Skip to main content

බොහෝ දේ උගත හැකි ඉන්දු-අයර්ලන්ත ක්‍රිකට් තරඟය

ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාවත් අයර්ලන්තයත් අතර තරඟය ඊයෙ දිනයෙදි පැවැත්වුනා , කලින් තරඟයේදි එංගලන්තය එක්ක නූලෙන් ටයි කරගත්ත ඉන්දියාවත් , ලකුණු තුන්සිය ගනනක් හඹාගොස් එංගලන්තය  පරාජයට පත් කල අයර්ලන්තයත් තරඟ වදින නිසා සමහරක් දෙනෙක් ගේ උනන්දුව ඒ තරඟය ට යොමු වෙලා තිබුනා , ඒ හේතුවත් ඉන්දියානු කණ්ඩායම බුවාගේ ප්‍රියතම කණ්ඩායමක් නිසාත් බුවත් මැච් එක බලන්න සෙට් උනා.ක්‍රිකට් ලෝකෙ දැවැන්තයින් දෙන්නෙක් උන එංගලන්තය හ දකුනු අප්‍රිකාව අතර තරඟයත් අත හැරල මේ තරඟ්ය බැලුවත් මම ඒ එකෙන් ඉතා හොඳ වින්දනයක් ලැබුවයි කියන්න පුලුවන්, මේ සූදානම් වෙන්නේ ඒ ඇත්දැකීම අනික් අයත් එක්ක බෙදාහදා ගන්න . මොකද මට හිතෙනව ඒ තරඟය තුලින් අපේ ක්‍රිකට් කණ්ඩායමට , ක්‍රිකට් ලොක්කන්ට වගේම අපි වගේ ක්‍රිකට් රසිකයින්ටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් හියනවයි කියල .

තරඟයේ කාසිය වාසිය දිනා ගත්ත දෝනි අයර්ලන්තයට පිතිකරනයට ආරාධනා කලා . මේකත් එක්තරා විදිහක අභියෝගාත්මක තීන්දුවක් , මොකද දකුණු ආසියානු කලාපයෙ ක්‍රිඩාංගන වලදි රාත්‍රි කාලයේ හඹා යාමකින් කරන ජයග්‍රනයන් විරල නිසා . කොහොම උනත් දෝනි ගේ මේ තීරනයට හේතු උනේ බෙන්ග්ලුරු ක්‍රිඩාංගනයේ කලින් තරඟ දෙකේදීම , දෙවනියට ක්‍රීඩා කරපු කණ්ඩායමට පිතිකරනයට පහසු වීම (ඉන්දියා - එංගලන්ත තරඟය හා එංගලන්ත - අයර්ලන්ත තරඟය ).ඒ වගේම විචාරකයින්ගෙ විවෙචන්යට ලක් උන තවත් තීන්දුවක් දෝනි අරගෙන තිබුන , ඒ කලින් තරඟයේදී අසාර්ථක පන්දු යවන්නෙක් උන පියුස් චව්ලා කණ්ඩයමට එකතු කර ගැනීම මොකද තවත් දඟපන්දු යවන්නේක් ඉන්දීය සංචිතයේ ඉන්නව තවම තරඟ නොකරපු

තරඟයේ පලමු ඕවරයේදිම තමන්ගෙ නායකයගෙ තීන්දුවට දිරියක් දෙන්න , ඉන්දියානු කණ්ඩායමේ පලපුරුදුම වමත් වේග පන්දු යවන්නා- සහීර් ඛාන් සමත් උනා . ඇත්තටම ඉන්දියා - එංගලන්ත තරඟයේදිත් ඉන්දියානු කණ්ඩායම පරාජයෙන් ගලවා ගත්තෙ මේ අත්දැකීම බහුල ක්‍රිඩකයා .තරුණ ක්‍රීඩකයින් රාශියක් සිටියදිත් ඉන්දියානුවන් තමන්ගේ පලපුරුදු වේග පන්දු යවන්නා යොදා ගෙන තියනව , ඒකෙන් සාර්ථක ප්‍රතිපල ලබලත් තියනව ඒත් සහීර් ට වඩා ඉතාමත් දක්ෂ අපේ පලපුරුදු වමත් වේග පන්දු යවන්නා කෝ? මට නම් හිතුනේ එහෙම

ආරම්ඹයේදීම ලබා දුන් උඩ පන්දුවක් ගිලිහි යාමේ වාසිය ලබා ගත්ත අයර්ලන්ත නායක විලියම් පෝටර්ෆයිඩ් නායකත්ව ඉනිමක් ක්‍රිඩා කරමින් හොඳ සබඳතාවයක් ගොඩ නැගුව , ඒ ඉන්දියානු දඟපන්දු යවන්නන්ගේ ආක්‍රමනයට අයර්ලන්තය ගොදුරු වෙන්න කලින් , කොහොම උනත් පියුස් ච්ව්ලා ව එකතු කරගැනීමෙ දෝනිගෙ තීරනය වැරදි බව ඔප්පු උනේ පියුස්  තමන්ගේ පලවෙනි පන්දු වාරයෙදීම ලකුණු 15ක් ලබා දිමෙන්

පියුස් තරම් ලකුණු ලබා නොදුන්නත් ඉන්දියානු කණ්ඩායමේ ප්‍රභල තම දඟපන්දු යවන්නාගෙනුත් බලාපොරොත්තු උන සේවය ඉටු උනේ නැ කියන්න පුලුවන් , මොකද අයර්ලන්තය වැනි ආධුනික කණ්ඩායමකට එරෙහිව වත් කඩුලු ලබා ගන්න හරිබජන් අසමත් උනා , තමන්ගෙ වෘත්තීය දඟ පන්දු යවන්නන් අසාර්ථක වෙත්දි දෝනි ගේ පිහිටට ආවේ ඉන්දියානු කණ්ඩායමේ සුපිරි ප්‍රහාරකයින් දෙන්න , විශේෂයෙන්ම ප්‍රහාරාත්මක පිතිකරුවෙකු හා වමත් දඟපන්දු යවන්නෙකු වන වන යුවරාජ් . ලකුනු 31 ට කඩුලු 5 ක් . මේ වෙලාවෙදිත් මට මතක් උනේ අපේ රටේ සුපිරි ප්‍රහාරකය ගැන(ඒ වගේම වමත් දඟපන්දු යවන්නෙකුත්) , කඩුලු 5 ඒවා නොමැති උනත් , කණ්ඩායම අපහසුතායට පත් උන ගොඩක් වෙලා වලදි ඔහුගේ පන්දු යැවීම  තරඟය වෙනස් මඟකට ගන්න කොතරම් දායක උනාද කියන එක

කොහොම උනත් ලකුනු 207 ක ඉලක්කයක් ඉන්දියානුවන්ට් ලබා දෙන්නට පමණයි අයර්ලන්ත කණ්ඩායමට හැකි උනේ, ලෝක කුසලාන කණ්ඩායම් අතුරින් ප්‍රභලතම පිතිකරු ලයිස්තුව හිමි ඉන්දියානුවන්ට ලකුනු 207 කිසිම ආකාරයක අභියෝගයක් විය නොහැකි යි කියලයි අනික් බොහෝ දෙනාට වගේම මටත් හිතුනෙ. ඉන්දියාව මුහන දුන් පලමු පන්දුවාරය දැක්කාම මට හිතුනෙ තරඟය පන්දු වාර 30 කින් විතර අවසන් වෙයි කියලයි .ඒත් මේ කුඩා ලකුනු ප්‍රමානය සැබැ අභියෝගයක් බවට පත් කරන්නට දෙවෙනි පන්දු වාරයේ ඉඳලම අයර්ලන්ත ක්‍රීඩකයින් කටයුතු කලා . ඉතාම සුවිශේෂ පන්දු රැකිම රටාව හමුවේ ඉන්දියානු පිතිකරුවන්ට එක ලකුනක් ලබා ගැනීමත් දුෂ්කර කාරනයක් උනා , පහුගිය වසරෙ ශ්‍රෙනි ගත කිරීම අනුව 3 වන ස්ථානයෙ සිටින පිතිකරු කෝලි මේ පිඩනය හමුවේ දැඩි අපහසු තාවයකට ලක්වෙන අකාරයකුයි දකින්න තිබුනෙ .අනික් අන්තයෙ සුපිරි පිතිකරු සචින් ක්‍රිඩා නොකලා නම් මේ පීඩනය හමුවේ කොලි දැවී යනට තිබුන ඉඩ කඩත් බොහොමයි

පලපුරුදු පන්දු යවන්නා ට්‍රෙට් ජොන්සන් වගේම , වයස දහ අටේ හුරුබුහුටි කොලු ගැටයා ජෝජ් ඩොක්ට්‍රෙලුත් ඉන්දියානුවට හොඳ අභ්යෝගයක් එල්ල කලා. තමන්ට වඩා දෙගුනයකටත් වඩා වයසැති ලෝක කුසලානයක් 6කට ක්‍රිඩා කර  තියෙන , ලොව දක්ෂතම ක්‍රීඩකයා හොඳ ස්ථාවරත්වයක ලකුනු රැස් කරමින් සිටිය්දි කඩුල්ල මුවා කිරීමෙ වරදට හසු කර ගැනීමට සමත් උන ජෝජ් , මුරලි,වොන්, හරිබජන් පරපුරේ දක්ෂ දඟපන්දු යවන්නෙක් බවට අනාගතයේදී පත්වේය කියලයි මම හිතන්නෙ

අයර්ලන්ත ක්‍රීඩකයින්ගෙ තරඟකාරි ක්‍රිඩා ස්වභාවය හමුවේ පිටියට පිවිසුන දෝනිට තමන්ගේ අනික් අභියෝගාත්මක තීරනයත් වැරදි බව වැටහුනා, ඒ කලින් තරඟ මෙන් නොව තණ්නිල්ල හැසිරෙන්නේ පන්දු යවන්නන්ට වාසි දායක විදිහට බව අවබෝධ වීමෙන් . ස්ථාවරව හෙමින් ලකුණු රැස් කරන විටක දවා ගැනීමට ඉතා අපහසු ක්‍රීඩකයෙක් බවට ප්‍රචලිත ඉන්දියානු නායකයාවත් කඩුල්ල මුවා කිරීමෙ වරදට හසු කරගන්න ජෝජ් සමත් උනේ තමන්ගේ දක්ෂතාවය මනාවට පිලිඹිබු කරමින්


ඕනැම පන්දුවක් පිටියෙන් එලියට විසිවෙන්න පහර එල්ල කල හැකි ශක්තිවන්ත්යා යුසුෆ් ගේ ප්‍රහාරය නිසාත් , අයර්ලන්තයෙ සුපිරි පන්දු යවන්නා ට්‍රෙට් ජොන්සන් ආබාධයට ලක්වීමත් නිසා ඉන්දියානුවන් 46 වෙන් පන්දුවාරයේදීම ජයග්‍රනය වර්ථා කලා . එහෙම නොවුනා නම් තරඟය අවසාන පන්දු වාරය දක්වා යන්නත් ඉඩ තිබුන.

ඒ වගේම පරාජය පෙනි පෙනි උනත් අයර්ලන්ත නායකයා ඇතුලු ක්‍රීඩකයින් දක්වපු උනන්දුව, කැපවිම මම කිසිම ප්‍රභල කණ්ඩායමක වත් දැකල නැහැ . කොයි තරම් තරඟකාරි බවක් තිබුනත් අයර්ලන්ත ක්‍රිඩකයින්ගෙ හැසිරීම ඉතාම උසස් , ඔවුන් මුලු තරඟය පුරාවටම ඉන්දියානු ක්‍රිඩකයින් එක්ක බොහොම සුහදශීලීව කටයුතු කලා. ඇතැම් ප්‍රභල කණ්ඩායම් වල ක්‍රිඩකයින්ගෙ තිරිසන් හැසිරීම් බලන කොට මේ හැසිරීම ඉතාම උසස් . තමන්ගේ පන්දුයවන්නන්ට නිතර උපදේස් දෙන නායකයෙකු උන අයර්ලන්ත නායකයාගෙ හැසීරීමෙ ශ්‍රෙෂ්ට බව මතු වෙන්නේ එහෙම පන්දු යවන්නන්ට උපදෙස් දෙන නායකයන් උන ගංගුලි එදවස් වල හැසිරුන විදිහත් , අෆ්‍රිඩි දැන් හැසිරෙන විදිහත් එක්ක සංසන්දනය කලාමයි

මේ තරඟයෙන් ඉගෙන ගන්න බොහෝ දේ තියන වාය කියල ඔබටත් සමහර විට හිතෙනව ඇති.එහෙම නොහිතුනත් ලකුනු 207ක් ගන්න මුලු ඉන්දියානු පිතිකරු ලයිස්තුවම පිටියට බස්වමින් සුහද් ශීලී, උද්‍යෝගිමත් ක්‍රිඩා විලාසයක් දක්වපු අයර්ලන්ත කණ්ඩායම ට සමස්ත ක්‍රිකට් ක්‍රිඩා ලෝලීන්ගේ ආචාරය හිමිවෙන්න ඕනි කියල නම් හිතෙනව ඇති

Comments

  1. අයර්ලන්තය එන්ගලන්ත ප්‍රාන්ත ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ ගොඩක් ඉන්න නිසා මේ තරම් දියුනු වෙලා තියෙන්නේ....ලගදිම ටෙස්ට් වරම් ලැබේවි....දැනට සිම්බාබ්වේ එක්දින 11ට ඉන්න කොට අයර්ලන්තය 10ට ඇවිල්ලා තියෙනවා.....
    දැන් පීටර්සන් වෙනුවට එන්ගලන්ත කන්ඩායමට ගෙන්නපු ක්‍රීඩකයා (මට නම මතක නෑ ) ගිය අවුරුද්දේ අයර්ලන්තයට ක්‍රීඩා කරේ...මේ පාර ඉදිය නම් හොද තරගයක් දෙන්න තිබ්බා....

    ReplyDelete
  2. ඒක තමයි මෙ දියුනුවට හේතුව එහෙනම්

    ReplyDelete
  3. මචෝ මේ පාර සිරා මෑච් ටිකක් සෙට් වුනා,ක්‍රිකට් ලෝකයේ දෑවන්තයින් පොඩ්ඩක් එහෙ මෙහේ වුනු ටරග ටිකක්.එන්ගලන්ත ද.අප්‍රිකා මෑච් එකත් එහෙම මෑච් එකක්.

    ReplyDelete
  4. ටෙස්ට් නොවන කණ්ඩායම් අතරින් ඉහළින්ම ඉන්නේ අයර්ලන්තය. කීවාත් වගේ ඔවුන් දැන් ටෙස්ට් වරම් ලබන්නට සුදුසුයි.

    එංගලන්තේ ප්‍රාන්ත ක්‍රිකට් ගහලා හෝ කුමණ ක්‍රමයකින් ක්‍රීඩාව ඉහළ මට්ටමට එනවා නම් අවුලක් නෑ. පාං පිපෙන්න ඊස්ට් දැම්මට ඒක පාං පිටිවලින් හැදුව කියනව මිසක් ඊස්ට් වලිං හැදුව කියන්නෙ නෑ නෙ.

    මේ වගේ කණ්ඩායම් මුහුන දෙන ලොකුම ගැටළුව තමයි ඒ ඒ රටවල දක්‍ෂ ක්‍රීඩකයින් වෙනත් සුපිරි කණ්ඩායම් විසින් ලබා ගැනීම. ඉතින් ඒ ක්‍රීඩකයන්ට යම් කැපවීමක් කරලා තම රටේම රැඳෙන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්.

    කැනඩාවට තව දුර ගමනක් යන්න තියනවා. ඒ ආසියානු සංක්‍රමණිකයන්ගේ ක්‍රීඩාවක් යන තත්වයේ සිට රටේම ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත් කරන්නට යන්න ඕනෑ ගමන.

    ReplyDelete
  5. @අසoක - ඔව් මචන් ඒ වගෙ මැච් ඉස්සරහටත් සෙට් වෙයි

    @budhajeewa මාත් හිතන්නෙ අයර්ලන්තයට ටෙස්ට් වරම් දෙන්න ඕනි කියල , කැනඩාවෙ ක්‍රීඩකයින් ගෙ හැසිරීම නම් අන්තිමයි ,ඒ උනත් කැනඩාවත් ඉස්සරහිදි කතා බහට ලක්වෙන කණ්ඩායමක් වෙයි .

    "පාං පිපෙන්න ඊස්ට් දැම්මට ඒක පාං පිටිවලින් හැදුව කියනව මිසක් ඊස්ට් වලිං හැදුව කියන්නෙ නෑ නෙ."

    මේක නම් මරු කතාව

    ReplyDelete
  6. නෙදර්ලන්ඩ් ටීම් ඵ්කත් ඉස්සරට වඩා ගොඩක් හොදයි.
    නෙදර්ලන්ඩ් වල වන්ඩව්න් ඵ්න කෙනයි ටෙන්ඩස්කොට් කියන කෙනයි ගොඩක් හොදයි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව