඉතින් හිරුනිකාට ගෙයක් දොරක් හදාගන්න, කීයක් හරි ඉතිරි කරගන්න දේශපාලනයට එන එකේ වරදක් නෑ. ඉන් එහාට පැවැත්මක් හෝ තැනක් ඇයට ලැබෙයි කියල හිතන්න අමාරුයි.

    ReplyDelete
  11. @"සුඵ ජාතිකයෙකුට අගමැති,ජනාධිපති පදවි වලට යෑම ගැන හීන දකින්නවත් බෑ" - 1.සිංහලයේ අවසන් රජවරු තුන්දෙනාම දෙමළ.
    2.කදිර්ගාමර් මහතා අගමැති ධූරයට පත්වෙන්න හොදටම ඉඩ තිබ්බා ඝාතනය නොවුණා නම්.

    ReplyDelete
  12. පෝස්ට් එක සහ සියලුම කොමෙන්ට් කියෙව්වා. මේ සිද්ධියෙන් ලංකාවෙ දේශපාලන වාතාවරණයේ යම් වෙනසක් වෙන්න ඉඩ තියෙනවද? රජයෙන් නිල වශයෙන් මේ සිද්ධිය ගැන මොනවත් ප්‍රකාශයක් නිකුත් කරල තියෙනවද?

    ReplyDelete
  13. ඔබ්සවර් මහත්තයා
    තව සතියකින් හමාරකින් ලොක්කා පර්ත් වලට එනවා.පුලුවන්නම් අහලා බලන්න

    ReplyDelete
  14. සෑර් මේ නාලන්ද එල්ලාවල්ගෙ ඝාතකයෝ ඇමතිකම් දරනවයි කියන හින්ද අහන්නෙ..
    සෑර් දන්නවද නාලන්ද ට වෙඩි තියපු තුවක්කුව ෆොරෙන්සික් එවිඩන්ස් වලින් මැච් වුනේ කාටද කියලා?? ඔබ්වියස් කෙනාගේ තුවක්කුවට නම් නෙවෙයි.

    ReplyDelete
  15. @ඔබා - ඔබා අය්යා ඔය සිරාවටමද අහන්නේ?

    @සුස්ති ගුණේ - නාලන්දගේ ආරක්ෂයගේ තුවක්කුවටද ? ..හොඳ හොඳ ෆොරෙන්සික් එෆිඩන්ස් ඉදිරියටත් දකින්න ලැබේවි . එදා උනේ මොකක්ද කියල කියල දන්නෝ දනිති . භාරත - දුමින්ද සීන් එක වගේ අදාල පිරිස් විතරක් නෙවෙයි සැහෙන පිරිසක් නාලන්ද සිද්ධිය වෙලාවේ හිටියා . හැබැයි නාලන්දගේ ආරක්ෂකයගේ සහා ඩිලාන් පෙරේරා මන්ත්‍රිතුමාගේ සාක්ෂිත් පැටලිලි සහගත උනාලු ! (හැබැයි ඩිලාන් පෙරේරා අදාල අය ආණ්ඩුවට එකතු වෙත්දි ප්‍රසිද්ධියෙම විවේචනය කලා)

    ReplyDelete
  16. @ ඇනෝ,
    අපි වගේ පුඟුලන්ට ඒ පැත්තටවත් කිට්ටුවෙන්ඩ පුළුවන් වෙය්ද නං සැකය්

    @ බුවා,
    ලංකාවේ තොරතුරු ගැන හැම වෙලාවේම විමසිල්ලෙන් හිටියත් මේ සිද්ධිය ගැන එන්නෙ පරස්පර විරෝධි නිවුස්, මොනවා ඇත්තද කියල හිතාගන්න බැහැ, අනික අපි කියවන මාධ්‍යත් අද ඉන්න පැත්තෙ නෙමේ හෙට ඉන්නෙ.

    ReplyDelete
  17. ඇත්තට ඔබා අය්යේ අපිටත් එන්නෙ එහෙම තොරතුරු තමා , රජයේ නිල ස්ථාවරය නම් "වගකිව යුත්තන්ට තරාතිරම නොබ්ලා දඬුවම් කිරීම" නේ , ජේ ආර් ලොක්කගෙ කාලේ ඉඳන් ගහන ඔය බයිලාවට වඩා දෙයක් නම් නිල වශයෙන් නැ . හැබැයි නොනිල වශයෙන් කියවෙන තොරතුරු අනුව මේක එක්තරා සංදිස්ථානයක් වෙන්න පුලුවන් . සමස්ථ මැතිවරණ ක්‍රියාවලිය අස්සෙත් එහෙම සීන් දකින්න තියෙයි , රටට තාම ඉදිරිපත් නොවුන ප්‍රාදේශීය , ඒත් වැදගත් සහ සත්‍ය තොරතුරු කිහිපයකුත් තියනව මේ අශ්‍රිත , ඒවත් අනුව මම අරහොම කිව්වේ බලමු නේ ?

    ReplyDelete
  18. දේසපාලනේ කියන්නෙ මඩ ගොහොරුවක්නේ.ඉතින් හිරුණිකාටත් මඩ නාන්න වෙනවා.ලැජ්ජ නහර කපන්නත් වෙනවා.එකෙ සැකයක් නැ.එත් කා ගෙන හිටියොත් දියවන්නාවෙන් එහාට පැන ගන්ඩ බැරිවෙන එකක් නැ.පියාගේ නාමය හා පියා වෙනුවෙන් වන ජනතාව විතරක් නෙමේ අනර්කලී කෙලිට වඩා ලස්සනත් තියනවා නොවැ :D.

    @දයාල් බති. = හැ... ප්‍රභාකරන් මැතිනිය???? ලැජ්ජයි...මහත්තයො ලැජ්ජයි..

    @Outsider. = සමානාත්මතාවයක හා සහජීවනය පිළිබද ඔබේ මතයට එකගයි.මේ රටේ අගමැති සහා ජනපති පදවි කාන්තාවන් ඉසිලු බව ඔබට අමතක වී ඇති හැඩයි.සුඵ ජාතිකයෙකු ලොකු පුටුවට යෑම නොයෑම තීරණය කරන්නේ මහජනතාව.ඒකට ප්‍රජාත්‍රන්තවාදය කියලත් කියනවා.එතන අසාධාරණයක් නැ.

    ReplyDelete
  19. @KC - මඩනොගාගෙන මෙහේ දේශපාලනය කරන්න බැනේ කාට වුනත් , අනර්කෙලී වටා ලස්සන කොහොම උනත් අනර්කෙලී වගෙ තොදොල් නොවී අදහසක් ප්‍රකාශ කිරීමේ හැකියාව නම් තියෙනව

    ලංකාවේ කාන්තා නායිකාවන් බිහි වුනේ ,ඒ අයගේ දේශපානික දැනුම හෝ උත්සාහයෙන් නෙවෙයි (හිරුණිකා ආවොත් එයාත් ඇතුලුව ) අන්න එතනයි ප්‍රශ්නය . ඔය කියන අගමැති ජනපති දෙන්න වගේම , අද ඉන්න පවිත්‍රා නෝනා, තලතා නෝනා , චන්ද්‍රාණි බණ්ඩාර නෝනා , ප්‍රනාන්දු පුල්ලේ නෝනා , දයා ගමගෙ මහත්තයගෙ නෝනා, වගේ අය ආවේ කොහොමද ? ඊලඟට පබා , අනර්කලි , මාලිනී , ගීතා ආවේ කොහොමද ? මෙහෙම කාන්තා දේශපාලනයක්ද අවශ්‍යය. මහින්ද රාජපක්ෂ හෝ ප්‍රේමදාස (ලොකු ) ආපු ගමන එන්න ලංකාවේ කාන්තාවකට පුලුවන්ද ?

    සුලු ජාතිකයින් සිංහලයින්ට ඡ්න්ද දෙන්නෙත් නැ , අපේ බහුතරය සුලු ජාතිකයින්ට ඡන්දේ දෙන්නෙත් නැ . අන්න එතන තමයි අවුල (එජාපයේ නම් මුස්ලිම් නායකයින් කිහිප දෙනෙක් ඉන්නව ජාති බේද නැතුව ඡන්ද ගන්න , සංධානයේ නම් අර නුවර පලාතේ මන්ත්‍රි තුමා විතරයි ඉන්නේ )

    ReplyDelete
  20. @බුවා.
    මට නම් අනර්කලීට වඩා ලස්සනයි අප්පා... :D
    පාතාලෙයි,සල්ලියි තියනවනම් ගෑණු පරානෙකට වුනත් ලොකු පුටුවට යාගන්න බැරි වෙන එකක් නැ.ඔතන මෙහෙම දෙයක් තියෙනවා.දේසපාලනේ කරනකොට බැහැලා වැඩ කරන සේට් එකක් ඉන්න ඕනෙ.හුගක් මිනිස්සු 'බැහැලා වැඩ කරන්නෙ' රටට ආදරෙට නෙමෙයි.තමන්ගේම වෙච්ච හීන ගොඩක් එයාලට තියනවා.රස්සාවක්,පාසලක්‌ වගේම අල්ලපු ගෙදර එකා එක්ක වලියක් දාගත්තම පොලිස්සියට කොල් 1ක් දම්ම ගන්න.මරණෙට,මගුලට "ලොක්කව" ගෙන්න ගන්න මින්ස්සු 'බැහැලා වැඩ කරනවා'.කාන්තාවන්ට වැඩ කරන කට්ට්ය අඩුයි.අනිත් පැත්තෙ උන් ගහන්න අවම "මැඩම්" සාරිය උස්සන් වලියට එන්නේ නැ නේ.ඉතින් කට්ටිය අඩු වුනාම දේසපාලනේ අමාරුයි.නැතුව ඔතන ඇති පුරුෂාධිපත්‍යයක් නැ.

    ඇත්තටම හිරුණිකාට වුනේ ලොකු අසාධාරනයක්.ඇය ගෙ මුල්ලට වෙලා හැංගෙන්නේ නැතුව සටන් කරන්න තොරා ගැනිම අගය කරන්න ඕනෙ.වයසට වඩා වැඩි පරිණත භාවයකින් ඇය මාධ්‍යට හා ජනතාවට මුහුණ දුන්නා.මෙය වුනේ ඇයට එරෙහිව වීතරක් නෙමේ,මුළු සමාජ සාධාරනයටම එරහිව.අපිට පුළුවන් හැම සහයක්ම ඇයට ලබාදෙන්න ඕන.මාත් හිරුණිකාට සුබ පතනවා. (සොරි වෙන්ඩ ඕනෙ,Comment 1 දිග වැඩිවුනා.)

    ReplyDelete
  21. අනර්කලීට වඩා ලස්සනයි තමා

    ඔබ කියල තියන කාරණා ටික සහතික ඇත්ත , අන්න ඒ ජරා දේශපාලන ක්‍රමය තමයි තියන ප්‍රශ්නය . මැර දේශපාලකයො බිහි කරන්නේ අපිම තමයි.කාන්තාවකට ඉහලට එන්න බැරි තත්වයත් අපේම වරදක් වෙන්නෙත් ඒකයි . මම කිව්ව ලයිස්තුවෙන් ඉන්න අමාත්‍ය තුමියක් නම් , කාන්තාවක් කියල නැ ගේමට බහිනව ටක් ගාලා (පියාගේ ඇවැමෙන් ආවත් , තමන්ගෙ කියල හොඳ ගැන්සියකුත් ඉන්නව )

    අවසන් ඡේදයට මාත් එකඟයි . දැනට සහයෝගය පල කරනව මාත් බලමු එයා මොන වගේ ගමනක් ද යන්නේ කියල

    කමෙන්ට් කොච්චර දිග වුනත් මට නම් කිසිම අවුලක් නැ , තමන්ගේ හිතේ තියන ඕනිම දෙයක් ලියන්නනේ කමෙන්ට් වලට ලොකු ඉඅඩක් ගුගල් දෙය්යොම දීල තියෙන්නෙ

    ReplyDelete
  22. මට යාලුවෙක් කියපු හැටියට නං හිරුනිකා එංගලංතෙ නීතිය හදාරා ඉතිරි කොටස ලංකාවේ නීති විද්‍යාලයෙ සම්පූර්ණ කරමිං ඉන්නෙ. සුදුසු කං හොඳටම ඇති ලංකාවෙ දේශපාලනයට අවතීර්ණ වෙන්ට. මං නං කෙල්ලට සුබ පතනවා. කවදත් ලස්සන කෙල්ලන්ට කට කතා හැදෙන ගතිය වැඩියි ලංකාවෙ. ලස්සන උන පමණිං කෙල්ලගෙ චරිතෙ නරකයි කියන්ට අපට බැහැනෙ. මිස් ශ්‍රි ලංකා නං ගියා තමා. ඒක ඉතිං අපෙ ෆස්ට් ලේඩිත් කරපු එකක්නෙ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව