Skip to main content

චැනල් 4, ජාත්‍යන්තරය , ඉන්දියානු බලපැම්, දෙමල නායකයින් හා 13 වන සංශෝධනය සමඟින් රජය මුහුණ පා ඇති අභියෝග

ශ්‍රි ලංකාවෙ ජනවාර්ගික ගැටලුව , ශ්‍රි ලංකාවේ මැත කාලීනව පත්වූ සියලුම රජයන් මුහුණ පැ ප්‍රභලතම අභියෝගය බව නිසැකය.යුධ ගැටුම් , සාකච්ඡා , බලපැම් ආදි නොයෙකුත්  ස්වරූප ගත්තත්  ඒ තුල පසුබිම් කාරනය වුයේ ජනවාර්ගක අර්බුදයයි . සන්ධාන රජය එල්ටිටියි ත්‍රස්ත වාදය යුධමය වශයෙන් පරාජය කල හෙයින් අර්බුදයේ එක් අන්තයක් නිමාවුවත් එය එතනින් අවසන් නොවන බැව් වර්ථමානයෙ සිදුවන දැ වලින් පැහැදිලිය . යුද්ධය එකම විසඳුම යැයිද , ඉන් එහා අර්බුදයක් මෙහි නැතැයිද යන්න පැවසු  අදහස්ද දෝෂ සහිත බව මේ හරහා සනාථ වී තිබේ .

යුධ ජයග්‍රහයෙන් වසර දෙකක් ඉක්මවුන්න් තැන ඉතිහාසය පුරාවටම අතිශයින් වැදගත් වූ බලවේග තුනක අභියෝග රජය වෙත එල්ල වී ඇත . විදෙස් ගත දෙමල ජනතාව හා අන්තර්ජාතික ප්‍රජාව , ඉන්දියාව , දෙමල ජන නායකයින් ඒ බලවේග තුන යි .





විදෙස් ගත දෙමල ජනතාව හා අන්තර්ජාතික ප්‍රජාව
ශ්‍රි ලංකාවේ ගැටලුව සම්බඳයෙන්  අන්තර්ජාතික ප්‍රජාවේ බලපැම සමඟ ලෝක දේශපාලනයේ ඇතැම් සිදුවීම්, මතවාදයන් හා ආර්ථික කරුණු බද්ධ වී තිබුනත් ඒ සඳහා වන මූලිකම හේතු කාරකය  විදෙස් ගත දෙමල ප්‍රජාව බැව් මාගේ හැඟීමයි . මෙහි අලුත්ම අංගය චැනල් 4 නාලිකාවේ විඩියෝ පටය වුවත් ඒ සමඟම තවමත් නිශ්චිත ප්‍රතිපලයක් ලබා නොමැති  එක්සත් ජාතීන්ගෙ විද්වත් කමිටු වාර්ථාවද බද්ධ වී ඇත  . ආන්දෝලනාත්මක සිදුවීම් හරහා ජනතා අවධානය දිනාගන්නා බ්‍රිතාන්‍ය පදනම් වූ නාලිකාවක් වූ චැනල් 4 දිගින් දිගටම ශ්‍රි ලංකාව පසුපස පන්නන්නේත් , ඒ සඳහ දැවැන්ත අන්තර්ජාතික අවධානයක් ලැබී තිබෙන්නේත් විදෙස්ගත දෙමල ප්‍රජාව නිසා බව පැහැදිලිය . චැනල් 4 නාලිකාව ශ්‍රි ලංකාවේ යුධ සමයෙ සිදුවූවායැයි කියන මානව හිමිකම් කඩවීමේ චෝදනා පිලිබඳ විඩියෝ පට ඉදිරිපත් කලේ මේ වර පමණක් නොවේ . කලින් වතාවල   වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කල රූප රාමු කොටස් මෙවර එකතු කර ඇති අතර එය සම්පූර්ණ කථාවක් ලෙස ඉදිරිපත් කර ඇත . චැනල් 4 සම්බඳයෙන් සන්ධාන රජය මුල සිටම අනුගමනය කල ක්‍රියාමාර්ග සාර්ථකද යන ගැටලුව පැන නැඟෙන්නේ ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී දිගින් දිගටම දැක්වූ දුර්වල තාවන් මෙහිදීද දකින්නට ලැබෙන නිසාවෙනි .මුලදි ඉදිරිපත් කල අපැහැදිලි රූප රාමු  සහිත විඩියෝ පට පිලිබඳ  රජය විරෝධය දැක්වුවත් ඒවා ව්‍යාජ ඒවා බව නිසි ලෙස ඒත්තු ගන්වන්නට හෝ ඒ පිලිබඳ රජය නිසි විමර්ෂනයකට යන බව ජාත්‍යන්තර ප්‍රජාවට ඒත්තු ගන්වන්නට හෝ රජය සමත් වූයෙ නැත . එහි ප්‍රතිපලයක් ලෙස මෙවර විඩියෝ පටය බොහෝ දෙනෙකු විසින් පිලිගන්නා බව පෙනෙන්නට ඇති අතර  ඒ සඳහා පිලිතුරු බැඳීමද කලින් අවස්ථාවලදී තරම් පහසු බවක් පෙනෙන්නට නැත .අදාල විඩියෝ පටයේ ඇතැම්  කොටස් වල තාත්වික බව ,ඇතැම් තොරතුරු හා ඒවා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය පිලිබඳ හා තාක්ෂනික හැකියාවන් පිලිබඳ ගැටලු තිබුනත් මේ විඩියෝ පටයේ එන ඇතැම් දර්ශන  ඉතා බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කරන අවස්ථාද නැත්තෙ නොවේ .  විශේෂයෙන්ම මේ විඩියෝ පටයේ එන කථාව එක්සත් ජාතීන්ගේ වාර්ථාවේ  එන සිද්දි මාලාවන් සාධාරණිකරනය කරන නිසා  ජාත්‍යන්තර ප්‍රජාව මෙම විඩියෝ පටය සත්‍යයක් ලෙස පිලිගැනීමේ හැකියාව වැඩිය . අදාල වාර්ථාවටත් නිසි පරිදි පිලිතිරු සපයා නැති රජය මේ සම්බන්දයෙන්ද සිය සුපුරුදු අසාර්ථක උත්සහයන් වල නිරතවෙනු දක්නට ඇත . කොටි රූපවාහිනියේ මාධ්‍ය වේදිනියක් යැයිඋ කියන ඉස්ප්‍රියා නැමති කාන්තාව කොටි කතක් යැයි රජය විසින් මාධ්‍ය හරහා පුන පුනා ප්‍රකාශ කලත් චැනල් 4 විඩියෝ පටයේ ඒ පිලිබඳ මූලික තර්කය ඇය කොටි කතක් නොවේ යන්න නොව ඇය දූෂනය කොට ඝාතනය කලා යන්නය . අනික් අතට චැනල් 4 විඩියෝවට සුපුරුදු පරිද්දෙන් කුමන්ත්‍රනයක් චෝදනා කිරීම හැර ඒ පිලිබඳ ලෝකයා පිලිගන්නා ආකරයේ විමර්ශනයකට යාමට හෝ අදාල තාක්ෂනික විමර්ශනයකට යාමේ  සූදානමක් රජයට ඇති  බවක්  පෙන්නුම් කරන්නේද නැත . ශ්‍රි ලංකාවට එරෙහි පාර්ශව තමන්ගේ වාසියටත් , ශ්‍රි ලංකාව පිලිබඳ එතරම් අවබෝධයක් නැති  පිරිස් ශ්‍රි ලංකාව ම්ලේච්ඡ රාජ්‍යක් ලෙස හඳුනාගැනීම ටත් මේ  විඩියෝව යොදාගත හැකි නිසා මේය සුලුවෙන් තැකිය නොහැකි කරුණක් බව රජය විසින් වටහා ගත යුතුව ඇත . එක්සත් ජාතින්ගෙ වාර්ථා ,  විවිධ සංවිධානවල ප්‍රකාශ , සිවිල් නඩු ආදී නොයෙකුත් ජාත්‍යන්තර අභියෝග රාශියකට මුහුණ දී ඇති අවස්ථාවක  ප්‍රති පාර්ශව ශක්තිමත් කිරීම හෝ නව අභියෝග එකතු කරගැනීම නුවණට හුරුනොවන බව අවසන් වශයෙන් කිව යුතුය

ඉන්දියාව හා බලපැම්


ශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයෙහි ලා බලපැ  සහ ඉදිරියටත් බලපැ හැකි ප්‍රධානතම සාධකයක් ලෙස  අසල්වැසි ඉන්දියාව හැඳින්විය හැක . එල්ටිටියි සංවිධානය පුහුණු කිරීම , අධාර කිරීම , ඒ වෙනුවෙන් ලාංකීය නායකයින්ට කල දැඩි දේශපාලනික බලපැම් වල සිට සිවුවන ඊලාම් යුද්ධයේදී ශ්‍රි ලංකා රජයට නිහඬ අනුබල දීම දක්වා මේ ඉන්දියානු බලපැම වීවිධා කාර ස්වරූප ගෙන ඇත . ඒ සඳහා දකුණු ඉන්දියානු දෙමල ජනතාව මෙන්ම  කලාපීය  දේශපානික සාධකද බලපා ඇත . නේපාලය හෝ භූතානය වැනි තම්න්ට යටහත්  රාජ්‍යක් බවට ශ්‍රි ලංකාව පත් කරගැනීම සඳහා  ඉන්දිරා ගාන්ධි හා රජිව් ගාන්ධි හිරිකිතයකින් තොරව  එලිපට අනුගමනය කල මැටි මෝල් උපායමාර්ග ලෝකයෙ රාජ්‍ය නායකයින් අතර සිටින උගත්ම  හා බුද්ධිමත් නායකයෙක් වන මන් මෝහන් සිං මහතා අනුගමනය නොකලත්  පෙරටත් වඩා ශ්‍රි ලංකාව කෙරේ බලපැම් කිරීමේ හැකියාවක් ඔවුන් සතුඅ ඇති බවත් ඔවුන් ඒ තුල උපරිම වාසිය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවත් පැහැදිලිය . ඇමරිකාව , බ්‍රිතාන්‍ය ඇතුලු බටහිර රටවලත් රුසියාවෙත් සමීප මිතුරෙකු වන ඉන්දියාව ලංකාව කෙරේ දක්වන ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රි ලංකාව කෙරේ දක්වන ආකල්පයන්ට මෙන්ම ලංකාව කෙරේ අනුගමනය කිරීමට බලාපොරොත්තු ක්‍රියාමාර්ගයන්ට සෘජු බලපැමක් ඇතිකල හැක . සරලව  විග්‍රහ කලහොත් මේ මොහොතේ ශ්‍රි ලංකාවට එරෙහී ජාත්‍යන්තර පරීක්ෂනයක් අවශ්‍යයි යන මතය ඉන්දියාව දැරුවහොත් එය  අනිවාර්යයෙන්ම ක්‍රියාවට නැගෙනු ඇති අතර රුසියාවද නිෂ්ක්‍රිය තත්වයට පත්වනු ඇත .ලංකාවේ අසල්වැසි රට සිටින මතයට එරෙහිව පෙනීසිටීමේ සදාචාරාත්මක ගැටලුව නිසා චීනයටද අකමැත්තෙන් වුවත් නිහඬ වීමට සිදුවනු ඇත .සෛද්ධාන්තිකව හැකියාවක් තිබුනත් ඉන්දියාව එවන් තැනකට යනු ඇතැයි සිතිය නොහැක . ඒ ඔවුනට එයින් අත්වෙන විශේෂ වාසියක් නැති නිසා මෙන්ම තමන්ගේ බල සිමාව තුලට වෙනත් බලවේගයන් අතපෙවීමට දක්වන අක්මැත්ත නිසාය . තමිල්නාඩුවෙන් එල්ල වන දැඩි බලපැම් හමුවේත් ඉන්දිය රජය දරන ස්ථාවරය එයම වන්නේ අදාල බලය භාවිතා කර ආර්ථික හා දේශපාලනික වාසි රාශියක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙන නිසා හා එය මේ වන විටත් සාර්ථකව ඉටු කරගනිමින් සිටින නිසාය . තමිල්නාඩු බලපැම්  සමනය කිරීම සඳහා ශ්‍රි ලංකාවේ දේශපාලන විසඳුමක් වෙත ඉන්දිය රජය  ලංකාව ට බලපැම් යොමුකලත් එය ඔවුන්ගේම නිර්මාණයක් වූ 13 වන සංශෝධනයට සිමාවී තිබේ . එහිදී ලංකීය දෙමල ජන්තාවගේ අභිලාෂයනට වඩා තම බලය ශ්‍රි ලංකාව කෙරෙහි  පවත්වාගැනීම කෙරෙහි ඉන්දියාව  වැඩි අවධානයක් යොමු කර ඇති බව පැහැදිලිය .සන්ධාන රජය තුලිනම නැගෙන විරෝධතා නිසා 13 වන සංශෝධනය  පමණක් නොව ඉන්දියාව සමඟ  ඇති බොහෝ ගණුදෙනු ප්‍රශ්න කෙරෙමින් පැවතීම රජය මුහුන දෙන ප්‍රභල අභියෝගයකිය . එක් අතකින්  ශ්‍රි ලංකාවේ අනාගතයට බරපතල ලෙස බලපැ හැකි බලයක් අතැතිව කෙරෙන ඉන්දියානු  යෝජනාද  ,අනික් අතින්  මෙතෙක් කල් රජයේ   දේශපාලනික මතවාදයේ දිශානතිය  තීරණය කලාවූ බලවේගද  අතර දෝලනය වීම එතරම් පහසු කාර්යක් නොවේ . කෙසේ වුවත් සන්ධාන රජය මෙතෙක් කල් නිසි ලෙස කලමණාකරනය කරගත් එකම   අභියෝගාත්මක  ජාත්‍යන්තර බලවේගය ඉන්දියාව නිසා යම් සුබදායි බවක් තිබුනත්  යුධ සමයේදී තිබුනාටත් වඩා හෙට්ටු කිරීමේ බලයක් අනෙකුත් අන්තර්ජාතික බලවේග නිසා ඉන්දියාව සතු වන බව මතක තබාගත යුතුය

දෙමල ජනනායකයින්


දේශපාලන විසඳුමක් ගැන කියවෙන සැම විටකම මතුවන ප්‍රධාන සාධකය ලාංකික දෙමල  ජනයා නියෝජනය කරන නායකයින්ය.අභ්‍යන්තර විරෝධතා මධ්‍යයේ පවා රජය කලක් කොටි හංවඩු ගැසූ දෙමල සංධානය සමඟ සාක්ච්ඡා වලට එලඹි ඇත්තේ  ඉන්දියානු බලපැම් නිසා විය යුතුය . එනිසාම මෙම සාක්ච්ඡා අලුත් දේශපාලන විසඳුමක් කරා නොව 13 වන සංශෝධනය වටාම කර්කැවෙන බවත් රජයේ පාර්ශව කරුවන් ගෙ මතවාදයන් නිසා නිශ්චිත එකඟතාවයක නැති බවත් පෙනෙන්නට ඇත . රජයේ දෙමල ජනයාගෙ නියෝජනය ලෙස  ක්‍රියා කරන ඩග්ලස් දේවානන්ද මහතා පවා 13 වන සංශෝධනය මතම රැඳී සිටින බවක් දකින්නට  ඇත්තේ  ඉන්දියානු ආශිර්වාදයෙන්  එය ක්‍රියාවට නංවා ගැනීමේ පහසුව සලකා විය යුතුය . එජාපයද උපක්‍රමශිලිව රජය තුලින් එන මතවාදයන් උරගා බලමින් සිටියත්  ඔවුනගේ ඉන්දියානු සබඳතා නිසා ප්‍රභල ලෙස 13 වන සංශෝධනය  කෙරේ විරෝධාකල්පයක් ගොඩනැගීමෙ හැකියාවක් නොමැතිවීමද දෙමල නායකයින් විසින් ප්‍රයෝජනයට ගන්නා බැව් පෙනෙන්නට ඇත . රජය පැත්තෙන් මේ සාක්ච්ඡා හරහා යම් විසඳුමකට්  යාම  අතිශයින්ම වැදගත්ය . එය ඉන්දියානු බලපැම් සමනය වීමට අමතරව මානව හිමිකම් කඩවීමෙ චෝදනා සමනයට ද භාවිතා කල හැකි අතර ඉන්දියාව හා අනෙකුත් මිත්‍ර රටවල් හරහා රජය දෙමල ජනතාව වෙනුවෙන් යමක් කරනා බව ලෝකයාට දැක්වීමටත් ඒ හරහා  ශ්‍රි ලංකාවට ඉඩ හසර ලබා දිය යුතු ය යන   මතය ජාත්‍යන්තරව ප්‍රචාරනය කරවා ගැනීමද සිදුකල හැක .නමුත්  මෙහෙදී රජය මුහුන දෙන අභියෝගය රට තුල  තම්න්ට සිදුවිය හැකි දේශපාලනික අවාසි සහගත තත්වයන්ය . එජාපය සෘජු විරෝධතාවකට නොගියත් රජයේ පාර්ශ්ව කරුවන් විසින්ම නගන මතවාදයක වාසිය ලබාගැනීමේ හැකියාව ඇති අතර රජය මෙතෙක් කල් රැක ගත් " දේශප්‍රේමී " ප්‍රතිරූපය හානි වීම ඉදිරි සියලු දේශපාලන කටයුතු වලදී අවාසියට හිටිමේ අවධානමක්ද ඇත

අකාර තුනක  අභියෝග තුනක් වුවත් මේ සියල්ල එකිනෙක් ගැටගැසී ඇතිවාක් මෙන්ම එක් තැනකින් ලබන සාර්ථකත්වයක් සියලු අභියෝගවලින් මිදීමේ මඟක් පැදීමටද  ඉඩ ඇත . එනිසා උපක්‍රම ශිලිව කටයුතු  කිරීම මෙන්ම යම් යම් කැපකිරීම් සිදුකිරීමටද ඉදිරියේදි රජයට සිදුවනු ඇත . මෙම අභියෝග තුල දේශපාලනයක්  ගැබ්ව තිබුනත් , රජය මෙහිලා සාර්ථක විම රටේ සමස්ථ ජනයාටම පක්ෂ  භේදයකින් තොරව වැදගත්ය . මන්ද මේ අභියෝග තුල රජය ගිලියාමේ අහිතකර ප්‍රතිඵල ලබන්නෙ  මෙන්ම රජය  ගන්නා අසාර්ථක තීන්දුවක හෝ  සිදුකරනා අන්වශ්‍ය කැපකිරීමක වන්දිය ගෙවීමට සිදුවන්නේ සමස්ථ ජනතාවටමය . මේ අභියෝග කෙරෙහි රජයේ ප්‍රතිචාරය ශ්‍රි ලාංකීය ජනයාගේ හෙට දවස තීරණය කිරීමේ ලා මූලිකම සාධකය වනු නොඅනුමානය


Comments

  1. චැනල් 4 සිද්ධියේදීත් සුපුරුදු විදියට කක්ක කර ගැනීම දැනටත් කරගෙන ඇත. තවමත් රජය හැසිරෙන්නේ වගවිභාගයක් නැතිව තමන්ගේ හිතුවක්කාරී මතවාදයන්ගෙන් ජාත්‍යන්තරයටත් පහර දෙන්නටය. තමන්ගේ පැවැත්ම විවේචනයට ලක්වෙද්දි හෝ අභියෝගයට ලක්වෙද්දි දෙමළාට විතරක් නෙවෙයි සිංහලයාටයි කොටියා කියාගෙන සරම කැහැපට ගහගෙන ඇගට කඩා පැනීම ජාත්‍යන්තර සටකපට වැඩිහිටියන් ළඟ දෙකේ පංතියේ ළමයෙක් හැසිරෙනවා වගේය.
    මේ සිදුවීමේදී ඊට වඩා මානව හිමිකම් කඩකිරීම් සිදු‍නොවුණේනම් එය සනාථ කරමින් මෙම රූපවාහිනී නාලිකාවට එරෙහිව කරුණු සහිතව ජාත්‍යන්තරය දැනුවත් කල යුතුය. ඒ වෙනුවට මැරුණු ගැහැණිය කොටිදෙනක් කියමින් මුරගෑම මොංගල්බව විදහා පෑමකි.

    ReplyDelete
  2. outsider දන්නා තරම insiderලාට වටහා ගනු බැරි මන්ද? :)

    ReplyDelete
  3. @``` Outsider``` - :)

    @arunishapiro- මේවැනි දැ ලියන්නට සිදුවන්නේ ඒ අවාසනාව නිසාමය

    ReplyDelete
  4. මෙය කියෙව්වම මට මතක් වෙනව කාලෙකට පෙර රූපවාහිනියෙ මොහාන් සමරනායකගෙ විදෙස් විත්ති විචාරය.

    විවෘතව ඇත්ත නැත්ත දුර්වලකම් සාකච්ඡාවාට භාජනය කිරීමයි අපගේ යුතුකම.

    w3 lanka එකෙත් තිබුනා මේ සම්බන්ධව විචාරයක්,channel 4 ආදිය ගැන.සහ සට කපටයින් ඉදිරියේ පොඩි ළමයින් ලෙස නොහැසිරිය යුතුයි කියලා

    ReplyDelete
  5. ඒ මහත්තය දැන් නම් අමු චාටර් .. ඉස්සර නම් මාත් ගොඩක් කැමති කෙනෙක් . ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව