Skip to main content

දේශප්‍රේමීන් සංගාට එරෙහිව වැඩ අල්ලයි - සංගා වෙනුවෙන් බුවාගෙන් පිලිතුරු ලිපියක්

මේ ලියන්නට සූදානම් වන්නේ නැවතත් නොලියන්නට සිතාගත්, එසේම ම විසින්ම මෙම බ්ලොගය තුලම නැවත නොලියතියි සටහන් කල කරුණක් පිලිබඳවය . එනම් ශ්‍රි ලංකා ක්‍රිකට් පිලිබඳවය .පිට කොන්දක් ඇති මිනිසෙකුගේ ශ්‍රේෂ්ටත්වය ලොවටම විදහා පැ කුමාර සංගක්කාර ගේ  ඓතිහාසික කථාව පිලිබඳ නොදන්නා ශ්‍රි ලාංකිකයෙකු නැති තරම්ය .ක්‍රිඩා ඇමති ඇතුලු දේශපාලකයින්ගේ  රෙද්ද ගැලවූ සංගාට දේශද්‍රෝහී ලේබලය ඇලවෙනා බවට බොහෝ දෙනා පල කල අනාවැකි සත්‍ය වෙමින් පවතී . දේශ්ප්‍රේමීන්ගෙ වෙබ් අඩවිය එහේ පලමු වෙඩි මුරය තබා ඇති ආකාරය පහත ලිපියෙන් දැකගත හැක .

Link To the  Article 



ඔවුන්ට අනුව ලංකාවේ කුල වාදයක් තිබූ බවට හැඟෙන සේ සංගා කථා කර ඇත . සැබවින්ම එහි හැඟෙන්නට දෙයක් නැත . හැම මගුලකදීම පද්දා හෝ රදවා පිලිබඳ හොයනා මිනිසුන් අදත් සිටිනා රටක කුල වාදය තිබුනා යැයි කීමේ වරදක් නොමැත . අනෙක් අතට  එය සංගා නිසා ලොවට හෙලිවන කෘණක් නොව  දැන යුත්තන් හොඳින් දන්නා කාරනාවක්ය . එසේම මිෂනාරි හෝ මොකා නිසා හෝ කුලවාදය යම් තරමකට හෝ අඩු වීම ඉතා යහපත්ය .

මේ ලිපියට අනුව බටහිර ජාතීන් වසර 400ක් ලංකාව යටත් කර සිටියා යැයි කීම එම රටවල මිනිස්සුන්ට  මහත් විනෝදයක්ය . මෙවැනි ලිපි ලියනා දේශප්‍රේමී කල්ලියෙ වංශය කබල් ගානා උන්ට හැර ලොව අන් රටවල මිනිසුන්ට අතීතයේ තම රටට යටත්ව තිබූ ජාතියක් ගැන ඇසීමේ අමුතු ආතලයක් නැත .

සීනී කථාව තුලින් සංගා කිවේ අපගේ මිනිසුන් ආගන්තුක සත්කාරයට දක්වන ලැදිකම පිලිබඳවය . සීනි වැඩියෙන් දමා තේ දෙන්නේ අමුත්තා වඩාත්ම හොඳ දේ ලැබිය යුතු නිසාම බව සංගා එහිදී පැහැදිලිව කීවේය නමුත් මොවුනගේ ලිපියෙන් ඒවා දකින්නෙ නැත

වචන කිහිපයක් රතු කරමින් ජාත්‍යන්තර දේශපාලනික බලපැමක් ගැන ඉලිප්පුවත් සංගා කීවේ දේශපාලන අත්ගැසීම් වැලැක් වීමට අයිසිසිය අතගැසිය යුතුයැයි කියා බව සිහි බුද්ධියෙන් අසා සිටියා නම් තේරුම් යනු ඇත


ජාතික දේශපාලනික යැයි කියා ගන්නා මතවාද නිසා රට වල පල්ලට යන බැව් තේරුම් ගැනීමට සංගා එය පැවසීම කිසි සේත්ම අවශ්‍ය නැත .


එතනින් එහාට ලිපිය පුරාවට ම ඇත්තේ ඔවුනගේ සිතලුය . සංගා දේශද්‍රෝහී පිලට දමා ගැනීමට අවශ්‍ය උපකල්ප්න හා තර්කය . රනිල්ට හා ෆොන්සේකාට කලාක් මෙන් ඔවුන් මෙහිදීද සිදු කරන්නෙ එක් එක් වාක්‍ය කණ්ඩ වල තේරුම් සෙවීම හා ඒවා තමන් හදා ගත් මතවාදයකට ගැට ගැසීමය . දේශනයක අරුත ඇත්තේ සමස්ථ අදහසේ මිස එක් එක් වාක්‍ය කණ්ඩ වල නොවන මොවුන්  පිලිගන්නෙ නැත . අප එසේ පැවසුවත් ඔය බටහිර ක්‍රමය, දේශීය ක්‍රමයට කැලි වශයෙන් විග්‍රහ කලයුතුයැයි කියා කියනු ඇත . ඔවුනගේ අවස්න් වාක්‍ය සර්ව ආගමික වීමක් ගැනය , නමුත් සංගා කිවේ සියලු ආගම් වලට ඉහලින් තමා ශ්‍රි ලාංකිකයෙකු බවය . ආගම මත පදනම් වී අන්තවාදය පතුරන මොවුනට ඒවා වහ කදුරු වුවත් . ආගම් ජාති පරයා නැගී සිටිය යුතු ශ්‍රි ලාංකිකත්වය සංගාට පමණක් නොව අප සියලු දෙනාටම වැදගත්ය


 රනිල්ගේ හෝ ෆොන්සේකාගෙ කථා විකෘති කිරීමේ සුනඛ දේශපාලනය ක්‍රීඩකයෙකුට එහෙරිව , ඇත්ත කථා කිරීමට නිර්භීත වූ ක්‍රිඩකයෙකුට එරෙහිව භාවිතා කිරීමට බුවා විරුද්ධය . අතහැර දැමූ දෙයක් ගැන නැවත් ලියවුනේද එනිසාය .

ප.ලි - මොවුනගේ ආරම්භක ඡේදයේ  83දී සංගාගෙ පියා දෙමල ජනතාවගෙ දිවි බේරා ගැනීම සඳහන් කර ඇත්තේ එයත් වරදක් ලෙස සලකන නිසාද යැයි  ලිපියේ අනිකුත් කාරණා දෙස බැලුවිට හැඟී යයි , අප රටේ පැවතුනේ සිවිල් යුද්ධයක් නොවේ යන්න  දේශප්‍රේමී ගවයින්ගේ අදහස  වුවත් , ලෝකයා හමුවේ එවන් ගොන් පාට් දැමීමට සංගාට නොහැකි බවත් සඳහන් කල යුතුයි 


Update - http://www.divaina.com/2011/07/11/news10.html දක්වා ඇති සබැඳියට අනුව ගෝඨාබය රාජපක්ෂ මහතා සංගාගේ කථාව අගය කර ඇත . එය එසේ නම් එතුමාට මගේ ස්තුතිය පිරිනමන අතර දේශප්‍රේමීනී තොපට කියන්නට ඇත්තේ හොඳවයින් හූවක් පමනය

Comments

  1. හපොයි උඹ මේ උත්තර බඳින්නෙ සීනිව්ස් එකේ තිබ්බ ඒවටද? ඒකෙන් කවදාවත් ගොන්පාර්ට් එකක් හැර වෙන දෙයක් බලාපොරොත්තු වෙන්නෙ ඇයි?

    ReplyDelete
  2. @outsider - ඒක නම් ඇත්ත තමයි .. ඒත් මුන් මේ මතවාදය කරලියට ගේන කොටම විරුද්ධව යමකුත් අන්තර්ජාලෙට එකතු කරල තියන එක හොඳයි කියලයි මට හිතුනේ . සංගා වගේ ක්‍රිඩකයෙක් ගැන නොවුන නම් මෙහෙම උත්තරයක් ලියන්නෙ නැ කීයටවත්

    ReplyDelete
  3. සංගා ගැන මගේ අදහස..

    http://mothagamanaya.blogspot.com/2011/07/blog-post_09.html

    -මොතා

    ReplyDelete
  4. ඔබගේ ලිපියට 100% ක් එගඟ වෙම්. සහන්ගේ (lankacnews) ඉංග්‍රීසි දැනුම පට්ට දුර්වල බව අර විවේචනය/විචාරය කියවන ඕනෑම පොඩි එකෙකුට වුවද හොඳින් වැටහේ. සමහර විට දන්නා ටික වුවද අධි බරැති දේශප්‍රේමී ඔටුන්න නිසා කකුල් දෙකට ගොස් ඇතැයි සිතිය හැක.

    ReplyDelete
  5. @මොතා - ඔබට සීනිව්ස් වැනි බොලඳ කතා ඇතුලත් පුවත් කියාගන්නා වෙබ් අඩවියක් තුලින් ඉතා දීර්ඝ අනාගතයක් ඇති බව පෙනේ. සුභ පැතුම්.

    ReplyDelete
  6. ඔය කාලකණ්නි කතා කියවලා ලේ කෝප කරගන්නවාට වැඩිය හොඳයි නිකා ඉන්න එක. ගර්ර්ර්! :X

    ReplyDelete
  7. මමනම් බලන් හිටියේ මුන් සංගාට නෙලන වැඩේ තාම මොකෝ පරක්කු කියලා.ඔය උපවාසකාරයගෙන් ඔයිට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?

    ReplyDelete
  8. අපි සංගත් එක්ක//

    ReplyDelete
  9. http://www.divaina.com/201​1/07/10/sports03.html

    ReplyDelete
  10. Anonymous July 11, 2011 9:28 AM දක්වා ඇති දිවයිනේ ලිපියේ IPL හා දැන්වීම් වලට පෙනී සිටීම සම්බන්ධ කොටස ගැන යමක් කිව යුතුය.

    දැන්වීම් වලින් මුදල් උපයා ගැනීම පිළිබඳව හෝ දැන්වීම් වල කියන කරනා දේ කුමක් වුවත් අප හට ඇති වැදගත් කමක් නැත. සංගා නොව සක්කරයා පෙනී හිට කීවද අපි මිලට ගන්නේ අපට වුවමනා දේ පමණකි. සංගා "සුභ අලුත් අවුරුද්දක් වීවා!" කියා ඇඩ් එකේ කීවද සමාජය තුළ අනුගමනය කෙරුමට තරම් අඥාණයෝ ඇතැයි නොසිතමි.

    ""ජංගි" පෙන්නමින් සුද්දියො නටද්දි" සංගාට "අරක්කු මුදලාලිලා"ගේ සල්ලි ගෙන (සංගා ගත්තේ ප්‍රි‍ටී සින්ටාගේ හා ඩෙකෑන් ක්‍රොනිකල් වල සල්ලි බව ලේකකයා නොදනී. "අරක්කු මුදලාලි" යන වචනය භාවිතා කළ යුතු නිසාම විජය මල්ලයා ගැන කියයි!) හා සුද්දියෝ ජංගි පෙන්නමින් නටන විට තරග කරන්නට හොඳ නැත්නම් ඒ සල්ලි ගෙන ලංකාවට එන්න පෙර "ලංකාවට එපා ඔය අරක්කු සල්ලි!" යයි කිව යුතුව තිබිනි.

    ReplyDelete
  11. බුධාගෙ පිලිතුර මාගේත් පිලිතුරය

    ReplyDelete
  12. මේ ගැන නිර්-රාමුගේ කියැවීම

    උන්දැත් අපෙ ගොඩේ! | He’s with us too!

    එසේම, සංගා සහ මහේලට පුහුණු තරඟ නැතිව ක්‍රීඩා කිරීමට හැකිය කී බුවාගේ මතය ගැන දැන් මට ඇත්තේ කාලකණ්නි සතුටකි. සංගා හා මහෙල මුළු ටෙස්ට් තරඟාවලිය පුරාම අසාර්තක වීම නිසා අපට 0-0 ලෙස අවසන් කර ගත හැකිව තිබූ තරඟාවලිය අප පරාජය වීමු. අයි.පී.එල්. අත හැර පුහුණු තරඟ ක්‍රීඩා කල දිල්ෂාන් සහ පුහුණු තරඟ පමණක්ම ක්‍රීඩා කල ප්‍රසන්න ජයවර්ධන, සහ තිලාන් සමරවීරගේ දස්කම් මෙහිදී අගය කළ යුතුය

    ReplyDelete
  13. @no frames - ඔබගේ කියවීම මේය නොවුනා නම් පුදුමය

    ක්‍රිඩකයින්ගේ සාර්ථක අසාර්ථක බව රඳාපවතින එකම සාධකය පුහුණු තරඟ කියා සිතන්නේ නම් එය මුලාවකි . එසේ නම් ඔය කියන දිල්ශාන් එක්දින තරඟ වලද සාර්ථක විය යුතුය . තරඟාවලියටම ඔහු ගත්තේ ලකුණු 17ය (පුහුනු තරඟ + ටෙස්ට් නිසා පුහුනුව දෙගුන වෙලා තියෙන්න එපායැ ) . නමුත් ටෙස්ට් වල අසාර්ථක වූ අය එක්දින වල සාර්ථකය (වැඩිම ලකුණු මහේල හා සංගාය ) නමුත් කණ්ඩායමක් ලෙස අප අසාර්ථක නිසා එම තරඟවලියත් පරාදය . ඔබතුමා උඩ දැමු දුලිප් මෙන්ඩිස් ගේ හැසීරීමේ රඟ එදා දිල්ශාන් සමඟින් මැතිව්ස්ට එරෙහිව එලියට ආ හැටි නම් අජූතය

    ReplyDelete
  14. (අධික පාඨක ප‍්‍රතිචාර ප‍්‍රමාණයක් ලැබෙමින් ඇති බැවින් තාක්‍ෂණීක අපහසුතා මඟහරවා ගැනීමේ අරමුණින් පාඨක ප‍්‍රතිචාර දැක්වීම අත්හිටවූ බව සළකන්න – ලංකා සී නිවුස්)

    දැන් හිට්ස් ටික ලැබෙන්න ඇතිනේ. ඒ නිසා වෙන්න ඇති කමෙන්ට් නැවැත්තුවෙ. එහෙම නැත්නම් උත්තර දීගන්න බැරුවද දන්නෙ නෑ.

    ReplyDelete
  15. http://rmpmcreation.blogspot.c​om/

    ReplyDelete
  16. එසේ නම් ඔය කියන දිල්ශාන් එක්දින තරඟ වලද සාර්ථක විය යුතුය

    බුවා කරන්නේ වංචාවකි. ඩිල්ශාන් එක්දින තරඟ වල අසාර්ථක වීමට බලපාවේ ඔහුගේ මහපට ඇඟිල්ලට වූ තුවාලය විය හැකිය. නමුත් පුහුණු තරඟ ක්‍රීඩා කර සියළු ක්‍රීඩකයෝ ටෙස්ට් තරඟ වල සාර්ථක වූ බව හා එසේ නොකළ අය අසාර්ථක වූ බව වසන්නට බැරි සථ්‍යයකි. එක්දින තරඟ එයට අද ගන්නේ කාරණය සැඟවීමේ වංක වුවමනාවෙනි.

    ඩිල්ෂාන් සහ මෙන්ඩිස් ගේ හැසිරීම නිවරදි යයි මා කියන්නේ නැත. නමුත් තමන්ගේ පුද්ගලික වාර්ථාවන් ලබා ගැනීම උදෙහෙසා ප්‍රතිවාදීන්ට කුඩා හෝ අවස්ථාවක් ලබා දීම අනවශ්‍යය. එංගලන්තය අපේ වෙලාවට 1999-2005 කාලයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම නොවේ. චන්දිමාල් උක්ත ක්‍රියාව ඔවුන්ට එරෙහිව සිදු කළා නම් අපි තරඟය පරාජය විය හැකිව තිබිණි. මෙහිදී ඔබ වරද මෙන්ඩිස් හා දිල්ෂාන්ටම පමණක් නැවත බැර කට මැතිව්ස් හා චන්දිමාල් ගේ වරද වසන්නේ ඔබට සංගා හා මහේල ටෙස්ට් තර්ඟාවලියේදී අසාර්ථක වීම දිරවා ගත නොහැකි නිසාය.

    ReplyDelete
  17. "ඔබගේ කියවීම මේය නොවුනා නම් පුදුමය "

    මගේ කියැවීම ඔබේ එකම වන්නට ඕනෑ යයි ඔබ නොසිතනවා යයි සිතමි. මෙය ඔබේ පිළිතුර නොවුනා නම් එයද පුදුමයකි.

    ReplyDelete
  18. වසා ගන්නට තැත් කරන්නට දෙයක් නොමැත . පුහුණු තරඟ මත පමණක් ක්‍රිඩකයෙකුගේ සාර්ථකත්වය තීරණය කල නොහැකි බව මනාව ඔප්පු වී හමාරය එය්ට මා අලුතෙන් ඇදගත් දෙයක් නොමැත මා කලේ සමස්ථ තරඟාවලියම සැලකීම පමණය . ඔබට අවශ්‍ය දෙ පැවසීමට ටෙස්ට් තරඟ පමණක් තෝරා ගත්තාට මට කරන්නට දෙයක් නැත . අප කණ්ඩායම එක් රටක සංචාරයට ගිය විට ක්‍රිඩකයකුගේ සාර්ථකත්වයේ මැනීමට ඔහුගේ මුලු සංචාරයම සැලකිය යුතුය . මා කර ඇත්තේ එයයි .කෙසේ වෙතත් මා එදත් පැවසූ පරිදි මීට මූලික වග කිව යුත්තා වැඩ පටලවා ගත ක්‍රිකට් පරිපාලනය බව කිව යුතුය . අදාල තරඟ කාල සටහන් පටලවා නොගත්තා නම් ඔය කිසිවක් සිදුවන්නෙ නැත මහේල හා සංගා පුහුණු තරඟ වලටත් සහභාගීවනු ඇත .(එසේ වුවත් ඔවුන් දෙදෙනා මෙලෙසම අසාර්ථක වීමේ ඉඩ කඩ ඔනැ තරම් තිබිය හැක , අධික වෙහෙසකාරී බාවයද ඉන් එක් හේතුවක් විය හැක ) . මහේලට , සංගාට වරද පටවන ඔබ අන්ත දූෂීත බව , බංකොලොත් බව රට හමුවේ හෙලිවී ඇති ක්‍රිකට් බලධරයින්ගේ වරද දකින්නේ නැත (ඔබ එදා සිටි ඒ මතයේ තවමත් සිටින බව විශ්වාසය

    ඇන්ජලෝ කලේ තම සගයාට ඉතා වටිනා අවස්ථාක් ලබා දීම වෙනුවෙන් කටයුතු කිරීමය . ප්‍රතිවාදී කණ්ඩායම එංගල්න්තය නොවුනා නම් ඇන්ජලෝ ඔය හැසීරීම නොදක්වනු ඇත . නැට්ට පාගා ගත් දිල්ශාන්ට වඩා ඒ සඳහා පරිනත බාවයක් ඇන්ජලෝ තුල ඇත

    ReplyDelete
  19. Real Gentleman like Madugalle

    Lokka needs this kind of people

    he make sri lanka and Sri Lankan proud

    well done boy...!!!

    ReplyDelete
  20. මා දන්නෙ සංගක්කාර යනු අගය කල යුතු චරිතයක් බව පමණි .......

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ ...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...

පෞද්ගලික විශ්ව විද්‍යාල පනතක අවශ්‍යතාවය

රජය විසින් ගෙන ඒමට නියමිත පෞද්ගලික විශ්ව විද්‍යාල පනත සහ ඊට විරෝධය පල කරනා  විශ්ව විද්‍යාල සිසුන් මේ දිනවල උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ . දශක  තුනකටත් එහා ගිය පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ වැයමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ආදාල පනත හැඳින්විය හැක . එම පනනේ සංයුතිය හා අවශ්‍යතාවය පිලිබඳ සාකච්ඡා කිරීමට මත්තෙන් සුපුරුදු පෞද්ගලික විශ්ව විද්‍යාල "යහපත්ද -අයහපත්ද " යන විවාදය පිලිබඳ යමක් සටහන් කල යුතුය . උක්ත විවාදය කෙලවරක් නොමැතිව දිවෙන්නක් වුවත් ඒ පිලිබඳ මාගේ පැහැදිලි අදහස ඉදිරිපත් කර තැබීම වැදගත්ය . පෞද්ගලික විශ්ව විද්‍යාල සහ/හෝ  මුදලට රාජ්‍ය අංශය විසින් සපයන උසස් අධ්‍යාපනය යන සංකල්පය මා සම්පූර්නයෙන්ම එකඟය . එනිසා පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා විරෝධය පලකරන්නන්ගේ සමහරක්  තර්කයන්ට පිලිතුරු සැපයීම මාගේ ස්ථාවරයට හේතුන් පාඨකයාට අවබෝධ වීමෙහිලා උපකාරි වනු ඇත . දුප්පත් සිසුනට සිදු කරනා අසාධාරණයක් - යම් පිරිසකට අසාධාරණයක් සිදුවන බව සැබැය . නමුත් වර්ථමානයේ පවතින්නාවු ක්‍රමය තුලද තත්වය ඒසේමය . දිස්ත්‍රික් පදනම නිසා විභාගයේදී වැඩි දක්ෂතාවයන් දැක්වූ සිසුනට  බලාපොරොත්තු වන...