Skip to main content

වෙබ් අඩවි වාරණය නොහොත් අතීසාරයට අමුඩ ගැසීම



පහත ඇත්තේ ජනමාධ්‍ය වරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වන දිවයින පුවත්පතේ ලිපියකි .


//මඩ ප්‍රහාර එල්ල කරන වෙබ් අඩවි සියල්ලම ඉදිරි දින කීපය ඇතුළත මුළුමනින්ම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ඊයේ (03 වැනිදා) "දිවයින" ට පැවසීය.


ලියාපදිංචි කිරීමෙන් තොරව ඉතාමත් සූක්‍ෂම අන්දමින් ප්‍රචාරය කරනු ලබන මෙම වෙබ් අඩවි ක්‍රියාත්මක වන්නේ පිටරටවල සිට බව ද ඇමැතිවරයා කීය. මේවා ක්‍රියාත්මක වන නියම ස්‌ථාන තවම හෙළි වී නැතත් ඒවා පවත්වාගෙන යැමට නොහැකි අන්දමට බාධා කිරීමට පියවර ගෙන ඇති බව ද හෙතෙම කීවේය.


මේ අනිසි වෙබ් අඩවි දේශපාලනඥයන්ට මෙන්ම විවිධ තරාතිරමේ පුද්ගලයන්ට දැඩි ලෙස මඩ ප්‍රහාර එල්ල කරමින් අපහාස කිරීම පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි බොහෝ ප්‍රමාණයක්‌ ලැබී තිබෙන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය./

මෙහි හැටියට නම් ඇමතිතුමාට(සහ රජයට )  නප්පියටම තදවී ඇති බවක් පෙනේ .ඇමතිතුමා  ලියාපදිංචි නොකල වෙබ් අඩවි වලට චෝදනා එල්ල කලද පසුගියදා වැටලුවේ ලියාපදිංචි කල වෙබ් අඩවිය .අනෙක් අතට ලියාපදිංචි නොකල වෙබ් අඩවි වලට බාධා කිරීම් සිදු කරේ දැන් සැහෙන කලකට පෙරය .ඒ නිසා ඇමතිතුමා අලුතෙන් වයින් වී තිබෙන්නේ කුමටදැයි අපට තේරෙන්නේ නැත .


මහ පාරේ සිදුවන රිය අනතුරකටත් රාජපක්ෂ රජයට චෝදනා කරන වෙබ් අඩවි වල සිට ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඇඳන් යට රිංගන වෙබ් අඩවි දක්වා  මඩ- අපහාස - ඕපාදූප ගණයේ සැලකිය හැකි වෙබ් අඩවි රාශියක් (ශ්‍රි  ලංකාව ආශ්‍රිතව ) අන්තර්ජාලයේ දක්නට ඇත . අමුලික බොරුවල සිට සැඟවුනු සත්‍යන්(ඕපාදූප වූ පමණින් අසත්‍ය යැයි කිව නොහැක )  දක්වා පුලුල් පරාසයක තොරතුරු ඉදිරිපත් කරන මෙම වෙබ් අඩවි වලට සැලකිය යුතු පාඨකයින් පිරිසක්ද ඇත . පිලිගත් ජනමාධ්ය සියල්ල එක අන්තයක ගමන් කරත්දී විකල්ප තොරතුරු කෙරේ ජනතාවගේ යොමු වීමද , ලෝකේ කොතනකත් සිදුවන පරිද්දෙන් ප්‍රසිද්ද පුද්ගලයින්ගෙ කුණු සෙවීමට ජනතාව තුල ඇති කැමැත්තද මේ පාඨක පිරිසට හේතුවී ඇතැයි සැලකිය හැක .

අන්තර්ජාලයේ ස්වාභාවය තුලින්ම ලැබී ඇති නිදහස  භාවිතා කර ඕනැම දෙයක් , ඕනැම ආකාරයට පල කිරීම ශ්‍රි ලංකාව තුල පමණක් නොව ලොව ඕනැම තැනක දක්නට ඇත . එවා නුරුස්වන රජයන් කොතරම් බාධා කිරීම් කලත් අදටත් අන්තර්ජාල වාරණයන් 100%කින් සාර්ථක කරගත් රටක් නොමැත (උතුරු කොරියාව මෙන් සමස්ථ අන්තර්ජාලයම ප්‍රතික්ශේප කීරිමෙන් තොරව ) . අන්තර් ජාලය තුල නිර්ණාමිකව  ඕනැම තොරතුරක් ඵල කල හැකි වුවත් ඒවාට නිල වශයෙන් පවත්වාගෙන යන පුවත් මාධ්‍යක (අන්තර්ජාලය තුලම හෝ ) වලංගු භාවය ලැබෙන්නේ නැත , ඒනිසා අන්තර්ජාලයේ ස්වාභාවය නිසි ලෙස හඳුනාගත් ජනතාවක් සිටින රටක සාමාන්‍ය මහ ජනයා මෙන්ම දේශපාලකයින් හෝ කලාකරුවනුත් අන්තර්ජාලයේ  ලියවෙනා සෑම දෙයක්ම සිරියස් ගන්නේ නැත . එසේ කරනවා නම් බොහෝ සිනමා තරු වලට වෙබ් අඩවි වලට එරෙහිව නඩු පවරනවාට වඩා  දෙයක් කරන්නට ලැබෙන්නේ නැත .



වෙබ් අඩවියක දකිනා ඕනි කුණු ගොඩක් සත්‍යයෙන් ලෙස අදහනා මහ ජනතාව මෙන්ම ඒවාට බාල්දි පෙරලන දේශපාලුවන් හා කලාකරුවන් (කියා ගන්නා ) අන්තර්ජාලයේ යථාර්තය  තේරුම් ගෙන නොමැත .

රජයට එරෙහිව පුවත් පල කරනා ප්‍රධාන වෙබ් අඩවි සියල්ලම මේ වන   ශ්‍රි ලංකාව තුල නිල වශයෙන් වාරණය කර ඇතත් ඒවායේ  කටයුතු නතර කිරීමට හෝ පාඨකයින් පිරිස දුරස් කිරීමට හැකිවූ බවක් පෙනෙන්නට නැත . එපමණක් නොව පසුගිය දිනක කාර්යාල වටලා කතෘවරුන් කුදලාගෙන ගිය වෙබ් අඩවි දෙකෙන් එකක් එදින හවසත් යවත්කල් වීම තුලින්ද අන්තර්ජාලයේ තොරතුරු වලට  එරෙහි රජයේ ක්‍රියාමාර්ග වල අසාර්ථක භාවය පිලිබඳ ඔවුනට තේරුම් යායුතුය . අසභ්‍ය වෙබ් අඩවි තහනම් කර ඇති යැයි පැවසෙන ශ්‍රි ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වෙබ් අඩවි අතර xhamsters, xvideos වැනි වෙබ් අඩවි ලයිස්තු ගත වන්නේත් , ලොව පුරා බොහෝ රටවල තහනම් කර ඇති piratebay  වෙබ් අඩවිය කිසිදු බාධාවකින් තොරව තම කටයුතු කරගෙනයන්නෙත් අන්තර්ජාල වාරණයන්  හි අසාර්ථක භාවය නිසාමය

 ඒ නිසා අතීසාරයට අමුඩ ගසන්නට ගොස් චාටර් වෙන්නේ නැතිව (සහ ජාත්‍යන්තරය තුල ශ්‍රි ලංකාවේ ප්‍රතිරුපය තවත් කෙලෙසගන්නේ නැතුව )  , වෙබ් අඩවි තුලින් පතුරවනා මතවාදයන්ට එරෙහිව මතවාදයන්ගෙම උත්තර දීමට උත්සාහ කලා නම්  හොඳ බැව් සඳහන් කල යුතුය





Comments

  1. මේ ‘එරෙහිව ලිවීම‘ කියන එක සාපේක්‍ෂයි නේද? නැත්නම් ඉතින් ඉස්සෙල්ම වාරණය කරන්න ඕන අයිටීඑන් ප්‍රවෘත්ති ස්ක්‍රිප්ට් එක. ඉතින් එයාල මොකටද ඒ හැටි ඔය ගැන වදවෙන්නෙ. අනෙක ලෝකෙ හැමදාම වෙන්නෙ වාරණයකරන්න උත්සාහ කරන්න කරන්න ඒ දේවල් තව තවත් ව්‍යාප්ත වෙන එක, ජනප්‍රිය වෙනඑක. තහනම් කරනව කියන්නෙ නොහැකියාව වහගන්න උපක්‍රමයක් විතරයි. කොන්ද කෙලින් තියන් ඒවට මූණ දෙන්න බැරිනම් ගෙදර යනව නම්බුයි නෙව. මඩවලට උනත් මූන දෙන්න රජයකට පුළුවන් වෙන්න එපෑය. එහෙමනේ සිංහයො. වල්ගෙ කකුල්දෙක අස්සෙ ගහන් කටින් බතලකොල හිටවල හරියනවයැ.

    ReplyDelete
    Replies
    1. aniwa DDT math 100% ekagai obe kathawata.

      Delete
    2. //මඩවලට උනත් මූන දෙන්න රජයකට පුළුවන් වෙන්න එපෑය. එහෙමනේ සිංහයො. වල්ගෙ කකුල්දෙක අස්සෙ ගහන් කටින් බතලකොල හිටවල හරියනවයැ.//

      ++++++++++++++

      Delete
  2. ලංකාවේ දේශපාලකයන් හැමදාම කෙලව ගත්තේ මෙතැනින්ය. කිසිම කමකට නැති ඕපාදූප බව අපිඳු දන්නා වෙබ් අඩවි පොරවල කළේ මේ රටේ දේශපාලකයින්ය. වෙබ් අඩවි තහනම නම් පිස්සු වැඩක්. මගේ පොඩි දුවත් ප්‍රොක්සි පාවිච්චි කරන්න දන්නවා. ඒ නිසා ඒ වගේ වැඩ නම් ගොං ජෝක්. දේශපාලකයන්ට නළු නිළියන්ට තමන්ට ඕනෙම දහජරා වැඩක් කරන්නත් හැකියාව ඇති නම්, ජනතාවට ඒවා දැන ගන්නටත්, වෙබ් මාද්‍යකරුවන්ට ඒවා ලිවීමටත් ඇති අයිතිය එකසේ පිළිගෙන සද්ද වහලා සිටීමෙන් නිකම්ම ඔය නිව්ස් දියාරු වී යනු ඇත. එසේ නැතුව මේ කරනා දෙයින් මේවා තව තවත් වැඩි වනු මිස කාටවත් පාලනයක් නම් කිරීම අතීසාරෙට අබුඩ ගැසිමක් බව කියමි.

    ReplyDelete
  3. oya nalu niliyo desapaluwo karana magadi gana rate minissu dana ganne gossip web walin.thaman niwaradi nam ai baya wenne mokatada e kastiya.

    ReplyDelete
    Replies
    1. thaman niwaradi nam ai baya wenne mokatada e kastiya.//

      අනේද කියන්නේ

      Delete
  4. හොද විචාරාත්මක ලිපියක්,පෑහෑදිලි කරුනක් තියනවා,විකල්ප මත මර්දනයේ අවශ්‍යතාවයක් තිබෙන බවනම් පෑහෑදිලි,මඩ කියලා කියන වෙබ් අඩවි වල,අමුලික බොරු කිසි වෑදගෑම්මකට නෑති ලිපි වගේම බොහොම හොද විවාදාත්මක ලිපිත් බොහොමයක් ගියා නමුත් මේවා වාරනය කිරීමෙන් ආන්ඩුව ඒවාට පිලිතුරු නොදෙන බව ප්‍රසිද්දියේ කියා සිටිනවා,මොකද බුවා කීව විදියටම ඔවා වාරනය කලා කියලා වෙබ් සයිට් අප්ඩේට් වෙන එක නවත්තන්න බෑනේ,ඒ වගේම බලන එක නවත්තන්නත් බෑ.

    ReplyDelete
  5. හෑ .. මගෙත් පොඩි පොඩි මඩ ප්‍රහාර දෙක තුනක් තියනවා... අයින් කලොත් හොඳා වගේ.. සුදු ප්ලේන් එකකින් ඇවිත් ඉස්සුවොත් එහෙම

    ReplyDelete
  6. මීවනපලානේ ජයරත්න යනු සුජීව කොකාවලය. අත හිත මාරයාගෙනි.

    ReplyDelete
    Replies
    1. මීපලානෙගේ කේස් එක වෙනමම එකක් නේ

      Delete
  7. අනිත් අතට දේශපාලකයන්ට,නළු නිළියන්ට වල්කම් ජඩකම් කරන්න පුලුවන්නම් ඒවා හෙළිදරව් වීමත් ඉවසිය යුතුය.

    ReplyDelete
  8. නමසිය හැට ගණන්වල පත්තර ආණ්ඩු සහ ඒවායේ මැති ඇමතිවරු විවේචනය කල හැටි දැක්කොත් අද වෙබ්සයිට් වල ලියන එවුවත් විවේචනද කියල හිතෙයි.. මතකද ඇත්ත පත්තරේ සිරාගේ කතා ? ඒ කාලේ දේශපාලඥයින්ට ඒවා ප්‍රශ්න උනේ නැහැ.. හැත්තෑ ගණන් වල පටන් ගත්ත විරුද්ද අදහස් නොඉවසීමේ ප්‍රවනතාවය වැඩිවේගෙන වැඩිවේගෙන යනවා. මේවට ඇඟිල්ල දික් කරන්න බැරි දේශපාලකයොයි විරුද්ද පැත්තේ ඉන්නෙත්.. රතු කෂ්ටිය උනත් දේශප්‍රේමී කාලේ පත්තර නිදහස නැති කලානේ..

    ReplyDelete
    Replies
    1. //මතකද ඇත්ත පත්තරේ සිරාගේ කතා ? ඒ කාලේ දේශපාලඥයින්ට ඒවා ප්‍රශ්න උනේ නැහැ.//

      මතක හිටින්න මම ඉපදිලා හිටියාද කියලත් සැකයි :)

      ස්තුතියි අදහසට , ඒ කාලේ හිටියේ දේශපාලකයින් දැන් ඉන්නේ දේශපාලුවන්

      Delete
  9. ලංකාවේ කීර්ති නාමයට හානි කරන්නේ දේශපාලකයින් මිසක් ජනමාධ්‍ය නොවේ. උන්ට ජඩවැඩ කරන්න හොඳයි. ඒව එලිවෙනවට අකමැතියි.

    ReplyDelete
  10. \\වෙබ් අඩවියක දකිනා ඕනි කුණු ගොඩක් සත්‍යයෙන් ලෙස අදහනා මහ ජනතාව මෙන්ම ඒවාට බාල්දි පෙරලන දේශපාලුවන් හා කලාකරුවන් (කියා ගන්නා ) අන්තර්ජාලයේ යථාර්තය තේරුම් ගෙන නොමැත//

    මෙන්න මේ වාක්‍යයෙන් සියල්ලම කියල තියනව. ජනතාව වගේම ආණ්ඩුවත් "අන්තර්ජාල මාධ්‍ය" කියනදේ තේරුම් අරගෙන නෑ. මම නං කියන්නෙ විශේෂයෙන්ම ගොසිප් අඩවි(නමින්ම තේරෙනවනේ) වල තියන දේවල් ගැන සීරියස් ගන්න හොඳ නෑ.
    අනෙක් අතට ආණ්ඩුවට පුළුවන්ද මේව තහනම් කරන්න. ටැමිල්නෙට් බලන්න අපිට පුළුවන් නම් ඊට වඩා මොනවද :)
    හතර අතේ වැරදි කරන ආණ්ඩුව හෙවනැල්ලටත් භයයි. ඉතින් තමන්ට එල්ලවන ඕනෑම ආකාරයක හඞක් නිහඞ කිරීමට මේ වගේ බොලඳ උත්සාහයන් දරාවි.

    ReplyDelete
  11. අනේ මන්ද මොනවා කියන්නද කියලා..

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව නම් කියන්නේ මොකුත්ම නොකියා ඉන්න කියලයි

      Delete
  12. මට සිංඩිකේටරයක් තිබේ ඔය කියන වල් පාහාරයා සිංඩිකේටර් වලට තර්ජනය කරනවා. ඇනෝනිමස් ලෙස හා 2133 යන අංකයෙන් ඇමතුන් පවා දී තර්ජනය කරනවා. තර්ජනය කරලා ඔය අඩවි වල අයිතිකාරයන්ගේ විස්තර ඉල්ලනවා. විස්තර ලෙස තියෙන්නේ E-mail address පමනයි කියු විට. අනිත් සිංඩි වල කනෙට් ටැක් අංක පවා ඉල්ලනවා. එවා දැන සිටියත් කාගේ හොදට උන්ට ඒවා දන්නේ නෑ කියු විට අනිත් සිංඩි කරුවන්ට උන ගැනෙන්න අපව මරනවැයි කියා මරන තර්ජන පවා එල්ල කරනවා. ඔක්කෝටම නිර්භීතව කට පියා සිටියා කියුමු.
    අන්තිමේ අපිට කරන තර්ජනයම අප සර්වර් අයිතිකරුන්ටද එල්ල කර අපට අවසානයේ ඉදිරියට අනුග්‍රහය ලබා දිය නොහැකි බව ඔවුන් කියා සිටියා.

    නොකිවාට ඉදිරියේදි සිංඩි කරුවන්ට හා ඔහුන්ගේ පවුල් වල ඇත්තන්ට ඉදිරි කාලය අපල කාලයකි.

    සිංඩි කරුවෙක්.

    ReplyDelete
    Replies
    1. ලිඛිතව ඉල්ලීමක් කරන්න කියපන්. කවුරු හරි උඹව අන්දනව වගෙ.

      Delete
    2. පිස්සු හැදෙයි ඇනෝ බය නොවී හිටපන්.

      Delete
  13. හමන සුලං - මකුලු හුයෙන්
    වලකන්නද මං
    -----තාරාවෝ ඉගිලෙති, ලූෂන් බුලත්සිංහල-----

    ReplyDelete
  14. එයාලා බ්ලොග් ගැන එච්චර දන්නෙ නැතුව ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. ඇයි බන් ජනාධිපති ලේකම් තුමා බ්ලොග් ලියන සෙට් එක එකකට කැමකුත් දුන්නේ , අපේ සඳරු මලයගේ බ්ලොග් එක කියවනවත් ලුනේ , කෝකටත් පරිස්සමෙන් හිටහන් !

      Delete
  15. ඇයි බන් ජනාධිපති ලේකම් තුමා බ්ලොග් ලියන සෙට් එක එකකට කැමකුත් දුන්නේ , අපේ සඳරු මලයගේ බ්ලොග් එක කියවනවත් ලුනේ , කෝකටත් පරිස්සමෙන් හිටහන් !

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව