Skip to main content

ලංකාව පිලිබඳ ප්‍රගති සමාලෝචනය සක්‍ර භවනේදී - Part 1

ලංකාව පිලිබඳ ප්‍රගති සමාලෝචනය සක්‍ර භවනේදී 


ස්ථානය - සක්‍ර භවන 



සක්‍රයා- මාතලී....මාතලි... මාතලී(වැරෙන් කැගසයි ) ,

මාතලි - එනවා .........(ඈතින් ඇසේ )

(මාතලි හති දමමින් සක්‍රයා අසලට පැමිණේ )

සක්‍රයා - මම බ්‍රහ්ම ලෝකෙට ඇහෙන්න බෙරිහන් දෙනකන් ඇහෙන්නෙ නැතිවෙන්න  තෝ කොහෙටද බොල චුත වෙලා  හිටියේ ඈ??

මාතලි- ස...ස..සර් මම මෙ..මේ..

සක්‍රයා - මගේ ප්‍රෙෂර් නග්ගන්නෙ නැතුව ඉක්මනට කියහන් ඕයි.

මාතලී-  සර් මම මේ..මේ ඩා...ඩා..ඩාන්සින් ස්ටාර් බල බල හිටියේ


සක්‍රයා - මොකක් ?? තමුසෙට ඔය ලංකාවේ ටිවි වල කසිකබල් බලන්නෙ නැතුව ඉන්නම බැරිද ඕයි

මාතලී - ඒ වට මාර ලස්සන ගැණු ළමයි එනවා සර් , ඒකයි

සක්‍රය - නොදකින් පොල් කවුඩා ... මනුස්ස ලෝකෙ ඉන්න වුන් දිව්‍යාංගනාවියෝ වගේ ගැනුන්ව පතනව , විශේෂයෙන්ම ඔය ලංකාවෙ උන් , දිව්‍යාංගනාවියො වට කරන් ඉන්න උඹ එහෙ ගැණුන්ට කෙල හලනව චික් විතරක්


මාතලී - ගැණු ලමයි විතරක්ම නෙමේ සර් එකේ හරි ජාති වැඩ වෙන්නෙ

සක්‍රයා - ඒ කියන්නෙ

මාතලී - ජජ් බෝඩ් එකේ උන් මරා ගන්නව , නයි එනව , ජජ්ලයි නිවේදකයොයි ගහගන්නව , ඊට පස්සෙ ජජ්ලම නිවේදනෙත් කොරනව . වැඩ කෝටියයි , ඇයි සර් අර මාරවින් තුමාත් එනවනේ ඕකට

සක්‍රය - මාරවින් කිව්වේ අර දේවාල එහෙම හදන ගොය්ය නේද ? අන්න මිනිස්සු අපි ගැනත් හිතල තමා වැඩක් කලොත් කරන්නෙ , මිනිහ එනවා නම් ඊලඟ සතියෙ ඉඳන් මාත්  ඔය අටමංගල්ලෙ බලන්න ඕනි . අර දොස්තරය දිනපු එකට පස්සෙ ලංකාවෙ රියලිටියක් බැලුවෙම නැ .. මේ  ඔය අනන් මනන් නෙවෙයි ගිහින් බලපන් අර ලංකාවේ ප්‍රගත් සමාලෝචන රැස්වීමට එන්නය කියපු දෙවිවරු සෙට් එක ඇවිත්ද කියල


(මාතලී පිටව යයි..සක්‍රතුමා සිවුරුහන් බායී )

ටික වේලාවකින් ....

මාතලී- සර් , කතරගම දෙය්යොයි ගණ දෙය්යොයි , දැඩි මුණ්ඩ  දෙය්යොයි නම් ඇවිල්ල ඉන්නේ අනික් අය නම් තාම නැ

සක්‍රය - චික් .. බලනව මාතලි මුන් ලංකාවට වෙලා ඉඳල එහෙ උන් වගේමයි වැඩ කවදාවත් වෙලාවට වැඩක් කරන්නෙ නැනේ , අරන් බලනව කෝල් හැමකෙනාටම

(මාතලී  දුරකථනය වෙත ගොස් ඇමතුම් කිහිපයක් ගනී , සක්‍රතුමා නැවතත් සුරුවම් බායි )

මාතලී - සර් නාථ දෙවියො නම් මඟ එනවලු , කාරෙකට බාල පෙට්‍රල් දාල මඟ හිටලලුනේ ටැක්සියක් අරන් එනවලු , විශ්ණු දෙය්යොයි , විභීෂන දෙවියොයි කැලණියේ බර ගේමක් ලු දැන්ම එන්න වෙයිද දන්නෙ නැලු


සක්‍රයා - කැලණියේ ගේමක් ඒ මොකක්ද ?

මාතලී -  අර මාරවින් තුමා සිය දිවි නසා ගන්නලු හදන්නෙ අර දෙන්න ඒක  කරන්න නොදී අල්ලන් ඉන්නවලු

සක්‍රයා - මොකක් කියන්නෙ , ඇයි දැන් තමුසේ ටිකකට කලින් කිව්වේ ඒ යකා විනිස්ස මණ්ඩලේක හිටියා කියල .

මාතලී - ඒවා රෙකෝඩ් කරපුවනෙ සර්  මොකක් හරි හුටපටයක් ඊට පස්සෙ පටලවා ගන්න ඇති . නාහෙට අහන්නෙ නැති එකානේ

සක්‍රයා - ඔය මනුස්සය අපිට හරි ප්‍රයෝජනයි , මැරෙන්න දීල බැ . තමුසේ අරුන් දෙන්නට කෝල් කරල කියනව මෙහෙ එන්න ඔනි නැතය , ඌට මැරෙන්න නොදී කොහොම හරි අල්ලගෙන ඉන්නය කියල හරිද
(මාතලී දුරකථනය වෙත යයි )

ටික දුරක් යනවිට

සක්‍රය -  එක්කො මාතලි.... දෙන්නගෙන් එකෙකුට එන්න කියනව . ඔය කිව්වට තව අවුරුදු 6ක් යන   කම් ඔව්වො මරල වලට දැම්මත් ආපහු ගොඩ එනව  . මනුස්ස ලෝකේ හිටියත් දිව්‍ය සම්පත් නොවැ තියෙන්නෙ . ඒ නිසා එකෙකුට එන්න කියනව . කෝකටත් කියල  විෂ්ණුව එතන හිටපුවාවේ.


සක්‍රයා- ආ .. ඒ ගමන් අර ඇවිල්ල  ඉන්න උන් තුන් දෙනාට ඇතුලට එන්න කියනවා . අනික් අය එනකන් වැඩෙ පටන් ගන්න පුලුවන්

මාතලී දුරකථන ඇමතුම දී , අනෙක් දෙවිවරුන්ද සමඟ සක්‍ර භවනට ඇතුල් වේ

සක්‍රය- මේ ....මාතලී තමුසේ සම්න් දෙවියන්ට කථා කලෙ නැද්ද ?

මාතලී - කථා කලා සර්.. සෙක්ට්‍රි ආන්ස්වර් කලේ .. සමන් දෙවියො  තාම භාවනා කොරනවලු , සමනල කන්දෙ

සක්‍රය - ඔයැයිගෙ භාවනාව ලේසියෙන් ඉවර වෙන්නෙ නැ . ඊලඟට ඇතා පිටේ බඩ ගාන කොට හෙට වෙයි . මාතලි තමුසේ ගිහින්  මක්ක කොරල හරි භාවනාවෙන් නැගිට්ටෝල . එක්කරගෙන එනව

මාතලී - එහෙමයි (පිටව යයි )

සක්‍රයා - (අනික් දෙවියන් දෙසට හැරී )  කොහොමද දැන් කට්ටියගෙ ආදායම් තත්වය , ගිය පාර ප්‍රගති සමාලෝචනයට වඩා වෙනසක් එහෙම තියනවද ?


දෙවිවරු තුන්දෙනාම - ඔව් සර් , හොඳ වර්ධනයක් තිය්නව . M ආර් මහත්තයගෙ ආණ්ඩුව ආපු දා ඉඳල කොහොමටත් ඉතින්  ආදායම නගින පැත්තට තමයි

සක්‍රය - ඒක තමයි මම මුල ඉඳලම කිව්වෙ , M ආර්  ආණ්ඩුවට උදව් කරන්නය කියල . කෝ දැන් දැන් තමුසෙල වැඩෙ කනවනේ .

කතරගම - ඇයි සර් එහෙම කියන්නෙ ?

සක්‍රයා (කේන්තියෙන් )- එහෙම කියන්නෙද ?

ශබ්ධයක් ඇසෙයි , සක්‍ර දෙවියන් හැරී බලයි නාථ දෙවියන් ශාලාවට ඇතුලුවේ ,

නාථ - ටැක්සියට දාල තියෙන්නෙත් බාල් පෙට්‍රෝල් සර් , ඒකත් මඟක් එන කොට හිටිය . ඉතුරු ටික පයින්ම  ආවා


සක්‍රයා - ආ.........තමුසෙ ආවද මට තමුසෙව තමයි අල්ල ගන්න ඕනි කරල තිබුනේ


නාථ - ඇයි සර් මොකුත් අවුලක්ද?

සක්‍රය - එක අවුලක් නෙවෙයි ඕයි තමුසේ මහ අවුල් ගොඩක් නේ . බලනව තමුසෙ මහ ලොකුවට මිනිස්සුන්ගේ වකුගඩු වල තියන ආසනික් කෙහෙල් මලක් ගැන කිව්වා මොකද උනේ අපිට උදව් කරපු , අපි වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සු ටික කිච උනා . M ආර් තුමාගෙ ආණ්ඩුවටත් ප්‍රශ්න ආවා

නාථ - ඒ වුණාට සර් ආණ්ඩුවට අවුලක් උනෙ නැ ලොකුවට , අර මගෙන් අහගෙන් ගිය පරීක්ෂකයො ටිකට තමයි පොඩ්ඩක් අවුල් වුනේ

සක්‍රයා - ඒ මිනිස්සු තමයි  මී හරකො වැදගත්ම . උන් තමයි අපි  ගාවට මිනිස්සු එවන්නෙ . අණ්ඩුව ලවා එවන ඒව පිටිපස්සෙත් ඉන්නෙ ඒ මිනිස්සු , ඒ අය නැත්නම් M ආර් ආණ්ඩුවත් අර යැංකියගෙ ආණ්ඩුව වගේම වෙයි . අපිට වැදගත් අපේ  කලෙක්ෂන් එක වැඩි කරගන්න එකයි  ඕයි , තේරුම් ගන්නවකො

නාථ - ඒ වුනත් මම හොඳක් කරන්නනෙ හැදුවෙ සර් ,  බැරිවෙලාවත් ආසනික් තිබුන නම් එහෙම

සක්‍රය - අම්මප මට ගහන්න හිතෙනව උඹට පඬුපුල් ආසනෙන් ඔලු කට්ට කුඩු වෙන්න . බැරි වෙලා තියෙන්න පුලුවන් කෙහෙල් මලක් දෙවි කෙනෙක් කියන්න ඕනිද ? නොදන්න කෙහෙල් මල් වලට හොස්ස දන්න ගිහින් ලංකාවෙ උන් වගෙ නාගන්න එපා . අනික  කාරෙකට ගහන පෙට්‍රල් ටික බාලයි කියල පෙන්නෙ නැති එකා කොහොමද ආසනික් මඟුලක් දකින්නේ .මීට පස්සෙ ඔහොම  බූරු වැඩක් කරල තිබුනොත් තව්තිසාව පැත්ත පලාතෙ එන්න දෙන්නෙ නැ . අන්න ඒක මතක තියා ගනින් .ආ..ආ.. දැන් බොරුවට අඬන්නෙ නැතුව අතනින් වාඩිවෙයන්


ඉතිරිය පසුවට

Comments

  1. අයියෝ ඇයි මේ කොටස් වශයෙන්... පීක් එකට එනකොට මතු සම්බන්ධයි කරලනේ....

    ReplyDelete
  2. @hare - එතකොටනේ මචන් ගති ..., ඇත්තෙන්ම උනේ ඔය ටික ලියල සේව් කරල ඉතුරු ටික පස්සෙ ලියන්න හිටියේ , බැරි වීමකින් පබ්ලිශ් උනා , ඒ නිසා කොටස් දෙකකින් දාන්න තිරණය කලා , නැවතුණු තැනත් හොඳ නිසා

    ReplyDelete
  3. අප්පද බොල ආසනික් කේස් එකයි පැස්ටෝල් එකයි දිව්‍ය ලෝකෙටත් ගියාද? මාතලී උගේ රථයට දාන්නේ මොනාද දන්නෙ නෑ...?

    ReplyDelete
  4. මලා.... දැන් කොහොම හරි එක දෙවි කෙනෙක්ට පුලුවන් වෙයිද දන්නේ නැ අර සියදිවි නසා ගැනිම නවත්වන්න,.. ඊලග එකෙන් කට්ටියට ඔය ‍රැස්විම කල්දාලා එක නවත්වලා එන්න කියන්න...
    පෙට්‍රල් කතා අයේ එන්නේ නැ කියන්නේ

    ReplyDelete
  5. හික්, ගති සමාලෝචනේ.

    ReplyDelete
  6. @prasanna86k - මේ දඟලන හැටිඅයට බ්‍රහ්ම ලෝකෙටත් ගිහින් මයෙ හිතේ

    @දේවා ගේ අඩවිය - ඔව් නේද රැස්වීම් තිබ්බ වගේ නෙවේනෙ අර මනුස්සය වල කජ්ජ ගැහුවොත්

    @budhajeewa - තැන්කු සහෝ

    ReplyDelete
  7. දේශ පාලන උපහාසය නැගලා යනවා මේදවස් වල නෙහ්..කවුද කියන්නෙ හොඳ නිර්මාන බිහි වෙන්න නිදහස් මනසක් ඕනි කියලා :P :P

    ReplyDelete
  8. බුවා ස්පෙෂල්...! මචං මෙහෙමත් එකක්. මම නම් හිතන්නේ දේව් නාථගේ දේව පට්ටම අයින් කරන්න ඕනෙ. මෙච්චර රටේ වෙන කෙහෙල්මල් තියෙද්දී උන්දැට ආසනික් ‍විතරක්මද පෙනුනේ. අම්මප මම ශක්‍රයා නම් දේව සභාව තහනම් කරනවා හය අවුරුද්දකට !!!

    ReplyDelete
  9. මල් හතයි බුවා... නාථ දෙයියො දිවියලෝකෙටම ගෙන්නල අනාථකරල දාල නෙව. මහාචාරිය තුමා දැනගත්තොත් සක්කර භවන හොල්ලයි.

    ReplyDelete
  10. අපේ ප්‍රශ්න එහෙනං දිවය ලෝකෙටත් ගියා... හොඳයි..හොඳයි..!

    ReplyDelete
  11. දෙයියොත් අසරණ වෙලා වගේ

    ReplyDelete
  12. @මදුශාන් -සිතුවිලි පවුරට එක්තුවෙලා තියන දේශපාලන උපහාසය මගෙ වගෙ නෙවෙයි සුපිරි

    @Chathuranga -එහෙම කලොත් නාථ දෙය්යන්ටත් තානාප්ති කමක් ලැබේවි

    @nawam - මහාචාරිය කියයි ඊනියා බටහිර බලවේග සක්කර භවනත් අල්ලගෙන කියල

    @ගයන්ත- නැතුව බැනෙ අපි හැම එක දෙය්යො කියන විදිහට කරන උදවිය නේ

    @අකීකරු හිත - ඒ වගෙ නේද

    ReplyDelete
  13. මාරවින්July 27, 2011 at 3:51 PM

    විෂ්ණු අතෑරපන් මාව, අතෑරපන් මාව මට මැරෙන්න දීපන් ......

    ReplyDelete
  14. අනේ අම්මපා කාලයක් යනකොට දේව සභාවත් ලංකාවේ පාර්ලිමේන්තුව ගානට යයිද දන්නෙ නැහැ ........

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ ...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...

පෞද්ගලික විශ්ව විද්‍යාල පනතක අවශ්‍යතාවය

රජය විසින් ගෙන ඒමට නියමිත පෞද්ගලික විශ්ව විද්‍යාල පනත සහ ඊට විරෝධය පල කරනා  විශ්ව විද්‍යාල සිසුන් මේ දිනවල උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ . දශක  තුනකටත් එහා ගිය පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ වැයමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ආදාල පනත හැඳින්විය හැක . එම පනනේ සංයුතිය හා අවශ්‍යතාවය පිලිබඳ සාකච්ඡා කිරීමට මත්තෙන් සුපුරුදු පෞද්ගලික විශ්ව විද්‍යාල "යහපත්ද -අයහපත්ද " යන විවාදය පිලිබඳ යමක් සටහන් කල යුතුය . උක්ත විවාදය කෙලවරක් නොමැතිව දිවෙන්නක් වුවත් ඒ පිලිබඳ මාගේ පැහැදිලි අදහස ඉදිරිපත් කර තැබීම වැදගත්ය . පෞද්ගලික විශ්ව විද්‍යාල සහ/හෝ  මුදලට රාජ්‍ය අංශය විසින් සපයන උසස් අධ්‍යාපනය යන සංකල්පය මා සම්පූර්නයෙන්ම එකඟය . එනිසා පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා විරෝධය පලකරන්නන්ගේ සමහරක්  තර්කයන්ට පිලිතුරු සැපයීම මාගේ ස්ථාවරයට හේතුන් පාඨකයාට අවබෝධ වීමෙහිලා උපකාරි වනු ඇත . දුප්පත් සිසුනට සිදු කරනා අසාධාරණයක් - යම් පිරිසකට අසාධාරණයක් සිදුවන බව සැබැය . නමුත් වර්ථමානයේ පවතින්නාවු ක්‍රමය තුලද තත්වය ඒසේමය . දිස්ත්‍රික් පදනම නිසා විභාගයේදී වැඩි දක්ෂතාවයන් දැක්වූ සිසුනට  බලාපොරොත්තු වන...