Skip to main content

කැම්පස් යන උන්ට දෙන්න යන පුහුණුව ගැලපෙන්නේ දේශපාලක තුමන්ලාටමය

එස්. බී ඇමතිතුමා විශ්ව විද්‍යාලෙට තේරෙන කොල්ලො කෙල්ලනට හමුදා පුහුණුවක් දෙන්නට සූදානම් කර ඇත . උන්නැහෙ කියන විදිහට මේ පුහුණුව දෙන්නෙ කන බොන අඳින පලදින හැටි දත්මදින මූණ හෝදන හැටි කියා දෙන්නටය සරලව කියනවා නම් හොඳ සිරිත් කියා දෙන්නය . එතුමා කියන චාරිත්‍ර වාරිත්‍ර  දිහා බැලුවාම හිතෙන්නෙ ඒවා උගන්නන්න ඕනි කොල්ලනට නොව එතුමාත් ඇතුලු දේශපාලකයින්ට කියාය . මේ  කරන්ට හදන්නේ ඒ ගැන පොඩි සංසන්දනයක්ය .

නියම වෙලාවට නැඟිටීම  (නින්දෙන් අවදිවීම )


උසස් පෙල පාස් වි කැමපස් යන්නට එන්නෙ කොහොමටත් නියම වෙලාවට නැගිට්ට උන්ය. නැගිටල පාඩම් කරපු උන්ය . පාඩම් කලෙ නැතත් උදේ 6.30 ට විතර පටන් ගන්නා ටියුෂන් වලට යැමට කොහොමටත් වෙලාවට නැගිට්ට උන්ය , ඒ නිසා කැම්පස් එන උන්ට ඒවා අමුතුවෙන් උගන්වන්න ඕනැ නැත  


දේශපාලක තුමන්ලා නම් කොයිවෙලෙත් නිදාගත්ත ගමන්ය (රටට කෙලවෙලා තියෙන්නෙත් ඒක නිසාමය ) සමහර තුමන්ලා පාර්ලිමේන්තුවෙත් බුදිය , ජනාධිපති තුමා මහ දවල් කෝල් කරන විට නිදා ගන්නා  ඇමතිලා මාට්ටුවෙලාත්  ඉන්නවාය . අස්ප වේගෙන් යන වාහන වලදිත් සැපටම නිදිය , ඒ විතරක් නෙවේ  මේ තුමන්ලා ඕනැ නැති තැන් වලත් නිදාගන්න යනවාය (ඒ තැන් වල නම් නිදාගන්නවා කිව්වාට එහෙම කරන්නෙ නැය ) . මේ ලඟකදිත් එහෙම තැනක් වටලලා තිබුනාය . වැටලීම කලේ ගෝඨා මහත්තයා නෙවේ නම් බුදිය ගත්ත කට්ටිය ගේමට බහිනවාය . මේ නිසා හමුදාවේ මහත්තුරුන්ගෙන් හරියට නිදා ගන්න හැටි , හරි තැන නිදා ගන්න හැටි වගේම හරියට වෙලාවට ඇහැරෙන හැටි ඉගන ගන්න එක වටින්නෙ මෙයාලාටය


දත් මැදීම හා මුහුණ සේදීම


තරුණ වයසෙ කොල්ලො මේ දෙකම කරනවාය , අඩු තරමේ කෙල්ලො බලන නිසා වත් කරනවාය . අනික දත් නොමැද ගිහින්  කට කපල සෙනඟ පිරුන හෝල් ක්ලාස් වල ඉන්නත් බැය (අමු චාටර් එකය ) . කැම්පස් එන්නේ දත් මැදලා මුහුන හෝදල ගිහින් මේ ක්ලාස් වල පිලිවෙලකට ඉගෙනගත්ත උන්ය 


සමහර තුමන්ලාට නම් මදින්න දත් නැය (එච්චරටම වයසය ) අනික් අය අතරත් දත් මදින බවක් , මූන හෝදන බවක් පේන්නෙ නැති හඩු පාට තුමන්ලා ඉන්නවාය . මේ අයට නම් හමුදා පුහුනුව හොඳය . හැබැයි ඉතින් දත් මදින්නැති පොරවල් වලට පුහුණු දෙන්න යන හමුදාවෙ මහත්තුරු නම් පව් ය 


කන්න බොන්න ඉගැන්නීම


මේ වයසේ කොල්ලන්ට කන්න බොන්න අමුතුවෙන් කියා දෙන්න ඕනි නැය . (කන්න නැතුව කොල්ලන් බටපතුරු වගෙ වෙන්නෙ කැම්පස් ගියාට පස්සේය ) . ඕනි මල ජරාවක් කා ශේප් වෙන්න කොල්ලන්ට පුලුවනය  වැඩිම උනොත් දෙතුන් පාරක් වැසිකිලි යන්න සිදුවෙයිය . සීනි , තේ කොල , පිටි, තෙල් ඕනැ මගුලක් කොල්ලන්ට කැ  හැකිය 

තුමන්ලාට නම් මෙහෙම කන්න බැය . පෙලක් ඇයින්ට සීනි කන්න බැය , තවත් කෙනෙක්ට තෙල් බැය , සමහර අයට දෙකම බැය . තවත් කෙනෙක්ට පිත්තාශයේ බ්ලොග් ගල්ය , තවත් කෙනෙකුට  අමාශයේ කුඩු ගල්ය .... මේ නිසා එහෙම හිතු මනාපේට කන්න බැය ( එහෙම කැවොත් රාජ්‍ය ගෞරව සහිතවම වල පල්ලේය ) , ඒ නිසා පිලිවෙලකට කන්න ඉගෙන ගන්න එක මේ අයට වටිනවාය


කතා කරන්න ඉගෙන ගැනීම


කට නිසා නහින කොල්ලන් දෙතුන් දෙනෙක් හිටියත් හැමෝම එහෙම නැය , චාටර් නොවී තැනට ගැලපෙන්න කතා කරගන්න පුලුවනය , කතික සංගම් , විවාද කරලා තියන උන්ට නම් ඕවා නතින්ය . කොහොමත් කැම්පස් යන තේරෙන එකෙක් කතා නොකර නිකා හිටියත් ඕනි නැති මගුල් කිය්වා හත් පොලේ ගාගන්නේ නම් නැය

තුමන්ලා නම් කතා ව නිසා නාගන්නවාමය , ලංකට් කතා කියනවාය , බලු තීන්දු ගැන කියනවාය , බ්‍රේස්ලට් රින්ගින් ටෝන් ගැන කියනවාය , වරාය වල ගල්ගැන කියනවාය . මේවා කියල හත් පොලේම ගා ගන්නවාය . මේ අයට නම් කතා කරන විදිහ උගන්වන්නම ඕනැය . සමහර අයට ක්‍රැශ් කෝස් එකක් දුන්නත් හොඳය 

ශාරිරික යෝග්‍යතාවය


කතාවට කියන්නෙත් කොල්ලන්ට ගස් ගල් කුඩු කරන්න පුලුවන් කියලාය , ක්‍රිකට් ෆුට්බොල් රගර් ගහපු කොල්ලන්ගේ යෝග්‍ය තාවය උපරිමය . හමුදාවෙ මහත්තුරු තරම් නම් නෑය ඒත් කැම්පස් මිසක් යුද්ධෙකට යන්නෙ නැති අයට ඒ යෝග්‍ය තාව හොඳටම ඇතිය 

තුමන්ලා ගොඩකගේ යෝග්‍ය තාව අන්තිමය , සමහරුන්ගෙ බඩ නිසා  නැමෙනවා තියා පහල හැරී බලන්නත් බැය , සමහරුන්ට පෙලපාලියක පැය කාලක් ඇවිද්දත් නහිතෙට හතිය . සමහරුන්ට ඇවිදගන්නවත් බැය, සමහර තුමන්ලා බිම වැටුනොත් නැගිට්ටුවනට 20ක් විතර ඕනැය . ජන්ද කාලෙකදී මිස කිසිම ව්‍යායාමයක් ගොඩ දෙනෙකුට නැය , ඒ නිසා තුමන්ලා බහුතරයකට  ශාරීරික යෝග්‍ය තාව කියා ලහටුවක්වත් නැය (ඇත්තේ දඩාර ශරීරය විතරයිය ) . මේ අයට යෝග්‍ය තා පුහුනව දෙන්න ඕනිත් පරස්සමෙන්ය නැත්නම් රාජ‍ය ගෞරව දෙන්නෙ එන්න වෙන්නෙත් හමුදාවෙ මහත්තුරුන්ටමය

මාච් පාස්ට් 


මෙව්වා නම් දෙන බවක් කියා නැය ඒත් ට්‍රෙනින් එකේ තියෙන්න ඉඩ තියනවාය . කැඩෙටින් ,බැන්ඩ් , ස්කෞට් , ස්පොට් මීට් එකේ මාච් කරපු කොල්ලන්ට නම් මාච් එක  ගේමක් නැය , හමුදාවෙ මට්ටමට නැතත් කැත නැතුව කරගන්න පුලුවන්ය . අනික දකුනට වමට හැරෙන්  ගේමක් නැතුව කරගන්න කොල්ලන්ට පුලුවන්ය  

දේශපාලක තුමන්ලාට අනෙක් අය මාච් පුදකරනවා මිසක් ඒ අය මාච් යන්නෙ නැති නිසා මේ ට්‍රේනින් එක නම් වැඩක් නැති වෙයිය . කොහොමත් ගොඩක් තුමන්ලාට සරුවාංගයම හෙල්ලෙන්නේ නැතුව කකුල් දෙක බිම ගහග්න්න බැය . අනික  වමේ තුමන්ලාට කොච්චර කිව්වත් දකුනෙන් පෙලෙ හැදෙන්නේ නැය . දකුනෙන් තුමලාත් මලාට වමෙන් පෙල හැදෙන්නෙ නැය . ඒත් වැඩිය ඉන්නෙ ඔය දෙකටම නැති තුමන්ලාය එහෙම  දෙපැත්තටම නැතුව මාච් කොරන්න කොහොමත් බැමය


-------------------------------------------------------------------------------------------------


මේ විදිහට බැලුවාම මේ හමුදා ට්‍රේනින් එක ගැලපෙන්නේ දේශපාලන තුමන්ලාටමය .  කෙල්ලන් ගැන මේතන ලියා නැය , ඒ කතන්දරය වඩා බරපතල වෙන්න පුලුවන්ය  ඒක මෙහෙම සරල්ව ලියන්න බැය . එස් බී ඇමති තුමා ඉංග්‍රිසි උගන්වනවාට ම් ජෙප්පො එලවනවාට , පාඨමාලා වෙනස් කරනවාට , පිටරට විස්ස විද්‍යාල ගේනවාට බුවා විරුද්ධ නැය (ඇත්තම කියනවා නම් සපෝට්ය ) හැමවෙලේම ලෝකෙ විදිහට වැඩකරන්න කතා කරන එස් බී තුමා කරන මේ ලොකෙ කොහෙවත් නැති බහුබූතයට නම් බුවා විරුද්ධය

මේ ඔක්කොම රජයේ විශ්ව විද්‍යාලවලට  විතරය , පිටරට ගොස් ඉගෙන ගන්නා අයට , ලක්ෂ ගනන් ගෙවා පෞද්ගලිකව ඉගෙන ගන්නා අයට   මේව නැත !!

Comments

  1. කුඩු විකුනන,බඩු පොට් දාගෙන ඵඩ්ස් බෙදන,සුද්දට ඉන්දියන් කාරයන්ට රට විකුනන පක්ශ විපක්ශ දේශපාලුවන්ට වෑඩිය,
    අරක්කු සිගරට් නොබොන,මාටියා නොගහන අන්තරේ කොල්ලො කොච්චර ඵළද?

    තරුනකම නිසා ටිකක ආවේගශීලී උනත් අනිත් කිසිම පක්ශයක නෑත් උනන්දුවක්,හෑකියාවක් සහ අව0ක කමක් අන්තරේ කොල්ලන්ට තියනවා.
    (මොකද මුන්ට JVPකරයි කියලා අනිත් පක්ශවල උන්ට වගේ හම්බෙන මගුලක් තියෙනවයි.)
    මම නම් මේ ජෙප්පෙක් නෙමෙයි ඔ0.මහ පක්ශ දෙකේම ලනු හොදට කපු හිටපු හරකෙක්.

    ReplyDelete
  2. හික්...මමත් ඕක ගැන ලියන්න හිටියේ..අද නෙට් එකේ බැලුවාම මට තියෙන්නේ ඊලග පාර එකලු..ඉතින් ඊලග පාර 1000 ට යන්න ලියුම ආපු ගමන් ලියන්ඩ ඕන...
    ඇස් බී තුමාට දුන්න නම් හරි....

    ReplyDelete
  3. @ano - මම අදහස සමඟ 100% එකඟ නොවුනත් අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි.

    @රත්ගමයා - මේ සමයම වලක්ව ගන්න ගේමක් දෙන්න වෙන්නෙත් උඹලටම තමයි

    ReplyDelete
  4. ammo j v p eka campus wala first second years wala aya kata walata yawala ewin ekatu wena ewain j v p poster gahanna nadu walata wiyadam karana eka hoda wadaya. mewa kiyanne ahala nowe dakalya ath widalaya.antare inne podi babalaya.eyala mokuth danne nata.antare jvp ekata kade yanneth nata.j pure dennek nati una kale api campus hitiya nisa api antare hati hodatama dannawaya.attatama mekata mechara baya wenna epa.dawas 20k wage kalayak.anika api dannawa lanakwe campus wala aya anith ratawal ekka kochchara passenda inne kiyala danumen nowe anith patiwalin.attatama meka hoda wadak.(diga wadi nisa magin nawatami.)

    ReplyDelete
  5. මම අන්තරේ හොඳයි කියල නැ සහෝදරය , මමත් අන්තරේටත් ජවිපේ ශිෂ්‍ය දේශපාලනයටත් විරුද්ධ කෙනෙක් . ඒක වලක්වන්න හමුදා පුහුණුවක් දුන්නාම හරිද ?

    ReplyDelete
  6. බුවා මල්ලි පිටරට විස්ස විද්‍යාල ගෙනවට වඩා හොඳ නැද්ද තියන විශ්ව විදයාල ටික ප්‍රතිසංවිදානය කරල OU වගෙ තව විස්ස විද්‍යාල හැදුවොත්???
    මොකද නිදහස් අඩ්යාපනය කියන එකෙ වටිනාකම කියලා නිමකරන්න බෑ... පිටරට ඉගෙනගන්නකොට එක තේරෙනවා...

    ReplyDelete
  7. සහතික ඇත්ත. නියමයි. නමුත් නායකත්ව පුහූණුව තුල පෞරැෂත්ව වර්ධනය වැනි දෙයක් වනවා නම් එය අගය කල යුතුය. මොකද ඒ අංශයේ පරිහාණියක් සමාජය තුල අපි දකිනවා. ඒ ඇරැණු කොට අනික් කාරනා හා එකඟයි.

    ReplyDelete
  8. Hamuda training deela anthiimata hamudawen daalath paalanaya koranna bari wunama, ethakota denne mokakda, Bhaawana karanna yawai lamai tika asapu walata... ithin campus kollo kello hamadama ehata mehata yawawa thiyai...Hamuda traning ekak deemen athiwena hondak nam penna naa. Hamudawe train wechcha aya, anak pilipadinnata arenna, manners hondata thiyena aya kiyala kiyanna visthara nam naa. habai ekak danna hamudawata giyama hondata bonna purudu wenawa kiyala ape paththe ayiya kenek kiwwa.

    ReplyDelete
  9. machan mama nam danna widiyata metana hamuda puhunwak den na.

    ReplyDelete
  10. හැම රජයේ විශ්ව විද්යාලයටම නැ. අපේ OUSL එකට ඔයවගේ ප්‍රශ්න නැති එක නම් දාහෙන් සම්පතක්

    ReplyDelete
  11. කෑම්පස් වල අලයො කියාලා කියන,කියපු චාටර් උන්ලු ඔය අන්තරේ ඵක්ක ගේමට් කමෙන්ට් දාන්නෙ.මමනම් කෑම්පස් ගිහින් නෑතිනිසා වෑඩිවිස්තර දන්නෑ.

    ReplyDelete
  12. @ano(May 17, 2011 10:34 PM ) - දැනටමත් පිටරට විශ්ව විද්‍යාල වල අනුබද්ධ ආයතන මෙහේ තියනව නේ , ඉතින් දැනට තොරතුරු තාක්ෂනය , කලමණාකරනය වගේ විශයනට සීමා වෙච්ච ඒ පාඨමාලා අනෙකුත් ක්ශේත්‍ර වලටත් ව්‍යාප්ත වෙන එක හොඳයි කියලයි මම හිතන්නේ . එහෙම කලා කිය්ල නිදහස් අධ්‍යාපනය නැති වෙයි කියල මට නම් හිතෙන්නේ නැ . විවෘත විශ්ව විද්‍යාලෙ විවිධ අධාරත් එක්ක යන එකක් නේද ? ඒ නිසා ඒ වගේ ඒව දෙක තුනක් හදන්න නම් බැරි වෙයි ඕනිම රටක විවෘත විශ්ව විද්‍යාල තියෙන්නෙ 1යි නේ . අදහසට ස්තුතියි

    ReplyDelete
  13. @රොබින් |@ano (May 17, 2011 11:48 PM ) - හමුදා පුහුණුවක් නොවී පෞර්ශත්ව පුහුණුවක් උනත් ඒකට හමුදා කඳවුරු යොදා ගන්න එක වැරදියි . මේ අවුරුදු ගානක් දෙමව්පියන් ගාව හැදුනු වැඩුනු ලමයි . එක පාරටම හමුදා කදවුරු වලට ගාල් නොකර හමුදා නිලධාරීන් ලවාම හරි විශ්ව විද්‍යාල තුලදිම ඔය දේ කලා නම් ටිකක් හරි සාධාරණයි . අදහසට ස්තුතියි

    @ano(May 17, 2011 10:54 PM) - :D

    @෴උදියා෴ - සම්පූර්ණයෙන්ම නොමිලේ උගන්නන අයට විතරයි පුහුණුව

    @ano(May 18, 2011 12:19 AM) - එස්. බී තුමා නම් කැම්පස් කලම්බපු පොරක්ය කියලයි මම අහල තියෙන්නෙ

    ReplyDelete
  14. OU එක වගේ ගොඩක් හදන්නම් බැ තමා.නමුත් OU එකේ ගොඩක් ශාඛාවන් පිට පලාත්වලත් තියෙනවා.එවා දියුණු කරන එක වගේම.හැම දිස්ත්‍රික්කයකටම ඒවා වි‍යාප්ත කරන එක තමා හොද.

    ReplyDelete
  15. @ ෴උදියා෴ - ඒ කතාව හරි මත් එකඟයි

    ReplyDelete
  16. අනේ මන්දා එස් බී උන්නැහෙ සීයක් විතර එව්ව කිව්වට එකක් විතරවත් කරන බවක් පේන්නෙ නෑ. අර තායිලන්තෙ තියනවා හමුදා පුහුණුව යම්කිසි ක්‍රමයකට.

    අතීතෙත් එක්ක බැලුවාම අපේ රටේ විනය පිරිහීමක් දකින්න පුළුවං හැම තැනම. ඒවගේ දේවලට පිළියමක් විදියට හොඳ වැඩපිළිවෙලක් කරන්න පුළුවන්නං වටිනවා. ඒක හමුදා පුහුණුවම වෙන්න ඕනත් නෑ. විශ්ව විද්‍යාල වලට විතරක් දාල වැඩක් වෙන්නෙත් නෑ. රටේ අනිත් තැංවලටත් යොදන්න ඕන. පොලිටික් උන්දැලත් ඇතුලුව.

    ReplyDelete
  17. මචන් ඔය හදන්නේ S .B ලොක්කා ඉල්ලන් කන්නයි.හමුදාවේ උන් කොහොමත් පොලිසියත් එක්ක තරහයි නේ බන්.පුහුණුවේදී උගන්නල ආවම කෙලින්ම ආයේ සිසු උද්ගෝෂණ වලදී පොලිසියට ලුණු අබුල් ඇතිව පෝරියල් එක දෙන විදිහ ප්‍රැක්ටිස් කරවලා එවාවි මයේ හිතේ..... හැබැයි බන් මිනිහා කපටියා.සීන් එකේ හැටියට මේකට විරුද්දව එකෙක් හරි මානව අයිතිවාසිකම් නඩුවක් දැම්මොත් ළමයින්ව කැම්පස් බදවා ගන්න කාලය තවත් දික් වෙනවලු.එකෙන් කෙල වෙන්නෙත් යන්න ඉන්න උන්ම තමයි.උන්ට තියෙන්නේ ඉත්න් කටයි පුකයි වහන් දෙන දෙයක් කාලා වෙන දෙයක් කරන්න තමයි බන්...

    ReplyDelete
  18. අන්තරේ උන් නඩු දාන්නලු හදන්නෙ උනුත් බයවෙලා ඇත්තේ අලුත් කොල්ලන්ගෙන් ගුටි කන්න වෙයි කියල :D.

    හැබැයි මම මේ පාර තේරිච්ච එකෙක් වෙලා හිටිය නම් මානව හිමිකම් නඩුවක් දානව (නීතිඥ උපදෙස් අනුව )

    ReplyDelete
  19. @ buwa

    හොද ලිපියක්.මේක මූලික අයිතිවාසිකම් නඩුවකට හොද නිමිත්තක් සපයනවා ඒත් දැන් අධිකරන ක්ෂේත්‍රයවැටිලා තියෙන තත්වය ගැන හිතනකොට පරිපාලන තීරනයක් අභියෝගයට ලක්කරන තීරනයක් ලැබෙයිද කියන එක නම් සැකයි.උගත්කම වගේම කොන්දත් තිබුනු වනසුන්දර මාක් ප්‍රනාන්දු වගේ විනිශ්චයකාරවරුන්ගේ යුගය මේ වනවිට අවසන්ව තිබේ.

    මෙතනදී කරුනු කිහිපයක් තියෙනවා.

    1. මේක දැන් හමුදා පුහුනුවක් නෙමෙයි කියල මෙතන කමෙන්ට් කරන අය පුන පුනා කියනවා. එහෙම නම් ඒ පුහුනුව මොකක්ද?පුහුනුවට හමුදාව සම්බන්ධ වෙන්නේ මොන මට්ටමෙන්ද?හුදෙක් පරිශ්‍රය සපයනවා විතරද?එහෙම නම් හමුදාවෙ අය නෙමෙයි නම් පුහුනුව කරන්නේ කවුද?සිවිල් අයද?මේ කරුනු ආන්ඩුව දෙමව්පියන්ට හෙලි කල යුතුයි නේද?මේ තොරතුරු දැනගන්න සමාජයට අයිතියක් තියෙනවා නේද?මොකක්ද මේ රහසිගත භාවය?

    2.අන්තරයට හරි නවකවදයට හරි කෙලවෙනව කියල හිතන නිසා මේකට සහයෝගය දෙන පිරිසකුත් ඉන්නවා.හමුදා පුහුනුව කරා කියලා නවකවදය නැති වෙයි කියනව නම් ඒක වෙන්නේ කොහොමද කියලත් පෙන්වලා දෙන්න ඕනෙ.පුහුනුවෙන් පසු නවකයන් නැවත යන්නේ ජ්‍යෙෂ්ඨයන් ඉන්න විශ්ව විද්‍යාලයට හා හොස්ටල්වලට.මොන ආමි ට්‍රේනිං කලත් මේ දෙවර්ගය අභිමුඛ වීම නතර කරන්න බැහැ.නවකවදය වගේ දේවල්වල අභ්‍යන්තරය සංකීර්නයි.නිදසුනක් ලෙස පේරාදෙනියේ ඉංජිනේරු පීඨයට එන බොහෝ දෙනා - අඩුම තරමින් පලමු වසරෙදි- තමන්ගේ ඇකඩමික් ගොඩ දාගන්නේ ( භාෂාමය ගැටලු නිසා ) ජ්‍යෙෂ්ඨයන්ගේ පිහිටෙන්.පේරාදෙනියේ වෛද්‍ය පීඨයේ ගිය වසර මුල නවකවදයක් නොතිබුනත් දැන් (වසර අන්තිමේදී ) නවකවදයක් ආරම්භ වෙලා තියෙනවා.එහෙම එන අයට දැන් ඇකඩමික් ගැන කුප්පි දාන්න හමුදාවෙන් එන්නේ නැහැ නේද?මේ දෙවර්ගය කවදා හෝ අභිමුඛ වෙනවා නේද?ඒ නිසා නවකවදය නවත්වන්න මේක ප්‍රයෝජනවත් පියවරක් කියන එක බොරුවක්.අනිත් අතට නවකවදය දැනට නැති විශ්ව විද්‍යාල තිබෙනවා.ඒවායේ එහෙම වුනේ නවකයන්ට ආමි ට්‍රෙනිං දීලද?නැතිනම් ආචාර්යවරු ශිෂ්‍යන් හා නවකයන් අතර වඩා යහපත් සම්බන්ධතාවයක් සදහා මුලපිරීමක් කරලද?මේ කිසිවකට උත්තර නොදී එස්බී කියන දේ පුනරුච්චාරනය කරන කමෙන්ට්කරුවන් පිලිබද ඇති වෙන්නේ කනගාටුවක්.

    3. අනිත් අතට මේ පුහුනුවේ ඇත්ත අරමුන මොකක්ද?නායකත්ව පුහුනුවක්ද නැත්නම් අර කියනවා වගේ අන්තර්යට කෙලවීමද?ඇත්ත අරමුන අන්තරයට කෙලවීම නම් එස්බී ඒක කෙලින්ම කියන්නෙ නැත්තේ ඇයි?නායකත්ව පුහුනුවක් කියල බොරු බෝඩ් එකක් දාගෙන ඉන්නේ මොකද?අන්තරයත් එක්ක එස්බීට තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්.එස්බී ගේ දේශපාලනයයි අන්තරයේ දේශපාලනයයි ගැටෙනව.වාර්තා වෙන විදිහට සමහර ගැහැනු ලමුන් ත්‍රිකුනාමලය වගේ ඈත පලාත් වලට දාල තියෙනව මේ පුහුනුවට.එස්බී ගේ දේශපාලන ඇරියස් පිරිමහගන්න මේ කිසිදෙයක් නොදන්න ලමුන්ව ඩමී විදිහට යොදාගන්න එකේ සාධාරනය මොකක්ද?

    3.මාලඹේ පෞදගලික විශ්ව විද්‍යාලයට යන අයට දැන් මේ ආමි ට්‍රෙනිං එක නැද්ද?එතකොට ඒ වරප්‍රසාද ලත් ලමුන්ට නායකත්ව විනය තියෙනවද?විනය නැත්තේ සාමාන්‍ය පංතියෙ ලමුන්ට විතරද?මේක වෙනස් කරල සැලකීමක් නෙමෙයිද?නැතිනම් මෙතන තියෙන්නේ නිකං ඉගෙන ගන්න නිසා තොපි අපි කියන දෙයක් අහගෙන දෙන ඕනෙ පරිප්පුවක් කාල කට පියාගෙන හිටපියවු කියන තර්කයද?

    4. එස්බී ට අවශ්‍ය සරසවි දරුවන් "විශ්ව දරුවන්" කරන්න කියලානෙ පටන් ගත්තෙ.දැන් ලෝකයේ අනිත් දියුනු රටවලත් සරසවි වලට තේරෙන ලමුන් මෙහෙම හමුදා කදවුරු වලට ගාල් කරලා මිලිටේරිකාරයන් ලවා ඔවුන්ට වම දකුන පුරුදු කරවනවද?

    5.ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ ගැන වැදගත් අදහසක් පල කරල තිබුනා සාමාන්‍යයෙන් දරුනු යුදධයකට පස්සෙ නැවත සමාජගත වෙන්න පුහුනුවක් දිය යුත්තේ හමුදා සොල්දාදුවන්ට.මොකද යුදමය තත්වයට අනුව හැඩගැසුනු මානසිකත්වයන් සාමාන්‍ය ජීවිතයට අනුරූපීව හැඩගස්වන එක වෙනම කලාවක් නිසා. හරි නම් හමුදාවට ඒ පුහුනුව දෙන්න විශ්ව විද්‍යාලවල දැනුමයි යොදාගන්න ඕනෙ. නමුත් ලංකාවෙ වෙන්නේ විශ්ව විද්‍යාල වලට හමුදාවෙන් ට්‍රේනිං දෙන එක.මේ ඇත්තට ආසියාවෙ ආශ්චර්ය නෙමෙයි නම් වෙන මොකක්ද?

    ReplyDelete
  20. @Ramachandra - බොහොම ස්තුතියි , මෙතන තියන ගැටලු කාරී තත්ව සියල්ලම ඔබතුමා පැහැදිලිව මතු කරල තියනව . ඕකට පක්ෂ වෙන හැමෝම එක තැනක් අල්ලගෙන තමයි පක්ෂ . සමහරු අන්තරයට විරුද්ධ නිසා . සමහරු අපේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ නායකත්ව ගති ලක්ෂණ වල අඩු පාඩු දකින නිසා . එහෙම අය මේ ක්‍රියාවලිය සමස්ථයක් විදිහට ඇති කරන ගැටලු එකක්වත් දකින්නෙ නැ

    ReplyDelete
  21. එස් බී කියන්නේ 72/76 සිස්ය සටන් වල පතාක යොදයෙක් ! විද්‍යොදයේ හිටපු සටන්කාමී මහා සිස්ය සංගම් සබාපති..
    එයා ඉන්නකම් කලේ සිස්ය සටන් තමයි... දැන් කණපිට හැරිලනේ ! අනේ මන්ද.. කට්ටියක් පස්බරු ඔටුවෝ ගෙනත් ලංකාවේ කිරි බිත්තර ප්‍රස්නේ විසඳන්න හදනවා.

    ReplyDelete
  22. rata wasiyek(desh drohiyek wiya haka)May 21, 2011 at 12:08 AM

    anthre warady aty ewunata bola sb kyana eka hoda ekekda munwa path kare ape ewunmane ekai duka



    army camp danawanam adugane aasannathma camp ekata danda tbba
    udaharanayak gatthot galle eka pollonaruwe.pollnaruwe eka rantabe.... ithn balapllko meh sb ta mole kaladak nane anika kollo nam kamk na kellantath eh tikama thma... thuk witharak mekawa hirema tbbe nane

    ReplyDelete
  23. නවක වදය වගේ කාළකණ්නි වැඩ , ලොකු තොප්පි දාල අලුතෙන් එන උන්ව අන්දන ජෙප්පන්ට සොරි.කොම්

    ReplyDelete
  24. සරත් ලංකාප්‍රිය - අනිව |rata wasiyek - ස්තුතියි ප්‍රතිචාරයට

    බුද්ධික කසුන්- ජෙප්පන්ට සොරි.කොම් කොරන්න ගිහින් පද්දතියටම කෙලෙව්වාම හරිද ?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව