Skip to main content

දකුණු ආසියානුවන්ගේ විජයග්‍රහනයන් මැද අර්ධ අවසන් පූර්ව වටයට පෙරවදනක්

දකුණු ආසියාතික බිමේ පැවැත්වෙන ලෝක කුසලානයේ වැඩි වාසිය හිමි තමන්ට බව දකුණු ආසියාතිකයින් මේ සති අන්තයෙදී ඔප්පු කලා . ඒ දකුණු ආසියාවේ ක්‍රිකට් බලවතුන් වන ශ්‍රි ලංකාව , ඉන්දියාව හා පකිස්ථානය තමන් තරඟ වැදුන තරඟ ඉතා විශිෂට ලෙසට ජයග්‍රහනය කරමින්  හා ප්‍රභල කණ්ඩායම් 4 තුල තමන්ගේ ස්ථාන තහවුරු කරගනිමින් . එයින් පකිස්ථානය ජයග්‍රහනය ලැබුවේ 1999 සිට අඛණ්ඩව රැකගෙන ආපු ඕස්ට්‍රෙලියානුවන්ගේ අපරාජිතත්වය බිඳ දමමින් වීම විශේෂයි .

කොහොම උනත් මේ සූදානම් වෙන්නෙ  එම කණ්ඩායමුත් තරඟ වදින  අර්ධ අවසන් පූර්ව වටය පිලිබඳ  විග්‍රහයක යෙදෙන්න . මම කලින් ලිපියකදි කිව්වා වගේම ලංකාව හෝ ඉන්දියාව තමන්ගේ කාණ්ඩය තුල පලවෙනි ස්ථානයට පත් උනේ නැහැ , ඒත් පලවෙනි ස්ථාන 4 තුල රැඳී සිටියා . එම ස්ථානය රැක ගන්නට අසමත් උනේ ඕස්ට්‍රෙලියාව . ඒ අසමත් වීමත් එක්ක බොහෝ දෙනෙක් බලාපොරොත්තු උන කණ්ඩායම් 4 න් එකක් අවස්න් 4 දෙනාට සුදුසු කම් ලබන්නෙ නැති වෙනවා , එසේ ඉවත් වෙන්නේ කව්ද??

ඒ ගැන හොයන්න කලින් අර්ධ අවසන් පූර්ව තරඟ එක එක අරන් බලමු

පළවෙනි තරඟය

Free Image Hosting at www.ImageShack.us   Vs   Free Image Hosting at www.ImageShack.us


පකිස්ථානය නොසිතු විරු විදිහට දක්වපු දක්ෂතාත් කොදෙව්වන් පසුගිය තරඟ දෙකේ ක්‍රිඩා කරපු විදිහත් සැලකුවාම මේ තරඟය ජයග්‍රනය කිරීමේ වැඩි ඉඩ කඩක් තියෙන්නෙ පකිස්ථානයට බවයි පෙන්න තියෙන්නෙ.කොදෙව්වන්ගෙ දුර්වල පිතිකරනය වගේම බංග්ලාදේශයේදී පකිස්තානය ලබන ඉහල ප්‍රෙක්ෂක ප්‍රතිචාරත් මේ සඳහා හේතුවෙන්න පුලුවන්


දෙවෙනි තරඟ


Free Image Hosting at www.ImageShack.us vs Image Hosted by ImageShack.us

බොහොම දෙනෙක් මෙතරම් ඉක්මනින් බලාපොරොත්තු නොවුන තරඟයක් මේක . ඒ නිසා මේ වටයේ තියුනුම තරඟයක් මේකයි කියල හිතන්න පුලුවන් . කාටද ඊලඟ වටයට යන්න ලැබෙන්නෙ නැත්තෙ කියන ප්‍රශ්නය කාටත් තියන නිසා පොඩ්ඩක් විමසල බලමු.

ඕස්ට්‍රෙලියානු කණ්ඩායම ලෝක කුසලාන තරඟවල්දී දක්වන දක්ෂතාත් එක්ක ඔවුන් ඔනිම කණ්ඩායමක් එක්ක තරඟ කරල ජය ගන්න පුලුවන් කියල විශ්වාසයක් ගොඩ නැඟිලා තියනව , ඒත් පකිස්ථානය ඔවුන්ගේ අපරාජිත වාර්තාව කඩා දැමීම මේ මානසික තත්වයෙන් ගොඩ ඒමට ඉන්දියානු කණ්ඩායමට ලොකු උපකාරයක් වෙන්න පුලුවන් ඒ වගෙම තමන්ගෙ රටේ තම්න්ට පුරුදු පිටියක් , තමන්ගේම ප්‍රෙක්ෂකයින් කියන වාසියත් ඉන්දියාවට තියනව . සියලු පිති කරුවන් ලකුණු අතර සිටීමත් අවසාන තරඟයෙදී අශ්වින් ඇතුලු සියලුම පන්දු යවන්නන් සාර්ථක වීමත් ඉන්දියාවට සහන දායි කාරනයන්.ඒ වගේම තරඟය පැවැත්වෙන සර්දාර් පටෙල් ක්‍රිඩාංගනය තුලදි ඉන්දීයානුවන් දක්වා ඇති දක්ෂතා බොහොම ඉහලයි ඒ වගේම ඒ ක්‍රිඩාංගනයෙදි ඕස්ට්‍රෙලියානුවන් දක්වපු දක්ෂතා ගැන වාර්තා නැහැ ( සමහර විට තරඟ කරන්න ලැබිල නැතුව ඇති වැඩිපුර ) . මේ දෙකෙන් කොයි කාරනය උනත් ඒකත් ඉන්දියානුවන්ට වාසි සහගතයි  . කොතරම් වාසි සහගත තත්වයන් තිබුනත් ඕස්ට්‍රෙලියානුවන් ඒවා බිඳ දාන්න ඉඩ තියනව , විශේෂයෙන්ම ඉන්දියානු දඟ පන්දු යවන්නන්ට ඕස්ට්‍රෙලියානු පිතිකරෞවන් දක්වන ප්‍රතිචාරයත් , ඔවුන්ගේ අධි වෙගී පන්දු යවන්නන්ට ඉන්දියානු පිතිකරුවන් දක්වන ප්‍රතිචාරයත් මෙහිදී වැදගත් කාර්යබාරයක් ඉටු කරාවි   .කොහොම උනත් මගෙ අදහස් නම් ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහන ලබයි කියන එකයි


තුන්වන තරඟය




Image Hosted by ImageShack.us  vs   Image Hosted by ImageShack.us

අපිට වඩාත් වැදගත් තරඟය . කොහොම උනත් මේ තරඟයෙන් ජයගන්න එක නම් ශ්‍රි ලාංකිකයින්ට අපහසු වෙන එකක් නැහැ . තමන්ට හුරු පුරුදු , දඟ පන්දු යවන්නන්ට හිතකර ක්‍රිඩා පිටියක දඟ පන්දු යවන්නන් ඉදිරියේ අසාර්ථ එංගන්ත පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කරන එක ශ්‍රි ලංකා කණ්ඩායමට් ඉතා පහසුයි , ඒ වගේම එංගලන්ත පන්දු යවන්නනුත් විශාල බලපැමක් කරන එකක් නැහැයි කියලයි මම හිතන්නෙ .ඒවගේම නායකයා  හැරුනාම අනෙක් අය පිතිකරනය තුල එතරම් දක්ෂතා නොදක්වා තිබීමත් එංගලන්තයට අවාසිදායකයි . ඒ නිසා ශ්‍රි ලංකා කණ්ඩායම පහසුවෙන් අවසන් 4 දෙනා අතරට තේරේවි කියල මම හිතනව

සිවු වන තරඟය


Image Hosted by ImageShack.us   Vs 

තරඟවලිය තුල සිටින සමබරම කණ්ඩායම වන ද:අප්‍රිකානුවන්ට නවසීලන්තය කිසි ලෙසකින්වත් අභියෝගයක් වන එකක් නැහැ , ඒ කියන්නෙ ලංකාව එක්ක අවසන් පූර්ව තරඟයට ද:අප්‍රිකාව පහසුවෙන්ම එනවාය කියලයි මම හිතන්නෙ.


විග්‍රහයක් කියල මුලදි  කිව්වත් මේ ලිපිය බොහොම දුරට අනාවැකියක් කියල කියන්න පුලුවන් . බලමු කොයි තරම් දුරට හරි යයිද කියල . මේ ගැන ඕගොල්ලන්ගෙ අදහසත් කියන්න  කමෙන්ටුවකින්  . සැමටම උද්දාමයෙන් පිරුන ක්‍රිකට් සතියක් වේවා !

සැ.යු - සියලුම ඡායාරූප  ඒවායේ හිමිකරුවන් සතුය
Note - All rights on photos are reserved to their respective Owners 

Comments

  1. godak wadagath wigrahayak mama hithanne meke thiyana anumana itha sarthaki

    ReplyDelete
  2. හොඳ විග්‍රහයක්....අපි බලමු මොකද වෙන්නේ කියලා...උද්දාමයෙන් පිරුණු ක්‍රිකට් සතියක්...:)

    ReplyDelete
  3. @ ano & තපස් - ප්‍රතිචාර වලට ස්තුතියි.

    ReplyDelete
  4. ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි සෙට් වුන එකනම් ලොකු දෙයක්...

    ඒත් එංගලන්තෙ sure කරන්නත් බෑ...

    -හරී-

    ReplyDelete
  5. මොනා කරල හරි කමක් නෑ... අරක හම්බුනොත් ඇති...

    ReplyDelete
  6. මම මේ ගැන පෝස්ට් එකක් දාන්න හිටියේ. ඒත් මම දන්න හිටන් හිටිය ඔක්කොම වගේ උඹ දාල. ඒක නිසා මම ඒක හෙට නොදා ඉන්නව

    ReplyDelete
  7. @prasanගොඩක් අඩු පාඩු තියනව හදාගන්න .... ඒත් බැරි කමක් නම් නැහැ

    @රංග - මගේ ලෝකය -එහෙමද ඒ කියන්නෙ මගේ අනාවැකිත් එක්ක එකඟයි , එහෙම නම් දැන් ඒ පෝස්ට් එක ලියන වෙලාවෙත් ආතල් කතාවක්ම ලියන්න පුලුවන්නෙ :)

    ReplyDelete
  8. පොන්ටින්ට කැමති නෑ ටීමි එකේ අලුත් කොල්ලෝ. එතන පොඩි අවුලක් තියෙනව. ඒක ඉංදියාවට වාසියි.

    කෙසේ වුවත් මෙි අපේ වාරයයි.
    මෙි සින්දුවත් අහල බලමු
    http://www.youtube.com/watch?v=8t_5h4CFUKY

    ReplyDelete
  9. එහෙම අවුලකුත් තියනවද ? ඉන්දියාව දිනුවොත් හොඳයි මොකද ඔතනින් පැනගත්තොත් ඕස්ට්‍රෙලියාව ෆයිනලුත් එනවා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව