Skip to main content

ලිබියාව කුඩුපට්ටම් කිරීම , ගඩාෆි අන්කල් සහ අපේ කට්ටිය

ලිබියාවේ උද්ඝෝෂණත්, ඒවට ගඩාපි අන්කල් උත්තර දීපු විදිහත් , ඒ නිසාම දැන් ලිබියාවට කුඩු සංසාරවෙන්න නෙලන එකත් ලෝකය පුරාම කතාබහට ලක්වුන නිසා මාත් ඒ ගැන පොඩි කතාබහක් කරන්නයි හදන්නේ.ස්වභාව ධර්මයා ඉක්මවා යමින් කෘතිම ක්‍රම වලට තමන්ගේ ජාතිය වැඩිකරගන්න ගියාම , ඒ ජනගහන පාලනයට ඔයවගේ සංතැසි කාලෙන් කාලෙට  වෙනවාය කියලයි මගේ මූලික අදහස  . හැබැයි ඉතින් එහෙම කිව්වාම අන්තවාදියි වගේනේ,ඒ නිසා පොඩ්ඩක් විස්තරත්මකව සිද්ධිය දිහා බලමු .

වසර ගනනක් ඒකාධිපති විදිහට පාලනය ගෙන ගිය අරාබිකරයේ නායකයින් කිහිප දෙනෙකුට  2011 වසර එතරම් සුභදායක උනේ නැහැ . දෙන්නෙකුට අකුලගෙන යන්න වෙත්දි තවත් අය තමන්ට එරෙහිව නැඟුන විරෝධතා මැඩපවත්ව ගන්නත් සමත් උනා . අසල් වැසි රටවල නායකයින් එලවා දැමීමත් එක්ක වැඩියම අපහසුතාවයට පත්වෙන්නෙ ලිබියාවෙ නායක ගඩාෆි.කලින් රටවල වගේම විශාල ජන රැල්ලක් ගඩාෆිට එරෙහිවත් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නව ,බලයෙන් පහ කෙරුන අනෙක් නායකයින්ට වගේම ගඩාෆිටත් තම්න්ගෙ සිවිල් බලතල වලින් මේ උද්ඝෝෂකයින්  මර්ධනය කරගන්න ලැබෙන්නෙ නැහැ .මේ තත්වය යටතෙදි අනික් නායකයින් අකමැත්තෙන් හෝ තමන්ගෙ බලය අතැරියත් ගඩාෆි ඊට සූදාන්ම් වෙන්නෙ නැහැ, ඔහු කරන්නේ උද්ඝෝෂකයින්ට එරෙහිව හමුදා බලය පාවිච්චි කරන එක . මේ තත්වයත් එක්ක බාහිර ලෝකයාගෙ අවධානය ලිබියාව වෙත ප්‍රභල ලෙස යොමුවෙන්න පටන් ගන්නව , මොකද සිවිල් ජනතා උද්ඝෝෂනයකට එරෙහිව හමුදා බලය පාවිච්චි කිරීම ඉතා බරපතල තත්වයක් නිසා .  ලිබියාවෙ අරගලය සාමාන්‍ය තත්වයන්ට එහා ගිය සිවිල් යුද්දයකට යන බව ලෝකයාට පෙන්නුම් කෙරෙන්නෙ මේ කාලය තුලදි .ගඩාෆිගෙ හමුදා වලට කැරලිකරුවන්ගෙන් එල්ල උන සන්නද්ධ ප්‍රහාර , කැරලිකරුවන් විසින් ලිබියාවෙ ඇතැම් නගර අත්පත්කරගැනීම මීට හෙතු උනා කියන්න පුලුවන්

 . සිවිල් වැසියන් ආයුධ සන්නද්ධ කිරීම ගැන ගඩාෆිගේ චෝදනා එල්ල උනේ අල්-කයිඩා සංවිධානය ඇතුලු ඉස්ලාමීය අන්තවාදීන්ට , ඒ වගේම භූමි සටන්වල්දී අසාර්ථකවෙන තමන්ගෙ හමුදාවන් වෙනුවෙන් ගුවන් හමුදා බලය යොදන්නත් ගඩාෆි කටයුතු කරනව.

ලෝකය තුල බරපතලම කැලඹීම ඇති කරන්නෙ මේ සිදුවීම . සිවිල් වැසියන්ට විරුද්ධව රටෙ නායකය ගුවන් ප්‍රහාර දියත් කිරීම ගැන ලෝකයෙ සියලුම රටවල නායකයින්ගේ ප්‍රභල විරෝධය ගඩාෆිට එල්ල වෙනව විතරක් නෙවෙයි එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයෙදි සියලු ම සාමාජිකයින්ගේ කැමැත්තෙන් ලිබියාටවට හා ගඩාෆී පාලනයේ සාමාජිකය්න්ට එරෙහිව සම්බාධක පැනවෙනව , ඒ වගේම ගඩාෆිගේ විදෙස් රටවල තියන දේපල තහනම් කිරීම , ගඩාෆි පවුලේ සමාජිකයින්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවලට ඇතුලත් වීම තහන්ම් කිරීම ඇතුලු ක්‍රියාමාර්ග රාශියකුත් සිද්ධවුනා. ඒත් ගඩාෆි නම් මේ දේවල් වලින් සැලුන බවක් පෙනුනෙ නැහැ , තමන්ගේ රටෙ ප්‍රශ්නවල අතදාන්න බටහිරට අයිතියක් නැහැයි කියන එකත් තමන්ගෙ රටට හොටදාන්න ආවොත් පසු තැවෙන්න වෙයි කියලත් ප්‍රකාශයක් ගඩාෆි පාර්ශවයෙන් නිකුත් කලා ඒ විතරක් නෙවෙයි තමන්ගේ යුරෝපා ආයෝජන සියල්ලම චීනය රුසියාව හා ඉන්දියාවට ලබාදෙනව කියල අනතුරු ඇඟවීමකුත් කලා.

මෙන්න මේ සිද්ධි දාමන්යෙන් පස්සෙ තමයි "ලිබියාව කුඩු පට්ටම් කිරීම හා ගඩාෆි අන්කල්" කියන කතාව පටන් ගන්නෙ

තමන්ට විරුද්ධව දාපු සම්බාධක ප_කට වත් ගණන්ගන්නෙ නැතුව ගඩාෆි අන්කල් කැරැලිකරුවන්ට දිගට හරහට නෙලන්න ගත්ත එක අයීත් පාරක් කතාබහට ලක් උනා . ගඩාෆි ගුවන් ප්‍රහාර නවත්තන්න "ගුවන් මුක්ත කලාපයක් " නම් කලයුතුය කියල බටහිර රටවලින් යෝජනා උනා . මේකට බැහැලම වැඩ කලේ ප්‍රංශයෙ සර්කෝසි මහත්තය . වැඩෙට පස්ස ගහනවයි කියල ඇමෙරිකාව එක්කත් ජර්මනිය එක්කත් සර්කෝසි උන්න්හේ සැහෙන මලකින් හිටියෙ .කොටින්ම ගඩාෆි අන්කල් ඔට්ටු නැය දැන ලිබියාවෙ ආණ්ඩුව කැරලි කරුවන්ය කියලත් උන්නෙහේ ප්‍රකාශ කලා (ගඩාෆි අන්කල් ගෙන් සර්කෝසි උන්නැහෙට හරි නෝන මහත්තෙන්ට හරි කරදරයක් වත් උනාද මන්ද )

සර්කෝසි මහත්තය උඩ පැන්නට එක පාරට ගේමට නොයන්න ලොකු හෙතුවක් තිබුනා ඒ අරාබි රටවල් සියල්ලගෙ නියෝජනය වන අරාබි ලීගයේ කැමත්ත හා ඒකෙ අවශ්‍යතාව රුසියාව විසින් තදබල ලෙස අවධාරනය කිරීම  .අරාබි ලිගයේ කැමත්ත අනිවාර්‍ය් නොවුනත් නිකන් එකපාරටම කුණු බලි වලට අතදාන්න ඔබාමා මහත්තය ටිකක් කම්මැලියි වගේ කියන එකත් පේන්න තිබුනා

ගඩාෆි අන්කලුත් ගේම අතරින්න සුදානම් උනේ නැති නිසා සිවිල් වැසියන් ගුවන් ප්‍රහාර වලින් බේරගන්න "ගුවන් මුක්ත කලාපයක්" ප්‍රකශ කරන තැනට අවසානයෙදී ආර්ක්ෂක මණ්ඩලය පැමිනියා ඒ අරාබී ලීගයේ එකඟතාවයත් ඇතුව . හැබැයි මේ චන්ද විමසීමට රුසියාව, චීනය , ජර්මනිය, ඉන්දියාව හා බ්‍රසීලයත් සහභාගී
උනේ නැහැ. ගුවන් මුක්ත කලාපයක් විතරක් නෙවෙයි සිවිල් ජනතාවගෙ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලුම ක්‍රියා මාර්ග ගන්නය කියලත් මූන් මහත්තයගෙ අවසරෙ හම්බ උනා.

 මේ අවසරයත් එක්ක බබා හම්බ උනේ ගඩාෆි අන්කල්ට මොකද තීරනේ ඇවිත් පැය ගාණක් ඇතුලත මිත්‍ර හමුදා ගඩාෆි අන්කල්ගෙ සෙට් එකට ඇට්ටි හැලෙන්න  නෙලන්න ගත්ත නිසා .

එල්ලවුන ප්‍රභල ගුවන් ප්‍රහාර වලින් කැරල්කරුවන් වෙත ප්‍රහාර එල්ල කරමින් සිටි ගඩාෆි ගේ හමුදාවන්ට බරපතල හානි සිද්ධ උනා . ඒ වගේම ලිබියාවෙ මාධ්‍ය ආයතන වාර්ථා අනුව සිවිල් වැසියන් රාශියකුත් අනතුරට පත්වෙලා තිබුනා .මේ වාර්තා එක්ක මුලින්ම කලබලයට් පත් උනේ අරාබී ලීගය . අභ්‍යන්තර පරස්පර මතවාදත් තියාගෙනම තමන් අවසර දුන්න ගුවන් මුක්ත කලාපයෙන් බටහිර රටවල් අයුතු ප්‍රයෝජන  ගන්නවාය කියලයි ඔවුන් කීවෙ  . ඒ වගේම රුසියාවත් , චීනයත් ඉන්දියාවත් සිවිල් වැසියන්ට හානි කරමින් සිදුකරන ගුවන් ප්‍රහාර හෙලා දැකල තිබුන . (මේ අයගෙ විරෝධයට නම් වෙනත් අරමුණු තියෙන්නත් ඉඩ තියනව)

කොහොම උනත් 4 වෙනි දිනටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි . මෙහෙයුම් ගැන වගේම මෙහෙයුම් වලට පක්ෂව හා විපක්ෂව බොහෝ අදහස් ජාත්‍යන්තර මාධ්‍ය තුල පල වෙනව . ඒ අතර ගඩාෆිගෙ පුතා මිය යාම , ඇමෙරිකානු ගුවන් යානය්ක් අනතුරට ලක්වීම , ඇමෙරිකාවේ කාර්යාබාරය හා ගඩාෆි ගැන ස්ථාවරය , බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුව මෙහෙයුම් වලට සහය දැක්වීම , ඇතැම් යුරෝපා රටවල් හා නේටො සාමාජිකයින් ගේ වෙනස් මත , රුසියාවෙ හිටපු ජනපති පුටින් හා වත්මන් ජනපති මතයන් දෙකක සිටීම .කටාර් රාජ්‍යය මෙහෙයුම් වලට එකතුවීම වගේ කාරනා විශේශයි කියල කියන්න පුලුවන්.


මේ දේවල් මෙහෙම සිදුවෙත්දි ලංකාවෙත් මුල ඉඳලම ලිබියාව ගැන මතවාද පල උනා . මොනවද මේ අපේ කට්ටියගෙ අදහස්

රාජපක්ෂ නම ඇහුනත් ඇඟේ පලුදාන සෙට් එකක් අපෙ රටෙ ඉන්නවනෙ . මේ අය නම් අරාබි කරයෙ අර්බුධයන් දැක්කෙ රාජපක්ෂ මහත්තයට කරන අනතුරු ඇඟවීම කියල . අරාබියෙ නායකයො මකබැවෙන කොට කීවේ ඒකාධිපතියන්ගෙ ඉරනම ලංකාවටත් පොදුයි කියල (හැබැයි අයින් උන නායකයො දශක ගානක් රටවල් පාලනය කල අය කියලත් රාජපක්ශ පාලනයට තාම අවුරුදු 6යි කියන එකත්  මේ අයට මතක් උන බවක් පෙනුනෙ නැ )

අර්බුදය ලිබියාවට එනකොට මේ අයට ෆුල්ම සොමියක් ගිහින් තිබුන , මොකද ගඩාෆි අන්කල් අපේ රජතුමාගෙ බුදු ෆිට් එකනේ , දෙන්න එක්ක කරට අතදාගෙන ඉන්න ෆොටෝ , නාමල් මහත්තයයි ගඩාෆි අන්කලුයි ඉන්න ෆොටොයි වෙබ් අඩවි වල දාගෙන මේ කට්ටිය ලොකු අඩව්වක් ඇල්ලුව ( පොටො නම් ඉතින් ඔය ඔබාමා එක්කත් අරන් තියෙන්නෙ) . මට මතක විදිහට නම් "ගඩාෆි එලවපියො" කියල උද්ඝෝශනයකුත් කලා

ඒ විතරක් නෙවෙයි ගඩාෆි අන්කල්ට සපෝට් කට්ටියත් මෙහෙ ඉන්නව , ඔය එක්සත් ජාතින් පෙන්නෙ බැරි දේශප්‍රේමි පක්ශෙකුත් ඒකට සම්බන්ඳ වෙබ් අඩවියකුත් ගඩාෆි අන්කල්ට බොක්කෙන්ම සප් එක දුන්න . කොටින්ම කියනව නම් ගඩාෆි අන්කල් දන්නව නම් සුද්දන් ගෙන් ඉල්ලං කන්න එහෙ ඉන්නෙ නැතුව මෙහෙ එනව ,එච්චරටම ආදරෙයි , ඒ විතරක් යැ රැවුටුනා ඇතිය කියන්න ගිහින් මක්බැවිච්ච පක්ශෙකුත් ප්‍රහාර වලට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කරල තිබුන . හැබැයි මේ අය කලින් නම් "රාජපක්ෂ ෆෝබියාව" තදටම තිබිල කැරැල්ලට සහය දුන්න අය දැන් මොකද දන්නෙ නැහැ  වෙලා තියෙන්නෙ ??

ඒවගේම මධ්‍ය්ස්ථ විචාරකයෝය කියා ගන්න අයත් ගඩාෆි අන්කල්ට සපෝට් බවයි පෙන්න තිබුනෙ. පහුගිය කාලයෙ  බිබිසීයටත් නිවුස් කියාදෙන්න ගිය ඒත් නිවුස් අස්සේ තමන්ගෙ වැඩසටහන් මාකට් කරගන්නව වගෙ පජාති වැඩ කරන , ඇත්ත කියනවාය කියාගන්න මාධ්‍යකුත් දවසක් පලවෙනි හෙඩිමෙන්ම බටහිරට පලු පැලෙන්න බැන්න . බැරිවෙලාවත් ඒක ඇහුන නම් එහෙම නේටෝව ඒක පාර්ශවිය සටන් විරාමයක් දානව වහාම.අපේ බ්ලොග් ලියන සහොදරයොත් එක්කෙනෙක් දෙන්නෙක් නම් ගඩාෆි අන්කල්ට සහය දිලා තියනව මම දැක්ක , ඒවා ඉතින් කාටවත් එච්චර ගානක් නැහැනෙ

නායකත්වයට කෙල වෙන්න ඔන්න මෙන්න තියල උනත් ජපානය වෙනුවෙන් බෝධි පූජා තියන විපස්ස නායකතුමා නම් ලිබියාව වෙනුවෙන් පෙනී ඉන්න එකක් නැහැ. අනික එහෙම කලොත් අර ලෝක  ප්‍රජාතන්ත්‍රවාදී සෙට් එකෙ මූණ බලන්නත් බැහැනෙ , හැම වෙලේම සුද්දන්ට පුප්පන සජිත් මහත්තය යූන්පියෙ නායකය වෙල හිටිය නම් සමහර විට ඔය ප්‍රහාර තරයේ හෙලා දකින්න ඉඩ තිබුනා .

රජයත් මේ දක්වා මොකුත් ප්‍රකාශයක් කරල නැහැ , ඇත්තටම වෙන්න ඕනිත් ඒකයි . මොකද අරයගෙ මෙයාගෙ පැත්තට ගොට්ට ගහන්න යන එක ලංකාවට රටක් හැටියට පාඩුයි . ඉතින් තානාප්ති කාර්යාලෙත් වහල ජනතාවත් ඉවත් කරගෙන මේ ඉන්න විදිහ තමයි වැඩියම හොඳ . හැබැයි ඉතින්  චීනෙ ,ඉන්දියාව , රුසියාව වගෙ රටවල් විරුද්ධ නිසා එක පාරටම බටහිර විරෝධය ආයෙත් ඉස්මතු වෙයිද කියල නම් කියන්න දන්නෙ නැ
අපේ කට්ටිය ගැන දැනට එච්චරයි , කොහොම උනත් තමන්ගෙ ජනතාවට බෝම්බ දාන ගඩාෆිත් , ඒ ජනතාව බේර ගන්නය කියල ලවක් දෙවක් නැතුව මිසයිල ගහන නෙටෝවත් ගෙන් කව්ද නිවැරදි  ? කියන එක නම් තවමත්  ප්‍රශ්නකාරියි කියලයි අවසන් වශයෙන් කියන්න ඕනි


UPDATE -මං අර කිව්ව දේශප්‍රේමි කට්ටියගේ වෙබ් අඩවිය නම් ගඩාෆි අන්කල්ට පුදුම ආදරයක් තියෙන්නෙ , කොටින්ම ඒ අඩ්වියෙ කොමෙන්ට් දාන උනුත් එහෙමයි . දැන් ගඩාෆිව බේරන්න රුසියන් හමුදාව යවන්න හදනව , කමෙන්ට් දාන උන් ලංකාවෙනුත් කට්ටියක් යවන්නලු . හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ රුසියාවේ ජනාධිපති ඉස්සෙලත් මෙහෙයුම් වලට පක්ෂයි , විරුද්ධව හිටපු පුටින් මහත්තයත් දැන් ඔන්න ඔහෙ කමක් නැ වගෙ ස්ථාවරයක ඉන්නවයි කියලයි අරංචිය

Comments

  1. උබ් හරි බුවා සිරාවටම ලංකාවේ බන්කොලොත් දේශපාලකයෝ හරි කෑමති ඈති.. ලංකාවටත් මේවගේ වෙනවාට... ලිබියවේ හමුදාවල ඉන්නේ ලිබියාවේ ජනතාව නෙවෙයි වගේ තමයි කස්ටියගේ වෑඩ කිඩ ටික ..

    ReplyDelete
  2. ඔව් මචෝ.. අපේ විපක්ශෙ අය කරන්නෙ රජයට විකල්පයක් වෙන්න වත් විකල්ප මතවාදයක් වෙන්න වත්, ආණ්ඩු බලය ලබා ගන්න සැලසුම් කරන එකවත් නෙවෙයි , මොකක් හරි මරාලයක් වෙල ආණ්ඩුව අතටම ලැබෙයි කියලයි බලාන ඉන්නෙ

    ReplyDelete
  3. අද විතරක් නෙමෙයි ලංකාවේ ආපු හැම විපක්ෂයක්ම මොකක් හරි මරාලයක් වෙල බලය අතට ලැබෙන කම් බලාගෙන හිටපු කට්ටිය. දැන් මේ ඇමෙරිකාව පැත්තටත් ඔය ලෙඩේ බෝවේගන ඇවිත්. විකල්ප මතවාද හිතන්න විපක්ෂ වලට මොළේ නැහැ වගේ!!

    ReplyDelete
  4. ඔබෙි ලිපියත් බැලුවා. එය විස්තරාත්මකව ලියා තිබෙනවා.
    ඔබ ලියු තවත් ලිපි කියෙවිවා. බෝම නිර්මාණාත්මකයි.

    ReplyDelete
  5. @aruni ඇමෙරිකාවටත් බෝවෙලාද ? අපේ දේශප්‍රේමී කට්ටිය දැනගත්තොත් කැගහයි " අන්න පර සුද්දො අපෙන් කොපි කරනෝ .." කියල

    @දයාල් බතී - බොහොම ස්තුතියි

    ReplyDelete
  6. තුප්පහි පස්පංගුවMarch 23, 2011 at 9:27 AM

    ගඩාෆි හරිද, වැරදිද, හොඳද, නරකද, කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඇමෙරිකාවේ අවස්ථාවාදී ම්ලේච්චත්වය ගැන කතා කිරීමයි වැදගත් වන්නේ. රුවන්ඩාවේ ටුට්සියන් ලක්ෂ 8 සමූල ගාතනය වන විට ඇස වහගන හිටපු ඇමරිකාව, බහරේනය තුල සිදුවන මර්දනය දිහා බලන්නේ වත් නැති ඇමරිකාවට, ලිබියාව ගැන මෙච්චර කහිල්ලක් මොකද? එජිප්තුවේ බිද වෙටීම සහ ලිබියානු සංහාරය බොහොම කිට්ටුවෙන් සම්බන්දයි.

    ReplyDelete
  7. @තුප්පහි පස්පංගුව - ගඩාෆිගේ පැත්ත අරන් ඇමෙරිකාවට(බටහිරට ) බනින එකවත් , ඒ පැත්ත අරගෙන ගඩාෆිට බනින වත් එක නෙවෙයි මගේ අරමුණ මොකද ඇමෙරිකාවෙ පෙර වැරදි හෝ මේ මෙහෙයුම් ක්‍රියාවලිය නිසා හෝ ගඩාෆි වගේ ඒකාධිපතියෙක්ව සාධාරණීකරනය කරන්න බැහැ .

    අදහසට ස්තුතියි

    ReplyDelete
  8. meka dena deyyo ana ana denawa wage eka galen kurullo dennekma elaganna americawa saha eu eka patan gattu geema ,katawa meki me aya kohomath gadapi mattu karannama tama hitiye ,hadisiye japane sunamiya awa e siddiyen oya kawruth nohitana deyak loke siddawenna patan gatta ,eka tama nucler walata erehiwa mulu lokema minissu katakaranna patan gatta amecawa tak galawdeta enter wela beluwa ttawaya bayanaki,mehema giyoth mulu lokema minissu mewata viruddawa loku handak naganna patan gannawa nucler netiwa g8 kandayame ratawalata pewatmak ne,mulu loketamath meka balapanawa tama namuth duppat apitath vada i world eka meken loku karadareka vetanawa ,visesayen nucler avi vinasa karanna balapem enna patan gannawa,eka nisa japanayen loka awadanaya ayin karanna me aya hadisiyema gema patan gatta ,den minissunta japanye monawa wenawada kiyalawath amataki balanna eu news den ekata denne podima idak e atare me aya japaneta full bakap eka denawa wede ikmanin goda daganna,kohoma unath me dekenma ahinsaka minissu merenawa

    ReplyDelete
  9. @ තුප්පහි පස්පංගුව,
    ඇමෙරිකාවේ අවස්ථාවාදී මිලේච්ඡත්වය පමණක් ගැන කියන්නේ ලිබියාවට පහර දෙන්න එකතු වෙච්ච බ්‍රිතාන්‍ය හා ප්‍රංශය අමතක වුනා ද? ගඩාෆි හමුදා අඩපණ කළ යුතු යයි තීරණය කරපු එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතක වුනා ද?

    ඊ ළඟට රුසියාව, චීනය, ජර්මනිය හා බ්‍රසීලය ගඩාෆිට පක්ෂව චන්දය දීමෙන් වැළකී සිටියේ ඇයි? ඔවුන් මිලේච්ඡත්වයට විරුද්ධව චන්දය ප්‍රකාශ නොකර නිහඬව සිටියේ ඇයි?

    ඔබ බැන බැන හිටිද්දී අපි 47% ක ඇමෙරිකානුවන් පමණක් කැමැත්ත දක්වන මේ ගඩාෆි එළවන්නට හදන මෙහෙයුම නතර කරන්නට පෙත්සම් අත්සන් කරමින් සිටිමු.

    ඒ ගඩාෆි සුදනෙක් නිසා නොව ඔහු වැන්නන් පහ කරන පොලිස් වැඩ කරන්නට යන්නේ නම් අපිට ආඥාදායකයෝ එළවනවා ඇරෙන්න වෙන වැඩක් කරගන්න වෙලාවක් නැතිවෙන නිසාය!!

    ReplyDelete
  10. ගඩාෆි තමන්ගේ රටේ වැසියන්ට බෝම්බ දාල මරද්දී නිහඩව හිටපු ගොඩක් අයට ගඩාෆිට තමන් කරපු පව්වලට වන්දි ගෙවන්න වෙනකොට හරි අමාරුයි. මොකද ජන්මයෙන්ම එන බටහිර විරෝධය සහ මේ සිද්ධිය පටලවා ගැනීම.

    ගඩාෆි වගේ ම්ලේච්ඡ ඒකාධිපතියො කාගේ හරි අතින් මට්ටු වෙන එක හොදයි මොකද අදටත් ජනතාව පාගගෙන ඉන්න සහ ඉදිරියේ දි බිහිවෙන්න හිතාගෙන ඉන්න ඒකාධිපතියන්ට ඒක රතු එළියක් වන නිසා.

    ReplyDelete
  11. @arunishapiro ,Namal වටිනා අදහස් දෙකක් බොහොම ස්තුතියි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව