Ambalama - සැබැ සමාජ කතිකාවක සොඳුරු නවාතැන්පල

නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය ගැන , අනික් අයට හිතුන දේවල්

එකම ලඟ ලිපි  දෙකක් පල කරන එක මගේ සාමාන්‍ය ක්‍රමය නොවුනත් මේ වගේ දෙයක් ගැන මොකුත්  නොලියම ඉන්නත් බැ . අපේ ජනාධිපති තුමාගේ පුත් නාමල් රාජපක්ෂ මහත්තය කොලඹ පැල්පත්වාසීන් ගැන කරපු කථාව  හැමෝම වගේ දකින්න ඇතිනේ . නොදැක්ක නම් මෙතනින් ගිහින් බලාගන්න පුලුවන් .  මේ ලියන්න හදන්නෙ ඔය ප්‍රකාශය ගැන මගේ අදහස්ම නෙවෙයි ඕක අහපුවාම රටේ ලොකු ලොකු ඇයින්ට හිතුන දේවල් ගැන (හිතුනාය කියල මට හිතෙන දේවල් )



අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා - නොදකින් , පොල් බුරුවා .. මූව ජනාධිපති කොරන්න නම් මට තව අවුරුදු 50ක් වත් අල්ලගෙන ඉන්න වෙනවා (එච්චර ඉන්න බැරි එකනේ වැඩේ )

ගරු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා - ඊලඟ පාර ජනාධිපති අපේක්ෂක කම............   :)


ගරු විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා - මම විතරයැ , කට ඇරියාම ඡන්ද කඩන අය තවත්  ඔය ඉන්නේ .. :D

ජනරාල් සරත් ෆොන්සේකා මහතා - හු හූ ... යස වැඩෙ ,ඔය ගොං කථා කියවල  ඕකුන්ට කෙලවෙලාම පල (මටත්  උනේ ඒකමද මන්දා.........)

මිලින්ද මොරගොඩ මහතා -මෙහෙම ගියොත් මේ පාරත් ඉල්ලං කැමක්ද ????

පා.ම සජිත් ප්‍රේමදාස මහතා -  මෙයා ජනාධිපති අපේක්ෂක වෙච්ච දාට නම් දළමටම දිනන්න පුලුවන් වෙයි

මුසම්මිල් (එජාප )  මහතා  - අප්පට ශිරි , වැඩෙ ගොඩ යයි වගේ , නාමල් බේබිට උම්මා එකක් දෙන්න හිතෙනවා

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා - ලපයි සිපයි ඔක්කොම එකතු කරගෙන සංවර්ධන ප්ලැන් ගහන්න බැ . මීට පස්සේ කිසිම එකෙකුට මොකක්වත් කියන්න නරකයි

කොලඹ පැල්පත් වාසියෙක් - ඔය පැන්නේ බලලා මල්ලෙන් එලියට .....

-----------------------------------------------------------------------------------------------------

මෙය මනකල්පිත ලියවිල්ලක් පමණි , කිසිදු පුද්ගලයෙකුට අපහාස කිරීමේ චේතනාවක් නොමැත | This Article is a fiction,  Not any kind of Defamation Intended  


ඔන්න ඡන්දෙකුත්  එකතු කලා , ලිපිය කියවන අය ඡන්දයත් පල කරල යන්නකො (දකුණු පස උඩ ) 
                      

8 Comments

  1. ඔය,කොටි පැටියගෙ පුල්ලි මතුවෙන්නෙ!

    ReplyDelete
  2. ඡන්ද දායකයෙක් - දෙන්නං ජම්බු

    ReplyDelete
  3. "Then why is it, Infadoos, that the people do not cast him down?"

    "Nay, my lords, he is the king, and if he were killed Scragga would reign in his place, and the heart of Scragga is blacker than the heart of Twala his father. If Scragga were king his yoke upon our neck would be heavier than the yoke of Twala. If Imotu had never been slain, or if Ignosi his son had lived, it might have been otherwise; but they are both dead."

    From King Solomon's Mines

    ReplyDelete
  4. කොළඹ බුද්දිමත් ච්න්දදායකයෝ - මොනවාඋනත් අපේ චන්දේ මේපාරත් සන්දානයටමයි.මේපාරනම් ආස්චර්ය ශුවර්.

    ReplyDelete
  5. කොළඹ ඉතිං කොහොමත් යූ ඇන් පී නේ.
    මෙහෙම කතා ඕන නැහැනෙ දිනන්න.
    බලමුකෝ තමන්ගේ කලාපේ වෙලත් නාමල් කොල්ලා කට වරද්ද ගත්ත වගේ දේවල් තිබිලත් මෙදා පාර කොළඹ ගනීද කියලා යූ ඇන් පියම.
    එහෙම බැරි උනොත්නං ඉතිං කරන්න දෙයක් නැහැ.

    ReplyDelete
  6. මට හිතෙන හැටියට නම් නාමල් උත්සහ කර ඇත්තේ "අපි ගෙවල් කොහොමත් කඩනවා. අපිට චන්දය දුන්නොත් තමයි ගෙවල් හදල දෙන්නේ" වැනි අදහසක් දීමටය. මෙයට මිනිස්සු කොහොම ප්‍රතිචාර දක්වයිදැයි හරියටම කිව නොහැක. එසේම ගෙවල් හදල දෙන එක කෙසේ වෙතත් ගෙවල් කැඩීම ගැන UNP ට කල හැකි ඉටි ගෙඩියක් නැත (නගර සභාව ඇතුව හෝ නැතුව). මෙවැනි ප්‍රකාශ නැතත් UNP ය නගර සභාව පැරදීමට ඇති ඉඩ අඩුය.

    ReplyDelete
  7. @රාජ් - :D
    @සමීර - දෙයිද ජම්බු ??

    @ඇනො1- Good Point
    @ඇනෝ 2 - :D
    @ඇනෝ 3 - යුඇන්පිය බැරි උනොත් ඉතින් කුලල් කා ගැනිල්ල නිසාම තමයි , කොලඹත් දිනන්න බැරි නම් බැම තමයි

    @මගේ කථාව - යුඇන්පිය එකිනෙකා මරානොගෙන එකමුතුව වැඩ කිරීමේ ස්ථාවරයක සිටීයා නම් කොලඹ පමණක් නොව සියලුම නගරසභා පවා දිනා ගැනීමේ හැකියාවක් ඇත . සුලු ජාතික ඡන්දත් අඩංගුවන සියලුම නාගරික ප්‍රදේශයන් එජාපයට ස්වාභාවයෙන්ම වාසි සහගතය , නමුත් මෙවර ??

    ගෙවල් කැඩීම ගැන එජාපයට කල හැකි දෙයක් නොමැතිය යන්න ට සම්පූර්ණයෙන් එකඟය , නමුත් එය විකුණා ඡන්ද ලබාගැනීමට හෝ හැකියාවක් තිබිය යුතුය

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top