Skip to main content

ලෝක කුසලානය අභියස ශ්‍රි ලංකාව හා ඉන්දියාව - බුවාගේ විවරණය

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙ ආරම්ඹයත් එක්කම කුසලානය සඳහා වැඩියෙන්ම කියවුනු රටවල් 4න් දෙකක් තමයි ශ්‍රි ලංකාව හා ඉන්දියාව . ශ්‍රේණි ගත කිරීම වල ඉහලින් රැඳී සිටීම හා තමන්ගේ කලාපය තුලම තරඟ පැවැත්වීම කියන කාරනා මේ සඳහා වැඩියෙන් බලපෑව කියල කියන්න පුලුවන් . තරඟාවලියෙ පලමු වටයේ අවසාන භාගයට ලංවුනාටත් පස්සෙ ඇයි මේ ගැන කතා කරන්නෙ ?


මේ සඳහා හේතු කිහිපයක් තියනව

01) මේ වෙන කොට කණ්ඩායම් දෙකම ඊලඟ වටයට සුදුසු කම් ලබා තිබීම
02)දැනට ලබා ගෙන තිබෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව සමාන වීම
03) කණ්ඩායම් දෙකටම තමන්ගේ කාණ්ඩ වල පෙරමුන ගැනීමට නොහැකි තත්වයක් පෙන්නුම් කිරීම
04) කන්ඩායම් දෙකම බලාපොරොත්තු උන දක්ෂතා පෙන්නුම් නොකිරීම
05) ශ්‍රි ලාංකිකයින් ඉන්දියානු කණ්ඩායම කෙරෙහි දක්වන ප්‍රතිචාර

දැන් මේ කරුනු පොඩ්ඩක් විමසල බලමු

01)/02) කණ්ඩායම් දෙකම දැන් ඊලඟ වටයට සුදුසු කම් ලබල .ඒ තරඟ පහකින් 3ක් ජය අරන් 1 පරාජය වෙල එකකට සම ලකුනු ලැබිලා . කණ්ඩායම් දෙකේම ප්‍රසාද ලකුණු ගනන 7ක් , ඒ කියන්නේ මේ දේවල් සමානයි . ඒත් ශ්‍රි ලංකා කණ්ඩායම දල වෙගය අතින් ඉදිරියෙන් (+2.7)

03) ඊලඟ වටයට තේරුණත් තමන්ගේ කාන්ඩවල පෙරමුන ගැනීමෙ හැකියාව ලංකාවට වගේම ඉන්දියාවටත් අඩුයි , ඒ ඇයි ?

අපි මුලින්ම A කාන්ඩය අරන් බලමු. දැනට තියන විදිහට ඕස්ට්‍රෙලියානුවන්ට A කාණ්ඩයේ පෙරමුන ගැනීමේ හැකියාව ඉතාම වැඩියි . ඔවුන්ට තව ලකුනු 4 ක් ඉතුරුයි එයින් 2 ක් ඉතා පහසුයි . ඒ කියන්නෙ ඔවුනගේ අවමය 9. යම් විදිහකින් ඕස්ට්‍රෙලියාව 9 ට සිමා වෙනවාය කියන්නෙ පකිස්ථානය බොහෝ දුරට ලකුනු 10 යි කියන එක , නමුත් අපිට යන්න පුලුවන් උපරිමය වෙන්නේ ලකුනු 9 , ඒ කියන්නෙ අපි නවසිලන්ත තරඟය දිනුවත් අපිට හිමිවෙන්නෙ 2 හෝ 3 , නවසිලන්ත තරඟය පැරදුනොත් බොහෝ විට 4

එතකොට B කාණ්ඩයේ ඉන්දියාවට් යන්න පුලුවන් උපරිමය 9 යි නමුත් දකුනු අප්‍රිකාවට ලකුනු 10කට යන්න පුලුවන් , එහෙම උනොත් ඊලඟ තරඟය දිනුවත් ඉන්දියාවට ලැබෙන්නෙ 2 ස්ථානය . කොහොම උනත් අයර්ලන්තය හෝ බංගලාදේශය නැවත වරක් පෙරලියක් කලොත් නම් මේ තත්වය වෙනස් වෙයි

මොකක්ද මේ ස්ථාන වල තියන වැදගත් කම

වැදගත් කම තමයි අවසන් 4 ට එයි කියල බලාපොරොත්තු උන ඉන්දියාව හා ලංකාව ඊට කලින් මුන ගැහීමේ අවධානමක් පැවතීම ,B2 vs A3 , A2 vsB3 කියන තරඟ දෙකෙන් කොයි එකට  හෝ  අහුවෙන්න ඉඩක් තියනව . නමුත් කණ්ඩායම් දෙකම ප්‍රබලතම කණ්ඩායම් 4 තුල ඉන්නවනම් මෙහෙම තත්වයක් ඇති වෙන්නෙ නැහැ . අන්න ඒ නිසයි සෙමි ෆයිනල් වල්දි මුනගැහීම ගැන මුලදි කතාබහ ඇති උනේ

04)ශ්‍රිලංකා කණ්ඩායම වගේම ඉන්දියානු කණ්ඩායමත් මෙවර බලාපොර්ත්තු උන දක්ෂතා පෙන්නුවෙ නැහැ (මේ ලැබිල තියන ප්‍රතිපලට වලට හේතුවත් ඒකමනෙ ) . අපේ අයගේ පැත්තෙන් පසු පෙල පිති කරුවන්ගේ අසාර්ථකතවය , 300 ට අඩු ලකුනු ප්‍රමානයක් හඹා යාමේදී පවා දැක්වූ දුර්වලතාවය , බලාපොරොත්තු රහිත පන්දු රැකීමේ දුර්වලතාවයන් දක්වන්න පුලුවන් . ඉන්දියාව පැත්තේන් සහීර් හැර අන් පන්දු යවන්නන්ගෙ අසාර්ථක භවය , පිති කරුවන් වරින් වර සාර්ථක උනත් එකවර සාර්ථකත්වයක් නොදැක්වීම , අවසන් තරඟයේ ලකුනු 29 කදී කඩුලු 9 ක් දැවී යාම , අඩු ලකුනු ප්‍රමානයක් හඹායාමෙදිත්  අනවශ්‍ය දුශ්කරතා ඇති කරගැනීම වගේ ඒව ගන්න පුලුවන්

05) ඉන්දියානු කණ්ඩායම ගැන අපේ රටේ ප්‍රෙක්ෂකයින් දක්වන්නෙ මිශ්‍ර අදහස් සමහ්ගර අය පලු යන්න බනිත්දි සමහර අය කැමතියි , ඒත් මේ පාර බනින අය වැඩි වෙලා කියල මට හිතෙනව නමුත් ඉන්දියාවෙ කලින් තිබු ජරා හැසිරීම රටාව මේ පර ටිකක් අඩුයි එහෙනම් ඇයි මෙච්චර බනින්නෙ?



මේ කරුනු කාරනාත් එක්ක ලෝක කුසලානය තුල ලංකාවෙ හා ඉන්දියාවෙ අනගතය මොන වගෙ වේවිද ? 

මම නම් දැන්ම තීන්දු දෙන්න යන්නෙ නැ (මට අදහසක් තිබුනා උනත් ) . ඕගොල්ලන්ටත් හිතන්න යමක් එකතු කරන්නයි මේ ලිපිය ලියුවේ . මේ කියුව ඒව ගැන ඔගොල්ලන්ගෙ අදහසත් කමෙන්ට් එකක් විදිහට දාන්න , තවත් තොරතුරක් විදිහට කණ්ඩායම් දෙකේ පිතිකරන හා පන්දු යැවීමේ දක්ෂතා පහත ලයිස්තුවෙ තියනව , සමහර විට ඒ දත්තත් අදහස්ක් ගන්න උදව් වෙයි . කොහොම උනත් අවසානයට කියන්න තියෙන්නෙ අපි මොනව හිතුවත් ඒ දෙවල් සැනින් වෙනස් වෙන්න පුලුවන් .ඒක තමයි ක්‍රිකට් වල හැටි !!!!!!!!!!!!!

මුලින්ම ක්‍රිඩකයගෙ නමත් ලකුනු සාමාන්‍යත්   දීල තියනව , පන්දු යැවීම් වෙනම දීල තියනව
Sri Lanka - Batting



  1. Dilshan - 35.88
  2. Tharanga - 35.48
  3. Sanga - 37.61
  4. Mahela  32.7
  5. Chamara - 30.57
  6. Kapugedhara - 22.53
  7. Angelo - 32.22 
  8. Thilaan - 28.03
  9. Kulasekara - 17.45
  10. thisara - 14.46
  11. Malinga - 8.75
  12. Dilhara - 9.96
  13. Murali - 
Sri Lanka - Bowling

  1. Malinga - 26.42
  2. Murali - 23.13
  3. Medis -19.86
  4. Kulasekara -29.18
  5. Thisara -20.55
  6. Dilhaara -29.96
  7. Dilshan -41.43
  8. Rangana -26.77
  9. Angelo - 30.9
_________________________________________________________________________

India - Batting

  1. Sachin - 45.22
  2. Sewag - 35.35
  3. Dhoni -  48.79
  4. Yuvi - 37.08
  5. Ghambir - 40.39
  6. Kohli - 45.67
  7. Yusuf - 30.28
  8. Raina - 35.19
  9. Haribajan - 12.97
  10. Sahir - 12.37
India - Bowling 

  1. Sahir - 29.08
  2. Haribajaan - 33.33
  3. Nehra - 31.92
  4. Munaf - 28.89
  5. Chawla -34.91
  6. Srisanth - 32.75
  7. Yusuf - 38.13
  8. Yuvi - 38.53
  9. Ashwin - 23.21(මොහු ක්‍රිඩා කර ඇති තරඟ ප්‍රමානය ඉතා අවම නිසා මෙම ලකුනු සාමන්‍යෙන් මොහුගෙ දක්ෂතා හෙලි නොවේ )


Comments

  1. ඉන්දියාවට කෝටි 120ක ක්‍රිකට් ලෝලීන්ගේ සහායත් BCCI එකත් ICC එකත් සහාය දෙනවා මම කොහේද මන්ද කියෙව්වා (මගේ ‍බ්ලොග් එකේ නෙවී) තරග කාලසටහන් හදන්නේ ඉන්දියාවට වාසි වන විදියට කියලා...

    එහෙම එකේ ඉන්දියාව මේ පෙන්නල තියෙන්නේ දස්කම් නෙවී.... ලැජ්ජයි ඉන්දියන් කාරයින්ට. iraland kenya zim canada වලට මේ පහසුකම් හම්බවුනානම් (ඉන්දියාවට දීපු) අද එයාලා කරනවා ඉන්දියාවට වැඩිය.

    ReplyDelete
  2. මම හිතනවා ඉන්දියානු හා ශ්‍රී ලාංකික කණ්ඩායම් දෙක අරගෙන බලද්දී ශ්‍රී ලංකාවට වැඩි වාසියක් තිබේවි කියලා. මැද පෙළ පිතිකරුවන් ආත්ම විශ්වාසය ගොඩ නගාගෙන ශතක වලට ආසන්න වීම මේ සඳහා ඉතාම වැදගත් වේවි කියලා හිතෙනවා. පහුගිය මැච් කීපෙකම අපිට තිබුනු අඩුව ඒක.

    ReplyDelete
  3. Why not a single word about Pakistan? Is it because Pakistan beat Sri Lanka? We all Muslims in Sri Lanka support Pakistan as we did Premadasa stadium and other two matches in Pallekale. We Muslims pray that Pakistan will win the World Cup this time.

    ReplyDelete
  4. @සංකල්පනා - රුවන් - අනිව මචන් ක්‍රිකට් මකට් එක ඉන්දියාවෙ නිසා එක ඉන්දියාවට සපෝට් ඒ තිබිලත් දක්වපු දක්ෂතා අන්තිමයි , ඉන්දියාවේ මාධ්‍ය දැන් ටීම් එකට අම්බානක නෝන්ඩි දානව ඊලඟ වටෙන් එලියට විසි උනත් මරුවට තියෙයි

    @budhajeewa අපේ බෝලින් හොඳ නිසා වාසියක් තියෙන්න ඉඩ තියනව , හැබැයි පිතිකරු දක්ෂතා තව වර්ධනය කරගන්න ඕනි , ඒ වගේම තමා ඉන්දියාවේ බෝලින් අවුල් උනාට බැටාලා ටික හරියට කරනව නම් 350 ක් හැම මැච් එකේම ගහන්න පුලුවන් සෙට් එකක් ඉන්නේ , ඒ මේ දක්වා නම් සාර්ථක නැහැ

    ReplyDelete
  5. @adamලෝක කුසලානය ගැන කියවෙත්දි පලමු කණ්ඩායම් 4 ට පකිස්ථානය කියවුනෙ නැහැ , කියවුනේ ලංකාව , ඉන්දියාව , ඕස්ට්‍රෙලියාව හා ද.අප්‍රිකාව . නමුත් ඉන්දියාව හෝ ලංකාව ඒ දක්ෂතා පෙන්නුවෙ නැහැ ඒ ගැනයි මේ ලිපිය . මේ රටේ ඉපදිල , මේ රටේ සම්පත් වලින් හැදිල වැඩිල පකිස්ථානයට කඩේ යන එක ගැන හරි නම් එහෙම කරන මුස්ලිම් වරු ලැජ්ජ වෙන්න ඕනි

    හිතාගෙන ඉන්නේ පකිස්ථානය දිනයි කියලද ? බලමුකො , හැබැයි පකිස්ථානෙ නවසිලන්තේන් කාපු කැම වගෙ එකක් නම් අපිවත් ඉන්දියාව වත් පැරදුනේ නැහැ . පැරදුනා නම් හොඳ ගේමක් දීලා, ආ තව එකක් ඊලඟ වටයකදි දහස් සඛ්‍යාත ඉන්දියානු ප්‍රෙක්ෂකයින්ගේ හූ හඬ මැද්දේ පකිස්තානය ඉන්දියානු කණ්ඩායමට පරදින එක අපි බොහොම කැමැත්තෙන් බලාපොරොත්තුව ඉන්න දෙයක් කියල මතක් කරන්නත් කැමතියි

    ReplyDelete
  6. @buwa

    The loss to New Zealand is temporarily set back. After the win against Zimbabwe yesterday Pakistan is at the 2nd in the group. Sri Lanka has slipped into the 03rd place. We Muslims in Sri Lanka will still be happier if the World Cup is raised by SA, England, India or Bangladesh as those teams comprise at least one Muslim player.

    ReplyDelete
  7. ඕක තමයි කියන්නෙ උඹල හදන්න බැ කොච්චර කිව්වත් , තමුන් ඉපදුන රටට වඩා එක මුස්ලිම් ජාතිකය හොයනව . ඔතන රටවල් ඔක්කොමගේ නම් තියනවනෙ ඉතින් ලංකාඅ නැත්නම් ඔයින් එකක් දිනයි

    මම කියන්නෙ පකිස්තානේ ඉන්දියාවට පරදින්න ඕනි කියල.හැබැයි අනික් ඒව වගෙ නැතුව ඔක්කොම මුස්ලිම්,සල්ලි වලට තරඟ පාවල දෙන උන් ඉන්න , ශරියා නීතිය ක්‍රියාත්මක රටේ ටීම් එක නිසා නිසා නම් නම් නෙවෙයි . මහ නැහැදිච්ච වනචර ගති තියන උන් බහුතරයක් ඉන්න නිසා .

    මතක තියා ගන්න අපි මැච් බලන්නෙ ආගමක් හිතාගෙන නෙවෙයි අපේ රට ගැන හිතල . ඊලඟට වෙන රටක කන්ඩායමකට කැමති නම් ඒ ඔවුන්ගෙ චර්යාව , දක්ෂතාවය වගෙ දේකට කැමැත්තෙන් .ක්‍රිඩාවටත් ආගම ගාවගන්න තරම් අපි මෝඩ නැහැ

    ReplyDelete
  8. අනේ මන්දා බං බුවා. දැන් හැම තැනම හැක් සහ ආගම්... මේ මුස්ලිම් කාරයින්ට මාර *කේ අමාරුවක් නේ තියෙන්නේ. මට නම් කන්න කේන්තියි බං. මොනවා කරන්නද ? අපේ රටේදිම අපි හිරකාරයෝ වෙලා !!!

    ReplyDelete
  9. මටත් වෙලාවකට නප්පියට තදවෙනව . දැන් නම් මම අතැරල දාල තියෙන්නේ මී හරක්ව හදන්න බැනේ , මචන්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව