Skip to main content

සංගාට සුභ පැතීම සහ ICC එක්දින පිල ගැන මගේ අදහස

අපේ කුමාර සංගක්කාර වසරේ හොඳම එක්දින ක්‍රිඩකයා විදිහට සම්මාන ලබපු පුවත මේ වෙනකොට හැමකෙනෙක්ම දන්නාවා ඇති .පසුගිය වසර පුරා ලකුණු සාමාන්‍යය 55 ක විතරග අගයක තියාගන්න සමත් වෙච්ච සංගා මේ සම්මානය ඉහලින්ම සුදුස්සෙක් බව සැකයක් නැ . ඇත්තට වඩාත්ම විශේෂිත වෙන්නේ වසරේ ජනප්‍රියම ක්‍රිඩකයා විදිහට ලබාගත්තු සම්මානය . මොකද සංගා එක්ක මේ තරඟෙට නම් යෝජනා වෙලා තිබුනේ දෝනි, ගේල් , අම්ලා ,ට්‍රොට් කියන අතිශයන්ම ජනප්‍රිය ක්‍රිඩකයින් . ඒ අතරිනුත් දෝනි කියන්නේ ක්‍රිකට් පිස්සන් වෙච්ච ඉන්දියානුවන්ට ලෝක කුසලානය ලබා දුන්න  නායකයා . ඒ වගේම  ප්‍රහාරාත්ම පිතිකරණය නිසා ගේලුත්  ලෝ පුරාම අවධානය දිනා ගත්තා ක්‍රිඩකයෙක් . මේ වගේ පිරිසක් අතරින් අපේ පුංචි දිවයිනේ ක්‍රිඩකයෙකු වන සංගාට මේ සම්මානය ලැබුනාය කියන්නේ අපේ ක්‍රිකට් ලෝලීන් වගේම සංගාගේ පිතිකරණය ,පෞර්ශත්වය අගය කරන විදේස් ක්‍රිඩා ලෝලීනුත්  සංගාට මනාපය පල කරල තියනවාය කියන එකයි


මහින්ද සමරසිංහ , දයාන් ජයතිලක වගේ කිහිප දෙනෙක් ඇරුණාම ශ්‍රි ලංකාව වෙනුවෙන් මුදල් ගෙවල පත්කරල  ඉන්න නියෝජිතයින්ට වසර ගානක් තිස්සේ කරගන්න බැරි උන තරමින් ශ්‍රි ලංකාවේ අභිමානය ලෝකය හමුවේ කියා පාන්න වගේම ඉතාම නිර්භීතව විවෙචනය කල යුතු දේ විවේචනය කරන්නත්  සංගා දක්වපු "පිරිමිකම " ලංකාවේ වගේම වෙනත් රටවලත් ඉන්න ක්‍රිඩාලෝලීන්  සංගාවෙනුවෙන් මනාපයක් පල කරන්න හෙතුවෙන්න ඇති . සංගාගේ දේශනය ගැන දේශද්‍රෝහී ලේබල් ගැසූවන්ටත් , සංගලාගෙ අයිපීල්; සල්ලි ගැන ඉරිසියාවේන් මඤ්ඤං කියවන දේශපාලන කහල ගොඩවල් වුනු ඇතැම් පැරණී ක්‍රිඩයකයින්ටත් සංගා  ලබපු මේ සම්මානයන් ඉතාම හොඳ උත්තරයක්

 ආදරණීය සංගා ඔබට මාගේ සුභ පැතුම් !! 




සංගා ලබපු සම්මානය ගැන කථාවෙන අතරෙම තවත් දෙයක් ගැන කථා කලයුතුයි කියල හිතුනා . ඒ තමයි අයිසීසිය නම් කරපු ලෝක එක්දින කණ්ඩායම . මේ කණ්ඩායමට අපේ සංගාත් , දිල්ශානුත් දොලොස් වෙනි ක්‍රිඩකය විදිහට  මාලිංගත් ඇතුලත් . මේ කණ්ඩායම සෛධාන්තිකව හොඳම කණ්ඩායම බවට සැකයක් නැ . නමුත් ප්‍රායෝගිකව මට හිතෙන වෙනස් කම් කිහිපයකුත් තියනව . ඒ ගැන සඳහන් කරන්නයි මේ සූදානම් වෙන්නෙ . ඔබගේ  අදහසුත් කමෙන්ටුවක් විදිහට පල කරන්න කියලත් මම ඉල්ලා සිටිනව 


පහලින් ඉන්නෙ ඒ කණ්ඩායම 


ICC ODI Team of the Year (in batting order): Tillakaratne Dilshan, Virender Sehwag, Kumar Sangakkara, AB de Villiers, Shane Watson, Yuvraj Singh, MS Dhoni (wicketkeeper/captain), Graeme Swann, Umar Gul, Dale Steyn, Zaheer Khan.

12th Man: Lasith Malinga





මූලිකම කාරණය තමයි ශේන් වොට්සන්ගේ පිතිකරන ස්ථානය , ආරම්භක පිතිකරුවෙකු විදිහට අතිසාර්ථක   වොට්සන්ට මැද පෙල ක්‍රිඩා කරන්න පුලුවන්ද ??  ඒ නිසා මම නම් හිතන්නෙ හොඳම ආරම්භක පිතිකරු යුගලය වෙන්නෙ වොට්සන් සහ ශෙවාග් 


එතකොට දිල්ශාන් ?? පසුගිය වසරේදි අසමාන්‍ය විද්හට සාර්ථක උනත් දිල්ශාන් කියන්නේ එතරම් හොඳ පිතිකරුවෙක් නෙවෙයි . මුල් ඔවර වලදි නෙලන්න පුලුවන් උනත් හොඳ "ෂොට් " තියන ක්‍රිඩකයෙකුත් නෙවෙයි . මම දකින විදිහට නම් දිල්ශාන් කියන්නෙ වැඩි හරියක් කනා ශොට් වලට බර ක්‍රිඩකයෙක් . ඒ නිසා මැදපෙල ට  නම් දිල්ශාන් හරි යන්නෙ නැ . ඒ වගේම වොට්සන් ගේ ප්‍රහාරක වෙගය 90(ට ආසන්න ) සහ ශෙවාග් ගේ 100 ටත් වැඩි ප්‍රහාරක වේගය (strike Rate )සැලකුවාම  දිල්ශාන්ගෙ නෙලිල්ලත් ඒ දෙන්නාට වඩා අඩුයි . ඒ නිසා ආරම්භක පිතිකරුවකු විදිහටත් මදි .ඒ නිසා මම නම් හිතන්නේ දිල්ශාන් වෙනුවට  හොඳ මැදපෙල පිතිකරුවෙකු එකතු වුනා නම් හොඳයි . සචින්ට පමණක් දෙවෙනි පිතිකරණ තාක්ෂනයක් තියන  අවශ්‍යතාවය අනුව ඕනිම විදිහකට සෙල්ලම් කරන්න පුලුවන් මහේල තමයි මම මැදපෙලට සුදුස්සා විදිහට දකින්නේ . 





ඊලඟ තුන්දෙනා ඒ කියන්නෙ ඩිවිලියර්ස් , යුවරාජ් සහ දෝනි  තුන්දෙනා ගැන නම් ප්‍රශ්නයක් මතු කරන්න  බැහැ , ඒ වගේම දැනට ඉන්න කූල්ම කැප්ටන් වෙච්ච දෝනි කණ්ඩායමෙ නායකත්වයටත් සුදුසුයි . යුවරාජ්ගේ පිතිකරණය හැමවෙලේම සාර්ථක නොවුනත් දඟපන්දු යවන්නන් දෙදෙන්ක් ඇතුලත් වෙන විදිහට සකස් කරන්න අවශ්‍ය නිසා ඔහුවත් ඇතුලත් කලාය කියල හිතන්න පුලුවන් 


 ඊලඟ ගැටලුව තියෙන්නෙ සහිර් සහ මාලිංග සම්න්බන්ධයෙන් . සහීර් කියන්නෙ ඉතාම දක්ෂ පන්දු යවන්නෙක් වුනත් මම නම් හිතන්නෙ මාලිංග ඊටත් වඩා දක්ෂයෙක් කියලයි . ශේන් වොට්සන් සැහෙන තරම් දක්ෂ මඳ වෙග පන්දු යවන්නෙක් නිසා මඳ වේග පන්දු යවන සහීර්ට වඩා මාලිංග එතනට  සුදුසුයි  කියලයි මඟේ හැඟීම . නායකයෙකුට සහීර්ව්  යොදාගෙන කරන්න පුලුවන්  වැඩ ශේන් වොට්සන් හා උමාර් ගුල්  හරහා කරගැනීමේ හැකියාව බොහෝ දුරට තිබුනත් . ලෝකයටම ආවෙණික මාලිංගගෙන් ගන්න පුලුවන් වැඩ කරන්න පුලුවන් මාලිංගටම විතරයි 

Comments

  1. සංගාට අපේ සුභපැතුම්....ජය ජය ජය......

    ටීම් එක ගැන අයියගෙ අදහස් වලට මාත් එකඟයි.

    ReplyDelete
  2. මේ සම්මානේ කතාවක් කරලා ලංකාව පාවලා දුන්න සංගක්කාරට සුද්දා දුන්න තෑග්ගක් වෙන්න බැයිද,අනික මිනිහ යු ඇන් පී එකෙන් ඡ න්දේ ඉල්ලන්නත් යන නිසා,තව ෆේමස් කරවන්නත් ඕනනේ.
    මම හිතනවා ආරම්භක පිතිකරුවෙක් වෙන්න ඕනේ කියල ගේල. මාලිංග නැති එකනම් පුදුමයක් .්

    ReplyDelete
  3. සංගක්කාර ගැන කියූ දේවල් සහ ටීම් එක තෝරපු හැටි ගැන සම්පුර්ණයෙන්ම එකඟය්

    ReplyDelete
  4. සංගාට අපෙනුත් සුබ පැතුම්..ඒ වගේම දැනට පෙනෙන විදියට ආපහු සංගාව නායකත්වයට ගේන්න වෙනව බොහොම ඉක්මනින්..දිල්ෂාන්ට සාර්ථක නායකයෙක් වෙන්න අමාරුයි කියල බොහෝ අයට තිබූ සැකය ඔහු තහවුරු කරමින් ඉන්නව..ඇන්ජලෝ අනාගත නායකයා බවට සැකයක් නැතත් ඔහු තව අවුරුද්දක් 2ක් අත්දැකීම් ලබා ගත යුතුයි,විශේෂයෙන්ම ටෙස්ට් කන්ඩායමේ...එතකං ආපහු සංගගෙ හෝ මහේලගේ පිහිට තමයි..(සමාවෙන්න කතාව අදාල නැති පැත්තකට ගෙනිච්චට)

    ICC 11 ගැන ඔබේ අදහසට බොහෝ එකඟයි..හැබැයි උමාර් ගුල්ගෙත් ප්‍රධාන තුරුම්පුව යෝකර් පන්දු නිසා මාලින්ගව ඇතුලට ගනිද්දි එලියට දාන්න ඕනෙ සහීර් නෙමෙයි ගුල් කියල එකයි මගේ නම් අදහස...සහීර් වමත් පන්දු යවන්නෙකු නිසා attack එකේ variety වැඩි වෙනව,ඒ වගේම නායකයාට අවශ්‍ය වෙලාවේ කඩුලු ලබා දීමේ හැකියාව අතිනුත් ගුල්ට වඩා සහීර් ඉදිරියෙන් ඉන්නව මම හිතන්නෙ...
    12 වෙනි ක්‍රීඩකයා හැටියට ජාක් කලිස් සුදුසුයි...
    (ක්‍රිකට් ගැන කතා කරන්න ගත්තම කෙටියෙන් ඉවර කරන්න මට ටිකක් අමාරුයි...කමෙන්‍ටුවට බොහෝ ඉඩ ගත්තාට සමාවෙන්න...)

    ReplyDelete
  5. සංගාට සුභ පැතුම් සමග මමත් බුවාගේ කණ්ඩායමට එකඟයි... ඩිල්ෂාන් හොඳයි... මහේල හොඳාාාාාාාාාාායි...

    ReplyDelete
  6. ආතර් සී. ක්ලාක් මහත්තය කිව්වෙ ක්‍රිකට් කියන්නේ කිසිම වැඩකට නැති ක්‍රීඩාවක් කියලා. ඔහුට අනුව ඇඟපත හොලවලා ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නෙ කණ්ඩායම් දෙකේ විසි දෙදෙනාගෙන් හතර දෙනෙක් විතරයි. ඉතිරි දහ අටදෙනා ගෙන් නවයක් ක්‍රීඩාගාරයේ නිදි, අනෙක් නවය පිටිය මැද නිදි.

    ඉතින් සංගා කියන්නේ ඇහැරිලා ඉන්න හතර දෙනා අතර දක්ෂයෙක්...

    ReplyDelete
  7. හික්.. ලබන පාර ඔය කණ්ඩායම් තෝරන්න උඹ පලයන්. ගොන් නාම්බා. අම්මගෙන් අහපන් තාත්තා වස්සෙක්ද කියල.

    ReplyDelete
  8. @පිසාචයා - ස්තුතියි

    @සිතුවිලි මණ්ඩිය - හොඳ අදහසක් මට ඔය වගක් කල්පනා උනේම නැ නොවැ , ගේලුයි ශෙවාගුයි හරියට සෙට් උනොත් අනික් බැට්ස්මන්ලගෙන් ඇති වැඩකුත් නැ , ඒත් ගේල් ස්ථාවර මදියිනේ ද

    @Observer - බොහොම ස්තුතියි

    @දිනිත් - බොහොම ස්තුතියි අදහසට ,පන්දු යවන්නන් තේරීම ගැන මගේ අදහසට වඩා ඔබේ අදහස නිවැරදියි මම හිතන්නේ

    ReplyDelete
  9. චතුරංග - මහේල හොඳා.........යි තමයි , නැත්නම් අර ගාල්ලේ දුවිලි ගොඩෙත් සීයක් ගහාවියැ නේ . බොහොම ස්තුතියි .

    @රැඩිකල් - ඒ කථාවත් හරි තමයි , හැබැයි විස්සයි විස්සෙදි නම් 4ට වඩා වැඩි ගාණක් ඇහැරල ඉන්න වෙනව

    @ඇනෝ - ඔව් ..මේක බලල මට ලබන පාර එන්නය කියල කිව්වා , විචාරය කියන එක හඳුනන්නෙ නැද්ද ??

    ReplyDelete
  10. සංගා ගැන කියපු දේට සියට සියටත් වඩා එකගයි මචෝ...
    ඩිලා නම් සිරාවටම වැඩක් නැහැ , ඊට වඩා තරංග හොදා.. :D

    ReplyDelete
  11. සංගා ගැන නම් 100% කථාවට එකග වෙනවා... සචින් තාම ක්‍රිකට් ගහනවානේ... ඉතින් මැදපෙලට නැතත් වන් ඩවුන් වලට දිල්ෂාන් අයින් කරලා සචින් ආවොත් හොද නැද්ද??

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව