බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! »

  • RSS Feed
  • Twitter
  • Facebook
  • Followers

    Archive

    ලාංකීය සිතුවිලි

    lankeeya sithuwili

    Kottu

    අඹ ගහ යට'

    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

    සිංහල බ්ලොග් කියවනය

    මාතලන් සින්ඩිය

    ලඟකදි ලියපුවා

    Saturday, November 12, 2011

    2018 කොමන් වෙල්ත් ඕස්ට්‍රේලියාවට .... අය්යෝ සල්ලි !!!

    ක්ෂණික ප්‍රතිචාර : 
    ඕස්ට්‍රේලියානුවන් 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය පැවැත්වීමේ අයිතිය දිනා ඇත . ඔවුන් ඡන්ද 43ක් ලබත්දි ශ්‍රි ලංකාව ලබා ඇත්තේ 27ක් පමණි .  යථාර්තය තේරුම් නොගෙන සිහින මැවීමෙන් සහ රටේ මිනිසුන් මෙන් විදේශිකයින්ද ගොනාට ඇන්දවිය හැකියයි සිතා ගත් නිසා තවත් බිලියන ගණනක් රටට අහිවිව ඇත . නාමල් රාජපක්ෂ , මුරලි දරන් , අනර්කලි ඇතුලු කණ්ඩායමට හිස් අතින් ශ්‍රි ලංකාවට පැමින කොමන් වෙලත් වෙනුවට වෙනත් සිහිනයක් දැකීමට සිදුවනු ඇත

    මේ උත්සවය ශ්‍රි ලංකාවට ලැබුනා නම් එය රටක් වශයෙන් ලබනා ජයග්‍රහනයක් බැව් සැකයක් නැත , නමුත් ප්‍රයෝගික තලයේ ඉටු කරගත නොහැකි දෙයක් වෙනුවෙන්  කෝටි ගණනින් මුදල් නාස්ති කිරීමට තරම් ප්‍රමුඛතාවයක් පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟවලියට නැත .

    මේ සිද්ධියේ මුලින්ම පරහට සිටි කාරණාව වන්නේ 2010 තරඟාවලියයි(ආදරණීය ලොකු අය්යායි )  . ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වූ එම තරඟාවලි සංවිධායක කමිටුවේ දූෂණ ක්‍රියා නිසා ගැටලු රාශියක් මතුවූ අතර සාමාජික රටවලින් ප්‍රභල විවේචනයන්ද එල්ල විනි . මේ පිලිබඳ දිගට හරහට රජයට පහර ගැසූ ඉන්දියානු මාධ්‍ය(ඔව් ලංකාවේ බැරි උනාට ඉන්දියාවේ රජය ,මාධ්‍ය වලින් විවේචනය කරනව ) "Commonwealth Shame " ලෙස හැඳින්වූ මෙම සිදුවීමත් සම්ඟ තවත් දකුණු ආසියාතික රටකට ඡන්දය භාවිතා කිරිමේ සම්භාවිතාව සැහෙන්න අඩුවූ බව ශ්‍රි ලංකාව විසින් තේරුම් ගත යුතුව තිබිණි , ලෝකයේ දිදුලන ආර්ථික වර්ධනයක් අත්කරගත් රටක් වූ ඉන්දියාව විසින් අල කර ගත් කාර්යයක් දකුණු ආසියාවේ වෙනත් රටක් විසින් සාර්ථක කරගනිවි යැයි සමාජික රටවල් නොසිතනා බැව්  තේරුම් ගත යුතුව තිබිනි ..


    ඕස්ට්‍රෙලියාවේ ගොල්ඩ් කෝස්ට්  තරඟවලිය පැවැත්වීමට අවශ්‍ය කරන මූලික පහසු කම් වලින් 80%ක් පමන අත්පත් කරගත් නගරයක් වෙත්දි හම්බන්තොට සිටියේ  සම්පූර්නයෙන්ම ඉදි කල යුතු තත්වයෙනි . ගෝල්ඩ් කෝස්ට් වලදී ඇහැට දකින්නට ඇති දේ වෙනුවට ශ්‍රි ලංකාවේ තිබුනේ සැලැස්මවල් හා නාමල් රාජපක්ෂ මහතාගෙ පොරොන්දු පමණි . එවන් තත්වයක් තුල හම්බන්තොට ගෝල්ඩ් කෝස්ට් පරයා ජයගනිවි යැයි සිතුවේ ඇයි ?. හම්බන්තොට ට වඩා ගව් ගානක් ඉදිරියෙන් සිටිනා නව දිල්ලියත්  ඉදිකිරීම් වලදි අනාගත් කොට (පාලමක් කඩා වැටුනු බවක් පවා මතකය )  හම්බන්තොට මුලු මනින්ම ඉදිකිරීම සාර්ථක වේ යැයි අදාල නියෝජිතයන් විශ්වාස කරාවිද .

     ශ්‍රි ලංකාව පිලිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපයද සුභදායි නොවන තත්වයක පැවැතීමත් මේ සඳහා බල පැ හැකි බව තේරුම් ගත යුතුව තිබිනි . කෙසේ හෝ මේ කිසිවක් ගැන නොසලකා  ප්‍රායොගික නොවන සිහිනයක් වෙන්වෙන් ශ්‍රි ලංකාව වෙහෙසුන අතර ,  සමාජික රටවල ඡන්දය ලබා ගැනීම සඳහා කලේ සුපුරුදු ඇන්දීමේ ක්‍රියාවලියයි , එය ලංකාවට මිසක ජාත්‍යන්තරයට නොගැලපෙන බැව් නැවතත් සනාථ වී ඇත

    ප්‍රයෝගිකව ඉටු කරගත නොහැකි සිහින වෙනුවෙන් ජනතා මුදල් නාස්ති කිරීමට ප්‍රථමයෙන් දෙවරක් නොව දහ වරක්ම් හෝ කල්පනා කල යුතුබව ශ්‍රි ලංකා රජය විසින් තේරුම් ගත යුතුව ඇත

     හැකියාවක් තිබුනේ නම් 2022 තරඟා වලිය වෙනුවෙන් සටන් කලා නම් මීට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න ට හැකියාව තිබුනි . ඒ වන 2010 ඉන්දියාවේ නා ගැනීම යම් තාක්දුරට යටපත් වී  තිබෙනු ඇති අතර , සාර්ථක පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුවක් පවත්වා සමාජික රටවල දුර්මතද නැති කර දැමීමට හැකිවනු ඇත . හමබන්තොට නගරයේ යටි තල පහසුකම් සංවර්ධනයේ දැවැන්ත  වර්ධනයක් කර සමුලුවට එන නායකයින්ට මෙන්ම 2014න් පසු පැවැත්වෙන ඡන්ද විමසීමේ නියෝජිතයින්ටද ඉදිරිපත් කර විශ්වාසය  දිනා ගත හැක . මෙයත් එතරම් පහසු ඉලක්කයක් නොවුනත් 2018ට වඩා නම් ප්‍රායොගිකය , වාර්ථා පලවෙන අන්දමට ශ්‍රි ලංකාව මේ වෙනුවෙන් බිලියන 2කට වඩා වියදම් කර ඇත . අයියෝ....සල්ලි !

    24 comments:

    1. ආශ්චර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්යයයයය.............

      ReplyDelete
    2. බිලියන් 265ක්??? අපිව බේරගත්තට ඔස්ට්‍රේලියාවට ස්තූති වේවා....

      ReplyDelete
    3. ඇති යන්තන් ලංකාව බේරුනා !!!
      අපේ උන්දැලත් ඉතින් සෝබනේට ඕකට කරගන්න ගියානේ. අම්මෝ වියදම මතක් වෙනකොටත් ඇඟ රත් වෙනවා

      ReplyDelete
    4. ඇත්තටම ලොකු අවස්ථාවක් මඟ ඇරුනා ......

      ReplyDelete
    5. සල්ලි ගැන නම් ප්‍රශ්නයක් නැහැ. මජනතාවගේ සල්ලි නොවැ. අනේ ඒ වගේද අර තරුණ නාමල් මහත්තයාගේ ප්‍රතිරූපෙ. අයියෝ වෙච්ච දෙයක්. බබීත් සුන්. බබීගේ .... කියලා වැඩ්ක් නැහැ. කලොත් මරාල වැඩක්. මෙහෙව් ජනතාවක් වෙන කොහේද අප්පා ඉන්නේ?/
      අවස්ථාව ලැබුනා නම් මමත් සතුටුයි. හැබැයි මේ වගේ දේකට තාම අපිට කල් වැඩියි.

      ReplyDelete
    6. මෙය ආරම්භයේ පටන්ම පැරදුනු තරගයකි. වැරදිලා හෝ ලැබෙතැයි කියා සුළු බියක්ද තිබුණි. 2018 නොව 2022 ද එසේමය. එසේම මෙවැනි දෙයකට දැනට (ලෝක ආර්ථිකය ගැන බලන විට) අත ගැසීම අනතුරුදායකය. වියදම ගැන කියනවානම් මෙවැනි දෙයකට (actual event) යන්නට තිබු වියදම සාපේක්ෂව සුළු දෙයකි.
      අයහපත් ප්සිධියක් කියා දෙයක් නැති නිසා අඩුම ගන්නේ මෙයින් රටේ නම ප්‍රසිද්ධ වනවා කියා හිත හදා ගන්නවා මිස කරන්නට දෙයක් නැත.කල වියදමට වාසියක් ලැබේදැයි දැන්ම කිව නොහැක.

      මෙවැනි දේට ආණ්ඩුවට බලපෑම් කරන්නට සුදුසු ජනතා සංවිධාන නැති වීම කණගාටුවට කරුණකි. ලංකාවේ තිබෙන ඒවා වැඩිහරියක්, ආණ්ඩුව කරන සියලු දේට විරුද්ධ වන විපක්ෂයක් (උදා: කොම්යුනිස්ට් වාදී JVP ය පසුගිය දේපල පවර ගැනීමේ පනතටද විරුද්ධ විය) හා එයට ගෑවුණු පුද්ගලයන් සැහෙන තරමට මැදහත් වෙන ඒවාය. උදා: JVP දුෂණ විරෝධී සංවිධානය (public face එක සරත් N . සිල්වාය ), දුෂණයට විරුද්ධව හඩ නන්වවමින් සිටි lawyer (දුෂණ විමසුම -corruption watch) කෙනෙකු ටික කාලෙකින් UNP යෙන් චන්දය ඉල්ලුවේය. මෙවැනි ඒවා තුලින් මැදහත් හා ආණ්ඩුවට පක්ෂ නමුත් දුෂණයට විරුද්ධ ජනතාවගේ සහයෝගය මේවාට ලබා ගැනීමට ඇති ඉඩ තවත් අඩු වේ. කණගාටුවට කරුණ වන්නේ ආණ්ඩුවට බලපෑම් කිරීමට අවශ්‍යම පිරිස ඔවුන් වීමය.

      මගේ කතාව

      ReplyDelete
    7. අයියෝ සල්ලි තමයි ඉතින් කියන්න වෙන්නේ..අද රෑට නිව්ස් වලට කියන්න පුළුවන් දේවල් ටිකක්,

      1. " ඉතාමත් තියුණු තරගයකින් පසු ශ්‍රීලංකාවට මේ අවස්ථාව අහිමි උනා කියලා"
      2. " දෙමල ඩයස්පෝරාව තමයි මේක පිටිපස සිටියේ "
      3. " අපි පැරදුනේ නැහැ, අපි 2022 තරග කරනවා "

      ReplyDelete
    8. අම්මෝ ලොකු දෙයක්.....

      ReplyDelete
    9. ගඟට ඉනි කැපුවා මෙන් නැතිවී යාමට තිබූ අපේ දල ජාතික ආදායමින් හතරෙන් එකක් පමණ මුදලක් බේරා දුන්නාට ඔස්ට්‍රේලියාව හා අනෙක් රටවල් 43ට මම ද ප්‍රණාමය පුදකරමි.

      ReplyDelete
    10. සල්ලිත් නෑ... සනීපත් නෑ...

      මහින්ද අබේසුන්දර හා (ප)රාළ තව නොබෝ දිනකින් මෙය පට්ට විදිහට විග්‍රහ කරනු ඇත. එතෙක් අප බලා සිටිමු.

      ReplyDelete
    11. මේක පිටිපස්සේ මොකක් හරි ජත්‍යන්තර කුමන්ත්‍රනයක් තියනවා..!

      ReplyDelete
    12. එහෙම තමයි ඩෝ කැසිනෝ ගහනකොට. දින්න නම් ගොඩනේ.

      @ තිසර, මේඝවර්ණ
      දැන්මම දුන්නා නියම විග්‍රහයක් රූපවාහිණී නිව්ස් වල. දැන් ඒ රටවල් ඔක්කොම මේ උළෙල රටවල් 4 ක් අතරේ පමණක් මාරූවීම පිළිබඳව මාධ්‍යවේදියෝ ප්‍රශ්න කරනවලු. හෙන කළබලලු ඒ කොදෙව් දූපතේ. කැත වැඩ ඩෝ. කී දෙනෙක් ගොඩ යනවද.. උඹලා ඒ නිව්ස් ඇහුවනම් හිනා වෙලා මැරෙනවා..

      ReplyDelete
    13. ඔබගේ අදහස හරියට හරි. සීග්‍රයෙන් දියුණු වන රටක් වන ඉන්දියාවටත් මේ මගුල කරන්න ගිහිල්ලා නා ගත්තා. එකෙන් උනේ ඔවුන් ගැන ලෝකයා තුල තිබුන ප්‍රතිරූපය සම්පුර්ණයෙන් විනාශ වීමයි. ඉන්දියාවට කරගන්න බැරි උන වැඩේ අපේ නාමල් වගේ ලාමක ටින් ටින් කෙනෙකුට කරන්න පුළුවන් කියලා හිතන එක විහිළුවක්. හදිසියේ මේක ලැබුනා නම් වෙන්න තිබුන විනාශය හිතා ගන්න අමාරුයි. මා කියන්නේ මුදල් විතරක් නෙමේ.

      ReplyDelete
    14. @පන්සල් හංදිය,

      හොඳ වෙලාවට මඟ හැරුණේ.

      @බුවා: හොඳ ලිපියක් මචන්.

      අපිට දැනට නිකන් අහිමි වෙලා තියෙනවා රුපියල් බිලියන දෙකක් [රුපියල් දාහේ කොළ දෙමිලියනයක්, එහෙමත් නැතිනම් මිලියන දෙදාහක්].

      කාගේ සල්ලිද මේ..? ශික් මචන්.

      හයියෝ සල්ලි තමයි ඉතින්.

      1 Million: 1,000,000
      1 Billion: 1,000,000,000

      ReplyDelete
    15. ආසියාවේ අශ්චර්වය කියන්නේ ඕකනේ බන්.. බිලියන දෙකක් කියන්නේ රජතුමා ටොපි කන සල්ලිනෙ.. හරිම මහන්සියෙන් එතුමා ඌව නයට ගන්නේ.. ඊ නිසා ඊවට මුකුත් කියන්න එපා. ලෝලී ලොල්...

      ReplyDelete
    16. වටිනා විග්‍රහයක්, ඔබට ස්තුතියි

      ReplyDelete
    17. ක්‍රිකට් බෙදන්න රටවල් අඩු හින්ද දෙපාරක් විතර බෙදල දුන්න හින්ද මේකෙත් කෑල්ලක් වත් ලැබෙයි කියල හිතුවද දන්නැහැ...

      ReplyDelete
    18. අයියෝ....සල්ලි !

      දන්නේ නැති හින්දා අහන්නේ.දැන් ඔක තියනවට ඒ රටට සල්ලි දෙනවද ?. නැත්තන් අතින් කාලා හරක් බලන්න ඕනද?

      ReplyDelete
    19. //මේ උත්සවය ශ්‍රි ලංකාවට ලැබුනා නම් එය රටක් වශයෙන් ලබනා ජයග්‍රහනයක් බැව් සැකයක් නැත//
      ඉනේ සයිස් එක තව අගල් දෙක තුනක් අඩු කරගන්න මම නං කැමති නෑ.

      ReplyDelete
    20. prasanna , ano , මධුරංග - :D

      පන්සල් හංදිය - ලොකු අවස්ථාවක් හරියට කෙරෙන රටකට නිසි වෙලාවට මේ නිසි වෙලාව නොවේ

      මහ වෙදනා - එකඟයි

      මගේ කථාව - විග්‍රයට ස්තුතියි

      Chammaa,උදාර, ජයශ්‍රි, තිසර, Megawarna,මාතලන් - :D
      -

      ReplyDelete
    21. රයිගම, මාලන්,ADK,oba, - :D

      ano - welcome !

      රාජ් - මමත් කැමති නැ , මම අදහස් කලේ රටකට ඔය වගෙ දෙයක් ලැබෙන එක් හොඳයි (හරියට කරන රටකට ) ලංකාවට මේ වෙලාවේ නෙවෙයි

      කේ.සී - ආදයම් හොයන්න ක්‍රම තියෙයි , ඒත් අපේ අය ඕක කරන්නෙ අතින් කාල හරක් බලන ටයිප් එකෙන් , ඇත්තටම කිව්වොත් චීනෙන් ණයට අරන් හරක් බැලීම

      @all - සියලු දෙනාමට ස්තුතියි ප්‍රතිචාරයක් සටහන් කිරීම වෙනුවෙන් කාලය වැය කලාට

      ReplyDelete
    22. අයියෝ බිලියන 2 කනේ... චූටි බේබිගේ අතින් පයින් යනවය... මහ ජනතාව ගෙවනවනේ ඕක...

      නිමල් මහත්තය නම් පහුගිය කාලේ දවසට දෙකට හෙව්වා ඔය ගාන...

      ReplyDelete
    23. සැබෑ ප්‍රශ්න යට ගහන්න වෙන කාපට් එකක් හොයගන්න වෙනව.

      ReplyDelete

    Related Posts Plugin for WordPress, Blogger...