Skip to main content

ෆොන්සේකා මහතාගේ නිදහස ...

සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාදීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇතැයි මාධ්‍ය වාර්ථා පලවී ඇත . ෆොන්සේකා මහත්මිය සහ ටිරාන් අලස් මන්ත්‍රිවරයාට අනුව ඒ සඳහා කිසිදු කොන්දේසියක් රජය පාර්ශවයෙන් ඉදිරිපත්වී ද   නොමැත . ෆොන්සේකා මහතාගේ දේශපාලනය සමඟින් එකඟතාවයක් නොමැති එහෙත් රටට මහඟු සේවයක් කල මිනිසෙක් සිර දඬුවම් විඳීම පිලිබඳව කණගාටුවෙන් පසුවූවන් පවා  ෆොන්සේකා මහතාගේ දේශපාලනික අනුගාමිකයින් තරමටම සතුටු වනවා නිසැකය


. සොරුන් මිනිමරුවන් දූෂකයින් නිදහසේ සැරිසරනා සමාජ වටපිටාවක ෆොන්සේකා පමණක් සිරගත කොට තැබීමෙ අසාධරණය අවසන් වීම නිමිත්තෙන් සතුට පලකීරිමක් ලෙස මෙසේ කෙටියෙන් හෝ යමක් සටහන් කල යුතුව ඇත

ෆොන්සේකා මහතා නිදහස කිරීම පිටුපස ක්‍රියාත්මක වන දේශපාලනික ක්‍රියාදාමයන් පිලිබඳ නොයෙක් ආකාරයේ විවිරණ ඇතත් මේ මොහොතේ ඒ පිලිබඳ අදහස් දක්වීමට  වඩා නිහඬ නිරීක්ෂනය වඩා උචිතය . එනිසා ෆොන්සේකා නිදහස් කිරීම එහි  දේශපාලනික වටපිටාවෙන් ස්වායක්තව සලකා ජනපතිවරයාට හා ටිරාන් අලස් මන්ත්‍රිවරයාට ස්තුතියක් පුද කිරීමේ හැකියාවක්ද නැතුවා නොවේ !

Comments

  1. // සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාදීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇතැයි මාධ්‍ය වාර්ථා පලවී ඇත //
    මටත් ඇහුණ දැන් ඕක ටීවී එකෙත් කියනව. මම දන්න හැටියට සිරකරුවෙක් නිදහස් කරන්න කැබිනට් අනුමැතිය අවශ්‍ය නෑ. ඒක තීරණය කිරීමේ අයිතිය ව්‍යවස්ථාවෙන්ම ජනාධිපතිවරයට පවරල තියනව. මම දන්නෙ නෑ ජනාධිපතිතුමා ඇයි එයාගෙම බලතල මෙහෙම හෑල්ලුවට ලක්කරන්නෙ කියල. (මේ වගේ මාධ්‍ය සංදර්ශන පවත්වන්න කලින් ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙනව නම් හොඳයි කියලයි මට නම් හිතෙන්නෙ)
    කොහොම උනත් මම නම් කැමති හැමෝම සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ සිටින සමාජයකට. දේශපාලනමය මතවාද එතනට අදාල නෑ. කොහොම උනත් ප්‍රමාද වෙල හරි ගතිපු හොඳ තීරණයක්.

    ReplyDelete
    Replies
    1. මම දන්න විදියට ජනාධිපතිවරයට බලය තියෙන්නේ අධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා සිරගතව ඉන්න කෙනෙක් නිදහස් කරන්න මිසක් රිමාන්ඩ් හිරකරුවෙකු නිදහස් කරන්න නෙමෙයි.

      Delete
    2. "සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාදීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇතැයි මාධ්‍ය වාර්ථා පලවී ඇත"
      කැබිනට් අනුමැතිය ඕන නෑ තමයි. මෙතනදි කැබිනට් එකේ සම්බන්ධයක් ඇත්තෙම නෑ. ඒත් ජනාධිපතිතුමාට මේ වෙලාවෙදි ඕන කරන්නෙ මේ තීරණය සාමූහිකට ගත් එකක් බව පෙන්වන්න. කැබිනට් තීරණ ගැන සබිත්ගෙ පෝස්ටුවකට වෙදගෙදර මහ වෙදනගෙ කොමෙන්ටුව තමයි මේ. ඊට වඩා කියන්න දෙයක් නෑ.

      //මේක මම ඇහුවේ පාර්ලිමේන්තුවෙම වැඩ කරන කෙනෙක්ගෙන්. මිනිහ කියනවා, ඉස්සර ජේ. ආර්. පප්පාගේ කාලේ කැබිනට් මීටිමකට එනකොට පප්පා එනවලු 10 තියන මීටිමට උදේ 8 - 8.30 වෙත්දි. ඇවිත් පාඩුවේ පොතක් බල බලා ඉන්නවලු. අනිත් අය ලලිත් ගාමිණී හැමෝම කලින්ම ඇවිත් සටහන් හදනවලු, පොත් බලනවලු. යමරෙට වැඩ.

      ඔන්න ප්‍රේමදාස ලොක්කගේ කාලේ හරියට 10 ලොක්ක එනවලු. එතකොට කට්ටියම ඇවිත් බලාන ඉන්නවලු. එකෙක් හරි පරක්කු උනොත් පයින් පාර තමයිලු.

      නෝනාගේ කාලේදි 10 මීටිමට නෝනා එනවලු 12ට අනිත් කට්ටිය එනකොට මීටිම ඉවරලු.

      දැන් කට්ටිය ඇවිත් යෝජනා සම්මත කිරීම ආදියට අත්සන් කරලා යනවලු. ඔහොමලු මෙහෙමලු අනේ මන්ද මම නම් දන්නේ නැහැ. කෙනෙක් තමයි කිව්වේ.//

      ප.ලි- වෙලාවට ෆොන්සේක එලියට දානව කියන නිව්ස්එක ආවෙ. නැත්නම් බුවත් ලේසියට පෝස්ටුවක් දාන්නෙ නෑ. :-)

      Delete
    3. @ Ran,
      අනේ ඔයා හරි ෂෝක්නේ. මටනම් හිතෙන්නෙ ඕකට කියන නියම නම තක්කඩිකම. ඔයා ලංකාවෙද අනේ පහුගිය කාලෙ හිටියෙ. ඇහින් දුටු සාක්‍ෂි තියෙද්දි මිනීමැරුම් නඩු අයින්කරගත්තෙ කැබිනට් අනුමැතියෙන් ද? අර සමහරුන්ට තිබුණු නඩුවෙ තීන්දුව දෙන්නත් කලින් උසාවියෙ නඩුව අහද්දිම නිදහස් කිරීමේ නිවේදන නිකුත් කරල කියල පත්තරවල තිබුණෙ. අපේ රටේ ජනාධිපතිතුමාට උවමනාවක් තියනවනම් ලංකාවෙ ඇතුලෙ කරන්න බැරි වැඩක් තියනව ද? ෆොන්සේකට යුද්ධාධිකරණයෙන් ලැබුණු දඬුවම ඉවරවෙනකම්ම හිටියනේ එයාව නිදහස් කරන්න කැබිනට් අනුමැතිය ඉල්ලන්න. මම හිතන්නෙ දැන් තියෙන චෝදනාව ඇප දෙන්න බැරි වැරැද්දක් නෙවෙයි. කොහොමටත් එයාට උසාවියෙන් ඇප ලැබෙන්නත් තිබුණ. ඔයා මෙතන පස්ස එළියෙ දාගෙන මොණර නැටුම් නටුවෙ නැතුවට කමක් නෑ.

      Delete
    4. @DDT
      අනේ බං මම කිව්වේ නීති පොත්වල තියන හැටි. SF ගේ කේස් ඒක මුල ඉඳලම ගොතපු බොරුවක් බව ඕන මෝඩයෙක්ට තේරෙනවා. ඔයා වලිගෙ පාග ගත්තට මට කරන්න දෙයක් නෑ.

      Delete
    5. @Ran,
      හරි මචං, නීති පොතේ එහෙම තියෙන බව ඇත්ත. (ඒත් අද රටේ හැමෝටම තියන ප්‍රශ්නෙ ඒ නීති පොතේ තියන ඒව ඒ විදියට ක්‍රියාත්මක වෙන්නෙ නැති එක. මහ දවල් ප්‍රසිද්ධියෙ නීතියෙ කන්‍යාව ගණිකා වෘත්තියේ යොදවනව) මම කතා කරන්නෙ මේ සිදුවීම් වෙච්ච අනුපිළිවෙල නිසා මට ඇතිවුණු ප්‍රශ්නයක් ගැන. මම වලිගෙ පාග ගත්තෙ නෑ බං, රටේ තත්ත්වෙ ගැන කතාකරන සිහි බුද්ධිය තියෙන හැම මිනිහම නිකම්ම වේගවත් වෙනව. මම SF වාදියෙක්වත් MR වාදියෙක්වත් නෙවි. රටේ නීතිය යහ පාලනය ක්‍රියාත්මකවෙනව දකින්න කැමති තවත් එක් පුරවැසියෙක් විතරයි. මම මුලින් කිව්ව දේ ඔයා හරියට තේරුම් අරගෙන නෑ. ජනාධිපතිවරයට සිරකරුවන් නිදහස් කරන්න කාගෙන්වත් අදහස් විමසීමක් අනුමැතියක් ලබා ගත යුතු නෑ. ජනාධිපතිතුමා තමන්ට තිබුණු අවස්ථාව වසර දෙකක් පුරාවට මඟ හැරල දැන් වෙනත් අයගෙන් අවසර ඉල්ලනව, තමන්ට කලින් තනිව ගතහැකිව තිබුණු තීරණය ක්‍රියාත්මක කරන්න. (දැන්ය කියල ඉතින් කැබිනට් අනුමැතියක් නැතිව ඔය වැඩේ කළත් කවුරුවත් නීති විරෝධියි කියල ඒකට විරුද්ධ වෙන්නෙ නෑ. එතුමගෙ තීරණේකට විරුද්ධ වුනොත් ඉතින් ඌට අබ සරණයි.. :D) මාධ්‍යයත් ඒ නිව්ස් එක මෙහෙම උඩ දානකොට ඕන කෙනෙක්ට හිතෙනවනේ මෙතන ජනාධිපති බලතල පාව දීල කියල. මම කිව්වෙ ඒ ගැන. කොහොමටත් දැන් SF ට ඇප ලැබිල. සුදු කොඩි නඩුවෙ තීරණයට විරුද්ධව ඇපිල් කරල තියන නිසා ඒක විභාග වෙනතුරු ඔහුට ඒ නඩුවෙනුත් ඇප ලැබෙයි. ඔහුට කොහොමටත් ඇප පිට නිදහස් වෙන්න පුළුවන්වෙයි.

      Delete
    6. @DDT
      මචන් DDT, ඔය නම වෙනස් කරලා 'පුන්නක්කු' කියල නම දාගෙන ප්‍රොෆයිල් පික්ච එකට 'පුන්නක්කු බාල්දියක්' දාගත්තනම් හොඳ නැද්ද?

      Delete
    7. වරදකුත් නෑ බං, අද රටේ ඉන්න සම-හරක්ගෙ හැටියට ඒකත් හොඳ වැඩි. ඒ වුණාට බං මට ප්‍රොෆයිල් එකක් කියල මොකක් හරි බඩකඩුත්තුවක් තියනව නේ. උඹ ඇනෝ ඇවිත් අනුන්ට ප්‍රොෆයිල් හදන්න උපදෙස් දෙන්න කලින් නරකද උඹටම ඔය ප්‍රොෆයිල් එක හදාගත්තනම්.

      Delete
    8. මම කියන්න උත්සාහ කළේ ජනාධිපතිවරය තනතුර දරමින්ම ජනාධිපති තනතුරත් එහි බලතලත් හෑල්ලුවට ලක්කරනව කියල විතරයි. අනෙක් කාරණා නිකන්ම වැල් වටාරම්. ඒ සරල කාරණයවත් තේරුම් ගන්නෙ නැතුව දිගින් දිගටම වාද කරන එක වැඩක් නෑ ....

      Delete
  2. සරත් ෆොන්සේකා මහත්මය නිදහස් වෙනවට කැමතී... ඒ වුනාට දේශපාලනයට ආපු ක්‍රමය ගැන සතුටු නෑ...

    ReplyDelete
  3. මම නම් අපේ ගෙදර රතිඤ්ඤා ස්ටොක් කලා හදිස්සියට කඩේට දුවන්න බැහැ නොවැ.. නිව්ස් එක ආපු හැටියෙ පත්තු කරන්න ඕනේ...

    හැමෝම කියන්නෙ එතුම දේශපාලනය නොකර හිටිය නම් ‍හොදයි ඒක නිසා තමා විනාස වුනේ කියල. ඒ කියන්නේ හොද මිනිහෙක්ට කවදාවත් දේශපාලනේ කරන්න බැහැ කියන මතේ රටම ඉන්නේ.. එහෙව් එවුන් එහෙම හිතන තෙක් රට හදනු බැරිය.

    එතුමාට ජය !

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නෙ දේශපාලනය කරපු එකට වඩා ලංකරගත්තු මිනිස්සුයි, දේශපාලනයට ආපු ක්‍රමයයි හින්ද විනාස වුනා කියල... හොඳ මිනිහෙක්ට දේශපාලනය කරන්න බැරිද කියන එක වෙනම මාතෘකාවක්...

      Delete
    2. දැන් ඔබතුමා හිතනවද මහින්ද ලංකරගත්තු මිනිස්සු හොදයි කියල?
      මට හිතාගන්න බැරි ෆොන්සේකා මහතා වැරදි කියන අය ඊටත් වඩා ගව්ගානක් ඉස්ස‍්රහින් ඉදන් එළිපිට හොරකම් ක‍රන හොරු රැලක් එක්ක ඉන්න මහින්ද වැරදි කියන්නෙ නැත්තෙ මොකද කියල.

      Delete
    3. අනේ සෑම් කොල්ලෝ මේ රටේ සියට අනුවක් විතර උඹ වගේමයි. මහින්ද මාමා ආපු වෙලේ රතිඤ්ඤා දල කිරිබත් කාපු උන් දැන් පලු යන්න බනිනවා අපි නිදහස ලැබූ දවසේ ඉඳන් කොලේ එනකොට රතිඤ්ඤා දන එකයි යනකොට රතිඤ්ඤා දාපු එකයි තමයි.

      Delete
    4. @මලිත්: කලින් දාපු කමෙන්ට් එක මොකක්ද වෙලා... මම කියන්නෙ නෑ මහින්ද ලංකරගත්තු උදවිය හොඳයි කියලවත්, මහින්ද හොඳයි කියලවත්...

      එත් SF දේශපාලනයට එනකොට මහින්ද හොඳට දේශපාලනෙන් තෙම්පරාදුවෙලා හිටියෙ... SF දේශපාලනය ගැන දැනුමක් නෑ කියන එක එයත් එක්ක හිටපු උදවියම පහුගිය කාලෙ කිව්ව... එහෙම තියෙද්දි මහින්ද වගේ කෙනෙක් එක්ක තරගෙට එනකොට වැරදි මිනිස්සු ලංකරගැනීම කියන්නෙ බරපතල වැරද්දක්...

      සරලව ගත්තොත් මහින්ද සහ SF වැරදි මිනිස්සු ලංකරගැනීම දෙන්නට බලපාන විදිහ මම දකින්නෙ මේ විදිහට... හිතපන් නවත්තල තියෙන බයික් එකක් ගමන පටන්ගන්න හදනව කියල... ෆස්ට් ජියර් එකට දාල හරියට ක්ලච් එක නොදුන්නොත් මොකද වෙන්නෙ... අනිව එන්ජිම හිටිනව... ඒත් ග‍මනෙ තියෙන බයික් එකක ක්ලච් එක හරියට නොදුන්න කියල එන්ජිම නතරවෙන්නෙ නෑ... ටිකක් ගැස්සෙයි, ස්ලෝ වෙයි... හැබැයි ගමන යනව...

      Delete
  4. ෆොන්සේකා සිරගත කිරීම හා නිදහස් කිරීම කියන දේශපාලන ව්‍යපෘති දෙකම, මකියාවෙල්ලි හරියට කියවපු කෙනෙකුගේ සාර්ථක අත්හදා බැලීම් මිසෙක අන් යමක් නොවෙයි.

    ReplyDelete
  5. එතුමා දේශපාලනයට ඇවිත් නමේ කක්කා ගාගත්තේ එතුමාගේ වැරැද්දෙන් නෙමේ ඒක මේ රටේ ක්‍රමයයි.

    ReplyDelete
  6. ෆොන්සේකා මහතා හිරෙන් නිදහස් වීම ගැන සතුටු වන මුත් හිරේ සිටි ෆොන්සේකා නිදහස් වන ෆොන්සේකාට වඩා බලවත් බව කිව යුතුය.මේ රටේ ජනතාවට විපක්ෂයක් රටේ ඇති බව යන්තමින් හෝ දැනුනේ ෆොන්සේකා උසාවියේදී දෙන විනාඩි දෙක තුනේ වොයිස් කට් එක නිසාය.දේශපාලන වේදිකාවේ සින්දු කියා ෆන් දෙන දයාසිරි සජිත් ආදී ලපයි සිපයි මෙන්ම විපක්ෂ මතවාදයක් මාකට් කර ගන්න බැරි රනිල්ලා නිසා රටේ විපක්ෂයක් නැතැයි සිතු ජනතාවට ෆොන්සේකා වචනයෙන් හෝ තනි මිනිහෙකුගේ විපක්ෂය විය.ඔහු හිරෙන් නිදහස් වන්නේ තවත් එක දේශපාලන කපටි සුත්තරයක ප්‍රතිපලයක් ලෙසිනි.මෙතෙක් දේශපාලන නායකයෙකු ලෙස ඔහු ආ ගමන අසාර්ථකය ඉදිරිය කොහොම වෙයි දැයි බලා සිටිමු.කොහොම වෙතත් දේශපාලන සිරකරු ෆොන්සේකාගෙන් එල්ල වූ තර්ජනය තරම් බලපෑමක් නිදහස් වන ෆොන්සේකාගෙන් තමන්ට නැතිබව ආණ්ඩුව දනී.

    ReplyDelete
  7. අපේ රටේ වෙන දේ ගැන අදහස් කියන්න හදිසි වෙන්න හොඳ නැහැ.. පෙනෙන පැත්තයි නොපෙනෙන පැත්තයි.. බුවා හරි.. ඒ උනත් මට නම් බොහොම සතුටුයි..

    ReplyDelete
  8. සුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!!

    ReplyDelete
  9. ෆොන්සේකා නිදහස් විය යුතුමයි.ඒතක් වාදයක් නෑ.ඒත් මගේ අදහසනම් ඔහු නිදහස් විය යුත්තේ චෝදනා වලට නිවැරදිකරු බව අධිකරණයේ දී ඔප්පු වී මිසක් නිකං අනුකම්පාවට නොවේ ය යන්නයි.

    ReplyDelete
  10. බුවා ගන්න තීරන බොහෝ විට මගේ තීරනත් එක්ක පෑහිලා තියනවා. මෙතනදීත් ඒක ඒ විදියටම වෙලා තියනවා. ඔබ සඳහන් කරන සියළුම කරුණු මම එක හෙලාම අනුමත කරන අතර කමෙන්ට් කීපයක් ගැණද පොඩි අදහසක් කියන්න ඕනෙ.

    ඩී. ඩී. ටී. හරියටම හරි. ලංකාවේ නීතියට අනුව කැබිනට් එක ඕක අනුමත නොකළත් ජනාධිපතිතුමාට ඒ බලය තියනවා. එතුමාට සිතූ සේ තීරනය කළ හැකියි.

    රන් කියන දේත් හරි. වැරදි කරුවෙක් මිසක සැකකරුවෙක් නිදහස් කිරීම අනේ මන්ද? එහෙම දෙයක් කොහෙද තියන්නේ. මෙතැනදි ජනරාල් වරද කරුවෙක් නෙමෙයි තව දුරට. එතුමා ඒ දඩුවම ගෙවා ඉවරයි. දැන් අනිත් නඩුවල සැකකරුවෙක් විතරයි. එතකොට කොහොමද නිදහස දෙන්නේ ඇපදෙනවා විනා. හැබැයි අර දෙවන නඩුවට ඇප ගෙන නිදහස් වෙන්න පුළුවන්. ඒ වුවත් ඒක තාම අධිකරන ක්‍රියාවලියක් තුල නිසා ජනාධිපතිවරයෙක්ට කළ හැකි යමක් නැහැ එතැන.

    යමෙක්ට තමන් කැමති පරිදි දේශපාලනයේ යෙදීමට මේ නිදහස් රටේ අයිතියක් තිබෙනවා. ඒකට ප්‍රවිශ්ටය ගන්න ඕනෙ ඒ අදාල කෙනාමයි. අනික තම කන්ඩායම තෝරා ගත යුත්තේත් ඒ කෙනාමයි. ඒකට කාටවත් යමක් කිව නොහැකියි.

    නමුත් එකක් කිව යුතුයි. අන්තිමට මේ හැම දේම තීරණය කළ යුත්තේ මේ රටේ ජහමනයායි.

    මගේ පැතුම ජහමනයාට මහජනයා වීමට ලැබේවා. ඔබගේ පරම මුක්තිය රැක ගැනීමට සිහිය නුවණ ලැබේවා.

    කමෙන්ට් එක දිග වුනාට සමා වෙන්න.

    මටත් හරිම සතුටුයි!!

    ReplyDelete
  11. මටනම් බරපතල තර්ක විතර්ක නැහැ.එතුමාගේ නිදහස් වීම මට ලොකුම සතුටක්.ඒවෙනුවෙන් අද හවසට ගල් බාගයක් භාවිතා කරනවා.

    ReplyDelete
  12. කපන්නට නොහැකි අත් පහත් වී සිඹින කල
    හිනැහින් රහසේම නොපෙනෙන්න ලෝකයට
    වැටකඩුළු රැකවලට සිරකරණු නොහැකි තැන
    නිදහසක් දෙනු මිසක වෙන කුමක් කරන්නද

    ReplyDelete
  13. අපේ බිස්නස් යාළුවෝ ටික සල්ලි එකතු කරනවා රතිඤ්ඤා දාන්න. මාත් දුන්නා. ඒ එක්කම මතක් කරලා දුන්නා කට්ටියටම ජෙනරල් හිරේට ගන්නකොට කතා කරන්න ඔවුන් හිටියේ නැති බව. එදා ඉදන් අද වෙනකම්ම අපි ඒ ගැන කතා කරා. දේශ‍පෙරේමී මිතුරන්ගෙන් බැනුම් ඇහුවා. ‍ජෙනරල්ගේ දේශපාලනයට වඩා නීතිය බල්ලාට යාම පිළිබදව අපි කතා කරා. බුවා, නිකමට වගේ හිතෙන්නේ නැද්ද ටිරාන් අලස් ගේ පරණ සාකච්ජා ගැන කතා වලත් මොනවා හරි ඇති කියලා.

    ReplyDelete
  14. සියලුම ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව