Skip to main content

බඩු මිල , පවුල් දේශපාලනය සහ මුස්ලිම් කොංග්‍රසය නොහොත් පලාත් සභා ඡන්දය 2012 v1.0


පලාත් සභා මැතිවරණයේ නාම යෝජනා බාර දීම හෝ තවමත් සිදුවී නැතත්   රට කරවන ඇත්තන් සහ රට කරන්න බලන් ඉන්න ඇත්තන් දෙපිරිසම දැනටමත් තරඟයට අවතීරණ වී ඇති බවක් පෙනෙන්නට ඇත . මැතිවරණය පැවැත්වෙන ප්‍රදේශයන්හි තාප්ප සිනා මුහුණු වලින් පිරි යත්දී රුපවාහිනි නාලිකා වල පුවත් විකාශයන් අතර තුර  'රස කථා ' විකාශනය වීමද ඉහල ගොස් ඇත


බඩු මිල පහලට 

මා දන්නා කාලයේ පටන් ශ්‍රි ලංකාවේ ඡන්දයක් ප්‍රකාශයට පත්කල සැම විටකම පාහේ බලයේ සිටින්නන් පාරිභෝගික ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් අඩු කිරිම දක්නට ලැබුනි .  බොහෝ දෙනා සුලභව හඳුන්වන පරිදි "ඡන්ද ගුණ්ඩු"වක් වන මෙය තවමත් සාර්ථක පිලියමක් යැයි සිතාදෝ රජය ඊයේ භාණ්ඩ කිහිපයකම මිල ගණන් අඩු කර ඇත . මීට මාස කිහිපයකට කලින් දේශීය ගොවියා නගා සිටුවීම , රටේ සංවර්ධනයට මුදල් සොයා ගැනීම ඇතුලු නා නා විධ හේතුන් සපයමින් සීටි රජය දඩස් ගා  බදු අඩු කර බඩු මිල පහත හෙලන්න මන්දැයි නිකමට හෝ විමසන්නට මාධ්‍ය කරුවන් (කියා ගන්නා ) උන්ට සිතෙන්නේ නැත ,  පැවැති මිල ගණන් යටතේ 2500ට ජීවත් වීමට හැකි යැයි කියු ඇමතීන් දැන් 2000කින් හෝ 1750 කින් පමණ ජීවත් වීමට හැකි යැයි නොකීවොත් ඒ ජනපතිවරයාගෙන් කුණුහරුපයක් අසා ගැනීමට ඇති බිය  නිසාය , නමුත් 2500ට මදක් වැඩියෙන් එක් පුද්ගලයෙකුට ජීවත් විය හැකි බව සාධනය කර පෙන්වූ බ්ලොග් කරුවන්ට නම් දැන් නම් 2500 උනත් ජීවත් විය හැකි බැව් සාධනය කර පෙන්වීමේ බාධාවක් නොමැත . ව්‍යාජ දේශප්‍රේමයට රැවටෙමින් සිටින ජනයා මෙවන් ඡන්ද ගුණ්ඩු වලට රැවටීමේ අරුමයක්ද නැත


දේශපාලන පවුල් 

එකම පවුලක සමාජිකයින් දේශපාලනයේ බහුලව දක්නට ලැබීම පිලිබඳ උදාහරණ  ඕනැ තරම් දක්නට ඇත . සුපිරි ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජනපදයේ පිය -පුතු ජනපතිවරුන් ද , ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදි  රාජ්‍යයේ නිදහසින් පසු වැඩිම කාලයක් පාලනය දැරු නේරු-ගාන්ධි පවුලද ඒ සඳහා ලෝක මට්ටමේ උදාහරණය . ශ්‍රි ලංකාවේ බණ්ඩාරනායක පවුල සේනානයක පවුල මෙන් ම වර්ථමානයේ රාජපක්ෂ පවුලත් , රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා වැන්නවුනුත්   පවුල් දේශපානයට මෙරට ඇති ස්ථානය පිලිබඳ කියා පාන්නක් ලෙස සැලකිය හැක . එකම පවුලේ සමාජිකයින් දේශපාලනයට පැමිණීම සුලභ කාරණයක් වනවාක් මෙන්ම , දේශපාලන පවුලක වූ පමණින් කෙනෙක් දේශපාලනය කිරීමට නුසුදුස්සෙක් වන්නේද නැත. නමුත් දේශපාලනිකව නුසුදුස්සන් පවුල් බලය නිසා ඉහලට පැමිනෙන්නේ නම් එය ගැටලු කාරී තත්වයක් මතු කරන්නක් වන අතර , ශ්‍රි ලංකාව ඉන්දියාව වැනි රටවල පවුල් දේශපාලනය පිලිබඳ ජනතාව තුල අප්‍රසාදයක් ගොඩ නැගීමට හේතුව වී ඇත්තේද එයමය . ශ්‍රි ලංකාවේ දෙවන  පෙල දේශපාලනය තුල ජාතික මට්ටමේ දේශපාලකයින්ගේ සමීප ඥාතින් පසුගිය කාලය පුරාවටම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තුලින්ම දක්නට ලැබිනි. මෙවරද එය එසේ නොවේ යැයි සමාන්‍ය ජනයා තුල අපේක්ෂාවක් නැතත් නිදහස් පක්ෂයේ මහලේකම් වරයා විසින් එසේ ඥාති  වරුනට නාම යෝජනා නොදෙන බවක් ප්‍රකාශ කිරීමත් සමඟ ජනතාවගේ මෙන්ම විපක්ෂ දේශපාලකයින්ගේද අවධානය ඒ දෙස යොමු වී ඇත . හිටපු මහ ඇමති වරුන් දෙදෙනාගේ ඥාතින්ද පාර්ල්මෙන්තුව නියෝජනය කරන අතර , සන්ධානයේ ප්‍රභල ඇමති වරුන්ගේ ඥාතින් කිහිප දෙනෙක්ද මැතිවරණයට ඉදිරිපත් වන බවට දැනටමත් පෝස්ටර් ගසා ඇත . එනම් ඩෙංගු වලින් හත්පොලේ ගාගෙන සිටින සිරිසේන මහතා තවත් වරක් බාගෙනම නාගැනීමට ආසන්න බැව් පෙනෙන්නට ඇත .


මුස්ලිම් කොංග්‍රසය 

ශ්‍රි ලංකාවේ දේශපාලනය් හසුරවනා එක් ආගම්වාදි සහ ජාතිවාදි දේශපාලන  බලවේගයක් ලෙසින් මුස්ලිම් කොංග්‍රසය හඳුනාගත හැක . නැගෙනහිර පලාතේ මුස්ලිම් ජනගහණය අනුව  මුස්ලිම් ක්ංග්‍රසයට හිමිව ඇති බලය හරහා ප්‍රධාන දේශපාලනික ධාරාවන්ට කොන්දේසි ඉදිරිපත් කිරීම හා ඔවුන් ඒවාට යට වීම සැබවින්ම කණගාටු දායකය . මෙවරද මුස්ලිම් කොංග්‍රසය කොන්දේසි මාලාවක් ඉදිරිපත් කල අතර , සන්ධානය සිය සුපුරුදු අහංකාර කම් ඉවතලා ඔවුන් සමඟ සාකච්ඡාවන්ට එකතු වන බවද දක්නට ලැබුනි . ඊයේ පලවූ ඇතැම් මාධ්‍ය වාර්ථා අනුව මුස්ලිම් කොංග්‍රසය රජය සමඟින් තරඟ කරන්නට තීරණය කර ඇති අතර රජය ඔවුනගේ ඇතැම් කොන්දේසි සඳහා එකඟ වී ඇත , පුවතේ සත්‍යතාවය පිලිබඳ සහතික විය නොහැකි මුත් පසු ගිය කාලය පුරාවට දක්නට ලැබුනු තත්වයන් අනුව එය නොවිය හැක්කක් යැයි ප්‍රතික්ශේප  කීරීමේ හැකියාවක්ද නොමැත . මෙවර මුස්ලිම් කොංග්‍රසය පිටුපස නොයා පැත්තකට වී සිටින එජාපයද එසේ කරන්නේ කිහිප වතාවක්ම _ක බිම ඇනගැනීමෙන් පසුවය . දේශපාලනික හෙට්ටු කිරීම් හරහා තම අන්තවාදි දේශපාලනික අරමුණු සාක්ෂාත් කරගැනීමට තැත්කරනා දේශපාලනික බලවේගයන්ට ඉඩකඩ නොදී තනිව තරඟ කිරීමේ කොන්දක් ප්‍රදාන දේශපාලන පක්ෂ දෙකට තිබිය යුතුය . සිංහල දෙමල මුස්ලිම් ජාතින් සියල්ල විසිරි පවතිනා නැගෙනහිර පලාතේ බලය පිල්ලෙයාන් කල්ලියට හෝ මුස්ලිම් කොංග්‍රසයට නතු වන්නට දීම අනාගතයේදී බරපතල ගැටලු මතු කිරීමට හේතු විය හැක්කක් බැව්ද සඳහන් කල යුතුය



Comments

  1. පුදුමේ කියන්නේ මට හිතුනා ඊයේ අර බඩු මිල අඩු කිරීම පිළිබඳ එස්. එම්. එස් එක එනකොටම බුවා මේකට නම් මොනවා හරි ලියයි කියලා. අද උදේ ඒක හරි ගියා.

    බඩු මිල
    කිසිත් නොකියමි. උන්ට රවට්ටන්න පුළුවන් නම් අපේ උන් කැමැත්තෙන්ම බොරුවක් බව දැන දැනම රැවටෙනවා නම් අපි කුමක් කියන්නද?

    පවුල් දේශපාලනය
    ඒකත් අර මොකක්ද එක වගේයි. හැමදාම ඡන්දයක් ලඟාවෙත්දි ලොක්කො කියනවා මේ සැරේ නම් එකම පවුලේ අයට නොමිනේෂන් දෙන්නේ නැහැ කියලා. බලනකොට වෙලා නොමැත්තේත් ඒකමයි. එකම පවුලේ සීයලා, පුතාල, බාප්පලා, මාමලා, අයියලා, මල්ලිලා, නංගිලා, අක්කලා, තව කනවැන්දුම් වුනු ගැහැනු අනේ අම්මේ මෙකී නොකී කී පරම්පරාවක් ඔය මල ඉලව්වට එනවද... මේ අපිට කොරන්න.

    මුස්ලිම් කොන්ග්‍රසය.
    අෂ්රෆ් ලොක්කගෙන් පස්සෙ එහෙම එකක් තියනවද බුවා???
    හකිම්ට මම හරි කැමතියි. මොකද එකට හිටියනම් ලංකාවේ මහා බලවේගයක් විය හැකිව තිබූ මුස්ලිම් දේශපාලන අධිකාරිය සුනු විසුනු කරලා දැම්මේ ලොක්කා තමා. එතුමාට ජය!!

    ReplyDelete
    Replies
    1. තවමත් හකිම් ඇතුලු ප්‍රධාන පක්ෂ දෙකට අයත් නොවෙන මුස්ලිම් නායකයින් අතර එකමුතුවක් තියන බව පෙන්න තියනව , නැගෙනහිරදි සැබැ ජන බලයත් මේ පාර බලාගන්න පුලුවන් වේවි තනියම ලුනේ තරඟ කරන්නේ ,

      Delete
  2. බඩුමිල ගැන නං කතාකරන්න දෙයක් නෑ. පවුල්වල අයට නොමිනේෂන් දෙන්නෙ නෑ කියන්නෙ බීප් බීප් පවුලෙ දෙන්න කවුරුවත් ඉතිරිවෙලා නැතිනිසා.
    මගේ නං අදහස සන්ධානය, එජාපය තනිවම නැගෙනහිරට ඉල්ලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. පවුල් වල උන් හෙන සෙට් එකක් නාම යෝජනා ලයිස්තුව ඉන්නවා කියල ලංකාවේ උසම තැන එෆ් එම් එකෙන් කියනව මම අහගෙන ,වෙන පක්ෂ ගාවා නොගෙන සුලු ජාතික නායකත්වයක් පක්ෂය ඇතුලෙම හදනවා කියල සජිත් මහත්තය නම් කිවා , ඒත් ඉතින් රනිල් ලොක්කා ඉඩ දේවිද , සන්ධානයයි එජාපයයි දෙකම මේ පාර නැගෙනහිරට තනියම බලමු මොකෝ වෙන්නේ කියල

      Delete
  3. පිස්සු හදාගන්න තමා වෙන්නේ අපි ළමයින්ට කන්න දෙන කාලේ ආවහම..

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද ? ඒ කාලේට ආශ්චර්යය උදාවෙලා තියෙයි ලස්සනට :P

      Delete
  4. බඩු මිල අඩු කිරීම වැනි චන්ද ගුන්ඩුවකින් චන්දයක් දිනිය හැකි වීම තුල ලංකාවේ ජහමනය තවමත් ඉන්න තැන ගැන නිවැරදි අවබෝදයක් ලද හැක.රටේ සංවර්දනය සදහා යයි කියමින් බඩු මිල වැඩි කල කට්ටිය දැන් මේ අඩුකරන්නේ කොහොමදැයි අසන්නට හැකි ජනමාධ්‍යක් රටට නැතිවෙලා ගොඩක් කල්ය.දැන් තියෙන්නේ ජනමාධ්‍ය නොව නිලලත් රජයේ මාධ්‍ය සහ නිලනොලත් රජයේ මාධ්‍යයි.
    පවුල්වාදය දේශපාලනයෙන් ඈත් කිරීමට කොන්දුරුතෙල් හත්පට්ටයකුත් තව චුට්ටක් උවමනාය.ලොකු තැනට හොඳ නම් පොඩි තැන ගැන කවර කතාද ? මුස්ලිම් අන්තවාදය විසින් ලංකාවේ දේශපාලනය පාලනය කලේ අද ඊයේ නොවේ.හැබැයි මහින්ද ලොක්කා මොනවා නැතත් මේ මුස්ලිම් හා වතු දෙමල අන්තවාදී දේශපාලනය යම් තරමකට පාලනය කළේය .අනෙක් පැත්තෙන් සිංහල අන්තවාදයට යට වීම වෙනම කතාවකි.කන්න ඕන උනාම අම්ම අප්පා උනත් විකුණන් කන තරම් පහත් තැනකට වැටුණු ලංකා දේශපාලනය තුල තම පැවැත්ම වෙනුවෙන් මුස්ලිම් අන්තවාදය සමග නොව ඕනෑ මල යකෙක් සමග සෙට් වෙන්නට මේ ගොල්ලන් ලෑස්ති.

    ReplyDelete
    Replies
    1. මහින්ද ලොක්කා නිසා වතු දෙමල ජනතාවගේ ඡන්ද ගසා කන උන්ට නම් කෙලවුනු බව හැබැව ඒත් මුස්ලිම් දේශපාලකයින් සම්බන්ධයෙන් නම් මේ දක්වා එහෙම කෙලවීමක් පේන්න නැ , ඒකනේ උන් උන්ට චාන්ස් එක තියන නැගෙනහිරට ඉල්ලන්න සන්ධානය කඩාගෙන යන්නේ , සිංහල අන්තවාදය නිසා රජයේ මූලික ගමන් මගට ඇතිවෙච්ච හානිය සුලු ජාතික අන්තවාදයන් ගාව ගැනිමටත් වඩා බරපතලයි මම දකින විදිහට .

      Delete
  5. දේශීය ගොවියා දැන් නැගී සිටින නිසා බදු අඩු කලේ. චන්දය අවසන්වන විට දේශීය ගොවියා බැහැලා හිටියොත් තමයි ඉතින්...

    බුවා දන්නෙ නැද්ද ජීවන වියදම් කමිටුවේ සභාපති කවුද කියලා?
    http://dailymirror.lk/news/20270-gas-price-and-inmport-duty-reduced.html

    ReplyDelete
  6. අපිට ගහන්ඩ ඕනේ මඩුවල්ගෙන් මුංගේ කුපාඩි වැඩ ඉවසගෙන තවත් බකංනිලාගෙන ඉන්නවට.

    ReplyDelete
  7. පලවෙනි කරුණ සමඟ නම් මම බුවා අයියාට එකඟ වෙනවා!

    ReplyDelete
    Replies
    1. තුන්වෙනි එකට නම් එකඟ නොවෙන එක හිතාගන්න පුලුවන් ඇයි දෙවෙනි එක ?

      Delete
  8. ඊලඟ ඡන්දෙට අඩුකරන්න තවත් භාණ්ඩ සෙට් එකක් ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඇති , නැත්නම් ඔයවම ආයේ වැඩි කරල ආයෙම අඩු කරන්නත් පුලුවන්

      Delete
  9. වෙනදා දැයට කිරුලෙන් හදන්නේ එක දිස්ත්‍රික්කයක් විතරයි. මේ පාර 4ක්ම හදනවා. අම්පාරෙ දැයට කිරුලෙන්, අනුරාද පුරේදිවත් හැදුවෙ නැති පොලොන් නරුවත් හදනවලු.

    ReplyDelete
  10. උදාරයාJuly 17, 2012 at 6:18 PM

    @මඩිස්සලේ නිශාන්

    මචං උබ අමාරුවෙන් හරි දෙවෙනි එකටත් තව ටික දවසකින් එකඟ වෙයි ඒත් මම දන්නවා උබ අන්තිම එකට නම් එකඟ වෙන්නේ නෑ. මොකද උබ මුස්ලිම් අන්තවාදය සාධාරණීයකරණය කරපු එකානේ. උබ ඒ උත්සාහයෙන් කුජීත වෙච්ච එක වෙනම කතාවක්.

    ReplyDelete
  11. ඔන්න දැන් අසාද් සාලි නැගෙනහිර මුස්ලිම් ජනතාව 42%ක් ඉන්නව කියල ඔවුන්ට සාධාරණය ඉටු කරන්න අද ස්වාධීන කණ්ඩායමක් විදිහට නැගෙනහිරට නාමයෝජනා භාර දුන්නා. මට නම් තේරෙන්නේ නෑ නැගෙනහිර මුස්ලිම් මිනිස්සුන්ට වෙලා තියෙන අසාධාරණය මොකක්ද කියල හැබැයි අසාද් සාලි වගේ අවස්තාවාදී මුස්ලිම් ජාතිවාදීන් ඉල්ලන සාධාරණය 58%ක් වන දෙමළ සහ සිංහල ජනතාව නැගෙනහිරින් ඉවත් කරල නැගෙනහිර මුස්ලිම් ජනතාවටම ලියල දෙන්න ඕන කියන එක වෙන්න පුළුවන්. කොහොම වුනත් තත්වය මේ විදිහට දිගටම පැවතුනොත් එල්.ටී.ටී.ඊය ට ඉටු වෙච්ච සාධාරණය නම් මෙයාලත් ඉටු කරගනියි වගේ.

    ReplyDelete
    Replies
    1. දැන් ඔන්න මුස්ලිම් උන්නැහෙලා සේරම වෙනම ඉල්ලන්නේ හදන්නේ . අර 42න් කොච්චරක් ඒ අයට යනවද , 58 කොයි විදිහට බෙදෙනවද කියල හොඳ සටනකින් පස්සේ බලාගන්න පුලුවන් වෙයි

      Delete
  12. මෙහෙ නම් බඩු මිල පහළ දාන්න බැහැ ආණ්ඩුවට. ඉල්ලුම සැපයුම අනුව බඩු මිල දැන් ඉතාමත් පහළ ගිහින් ... ඉතින් කරන්නෙ ධනපතියන්ගෙ බදු වැඩි කරන්න පොරොන්දු වෙන එක ... ධනපතියන් නොවන අය වැඩි නිසා චන්ද ගුණ්ඩුව ඒක වුනාට මෙදා පාර නම් ඒකත් වැරදෙයි වගෙ.

    දේශපාලන පවුල් නමේ මෙහෙත් තියනවා. ඒත් අර ඩොක්ටර්ගෙ පුතා ඩොක්ටර් වෙනවා වගේ වැඩක් නම් නෙමෙයි ... මොකද ඌට විභාගෙ පාස් වුනේ නැත්නම් ජොබ් එක ලැබෙන්නෙ නැහැනෙ. ඒත් දේශපාලන පවුල් වලට ඉඩ දෙන්නෙ වෙන කවුරුත් නෙමේ උන්ට රැවටෙන මේ අපි ම නේද?

    මම ඉක්මණින් ලියන්න ඉන්නෙ මුස්ලිම් අයට දොරවල් හැරිය යුරෝපයට වෙලා තියන හදිය. සිංහලෙන් විතරක් කියවන අයට ඕවා ලේසියෙන් කියවන්න ලැබෙන්නෙ නැහැ!!!!

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි ඒත් දැන් අරුණි අක්කගෙ ලිපි කියවනවා මිසක් කමෙන්ට් දාන්න බැනේ අපිට ලොග් නොවී

      Delete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව