Skip to main content

සෙවාග් ගේ 219 සහ අපිට කොයින්ද බූල් බල්ලෝ !!


එක්දින තරඟයකදී 219 ක් බෝල 147ට , සෙවාග් මචෝ උඹ නම් රියල් වැඩ්ඩෙකි . මගේ උණු සුම් සුභපැතුම් . !

ගොඩක් දෙනෙක් කියන්නේ උඹලාගේ රටෙන් බිහිවු  වැඩ්ඩා සචින් ලොක්කා කියාය , දෙකක් නැත . පොරගේ තාක්ෂණය එලකිරිය . බලා හිටියත් ක්‍රිකට් ඉගෙන ගත හැකිය . ඒත් ටෙස්ට් , එක්දින , විස්සයි විස්ස කියා වෙනසක් නැතුව , බෝල දාන එකා මොකාද , 100ක් 50ක් ලඟයිද , අද මැච් එක පැරදුනොත් ගෙවල් ටිකට ගිනි තියයිද  වගේ අනන් මනන් ඔලුවට ගන්නේ නැතුව  දිගට හරහට නෙලනා උඹේ ගැහිල්ල නම් සචින් ලොක්කාට කොරන්නට බැරිය . ඒ නිසා කෙටිල්ලට වඩා ගැහිල්ලට කැමති මට නම් උඹ සචින්  ලොක්කාටත් වඩා පොරකි


 සනත් අය්යා තරුණ කාලයේ නම්  උඹේ ඔය රැකෝඩ් එක අපේ එකෙක් අතින් බිඳ දැම්මා කියා සතුටු වෙන්නට  චැන්ස් එකක් අපිටත් ලැබෙන්නට ඉඩ තිබුනි .අරවින්ද අය්යාටත් වෙලාසන ග්‍රවුන්ඩ් එකට එන්නට චැන්ස් එකක් ලැබුනා නම් 219ට 249 ගහනව ශුවර්ය .පොරත් උඹ වගේම මෙලෝ පීඩනයක් නැතුව ගහනා එකෙක් බව උඹත් දන්නවා ඇතිය . ඒත් දැන් සනත් අය්යා ක්‍රිකර් ගහන්නේ නැත , අරවින්ද අය්යා ඉන්න තැනක් වත් හොයාගන්නට නැත , ලංකාවේ අරවින්දලා , සනත්ලා ආයෙත් නම්  බිහි වන්නේ නැත . ඒ එහෙව් දක්ෂයෙකුට ඉදිරියට එන්නට තැනක් දෙන්නේ නැති නිසාය . ලොකු මහත්තැන් කිහිප  දෙනෙක් ක්‍රිකට් සින්නක්කර ලියාගෙනය . අරවින්දලා හදනවා තියා ඉන්න උන්ට පඩි ගෙවා ගන්නටත් බැරිය . උන් ටිකට දැන් මොකක් හෝ මල දානයක් නිසා  රැකෝඩ් කඩනවා තබා මැච් එකක් දිනා ගන්නටවත් බැරිය . අපේ සමහරෙක් කියන විදිහට අය්යලාගෙ රටේ ඉන්නේ හෙලුවෙන් නටනා පූජකයින් , මිනි පාවෙන වතුරෙන් ජීවත් වෙන පිසාචයින් හා පාරේ රෙන (ඒක නම් ලෝකෙම දන්න සීන් එකක් නේ ) පොරවල් විතරය .  හැබැයි අය්යලාගේ ක්‍රිකට් ටීම් එකට ගැලපෙන උන් සෙට් එකක් හදාගන්නට උන්ට හැකිවි ඇත . කොටින්ම සචින් ලොක්කාත් , අය්යාත් ටීම් එකෙන් ගිය දවසකටත් ටීම් එක වැටෙන්නේ නැති වෙන සෙට් එකක් දැනටමත් ඉන්නා බව මෙහෙ ඉන්නා අපටත් පෙනෙන්නට ඇත .හෙලුවෙන් නටන පූජකයින් නැති, ලැට් වල  විතරක් රෙන අපේ උන්ට තාමත් ඒ ටික කොරගන්නට බැරිය , වැඩි විස්තර මාතලන් අය්යාත් , කමෙන්ට් දැමූ අයත් කියා ඇත .දුකෙන් උනත් කියන්නට තියෙන්නෙ අපිට කොයින්දෝ බුල් බල්ලන් කියා පමණක්ය


ප.ලි - අය්යාගෙ රැකෝඩ් එකට සුභ පතා ලඟට දුවගෙනා බටහිර ඉන්දීය කොල්ලන්ගේ ක්‍රිඩා ශීලීතාවයට හිස නමා ආචාර කරමි , වෙන රටක එකෙකුගේ ජයක් වෙනුවෙන් සුභ පතන්ට හැකී තරමට අය්යලාගේ ටීම් එකේ අලි ඔලු  ටිකත් ක්‍රිකට් ගැහිල්ල තරමට හැදෙනවා නම් සතුටුය

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. [කොටින්ම සචින් ලොක්කාත් , අය්යාත් ටීම් එකෙන් ගිය දවසකටත් ටීම් එක වැටෙන්නේ නැති වෙන සෙට් එකක් දැනටමත් ඉන්නා බව මෙහෙ ඉන්නා අපටත් පෙනෙන්නට ඇත .හෙලුවෙන් නටන පූජකයින් නැති, ලැට් වල විතරක් රෙන අපේ උන්ට තාමත් ඒ ටික කොරගන්නට බැරිය , වැඩි විස්තර මාතලන් අය්යාත් , කමෙන්ට් දැමූ අයත් කියා ඇත .දුකෙන් උනත් කියන්නට තියෙන්නෙ අපිට කොයින්දෝ බුල් බල්ලන් කියා පමණක්ය]

    කතාව එක අතකින් ඇත්ත, හැබැයි අපේ රටේත් හොඳ කොල්ලෝ නැතුවා නෙවෙයි. තේරීම් කමිටු වලට ඇවිත් තමන්ගෙ පොරත්වය පෙන්නන, එහෙම නැත්නම් තමන්ගේ පතියේ ක්‍රීඩකයන් විතරක් තෝරන හරක් රැල නිසා තමයි අද ක්‍රිකට් මේ තත්වෙට පත් වෙලා තියෙන්නේ.

    උදාහරණ කීපය දෙන්න පුළුවන්.

    1. දිනේෂ් චන්දිමාල් - අපිට ඉන්න සුපිරිම ප්‍රහාරාත්මක පිතිකරුවෙක්. අපේ අයියලා මෙය වෙනුවට තේරුවේ කවුද? කපුගෙදර. චන්දිමාල් හිටිය නම් අපි ලෝක කුස්ලානේ ඩ්ජිනන්නත් ඉඩ තිබුණ. මොකද දඟ පන්දු යවන්නන්ට රිද්න්න ගහන කෙනෙක් චන්දිමාල්.

    2. සුරාජ් රන්දීව් - ටිකක් දඩබ්බර ක්‍රීඩකයෙක් වුණත්, තරඟ කාරිත්වය උපරිමයෙන් තියා ගන්න කෙනෙක්. දිගින් දිගටම රන්දීව් කණ්ඩායමෙන් අයින් කරල තියාගන්නෙ ඇයි? දකුණේ කොල්ලන් මෙන්ඩිස්ට දිරවන්නේ නැති නිසාද? සෙක්කුගේ ප්‍රසන්න රන්දීව්ට වඩා හොඳ පන්දු යවන්නෙක් බව කොහෙදිවත් ඔප්පු වුනාද?

    3. සචිත්‍ර සේනානායක - පළමු පෙළ තරන්නග් වල පහු ගිය තරඟ වාර 3 - 4 අතර හොඳම පන්දු යවන්න. 6' 2" උස, පන්දුව සද්දේ ඇහෙන ගානට දඟ කවන පිට දඟ පන්දු යවන්නෙක්. වෙනත් රටවල් වල "ඒ" කණ්ඩායම් එක්ක හොඳ දස්කම් පෙන්නුවා. අවාසනාවකට වගේ පන්දු යවන ඉරියව්ව ගැන ප්‍රශ්නයක් ආවත් ඒකෙන් නිදහස් උණා. මේ ප්‍රශ්නය ඉස්සරහට දාල මෙන්ඩිස් සචිත්‍රව කැපුව (එතකොට සචිත්‍රව කවුරුත් රිපෝට් කරල තිබුණේ නෑ). මෙතන අපිට ප්‍රශ්න දෙකක් එනව. පළවෙනි එක මෙච්චර හොඳට පන්දු යවන සචිත්‍රගේ පන්දු ‍යවීමේ ඉරියව්ව සැකසහිත බව දැන දැනම, ඒක පරීක්ෂා නොකළේ ඇයි? මේ කබ්බෙක් නෙවී, පළමු පෙළ හොඳම පන්දු යවන්නා. අජන්ත මෙන්ඩිස්ලට, රන්දීව්ලට, රංගන හේරත්ලට මෙයා ලඟටවත් එන්න බැරි වුණා. දෙවනි ප්‍රශ්නෙ තමයි මේ කාරණාව සැක දැන් නැති වෙලා තියෙද්දී දකුණු අප්‍රිකාණු සංචිතයට සචිත්‍රව තේරුවේ නැත්තේ ඇයි? ආයෙත් සචිත්‍රත් දකුණේ කොල්ලෙක්. මෙන්ඩිස් ට දකුණ පෙන්නන්න බෑ කියල ප්‍රසිද්ධ කතාවක්.

    තව උදාහරණ ගමකට දෙතෑකි. ඒත් උත්තරේ දිග වැඩි වෙනවා

    ReplyDelete
  3. @මිගාර - එකඟයි , අපේ දක්ෂ කොල්ලන්ට නියමාකාරයෙන් අවස්ථාව දෙන්නෙ නැ , මේ දකුණේ කොල්ලන්ට කැපිල්ල දාන එක මම අද දන්නේ , මට දැන් හිතෙනව මූ මලිංගත් එක්ක වලි දාගත්තෙත් ඒ නිසාද කියල .

    ReplyDelete
  4. ශෙවාග් කියන්නේ පිතිකරුවන්ට සුදුසු තණතීරුවල දස්කම් දක්වන්නෙක්(Flat track bully)

    http://stats.espncricinfo.com/ci/engine/player/35263.html?class=2;template=results;type=batting

    ඉහත ලින්ක් එකේ ඔහුගේ ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව සාමාන්‍ය(ODI career average against South Africa and Australia) මෙයට හොඳම උදාහරණයකි.

    මේ කෙසේ වුවද එක්දින තරඟයකදී ළකුණු 200ක් ගැසීම දක්ෂතාවක් බව පිළි ගනිමි, අනික් කාරණය ශෙවාග් සෙසු ඉන්දියානු ක්‍රීඩකයින්ට සාපේක්ෂව නිහතමානී ක්‍රීඩකයෙකි.

    තේරීම් කමිටු සම්බන්ධයෙන් නම් ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර එතරම් වෙනසක් නැත.(
    http://www.indianexpress.com/comments/Srikkanth%20panel%E2%80%99s%20surprise%20young%20India%20pick:%20his%20son/812365/2)

    ශ්‍රී ලංකාවේ තරඟ පරාජයන් තනිකරම තේරීම් කමිටුව මත පැටවීම මෝඩ කමකි.මෙය(පරාජයන්) ඉතාමත් සංකීරණ හේතු රාශියක ප්‍රතිඵලයකි(වැටුප් නොලැබීම, මාවන් මහේල අතර නොරිස්සුම, චාලි ඔස්ටින් හා රොෂාන් අබේසිංහ ගැටුම, සමහරක් ක්‍රීඩකයින් පුහුණුවීම් අතහැර සාප්පු සවාරියේ යෙදීම, රටට වඩා IPL වලට ප්‍රමුඛතාවක් දීම).
    මෙහිදී ක්‍රිකට් පාලක මණ්ඩලය පරාජයන්ට මූලික හේතුව වුවද ද වැරැද්දෙන් සුළු හෝ කොටසක් ක්‍රීඩකයින් මතද පැටවේ

    ReplyDelete
  5. @ano -ඔබ කියනා ලක්ෂණය ප්‍රහාරාත්මක පිතිකරුවන් සඳහා පොදු ලක්ෂණයකි , සනත් සම්බන්ධයෙන්ද කතාව මේ දත්තයන් මේ ආකාරම බැව් දක්නට ඇත . සැබවින්ම සෙවාග් ගෙන් ඉන්දියානු කණ්ඩායමට සිදුවන්නේ ජයසුරියගෙන් ඉටු වු සේවය වැන්නකි . ලකුණු 20-30 අතර ප්‍රමාණයක් වුවත් ඔහු ලබාගන්නේ ප්‍රවේග කාරි ලෙසිනි , අනෙකුත් ක්‍රිඩකයින්ට කණ්ඩායම ස්ථාවරත්වයක් කරා ගෙන ඒමට එය මහඟු පිටුවහලකි . එක්දින තරඟ වල ප්‍රහාරක වේගය 100ක් ඉක්මවා පවත්වාගෙන යන ලොව එකම ක්‍රිඩකයා ඔහු වීම තුලින් ඒබව තහවුරු වේ ,

    ඔබ දක්වා ඇති සබැඳියේ දැක්වෙන සිදුවීම් සැම විටම සිදුවෙනවාද කියා මා දන්නේ නැත . නමුත් ඉන්දියානු කණ්ඩායමේ පිටියට එන 11 දෙනා අතරට නොගැලපෙන්නෙක් හෝ වඩාත් සුදුසු පුද්ගලයා බංකුවේ සිටියදි වෙනකෙකු ගෙනයාමක් නම් මා මෙතෙක් දැක ඇත්තේ ඒ නායක දෝනිගේ තීරණයක් වන අවස්ථා වල පමණි (ලෝක කුසලාන අවසන් තරඟයේ අශ්වින් ක්‍රිඩා නොකිරීම වැනි ) , එනිසා ඔවුනගේ ක්‍රිඩකයින් තේරීම තුලින් කණ්ඩායමට බලපැමක් වනවා මා දැක නැත . සර්ව සාධාරණ නම් විය නොහැක (සාධාරනයට වැඩ කෙරෙනා දකුණු ආසියානු රටවල් නොමැත ) නමුත් එයින් සමස්ථයට බලපැමක් නැත , නමුත් ලංකාවේ සුදූසු ක්‍රිඩකයින් වෙනුවට වෙනත් ක්‍රිඩකයින් දිගින් දිගටම යොදා ගැනීම් කොතෙකුත් දක්නට ඇත චාමර ඩබල හොඳම උදාහරණයයි , එනම් තීරණයන් කණ්ඩායමේ සාර්ථකත්වයට ඍජුව බලපා ඇත .

    පරාජයට මූලිකම හේතුව ලෙස මා දකින්නේ නායකත්වය සහ ක්‍රිකට් පරිපාලනයයි , අයිපීල් ලොකු කරගැනීම බලපාන්නේ කෙසේදැයි මා හට නම් නොතේරේ , අයිපීල් ලොකු කරගත් සංගා නොවන්නට මේ ගහන ලකුණු ප්‍රමාණයවත් ගහන්නේ කව්ද?


    නිවැරදි ක්‍රිඩකයින් නිවැරදි තරඟයට යොදාගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍ය වන්නේ පසුගිය තරඟ පැරදුනු නිසා වෙන් නොවේ , අප අනුශූරයන් වූ ලෝක කුසලාන තරඟාවලියේදී පවා නිසි ක්‍රිඩකයින් තෝරා නොගැනීමේ ගැටලුව දක්නට ලැබිනි . ඒ නිසා තෝරාගැනීමේ ක්‍රියාවලිය නිවැරදි වීම සර්ව කාලීන අවශ්‍යතාවයකි

    ReplyDelete
  6. පළමුව ඔබත් සමඟ එක්වී ෂෙවාග්ට සුභ පතමි. ලොකු අයියගේ ළමයි නොවැ. අපි අපේ ලමයි ටික හදා ගත් විදිහ නම් අන්තිමයි. ක්‍රිකට් ගැන වැඩිය කථා නොකලත් මේවැනි අවස්ථාවක අපේ ටීම් එක ගැන පොඩි දුකක් දැනේ. අපේ රටේ ටීම් එක නොවැ. ඉගෙන ගත යුත්තේ ලොකු අයියාගේ ළමයින්ගෙනි. නවතිමි. මේ ගැන යමක් ලියන්නට සිත් වීම ගැන ඔබට ස්තුතියි.

    ReplyDelete
  7. ආසියාවේ ආශ්චර්යට ක්‍රිකට් ගැහුවට පඩි හම්බ වෙන්නෙ නැත්තං අයි.පී. එල්. ගහල හරි දෙකයි පණහ හොයා ගන්න එකේ වැරද්දක් තියෙනවද?

    ReplyDelete
  8. පට්ට ගැහිල්ලක් ගැහුවේ. ලයිව් බලන්න ඇස් දෙක පින් කරලා තිබුනා. මගේ ප්‍රියතම බැට්ස්මන් කෙනෙක්. ඉන්දියාවේ ටැලන්ට් වැහි වැහලා. ඊයේ ෆස්ට් මැච් එක ගහපු එකත් වැඩ පෙන්නුවා. වෙස්ට් ඉන්ඩීස් ප්ලේයර්ස්ලත් අගය කළ යුතුමයි. රත්තරන් කොල්ලෝ සෙට් එකක්. අපේ කැප්ටන් ඩ්‍රොප් කලා නම් ඌ ගහනවා දවස ඔය ගානට කිට්ටු වෙන්නවත්. ලින්ක් එකට පින්...

    ReplyDelete
  9. අපිට කොයින්ද ඉතින් බුල් බල්ලෝම තමා..අඩේ ඒක නෙවෙයි අර දකුණේ උන්ට කැපිල්ල දාන සීන් එක ගැන මම අහලවත් තිබ්බේ නැහැ නේ..

    ReplyDelete
  10. කොදෙව්වන්ට ගහපුඑක ගැන සතුටුයි අපිට නොගහ. වෙලාවට අපේ ටුවර්එකක් නොතිබුනේ. නැත්තං ඔය ගැහිල්ල සෙට්වෙන්නෙ අපිට.:D
    ඇමතිගෙ ඉදල 11වෙනි ක්‍රීඩකය දක්වා සියළුදෙනා අපේ පරාජය භාරගන්න ඕන. ඒගැන වෙනම පෝස්ට් ගනනාවක් දාන්න තරම් කරුණු කියවුනා ඉන්සයිඩ් ක්‍රිකට් වල.

    ReplyDelete
  11. +1 රාජ්...

    @ ඔබා මාමා - සම්පූර්ණ ඇත්ත. මුළු දවසම පිට්ටනි වල කරවෙන එක වෘත්තිය කරගත්තු අපේ කොල්ලන්ට මාස 10 කින් පඩි නෑ. ඒ කියලා උන් කෙට්ටු වෙලා නෑ තමා... ඒත් උන්ගේ මහන්සියෙන්, ටැලන්ට් එකෙන් තමා රටට සල්ලි එන්නේ. උන්ට පඩි නොදී වැඩ ගන්නේ කොහොමද ? +1 ඔබා මාමේ...

    @ බුවා... උඹ මේකට පෝස්ට් එකක් දාන බව මම දැනන් උන්නා. බැලුවේ නම් නෑ. ඒත් නිව්ස් ඇලට් මැසේජ් එකයි, රෑ ප්‍රවෘත්තියි බැලුවම දුක හිතුනා. මාතලන් කිව්වා වගේ ඩිලාට නිදහසේ ගහන්න දුන්න නම් තාමත් කල් තියෙනවා... නැත්නම් ඉතින් චන්දිමාල් මලයා තමා !!!

    ReplyDelete
  12. මහ වෙදනා - ලොකු අය්යට ලම්යි වැඩියිනේ , ඒ නිසා නියදිය ලොකුයිනේ , අපි ඊට වඩා සැලකිල්ලෙන් වැඩ කරන්න ඕනි

    ඔබා - ඒකනේ

    මාතලන් - මටත් 150 ඉඳන් බලන්න ලැබුනා , සචින් ගෙ 200ත් ලයිව් බලන්න ලැබුනා , දෙකම අහම්භයෙන් . කැප්ටන් තනතුර අතැරියොත් ටීම් එකට සැහෙන සේවයක් කරන්න පුලුවන් , ඒත් මම හිතන්නේ නැ කබ්බ ටීම් එකකටවත් 200ක් ගහයි කියල නම්

    @චම්මා - මාත් ඒක අදම තමයි දන්නේ , හැබැයි අපේ මිගාර දොස්තර මහත්තයගේ ඒ කථාවේ ඇත්තක් තියනවාය කියලයි දැන් නම් හිතෙන්නෙ

    @රාජ් - අපිට 200ක් ගහන එකක් නම් නැ , හැබැයි මුලු ටෝනමන්ට් එකම ගහයි , පක්ස්ථාන් කාරයා කලාටත් එහායින්

    @චතුරංග - මම හිතන්නේ නැ දිලාට 200ක් ගහන්න තරම් හැකියාවක් තියනවයි කියල , හැබැයි ඔය වගකීම් නැති නිදහස් කොල්ලෙක් විදිහට කණ්ඩායමට සුපිරි ආරම්භයක් දෙන්නෙ පුලුවන් . චන්දිමාල් මලයා ගැන තමයි මගෙත් බලාපොරොත්තුව , අවස්ථාව ලැබුනොත් ඉන්දියන් ටීම් එකටම 220ක් ගහන්න පුලුවන් තරමේ කොල්ලෙක්

    ReplyDelete
  13. ෂෙවාගේ දක්ෂතාවය අනිවාර්යයෙන්ම අගය කරනවා. ඒත් 200 ට මුලින්ම එන්න හොඳටම චාන්ස් එක තිබුණේ සනත්ටයි. ඒ ඉන්දියාවට එරෙහිව ඉන්දියාවෙදිම ලකුණු 189 ක් ගහපු දවසෙදියි. තරඟයේ තව ඕවර්ස් තියෙද්දිත් කිසිම හැඟීමක් නැතුව ගංගුලිගේ පන්දුවකට ඔහේ ඉස්සරහට පැනල ස්ටම්ප් වුණ සනත් තරඟයෙන් පසු අවස්ථාවක දි ඒ ගැන කිව්වේ තමන් වාර්තා පසුපස නොයන බවයි. රටක් නියෝජනය කරන ක්‍රීඩකයෙක් එහෙම කියන කොට ඒ රටේ ඉන්න එවුන්ට මොනවද හිතෙන්නේ ?
    බුවාගේ ලිපිය මට අතීතය මතක් කළා. ඒකයි මං මෙහෙම සටහනක් තිබ්බේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව