Skip to main content

සුපිරි ඉන්දියානු කණ්ඩායම හමුවේ සිංහ පෝතකයින්ට ඇති අභියෝග - අවසන් තරඟයට බුවාගේ විග්‍රහය


ලෝක කුසලාන ඉතිහාසයෙ පලවෙනි වතාවට ආසියාතිකයින් දෙපිරිසක් අවසන් තරඟයට සුදුසු කම් ලබමින් අවසන් පූර්ව වටය නිම උනා . ඒ වටය ගැන බුවා කියපු අනාවැකිත් හරි ගියා කියන එකත් මතක් කරන්න කැමතියි.ශ්‍රි ලංකාව හා නවසිලන්තය අතර නම් ලොකු තරඟයකට ඉඩක් තිබුනේම නැ , නමුත් අපේ පසුපෙල පිතිකරුවන් ( චාමර හා තිලාන් ) ඒක ගේමක් කරගත්තා . ඒත් ඉන්දියානු - පකිස්ථාන තරඟය නම් බලාපොරොත්තු උන විදිහටම ඉතාම උණුසුම් උනා . පාකිස්ථානුවන්ගේ අතිශයින්ම දුර්වල පන්දු රැකීමත් , ඉතාම මෝඩ තීරණත් , සචින්ගේ වාසනාවත්, පන්දු යැවීමේදී හා රැකීමෙදි ඉන්දියානුවන් දක්වපු සුපිරි දක්ෂතාත් , දෝනිගේ බුද්ධිමත් නායකත්වයත් මීට හේතු උනා කියන්න පුලුවන් . ඉන්දියානුවන්ගෙ පන්දු යැවීම දෙකේ කොලේට දාල කතා කරපු වසීම් අක්‍රම්ට, පුහු ඉන්දියානු විරෝධය නිසා පකිස්ථානයට කඩේ ගිය ජාතික පුවත්පත්(එහෙම කියා ගන්නා ) වල ක්‍රිඩා වාර්ථාකරුවන්ට , ඉන්දියාවට ගැහුවොත් එකාට ඉඩම් අක්කර 25 ගානෙ දනාවය කිව්ව පකිස්ථානෙ ජනාධිපතිට , ආගමක් මුල් කරගෙන පකිස්ථානෙට ආවඩපු අපේ රටේ එක්තරා ජන කොට්ටාශෙකට ( හැමෝම නෙවෙයි )   පකිස්ථානේ ඉන්දියානු පන්දු යවන්නන් ගෙන් දුවන්න කන කොට මොනව හිතුනද දන්නෙ  නැ .

( සටහන -ක්‍රිඩාශීලි හේතුවකට( පිතිකරුවන් /පන්දුයවන්නන් ප්‍රිය කිරීම වැනි ) ලංකාව ඇර වෙනත් රටකට සහය දීම බුවාට ගැටලුවක් නොවේ නමුත් ක්‍රිඩාවට අදාල නොවන  ආගමක් මුල් කරගෙන වෙනත් රටක කණ්ඩායමකට සහය දීම නම් ඉතා පිලිකුල් සහගතය , අදහන දෙවියන් නිසා සියල්ලම තමන් සතුයැයි සිතා සිටින මොවුනට එය ඒසේ නොවේය යන්නට මෙය කදිම උදාහරණයක් බවද කිව යුතුමය . ගිරවුන්ට අනාගතය කිව හැකියැයි  විශ්වාස කරන අන්ධ භක්තික ඇතැම් ඉන්දියානුවන්ට,හා ඒ වෙනුවෙන් හිංසාවෙන් කටුයුතු කරන අන්තවාදී සිවසෙනා පාක්ෂිකයින්ට මෙන්ම මෙවැනි බොහෝ මෝඩ අනාවැකි විස්වාස කරන , ඒවා ජනතාව අතර පතුරවා හරින ඇතැම්  ශ්‍රි ලාංකිකයින්ටත් තමන් ගේ ගොන් කම් දෙස නැවත හැරී බැලිමට මේ ගිරා අනාවැකිය  හේතු පාදක කරගත හැක )



කොහොමින් හරි බුවා මුල ඉඳලම බලාපොර්ත්තු උන විදිහට ඉන්දියාව ලංකාවෙ ලෝක කුසලාන සිහිනයේ අභියෝගය බවට පත් උනා . මම මේ බව කලින් ලියපු ක්‍රිකට් ලිපි වලත් ඉඟි පල කරල තියනවාය කියන එක , ක්‍රිඩා ලේබලයේ ඇති ඒ ලිපි පරීක්ෂා කලොත් පෙනේවි , මගේ පම්පෝරිය පැත්තක තියල දැන් අවසන් තරඟය දිහාවට හැරෙමු.

කාසියේ වාසියත් එක්ක අවසන් තරඟය ගන්න පුලුවන් මුහුණුවර දෙකක් තියනව . ඒ නිසා ඒ අනුව අපේ කණ්ඩායමට මුහුණ දෙන්න ඉඩ තියන අභියෝග ගැන වෙන වෙනම විමසා බලමු .

ලංකාව දෙවෙනියට පන්දුවට පහර දීම 


වඩාත් නරක පැත්ත මුලින් සලකා බලමු , ඇයි මම එහෙම කියන්නේ ??? කලින් නවසිලන්ත ශ්‍රි ලංකා තරඟය අතරවාරයේදී විකාශය කල තොරතුරු අනුව වෙන්කඩේ ක්‍රිඩාංගනයෙදි දිවා රාත්‍රි තරඟයකදි හඹා ගොස් ජය ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 229 ඒ 1998 දී ශ්‍රි ලංකාවම තමයි ඉන්දියාවට එරෙහිව . ඕනිම වාර්තාවක් කවුරු හරි තියපු දෙයක් ( මෙතනදි නම් අපිම ) නිසා බිඳ දාන්න පුලුවන් උනත් දැඩී පීඩනයක් මැද ලෝක කුසාලාන අවසන් තරඟයකදි නම් ටිකක් අමාරුයි , ඒ කියන්නේ ඉන්දියාවට තරඟයක් ලබා දෙන්න ඔවුන් 220කට අඩු ප්‍රමානයකට සිමා කරන්න ඕනි .නමුත් ඒක එච්චර ලෙසි වැඩක් නම් නෙවෙයි . මොකද ඉන්දියානු කණ්ඩායම විශාල දුර්වලතා දක්වපු( පිතිකරනයෙන් )  පකිස්ථාන තරඟයෙත් ඔවුන් 260 ක් ලබා ගන්න සමත් උනා. ඇත්තටම ඒ සඳහා ගැලපෙන ප්‍රභල පිතිකරුවන් රැසක් ඔවුන්ට ඉන්නවා . ශෙවාග් ලබාදෙන අධිවේගී ආරම්භය නවතා දැමීම , සචින්ට ස්ථාවර වීමට ඉඩ නොදීම , යුවරාජ් සිං හා දෝනි පිටියට පිවිසි විගස දඟ පන්දු යවන්නන් හරහා දැඩි පීඩනයක් එල්ල කිරීම වගේ දේවල් තමයි පන්දු යැවීම පැත්තෙන් ශ්‍රි ලංකාවට කරන්න තියෙන්නේ ,මේ අතරින් සචින් සම්බන්ද කාරනය නම් එච්චර ලෙසි නැහැ, මොකද ඔහු අතින් සිදුවන් වැරැද්දකින් මිසක් පන්දු යවන්නන්ගේ දක්ෂතාවයෙන් ඔහුව දවාගන්න මේ ඉන්න ෆෝම් එකේ හැටියට අමාරුයි . නමුත් ඉතිරි කාරණා තුන නම් බැරිම වෙන එකක් නැහැ .ඒ පන්දු යැවීම පැත්තෙන් එතකොට පිතිකරනය ??

පිතිකරනය පැත්තෙන් නම් ලංකාවට විසඳුම් ගොඩක් නැහැ , අතිසාර්ථක පිතිකරුවන් 3 දෙනා හා මහේල ලකුණු අතරට පැමිනීම තමයි අවශ්‍ය , මොකද එතනින් එහාට පිතිකරුවන්ගෙන් නම් වැඩක් වෙයි කියල හිතන්න බැහැ . ඇන්ජලෝ ක්‍රිඩා කරන්නෙත් නැති නම් තත්වය තවත් භයානක වෙයි , ඒ වගේම මට හිතෙන විදිහට සංගාට හා මහේලට මෙතනදි වගකීම වැඩියි මොකද දිල්ශාන් ඉතා ඉවසීමෙන් ක්‍රිඩා නොකරොත් ඉන්දියානුවන්ගේ උපක්‍රමයකට අහුවෙලා ඉක්මනින් දැවීයන්න ඉඩ තියනව , ඒ වගේම ඔවුන් තරංග ගැනත් දැවැන්ත ලෙස අවධානයෙන් කටයුතු කරොත් ඔහුටත් තත්වය කලමනාකරනය කරගන්න අමාරුවෙයි . නමුත් අත්දැකීම බහුල , ඉතාම ඉහල තාක්ෂනික පිතිකරන ක්‍රම භාවිතා කරන මහේලට හා සංගාට නම් ඉන්දියානු උපක්‍රම වලින් ගැලවෙන්න පුලුවන්  .මේ තරඟයට බොහෝ විට ක්‍රිඩා කරන්න ඉඩ තියන අශ්වින්ගෙන් දිල්ශාන් විශේෂයන්ම පරස්සම් වෙන්න වෙයි. පිටියේ වාර්ථා හා කණ්ඩායම්වල තත්වය අනුව දෙවෙනියට පන්දුවට පහර දුන්නොත් ඒක ලංකාවට අවාසි සහගතයි කියලයි මම හිතන්නෙ .මොකද මේ අවාසි සහගත තත්වයන්ට අමතරව ඉන්දියානු ක්‍රිඩාංගනයක ඔවුන්ගේ ප්‍රේක්ෂකයින් ඉදිරියේ හඹායැම කියන්නෙම එක්තරා විදිහක මානසික පීඩනයක්

පලමුව පන්දුවට පහර දීම 
මේ තත්වය නම්  තරඟය සමබර කරන්න හේතුවෙයි. කලින් කොටසෙදි දක්වපු පිතිකරන හ පන්දු යැවීමේ පොදු අභියෝග බලපැවත් , අපිට වාසි සහගත කාරණා කිහිපයකුත් තියනව , හඹා යායුතු ඉලක්කයක් නැති නිසා අඩු මානසික පීඩනයකින් තොරව ලකුණු 250 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගන්න අපේ අයට පුලුවන් ( හරියට කලොත් ) . එහෙම උනොත් ඒක ඉන්දියානුවන්ට හඹායැමෙදි විශාල පීඩනයක් . ඒ වගේම පිට්ටනියේ ස්වභාවයත් එක්ක දෙවෙනි භාගය දඟපන්දු යවන්නට ඉතා හිතකරයි . ඉතින් ශ්‍රි ලංකාවේ ප්‍රභල දඟ පන්දු බල ඇණියට ඒකේ වාසිය උපරිමයෙන්ම ගන්න පුලුවන් , ලංකාව මුලින් පහර දුන්නොත් දෝනි තමන්ගේ අතිරේක පන්දු යවන්නන් යොදා ගන්න ඉඩ තියනව " වල් වාසියක් " විදිහට . ඒක අපිට වාසියක් කරගන්නත් අපිට පුලුවන් හැබැයි ඉතින් පරිස්සමෙන් , මොකද මේ අයට නෙලන්න ගිහින් වෙන පොඩි වැරැද්දකින් කඩුල්ලක් අහිමි වෙන්න පුලුවන් .  

මේ විදිහට වෙන්වෙන්ව සැලකීම ඇරුණාම පහත කරුණුත් අපේ අය ඉදිරියේ තියන අභියෝග


01) මුරලි ට හෝ ඇන්ජලෝට  හෝ දෙන්නාටම තරඟ කිරීමේ අවස්ථාව අහිමි වීම හා ඒ වෙනුවෙන් ඇති ආදේශක ඔවුන්ගේ අඩුව මැකීමට සමත් නොවීම
02) ඉන්දියානු ප්‍රේක්ෂකයින් රාශියක් මැද ක්‍රිඩා කිරීම
03) පිතිකරුවන් 4 දෙනෙක් පමනක් සාර්ථක වීම හා ප්‍රතිවාදීන්ගේ බොහෝ පිතිකරුවන් ස්ථාවර මට්ටමක සිටීම
04)තරඟාවලිය තුල දැවැන්ත කණ්ඩායම්  සමඟ ජයග්‍රහනයන් කිරීමේ අත්දැකීම් නොමැති වීම හා අනෙක් අතින් ප්‍රතිවාදීන් අවසන් තරඟ දෙකම ප්‍රභල කණ්ඩායම් දෙකකට එරෙහිව ආකාර දෙකක ජයහ්‍රගනයන් ලබා තිබීම
05) අවසන් තරඟ දෙක තුලදී ඉන්දියානු පන්දු යවන්නන් සාර්ථක තලයකට පැමින සිටීම

ඉන්දියාවට ඇති අභි යෝගත් සමස්ථයක් විදිහ්ට පහත ආකාරයෙන් දක්වන්න පුලුවන්


01) ලාංකික ක්‍රිඩකයින්  3 දෙනෙක් පිතිකරනයෙන් ඉතා ඉහල සාර්ථක ස්ථානයක පසුවීම
02) දඟ පන්දු යවන්නන්ට හිතකර ක්‍රිඩාංගනයක ලොව සුපිරිතම දඟ පන්දු බල ඇණියට මුහුන දීමට සිදු වීම
03)ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා තරඟයේ තීරනාත්මක අවදි වල්දී අධික මානසික පීඩනයකට ලක්වීමට සිදුවීම
04)කලින් තරඟයේදී බෝහෝ පිතිකරුවන් අසාර්ථක වීම


තරඟාවලිය ගැන බුවා දක්වපු අදහස් බහුතරය  හරි ගියත් මේ පාර නම් ප්‍රාර්ථනා කරන්නෙ මම අභියෝග විදිහ්ට දැක්ක කිසි දෙයක් අපේ කොල්ලන්ට අභියෝගයක් වෙන්ට එපාය කියලයි.ඒ වගේම ලෝක කුසලානය මවුබිමට ගේන්න සිංහ් පැටවුන්ට හැකි උනොත් ඒක සුපිරි කණ්ඩායමකට එරෙහි ජයක් විතරක් නෙවෙයි , දහස් ගානක සජිවී ප්‍රෙක්ෂකයින් පිරිසකට හා අයිසිසිය ටත් එරෙහිව ලබන අති විශිෂට ජයග්‍රහනයක්බව කියන්නම ඕනි .

අවසන් වශෙයන් හැරෙන්නෙ කලින් ලිපියෙ අවසානයට කියපු ක්‍රිඩක දක්ෂතා අනාවැකි දිහාවට , මෙයින් 3 හා 4  දෙක නම් ඒ විදිහටම තමයි සිද්ධ වෙන්නෙ, ඒ වගේම අවසන් තරඟ ප්‍රති පලය මොකක් උනත් යුවරාජ් තරඟාවලියෙ වීරයා වෙයි , මොකද අංශ දෙකෙන්ම දක්ෂතා දක්වපු නිසා.පලවෙනි  දෙකත් තවදුරටත් වලංගුයි ඒත් එතන්දිත් මගේ ප්‍රාර්ථනය එහෙම වෙන්න එපාය කියලයි  . මොකද සහීර් තව කඩුලු 2/3 ක් ලබා  ගන්න එකවත් සචින් අපේ සංගාට වඩා දිගු ඉනිමක් ක්‍රිඩා කරන එකවත් ලංකාවට සුභ දායක නැහැ , ඒ වගේම මම කලින් නොහිතුවත් දිල්ශානුත් එතනට එන්න ඉඩ තියනව ,
අනික් කාරණා නම් බොහෝ දුරට  එහෙමම තමයි , ඒත් ඉන්දියානු පකිස්ථාන තරඟයේදී කණ්ඩායම් දේකේම හැසිරීම පුදුමාකාර විදිහ්ට හොඳයි , ඒ තත්වය දිගටම පවත්වා ගන්න එක ඒ කණ්ඩායම් වලට වගේම  ක්‍රිකට් ක්‍රිඩාවටත් ඉතා වැදගත් .

අපේ සිංහ පැටවුන්ට ජයෙන් ජයම වේවා !!!!

Comments

  1. නියම විග්‍රහය...සංගා ටොස් එක මේ පාරවත් දිනුවොත් හොදයි..
    අර රතුපාටින් තියෙන ටිකට නම් මම අත උස්සලා එකගයි..

    ReplyDelete
  2. අනිව අනිව.මේපාර ඔය කුසලානේ ලංකාවටම තමයි උරුම...
    :)

    ReplyDelete
  3. @රත්ගමයා&කුරුං ගුරුං - බොහොම ස්තුතියි ප්‍රතිචාර වලට ..

    ReplyDelete
  4. මුරලි මැතිව්ස් නැති එක ලොකු පාඩුවක්. ඒත් ඒ වෙච්ච දෙයින් අපි ලොකු ප්‍රයෝජයක් ගත්තා. BCCI එකේ කට්ටිය ලංකාවට කොච්චර කොල්ස් දෙනවා ඇද්ද වාස් රන්දීව් ජයසූරිය එනවද නැද්ද කියල දැනගන්න. එහෙන් ගිරා සාත්තරල ල මන්තර කාරයො ර-ක පු-ත් වෙලා ආයි නැකැත් ගලපනව ඇති දැන් (ඒක ඇත්ත නම්) හිකස්....

    කොහොම හරි මේ පාරත් දැනට අනුශූරයෝ. ඒකෙන් සැනසිලා මච් එක බලනවා. මොකද කිව්ව විදියට මුලු ඉඳලම වාස් රන්දීව් දිනෙෂ් නැතුව මැදපෙලක් නෑ වගේම කියලා ඔප්පුම කරලා පෙන්නුවා.

    හුඟක් වෙලාවට අපේ ක්‍රීඩකයන්ගේ ස්ථාන 2ක් අස්ථාවර හින්දා චාමර සිල්වා අවසන් තරඟයටත් ගහයි වගේ :(

    ReplyDelete
  5. නියම විග්‍රහයක් මචං . මේක බලල මගේ නම් බොක්ක කූල් උනා .

    ReplyDelete
  6. @සංකල්පනා - රුවන් - චාමර ගහනව කියන්නෙ නොගැහුව වගේ තමා ... ඔයා කියනව වගේ ලොකු බලාපොරොත්තු නැතුව බැලුවාම හරි . ලංකාවේ නම් දිනුවත් පැරදුනත් ප්‍රෙක්ෂකයො ඔහේ ටිකක් බැනල නිකා ඉඳියි , ඉන්දියාව පැරදුනොත් එහෙ ඉන්න ක්‍රිකට් සමයම් දෙන්නෙක් තුන් දෙනෙක් සෙත්ත පෝච්චි වෙනව ශුවර්...උන්ගෙ ගිරා සාස්තර හොඳයි උන්ටම

    @හිස් අහස - බොහොම ස්තුතියි

    ReplyDelete
  7. රාමලා පරදලා රාවණාලට ජය!

    ReplyDelete
  8. මචං බුවෝ.. කප් එක ගෙනෙයි නේද බං...?

    ReplyDelete
  9. @prasanna -
    කප් එක ගේන්න ලැබෙවා කියල තමයි මමත් පතන්නෙ...ඒත් මචන් වැඩේ එච්චර ලේසි නැ , විශේෂයෙන්ම මැතිව් මුරලි දෙන්න නැති උනොත්

    ReplyDelete
  10. එල...හොඳ විචාරයක්.....!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව