මේ සියවෙනි ලිපිය , අවුරුද්දකුත් මාස තුනක් විතර වෙන බ්ලොග් කරණයේදී සියවෙනි ලිපිය කියන්න පුද්ගලිකව වැදගත් මොහොතක් , ඒ සතුට බෙදා හදාගන්න තමයි මේ සූදානම . වසරක් සම්පූර්ණ වෙච්ච වෙලාවෙදි මගේ බ්ලොග් කරණ අතීතය ගැන සටහනක් තිබ්බා , ඒ නිසා ඒ ගැන සඳහන් නොකර වෙනත් කාරණා ටිකක් තමයි සටහන් කරන්න යන්නේ 100 පිරීමේ සතුට නිමිත්තෙන්.
ඔය උඩින්ම දාල තියන රූපේ තමයි මගේ ස්ටැට් කවුන්ටරය , මේ ලිපිය ලියන්න පටන් ගන්න සුලු මොහොතකට කලින් දත්ත තමයි ඔය වාර්ථා වෙලා තියෙන්නෙ (ඡායාරූපය මත ක්ලික් කලාම විශාලනය වෙයි )
පහල තියෙන්නෙ රූපයේ ඇති/ නැති මූලිකම තොරතුරු
මේ දක්වා මුලු පිටු නැරඹුම් සංඛ්‍යාව 41 927
වැඩිම පාඨකයින් ගාන ලාංකීය සිතුවිලි හරහා 2620 ඊලඟ පාඨක සංඛ්‍යාව කොත්තුවෙන 1970 , ඊලඟට අනුපිලිවෙලින් සිංහල බ්ලොග් කරුවන්ගෙ සංසදය 1218 ,ඉතාම මැතකදි මම එකතු වුනු අඹගහයටින් 776, මූණු පොතෙන් 464(මේ සියල්ලම පාඨකයින් ශෙයා කරපුවා ) කතන්දර සුරින්ගෙන් 437 හත්මාලුවෙන් 302ක් සහ බ්ලොග් ගඩොල් වලින් 162 ක් තමයි ඉහලින්ම සටහන් වෙලා තියෙන්නෙ .ඊට අමතරව බ්ලොගයේ අඩංගු විජට් හරහා පරණ ලිපි වලට යොමුවීම් සංඛ්‍යාව 2000කට වැඩියි
මම දාපුවත් එක්ක මුලු ප්‍රතිචාර සංඛ්‍යාව 1235 ක්
ඒ තමයි සංඛ්‍යාත්මක කාරණා , ඊලඟට බලමු මොනවද ජනප්‍රියම ලිපි කියල
01)නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය ගැන , අනික් අයට හිතුන දේවල්
නාමල් මහත්ත්යගෙ "මෝඩ" කථාව ගැන ලියපු ලිපිය තමයි එදා මෙදාතුර ජනප්‍රියම එක , මට විතරක් නෙවෙයි නාමල් මහත්තයගෙ කථාවෙන් එජාපයටත් වාසි උනාද මන්ද , කොලඹ එජාපය දිනනවාය කියන තැන හිටියත් මම නම් හිතාන හිටියේ බොරැල්ල සහ නැගෙනහිර කොලබ ආණ්ඩුව දිනාවි කියල , නාමල් මහත්තය මේ කථාව කිව්වෙත් බොරැල්ලෙදිමයි !
02)හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට
මේක තමයි දෙවෙනි ස්ථානය , මේ ලිපිය සරල විනෝදය අලලා ලිව්ව එකක් , ඒ වගේම අඩුපාඩුත් තියනව හොලිවුඩ් කතන්දරේදී , මොකද මම හොලිවුඩ් චිත්‍රපටි බැලුවට හොලිවුඩ් නිලියන් ගැන එතරම් උනන්දු නැහැ . සෙක්සි හොලිවුඩ් නිලයන්ට වඩා ලස්සනින් වගේම සරාගි බවෙනුත් මගේ රසය තියන්නෙ බොලිවුඩයේ කට්ටිය ගැන , ඒ නිසා හොලිවුඩ් ගැන තොරතුරු සාර්ථකම නැ .
03) චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ සුරංගනී එල්ලාවල අසමත් වූ දෙය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනගනිවිද ?
මෙ ලිපිය මේ දවස් වල උණුසුම්ම මාතෘකාවට අදාල නිසා ජනප්‍රිය වීම පුදුමයක් නැ
04) සුද්දන් සමඟ හෙලුවෙන් දේශප්‍රේමීන්
මේ අර නිරුවත් වෙරල තීර කථාව , මම බොක්කෙන්ම මේකට සපෝට් අපේ ජනාධිපති තුමාට . එකක් වෙනුවට කිහිපයක්ම දානවාය කියලයි ආරංචිය
ලංකාවේ මේ වෙනකොට ජනප්‍රියම දෙය්යො නාථනේ, නාථ දෙවියන්ගේ ලංකාවේ නිත්‍ය නියෝජිත නලින්ද සිල්වා මහතා වගේම තවත් පොරක් සහ මාධ්‍ය ප්‍රකාශක සී නිවුසියත් සෙට් වෙන වැඩක් තමයි මේක
06)ගොන් සිරසෙ.. ගොන් ආතල් !!
වෙන මොනව කියන්නද , එමමයි එපමණයි
07)ජැකොලයින්ගෙ නිරුවත, ඉන්දියානු සිනමාව හා අපි
08)පුවතක් :ජනාධිපතිගේ විකෘති දසුන් ළග තබාගත් තරුණයකු ...
09) ඇන්ඩ් කොම්පැනියේ සමහර වචන වලට හොටදාන්නේ මොකාද??මොක...
10) C නිවුස් කතුවරුන් කුඹුරට , මාරයා එලවලු හිටවයි , මහ...
අපේ ප්‍රවීන බ්ලොග් කරු මාරයා සෙට් වෙන්නෙ මේ කතන්දරේට , ඒ විතරක් නෙවෙයි අපේ නාථ දෙවියෝ කල එලි බසින සහ ලංකාවේ ජනප්‍රියම මූලද්‍රව්‍යය වෙච්ච ආසනික් කරලියට එන්නෙත් ඔය සීන් එකෙන් . ඒ ගැන මගේ විග්‍රහය තමය්ටි ඔය ලිපිය
ඒ තමයි මගේ "පම්පෝරිය" ... කොහොම උනත් මේ පම්පෝරි ඔක්කොම ගහන්න අවස්ථාව සලසල දුන්න ඔබතුමන්ලා , තුමියන්ලා තමයි වැදගත්ම . සින්ඩිකේටර හිමිකරුවන් සියලු දෙනාම , මෙතෙක් කල් එක ලිපියක් හරි කියවපු හැම කෙනෙක්ම , තමන්ගේ බ්ලොග් රෝල් වලින් සහය දුන්න හැම කෙනෙක්ම , ඇනෝ තුමන්ලා ඇතුලු ප්‍රතිචාර පල කල හැමකෙනෙක්ම තමයි මේ ලිපි සියය ලියන්න , පසුපස හිටිය ශක්තිය ඔබ සැමදෙනාටම බොහොමත්ම ස්තුතියි !!!!!!!!
සුභ පැතුම් බුවා මහත්මයා! :)
ReplyDeleteසුබපෑතුම් මිතුරා.....දිගු ගමනකට ශක්තිය ලෑබේවා..මට මතක විදියට අපි දෙන්නා පොඩි කතා බහකට මගේ බ්ලොග් එකේ සෙට් වුනා රජ පව්ලේ මගුල ගෑන(එන්ගලන්තේ).මම නම් පොඩ්ඩක් බ්ලොග් එකෙන් ඇත් වුනා කාරය බහුල කාලසටහන නිසා,කෙසි නමුත් ජන්ජාලයේ හමු වු නොදුටු බුවාට හදවතින්ම සුබ පෑතුම්
ReplyDeleteමේ හැම දේකටම අපිට හයියක් වෙන්නේ කොමන්ට්ස්.ඉතින් මන් සුභ පතන ගමන් ප්‍රාර්ථනා කරනවා වෙනදා වගේම ඔයාගෙ ළිපි වලට කොමන්ට්ස් වැඩි වැඩියෙන් ලැබේවා කියලා.
ReplyDeleteබුවාට මගේ සුභ පැතුම්..!
ReplyDeleteඑළ එළ දිගටම ලියන්න. සුබ පැතුම්!
ReplyDeleteසුභ පැතුම් මචෝ...
ReplyDelete@තනි අලියා - බොහොම ස්තුතියි , මොකක්ද ඒ මහත්ත්යා කැල්ල
ReplyDelete@අසංක - සිද්දිය මතකයි , බොහොම ස්තුතියි සුභ පැතුමට , ආයෙමත් හැකි විදිහට බ්ලොග් කරණයට බහිමු නේ
@නිකමා - බොහොම ස්තුතියි
@මාරයා - බොහොම ස්තුතියි
@chamma -බොහොම ස්තුතියි
ReplyDelete@outsider - බොහොම ස්තුතියි
සුභ පැතුම් 1000 ලියවේවා!!
ReplyDelete@මහ වෙදනා - බොහොම ස්තුතියි
ReplyDeleteසුභ පැතුම් අයියේ.... මං දේසපාලනේට ටිකක් විතර අකමැති නිසා කියවන්නේ උඩින් පැන පැන තමා. ඒත් හිටි ගමන් වැටෙන සිරා පෝස්ට් නම් අතාරින්නේ නෑ...
ReplyDeleteබුවෝ මෙන්න මගෙනුත් සුබම සුබ පැත්ම් !!!!!!!!!!
ReplyDelete@prasanna - ඔව් ගොඩ දෙනෙක් දේශපාලනයට අකමැතියිනේ , ඉස්සරහට වෙන දේවල් වලටත් බර කරල ලියන්නයි ඉන්නේ , බොහොම ස්තුතියි
ReplyDeleteවැප් - බොහොම ස්තුතියි
සියවෙනි ලිපියට සුභ පැතුම් මචන්... මේ පෝස්ටුව හින්ද තමයි මම මේ බ්ලොගේ ගැන දැනගත්තෙ... දිගටම ලියපන්...
ReplyDelete@සාතන් - බොහොම ස්තුතියි
ReplyDeleteඑළ මචන් එළ... ඔහොම යං
ReplyDeleteසුබ අනාගතයක්...!!!!
හෙහ්..... හෙහ්....
දැන් කාලයක් තිස්සේ බුවාගේ ලිපි කියෙව්වා, ඒත් මොනවත් කියන්න අවස්ථාවක් ලැබුනේ නෑ. ඉතින් මගෙනුත් සුබ පැතුම්! ඊළඟ සීයත් ඔහොම ම ලියමු.
ReplyDeleteකොමෙන්ටු දැම්මත්,නොදැම්මත් හැම ලිපියක්ම මමත් බලනවා බුවෝ.ඉතින් මේ ගහපු ශතකයට "චියර්ස්"
ReplyDeleteමාතලන් - බොහොම ස්තුතියි , උඹටත් සුභ අනාගතයක්
ReplyDeleteහිරණ්‍ය - එක තමයි මම අදමද කොහෙද දැක්කේ , බොහොම ස්තුතියි
සිතුවිලි මණ්ඩිය - කමෙන්ට් නොකලත් කියවන එකත් සතුටක් , බොහොම ස්තුතියි
සුබ පැතුම් බුවා මචං !! උඹ ලියන්න හපන් එල කිරි බුවෙක් !!
ReplyDeleteබුවා සහෝදරයට මගෙන් සුබ පැතුම් !!!!
ReplyDeleteඇත්ත ඇති සැටියෙන් කතා කරන මෙවැනි ලිපි තව තවත් ලියන්න වරම් ලැබෙන්න කියලා පතනවා !!!
අර නාලිකාවක් ගැන මාත් දවසක් ලිව්වා. නිකන් වචන නාස්තියක් විතරයි බං !!! :)
සුභ පැතුම්!දිගටම මැද මාවතේ යාමට (මෙතෙක් ආවා වාගේ) ශක්තිය ලැබේවා කියා පතමි.
ReplyDeleteහිස් අහස - බොහොම ස්තුතියි මුරුංග අත්තේ තිබ්බට
ReplyDeleteජයශ්‍රි - මෙච්චර කාලයක් ගිය මැද මාවතේම ඉන්න පුලුවන් වේවිද ? එක අන්තයක් අන්ත ජරාවක් වෙනකොට , මැද මාවත අතහැරල අනික් අන්තය තෝර ගන්න වේවිද ?
බොහොම ස්තුතියි සුභ පැතුමට
මධුරංග - බොහොම ස්තුතියි සහෝ
මම බලාගෙන හිටියා සතියෙන් සතිය විචාරයක් දෙයි කියලා, කෝ දුන්නෙ නැහැනෙ ........
ReplyDeleteඒ උනාට ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් ........
සුභ පැතුම් මිත්‍රයා.. තව ගොඩක් දුර සාර්ථක් ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteසුභ පැතුම්.!
ReplyDeleteසුභ පැතුම්..දිගටම ලියන්න...
ReplyDeleteමම නම් ඔබේ ලිපි හොඳින් රසවිඳිනවා. සීය දාහ වීමට මගේ සුබ පැතුම් බුවෝ !
ReplyDeleteසියයකින් නතර නොවී නොව දහස් ගණනක් කරා යාමට හැකියාව ලැබේවා!
ReplyDeleteමම ඊයේ තමයි මේ බ්ලොග් එකට මුලින්ම ගොඩ බැස්සේ. කියවන්න තරම් වටින දේවල් ටිකක් තියෙනවා වගෙයි. සීයට සුබ පතන ගමන් මේ වැඩේ දිගටම කරගෙන යන්න කියලත් කියන්න කැමතියි.
ReplyDeleteපළමු කොටම ඔබට සුභ පතනවා 100 වෙනි බ්ලොග් සටහන වැනි අමතක නොවෙන සංධිස්ථානයක් කරාම බ්ලොග් අඩවිය දියුණුවට පත්වීම ගැන. ඒ වගේම කියන්න කැමතියි. මේ වගේ අවස්ථාවක තමයි කමෙන්ටු නොදමන අයෙක් වුනත් කමෙන්ටුවක් වචනයකින් හෝ දැමිය යුත්තේ. මන්ද බොහෝදෙනෙක් කරන්නේ අනෙක් ලිපි සියල්ල බලා එම අවස්ථාව ලබා දුන් බ්ලොග්කරුවාගේ මෙවැනි සැතපුම් කනුවකදී ඒ ගැන ඔහුට යම් ධෛර්යයක් ලබාදීම සිදුනොකිරීම. ඒ කොහොමවුනත් ටිකක් මන්දගාමීව වුනත් ඔබ කරන කාර්යය ඉතා වැදගත් කොට සලකන අතර මමද මුලින්ම ලියන්නට බලාපොරොත්තුවුනේ මෙවැනි ආකාරයේ ලිපි. නමුත් එම කාර්යය මට වඩා හොදින් ඒවනවටත් ඔබ වැනි බ්ලොග්කරුවන් සිදුකරගෙන යන නිසා මම ඒ තේමාවෙන් ඉවත්ව වෙනස් තේමාවන් කරා පියමැන්නා. අපි ඉතින් ඉස්සරහදිත් තව තව ලිපි ඔබගේ අඩවියෙන් කියවමු...
ReplyDeleteසෙන්චරියට සුබපැතුම් බුවා....!
ReplyDeleteතවත් සෙන්චරි ගොඩකට යන්න ශක්තිය සහ ධෛර්යය ලැබේවා.
සීයට සුභපැතුම්.
ReplyDeleteමම බුවා අදුනගන්නෙ මගේ දේශපාලන (සහ වෙනත්) මතවලට ටිකක් සමාන වෙන බ්ලොග් කාරයා හැටියට. මට බ්ලොග්කරුවෙක් මුනගැහිලා කථා කරන්න එක අවස්ථාවක් ආවොත් මම තෝරගන්නෙ බුවා. බුවාගේ සාකච්ඡාවට බදුන්වන කාරණා වලට සමාන කරුණු අඩංගු බ්ලොග් තියෙන්නෙ අතලොස්සයි.දිගටම ලියන්න.
සුබ පැතුම් බුවා . ..
ReplyDeleteටැබූගෙන් බියෝන් ෆ්රෙම්ගෙන් හිස් වුනු බ්ලොග් අවකාශේට ඔබ වැනි මද්යස්ත මතධාරීන් බොහොමයක් අවැසි වෙලාවක ඔබ ඒ අඩුව පුරවන්න උත්සාහ ගනිමින් සිටිනවා . .
ඔබට ජය
මම ටිකක් පරක්කුයි වගේ...! කොහොමත් ඉතින් මගේ ආසම බ්ලොග් වල විශේෂ අවස්ථාවලදී මග ඇරලා යන්නෙනම් නෑ මං කවදාවත්... මොකද ඉතින් අපිත් ආසාවෙන් කියවන්නේ අතේ ඇඟිලි ගානට ගණන් කරන්න පුළුවන් බ්ලොග් කීපය්ක විතරනේ... මේ තියෙන්නේ එයින් එකක්... මම බ්ලොග් කියවන්න ආපු දවසේ ඉඳලා බුවාගේ බ්ලොග් එක කියවනවා...
ReplyDeleteමම උඹේ ලිපි වලින් වැඩියෙන්ම කැමති අර ක්‍රිකට් විචාරයට (හකු පැන්නිල්ල) මම හිතන්නේ උඹ කලිනුත් කියලා තිබ්බා වගේ ඒක තමයි උඹේ හැරවුම් ලක්ෂ්‍යය. උඹේ විචාර ඔක්කොම එක... එක අතකට මේ ක දේශපාලන විචාරාත්මක ප්‍රහසන බ්ලොග් එකක්. මට නම් කැටගරි කරන්න බෑ. දන්න එකෙක් කරපල්ලා බලන්න.!!!
මමත් පතන්නේ මේ වගේම 200 ත් ලියමු... දිගටම මැද මාවතේ යන්න ශක්තිය ලැබේවා... යුගයේ ජනප්‍රියම විචාරාත්මක බ්ලොගය, බුවාගේ සිතුවිලි ලියන නොදුටු බුවාට මගේ සුභපැතුම්... ජයවේවා !!!
මගෙනුත් සුබ පැතුම්.....
ReplyDeleteවැඩි කාලයක් නැ මේක කියවන්න අරන්.ඒත් ඔබගේ බොහෝ දේශපාලන සහ සමාජිය කියවීම් වලට මං කැමතියි.ජය වේවා!
ReplyDeleteසියට සුබ පැතුම්.....
පිස්සු දොඩවන්න එපා දුකා අයියා. ටැබූ බියොන්ඩ්ප්රේම් මධ්යස්තද?
ReplyDeleteහිනස්සලා මරන්න හදන්න එපා. බුවානං ටිකක් විතර මැද්දෙන් යනවා වගේ පේනවා හිටි හිටියේ බොක්ක ඇතුලේ තියෙන දේ එළීයට ආවාට.
එල ද බ්‍රා! සුබ පැතුම් ඕයි!
ReplyDelete@පන්සල් හන්දිය , දිනේෂ් , නදුන් , මය්යා, රැඩිකල්,සරත් - බොහොම ස්තුතියි
ReplyDelete@උදාර - බොහොම ස්තුතියි දිගටම එන්න !
@දීනේෂ් දිපාල් , රාජ් , දුකා , චාමි - බොහොම ස්තුතියි
@චතුරංග , පිස්සා - බොහොම ස්තුතියි
@ඇනෝ - බොක්කෙ තියන එව්වාත් ලියන්න ඕනි නේ , හැබැයි ඒවා මගේ දේශපාලන දැක්ම අනුව බොක්කෙන්ම එන එව්වා , කාව හරි අගය කලත් ඒ මත ඉඳගෙන තමයි , ස්තුතියි ප්‍රතිචාරයට
@KC , No Frame - බොහොම ස්තුතියි
මෙච්චර කල් වතුර ඇදපු එවුන් ගැනත් මොනා හරි දැම්මා නම් මැක්සා..
ReplyDeleteGreat blog. Great analyst. Impartial to say the least.
ReplyDeleteAll the best Buwa...!
(Sinhala nethi computer ekak use karanne)
බිඟු - ඒ කියන්නේ (ටියුබ් ලයිට් )
ReplyDeleteබ්ලොග් ගඩොල් - Thanks macho
සුබ පතනවා මමත් ඔන්න
ReplyDeletejaya weva !!!
ReplyDeleteape suba pathum :-)
සුභ පැතුම්!
ReplyDeleteමං අතින් මටත් නොදැනීම සින්ඩිකේටරයක් හැදිල වගේ නේද?
මේ බ්ලොගේ කියවන්න පටන් ගත්තෙ ලඟදි, ඒ පටන් ගත්තට පස්සෙ දාපු ඔක්කොම පෝස්ට් කියෙව්ව, මං හිතන්නෙ කියෝපු හැම එකටම මොනා හරි කොමෙන්ට් කෑල්ලකුත් දැම්ම. දැන් ඉතින් කොමෙන්ට් නොදැම්මත්, දීල තියෙන පරණ ජනප්‍රිය සහ බුවාගෙ ෆේවරිට් ටිකත් කියවන්න ඕනෙ.
ReplyDeleteසීයට මගේ උණුසුම් සුභ පැතුම පිළිගන්න
@බින්දි - බොහොම ස්තුතියි , අක්කේ
ReplyDelete@ඇනෝ - බොහොම ස්තුතියි
@කතන්දර - ආයෙත් අහල සින්ඩියක් වගේ තමයි , මැතක ලිව්ව ලිපි වලට සිංහල බ්ලොග් කරුවන්ගෙ සංගමයට වඩා කට්ටිය ආවේ ඔබෙන්
@ඔබ්සර්වර්- බොහොම ස්තුතියි ,කියවන හැම ලිපියටම ප්‍රතිචාර දක්වන ඔබතුමා වගේ අය තමයි ධෛර්යය සපයන්නෙ
සුභ පැතුම්
ReplyDeleteදයල් බතීගෙන්
@දයාල් බතී - බොහොම ස්තුතියි
ReplyDeleteසුබ පැතුම් බුවා..!
ReplyDeleteඅද තමයි නිදහසේ කියවන්න ලැබුනේ.
@මාලන් - බොහොම ස්තුතියි සහෝ
ReplyDelete