Skip to main content

කෝටි ගණන් මුදල් වනසමින් ආශ්චර්යයට පියනැගීම

රාජ්‍ය ආයතන රැසක් පාඩු ලබමින් සිටිනා බැව්  හෙලිවී ඇතැයි ඩේලි මිර් ර්  පුවත්පත වාර්ථා  කර ඇත . මේම පාඩු ලැබීම් බිලියන ගණනින් සිදුවන ඒවා වන අතර ඉන් බොහොමයක් රට කරවන්නන්ගේ ක්‍රියාකලාපයන් නිසා සිදුවන බවක්ද දක්නට ඇත .

පලමුවැනි ආයතනය මිහින් ලංකා ආයතනයයි , ආරම්භයේ සිටම  සම්පූර්න නාස්තියක්වූ මිහින් ලංකා මේ වන විට රුපියල් බිලියන 2.4ක ණය වීමක් වාර්ථා කිරීමට සමත්ව ඇත . එක ගුවන් සේවයක් පාඩු ලබන නිසා විකුණා  දමා තිබියදී තවත් කෙහෙල්මලක් පටන්ගෙන මහජන මුදල් විනාශ කිරීමට තීරණයේ කලේ කුමක් නිසාද යන්න බරපතල ගැටලුවක් බව පැවසිය යුතුය . එයාර් ලංකා , ශ්‍රි ලංකන් එයාලයින් වූ  පරිද්දෙන් මිහින් ලංකා කියා එහිම නම වෙනස් කරගත්තා න්ම් මෙසේ මහජන මුදල් තොග පිටින්  විනාශ වන්නෙ නැත ((ශ්‍රි ලංකන් එයාර් ලයිනුත්  පාඩු  ලබනා නිසා එයත් ෂුවර් නැත )

මැණික් හා ස්වර්ණාභරන අධිකාරියද , උකස් හා අයෝජන බැංකුවද ලයිස්තුවේ ඇත . ගිවිසුම් කඩ කිරීමක් නිසා ස්වර්ණාභර අධිකාරිය කෙලවා ගෙන ඇති බවත් , බැංකුවේ  ලාභ ලැබීම් 2005 සිට 2008 වන විට මිලියන 312ක සිට මිලියන 21 ක් දක්වා අඩුවී ඇති බවත් සඳහන් වී ඇත .


විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්  ගැටලු රාශියක් මැද ඉගෙන ගනිත්දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තම සේවකයින්ගේ භාෂා ප්‍රවීනතාවයන් සඳහා පමනක් මිලියන 360ක් වියදම් කර ඇත

ඉතා පැහැදිලි ලාභයක් ලැබිය යුතු ජාතික රූපවාහිනිය ද දුවන්නෙ පාඩුවටය . 2010 වර්ශයේදී දේශපාලන පක්ෂ  දැන්වීම් සඳහා ලැබිය යුතු මිලියන 42ක් තවමත් ලැබී නැත , ජාතික රූපවාහිනියෙ  ඇඩ් දැම්මේ කොයි පක්ෂය දැයි අමුතුවෙන් කිව යුතු නැත . මිහින් ලංකා සමාගමෙන්ද මිලියන 10ක පොල්ලක් තියා ඇති බවක් සඳහන් වී ඇත . මේ අතර "ප්‍රධාන විධායක නිලධාරි තනතුරක් රූපවාහිනියට දමා ඇත්තේ අදාල පනතටත් පිටිනි , මෙවැනි තනතුරක වැටුප වශයෙන් අයතා ලෙස කොපමණ මුදලක් ගෙවනවා  ඇතිද ? 2006 දී මිලියන 137ක ශුද්ධ ලාභයක් ලැබූ රූපවාහිනිය 2009 වන විට මිලියන 4.7 ක ශුද්ධ ලාභයකට බැස ඇත


ශ්‍රි ලංකා ටෙලිකොම් හී බදු පොල්ල බිලියන 6කි , ශ්‍රි ලංකන් එයාර් ලයින් බිලියන 9.ක පාඩුවක් 2998/2009දී වාර්ථා කර ඇත . ඒ පම්පෝරි ගසමින් එහි පාලනය රජය වෙත පවරාගත් පසුය

ජපුර විශ්ව විද්‍යාලය ඇතුලු තවත් දූෂන කිහිපයක්ද අදාල ලිපියේ සඳහන් කර ඇත . මේ හෙලිවි ඇති මගඩි පමණක් බවත් හෙලි නොවන සහ  කිසිසේත් හෙලිනොවන ගැහිලිද එලිපිට සිදුකරනා නාස්තීන්ද (මෙගා සවාරි , සංදර්ශන .....)  ලංකාවේ ඇති බවත් මතක තබා ගත යුතුය . හෙලිවන දූෂන වලට හෝ  විසඳුමක් ඇති බවක්ද  පේන්නට නැත .මිහින් ලංකා තවමත් ණයට දුවන්නේ ඒ නිසා විය යුතුය

අප ආසියාවේ නොව ලෝකයේම ආශ්චර්යය බවට පත්වෙමින් සිටිනා බව නම් පැහැදිලිය , ඔබටත් ඒ සඳහා උදව්  කිරීමේ අවස්ථාවක් ඔක්තෝබර් 8 වෙනිදාට ලැබෙනු ඇත , ආශ්චර්‍රයය උදාකිරීමට ඇති එකම බාධාව දුරුකරලනු පිණිස වන කොලඹ ඇතුලු මහ නගර සභා සියල්ල දිනවා දීමෙන් ඔබටට්  මේ ලිපියේ සඳහන්  ආකාරයේ ආශ්චර්යමත් ක්‍රියා සඳහා දායකත්වය  සැපයිය හැකිය

Image and Source -  Daily Mirror

Comments

  1. රටක දූෂනය නාස්තිය තිබෙනාතුරාවට සැබෑ සංවර්ධනයක් අයත් කර ගැනීමට නොහැකියි.

    ReplyDelete
  2. බයවෙන්න කාරි නෑ දැම්ම වැටෙන්නෙ නෑතව කල් තියෙනව

    ReplyDelete
  3. මේවා අපේ ජන්ම වැරදි. කලයුතු දේ බොහෝමයි. ඒත් අපි කරන්නේ නොකල යුතු දේ. මේවා ඉවසන් ඉන්න ජහමනයාම තමයි මේවට වග කියන්න ඕනෙ. බලන්න කෝප් වාර්ථා මේ කිසිම දේක වැඩක් නැහැ. අපේ නහර කපල වගේ තමයි ඉන්න වෙලා තියන්නේ. අර බලන්න ජේ. වී. පී. ගොන් රැල ජනතාවට ඉතිං නාථ දෙවියන්ගෙම පිහිටයි.

    ReplyDelete
  4. අපි හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක...

    ReplyDelete
  5. වැඩේ කියන්නේ මිනිස්සුන්ට හැරෙන්න විකල්ප බලවේගයකුත් නැති එකනේ බං!

    ReplyDelete
  6. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.......

    ReplyDelete
  7. ඇත්ත වසයෙම්ම කියනවනම් මේවා පාඩු විධියට සලකන්න බෑ. අපේ වාසු මහත්තයා මේ ලඟදී කියලා ඇටමැස්සා මහතා වාර්තා කරලා තිබ්බ පරිදි මේවායින් කාට හරි වාසියක් වෙනවානම් ඒක රටේ ජී.ඩී.පී එකට එක්කහු වෙනවා, ඒ නිසා ඒ සල්ලිවලින් මොනයම්ම හෝ සංවර්ධනයක් වෙලා තියෙනවා....

    උදාහරණයක් විදියට මිහින් ලංකා මංකොල්ල කරුවන් ඔය දූසිත සල්ලි වලින් ලංකාවේ ගෙවල් 10ක් 20ක් හදලා, බී.එම්.ඩබ්ලිව් දෙකතුනක්, ජැගුවර් එකක්, ඩිස්කවරි 3 ජීප් එකක් එහෙම ගත්තම ඕක ජී.ඩී.පී එකට එකතු වෙන නිසා ප්‍රස්ණයක් නෑ කියලයි වාසු සහෝදරයා කියන්නෙ.

    එයා ජනාදිපති උපදංශයෙක් .... වැරදුනා උපදේශකයෙක් නිසා ජනාදිපතිට තියෙන්නේ ඔය උපදේසෙ පිලිඅරගෙන අල්ලස් හා දූසන කොමිසම, පොලිස් වංචා විමර්සන කාරියාලය, පාර්ලිමේන්තුවේ කෝප් කොමිටිය එහෙම වහලා දාන්න. දැනටමත් වහලා වගේ තමයි ඒත් ඉන්න එවුන්ට පඩි ගෙවනවානේ....නිළවසයෙන්ම වහලා දැම්මම ඉවරයි...සල්ලිත් ඉතුරුයි...

    තේරුණාද බුවා සහෝට? ඇත්ත වසයෙම්ම කියනවනම් මේවා පාඩු විධියට සලකන්න බෑ. අපේ වාසු මහත්තයා මේ ලඟදී කියලා ඇටමැස්සා මහතා වාර්තා කරලා තිබ්බ පරිදි මේවායින් කාට හරි වාසියක් වෙනවානම් ඒක රටේ ජී.ඩී.පී එකට එක්කහු වෙනවා, ඒ නිසා ඒ සල්ලිවලින් මොනයම්ම හෝ සංවර්ධනයක් වෙලා තියෙනවා....

    උදාහරණයක් විදියට මිහින් ලංකා මංකොල්ල කරුවන් ඔය දූසිත සල්ලි වලින් ලංකාවේ ගෙවල් 10ක් 20ක් හදලා, බී.එම්.ඩබ්ලිව් දෙකතුනක්, ජැගුවර් එකක්, ඩිස්කවරි 3 ජීප් එකක් එහෙම ගත්තම ඕක ජී.ඩී.පී එකට එකතු වෙන නිසා ප්‍රස්ණයක් නෑ කියලයි වාසු සහෝදරයා කියන්නෙ.

    එයා ජනාදිපති උපදංශයෙක් .... වැරදුනා උපදේශකයෙක් නිසා ජනාදිපතිට තියෙන්නේ ඔය උපදේසෙ පිලිඅරගෙන අල්ලස් හා දූසන කොමිසම, පොලිස් වංචා විමර්සන කාරියාලය, පාර්ලිමේන්තුවේ කෝප් කොමිටිය එහෙම වහලා දාන්න. දැනටමත් වහලා වගේ තමයි ඒත් ඉන්න එවුන්ට පඩි ගෙවනවානේ....නිළවසයෙන්ම වහලා දැම්මම ඉවරයි...සල්ලිත් ඉතුරුයි...

    තේරුණාද බුවා සහෝට? :D :D

    ReplyDelete
  8. ජයශ්‍රී said...
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.......
    ==============

    හයියෝ ඇයි මේ?

    මැරවින්ස්ට කියලා ඔය දූසිත ආයතන වල ලොක්කන්ට පාට් එකක් දම්මන්න කො....හෙට ඉඳන් ඕව්වා ලාබ පෙන්නන්න ගනී...

    ඔය තියෙන්නේ මලයෝ සොලුසන්...වට් නොන්සන්ස් ඔයා මේ කියවන්නේ අපි අසරණයි කියලා...

    ReplyDelete
  9. @දිනේශ් - නැ ..පිස්සුද ආශ්චර්යයට යන්නෙ එහෙමයි

    @indi -එතකන් බලාඉමුනේ

    @තිසර - අනේ මන්ද් මචෝ දැන් නම් එලිපිටම උනත් විකුණතැකි

    @සබිත් - මිනිස්සුන්ට විකල්පයක් නැතුවටත් වඩා මිනිස්සු විකල්පයකට යන්න තියන අකමැතිකමයි මට නම් හිතෙන්නෙ

    @ජයශ්‍රි - ඉල්ලං කාපු එකක් නෙවෙයිද අසරණ කම ??අර පහුගිය චන්දෙට දාපු තරාදිය රටේ බහුතරයක් අතට ගත්තා නම් හොඳයි කියල හිතෙන්නෙ නැද්ද

    @කණ්ඩුල - ඒකත් ඇත්ත තමයි , මට දැන්නේ වාසු තුමාව මතක් උනේ , වාසුතුමාගේ ආර්ථික න්‍යාය , පිටරටවල විශ්ව විද්‍යාල වලින් ඉල්ලලා පොරේලු , අහවල් එකට උඩින් දකින සිස්සයො ලංකාවේ විශ්ව විද්‍යාලවලින් බිහි කරන්න ඕනි නිසා ඇස් බී තුමා ඒක කාටවත් දෙන්නෙ නැලු . එහෙම වෙලත් මට වාසු තුමා අමතක වෙච්ච එකනෙ වැඩෙ , මේ පෝස්ට් එක මකලා දාන්නත් හිතෙනවා

    ReplyDelete
  10. හොරකම් කරන ප්‍රමානය දියුනුවේ දර්ශකයක් විදිහට ගන්න පුලුවන්

    ReplyDelete
  11. ‍දැන් නම් මේක ආසියාවේ හොර ගුහාව. ඉතින් ඒකම ආශ්චර්යයක් නෙවෙයිද?
    බුවාලට තියෙන්නෙ අපේ රට තැනකට එනවට ඉරිසියාවක් :)

    ReplyDelete
  12. @radical - එහෙම ගත්තොත් නම් පලමු තැන නැතත් ටොප් ටෙන් ලිස්ට් එකට හරි එනව ශුවර්

    ``` Outsider``` - අනේ නැ මචෝ මම ඒකනේ කිව්වේ 8 වෙනිදට ආයෙමත් ඡ්න්දෙ දීල වැඩේට සප් එකක් දෙමුය කියල

    ReplyDelete
  13. ආසියාවේ ආශ්චර්යමත් හොර ගුහාව..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව