Skip to main content

නාකි සහ තරුණ රාජ්‍ය නායකයින්

එජාපයේ නායකය හොයන්න ගිය කලින් ලිපියට ප්‍රතිචාරයක් එක් කරපු අපේ ජයශ්‍රි සහෝදරය  මතක් කරපු කාරණාවක් තමයි කරුගේ වයස . ඒ කමෙන්ටුවට උත්තර බඳින්නත් කලින් ආපු අයිඩියාවක් තමයි ලියන්න හදන්නේ . ඒ  රාජ්‍ය නායකයින්ගේ වයස සහ ඒ අයගේ වැඩකිඩ ගැන . හැමදාම දේශද්‍රෝහී එව්වා ලියන්න ගිහින් අන්තිමේදි අර කලින් ලිපියෙදි ඇනෝ කෙනෙක් කිව්වා වගේ රනිල්ගේ"ඇහින්ද අසුන්දර" පෝස්ට් එකට රෙජිස්ටර් වෙන නිසා (හැබැයි ඒ ලිපියෙන් සප් එක දුන්නෙ කරු උන්නැහේට ) එව්වායින් පොඩ්ඩක් ඇත්වෙන්නත් එක්ක තමයි  දේශද්‍රෝහි නොවන මාතෘකාවක් තෝරගත්තේ

රාජ්‍ය නායකයෙක් කියන්නෙ ඉතින් සුලු පටු පොරක් නෙවෙයි  . අනිවාර්යයෙන්ම පාලනය කරන රටේ හැම එකාගෙම  අනාගතය තීරණය කොරන්න ඉහලින්ම ඉන්න කෙනා . ඒ විතරක් නෙවෙයි සමහරක් වෙලාවට මේ අය ලොකේ අනික් රටවල සමස්ථ ලෝකයේම ඉරණම තීන්දු කොරන්නත් හේතු  වෙනවා . ඒ කියන්නේ ඉතාම භාරදූර කර්තව්‍යයක් කරන කෙනෙක් . මේ වගේ පොරකට  බුද්ධිමත් කම , පල පුරුද්ද , තීරණ ගැනිමේ හැකියාව  ඇතුලු නායකත්ව ලක්ෂන වගේම හොඳ ශාරිරික  හා මානසික සෞඛ්‍යකුත් තියන එක  අත්‍යාවශ්‍යයි . එතනදි තමයි රාජ්‍ය නායකයාගෙ වයස ගැන කථාව මතුවෙන්නේ , මොකද මනුස්සයෙකුගෙ වයසත් එක්ක  ශරීර සෞඛ්‍යය පිරිහිමකට ලක් වෙනව වගේම බුද්ධිය මෙහෙය වලා කරන කාර්යනුත් අඩපන වෙන නිසා . මේතන  තියන වෛද්‍ය විද්‍යාත්මක පසුබිම අපේ මිගාර දොස්තර මහත්තය හරි වෙද මහත්තය හරි වෙන්ට දොස්තර සබිත් සහෝදරය හරි හොඳින්ම දන්නවා ඇති .


අනන් මනන් විවෘත කිරීම් , සම්මන්ත්‍රණ සාකච්ඡා , පොර ටෝක් වගේ නා නා ප්‍රකාර දේවල් මැද්දේ රාජ්‍ය නායකයෙකුට තියන ලොකුම වැදගත් කාර්ය භාරය තමයි තීරණ ගැනීම . ඇත්තට අර මුලින් කිව්වා වගේ රටක ජනතාවක , ලෝකයේ ඉරණම තීන්දු කරන රාජ්‍ය නායකයෙකු සතු බලය තමයි ඔය තීරණ ගැනීම . තීරණ ගැනීමේ කාර්යයෙදි ඉන්පුට් වෙන්නේ දැනුම , අත්දැකීම් , විචාර බුද්ධිය වගේ දේවල් ඒ දේවල් ප්‍රොසෙස් කරල නිවැරදි අවුට් පුට් එක හෙවත් නිවැරදි තීරණයක් ගන්න ඔනි වෙන මානසික හැකියාව හෙවත් මීටරය තමයි වැදගත්ම දේ . දැනුම කියන එක නම් වයස අනුව වෙනස් වෙන්නෙ නැ , ඒත් අත්දැකීම් නම්  නම් සම්පූර්නයෙන්ම රඳා පවතින්නෙ වයසත් එක්ක . වයසට යන කොට පොඩි පොඩි ඇදකුද තිබුනත් කෙනෙක් උපතින් අරන් එන විචාර බුද්ධියත් වයසට ගියා කියල නැත්තටම නැති වෙන්නෙ නැ , ප්‍රශ්නෙ තියෙන්නෙ වැදගත්ම පාට් එක හෙවත් මීටරයට වයසත් එක්ක මොකෝ වෙන්නෙ කියන එක . ඉන්පුට් මොනව වුනත් ප්‍රොසෙසරය අවුල් නම් ඉතින් අවුට් පුට් එක ගැන කවර කථාද ඒ නිසා  වයසට යත්දී  සාමාන්‍යයෙන් මිනිස්සුන්ගෙ දකින තියන මීටරය අප්සැට් ගැහිල්ල රාජ්‍ය නායකයින්ට කරන බලපැම කියන්නෙ ටිකක් විතර වැදගත් මාතෘකාවක් කියල මට හිතෙනවා . මීටරේට අමතරව ක්‍රියාශිලිතාවය , පෞර්ශය  වගේ ඒවත් වයසට යන කොට ටිකක් දියවෙන පැත්තට තමයි යන්නේ .

වයසට යත්දි සිදුවෙන මේ විපර්යාස නිසා තමයි රාජ්‍ය /පෞද්ගලික බොහෝ සේවකයින්ට විශ්‍රාම වයසක් කියල එකක්  නියම වෙලා තියෙන්නෙ , නමුත් රාජ්‍ය නායකයින්ට හෝ දේශපාලකයින්ට විශ්‍රාම වයසක් කියල එකක් දකින්න නැ . රටක සමස්ථ ක්‍රියාවලින් තුල පුංචි කොටසකට දායක වෙන මනුස්සයෙක් වයස නිසා සේවයට සුදුසු නැති වෙත්දි , මුලු රටක් ගැන තිරණ ගන්න ඇයින්ට වයස නිසා ඒ බලපැම ඇති නොවී තියෙන්න පුලුවන්ද ?


ඇත්තට වයසෙන් රාජ්‍ය පාලනයට බලපැමක් තියනවාද කියල බලාගන්නත් එක්ක අපි ලෝකය දිහාවට හැරෙමු . මුලින්ම බලමු ලෝකෙට ලොක්කා ඇමරිකාව ගැන (අපි වගේ බටහිර ගැතියෝ මුලින්ම හැරෙන්නෙ ඇමරිකාව පැත්තට නේ කොහොමටත් )

කොල්ල ඒ කාලේ හැන්ඩිය නේ ?
මතක ඇතිනේ කව්ද කියල , ලෝක දේශපාලනයේ දකින්න හිටපු "ඔලුවෙන් වැඩගැනීමේ " කෙල පැමිනියෙක් වෙච්ච ක්ලින්ටන් මහත්තය (එයා වෙන වෙන ඒවයින් වැඩ ගන්න ඒවත්  ලෝක ප්‍රසිද්ද වුනා නේ ) . උන්නැහේ රාජ්‍ය නායකත්වයට පත්වෙන්නේ වයස 46දී , උන්නැහෙගෙ කාලයේ ඇමරිකාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ . පොරගෙන් පස්සෙ ලෝකෙට ලොක්කා පෝස්ට් එකට පත් වෙන ජෝජ් බුෂ් ගේ වයස ඒ වෙන කොට 55ක්   , එයාගෙ කෙරුවාව තරම  ඔබාම කාරය දැන් වැටිලා තියන අමාරුවෙන්ම පේනවනේ . එතකොට  ඔබාම ලොක්කගෙ ජනාධිපති වෙනකොට වයස 47ක් , මේ තුන්දෙනා ඇතුලු ඇමරිකාවේ අපි දන්න නොදන්න බොහොමයක් ජනාධිපතිලා රාජ්‍ය පාලනයට ඇවිත් තියෙන්නෙ වයස 60ට අඩුවෙන්(33/44)  .   ගොඩ දෙනෙක් ප්ලිගන්න අක්මැති වුනත් බොහොම කෙටි  කාලයක් ඇතුලතදි ඉතාමත් විශාල රාජ්‍යයක් ලෝකේ දියුණුම රාජ්‍යයක් බවට , ආර්ථික, තාක්ෂනික  හා යුධමය වශයෙන් ලෝක බලවතා බවට පත් කරන්න හේතු වුනේ  මේ ජනාධිපතිලා  සෙට් එක තමයි (අඩු වැඩි වශයෙන් )

චිත්‍රපටියකට වුනත් නරක නැ 
ඊලඟ හැරෙමු ලෝකේ ඊලඟ වැඩ්ඩට හෙවත් රුසියාවට . වැඩිය නැ ජනාධිප්තිලා තුන් දෙනයි ඉන්නේ . මුල්ම කෙනා ගැන නම් එච්චරම අයිඩියාවක් මට නැ . ඊලඟ දෙන්නා ඒ කියන්නේ ඇමරිකාවට ඉඳල හිටල හරි කෝචොක් පාරක් දාන පුටින් මහත්තය(ඔය ඉන්නෙ අස්පය පිටේ නිකන් රංජන් රාමනායක වගේ )  හා දිමිත්‍රි .....(මොකාද මන්ද මම ඉතුරු කැල්ල ලියන්න දන්නෙ නැ ) දෙන්න ගැන තමයි ටිකක් හරි දන්නේ . ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් කෙසේ වෙතත් ලෝක දේශපාලනයේදී මේ දෙන්නගේ(විශේෂයෙන්ම පුටින් ලොක්කගේ ) භුමිකාව වැදගත් කාර්යක් ඉටු කරනවාය කියල  හැමෝම දන්නවනේ . පොර ජනාධිපති කමට පත් වෙන්නෙ වයස 47දී , පොරගෙ ගෝලය වෙච්ච දිමිත්‍රි වයස 40දී




මෙයා 'ගේ' රයිට්ස් ප්‍රමෝට් කරන්නේ  .....?
ඊලඟට හැරෙමු බ්‍රිතාන්‍ය දිහාවට . බ්‍රිතාන්‍යය පාලනය කරපු අගමැති වරුන්ගෙන් බහුතරයත් වයස 60ට අඩු අය 14 දෙනයි ඊට වැඩි අය ඉන්නේ .  වර්ථමාන අගමැති කැමරන් මහත්තයත් 40 ගණනෙ පොරක් තමයි . ප්‍රංශයෙ නම්  තරුණ වයස් දෙගොල්ලන්ම රාජ්‍ය පාලනය කරල තියන බව තමයි දකින්න තියෙන්නෙ . හැබැයි සර්කෝස් මහත්තය නම් ජනාධිපති පුටුවට එන්නෙ 52දි . වර්ථමාන ඔස්ට්‍රේලියානු අගමැති තු නෝනාත් වයස 50 ගණනක කෙනෙක් .ජපාන අගමැති තුමා වයස 54ක කෙනෙක් . ඔය විදිහට ලෝකයේ බලවත්  රටවල් බලාගෙන යත්දි වැඩිපුරම දකින්න ඉන්නෙ වයස 40-60 පොරවල්ය කියල මට හිතෙන්නෙ .නොවේ , ස්වීඩන් , ස්විස්ටර්ලන්තය වගේ ලෝකයේ දියුණුවේ(සැම අතින්ම ) හිනි පෙත්තෙ ඉන්න රටවලත් තත්වයත් මේ වගේ කියලයි පේන්න තියෙන්නෙ

සූර පප්පා - අන්නා හසාරේ
 ඊලඟ හැරෙමු ලෝකයේ නැගී එන ආර්ථික බලවතුන් හෙවත් පවර් හවුසස් දිහාවට . චීනයේ  ජනාධිපති මහ ජනතාව තෝරන කෙනෙක් නෙවෙයි නේ ඉතින් රාජ්‍ය නායකය විදිහට පොල් පිත්තක් වුනත් එන්න පුලුවන් . අපේ අසල් වාසියා නම් නිකන් "පප්පා ලන්තය " වගේ  . මන් මෝහන් ලොක්කාට වයස 79ක් (මූගෙ නම් වයස ගියා කියල මීටරය අවුල් නැ ) , මැතක් වෙනකන් හිටපු විපක්ෂ නායක අද්වානිට වයස 80 ගණන්ක් , කලින් අගමැති අතර් බිහාර් බජ්පායි අගමැති වෙන්නෙ වයස 74දී ,ඒ තියා ඉන්දියාවේ ආණ්ඩුවේ දූෂන නවතන්න කියල උපවාස කරන අන්නා හසාරේ කාරයට 74ක් , (74 කියන්නෙ උපවාස කරන වයසක්ද , අපේ වගේ කොන්ඩේ ජෙල් ගාන වයසෙ පොරවල්නෙ උපවාස කරන්න හොඳ ) .

ඒ අනුව බැලුවාම සුර පප්පලගෙ පප්ප ගම වගේ තමා . ඊලඟ කෙනා හෙවත් බ්‍රසිලය ගත්තාම බොහොමයක් ජනාධිපතිල වයස 60 ගණන් වල බලයට පත් වුනු අය බව තමයි දකින්න තියෙන්නෙ .


ඊලඟට අපි බලමුකො අපේ කට්ටිය ගැන, සැටලයිට් නෝනා ඇරුණාම අපේ රටේ හිටපු අනික් විධායක ජනාධිපතිල සියලු දෙනාම 60 පැනපු අය(අපේ වර්ථමාන ජනාධිපති තුමාත් ඇතුලුව) . ඒ වගේම වර්ථමාන විපක්ෂ නායක තුමාත් එහෙමයි , වෙන්ට විපක්ෂනායක(හෝ රනිල්ට පෑරදිලා දොට්ට විසිවෙන ) කරු ජයසුරිය මහත්තය 70වත් ඉක්මවල ඉන්නේ . එතකොට  ගියවර ජනපති අපේක්ෂක අනුශුරයා වුනු ෆොන්සේකා මහත්තයට ත් දැන් 61ක්(අදට , ඕං හැපි බරත් ඩේ කිව්වා එහෙම නම් ) . ඒ වගේම අපේ අග්‍රමාත්‍ය තුමාට 80ක් .තව ඉන්න කැබිනට් ,කනප්පු ඇමතිල සහ එජාපයේ ජේෂ්ටයන් කියන අයත් මේ වයස්ගත කාණ්ඩයෙ පොරවල් තමයි (එජාපයේ උන් සැහෙන්න පැන්න නිසා තමයි ටිකක් හරි තරුණ සෙට් එකක් ඉන්නෙ ) , එතකොට ජවිපෙ..... තේරුමක් නැනේ රාජ්‍ය නායක කම තියා පලාත් සභාවක් වත් මේ සහස්‍රකයෙදිවත් දිනන්නෙ නැනේ . ඔන්න ඔය වගේ "පප්පා ලන්තය" තරම් නැතත් ලංකාවේත් පාලනය තියෙන්නෙ වයස්ගත පුද්ගලයින් අතේ


දියුණු රටවල රාජ්‍ය නායකයින්  බහුතරයක් තරුණ නිසා තමයි ඒ රටවල් දියුණු වුනේ කියල හෝ තරුන වූ පමණින් සියලුම නායකයින් සාර්ථකයි හෝ කියල කියනව නම් ඒක සම්පූර්නයෙන්ම වැරදියි . විශේෂයෙන්ම රටක් දියුණුවෙන්න බලපාන කාරණා අතර රාජ්‍ය නායකයාගේ වයස කියන කාරණය තියෙන්නෙ (එහෙම බලපැමක් තියේ නම් ) බොහොම පහලින් . නමුත් මගේ පෞද්ගලික අදහස නම් සාපේක්ෂව තරුණ නායකත්වයක් තියනවා නම් රටක් දියුණුවීම වඩාත් සාර්ථකයි කියලයි . එතනදි මම අර කලින් කියපු වයස් ගත වෙන කොට මීටරය අප්සෙට් වීම කියන කාරනය ඇරුණාම තවත් කාරණා දෙකකුත් දකින්න තියෙයි . පලවෙනි එක තරුණ නායකයින් වෙනස් වීම් වලට දක්වන අනුකූලතාවය වැඩි එක . විද්‍යාවේ හා තාක්ෂනයේ දියුණුවත් එක්ක ලෝකය සැහෙන ඉක්මනින් වෙනස් වෙමින් පවතින්නෙ . රැකියා වලට පවා "ඩයිනමික් පොරවල්" හොයන්නෙ ඒ නිසා . තීරණ ගැනීමේදී නායකයෙක් සතුව ස්ථායි බවක් තියෙන්න ඕනි වුනත් අලුත් වෙන සමාජීය වටපිටාවන්ට , තාක්ෂනික පසුබිම් වලට , නව ලෝක ප්‍රවනතාවයන්ට අනුගත වීමේදි රාජ්‍ය නායකයෙක් සතුව වෙගයෙන් වෙනස් වීම් වලට හැඩගැසීමෙ හැකියාව තියෙන්නෙ ඕනි . එහෙම  නායකයින් අලුත් තාක්ෂනියන් එක්ක 70 දශකයේ මෙතඩ් වලින් හැප්පෙන ජාතියේ ගොං වැඩ කරන්නෙ හෝ හැමදාමත් සංස්කෘතිය සභ්‍යත්වය හැඳිගගා හණමිටි අදහස් වල ඉන්නෙ හෝ නැහැ /

ඊලඟ කාරණය තමයි රාජ්‍ය නායකත්වය වඩාත් තරුණ කෙනෙක් කෙනෙකුට ලැබීමත් එක්ක සමස්ථ පාලන පද්ධතියේම නැවුම් භාවයක් ඇතිවීම . මේක ටිකක් සංකීර්ණ කාරණයක් .මොකද රාජ්‍ය නායකය තරුණයෙක් වූ පමණින් සියලුම ඇමතිලා සහ නිලධාරින් තරුන අය වෙන්නෙ නැහැ . ඒ වුනත් නායකයා ගේන් පහලට එන තීන්දු තීරණ  ආදියත් එක්ක වයසින් වියපත් වුනත් පහල ඉන්න අය අතින් රටට ලැබෙන දේ තුල දකින්න ලැබෙන්නෙ  නැවුම් බවක් . නමුත් වයස්ගත නායකත්වයක් හා වයස්ගත ම  වටපිටාවක හෝ වයස්ගත නායකත්වයක් යටතෙ ඉන්න තරුණ්යින් හරහා හෝ ඒ නැවුම් දේවල් රටට ලැබෙන්නෙ නැ . තාරුණ්‍යයේ හඬත් අර වියපත් නායකත්වයේ  තීන්දුත් එක්ක යටපත් වෙන එකයි වෙන්නෙ . මේ කාරණා අනුව මම නම් හිතන්නේ රාජ්‍ය නායකත්වයට වඩාත්ම සුදුසු 40-60 අතර පුද්ගලයින් කියලයි . රාජ්‍ය නායකත්වය 60 අඩුවෙන් ලබා ගත්තාට පසුව වුනත් වයස 65-70 වෙන කොට සමුගැනීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නෙ .  මේ වයස්   සීමාවේ ඉන්න කෙනෙකුට ප්‍රමාණාවත් අත්දැකීම් හා දැනුම් සම්භාරයක් එකතු කරගන්න  කාලය ප්‍රමානවත් , ඒ වගේම ඒ දේවල් හරහා නිවැරදි තීන්දු තීරණ වලට එන්නත් මානසික ශක්තියත් , ක්‍රියාශිලි භාවයත්, වෙනස් වීම වලට හැඩ ගැසීමෙ හැකියාවත් (50ට අඩු අයට වගේ )  තියනවාය කියල කියන්න පුලුවන් .

මේ  වයස් සීමාව ඇහුවාම ලංකාවේ හිටපු ඇතැම් නායකයො සහ නායකයො වෙන්ට ට්‍රයි කරන පොරවල් ගැන ඔබටත් මතක් වෙයි . දෙමව්පියන්ගෙ පොරත්වය විකුනල අඩු වයසෙන් නායකත්වයට පත්වීම නම් කිසිම තේරුමක් නැ . ඊට වඩා අත්දැකීම් බහුල වයස්ගත අය හොඳයි . මේ වයස් සීමාව තුල නායකත්වයට සුදුසු අය වෙන්නෙ , ඒ කාලය තුලදි  අංග සම්පූර්‍න  අත්දැකීම් සමුදායක් , දැනුම් සම්භාරයක් (උපාධි කොල විතරක් නෙවෙයි ) එක්ක කැපී පෙනෙන දේශපාලන ගමනක් එන්න සමත් වෙච්ච කෙනෙක් . ලංකාවේ හිටපු සහ වෙන්න දඟලන අයගෙ නැත්තේ ඒ ගුණාංග

මගේ මේ වයස් වීම කතන්දරයට පිටින් යන පොරවල් අනන්තවත් ඉන්නව(කලින් ඡේදයේ කිව්වේ එක කට්ටියක් ගැන ) , ඒ වගේම ජෝජ් බුෂ් උන්නාන්සෙත් එක් උදාහරණයක් ,මෝඩයාට වයස් බේදයක් නැ කියන එකට . ඒ වගේම වයස 70 ගණන්වලදි ජනාධිපති වුනත් මීටරය ඉතාම හොඳින් වැඩ කරපු , ක්‍රියාශිලි , වගේම තමන්ට වඩා වයසින් අඩු සියලුම රාජ්ය නායකයින්ට වඩා වෙනස් වීම් වලට හැඩ ගැහෙන්න, නව ජාත්‍යන්තර ප්‍රවනතා හඳුනාගන්න හැකියාවක් තිබුනු අපේ ජේ.ආර් පප්පා ත් එක් උදාහරණයක් ,ජේ.ආර් ට පලු යන්න බැනල  ලියන්න පුලුවන් බ්ලොග් කෙරුවාවත් ලංකාවේ බහුතරයකට මැජික් එකක් මේ වෙනකොටත් සිරිමා- ප්‍රේමදාස අතර මැද ජේ.ආර් කියන චරිතය නොතිබුනා නම් .


[නිකමට හිතල බ්ලන්න  ජේ.ආර් නැතුව අනික් කට්ටියව පෙල ගස්වලා ඒ අයගේ මතවාදයන් එක්ක ලංකාව අද මොන වගේ තැනක් ඉඳීද කියල (මෙතන්දි , ජේ.ආර්ව ෆලෝ කරපු ප්‍රේමේ නෙවෙයි , සිරිමාගෙන් පස්සෙ කෙලින්ම බලයට එන ප්‍රේමදාස කෙන්ක් ගැන මවා ගන්න ) .]

 කොහොම වුනත් උප්පත්තියෙන්ම  එන ගොන් කම් සහිත පොරවල් වගෙම , ජේ,ආර් ල වගේ වැඩ්ඩොත්  මුණ ගැහෙන්නෙ කලාතුරකින් . ඒ නිසා සාමාන්ය තත්වයන් යටතේ , වයස් සිමාව කියන එකේ වැදගත් කම මම විශ්වාස කරනව . ඔබගේ අදහස  ඊට වෙනස් වෙන්න පුලුවන් . සමහර විට ඔබ රාජ්‍ය නායකයින්ගෙ සාර්ථකත්වයට වයසේ බල්පැමක්  නැ කියල විශ්වාස කරනවාත් ඇති , ඔබෙ ඒ  අදහසත් පහලින් එකතු කරන්න  , මේ කතාව සම්පූර්න වෙන්න

NOTE :- මෙහි රාජ්‍ය නායකයන් සම්බන්ධයෙන් යොදා ඇති යෙදුම් තුලින් බලාපොරොත්තු වුයේ උපහාසයක් එක් කිරීම පමණි , එය අපහාසයක් ලෙස හැඟේ නම් සමාවන්න !!

Comments

  1. good topic. Interesting reading with a new angle. Well done!

    ReplyDelete
  2. වයසේ කේස් එකක් නෙමෙයි තියෙන්නේ. තමා හැදිච්ච පරිසරය, පවුල් පසුබිම, හැදියාව, පවුල් පසුබිම, අත්දැකීම්, චින්තනය... අම්මාගෙන් නම් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද අම්මා නෙමෙයි රට පාළනය කළේ. වැඩවසම් සමාජවාදයක් කරපින්නා ගත් වමේ බූරූවෝ ටිකක්. ඒත් මම හිතන්නේ නෑ ප්‍රේමේ ඒක කන්ටිනුයු කරයි කියලා. ප්‍රේමේ සජිත්ට වඩා දේශපාලන වශයෙන් තෙම්පරාදු වෙලයි හිටියේ. සජිත් ඊයේ සිරසට කරපු ප්‍රකාශය දැක්කනම්. සජිත් පුම්බන්නේ නෑ මොළේ තියෙන එකෙක්. ඒකයි මම කියන්නේ සජිතට වඩා මහින්ද හොඳයි කියලා. මොකෝ මහින්ද කිසිම බලවේගයකට බය නෑ.

    මම ජාතිවාදියෙක් කියලා හිතන්න එපා. නිකන් කල්පනා කරලා බලන්න තොන්ඩමන්ලා අෂ්‍රෆ්ලා හකීම් ලා ජෙප්පො රාජ්‍ය පාලනයට (ඇමතිකම් වලට.) කොච්චර බලපෑම් කලාද කියලා. අද උන් ඉන්නේ බල්ලෝ ගානට. හාමුදුරු හොරු, ලොක්ක "නේද හාමුදුරුවනේ...?" කිව්වම. එහෙයි කියන ගානට දාලා තියෙන්නේ. කරූ සජිත් සහ ලොක්කා අතරින් නායකත්වයට සුදුසු ලොක්කම තමයි. මොකෝ කරුගේ තත්වය ඔබගේ මත විමසීමෙන්ම පේනවනේ.

    ඔය හැම ප්‍රශ්නෙම තියෙන්නේ. පප්පා බිහිකරපු පාදඩයෝ දියවන්නාවට ආපු එකනේ. රනිල් ගාව ඔය පාදඩයන්ට තැනක් නෑ. ඒ නිසා පාදඩ සමාජය සහ සංඝයා ඌව මරන් කන්න හදනවා. මේ රටට මහත්මා දේශපාලනයක් ඕන නම්, රනිල් පමණයි දැනට ඉන්නේ. නමුත් අළුත් ලුම්පන් ඔලමොට්ටල බොදු ගොවි ගාමක බලවේගයට සහ වැඩවසම් සාධුලට ඕන. කරූ. නමුත් මහත්තයෝ. ඒකෙන් මහත්මා දේශපාලනයක් බලාපොරොත්තු වෙනවනම් ඒක විහිළුවක්. ඊට වඩා හොඳයි. මර්වින් සිල්වා අලි පාටියේ නායකයා කරන එක.

    පප්ප ගැන කියන්න ඕන නෑනේ. පප්පා නැත්නම්, මුවන්පැලැස්ස අහලා කිරි කොරහ නැටුමක් නටලා. අල ගෙඩියක් කාලා. පැදුරක ඇලවෙලා ඉන්න තිබුනා.

    ReplyDelete
  3. @ano - Thanks

    @මාතලන් - ස්තුතියි අදහසට , ඔබතුමා කියල තියන කතන්දරේ ඇත්ත. ප්‍රතිපත්තිමය වශයෙන් රනිල් ගැන මගේ කිසිම ගැටලුවක් නැ . බලමුකො මොකො වෙන්නේ කියල . රනිල් ඉන්න කූල් එක දැක්කාම හිතෙන්නෙ පොර මේ පාරත් නායකකම රැකගන්නව කියල තමයි

    ReplyDelete
  4. (මතකද ටැබූගෙ "තාරුන්‍යට හෙටක් නාකින්ට රටක්" කියන ලිපිය.)
    රාජ්‍ය සේවකයන්ගෙ සේවාවෙ උපරිම වයස 60. දේශපාලනයට එහෙම වයසක් ඕන නෑ කියලයි මම නං කියන්නෙ. හැබැය් ඒකෙන් කියන්නෙ රෝද පුටුවෙන් ඇවිල්ල රට පාලනය කලත් කමක් නෑ කියනඑක නෙවේ. සාමාන්‍යයෙන් අවුරුදු 70 විතර වෙනකං මණුස්සයෙක් ක්‍රියාශිලියි. දැන් ලොක්කටත් හැට ගානක්නෙ ඒත් ඒපැත්තෙන් අවුලක් නෑනෙ. ඒ නිසා ඡන්ද දායකය තීරණය කරන්න ඕන වයස පිළිබද කාරණාව.(නොකෙරෙන්නෙත් ඕක තමයි)
    @මාතලන්
    //නමුත් මහත්තයෝ. ඒකෙන් මහත්මා දේශපාලනයක් බලාපොරොත්තු වෙනවනම් ඒක විහිළුවක්. ඊට වඩා හොඳයි. මර්වින් සිල්වා අලි පාටියේ නායකයා කරන එක.//
    කරු = මර්වින් සිල්වා. මාතලන් මේක ගැන ආයෙත් හිතල බලන්න.

    මම නං කැමතියි කරුට. (රනිල් මහින්ද හෝ සජිත්ට වඩා). මොකද මම උන්නැහේගෙ අමාත්‍යංශය යටතේ කාලයක් වැඩකල නිසා එයාගෙ යම් යම් සාධනීය ලක්ෂණ දැක්ක. ඒත් ලොක්කට චැලේන්ජ් එකක් වෙන්න කරුට පුළුවන් වේද කියල කියන්න බෑ. හැබැයි කවුරු මොනව කිව්වත් සජිත්ට පුළුවන්.(‍එයාගෙ ගොන්කම් මොනව උනත්)

    ReplyDelete
  5. මාතලන්.
    //කරූ සජිත් සහ ලොක්කා අතරින් නායකත්වයට සුදුසු ලොක්කම තමයි. මොකෝ කරුගේ තත්වය ඔබගේ මත විමසීමෙන්ම පේනවනේ//
    උඹ මොකෑ බොරු කියන්නෙ? කොහොමද එහෙම කියන්නෙ මේකෙන්. මත විමසුමේ 1,2,7,8 කරුට පක්ෂයිනේ.(55%)

    ReplyDelete
  6. @රාජ් - ස්තුතියි අදහසට ,& මාතලන් සහෝ කරුට අකමැතියි ගණන් ගන්න එපා . කරු ගැන සමීපව දන්න ගොඩ දෙනෙක් හොඳක් මිසක් නරකක් කියනව අහල නැ මාත් , පන්සල් මූඩ් එකෙන් හිටියට වැඩක් කරගෙන යනකොට කරුගේ ප්‍රතිපත්ති රනිල්ට වඩා මහ වෙනසක් වෙන්නෙ නැ . කොහොමටත් ඔය විමල්ලා චම්පිකල වගෙ හොරිකඩයො නැති නිසා ඕනි තීරණයක් ගන්න ප්‍රශ්නයකුත් නැනේ . කොච්චර හොඳ වුනත් රනිල්ට දිනාගන්න අඩුම තරමේ යූඇන්පී චන්ද ටික ගන්න බැරි නම් වට් ටු ඩූ නේ ?

    ReplyDelete
  7. ලිපිය විතරයි බැලුවේ කොමෙන්ට් කියවනවා පසුව. මොකද නැත්නම් මම හිතනදේ නැවත වෙනස් වෙනවා. මගේ මතය කෙලින්ම කියනවානම් අපි වගේ තුන්වන ලෝකෙ දියුණුව හිතලවත් නැති ගෝත්‍රක අදහස් ඇති මිනිසුන් පිරුණු රටකට ගැලපෙනම වයස තමයි 50 - 70 රාජ්‍ය නායකත්වයට. බුද්ධිය හැකියාව විතරක් මදි. ඒ දෙක විතරක් නම් ඕනෙ 40 වුනත් ප්‍රශ්නයක් නැහැ. ඒත් අපි එහෙම රටක් නෙමෙයි. ඒ නිසා 50 - 70 නියමයි. මේ වයසට ගැලපෙන කෙනාට දේශපාලනයේ ඇට්ටකුනා වුනු කපටි නිවනක් තිබිය යුතුයි. ඒ වගේම මේ ජහමනයා දැපනෙ දාගන්න වාග් මාලාවක්, පෞරුෂයක්, වගේ දේවල් අවශ්‍යයි. 70 පස්සෙ හැදෙන සෙනයිල් ඩිමෙන්සියා (මොළයේ සෛල වයස නිසා විනාශ වීමෙන් වන රෝගයක්) නිසා පිස්සු කෙලින්න ගන්නවා. අර ජේ. ආර්. ලොක්කා සෝවාන් වෙලා කිව්වේ අන්න ඒ නිසා.
    මේ හැම දේටම ගැලපෙන නායකයෙක් ඉන්නවානම් ඉන්නේ මහින්ද විතරයි.
    කරු පතෝල,
    රනිල් නියම මිනිහා රනිල් හැබැයි අපේ ජහමනයාට ඕක කියන්න ගිහින් මම ගුටි නොකා බේරුනේ බොහෝම අමාරුවෙන්.
    වයසට වඩා සැලකියයුතු කාරණාත් තියනවා. ඒ දේවල් තිබ්බේ ජේ. ආර්. ලොක්කට විතරයි. ලලිත්, ගාමිණී වගේ අය නැති අඩුව දැන් මේ රටට දැනෙනවා යහමින්ම. කදිරිගාමරුත් වයස ෆැක්ටර් එක නැතුව හිතන්න හොඳ පොරක් ජීවත් වෙලා හිටිය නම්.

    ReplyDelete
  8. නායකයෝ දැන ගන්න ඕන තමන් ගියදාට ඒ තැන ගන්න හෝඳ දෙවන පෙලක් හදලා යන්න!බල තන්හාව හා බල කාමය නිසා ලොකු මිනිස්සු ඒක කරන්නේ නෑ ආයි තමන්ටම රිටර්න් එක හම්බවෙයි කියලා හිතාගෙන..අද එක්සත් ජාඅතික පක්ෂෙට වෙලා තියෙන්නේ ඒක තමයි!

    ReplyDelete
  9. කෙළින්ම කතාව ‍ඕක තමයි. අපේ රටේ මේ තියෙන මන්දගාමී ගමනටත්, පරිහාණියටත් හේතුව නාකින්ගෙ දේශපාලනය තමයි. මැරෙන්න කිට්ටු වෙද්දි ගොඩක් මිනිස්සු පිස්සු වැටිල ඉන්නෙ. ටිකට් එක එන්න කළින් හැකි තරම් මේ ලෝකෙ සුව විඳින්නයි නාකින්ට අවශ්‍ය. ඉතින් අනෙක් උන්ට බැරි වුණාට දේශපාලනය කරන නාකි කරන්නෙ ඒක තමයි. උන්ට රටක් ගොඩනගන්න අවශ්‍යතාවයක් නෑ.තමන් මුදුන කියල මමත්වයෙන් පිරී ගිහින් හාල්පාරුම යක්කු ගෝල බාලයෝ කරගෙන රිසි රිසි විදියට රට වනසන එක තමයි සිද්ධ වෙන්නෙ. දැන් වුණත් මේ රටේ සිද්ධ වෙන්නෙ ඒකනෙ.
    අනිවාර්යයෙනම් නාකින්ගෙන් වල්වැදුණු, හෙම්බත් වුණු මේ රටට දැන් අවශ්‍ය තරුණ ජන නායකයො. හැබැයි මේ දැන් ඉන්න කාළකණ්නි දේශපාලකයන්ගෙ දූ පුත්තු නම් නෙවෙයි. උන් දන්නෙ උන්ගෙ මහ එවුන් කියල දුන්න මේ කාළකණ්නි ජීවිතය විතරනෙ.
    දේශපාලන නායකයො විතරක්ම නෙවෙයි අපේ රාජ්‍ය අංශයේ තියෙන පරිහාණියටත් ප%ධානතම හේතුව හැට පැනපු නාකියෝ තීරණ ගන්න තැන්වල ඉඳගෙන ඉන්න එක තමයි.

    ReplyDelete
  10. රාජ්ට වගේ ම මටත් මේක දැක්කම මතක් වුණේ ටැබූ ගේ ලිපිය.කියවපු අයට මතක ඇති ඒ ලිපියේ තිබ්බ අපේ කැබිනට් එකේ යංතං අවු 40ක තරුණයෝ හිටියෙත් දෙන්නයි.අනික් සියල්ලම අවු 50-60 (රජයේ විශාම වයස පහු කරපු අය).

    වයසට යාම අපි කාටත් පොදු දෙයක්.විද්‍යවේ දියුණුවට පින්සිදු වෙන්න පරම ආයුෂ වැඩිවී ඇති නිසා අද මිනිසුන් අවු 70 දීත් ක්‍රියාශීලීයි.(පුද්ගලික අත්දැකීමක් කිව්වොත් මා සේවය කළ පුද්ගලික ආයතනයේ ප්‍රධානියා වයස 73ක් වුවත් කරුණයින් සමග කරට කර වැඩ කළා).වයස්ගත ජන අනුපාතය වැඩි වීම අනාගතයේ අපේ රටට මුහුණ පාන්නට වෙන අභියෝගයක් ලෙස මම මෑතක කියවපු ලේඛණයක දුටුවා.ඒනිසා වයස 60න් පසුවත් මිනිසුන් ඵලදායී කාර්යයක නිරතවීම අවශ්‍ය දෙයක්.සාමාන්‍ය ජනතාව බොහෝවිට කරන්නේ තමා කළ රැකියාවෙන් විශ්‍රාම ගොස් තමාගේම රැකියාවක හෝ සුලු ගොවිතැන් වැඩක යෙදීම (මින් වඩාත් බලාපොරොත්තු වන්නේ ආත්ම තෘප්තිය).

    නමුත් වසයට යාම සමග තම පුටුව නවකයෙකුට දීල ඉවත්ව යාම දේශපාලනයේ දී දක්කනට නොලැබීම නිසා රටකට වන පාඩුව නම් නිර්මාණශීලී අදහස් ඇති තරුණයන්ට තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමට ඉඩ නොලැබීමයි. මට පේන විදියට අපේ රටේ දේශපාලන සිස්ටම් එකේ හැටියට තරුණයෙකුට ඇමති ධූරයක් ලැබෙන්න තියෙන ඉඩ ගොඩාක් අඩුයි.රටේ නායකයා වෙන්න තියෙන ඉඩ ඊටත් අඩුයි.මොනව කතා කළත් අවසානයට එන තැනටම තමයි ආයෙත් එන්නේ.මේ සිස්ටම එක වෙනස් කළ යුතුයි!

    ReplyDelete
  11. හ්ම්...මං මේ මගෙ සුදුසුකම් ගැන කල්පනා කොරනව තාම....[ෆො ද රෙකෝඩ් මට 58 යි....]

    ReplyDelete
  12. ඔබේ වයස සහ දේශපාලන දැනුම, දේශපාලනඥයන් පිළිබඳව මාධ්‍යයකදී සඳහන් කලයුතු ආකාරය ගැන කිසිදු තැකීමක් නැතිකම, ආදිය සලකා බලන විට ඔබ ඒ පිළබඳ පරිනත බුද්ධියක් නැති පුස්සෙක් බවයි පෙනෙන්නේ. ජේ ආර් පප්පා, සිරිමා, යනුවෙන් ඔබ හඳුන්වන අය ඔබටත් මටත් වඩා අති දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෝ බව අමතක කර ඔවුන් එවැනි හාලිඋවකට පත්කිරීමෙන් පෙනෙන්නේ ඔබ දේශපාලන තොරතුරු විග්‍රහයක් තබා, ගණිකා මඩමක් ගැනවත් ලිවීමට නොසුදුසු පුස්සෙක් බවයි. වර්තමානයේ අත කහනවට බ්ලොග් ලියමින් භාශාවද, සදාචාරයද කන මල පෙරේතයන්ට ඊළඟ පරපුර සලකන හැටි එදාට තේරෙයි.

    ReplyDelete
  13. එක වචනයක් වැරදියට ටයිප් වෙලා 'හාලිඋවකට' නෙවෙයි හෑල්ලුවකට

    ReplyDelete
  14. @ano - සිරිමා ගැන මම කොහෙද කියල තියෙන්නෙ, මම ලිපිය පුරාවටම හැම රාජ්‍ය නායකයෙක් ගැනම ලියල තියෙන්නෙ එකම විදිහට ,සාමාන්‍යයෙන් මම කාලීන කරුණක් කථා කරන කොට ඔය විදිහට සඳහන් කරන්නෙ නැ , මේක මේ ලිපියට විතරක් කරපු වෙනසක් .කේන්ති ගන්න එපා අගෞර්ව කරන්න බලාගෙන කරපු එකක් නෙවෙයි . අනික මේක රූපවාහිනියක් හෝ පුවත් පතක් නෙවෙයි නේ . ජේ.ආර් ගේ රාජ්‍යතාන්ත්‍රික බාවයට කරන ඉහලම ගරු කිරීම තමයි ඒ මනුස්සයගෙන් වෙච්ච සේවාව අගය කරන එක, පප්පා කියල හැඳින්වුවත් මම ඒක කරල තියන බව පේන්න ඇති . මම වගේ පුස්සෙක් ලියන එව්වා නැතුව හොඳ වෘත්තීමය විදිහට දේශපාලකයින්ව ආමන්ත්‍රණය කරන ලියවිලි විතරක් බලාගෙන හිටිය නම් ලේ පිච්චෙන එක ටිකක් අඩු වෙයි

    ReplyDelete
  15. මහවෙදනා , - ස්තුතියි අදහසට

    සබිත් - දෙවන පෙලක් හැදුව එකම නායකය ජේ.ආර් , ඒත් ඒ දෙවන පෙල අකාලයේ මිය ගියා. ඒ අඩුව තමයි මහ වෙදනා කියනව වගෙ රටට තියෙන්නෙ

    @Outsider - ස්තුතියි අදහසට

    @ජයශ්‍රි - මට ලිපියෙ නම මතක නැතත් , ටැබු ඔය ගැන ලීව වගක් මතකයි . මම හිතන්නෙ සරත් අමුණුගමව උදාහරනයකට දාලත් තිබුනෙ ඔය ලිපියේ. ඇත්තටම අපි ලියන ගොඩක් හැලිවල සාරංශය සිස්ටම් එක වෙනස් විය යුතුයි කියන එක තමයි

    @ඔබා - මොකෝ බැරි , ඊලඟ පාර නගර සභාවකටවත් ඉල්ලමු

    ReplyDelete
  16. @ano - සිරිමා ගැනත් කියවිලා තියනව එක තැනක නේ , ඒක අමතක වුනා සමාවෙන්න .

    ReplyDelete
  17. ලිපිය එල,මමත් මාතලන් කියන එකට එකගයි.දිගට ලියන්න කම්මැලි.මම බබා.

    ReplyDelete
  18. ඔබේ තරුණ ජවයේ ආවේගය තුලින්ම, ඔබ නිකං සවුත්තු වූ බව, ඔබ මට දුන්න පිළිතුර නැවත නිවැරදි කරමින්, සමාව ඉල්ලන්ඩ සිදුවීමෙන්ම පෙනෙනවා. පුතා, මම මැදි විය ඉක්මවූ මිනිහෙක්, නමුත් සෑහෙන තරම් සතුටුදායකව පරිගණක හරඹ කරන්නටත්, සෑහෙන තරම් නිවැරදිව සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙක හසුරුවන්නටත් මට පුළුවන්. දිනකට මම අවම වශයෙන් පැය 10 ක් වත් අන්තර්ජාලයේ සැරිසරනවා. මගේ ප්‍රියතම විෂයයන් වන්නේ කාලීන තොරතුරු (current affairs) සහ තොරතුරු තාක්ෂණයයි. මම කිසිසේත් ලේ පුච්චාගෙන හෝ ආවේගශීලීව අදහස් හෝ ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඔබ මගේ අදහස් දැක්වීමට පිළිතුරු ලියන්නට පෙර, සිරිමාවෝ මැතිනිය ගැන ලියා තිබුනාද නැද්ද යයි සොයා බැලුවානම්, නැවත නිවරදිකිරීමක් යොදන්ඩ වෙන්නේ නැහැ. තවත් එකක්, දැන් තියන බ්ලොග් බොහොමයක තියෙන්නේ බල්ලෝ බත් නොකන සිංහල. ඔබේ භාෂා විලාශයය සතුටුදායක වුනත් අක්ෂර වින්‍යාසයේ නිවැරදි කරගතයුතු තැන් තිබෙනවා. උදාහරණ කීපයක් මෙසේයි අගෞර්ව නෙවෙයි අගෞරව, රාජ්‍ය තාන්ත්‍රික බාවය නෙවෙයි භාවය, වෘත්තීමය නෙවෙයි වෘත්තීයමය, ඔබ කියනවා ඔබේ බ්ලොග් එක රූපවාහිනියක් හෝ පුවත්පතක් හෝ නොවෙයි කියලා. නමුත් ඔබ මේ බ්ලොග් එක ලියන්නේ ලෝකවාසී ජනතාවට බලන්ඩ නෙවෙයිද? වැරදි නිවැරදි කරගත්යුත්තේ රූපවාහිනී හෝ පුවත්පත් වැනි මාධ්‍ය පමණද? වර්තමාන තරුණ පරපුර 'බුවා' කියන්නේ කාටද? ඔබත් එහෙම කෙනෙක්ද?

    ReplyDelete
  19. @ano - වරදක් වුනාම සමාව ඉල්ලන එක සවුත්තු වීමක් විදිහට දකින එක ඔබ වගේ වැඩිහිටියෙකුට තරම් වේද ?

    සිරිමා මැතිණිය මගේ ප්‍රධාන කථාවට අදාල නොවෙන නිසා ලියපු බවක් මතකයෙ තිබුනේ නැ , කොහොම උනත් රාජ්‍ය නායකයින්ට මම කරපු ආමන්ත්‍රණ වලින් සිත් තැවුලක් ඇතිවෙන්න පුලුවන් කියල හිතුන නිසා තමයි පොදුවේ සමාව ඉල්ලීමකුත් එකතු කලේ . කන්වර්ටරයෙන් ටයිප් කරත්දි වෙන අඩු පාඩු බොහොමයි , හදිසිය නිසා නිවැරදි කිරීමක් වෙන්නෙත් නැ . අක්ෂර වින්‍යාසය සාමාන්‍ය පෙලින් පස්සෙ නොතකා හැරිය එකත් බරපතල විදිහ්ට බලපාල තියෙනෙව .

    වර්ථමානයේ ලංකාවේ මාධ්‍ය හැසිරෙන දිහා දැක්කාම මම මගෙ බ්ලොග් කරණය පිලිබඳ තෘප්තිමත් . ආමන්ත්‍රනයන් තුල අඩු පාඩු . භාෂාවේ අඩු පාඩු අනන්තවත් ඇති , ඒත් කාටවත් කඩේ යාමක් හෝ , සත්‍යය වසන් කිරීමක් හෝ මම නොකරන නිසා මම එහෙම හිතනව . බ්ලොග් අඩවියක් කියන්නෙ කෙනෙක්ගෙ පුද්ගලික අදහස් නිරූපණයක් , මාධ්‍යයකට තියන ජාතික වගකීම වැඩියි . ඒ නිසා බ්ලොග් කරනය අනෙකුත් මාධ්‍යයන්ගෙ රීතීම අනුගමනය කල යුතුයි කියල මම හිතන්නෙ නැ . නැවතත් කියන්නේ මේ ලිපියේ තියන ආකරය නෙවෙයි මගේ සාමාන්‍ය භාවිතාව .

    ReplyDelete
  20. ඇයි උඔ ජේ. ආර්. ට පරයා නොකියා පප්ප කිව්වෙ. ඔය රාජ්ය තාන්ත්‍රිකයො කොරල තමයි අපිට මේ හප වෙච්ච්ච රටකුයි කරුම දේශපාලන ක්‍රමයකුයි ඉතුරු වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  21. Machan den me okkoma katha karana me kalakanni system eka genawe JR pappa thamai.Pappa meka genawe marena thuru power eka thiya ganna....

    ReplyDelete
  22. @දෙවන ඇනෝ, මහත්මයා ඔබටත් භාෂාව වැරදිලා නේද? (ඔබ ලියා ඇත්තේ භාශාව කියායි).

    අපේ මව් බස වන සිංහලයේ ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාසය වරද්දා ලිවීමට වගේම පුද්ගලයින්‍ ගේ නම් වල කෑලි, පප්පා වගේ අමතර කෑලි යෙදීමට මමත් එකඟ නෑ.හැබැයි බුවා එමගින් අපහාස කිරීමක් බලාපොරොත්තු ‍නොවන බව පැහැදිලියි නේද?

    ReplyDelete
  23. ano (December 19, 2011 1:36 AM ) &ano (December 19, 2011 2:25 AM) -

    මම මේ ක්‍රමයේ වැරැද්ද කියල හඳුන්වන්නේ ඔබ අදහස් කරන දෙය නොවෙන් පුලුවන් , මම මේ ගැන කලින් ලියල තියනව .[මෙතනින් ගිහින් බලන්න පුලුවන් - http://buwagesithuvili.blogspot.com/2011/10/blog-post_17.html?utm_source=BP_recent].

    ලංකාවේ මම දකින මේ වර්තමාන ක්‍රමයේ වැරැද්දට එකම වගකිව යුත්තා ජේ.ආර් නෙවෙයි . සියලුම දේශපාලකයින් අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි , වර්ථමානයේ ඇතිවෙලා තියන සමහර ප්‍රශ්න වලට මූලික හේතුව ජේ.ආර් ගේ විවෘත ආර්ථිකය කියල තර්ක කරන්න පුලුවන් වුනත් , විවෘත ආර්ථිකයෙන් රටකට ලඟ කරගන්න පුලුවන් වාසි (අපි තවමත් සම්පූර්න වශයෙන් ලඟ කරගෙන නැති ) එක්ක බලන කොට විවෘත ආර්ථිකය ගෙන ඒම වැරදියි කියන්න බැ , ඕනිම දෙයක අඩු පාඩු තියනව . ඒවා මතුවෙන කොට අදාල විසඳුම් සොයා නොගැනීම තුලයි ගැටලුව මතුවෙලා තියෙන්නෙ . වර්ථමානයේ දකින්න තියන පටු ආකල්ප , ගෝත්‍රවාදය , දූෂනය , නාස්තිය ආදී සියලු දෙයට එකම වරද කරුවා ජේ,ආර් ය කීම අසාධාරණයක් කියලයි මගේ අදහස . මේ ලිපියේ මාතෘකාව ගත්තොත් තරුණයින්ට ඉඩ ලබාදීම වෙනුවෙන් ජේ.ආර් ගත්ත ක්‍රියාමාර්ග ප්‍රසංශනීයයි. ඔහු දෙවෙනි පෙලක් හැදුවා (අවාසනාවට ඉතුරු වුනේ රනිල් විතරයි ) , සමානුපාතික ක්‍රමයේ තියන බොහෝ වාසිත් එක්ක අඩංගු වෙන එක් වාසියක් තමයි ඒ තුල තරුණ නායකයෙකුට මතුවෙන්න තියන ඉඩ කඩ වැඩිවීම .

    ඒ නිසා මම නම් දකින්නේ වර්ථමානයේ දකින්න තියන ක්‍රමය නිර්මාණය වෙන්න හේතුව ජේ.ආර් නොව ඔහුගේ ක්‍රම අව භාවිතයට ගැනීම කියලයි , අනික් දේශපාලකයින් වගේම ජේ.ආර් අතිනුත් බරපතල වැරදි සිදුවුනා විධායක ජනාධිපති ක්‍රමය හා වාර්ගික අර්බුධයට ගත්ත වැරදි ප්‍රවේශය ඒ අතර මූලිකයි . අන්න ඒ තීරණත් ලංකාවේ වර්තමාන සමාජීය වටපිටාවට හෙතුවෙලා තියනව . නමුත් සම්පූර්න වරද ඔහු අතේය කියන්න බැහැ


    @ජයශ්‍රි - ස්තුතියි !

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව