බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! »

  • RSS Feed
  • Twitter
  • Facebook
  • Followers

    Archive

    ලාංකීය සිතුවිලි

    lankeeya sithuwili

    Kottu

    අඹ ගහ යට'

    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

    සිංහල බ්ලොග් කියවනය

    මාතලන් සින්ඩිය

    ලඟකදි ලියපුවා

    Sunday, November 6, 2011

    වෙබ් අඩවි ලියාපදිංචිය සහ අන්තර්ජාල වාරණය හෙවත් අන්තර්ජාලයෙ සිමා මායිම් හඳුනා නොගත් ආසියාවේ තොරතුරු තාක්ෂන කේන්ද්‍රස්ථානය

    ක්ෂණික ප්‍රතිචාර : 
     ශ්‍රි ලංකාව පිලිබඳ  ලියවෙනා සියලුම වෙබ් අඩවින් ලියාපදිංචි කල යුතුයැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර ඇත . ඒ අනුව ශ්‍රි ලංකාවෙන් පිටත සිට සිට වුවත් ශ්‍රි ලංකාව පිලිබඳ පුවත් පල කරන්නන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතුය . එසේ නොකලොත් කරන්නේ කුමක්දැයි මාධ්‍ය නිවේදනයේ සඳහන් නැතත් , කල හැකි මූලිකම දෙය ඒවා ශ්‍රි ලංකාව තුල නැරඹීම වාරණය කිරීමය . රජය ඇතැම් වෙබ් අඩවි සමබන්ධයෙන්(වෙබ් අඩවි 4ක් ) * මෙය දැනටමත් අනුගමය කර ඇති බවක් පෙනෙන්නට ඇති අතර අවැසි කෙනෙකුට "සෙල්ෆ් බ්ලොකින්" කියාද එය හැඳින්විය හැක .


    ඒකාධිපතීත්වයක් කරා රටගෙනියන තීරණ නිතිපතා ගනු ලබන රජයක මෙම ක්‍රියාව අරුමයක් නොවුවත් සැබවින්ම විසුලු සහගතය .

    රජයට විරුද්ධව දරුණු ප්‍රහාරයන් එල්ල කරමින් ලිපි පලකරනා වෙබ් අඩවි බොහොමයක් ක්‍රියාත්මක වන්නේ විදේශ රටවල සිටය , රජය මෙය නොදන්නවා නොවේ .  ඔවුන් කිසි සේත්ම ලියා පදිංචියක් නොකරනා බවත් රජය දැන සිටිය යුතුය . එසේ නම්  රජයට මඩ ගසනා වෙබ් අඩවි ලියාපදිංචි වී නීතියට වැඩ කරන තෙක් බලාසිටීම සහ නීති කැඩුව හොත් අධිකරන ක්‍රියාමාර්ග වලට එලඹීමට බලා සිටීම කිසිදු පලක් නොමැත . ඔවුන් ලියාපදිංචි නොකරන්නේ නම් රජයට  ඒ වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවනු ඇත .  ඒ අනුව දැනටමත් හොර පාරෙන් බ්ලොක් කර ඇති පරිද්දෙන් එම වෙබ් අඩවි වාරණය කිරීමට සිදුවනු ඇත  .  නමුත් හාස්‍යයට කාරණය වන්නේ වන්නේ  මෙම වාරණයන් තුලින්  කිසිදු ප්‍රයෝජනයක් නොලැබීමයි . මේ වන විට "ඇක්සස් ඩිනයිඩ්" පණිවුඩ ලැබෙන ප්‍රවෘත්ති වෙබ් අඩවි වලට මෙන්ම "අසභ්‍ය " කියා තහනම් කල වෙබ් අඩවි වලටද ශ්‍රි ලංකාවේ සිට පිවිසිමේ ක්‍රමවේදයන් ඕනැ තරම් ඇත . Great Firewall of China නමින් ප්‍රචලිත චීනයේ රජය විසින්ම ක්‍රියාත්මක ෆයර් වොල් එක  හෝ මේ දක්වා 100%ක සාර්ථකත්වයක් හිමි කරගෙන නැත . ටොරන්ට් වෙබ් අඩවි කිහිපයක් අරඹ්හයා ඇමරිකානු රජය කල පරිද්දෙන් ඩොමෙන් නාමයන් අත්පත් කරගැනීමේ ක්‍රියාමාර්ගයක් සිදු කල නොහැකීතාක් අන්තර්ජාල වාරණයන් යනු "පුස්සක්" වන බැව් පැහැදිලිය .
     එබැවින් තමාට එල්ලවන මඩ ප්‍රහාර වලට පිලිතුරක් ලෙස එම වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ තීරණයකට එලඹීමෙන් , ආසියාවේ තොරතුරු තාක්ෂන ආශ්චර්යය බිහි කොරන්නට කථා කරන රජය අන්තර්ජාලයේ සිමා මායිම් තෙරුම් ගෙන නොමැති බැව් සනාථ කර ඇත



    මෙහි තවත් අතුරු ඵලයන් කිහිපයක්ද ඇත . රජය අනවශ්‍ය නීති ගෙන ඒම  හරහා වාරණයන්ට තැත් කිරීම තුල තව තවත් එවන් වෙබ් අඩවි බිහිවීම සිදුවන අතර  ශ්‍රි ලංකාවට එරෙහිව කටයුතු කරනා පුද්ගලයින්ට  ඒ සඳහා නව සාධකයක් සපයා දීමද සිදුවේ . වෙබ් වාරණය සාමාන්‍ය කරනය වූ සමාජයක ඒවා බිඳ යැමෙ ක්‍රමයන්ද ප්‍රචලිත වීම නිසා . කුඩා දරුවන්ට අහිතකර යැයි නවතා තබා ඇති වෙබ් අඩවි නැරඹීමට ක්‍රමයන් කුඩා දරුවන් අතර පවා ප්‍රචලිත වනු ඇත . විවිධා කාර අන්තර්ජාල වාරණයන් හා ඒවා බිඳ යැම්  නිසා  ජාල තදබදයන් ඇතිවී අන්තර්ජාල වේගයන් අඩුවන බවටද මතයක් ඇත( තොරතුරු තාක්ෂණ ආශ්චර්යයේ අන්තර්ජාල සබඳතා වල වේගයන් තවත් අඩුවූ විට ??? )  . මේ සියල්ල සිදුවෙත්දී රජයට අත්වෙනා කිසිදු වාසියක් නොමැත . රජයට එරෙහි ප්‍රහාරයන් පෙර පරිදිම ශ්‍රි ලාංකිකයින් අතර සංසරණය වනු ඇත . රජය විසින් ඒවා වරණය කර ඇති නිසා පෙර නොවූ විරු වටිනාකමක්ද ඒවාට එකතුවනු ඇත

     වාරණයෙන් තොරව , වැදගත් ලෙසින් යමක් කිරීමේ හැකියාවක් මෙහි ඇත . ඒ රජයේ ලියාපදිංචිය ඇති වෙබ් අඩවි සඳහා නිල වශයෙන් පිලිගත් පුවත් වෙබ් අඩවි වශයෙන් විශේෂ හැඳින්වීම් ලාංඡනයක් ප්‍රදර්ශයන කිරීමයි .අනෙක්වා නිල නොවන විකල්ප පුවත් මාධ්‍ය වශයෙන් පවතිනු ඇත . පුවත් වාර්ථාකරනයේ නිසි නිදහස නිල වශයෙන් පිලිගත් මාධ්‍ය වලට හිමි වේ නම් , අනෙක්වා  කිසිදු පිලිගැනීමක් නොමැති "කැලැ පත්තර" බවට පත්වනු ඇත .

     නමුත් පහත සඳහන් වෙබ් අඩවි  ටෙලිකොම් ජාලය හරහා  නෑරඹීම වලකා ඇති හෙයින් රජය එවන් වැදගත් මාවතක් ගන්නා බවක් පෙනෙන්නට නැත . බලයෙන් අන්ධ වූ විට "වැදගත්" කම්  කියා දෙයක් නොමැත

    Lankaenews
    Sri Lanka Mirror
    Sri Lanka Gurdian 
    Lankanewsweb 

    30 comments:

    1. සිංඩිත් වාරනය කරන්න යනවලු. ඒ අනුව ප්‍රධාන පෙලේ සිංඩිකේටර් 4 වාරනය කරීමට නියමිතයි.

      ReplyDelete
    2. ප්‍රථමයෙන් ඔවුන් ආවේ කොමුනිස්ට්වාදින් වෙතය.
      එවිට මා කතා නොකළේ මා කොමියුනිස්ට්වාදියෙකු නොවූ නිසාය.


      පසුව ඔවුන් වුර්තිය සමිති ක්‍රියාකාරිකයින් වෙත පැමිණියහ.
      එවිට මා කතා නොකළේ මා වුර්තිය සමිති ක්‍රියාකාරිකයෙකු නොවූ නිසාය.


      පසුව ඔවුන් යුද්දෙව්වන් වෙත පැමිණියහ
      එවිටත් මා කතා නොකළේ මායුදෙව්වෙක් නොවූ නිසාය.


      පසුව ඔවුන් මා වෙත පැමිණියහා.
      එවිට මා වෙනුවෙන් කට හඬ අවදි කිරීමට කිසිවෙකුත් සිටියේ නැත.

      මාර්ටින් නෙයිමොලර්

      (quote) සිංඩිත් වාරනය කරන්න යනවලු. ඒ අනුව ප්‍රධාන පෙලේ සිංඩිකේටර් 4 වාරනය කරීමට නියමිතයි. (/quote)

      එයද වැඩි ඈතක නොවෙන බව පෙනේ. සුදානමින් සිටින්න.
      කෝපි කඩේ අප්පුලාට සෙල්ෆ් බ්ලොකින්ග් ආතල් එකක් ගතක් හැක.

      ReplyDelete
    3. ගංවතුර පාළනය කරන්න ගිය තායි ආන්ඩුවට වෙච්ච දේ තමයි වෙබ් පාලනය කරන්න යන අපේ ආන්ඩුවට වෙන්නෙත්!

      ReplyDelete
    4. block karapu oya web site 4 kiyana okkoma truth nemei wagema eyalage media kalawa genath mage echchara pehadeemak ne.But mewa waranaya kalath ekka nobalabu unuth balanna patan aran.hariyata ara sex sites wage.Block kalata lankawe podi un pawa owata access wenna dannawa.anduwe inna naki linmadi deshapremi ostharla mewa danne nethi unata me cyber world eke mewa wihilu witharai.But api me yanne thaliban iran wage muladharmawadi ratak wennada?

      ReplyDelete
    5. වෙබ් වාරණයත් හරියට මදුරුවෝ මරණවා වගේ වැඩක්.

      ReplyDelete
    6. ඉස්සරහට තව තව දේවලුත් වෙයි. මොකද ආශ්චර්යයටලුනේ යන්නේ...

      ReplyDelete
    7. උඹ නිකං නිස්ට්‍රඩාමුස් වගේනේ...මරු අනාවැකි කියන්නේ. ඔන්න උඹ එදා කිව්ව එක අද වුනා. සියළුම වෙබ් අඩවි ලංකාවෙත් ලියාපදිංචි කරන්නලු.
      By Anonymous on අරාබියේ මෙන් ලංකාවේත් බ්ලොග් ආණ්ඩුවේ ලියාපදිංචි කර... on 11/5/11

      අපරාදේ පොන්නමුණේටයි පොන්න අප්පුටයි මේකට මුකුත් කියාගන්න බැරි උනානෙ.

      http://w3lanka.blogspot.com/2010/09/will-sri-lanka-propose-registration-of.html?showComment=1320498341655#c5708686754541986021

      ReplyDelete
    8. http://www.sundaytimes.lk/111106/News/nws_03.html

      Sunday Times එකත් ඉක්මනටම "සෙල්ෆ් බ්ලොක්" වෙයි :P

      ReplyDelete
    9. මාලන්ගේ කමෙන්ටුවෙන් මේ අර්බුදයේ සැබෑ ස්වරූපය හඳුනාගත හැකියි. සෙල්ෆ් බොලොකින් අනේ මගේ මට.....
      අපි අපිම මෙහෙම මේවා සාධාරණීකරනය කිරීම ගහලයාට බොටුව පා " මෙන්න කපා ගනින් කියා දෙනවා වැනි වැඩකි." ලබ්බට තිබ්බ අත පුහුලට බව අප සැවොම මතක තබා ගත යුතුය. සින්ඩි වලටද ලඟදීම දෙවියන්ගේ පිහිටයි කියා නවතිමි.

      හරවත් යමක් සංවාදයට ගෙනා බුවා සහෝට මගේ ආචාරය.

      ReplyDelete
    10. ඊනියා දේශප්‍රේමය වෙනුවෙන් කඩේ ගිය (ප)රාළ ගේ නඩයේ ආතල් ඉක්මනින්ම කැඩීම ගැන දුකායි.... (අතේ පත්තු වුනා යයි කියූ ඒවා දැන් පශ්චාත් භාගයේ පත්තු වෙලාද දන්නේ නැත)

      මේ ගැනත් හිතා බලන්න.
      බලශක්ති අර්බුදය ගැන කතා කරමින් හයිබ්‍රිඩ් සදහා අධික බදු පැනවීම.
      මතට තිත කියමින් කුඩු කරැවන් ආරක්ෂා කිරීම හා රකවරණය ලබාදීම.
      විදේශ ආයෝජන හා පුද්ගලික ආයෝජන ගැන කතා කරමින් ආයතන රජයට පවරා ගැනීම.
      නීතියේ ආධිපත්‍යය හා සාධාරණත්වය ගැන කතා කරමින් නීතිය තමන්ට වාසි ලෙස භාවිතා කිරීම.
      විනය ගැන කතා කරමින් විනය කඩන්නවුන් ආරක්ෂා කිරීම හා අනුබල දීම.

      ReplyDelete
    11. බ්ලොග් ලියන කවුරුත් තමන්ගේ බ්ලොග් බැකප් කර තබා ගන්න.

      ReplyDelete
    12. තිසර,
      අසාර්ථක ව්‍යාපාර රජයට පවරාගැනීමට කතා කරමින්, නොරච්චොලේ චීනයට විකිණීමට හැදීම

      ReplyDelete
    13. http://www.srilankaguardian.org/
      http://lankawaynews.com/
      http://srilankamirror.com/

      යන වෙබ් අඩවි වෙත යාම ඩයලොග් වලින් අවහිර කොට ඇත. DNS ඉවත් කිරීම මගින් හා TCP මගින්.

      gossip9 වෙත යාමට හැක. (බලන ගාන වැඩි නිසා දැන්ම බ්ලොක් නොකරන්න ඇති.)

      ReplyDelete
    14. නැහැ මං මේකට කමෙන්ට් කරන්නෙ නෑ කියල හිතුනත් අර තාගෝර්ගෙ පින්තූරය දැක්කම කමෙන්ට් කරන්න හිතුන..
      තාගෝර් හා මහත්මා ගාන්ධි සමකාලීනයන් වෙලා හිටිය..තාගෝර්ගේ මතය ගාන්දිත් ගාන්ධිගේ මතය තාගෝරුත් පිලිගත්තෙ නෑ..
      දෙදෙනා අතර සමහර දේවල් ගැන දෙදෙනාටම කිසිසේත් එකඟ විය නොහැකි මත තිබුන....ඒත් ඒ දෙන්න එකිනෙකාට පහර ගහගෙන මරාගන්න ගියේ නෑ..දෙන්නම ඒ දෙන්නට පුලුවන් උපරිමයෙන් තමුන්ගෙ දේශපාලනය ගෙනගියා...

      මතයකට මතයකින් පිලිතුරු නොදී මතය ගොඩනැගෙන මොලය සහිත ඔලුව සෙවීම තමයි මේ ක්‍රමයට දැන් ජීර්ණ වෙලා තියෙන තියරි එක..
      අපි බ්ලොග්එකකට කමෙන්ට් කලත් එහෙමයි..
      මතය නෙමෙයි වැදගත් මතය අයිති ඔලුවේ හිමිකරු...

      ReplyDelete
    15. මම නම් මේක දකින්නේ වෙනත් විදියකට.රජයේ ලියාපදිංචිවීමෙන් මාධ්‍යයකට නිළ පිළිගැනීමක් ලැබෙනවා.උදාහරණයක් විදියට දැනටත් ලංකාවේ සියලුම පුවත්පත්,වාරසඟරා ආදිය රජයේ ලියාපදිංචියි.එසේ කළ විට ඒවා යම් නීතිමය රාමුවකට ඇතුල් වෙනවා.මෙයින් මාධ්‍යකරුට වගේම පාඨකයාටත් යම් යම් නීතිමය රැකවරණයක් ලැබෙනවා.උදා:පල කළ පුවතක් නිසා පාඨකයෙකුට සිදුවන අසාධාරණයක දී ඔහුට යමක් කළ හැකියි.
      නමුත් මෙමගින් පුවත් වාරණයකට යත්න දරයි නම් එය පැහැදිලිවම හෙලාදැකිය යුතුයි.

      ReplyDelete
    16. මිනිස්සු ගෙවල් වලින් එලව එලව පාරවල් ලොකු කරනවා.එක පැත්තකින් පිට්ටනිම හදනවා. අනිත් පැත්තෙන් වරායවල්. ලංකාව එක බිම් අගලක් නැති වෙන්න කන උන් දැන් ඉන්ටනෙට් කන්න ඇවිල්ලා

      ReplyDelete
    17. දැනටම ආණ්ඩුවම කියන විදියට ආණ්ඩුවේ දූෂිත දේවල් ලියන්නෙ රටින් පිට ඉඳන් ලියන අය විතරයි. ඒකෙන් රජයම පිළිගන්නව මොන වර්ගයේ මාධ්‍ය නිදහසක්ද දැන් තියෙන්නෙ කියල.

      ReplyDelete
    18. අනේ අපේ දුප්පත් බ්ලොග් පඩංගු ටික... බුවා එහෙනම් උඹටත් ත්‍රෙට් එක වැඩිනේ බං... අනේ මන්දා ? මේකත් රටක් ද ? බුවා උඹත් හෙහට ඉඳලා කැම්පස් සීන් වල්පල් ටිකක් වත් ලියපන් බං. නැත්නම් අර කලින් කලා වගේ චිත්‍රපටි විචාරයක් දීපන්... අඳෝමැයි...!

      ReplyDelete
    19. බුවා වගේම තිසර කියලා තියෙන දේ ඇත්ත......තව ටික දචසකින් මහින්ද මහත්තයා තමන්ගේ වල තමන්ම කපා ගෙන ඉවර කර ගන්න හදන්නේ.......වැඩේ වෙලා තියෙන් අපිත් ඒ වලට යන එකට

      ReplyDelete
    20. ඕවා ඒතරම් ගණන් ගන්න ඕන දෙවල් නොවෙයි.

      Any fool can make a rule, and any fool will mind it.
      ~ Henry David Thoreau

      ReplyDelete
    21. හිකිස්, ලංකාව ගැන ලියන කියන ඒ.බී.සී, බී.බී.සී, සී.එන්.එන්, වගේ ඒවයෙ වෙබ් අඩවිත් පැනගෙන ඇවිල්ල ලියා පදිංචි වෙයිද?

      ReplyDelete
    22. උනුත් එකයි , මුනුත් එකයි , උන් මුන් ඔක්කොටම චන්දෙ දීපු අපිත් එකයි.

      ReplyDelete
    23. බුවත් සෙල්ෆ් බ්ලොකින්ග් වෙලාද මන්දා..?
      මොකද සද්දයක් නැත්තේ?

      ReplyDelete
    24. @ඇනෝ 1 - කාල වරෙන් කිව්වලු

      @මාලන් - ඒ විතරක් නෙවෙයි සෙල්ෆ් බ්ලොකින් නඩය දක්වාත් කතන්දරය යන්න පුලුවන් ආණ්ඩුවේ ඉන්න මුස්ලිම් ඇමති කෙනෙක් ඔය බ්ලොග්ගෙ කියෙව්වොත්(එහෙම දාකට ඔය මාලන් දාපු උපුටනය සැහෙන්න වැදගත් වෙයි ) , පොඩ්ඩක් විතර කාර්ය බහුල වුනු නිසා තමයි ටිකක් බලාගෙන හිටියේ සද්දයක් නැතුව , තාම සෙල්ෆ් බ්ලොකින් කරගන්න අවශ්‍යතාවයක් ආවෙ නැ , බලමු ඉස්සරහට

      @ඉන්දික - අනිවා

      ReplyDelete
    25. @ඇනෝ2 - මේ කාරණයෙන් විතරක් නෙවෙයි , ගොඩක් දේවල් වලින් අපේ රට යන්නෙ මූලධර්මවාදී අන්තයට තමයි මචෝ

      @ඇනෝ 3 - එකඟයි

      @උදාර - ඔව් ඔව් ආශ්චර්යමත් දේවල්ම නෙ කොහොමත් කරන්නෙ

      @ඇනෝ 4 - සිරාවට , පැරකුම් මහත්තය්ගේ අනාවැකිය හරි ගියා නේ

      @ඇනෝ 5 - නැ , අනික් පැත්තෙන් කඩෙත් යනවනේ ටික ටික . ඒ නිසා සෙල්ෆ් බ්ලොක් වෙන එකක් නැ

      @ඇනෝ 6 - හොඳ අවවාදයක්

      ReplyDelete
    26. මහවෙදනා - බොහොම ස්තුතියි - සාධාරණීකරනය කරපු අයටම ඕවා වෙන කොට තෙරෙයි , අද දිවයින පත්තරේ ත් ඔය වැඩෙ කරල තියන ව , ආරක්ෂක තොරතුරු ලියනවාය කියන බත් බැලයෙක් මරු ලිපියක් ලියල තියෙයි

      @තිසර. ඇනෝ 7 - ඔය වගේ රුවිතෙට කොරන එව්වා දැකලාම දැන් අපිට ගාණකුත් නැ වගේ නේ , හැබැයි කථාව නම් "කියන දේ කරන -කරන දේ කියන "

      @ ඇනෝ8 - ගොසිප්9 නම් වැඩ තාම , මම හිතන්නෙ නැ ඒකෙන් නම් රජයට ලොකු බලපැමක් උනා කියල

      @- ඇත්තටම තාගෝර් කියන්නේ ඉන්දියාවේ තිබුන සාම්ප්‍රදායික අන්තවාදයන්ට විකල්පයක් බලාපොරොත්තු වුනු කෙනෙක් , එතුමාගේ පියා පටන් ගත්ත උපනිෂද් දර්ශනයේ අරමුන වුනෙත් ඒක , අනික් අතින් ගාන්ධිතුමා ඊට විරුද්ධයි , නමුත් මේ දෙන්න සාර්ථක ගමනක් ගියා .

      තාගෝර් තුමා දැකල හරි දාපු ප්‍රතිචාරය ගැන සතුටුයි

      ReplyDelete
    27. කලින් කමෙන්ටුවේ අවසන් පිලිතුර Indi ට

      @ජයශ්‍රි - මෙහෙමයි , අනික් මාධ්‍ය සහ අන්තර්ජාලය අතර ලොකු වෙනස් කමක් තියනව , ලියාපදිංචියක් කරල නිල පිලිගැනීමක් දුන්නත් නිල පිලිගැනීම නැති විකල්ප මතවාද බිහිවෙන එක වලක්වන්න බැ , වාරණය කරන හැටි ඔය පේන්නම තියෙන්නෙ

      @ඇනෝ9 - :D

      @outsider - සැබැවයි

      @චතුරංග - එහෙමවත් කරගෙන ඉම්මු නේ?

      @මය්යා - දාපන් 5ක්

      @

      ReplyDelete
    28. @radical - :D

      @ඔබා - ඇයි ගුගල් මැප් , විකි පිඩියා , ඒවත් රෙගිස්ටර් වෙන්න ඕනි

      @indika - :D

      ReplyDelete
    29. "සෙල්ෆ් බ්ලොක්" වෙච්ච ගොසිප්9 එක ලාංකීය සිතුවිලි වලින් අයින් කරල වගේ. සින්ඩිය බ්ලොක් කරයි කියල අපේ දෙසප්‍රෙමි ** මහත්තය බය උනාද දන්නෙ නෑ

      ReplyDelete
    30. ඔන්න හොටුවාවත් වහනවලු

      http://peramunerala.wordpress.com/2011/11/14/%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%92-we-are-leaving/

      ReplyDelete

    Related Posts Plugin for WordPress, Blogger...