Ambalama - සැබැ සමාජ කතිකාවක සොඳුරු නවාතැන්පල

මානව හිමිකම් , යුධ අපරාද චෝදනා සහ අපට කලහැකි දැ ......

මානව් හිමිකම් හා යුධ අපරාධ පිලිබඳ කථා බහ නැවතත් මතුවී ඇත . ජීනිවා මානව හිමිකම් සමුළුව ආරම්ඹ වීමට නියමිත එක්සත් ජාතීගේ මහ සභා රැස්වීම . රොබල් ඔ බ්ලෙක් ගේ සංචාරය මෙන්ම බැන් කි මූන් විසින් අභිනවයෙන් පත්කල විමර්ශන නිලධාරිනිය යන මූලික කාරණා මේ කථාබහ යලි කරලියට පැමිණීමට හේතුවී ඇත .සුපුරුදු පරිද්දෙන් බටහිර විරෝධී කැගැසීම් , අදෝනා , චෝදනා මෙන්ම තර්කානුකූල විග්‍රහයන්ද පුවත්පත් ප්‍රමුඛ ජනමාධ්‍යන් හරහා ජනතාවවෙත ඉදිරිපත් කරමින් ඇත . වසර දෙකකටත් වැඩි කාලයක් තිස්සේ එක තැන කැරකෙනා ගැටලුවක් වුවත් , සැබැ තත්වය හා කලයුතු දැ පිලිබඳ නිවරදි කථිකාවක් මෙරට තුල ඇතිවී තිබේද යන්න සැක සහිතය .

අසාධාරණ චෝදනා

මෙරටට එල්ලවන මානව හිමිකම් චෝදනා නිවැරදි නොවේය යන්න ශ්‍රි ලාංකිකයින්ගේ බහුතර පිලිගැනීමය . නමුත් දරුණු යුධ ගැටුමක්දි මානව හිමිකම් කිසිසේත් උල්ලංඝනය නොවුවායැයි යමෙකු සිතනවා නම් එය ශ්‍රි ලංකීය රූපවාහිනි නාලිකා හරහා දුටු යුධ නාටක පමණක් යථාර්තයයැයි  සිතන්නෙකු විය යුතුය  . මානව හිමිකම් චෝදනා කිසිසේත් 100%ක් අසත්‍ය නොවිය හැකි අතර ,එල්ටිටියි හිතවාදීන් විසින් ජාත්‍යන්තර මතය සකස් කර ඇති පරිද්දෙන් මහා මිනිස් සංහාරයක් මෙරට සිදුවූවා යැයි පැවසීමටද නොහැක . මාගෙ විශ්වාසය නම් මෙම චෝදනා පිලිබඳ ඇති මූලිකම ගැටලුව ඒවායේ නිවරදිද යන්න නොව  නිරවද්‍යතාවයේ ප්‍රමාණය  සහ ඒවා කෙතෙක් දුරට සාධාරණද යන්නය

චෝදනා එල්ලවන පාර්ශවය හා චෝදනා එල්ල කරන්නන් සැලකූවිට පහත සඳහන් කරුණු කාරණා නිසා අදාල චෝදනා  කිසිසේත් සාධාරණ හෝ සදාචාරාත්මක නොවන බැව් පැවසිය හැක

  • ශ්‍රි ලංකා රජය යුධ වැදුනේ ලොව පුරා රටවල් ගණනාවක තහනමට ලක්වූ ත්‍රස්තවාදි සංවිධානයක් සමඟය . එය කිසිසේත් මහජන කැරැල්ලක්  නොවීය .  අතිශයින් දරුණු ත්‍රස්ථවාදි සංවිධානයක් වූ එල්ටිටිය සාමාන්‍ය යුධ සම්ප්‍රදායන් කිසිවක් මායිම් නොකල අතර ඔවුනගේ  ඉතා පැහැදිලිවම වාර්ථා වී ඇති ක්‍රියාකාරකම් නිසා ශ්‍රි ලංකා යුධ හමුදාවට වැලැක්විය නොහැකි අවසනාවන්ත සිදුවීම් කෙරේ  යොමු වීමට ඇති ඉඩ කඩ   චෝදනා කරන පාර්ශවයන් සලකා බලන බවක් පෙනෙන්නට නැත , බලහත්කාරයෙන් බඳවා ගත් සිවිල් වැසියන් භාවිතය , සිවිල් වැසියන් පලිහක් ලෙස භාවිතා කිරීම , කුඩා දරුවන් මිනිස් බෝම්බ ලෙස භාවිතය . රෝහල් වැනි  ස්ථාන යුධ කටයුතු සඳහා භාවිතය වැනි කාරණා නිසා යුධ හමුදාව මගින් සිවිල් ජනතාවන්ට යම් හානියක් සිදුවි නම් එහි මුලීක වගකීම එල්ටිටිය සතුය .නමුත් චෝදනා එල්ලවන්නේ රජයේ හමුදාවන්ට පමණය 
  • චෝදනා සඳහා පදනම් වී ඇති සමහර සාක්ෂි හා මුලාශ්‍ර පිලිබඳවද ගැටලු කාරී තත්වයන් ඇත .  එල්ටිටියි  සංවිධානයට සම්බන්ධව සිටි හෝ සහය දුන් පුදගලයන්  බවට සාධක සහිත පුද්ගලයින් සාක්ෂි කරුවන් සාක්ෂි ලෙස යොදා ගැනීමත් , කිසිදු වලංගුතාවයක් හෝ පදනම් නැති  ප්‍රකාශයන් සාක්ෂි ලෙස භාවිතා කිරීමත් කිසිසේත් සදාචාරත්මක නැත 
  • ශ්‍රි ලංකාව කෙරේ චෝදනා ගොනු කරවන  ඇතැම් සංවිධාන හා පුද්ගලයින් එල්ටිටියි සංවිධානයට සම්බන්ධකම් ඇති පුද්ගලයින් බවට චෝදනා ඇතත් , ඒවා මත පදනම්ව ශ්‍රි ලංකාවට බලපැම් එල්ල කරනා රාජ්‍යයන් ඒ පිලිබඳ තැකීමක් කරනා බවක් පෙනෙන්නට  නැත  
  • ශ්‍රි ලංකාවට බලපැම් එල්ල කරනා ඇමරිකාව , බ්‍රිතාන්‍ය වැනි රාජ්‍යන් ත්‍රස්තවාදීන්ට  එරෙහිව ප්මණක් නොව වෙනත් රාජ්‍යන්ට එරෙහිවත් සිදුකල යුධ ක්‍රියාමාර්ග වලදීත් දැවැන්ත මට්ටමේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවී ඇත . මේවා පිලිබඳ කිසිදු අකාරයක පරීක්ෂනයක් එම රටවල් හෝ එක්සත් ජාතීන් විසින් සිදුකර  නොමැත . එවන් තත්වයක් සිට ශ්‍රි ලංකා රජය අභ්‍යන්තර ආරක්ෂාව වෙනුවෙන් ත්‍රස්තවාදීන්ට එරෙහිව  සිදු කල යුධ ක්‍රියාමාර්ගය පිලිබඳව පමණක්  පරීක්ෂන ඉල්ලා සිටීම කිසිසේත් යුක්ති සහගත නැත 
චෝදනා යුක්ති සහගත නොවේ , කියා හෝ අප නිවැරදියි කියා උඩ බලා සිටීමෙන් ගැටලුව නිරාකරණය වන්නෙ නැත . ලෝක දේශපාලනය යනු එකිනෙකාගේ  හැකියාවන් , අවශ්‍යතාවන් අනුව පදනම් වූවක් නිසා කුඩා රටක් වශෙයෙන් ලෝක දේශපාලනය තුල සර්ව සාධාරණත්වයක්   බලාපොරොත්තු වීමද තේරුමක් නැත , අපගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනිම සඳහා උපක්‍රම ශිලීවත්  නිවැරදි මොහොතේ ක්‍රියාත්මක වීමත් තුල වාසි ලබා ගැනීමට උත්සහා කිරීම ලෝක දේශපාලනය තුල හැසිරිමේ සාර්ථකම ක්‍රමය ලෙස හඳුන්වා දිය හැක . කුඩා රටක් වශෙයෙන් දේශපාලන කඳවුරු වලට අයත් නොවීම සහ අනෙකුත් රටවල් සමඟ ගැටුම් ඇති කර නොගැනීම  මෙහිලා අතිශයින් වැදගත්ය . එනිසා බටහිර කුඩු පට්ටම්වී චීනය බලවත් වනතුරු කටබලියන් සිටීම හෝ අසල් වැසි ඉන්දියාව තබා පකිස්ථානය සමඟ වත් පැහිය නොහැකි යුධ ශක්තියක්  ඇතිව ඇමරිකානු ගුවන් යානා බිම හෙලීමට  පැලැන් ගැසීමට වඩා  මේ අවස්ථාවේ කලයුතු , කල හැකි දැ පිලිබඳ අවධානය යොමු කිරීම ඵ්ලදායක බැව් පැවසිය යුතුය  .

මේ සම්බන්ධයෙන් කල හැකිව තිබු දැ නම් අතිමහත්ය , සිවුවන ඊලාම් යුද්ධය ආරම්භයයේදී  එයට අනවශ්‍ය  ජාතිවාදී ස්වරූපයක් ජාත්‍යන්තරය තුල ඇතිවීම වැලැක්වීමේ සිට මේ දක්වාම කල හැකිව තිබූ දැ බොහෝය . නමුත් ඒ අතීතය ගැන කථා කරමින් සිටීම හෝද හෝදා මඩේ දැමීමක් නිසා ඒවා අතහැර වර්ථමානයේ හා අනාගතයේ කල හැකි දැ පිලිබඳ පමණක් අවධානය යොමු කිරීම වැදගත්ය .

මේ වන විට මතුව ඇති තත්වයන් හමුවේ රජයට විකල්ප රාශියක් ඉතිරිව නැතත් , පහත සඳහන් දැ  වෙත අවධානය යොමු කිරීම තුල යම් සාර්ථකත්වයක් ලබා ගත හැකි බව මාගේ අදහසයි

  • ඉන්දියානු සාධකය නිවැරදිව වටහාගැනීම  නැවත වතාවක් ප්‍රධානතම ආයුධය බවට පත්වෙමින් තිබෙනා බවක් දක්නට ඇත . මහින්ද රාජපක්ෂ මහතා සිවු වැනි ඊලාම් යුද්ධය සාර්ථකව අවසන් කිරීම තුලත් අති දක්ෂ  දේශපාලඥයෙකු වූ ජේ ආර් ජයවර්ධන මහතා ජනවාර්ගික අර්බුධය තුල අතරමං වීමත් පසුපසු ඇති  නිහඬ සාධකය ඉන්දියාවයි . අතීතයේදි හුදු දේශපාලනික චණ්ඩියෙකු පමණක් වූ ඉන්දියාව මේ වන  ආර්ථික බලවතෙකු වශයෙන් ලෝකය තුල ස්ථාවරත්වය නිසා ඔවුන් ශ්‍රි ලංකාව කෙරේ එල්ල කල හැකි  බලපැමද  අතිශයින් ප්‍රභල හා තීරණාත්මකය . මැතක් වන තෙක් ශ්‍රි ලංකාවෙ වෙනුවෙන් පෙනී සිටි ඉන්දියාව මේ වන විට නිහඬ  ස්ථාවරයක් දැරීම ඉන්දියානු සාධකය පිලිබඳ නැවතත් සිතීමට කාලය එලඹ ඇතැයි අනතුරු ඇඟවීමක් බඳුය .මන්ද ශ්‍රි ලංකාව කෙරේ ඉන්දියානු ස්ථාවරය නිහඬතාවයෙ සිට විරෝධය දක්වා ගමන් කලහොත් වෙනත්  රුසියානු හෝ චීන හො වෙනත් කිසිදු ජාත්‍යන්තර බලවේගයකට ශ්‍රි ලංකාව බේරා ගැනීම එතරම් පහසු නොවන නිසාය 
  • දේශපාලන විසඳුම යන්න ගතවූ වසර දෙකතුරාවටම කිසිදු ප්‍රගතියක් නොලඹා එක තැන කැරකෙන එහෙත් අත්‍යාවශ්‍යයෙන්ම ඉටුවිය යුතු කාරණාවකි . ඉහත කී ඉන්දියානු සාධකය කලමණාකරනය කරගැනීමේ ප්‍රධානතම අවියත් දේශපාලන විසඳුමකට එලඹීම වන අතර ඒ සඳහා රජයේ සක්‍රිය  මැදිහත් වීමක් හා කැපවීමක් අත්‍යාවශ්‍යය , නමුත් තමන් වටා සිටින් අන්තවාදීන්ගේ බලපැම් නිසා රජය එම  කාර්‍ය්භාරය මග හැර දෙමල සංධානයට හා ඉන්දියාවට වුවමනාවට පමණක් ඒ ගැන උනන්දුවන බවක් දක්නට ඇත . දෙමල ජනතාව අතර ජාතිවාදය පතුරවමින් සිටිනා දෙමල සංධානයට හෝ දශක දෙකක් පරන 13මත පමණක් යැපෙන ඉන්දියාවට මූලිකත්වය  නොදීමට නම් රජය තමන්ගේම යෝජනාවලියක් සමඟින් ඉහල මට්ටමේ කැපවීමක් පල කලයුතුය . 13ට අදාල නොවුවත් යහපත් යෝජනාවලියක් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ඉන්දියාවට නොමැති අතර රජයේ ඇතැම් කණ්ඩායම් විරෝධය පල කලත්  එජාපයෙ සහය රජයට ලබාගැනීම එතරම් ගැටලුවක් නොවනු ඇත 
  • අභ්‍යන්තර පරීක්ෂන යනු දරුස්මාන් වාර්ථාව නිකුත් වූ සමයෙ සිටිම ජාත්‍යන්තරයේ බොහෝ රටවල්  ශ්‍රි ලංකාව කෙරේ දැක්වූ ස්ථාවරයි , ඉන් ඇතමෙක් උගත් පාඩම් කොමිසම ඒ සඳහා වන සාධනීය  උත්සාහයක් ලෙස නමුත් බොහො දෙනෙක්  ඊට  වෙනස් ස්ථාවරයන් දරනා බවත් දක්නට ඇත . කෙසේ වෙතත් ශ්‍රි ලංකා රජය දිගින් දිග්ටම උගත් පාඩම් කොමිසම කෙරේ විශ්වාසය පල කිරීම  නිසා ඇමරිකාව , බ්‍රිතාන්‍යය ඉන්දියාව ඇතුලු බොහෝ දෙනෙක් එම කොමිසමේ වාර්ථාව දෙස අවධානය යොමු කර ඇති බවක් පෙනෙන්නට ඇත . එම වාර්ථාව කුමන ආකාරයක් ගනීදැයි කිව නොහැකි මුත් , එය නිකුත් වූ පසු එය මෙම පිරිස් විසින්  පිලිගනීයැයි සිතීම දුෂ්කරය .එක් අතකින් කොමිසමේ සංයුතිය ප්‍රශ්නාර්ථයකට  ලක්වී ඇති අතර ඔවුනගේ වාර්ථාව රජය මෙතෙක් දැරු ස්ථාවරයට  පටහැනි වුවොහොත් එයම බරපතල ගැටලුවක් නිර්මාණය කිරීමට හේතුවිය හැක . චෝදනා එල්ලවූ මුල් සමයේ මධ්‍යස්ථ අභ්‍යන්තර පරීක්ෂනයකට ගියා නම් (කරු ජයසූරිය මහතා මෙය යෝජනා කලවිට ඔහුත් දේශද්‍රෝහියෙක් කල බවක් නම් මතකය ) තත්වය අපහට වාසි සහගත වනවාට කිසිදු සැකයක් නැතත් . උගත් පාඩම් කොමිසමේ වාර්ථාව ප්‍රතික්ෂේප වීමක් වුවහොත් , නැවත එවැන්නකට යාමෙන් වාසියක් ලැබේයැයි සිතිය නොහැක .එනිසා උගත් පාඩම් කොමිසම යම් තාක් දුරකට හෝ ජාත්‍යන්තරය මතුකරන ගැටලු කෙරේ අවධානය යොමු කර ඇති බවක් පෙන්වා  තිබීම  හැර මේ සම්බන්ධයෙන් වෙනත් විකල්පයක් මේ මොහොතේ නැත . නමුත් එවැන්නකදි රජයට තමන්ගේ ස්ථාවරයේ ඇති වැරදි පිලි ගැනීමකට සිදුවෙන නිසා එසේ සිදුවේද යන්න සැක සහිතය 
  • රජයට සම්බන්ධ අන්තවාදීන්ගේ ප්‍රකාශ  යම් පාලනයකට ලක්කිරීම අත්‍යාවශ්‍යය . රජයෙන් පිට සිට ඕනැම මතයක් දැරීමේ ගැටලුවක් නැති වුවත් , රජය තුල සිටිමින් අදාල ප්‍රකාශයන් නිකුත්  කිරීම ඒවාට නිල ස්ථාවරයක් ලබා දීමක් වැනිය . රජයේ ස්ථාවරය එය නොවේ මෙසේ යැයි කොතරම් මාධ්‍ය නිවේදන නිකුත් කලත් රජයට සම්බන්ධ ඇමැත්තන්ගෙ ප්‍රකාශත් රජයේ සාමුහික වගකීම යටතේ රජයේ ප්‍රකාශයන් ලෙස ව්‍යාප්තවීම වැලැක්විය නොහැක . ශ්‍රි ලංකා රජය දෙමල ජනතාවට එරෙහි ස්ථාවරයක සිටිනා බැව් ලොව පුරා පතුරවන්නට සුදානම් , ඒ සඳහා සාර්ථක ප්‍රචාරක ජාලයක් සහිත සංවිධාන රාශියක් සිටිනා වටපිටාවක මේ පිලිබඳ සැලකිලිමත් වීම වඩාත් වැදගත්ය .එක්සත් ජාතීන්ගේ සංවිධානය , එහි මහලේකම් , ඉන්දියානු අගමැති , රොබට් ඕ බ්ලෙක්, දෙමල ජාතික දේශපාලකයින් වැනි  කාරණා සම්බන්ධයෙන් මොවුනගේ ප්‍රකාශයන් හා හැසිරීම් පිලිබඳ විශේෂයෙන් සැලකිමත් විය යුතුය
  • විදෙස් නියෝජිතයන්ට දැක්වූ ප්‍රතිචාරද  රජය ජාත්‍යන්තර දේශපාලන්යේදී සිදුකල බරපතල වරදක් ලෙස හැඳින්විය හැක , එම නියෝජිතයන්ගේ සද්භාවයන් පිලිබඳ ගැටලුවක් වේ නම් අදාල නියෝජිතයා නියෝජනය කරනා පාර්ශවයන් වෙත ලිඛිතව දැනුම් දෙනවා විනා , එක් එක් පුදගලයින්ලවා මඩ ගසා ජාත්‍යතර මාධ්‍ය හරහා ඒවා ලංකාවට අවාසිවන අයුරින් ප්‍රචාරනය වීමට ඉඩ හැරීම දැන්  වත් අත්හැරගත යුතුය . පසුගිය කාලයේ කොටි ලේබල් ගැසු යසුශි අකාෂි මහතා දරුස්මාන් වාර්ථාව නිකුත් වූ වෙලේ දැරූ ස්ථාවරය (සෝල්හයිම් මහතාද මෙම ස්ථාවරය දැරු බවක්  එක් වාර්ථාවක ප්ලවිය ) ශ්‍රි ලංකාව කේරේ සැහෙන තරම් වාසිසහගත වූ නමුත් එවන් අවස්ථාවක අප වෙනුවෙන් පෙනී සිටිය හැකි එම පුද්ගලයින් කොටි ලේබල් ගසා හතුරන් කරගෙන අවසන්ය
එල්ලවන චෝදනා  වැරදිද නිවැරදිද යන්න මත නොව ශ්‍රි ලංකාවෙත් ජනතාවගේත් අනාගතය තීරණය වන්නේ රජයේ ඒ කෙරේ දක්වන ප්‍රතිචාරයන් මත බව ත් අවසාන වශයෙන් සඳහන් කල යුතුය !!!!

15 Comments

  1. මේ පිළිබඳ ලියැවුනු හොඳම පෝස්ට් එක..

    ReplyDelete
  2. පිස්සු හැදෙන සඳ... ආයෙත් කියවන්නම වෙනව

    ReplyDelete
  3. මාතලන් කිව්වා වගේ බ්ලොග් එකක මේ ගැන මම දැකපු හොඳම ලිපියයි

    ReplyDelete
  4. නියමයි... නියමෙටම නියමයි... 100% ක්ම අපක්ෂපාතී විවරණයක් කියලා බය නැතුව කට ඇරලා කියන්න පුළුවන් විචාරයක්... ඇත්තටම බුවා ෆුල් මාක්ස් දෙන්න පුළුවන්... ආණ්ඩුව වැරදියි කියලා ආණ්ඩුවට බණින එකවත්, බටහිර වැරදියි කියලා බටහිරට බණින එකවත් නෙවේ කරන්න ඕනේ... වෙලා තියෙන - වෙන්න තියෙන දේට මොකද කරන්නේ කියන එකයි...!

    ලංකාවට අද නැත්තේ මෙන්න මේ විදියේ භාවිතයක් තමා... හැම කෙනෙක්ම විචාරයේ යෙදෙන්නේ කොහෙන් හරි කොනකින් මොන පැත්තකට හරි පක්ෂ වෙලා. ඇත්තටම කියන්න බුවා, මේ ලිපිය නම් කාටවත් පක්ෂපාතීව ලිව්වා කියලා කොහොමවත් කියන්න බෑ. මම හිතන්නේ මේ බ්ලොගේ ලියවුනු සාධනීයම විචාරය මේ තමයි...

    මේ රටාව අපේ අනෙක් චිචාරකයොත් ආදර්ශෙට ගත්තොත්... ද්වේශය වෙනුවට ඥානය පහලවේවි... එහෙම වුනොත් අපේ රට කරවන ඇත්තන්ට හැමදාම අපිව අල්ලේ නටවන්නත් බැරි වේවි...!

    එහෙම දවසක් ආවොත්...!!!

    ReplyDelete
  5. @මාතලන් , බ්ලොග් ගඩොල් , චතුරංග - බොහොමත්ම ස්තුතියි අගය කිරීමට

    @ඔබ්සර්වර් - ආයෙමත් කියවමු එහෙනම්

    ReplyDelete
  6. ආයෙත් කියෙව්ව, කොමෙන්ට් කොරන්න වචන නැත, අගනා ලිපියකි.

    ReplyDelete
  7. බොහොම ස්තුතියි

    ReplyDelete
  8. රජය ප්‍රතිචාර දක්වන ආකාරය ගැන ඇති විවචනයට එකග විය හැක. මේ විවේචනය වෙනත් බොහෝ දෙනෙක් ද (උදා: කල්යානන්ද ගොඩගේ) එල්ල කර ඇති බව මතකය.
    මෙය වෙනුවෙන් ඇති ප්‍රතිකර්ම ගැන නම් එතරම් දෙයක් කිව නොහැක (මා මේ ගැන දන්නේ ඉතා අඩුවෙනි).
    නමුත් මේ ගැන මටද අදහස් කීපයක් ඇත.
    ඉන්දියානු සාධකය ගැන කියනවානම්, හරක් රැලක් එළවලු කොටුවක් කෙරෙහි දක්වන ආකල්පයට වැඩ හොද ආකල්පයක් ඉන්දියාවෙන් අපට බලාපොරොතු විය නොහැක. තමන්ට කැමති ආකාරයෙන් exploit (උදා: සීපා ගිවිසුම) කරගත හැකි දුර්වල රාජ්‍යක් විනා ශ්‍රී ලංකාව ප්‍රභල සිංප්පූරුවක් බවට පත්වනවා දකින්නට ඉන්දියාව අකමැතිය. ශ්‍රී ලංකාවේ ඇති වූ සියලුම සන්නද්ධ කොටස් සමග පාහේ රෝ සංවිධානය සම්බන්ධකම් පවත්වා ඇති (LTTE , PLOTE ආදිය, JVP , පිල්ලෙයාන් කණ්ඩායම) අතර මේවා තුලින් ශ්‍රී ලංකාවේ දේශපාලනයට බලපෑම් කිරීමට ඉන්දියාව සැම විටම උත්සහ කළහ. එනිසා ඉන්දියාව ශ්‍රී ලංකාව ගැන සහය දුන්න නම් දුන්නේ අප කෙරිහි දක්වන ආකල්පය යහපත් නිසා නොවේ.

    අභ්‍යන්තර පරීක්ෂණ ගැන කියනවානම් මෙයින් අපේ ප්‍රශ්න සහෙනදුරට විසදෙයි සිතිය නොහැක. මන්ද යත් අපට එරෙහිව පරීක්ෂණ ඉල්ලන "ජ්‍යාත්‍යන්තර ප්‍රජාවේ" ප්‍රධාන අරමුණ ලංකාවේ ජනයාගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම නොවේ. මානව හිමිකම් මෙයට දෙන හේතුව පමණි {ලිබියාවට එරෙහිව මෙයමද, ඉරාකයට (non -existing )WMD)}. අපි මේ "ජ්‍යාත්‍යන්තර ප්‍රජාවේ" ඉල්ලීම් වලට එකග උනත් ප්‍රතිපලය මෙයට වෙනස් වේදැයි කිව නොහැක. මන්ද ලිබියාව පසු ගිය කාලෙදී තම "පරණ පුරුදු" අතහැර වෙනස් වීමට සැහෙන උත්සහ ගන්න ලදී.

    ReplyDelete
  9. @මගේ කතාව - ඉන්දියාව තම අසල්වැසි සියලු රාජ්‍යයන් තමන්ට අවනත කරගැනීමේ උත්සහයන් දැරීම නොරහසකි . එය මේ දක්වා ශ්‍රි ලංකාව හා මාලදිවයිනත් සතුරු පකිස්ථානයත් හැර අනෙක් රටවල් උදෙසා සාර්ථක වී ඇත . ඔවුන් එල්ටිටිය පුහුණු කලේද එම අරමුණෙන්ය යන්නට එකඟය . නමුත් මේ වන ශ්‍රි ලංකාව කෙරේ ඔවුනගේ උපාය මාර්ගයන් වෙනස් වී ඇති බව මාගේ හැඟිමයි . ශ්‍රි ලංකාව දුර්වල රාජ්‍යයක් කර තම ආධිපත්‍යය පැතිරවීමට , වඩා ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධනය තමන් හා ගැටගැසීමේ උත්සාහයක ඔවුන් නිරතවනවා යන්න මාගේ අදහසයි . මන්ද ඉන්දියානු ආර්ථිකයට ගැට නොගැසී වුවත් ශ්‍රි ලංකාවට බටහිර හෝ චීනය සමඟ ගමනක් යා හැක ( එජාපය බලයේ සිටියා නම් බටහිර විකල්පය තෝරා ගනු ඇති අතර සන්ධානය චීනය තෝරාගෙන ඇත ) . ශ්‍රි ලංකාවේ ආර්ථික ආධිපත්‍යය වෙන බලවේගයකට අත් වෙනවාට ඉන්දියාව කැමති වන්නේ නැත , එනිසා අසූව දශකයේ චණ්ඩි පාට් වෙනුවට උපක්‍රමශීලී ක්‍රියාමාර්ගයන් සමඟින් ශ්‍රි ලංකාව මර්ධනය කිරීමේ උපාය මාර්ග වෙනුවට වර්ධනය හා එහි වැඩි වාසි තමන් සතු කරගැනීමේ ව්‍යාපාරයක ඉන්දියාව සිටිනවාය යන්න මාගේ අදහසයි .නමුත් ශ්‍රි ලංකාව මේ වනවිට ජාත්‍යන්තරයේ ඇතිකරගෙන තිබෙන දේශපාලනික ගැටලු නිසා අකමැත්තෙන් හෝ ඉන්දියාවේ සහය ලබාගැනීම අත්‍යාවශ්‍ය වී ඇත . එනිසා ඉන්දියාවෙ අරමුණු ඉටුකරගැනීම ඉතා පහසුය . සීපා හරි හැටි කිසිවෙකු නොදැක කල්පිතයන් මත කරන විග්‍රහයන් පමණි . සීපා කරලියට එන තෙක් එය විවේචනය සුදුසුයි කියා මා සිතන්නේ නැත

    ලිබියාව හා ඉරාකය සමඟ බටහිර ගනුදෙනුව කිසිසේත් අප රට සම්බන්ධයෙන් අදාල නොවේ .ලිබියාවේ ඇතිවූ සජිවි තත්වයකදී කල මැදිහත් වීම හා සිදුවු දෙයක් වෙනුවෙන් ශ්‍රි ලංකාවේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය . ඔවුන් මානව හිමිකම් පිලිබඳ චෝදනාව එල්ල කරන්නේ කුමන හෙතුවකට වුවත් , අප ඒ පිලිබඳ දක්වන ප්‍රතිචාරය සාධනීය නම් ඔවුන්ට එය පිලිගැනීමට සිදුවේ , මන්ද චෝදනා එල්ල කරන්නන්ට පමණක් හිතුමතේ තීරණ ගත නොහැක . ලිබියාව ක්‍රියා කල ආකාරය නිසා මේ අනෙකුත් පාර්ශව වලටද නිහඬ වීමට සිදුවිය ,ලිබියාවේ අසල්වැසියන්ද ලිබියාවට එරෙහිවීමද මීට හේතුවිය

    ReplyDelete
  10. @බුවා:
    "සූව දශකයේ චණ්ඩි පාට් වෙනුවට උපක්‍රමශීලී ක්‍රියාමාර්ගයන් සමඟින් ශ්‍රි ලංකාව මර්ධනය කිරීමේ උපාය මාර්ග වෙනුවට වර්ධනය හා එහි වැඩි වාසි තමන් සතු කරගැනීමේ ව්‍යාපාරයක ඉන්දියාව සිටිනවාය"
    ඉන්දියාවේ උපාය මාර්ග එතරම් වෙනස් වී ඇති බවක් නොපෙනේ. චන්ඩි පාර්ට් දමා වැඩේ ඇනුණු විට ඉන්දියාව තමන් යෙදු උපාය මාර්ග වෙනස් කර ඇත. ඉන්දියාව ලංකාවට කරන්නේ යන දේට සුදුසු වචනය "අවනත" ද යන්න මට සැකය. අපේ ආර්ථිකයට වර්ධන හා එහි වැඩි වැසි වෙනුවට සම්පුර්ණ ආර්ථිකයම තමන් වෙත ලබා ගන්නාට ඉන්දියාව කැමතිය (ඉන්දියාව ලංකාවට කරන දේ සීපා ගිවිසුම අත්සන් කළහොත් බලාගත හැක). ආර්ථිකය පමණක් නොව දේශපාලනික වශයෙන්ද ලංකාව ඉත්තෙක් කරගැනීම ඉන්දියාවේ බලාපොරොත්තුවකි.

    කෙටියෙන් කියනවනම් ඉන්දියාව ලංකාවට සම්බන්ධ දිගු කාලීන අරමුණු වෙනස් වී නැත. වෙනස් වී ඇත්තේ ඒ අරමුණු ඉටු කරගැනීමට යොදා ඇති tool set පමණි.

    "ලිබියාව හා ඉරාකය සමඟ බටහිර ගනුදෙනුව කිසිසේත් අප රට සම්බන්ධයෙන් අදාල නොවේ .ලිබියාවේ ඇතිවූ සජිවි තත්වයකදී කල මැදිහත් වීම හා සිදුවු දෙයක් වෙනුවෙන් ශ්‍රි ලංකාවේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය . "

    මෙය වෙනස් වන්නේ ශ්‍රී ලංකාවේ ජිවත් වන අපටය. මේ චෝදනා එල්ල කරන අය‍ට නොවේ. පැහැදිලිවම පෙන්විය හැකි වෙනස නම් ලංකාවේ පාලකයන් මහජන චන්දයෙන් පත්වූවන් යන්නය. නමුත් යුධ අපරාධ චෝදනා ඝෝෂාව මගින් එම කරුණ යටපත් කරවිය හැක. මේ යුධ අපරාධ චෝදනා සාධාරණ වීම හෝ සාක්ෂි විශ්වසනීය වීම අවශ්‍ය නැත. මේ ගැන ප්‍රදානම සාක්ෂි ලෙස පෙන්වන දරුස්මන් වාර්තාව, චැනල් වැඩසටහන (පමණක් නොව එතරම් අදාල නැති වුනත් මුතුර් සහන සේවක ඝාතනය සම්බන්ද සාක්ෂිද) සාක්ෂි (උසාවියක අපරාධ නඩුවකට ගන්න ආකාරයේ ඒවා) ලෙස ගත විට සැහෙන තුනී (thin) ඒවා බවට බොහෝ දෙනෙක් පෙන්වා දී ඇත.

    ReplyDelete
  11. @බුවා:
    කෙසේ නමුත් අභ්‍යන්තර පරීක්ෂන අපට වාසි සහගත විය හැක. නමුත් කොතරම් අභ්‍යන්තර පරීක්ෂන කලත් ඒවායින් "ජ්‍යාත්‍යන්තර ප්‍රජාව" බලාපොරොතු වන result නොලැබේ නම් කොතරම් වාසියක් වේ දැයි ගැටලුවකි.

    ReplyDelete
  12. ඔබගේ ඉන්දියාව පිලිබඳ ඉදිරිපත් කරඇති කියවීම හා මාගේ එකඟත්වයක් නැත ,ඒ පිලිබඳ මාගේ මතය කලින් සඳහන් කල එක පමණය . දෙදෙනාගේම මතයන් ඉදිරිපත් වී ඇති නිසා තව දුරටත් ඒ පිලිබඳ කථා කලයුතු නැත (නොනවතින වාදයක් පමණක් වනු ඇත )

    සීපා ගැන යමක් කිව යුතුය. සීපා ගිවිසුම ඔබ දුටුවාද ? දුටුවා නම් ඒ කොහොමද කොහේදීද ? සීපා යනු කෙටුම්පතක් පමණය එය මා දන්නා තරමින් කිසි අවස්ථාවක නිල වශයෙන් මහජනතාවට ඉදිරිපත් කර නැත . එනිසා ඒ එහි වාසි අවාසි විශ්ලේෂනය කිරීම අසාධාරණය . දේශීය ආර්ථිකයක් ගැන විකාර කියවන ව්‍යාපාරිකයෙක් ප්‍රමුඛ ඇතැම් ශ්‍රි ලාංකික ව්‍යාපාරිකයින් මේ ගැන ජනතාව අතර බොරු මතවාදයන් පැල කර ඇත . කොටින්ම මීට සියලුම ව්‍යාපාරිකයන් ගේ විරෝධය එල්ලවීද නැත . ලංකාවේ සිටිනා දැවැන්තම ව්‍යවසායකයින් වන හැරි ජයවර්ධන , ධම්මික පෙරෙරා වැන්නවුන් මේ පිලිබඳ විරෝධයක් පල කර නැත . එජාප මන්ත්‍රි ආර්ථික විශේසඥ හර්ෂද සිල්වා මහතා සිටින්නේද මේ ගැන සුභවාදී ස්ථාවරයකය .ඒ නිසා නොදුටු සීපා නරක හෝ හොඳ කියා පැවසීමේ හැකියාවක් මා හට නැත

    ReplyDelete
  13. //එල්ලවන චෝදනා වැරදිද නිවැරදිද යන්න මත නොව ශ්‍රි ලංකාවෙත් ජනතාවගේත් අනාගතය තීරණය වන්නේ රජයේ ඒ කෙරේ දක්වන ප්‍රතිචාරයන් මත බව ත් අවසාන වශයෙන් සඳහන් කල යුතුය ///
    වටහාගතයුතු කාරණාව මෙයයි.

    ReplyDelete
  14. සීපා ගිවිසුම දැක නැත්තේ මා පමණක් නොවේ. මා දන්නා පමණින් එය මහජනතාවට පෙන්නා නැත (එය ප්‍රසිද්ද කරන ලෙස සැහෙන ඉල්ලීම් එදිරිපත්ව ඇතිවද ). නමුත් එය අත්සන් කිරීමට ඉන්දියාවට සැහෙන උනන්දුවක් ඇති බව පෙනේ. මෙතරම් උනන්දුවකින් හොර රහසේ තබා ගෙන අත්සන් කරන්නට යන ගිවිසුම අපේ වාසිය උදෙසා දැයි මම දැඩිවම සැක කරමි.

    අනිත් අතට හැරී ජයවර්දන ආදීන් හැසිරෙන්නේ සාමන්‍ය වැසියන්ගේ යහපත තකා දැයි මට සැකය.
    උදහරයක් ලෙස කියනවනම් සීපා ගිවිසුම් ලාභ ලැබෙන ව්‍ය්ප්රිකයනුත් සිටිය හැක. හැරීගේ ව්‍යාපාරවල රැකියා කරන්නේ මොන රටේ අය වුනද එයින් හැරීට අලාභයක් වේ යයි මම නොසිතමි.

    සීපා වලට පක්ෂ හා විපක්ෂ බොහෝ දේ මම කියවා ඇත. මට ඒ ගැන සිතෙන දෙය මම ඉහත පළමු ඡේදෙයේ කියා ඇත.

    ReplyDelete
  15. දිනය පසු වුවත් කොමෙන්ටුවක් නොදා යා නොහැකිය.
    01.ඇමෙරිකාවට හෝ බ්‍රිතාන්‍යට යුධ අපරාධ චෝදනා එල්ල කර පලක් නැත.(වැරදි ඇතා හෝ නැතා) මක්නිසාද යත් අප එම රටවල මට්ටමට සාපේක්ෂව "ඉන්නා තැන" සලකා පලන්න.
    02.සරම උස්සාගෙන පපුවට ගසාගෙන ගමේ චන්ඩින් මෙන් හැසිරීමෙන් වැඩක් නැත.
    03.මැතිවරණයකදී තමන්ගේ (මනාප)පොර පිටිය හා ජාත්‍යන්තර දේශපාලන පිටිය අතර වෙනස නිවැරදිව හදුනාගතයුතුය.(දැනට ඒ බවක් පෙනෙන්නට නැත)
    04.ජාත්‍යන්තරයේ සදාක‍ාලික සතුරන් ඇතැයි සිතා පලක් නැත.
    05.වැදගත්ම කරුණ වන්නේ රටක පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ-යහ පාලනයේ ස්වභාවය ගැන ලෝකය අවධියෙන් සිටිනබව තේරුම් ගැනීමයි.ඔවුන්ගේ තීරණ ගැනීම් රටේ පවතින "තත්වයට" අනුලෝම සමානුපාතික වියහැක.
    සරළ උදාහරණයක් ගතහොත් ගමක සොරකමක් සිදුවූ විට පොලිසිය පලමුව බෙල්ලෙන් අල්ලාගන්නේ ගමේ සිටින කලින් එවැනි වැරදිවලට ලක්වූවන්ය.(ඔවුන් නිදොස් වුවද)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top