Skip to main content

නාථ දෙවියන්ගේ සලුව යටින් ආසනික් හරහා මාකටින් !

නාථ හා විපස්සක දෙවි හාමුදුරුවරුන්ගේ පිහිටෙන් කෘෂි රසායන වල තිබෙන ආසනික් හෙවත් පාසානම් හොයා ගත් පින්බර පුවත මේ සුපින්වතුන් දන්නවා ඇතිනේ . සමහර අය තමන්ගේ බටහිර විරෝධී මතය ප්‍රචාරණය කොරගන්න , සටන් පාට නැතුව , හතුරෙක් නැතුව පාලුවේ හිටිය දේශප්‍රේමීන්ට අලුත් සටන් පාට අරන් දෙන්න විතරක් නෙවෙයි අපි වගේ විජාතික ඉත්තන් වෙච්ච බ්ලොග් කරුවන්ට ආතල් එකක් ගන්න අවස්ථාවකුත් මේ ආසනික් කෙලියෙන් ලැබුනාය කියලත් කියන්නම ඕනි . මේ කථාව කරලියට ගෙනාපු අය දිගින් දිගටම දේශීය විද්‍යාවක් ගැන පාර්ම් බාත්දි  රජය නම් කිව්වේ ආසනික් නෑම කියල තමයි . මතක ඇතිනෙ දිණමිනෙන් දීපූ නෝන්ඩිය .

අගමැති තුමා දක්වා ගිහින් අග්‍රමාත්‍ය කාර්යාලෙන් ආපු නිවේදනේකිනුත් ආසනික් නැතෝ බය නැතුව හිටපියෝ ! කියල කිව්වට සාමාන්‍ය ජනතාව අතරට ගිහින් තිබුන මතය (ගොඩක් වෙලාවට විකෘති වෙච්ච අදහස් ) නම් වෙනස් වුනේ නැ . ලංකාවේ වැඩ සිද්ද වෙන හැටියට රජයවත් කොම්පැනි කාරයින්වත් සත පහකට වත් විශ්වාස කරන්න බැරි නිසා එක අතකින් ජනතාව වැරදියි කියන්න බැ . තමන්ගේ අඩු පාඩු වහගන්න රජයම ගෙනාපු බිල්ලෙක් ය කියල චෝදනාවට ලක්වුන ආසනික් කතන්දරේ තවමත්  නිසි විසඳුමක් රජයෙන් පැහැදිල් අවසන් නිවේදනයක් , නීතිමය ක්‍රියාමාර්ගයක්, නැතුව ඉරිදා පත්තර වල ලිපි වලට විතරක් සීමා වෙලා තියෙනව . ඒ අතරම මේ ආසනික් මතවාදය රටට ගෙනාපු C නිවුස් වෙබ් අඩවිය හරහා මාකටින් වැඩකුත් පටන් අරන් තියනව


මෙතනින් ගිහින් බලන්නකො මොකක්ද සීන් එක කියල


කොහොමද වැඩේ? වගකීමකින් තොරව ප්‍රශ්න ඔහේ ඇදිල යන්න ඉඩ දුන්නාම වෙන්නේ ඔහොම දේවල් තමයි. එක එක්කෙනාගේ පුද්ගලික මාකටින් වලට යොදා ගන්නේ රටේ මුලු මහත් ජනතාවටම බලපාන ප්‍රශ්නයක්ය කියල මේ උන්නැහෙලා තේරුම් අරන් නැ . තමන් ගොඩ යන නිසා එහෙම තේරුම් ගන්න ඒ ඇයින්ට ඕනි කමකුත් නැ .  ආසනික් තියනවා නම් බල බල ඉන්නෙ නැතුව කොම්පැනි වලට නඩු දාන්නත් , අදාල ප්‍රමිතියෙන් තොර කෘෂි නාෂක රට තුලට ගේන ඒම වලක්වන්නත් රජය කටයුතු කරන්න ඕනි . මොකද කෘෂි රසායන භාවිතයෙන් තොර ගොවිතැන වඩා හොඳ වුනත් ප්‍රායෝගික නැති නිසා . ඊලඟට පාරිසරකයි කියල එක එකාගෙ නිෂ්පාදන මේ හරහා මාකට් කරන එක බර පතල වරදක් නිසා .

කෙනෙක් කියයි ඇයි පාරිසරික නිෂ්පාදන භාවිතය වැරදියි කියන්නෙ  කියල ?  නෑ ...මම කියන්නේ එහෙම දෙයක් නෙවෙයි . ශාක ආස්‍රයෙන් කෘෂි නිෂ්පාදන කරන්න උත්සහ කරන තව බොහෝ දෙනෙක් ඉන්නවා (මේ එක නිෂ්පාදකයෙක් විතරක් නෙවෙයි ) ඒ සියලුම දැනුම එකතු කරල රජයේ කෘෂි පර්යේෂන ආයතන හරහා සංවර්ධනය කරලා , වැඩි දියුණු කරලයි වෙලඳ පොලොට එන්න ඕනි . අනිත් එක ඒ දේවල්  ක්‍රමයෙන් පරික්ෂනාත්මකව පිවරෙන් පියවර තමයි රටට දෙන්න ඕනි . කෘෂි රසායන වල ආසනික් තියනවාය , ඒ නිසා දේශීය ක්‍රමයට වහාම යන්න ඕනිය කියල සමාජයෙ මතයක් හදල මොකක් හරි නිෂ්පාදනයක් මාකට්  කිරීමේන් සමාජයට වෙන්නෙ බරපතල හානියක්  !

Comments

  1. මම නම් කළින්ම දන්නව ඔය ගේම් ඇද්දෙ මොකක් හරි තව ගේමකට කියල.. පොල්තෙල් වල කොලෙස්ටරෝල් තියෙනවයි කියපු රට නොවැ මේ...

    ReplyDelete
  2. මේවා මෙහෙම තමයි.
    ලංකාවට වෙලා තියන්නේ මහාචාරියෝ දේව ආරක්ෂාව මිනිස්සුන්ට දෙන්න යනවා. වඩකට නැති ඇමැත්තෝ පරීක්ෂණ කරනවා. අනේ මෙහෙමත් රටක්, යම් නිෂපාදනයක් පටන් ගත්ත තැන ඉදලා මාකට් එකට එන්න අඩු ගානේ අවුරුදු 12 වත් යනවා.

    ReplyDelete
  3. ඔය කියල ලාංකේය නිපැයුම් වල ආසනික් තියෙනව කියල දැන් මේ නාතය පෙනීහිටල කිව්ව.

    ReplyDelete
  4. මේක ලංකාව නේ බන්..

    ReplyDelete
  5. හරිත විප්ලවයෙ ප්‍රතිඵල ලංකාවට ගෙනාවා... කියන්න ඕන නෑනෙ ඇති වෙච්ච විපර්යාසය (විනාශය නෙවෙයි). ආසනික් ගැන මම මත පළ කරන්නෙ නෑ. මොකද මට දෙපැත්තම ෂුවර් නෑ. නමුත් මම හිතනවා කෘෂි රසායන භාවිතය ටික ටික නතර වෙලා ස්වභාවික ක්‍රම වලට ගියොත් හොඳයි කියලා..
    අනික රජරට වකුගඩු රෝගය ගැන මීට වඩා අවධානයක් දෙන්න ඕනා මාධ්‍ය වලින්.

    බුවා අයියා - පුළුවන් නම් රජරට වකුගඩු රෝගය ගැන ලිපියක් ලියන්න.. ගොඩක් වටිනවා.

    ReplyDelete
  6. කාලෙන් කාලෙට මේවගේ රැලි එනවා.මතකද එකපාරක් කිවුවා වී වගාවට වතුර ඕන නෑ වතුර පොඩි ප්‍රමාණයකින්, කොම්පෝස්ට් දාලා, කොහොඹ ඇට දාලා, වීඩරය කියන පොඩි උපකරණයෙන් තණකොල ගලවලා අස්වැන්න ඩබල් කරලා පෙන්නපු හැටි.මේකට කිවුවෙ මැඩගස්කර ක්‍රමය කියලා.අද ඒ ගැන මීක් කියලා සද්දයක් නෑ.හැබැයි එකදෙයක් තියනවා ඉන්දියාවට සාපේක්ෂව ලංකාවෙ කෘෂිකර්මයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩියි.

    ReplyDelete
  7. @මාතලන් - මම හිතුවේ නැ .. ඔහොම සීන් එකක් ගැන

    @මහ වෙදනා - ස්තුතියි ප්‍රතිචාරයට

    @රත්ගමය - ආයෙත් අහල කුජී.........තයි

    @රැඩිකල් අදහස් - අප්පට සිරි ගජ ...

    ReplyDelete
  8. @ Chamma - හෙහ් හෙහ්

    @ විසිතුරු -මටත් දේපැත්තම ශුවර් නැ ,,,හැබැයි වැඩිය ශුවර් නැත්තේ නලි ගොය්යව

    @රාජ් - ඇත්තටම කෘෂි රසායන භාවිතය අඩු වෙන්න ඕනි හැබැයි මේ පිලිවෙලට නම් නෙමෙයි

    ReplyDelete
  9. ආසනික් විතරක් නෙමේ ඔන්න දැන් ඊවයේ සටනයිඩ් තුත් තියනවා කියල හොයාගෙන කියල මට පහුගිය දවසක ප්‍රවුත්ති වල ඇහුන.

    හොද කුට්ටියක් දුන්නොත් ඔය ඔක්කොම පර්යේෂණ නවතිනවා. මීක ලංකාවනේ...

    ReplyDelete
  10. කවුරු මොක මොක කිව්වත් ,, වකුගඩු රෝගය හැදෙන එකට තවම පිලියමක් නෑ. අවුරුදු 19 20 කොල්ලො කෙල්ලන්ට හැදුනම මුළු ජීවිතේම ඉවරයි..
    මොන මොන සංවාද තිබුනත් ප්‍රශ්නය එහෙමමයි...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ ...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...

එකපාරටම උඩ පනින්න කලින් මේ ගැනත් හිතල බලන්න වෙයි - පුරන් අප්පුගේ ඊ නිවුස් හෙලි දරව්වට පිලිතුරක්

පෙරමුණේ රාල බ්ලොග් අඩවියේ පුරන් අප්පු අද මහා හෙලි දරව්වක් කරල තිබු න ,  ඒ තමයි මේ දවස් වල ලංකාවේ ග්‍රාහකයින්ට ඇක්සස් කොරන්න බැරි ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තමන්වම බැන් කරගෙන , අනුකම්පාව ලබා ගැනීමේ මෙහෙයුමක නිරත වෙනවාය කියන එක . ටිවි චැනල් තමන්ම ගිනි තියාගන්න රටේ , මාධ්‍ය වේදියෝ තමන්වම මරා ගන්න රටේ මේකත් ඇත්ත වෙන්න ඇති කියල මටත් හිතුනා . ඊට පස්සේ ඒ අය කරල තිබුන පරීක්ෂාවම කරල බැලුව ටෙලිකොම් සබඳතාවයකින් , වැඩේ ඇත්ත වගේ තමයි . හැබැයි ඩයලොග් සබඳතාවයදී ආවේ වෙන කතන්දරයක් . ඊට පස්සෙ මම කලේ  ඊ නිවුසියට අදාල අයිපි ඇඩ්‍රස් එක කෙලින්ම ටයිප් කරල වෙබ් අඩවියට යන්න හදපු එක . එතන්දිත් ටෙලිකොම් වැඩ ඩයලොග් වැඩ නැ . ඊට පස්සේ මම අන්තර්ජාලෙ කරක් ගැහුවා මේකට උත්තරයක් හොයාගෙන . ඒ අනුව මට තේරුණා මේ උඩ පැනිල්ලේ අඩු පාඩු කම් කිහිපයකුත් තියනව කියල . මෙන්න මෙහෙමයි කතන්දරේ අන්තර්ජාලයේ සෙවුමක් කරල බලන ඕනි කෙනෙකුට දැකගන්න පුලුවන් දෙයක් තමයි , වෙබ් අඩවි බ්ලොක් කිරීම සහ ඒවට විසඳුම් අඩංගු ලිපි රාශියක් තියනවාය කියන එක . මේ ලිපි අනුව යම් කිසි වෙබ් අඩවියක් බ්ලොක් කිරීමට අනුගමනය කරන මූලිකම ක්‍රම දෙකක් තියනව Ex -...