Skip to main content

අහෝ දෙවියනේ මට වුනු වියෝයා.... බුද්ධෙ අයිය මහ පුටුවට ගියෝයා - මීට විකාරවංශ

අද ලියපු පල්වෙනි ලිපියත් ඡන්දෙ ගැන , මේකත් ඒ ගැනම තමයි .හැබැයි මේ සුදානම් වෙන්නේ බ්ලොග් ඉතිහාසයේ දෙවෙනි වතාවට හොඳවයින් හූවක් තියන්න . කලින් පාර හූ කිව්වේ පබා පැන්න වෙලාවෙ පබාට ඡන්දෙ දුන්න ඇයින්ට සහ විපක්ෂනායක තුමාට .මේ පාර නම් හූ කියන්නෙ එසේ මෙසේ පොරකට නෙවෙයි . මහා දේශප්‍රේමී ,උපවාස විශාරද , කොන්ඩම් පති, ලෙමන් පෆ් මුදියන්සෙලාගේ විකාරවංශට තමයි මේ පාර හූව ,

තමන්ගේ අමාත්‍යාංශයේ සම්පත් , බලතල සියල්ල භාවිතා කරල , ගිරිය කඩාගෙන කැගහල දීපු බුදු ගේම සත පහකට වැඩක් නැතිවෙලා , දේශප්‍රේමී තුමාගේ අපේක්ෂකයට වඩා දහස් ගානක් වැඩි මනාප බුද්ධදාසට හම්බ වෙලා .

ඇමති තුමාගේ පරාජය ගැන බුද්ධදාස මහත්තයගෙ අදහස් වලට පස්සෙ මේ පිලිබඳ විමල් වීරවංශ මහතාගෙන් විමසූ විට ඔහු පිලිතුරු දීම ප්‍රතික්ෂේප කලා කියල අද දෙරණෙ චතුර කියපු වෙලාවේ මට දැනුන සතුට නම් කියල නිම කරන්න බැ . විමල් තුමා ඇතුලු දේශප්‍රේමීන් හිතාන ඉන්න විදිහට රජයේ ප්‍රභල බලවේගය ඔවුන් නොවේය කියන දේ ඔප්පු වීම ඉතාම වැදගත් කාරණයක් . බුද්ධදාස කියන පුද්ගල චරිතයේ අඩු පාඩු තිබුනා උනත් කොයි තරම් දැඟලුවත්  විකාර වංශලාට නිදහස් පක්ෂය ඉක්මවා යන්න බැය කියන එක ඉතාම සුභ දායි කාරණයක් . ඉතින් විකාර වංශ මහත්තයෝ ඕං ඔබතුමාගේ කුජීත වීම සම්බන්ධයෙන් මගේන් හොඳ දේශප්‍රේමී හූවක් පල කර සිටිනවා..

 ආ ...  බ්ලොග් අවකාශයේ ඉන්න නිදහස් පක්ෂයට වඩා රටේ ජනතාව පිලිගන්නේ හොර දේශප්‍රේමීන්වය කියල හිතාන ඉන්න අයටත් ඒ හූව වලංගුයි කියල කියන්න ඕනි .


බුද්ධදාස ලොක්කටත් සුභ පතන්න ඕනි , ඇමති කෙනෙක්ගෙ බලතල, සම්පත් එක්ක හැප්පිලත් දිනුවට

Comments

  1. හි හි කොල්ල මාත් මේ නිව්ස් වලින් සීන් එක දැන ගත්තේ..නිව්ස් එකටත් වඩා මටත් හිනා ගියේ චතුර කොලුවා එක කිව්වා විදියට
    " මේ සම්බන්ධයෙන් අපි විමල් විරවංශ මහතාගෙන් විමසු වි‍ට ඒ සදහා පිළිතුරු දීම එතුමා ප්‍රතික්ෂේප කරන ලදී "...ලොල්..ලොල්....ලොල්..

    ReplyDelete
  2. චතුර තමයි දෙරණේ ඉන්න හොඳම ඩයල් එක හීන් නූලෙන් නවන්න ,ඒ කිව්ව විදිහට තමයි මටත් පට්ට ආතල්

    ReplyDelete
  3. මේ බුද්ද දාස නම් හරි නිව්ච්ච ම්නිහෙක් කියලා පේනවා ඔයවාගේ ම්නිස්සුන්ට තමයි රටේ තැන දෙන්න ඔනේ...

    ReplyDelete
  4. පව් වැඩේ... කොච්චර දැඟලුවද...

    ReplyDelete
  5. කෝ බං මේ චී නිවුස්

    ReplyDelete
  6. @වෙලාව ලඟයි -බුද්ධාස නිවිලාද පත්තුවෙලාද කියන එකෙන් ලොකු වෙනසක් වෙන්නේ නැ , පලාත් පාලන ආයතනවල ඉන්න බහුතරයක් බුද්ධදාස ටයිප් තමයි, මරු ප්‍රොෆයිල් නේම් එක

    @ප්‍රසන්න-පව් කියෙන්නෙ දුකේ බැ

    @සිතුවිලිමණ්ඩිය- අනේ මන්ද ?

    ReplyDelete
  7. හැබැයි විමල් වීරවංශ සංධානයෙන් ඉල්ලපු හැම වතාවෙම කොළඹ දිස්තික්කයෙන් පළමුවෙනියට ආවා නේද? එහෙනම් කොහොමද කියන්නේ විමල්ට බැහැ කියලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අයව අභිබවා යන්න. අනිත් එක බුද්ධදාසට තෙල් ඇමතිගේ ඇල්ම බැලම තිබුනා. එයා සංධානයේ මහලේකම්.

    ReplyDelete
  8. මදැයි කොලා.මම හිතන්නේ බුද්ධදාසට මඩ ගහල එයාට ඡන්ද එකතු කරල දුන්නේ විමල්.

    ReplyDelete
  9. @ඉස්තෝප්පුව - වැදගත් තර්කයක් ... ,මුල් වතාවේ නම් ලංකාව පුරාම ජවිපේ අයනේ වැඩිම මනාප ගත්තේ (මතක විදිහට හම්බන්තොට, පොලොන්නරුව , රත්නපුර ඇරුණාම අනික් සේරම තැන්වල ) . විමල් කියන පුද්ගල චරිතය රටේ ජනප්‍රියයි එක්තරා දුරකට . මිනිහාගෙ චාටර් වැඩ දැකල හිනා වෙන අය වගේම මිනිහා වීරයෙක් කියල හිතාන ඉන්න අයත් සැහෙන්න ඉන්නව . කොලඹ දිස්ත්‍රික්කයේ ජනගහනය සහ ව්‍යාප්තිය සැලකුවාම විමල් කියන පුද්ගලයට ඒ හැම තැනකම කැමති අය ඉන්නවා . නමුත් අනික් අපේක්ෂකයින්ට ඒ ඒ ප්‍රදේශවල විතරයි ජනප්‍රියතාව තියෙන්නෙ . උදාහරණයක් විදිහට දුමින්දට, තිලංගට කොලඹ නගරයෙන් පිටදි දැවැන්ත ඡන්ද පදනමක් නැ . ඒකයි මට හිතෙන විදිහට විමල් පලවෙනියා වුනේ . පුද්ගල චරිත විදිහට නෙමේ පක්ෂය වශයෙන් ගත්තාම ජනිපේට නිදහස් පක්ෂය ඉක්මවා යන්න බැ කියලයි පේන්නේ . ඒක මහ මැතිවරනයෙදිත් පෙනුනා . මේ පාර විමල් ෆුල් ට්‍රයි කරලත් බැරි වීම නිසා නැවත වතාවක් ඔප්පු වුනා . තේල් ඇමති විමල් වගෙ න්ජනප්‍රිය චරිතයක් නෙවෙයිනේ ඒ නිසා එයා ගේ උදව් ලොකු වාසියක් වෙන්නෙ නැ . කොහොමටත් කඩුවෙල ආසන සංවිධායක විදිහට තෙල් ඇමති තුමාට ඔය ගැන සම්බන්ධයක්ජ් තියනවානේ . විමල් නෙ අහක ඉඳන් ඇවිත් අමාත්‍යාංශ දේපල භාවිතා කර කර උදව් කරේ

    ReplyDelete
  10. @ජයශ්‍රි - ඔව් වෙන්න පුලුවන්

    ReplyDelete
  11. දැන් ඔබත් පිළිගන්නවා විමල් කොළඹ දිස්ත්‍රික්කය පුරා ජනප්‍රියයි කියලා. ඒ නිසා තමයි විමල් පළවෙනියා උනේ. මම කියන්නෙත් ඒකමයි. ජා. නි. පෙ. ශ්‍රි. ල. නි. ප. තරම් ජනප්‍රිය වෙන්න විදිහක් ඇත්තෙම නැහැ. ජේ. වී. පී. එක උනත් රට පුරා ජනප්‍රිය වෙන්න හේතුවුනේ විමල්. ඒ වගේම මහින්ද රාජපක්ෂ 2005දී ජනාධිපති පුටුවේ වාඩි කරවන්න විමල් තරම් වෙන කිසිම හේතුවක් තිබුනේ නැහැ. විමල්ට අධෝ වාතයක් ගියත් ඒකට හූ කියන්න සෙට් වෙන්නේ විමල්ගේ ඔය කියන හැකියාවයි. වෙන මොකවත්ම නොවේ. ලංකාදීප පත්තරේ විමල් විරුද්ධව කාටූන් දෙක බැගින් ඇඳෙන්නේත් ඔය හේතුව හින්දමයි. තෙල් ඇමති ශ්‍රී ලන්\කා එකේ කඩුවෙල සංවිධායක. ඒත් විමල් කඩුවෙල ජා. නි. පෙ. සංවිධායක. එතකොට කොහොමද විමල් පිට එකෙක් වෙන්නේ. තෙල් ඇමතිගේ ජනප්‍රියත්වයට වඩා බලතල තමයි වැදගත් වෙන්නේ.

    ReplyDelete
  12. @ඉස්තෝප්පුව - ඇයි මම කොතනකවත් කිඅයල තිබුනද විමල් ජනප්‍රිය නැ කියල . ජනප්‍රියතාව කියන්නේ දක්ෂතාව නෙවෙයි . මුතු හෙට්ටිගමත් ගාල්ලේ ජනප්‍රියයි ඒත් දක්ෂද ?

    විමල් ජානිපෙ කඩුවෙල සංවිධායක විතරක් නෙවෙයි ජානිපේ නායකය . පක්ෂේ නායකය ගේමට බැහැලත් ඔච්චර සම්පත් වැය කරලත් , බුද්ධදාසට පුලුවන් තරම් මඩ ගහලත් තමන්ගේ අපේක්ෂකයව ප්‍රතිවාදියව ලඟටවත් ගේන්න බැ කියන්නෙ විමල් සම්පූර්ණයෙන් අසාර්ථකයි එතනදි . විමල්ගෙ තියන පුද්ගලික ජනප්‍රිය තාව එකක් , තමන්ගේ ප්‍රතිපත්ති දිනවීම තව එකක් . විමල් ඔය කියන ව්දිහට කඩුවෙල ජානිපේ සංවිධායක නම් විමල්ට තමන්ගේ ප්‍රතිපත්ති මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න පුලුවන් නම් තමන්ගේ අපේක්ෂකයව ඉස්සරහට ගේන්න හැකියාව තියෙන්න ඕනි . එහෙම බැ කියන එකෙන් තේරෙන්නේ විමල් කියන පුද්ගලයට තියන ජනප්‍රියතාව එතනින් එහාට ගෙනියන්න හැකියාවක් නැ කියන එක . කවද හරි සන්ධානෙන් එලියට ගියොත් ජානිපෙටත් වෙන්නෙ ජවිපෙට වෙච්ච දේ තමයි . දැන් විමල්ටත් මනාපයක් දීල යන නිදහස් පාක්ෂිකයො කවුරුවත් විමල් එලියට ගියොත් විමල් එක්ක යන්නෙ නැ . එහෙම පිරිසක් විමල්ට ඉන්නව නම් කඩුවෙලදි ඔහොම වෙන්නෙත් නැ

    ජවිපෙ ජනප්‍රියත්වයට හේතුව විමල්ය කියන එක නම් පිලිගන්න පුලුවන් හැබැයි " ඒ වගේම මහින්ද රාජපක්ෂ 2005දී ජනාධිපති පුටුවේ වාඩි කරවන්න විමල් තරම් වෙන කිසිම හේතුවක් තිබුනේ නැහැ" කියන මෙන්න මේ ප්‍රකාශයෙන් නම් පෙන්නෙ ඔබතුමා විමල්ට අධෝ වාතයක් ගියත් සුවඳයි කියන තරමට කඩේ යන කෙනෙක්ය කියල තමයි

    ReplyDelete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  15. ඔබේ හුවට මගෙත් දායකත්වය දෙනවා.

    ReplyDelete
  16. මෙන්න මගෙනුත් ඔය හූ වට සපෝට් හූ පෝලිමක්... හුක්කි හුක්කි හූ.....

    ඔය මැස්ස මට පෝන් එකට අද දෙරණෙන් ආවම මට ඇති උන සතුට කියා නිම කල නොහැක.. මැරු මරු...

    ReplyDelete
  17. @Chathuranga (10.54/10.55) -එකම කුණුහරුපය දෙපාරක්ම දැම්මේ ඇයි , මෙන්න මේක නේ කියන්න ඕනි වෙලා තිබුනේ

    " තේරුමක් ඇති දේවල් ලියහන් _ _ _ ගේ පුතෝ "

    මට උබට කියන්න තියෙන්නේ

    "තේරුමක් නැති දේවල් බලන්නේ මොකටද _ _ _ ගේ පුතෝ " කියල තමයි

    ReplyDelete
  18. එක වල්ලේම කුරුවල් පොල්ද මන්ද?

    ReplyDelete
  19. //හැබැයි මේ සුදානම් වෙන්නේ බ්ලොග් ඉතිහාසයේ දෙවෙනි වතාවට හොඳවයින් හූවක් තියන්න//
    දෙපාරද හූ කිවුවෙ? හු කියපු තරමට උගුර ලේ රහ වෙලා..D

    ReplyDelete
  20. එල පෝස්ට් එක, ඇත්ත ලියලා තියෙන්නෙ ...

    ReplyDelete
  21. @රාජ් - හූ කියන්නම කියල ලිව්වේ දෙපාරයි , ඇත්ත්ටම බැලුව්ප්ත් වැඩියෙන්ම කරන්නෙ එක එකාට හූ කියන එක තමයි

    @පන්සල් හන්දිය- ස්තුතියි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ ...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...

පෞද්ගලික විශ්ව විද්‍යාල පනතක අවශ්‍යතාවය

රජය විසින් ගෙන ඒමට නියමිත පෞද්ගලික විශ්ව විද්‍යාල පනත සහ ඊට විරෝධය පල කරනා  විශ්ව විද්‍යාල සිසුන් මේ දිනවල උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ . දශක  තුනකටත් එහා ගිය පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ වැයමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ආදාල පනත හැඳින්විය හැක . එම පනනේ සංයුතිය හා අවශ්‍යතාවය පිලිබඳ සාකච්ඡා කිරීමට මත්තෙන් සුපුරුදු පෞද්ගලික විශ්ව විද්‍යාල "යහපත්ද -අයහපත්ද " යන විවාදය පිලිබඳ යමක් සටහන් කල යුතුය . උක්ත විවාදය කෙලවරක් නොමැතිව දිවෙන්නක් වුවත් ඒ පිලිබඳ මාගේ පැහැදිලි අදහස ඉදිරිපත් කර තැබීම වැදගත්ය . පෞද්ගලික විශ්ව විද්‍යාල සහ/හෝ  මුදලට රාජ්‍ය අංශය විසින් සපයන උසස් අධ්‍යාපනය යන සංකල්පය මා සම්පූර්නයෙන්ම එකඟය . එනිසා පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා විරෝධය පලකරන්නන්ගේ සමහරක්  තර්කයන්ට පිලිතුරු සැපයීම මාගේ ස්ථාවරයට හේතුන් පාඨකයාට අවබෝධ වීමෙහිලා උපකාරි වනු ඇත . දුප්පත් සිසුනට සිදු කරනා අසාධාරණයක් - යම් පිරිසකට අසාධාරණයක් සිදුවන බව සැබැය . නමුත් වර්ථමානයේ පවතින්නාවු ක්‍රමය තුලද තත්වය ඒසේමය . දිස්ත්‍රික් පදනම නිසා විභාගයේදී වැඩි දක්ෂතාවයන් දැක්වූ සිසුනට  බලාපොරොත්තු වන...