Skip to main content

ඒකාධිපති ආතල් !

උතුරු කොරියාවෙ නායක කිම් ජොන් උන්නැහෙගේ අවමංගල්‍යය මේ දවස්  ප්‍රවෘත්ති මාධ්‍ය වල උණුසුම් මාතෘකාවක් .ඒකාධිපති පවුල් පාලනයක පුරුකක් වෙච්ච නායකයෙක් මැරුණ කියල ඒ රටේ මිනිස්සු පොලවෙ පස් කන්න හදන හැටි දැක්කාම මඤ්ඤං වගේ දැනෙන්නේ , මීට  ටික දොහකට කලින් ලෝකේ වෙනත් තැනක් මිනිස්සු ඒකාධිපතියෙක්ගෙ මරණය වෙනුවෙන් ගත්ත ආතල් එක දැක්කාම . ජාත්‍යන්තර මාධ්‍ය වල පවා දාන උතුරු කොරියානු රූප රාමු ඒහෙන්ම රූගත කරල එන ඒවා නිසා අඬන බව පෙන්වන්න දාන ශෝ එකක් වෙන්න පුලුවන් කියල හිතුනත් , භාහිර ලෝකයෙන්  සම්පූර්ණයෙන්  හුදකලා වුනු උතුරු කොරියානු ජනතාව සිරාවටම අඬනවා වෙන්නත් බැරි කමක් නෑ

ජාත්‍යන්තර මාධ්‍ය , අන්තර්ජාලය වගේ දේවල් භාවිතා කරනවා තියා අහලවත් නැති උතුරු කොරියානු ජනතාවට තමන්ගේ පාලකයා විසින් ඔලුවට පටවන දේවල්  පමණක් සත්‍යයි කියා සිතෙනවා ඇති . ප්‍රජාතන්ත්‍රවාදය කියල දෙයක් ලෝකෙ තියනවා කියලත් බහුතරයක් උතුරු කොරියානුවන් නොදන්නවා වෙන්නත් පුලුවන් . ලංකාවේ දේශපාලකයින් පාතලය පෝෂණය කරනවා වගේ රුසියාව හා චිනය උතුරු කොරියාවට යටින් දෙන සප් එක නිසා උතුරු කොරියාව පෙන්වන යුධමය හැකියාවන් ඒරටේ ජනතාවට මැජික් වගේ වෙන්න පුලුවන් . සමහර විට උතුරු කොරියානු නායකයා එක මිසලයක් හදලා මාස ගානක් පම්පෝරිය ගහනවා  ඇති දැන් මුලු ලෝකෙම අපිට බයයි කියල . විකල්ප මතවාදයක් ඇහෙන්නෙත් නැති නිසා මිනිස්සුත් අපි තමා පොරවල් කියල චූන් එකේ ඇති .

කිම් ජොන්ගෙ දිනචරියාව පවා මාධ්‍ය හරහා පෙන්වන  වාය කියලයි විකියෙ තියෙන්නෙ . වෙනත් රටවල උන් නලු නිලියන්ගෙ දින චරියා  හොයත්දි , උතුරු කොරියානු ජනතාව තමන්ගෙ ලෝකේ ලොකුම වීරයා වෙච්ච ජිම් ජොන්ගෙ දිනචරියාව දිහා බලාන සතුටු වෙනවා ඇති . ලෝකේ අනික් රටවල පහසු කම් , හෝ දියුණුව ගැන නොදන්නා නිසා අපි ඉන්නෙ සුරපුරේක ඒක හදල දුන්නෙ කිම් ජොන්ය කියලත් හිතාන ඇති . එහෙම හිතාන ඉන්න මිනිස්සු කොට්ටාශයක් ඒකාධිපතියෙක් යටතෙ ලබන්නෙ එක්තරා විදිහක ආතල් එකක් . මොකද හැම වෙලේම තමන් ට තියන දේ ගැන සතුටෙන් ඉන්නේ , ලැබිය යුතු තවත් දේවල් ලෝකේ තියනව කියල නොදන්න නිසා ඒවා නැය කියල කණගාටුවකුත් නැ . ඒහෙම ආතල් එකේ ඉන්න ජනතාවකට තමන්ට ඒ ආතල් එක දුන්න නායකය  වල කජු ගැහුවාය කියන්නෙ පොලවේ පස් කන සීන් එකක් වෙන එකේ පුදුමයක් නැ නේද ?


භූමීයෙන් ඇත , සම්භවය වෙනස් ජනතාවක් වුනත් ලංකාවෙත් ඒකාධිපති කමෙන් ආතල් ගන්න කැමති අය සැහෙන්න ඉන්නවාය කියල මට හිතෙනව . හැමවෙලේම රජකාලේ ගැන පම්පෝරි ගහන මේ අය  තමන්ගෙ ඡන්දෙන් පත්වුනු ජනාධිපති වරයවත් රජෙක් ය කියලා හිතාන "අපටත් රජෙක් පහලව ඇතේ " කියල සිංදුත්  කියනව .  ඔය දිනචරියාවෙන් කැලි පෙන්වන ඒවා ,කියන ඕනි පචයක් හිස් මුදුනින් පිලිගන්න ඒවා , ලෝකෙටම ගහන්න තරම් අපි පොරවල් කියල හිතාන ඉන්නෙ ඒවා (මේ වගෙ අය දැක ගන්න C නිවුස් බලන්න ) , එහෙම ලංකාවෙත් ටික ටික දකින්න තියන නිසා ,කවදා හරි දවසක අද අපි උතුරු කොරියාවේ දකින දේවල් මෙහෙත් දැකගන්න පුලුවන් වෙයි . අපිත් ඒකාධිපති ආතල් එක ගන්නා ජනතාවක් බවට පත්වෙයි

ඔය පහලින් දාල තියෙන්නෙ The Dictator චිත්‍රපටියේ ප්‍රචාරක පටිය . දැකල නැත්නම් පොඩ්ඩක් බලන්න . ඒක නම් සැබැම ඒකාධිපති ආතල් එකක් වගේ තමයි පෙන්න තියෙන්නෙ

Comments

  1. අපේ ලොකු අයියගෙ පැත්තෙනුත් ලොකු වෙනස් වෙමින් තියෙනව බොහෝම හෙමින් නමුත්. අන්නා හzආරෙ වගේ ව්‍යාපාර නිසා දූශණයට එරෙහි අණ පනත් ගෙන එමින් තියෙනවා, එය හොඳ තත්වයක්.

    ReplyDelete
  2. සමහර විට ඔය අඬන මිනිස්සු උඹ දන්නවට වඩා ලෝකෙ ගැන, ප්‍රජාතන්ත්‍රවාදෙ ගැන, ඔය කියන ඒකාධිපතිය ගැන දන්නව වෙන්නත් පුළුවන්...

    උන් එහෙ ඇත්තටම දුක් වෙන්න හේතු තියෙන හින්ද දුක් වෙන වෙලාවෙ උන් ලෝකෙ ගැන මොනාද දන්නෙ කියල විස්වාස කරගෙන උඹ ආතල් එකක් ගන්නව වෙන්නත් පුළුවන්...

    ReplyDelete
  3. @සාතන් - උතුරු කොරියාව කියන්නෙ මොන වගේ රටක් කියල දන්නවද ? ඒකාධිපතියෙක් වෙනුවෙන් කවුරුන් හෝ කෙනෙක් අඬව නම් ඌ තකතිරුවෙක් කියල තමයි මම කියන්නෙ , උන් ලෝකේ ගැන මොනව දැනගත්තත් නැතත් ඒකාධිපතියෙක් වෙනුවෙන් අඬන එකෙන් පේන්නෙ පියවි සිහියෙන් නැ කියල . එහෙම උන් දැනගත්තත් නැතත් එකයි . භාගෙට හරි ප්‍රජාතන්ත්‍රවාදය තියන රටක ඉන්න නිසා . ඔය ඕනි එකක් මට නම් ආතල්

    @දයාල් - ලොකු අය්යගෙ පැත්තෙ වැඩ බොහොම හෙමින් තමයි , ඒත් ප්‍රජාතන්ත්‍රවාදි රාමුව ඇතුලේ නිසා වටිනා කම වැඩියි . ඒකාධිපති කමෙන් වේගයෙන් ඉස්සරහට යනවට වඩා හෙමින් යන එක හොඳයි

    ReplyDelete
  4. මට කියන්න තියෙන දේ උඹ කියලා. ලංකාවේ කියලා වෙනසක් නෑ. සිංඅහල නිව්ස් වල මොනවද පෙන්වන්නේ. එතකොට ළෝකය ගැන සිංහලෙන දෙන වැඩ සටහන් කී දෙනාද බලන්නේ. නිව්ස් වල ලෝකේ ගැන පෙන්නන්නේ තත්පර ගානයි. බොරු නම් බලපන්. ඔය ඉහල සමාජයේ සහ 1 වන මැදපන්තියේ අයත් 2 වන මැද පන්තියේ බුද්ධිමත් කීප දෙනෙක් තමයි ලෝකේ ගැන දන්නේ. පිට රටක ඉන්න එකෙට් උනත් ඒ රටේ නායකයා අගනුවර ඒ රටේ ජනගහනය. පාලන ක්‍රමය කියන දේ අහුවොත් කියන්න දන්නේ නෑ. ඇත්ත ඒකයි. දොරමඩලාව බලන, සූරීයප්පෙරුමලගෙ ජැක්සන්ලගේ ලෙමන් පෆ් ලගෙ බන අහන. රටේ ඉන්න බුද්ධිමත් ජනතාවගෙයි උතුරු කොරියාවේ ජනතාවගෙයි වෙනසක් නෑ. මම උඹට හොඳ කතාවක් කියන්නම්. මේක මේ මහාචාර්යවරු සවුත්තු කරන්න කියනවා නෙමෙයි. මම එක රටක ඉඳලා ලංකාවට එන වෙලාවේ. ප්ලේන් එකේ මැද පේලියේ කෙලවරක මම මැද්දේ ලංකාවට එන සංචාරකයෙක්, අනික් සීට් එකේ නිවාඩුවට මෙහේ එන අපේ ප්‍රොෆෙසර් කෙනෙක්. අපි තුන් දෙනා අදුරගත්තම ප්‍රොෆෙසර් මාව ගනන් ගත්තේ නෑ. දැන් සුද්දා අරූගෙන කොහොමද සුද්දගේ රට එහේ ස්ථාන චිත්‍රපටි ගැන ස\ස්කෘතිය ගැන ප්‍රසිද්ධ අය ගැන අහනවා අරූ මුකුත් දන්නේ නෑ. මම සුද්දා එක්ක සෙට් උනා. ඊට පස්සේ සුද්දා සීගීරිය ගැන ඇහුවා පොඩි පොඩි ප්‍රශ්න මූ දන්නේ කාෂ්‍යප ගැන විතරයි සුද්දා මිගාරයි මුගලන් ධතූසේන ඔක්කොම දන්නවා. අන්තිමෙදී සුද්දා හිනාවෙලා හයියෙන් කිව්වා. මම හිතන්නේ උඹලගේ අධ්‍යාපනේ ෆුල් අප්සෙට් ඇති කියලා. ඔන්න ලංකාවේ බුද්ධිමතුන්ගෙත් තත්වේ.

    ReplyDelete
  5. සමහර විට ඔය අඬන මිනිස්සු උඹ දන්නවට වඩා ලෝකෙ ගැන, ප්‍රජාතන්ත්‍රවාදෙ ගැන, ඔය කියන ඒකාධිපතිය ගැන දන්නව වෙන්නත් පුළුවන්...

    උන් එහෙ ඇත්තටම දුක් වෙන්න හේතු තියෙන හින්ද දුක් වෙන වෙලාවෙ උන් ලෝකෙ ගැන මොනාද දන්නෙ කියල විස්වාස කරගෙන උඹ ආතල් එකක් ගන්නව වෙන්නත් පුළුවන්...

    ReplyDelete
  6. ඇත්තෙන්ම මාත් හොල්මං වෙලා ඉන්නේ මේ මිනිස්සු ඇයි මෙහෙම වෙන්නෙ හැසිරෙන්නේ කියලා. ඔබ කිව් කථා මමත් හිතනවා බොහෝ දුරට හරි වගේ. ඇයි අප්පේ අපේ ඉන්න මැඬියොත් හිතාන ඉන්නේ එහෙමනේ. ඔබාමට මොනවද කරන්න පුළුවන්. ඕක හරෝල ආපහු එවනවා විභාග කොරල අපිටත් කියන්න කියලා. එහෙමනේ බහුතරයක අදහස. ඒක පැත්තකින් තියමුකෝ. අපිත් හිතාන ඉන්නෙ කොහොමද කියලා ටිකක් රට ඇතුලට ගිහින් බැලුවොත් තේරෙනවා. ඔබ කියනා අනාගතය වැඩි ඈතක නොවන වග. ඒ වගටත් මෙසේමය.

    මාතලං සහතික ඇත්ත. උදේ සවස ඔය හාදයෝ එක්ක ගැවසෙන මට නම් ඕක ඒ හැටි පුදුමයක් නෙමෙ. සුද්දා හරියටම හරි.

    ReplyDelete
  7. KC - ඉස්සර වෙලා උතුරු කොරියාවේ මිනිස්සුන්ට ලෝකේ ගැන දැන ගන්න තියන අවස්ථා ගැන හොයල බලන්න . කොහොම උනත් ලංකාවේ මට මෙහෙම බ්ලොග් එකක් ලියලා ආතල් එකක් ගන්න තියන ඉතාම සරල අයිතියවත් උන්ට නැ .

    මාතලන්/මහ වෙදනා - දුක තමයි නේ , මට මහා චාර්ය වරු නම් ආශ්‍රය කරන්න ලැබිලම නැ . හැබැයි උන්ගෙ මහන්තත්වෙයි , නලියා වගෙ පිනාචාර්යලයි දැක්කාම හිතා ගන්න පුලුවන්

    ReplyDelete
  8. අපි ලෝකේ ගැන දැන ගන්නේ තොරතුරු වලින්.විවිධ ක්‍රම වලින් අපිට ලැබෙන තොරතුරු අපි අපේ කැමැත්ත,බුද්ධි මට්ටම වගේ දේවල් වලින් පෙරලා ලෝකේ ගැන හෝ සිද්ධීන් ගැන චිත්‍රයක් මවා ගන්නවා.ඒ තොරතුරු අපට සියට සියක් විශ්වාස කරන්න බෑ.අපට කරන්න පුළුවන් 1ම දෙ එක් සිද්ධියක් ගැන මුලාශ්‍ර කීපයකින් තොරතුරු අරන් ගලප ගන්න එක විතරයි.

    අපේ රටේ අයි.ටි.එන් 1 ආණ්ඩුවට කඩේ යනවා වගේම ලෝක මාධ්‍ය කියලා පිළිගත්ත සි.එන්.එන් , බි.බි.සි වගේ එව්වා ඇමරිකාව ප්‍රමුක සන්ධානයට කඩේ යනවා.ස්වාධින මාධ්‍ය කියලා මගුලක් නෑ.(බ්ලොග් අනම් මනම් අදාළ නෑ.)අනිත් එක අයිටිඑන් එකෙන් සිඑන්එන් එකට බිබිසි එකට කොච්චර බැන්නත් විදෙස් පුවත් කියලා පෙනන්නේ එව්වයෙ යන එව්වමනේ.

    උ.කොරියාවේ පාලනය මොනවගේ වෙන්න ඕනෙද කියලා තීරණය කරන එක ඒ රටේ මිනිස්සුන්ගේ වැඩක්.ප්‍රජාතන්ත්‍රවාදය නැති එක වැරද්දක් තමයි.නමුත් ඇමරිකාව පෙන්නන කෝණයෙන්ම උ.කොරියාව දිහා බලන එක අපි නොකළ යුතුබවයි මගේ අදහස.

    එතකොට බ්‍රිතාන්‍යයේ මෑතකදී ඇති වෙච්චි කෝලහාලවලදී එව්වා කරපු උන් දාමරිකයෝ.ඊජිප්තුවෙදී ලිබියාවේදී විප්ලවවාදීයෝ,නිදහස වෙනුවෙන් සටන් කරන ජනතාව.එතකොට ලන්ඩන් කැරැල්ලේදී ෆේස්බුක්,ට්විටර් තහනම් කලේ... හුහ්!!! මහලොකු පරජාතන්ත්‍රවාදෙ !!!!. අනේ නිකන් පලයන් බං යන්න....

    ReplyDelete
  9. මේක ටිකක් විතර ඒක පාර්ශවිකයි වගේ නැද්ද මචෝ. උන් මෙහෙමයි වෙන්න ඇති කියලා හිතාගන අපේ තර්කයට අනුගත කරලා යමක් ගොඩනගලා ඒකට තල කලා ඉන්නවා වගේ දෙයක් මට දැනෙනවා... (මං දන්න දේශපාලන උලව්වක් නෑ. මේ වගේ ලිපියකට කමෙන්ටුවක් දැම්මමද කොහෙද මේ)

    ReplyDelete
  10. KC - ඔය මතුවෙන්නෙ බ්ලොග් අවකාශයෙ ඉන්න එකාධිපති වාදියො , කැරැල්ලක් මර්ධනය කරන එකයි රටක් ඒකමතිකව පාලනය කරන එකෙයි වෙනස අදුරගන්න බැරි ගොබ්බයින්ට ප්‍රජාතන්ත්‍රවාදයක අගයක් දැනුනොත් ඒකයි පුදුමේ , බිබිසිය බටහිර මතවාදය පෝෂනය කලා උනත් ඒ තියන මාධ්‍ය සාදාචාරයෙන් අර්ක්කාලක් වත් ලංකාවේ කිසිම මාධ්‍යක (අයිටීන් ,සිරස ඇතුලු ) නැ . උතුරු කොරියාවේ එහෙමවත් මාධ්‍ය නැ .රජයට අවශ්‍යදේ විතරයි මාධ්‍ය වල යන්නේ .බාධා කිරීම් හමුවේ හරි අනික් රටවල් අන්තර්ජාලය භාවිතා කරනව . උතුරු කොරියාවේ අන්තර්ජාලයක් කියල එකක් ඇත්තෙත් නැ . තමුන්නාන්සෙ උතුරු කොරියාවේ පාලනය ඒ රටේ ජනතාව තිර්‍රණය කරන්න ඕනිය කියනව . පාලනය ගැන තීරණය කරනව තියා රටේ ආර්තිකයත් 100%ක් පාලනය කරන්නේ රජය .

    තීර්ථ යාත්‍රිකයා - මෙහෙමයි මචං ,ඒක පාර්ශවීයයි තමයි . ඒ වුනත් ඒකාධිපතිත්වයක් මිනිස්සු අගය කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට බොහොම සරල උත්තරයක් තමයි දෙන්න උත්සහ කලේ

    ReplyDelete
  11. උතුරු කොරියාව ගැන වැඩිමනත් දන්ෙනනැති - ඒ නිසා නිහඬ වත දිගටමැ රකින්ෙනමි.

    ReplyDelete
  12. මේ සම්බන්ධයෙන් දිගටම වාද කිරීමේ අදහසක් නෑ.නමුත් පැවසිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.

    ප්‍රජාතන්ත්‍රවාදයේ අගය සම්බන්ධව වාදයක් නැහැ.නමුත් උ.කොරියාවේ අතීතය දිහා බැලුවොත්... කොරියාව කියන තනි රට උතුර හා දකුණ ලෙස බෙදී යනවා.ද.කොරියාව ඇමරිකාවත් උ.කොරියාව රුසියාවත් පාලනය කරනවා.වියයුතු ලෙසම ද.කොරියාව ධනවාදී මාර්ගයේ යද්දී උ.කොරියාව කොමිනියුස්ට් මාර්ගයේ යනවා.ඒ කාලයේදී ධනවාදී ක්‍රමය අධිරාජ්‍යවාදී, මිනිසුන් පාගා දමන ක්‍රමයක් ලෙසත් කොමිනියුස්ට් ක්‍රමය ජනහිතවාදී ක්‍රමයක් ලෙසත් පිළිගැනුණු බව අමතක කරන්න එපා.සිත යුද්දයෙන් රුසියාව පැරදීමත් එක්ක උ.කොරියාව ආනත වෙනවා.බෙදිච්ච දවසේ ඉදන් රටවල් දෙකම යුධ සුදානම අංක 1ට තියාගන්නවා.ඇමරිකාව ප්‍රමුක බටහිර උ.කොරියාව ලෝකයෙන් හුදකලා කරලා උපරිම බාධක දාලා තියෙන වටපිටවක උ.කොරියාව අද ඉන්න තැන ගැන දැනේනේ පුදුමයක්.කොයි වෙලාවේ තමුන්ගේ රටට ප්‍රහාරයක් එල්ල වෙයිද කියලා නොදන්න ජාතියකට ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ප්‍රමුකතාවයන් තිබීම ගැන පුදුම විය යුතු නෑ.

    උ.කොරියාවේ මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදය වුවමනා වුනොත් ඔවුන් එය වෙනුවෙන් සටන් කරාවි.ලෝකේ නවීන අවි අයුධ බාවිතා කරන,ලෝකයේ බලවත් ජාතීන්ගේ වයිරයට පාත්‍රවි අපමණ සම්බාධක තිබියදීත් දෙපයින් නැගීසිටින රටක ඉන්නේ ලෝකේ රවුම්ද?,පැතලිද? කියලවත් දන්නේ නැති බුරුවෝය කියන 1 මට පිළිගන්න බැරි කාරණයක්.

    ප්‍රජාතන්ත්‍රවාදය නැති උ.කොරියාවෙන් ලොවට හානියක් වි නැතත් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති බටහිරින් ලොවට වි ඇති හානිය කියා නිමකරන්නට බැහැ.මෑත කාලයේම ලක්ෂ කියක් මරා දැමුවාද??. ඒබැවින් කිම් ජොන් උන්නැහෙගේ අභාවයෙන් ආතල් ගන්නා ඔබ වැනි ගොබිලෙක් වනවාට වඩා බ්ලොග් අවකාශයෙ එකාධිපතිවාදියෙකු වීම සැපක්...

    ReplyDelete
  13. උතුරු කොරියාව අදටත් රුසියාව හා චීනයේ යටි ආධාර මතරඳා පවතින්නකි(උතුරු කොරියාවේ 100%ක් ආර්ථික බලය ඇති රජය එහි පවත්වාගෙන යන ආර්ථික වර්ධන වේගයේන් දෙපයින් නැගිට්ට සැටි පෙන්නුම් කරයි ) , ඒ ඔවුනගෙ කූට අරමුණු සඳහා පමණි . උතුරු කොරියාව සහ දකුණු කොරියාව සඳන්න . දකුණු කොරියානුවන් ලබා ඇති දියුණුවෙන් අංශු මාත්‍රයක්වත් උතුරු කොරියානුවන් සතුව නැත . ඔබ වැනි බටහිර විරෝධීන් බටහිරයන්ගේ අන්තර්ජාලයේ පිහිටෙන් ඒකාධිපතිවාදයට කඩේ යත්දී බටහිරයන් හා ඔවුනගේ අන්තර්ජාලය ප්‍රතික්ෂේප කිරීමෙන් කොරියානුවන් ඉදිරියෙන් සිටී . ලෝකය රවුම්ද පැතලිද යන්න දැන ගැනීමෙන් පමණක් පලක් වන්නේ නැත . කොරියානුවන්ට කඩේ යන ඔබ එහි සමාන්‍ය ජනයාට ලොව කිසිදු තොරතුරක් දැන ගැනීමට ඇති සියලුම මාර්ගයන් වසා දමා ඇති බැව් පිලිගන්නෙ නැත ,සියලුම මාර්ගයන් වැසූ විට ඔවුන් තොරතුරු දැනගන්නේ අහවල් කෙමනෙන්ද ? කින් ජෝන් මැරණත් නැතත් මට එකය . මා හිනා වෙන්නෙ ඔහුගේ මරණයට නොව ඒකාධිපතියෙකුගේ මරණයට හඬ වැලපෙන ජනතාවටය /

    ලොව බලවත් රටවල දේශපාලනික ක්‍රියා සඳහා ප්‍රජාතන්ත්‍රවාදයේ බලපැමක් නැත , නමුත් ඇමරිකානුවන්ම , ඇමරිකානු මාධ්‍යම ඇමරිකානු රජයේ යුධ ක්‍රියාමාර්ගයන්ට එරෙහිව නැගී සිටිනා නිසා ඇමරිකානු රජයේ යුධ ක්‍රියාමාර්ග කෙරේ යම් බලපැමක් හෝ ඇත . නමුත් ඒකාධිපති චීනය වැන්නෙක් ලෝක බලවතා වුයේ නම් (වාසනාවට අප ජීවිත කාලයේ නම් එසේ වන්නේ නැත ) ඔවුන් වපුරන කෘරත්වයේ සීමාවක් නොමැත . චීනුන් එය ටිබෙටයේදී මැනවින් ප්‍රදර්ශනය කර ඇත . තම රටේ මිනිසුන් දහස් ගණන් වෙඩි තබා මරා දමනා ඒකාධිපතියන්ට අනික් රටවල මිනිසුන් පිලිබඳ අමුතු අනුකම්පාවක් පහල වන්නේ නැත . සම්පත් සූරා කැම් , යුධමය උපාය සහ ආර්ථික උපායයන් වශයෙන් ලොව බලවත් රටවල් සිදු කරනා ක්‍රියාදාමයන් සහ ප්‍රජාතන්ත්‍රවාදය පටලවා ගන්නා ඔබ වැන්නන් වඩාත් ගැලපෙන්නෙ , අංග විකල හෝ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති ලංකාවට නොව ඒකාධිපති කොරියාවටමය

    ReplyDelete
  14. දකුණු කොරියාව ලොව ප්‍රභ්ලතම ආර්ථිකයන් 20 න් එකකි , සංවර්ධිත රටකි . සංවර්ධනය වෙමින් පවතිනා රටක් වශයෙන් මෙන්ම සංවර්ධිත රටක් වශයෙන්ද ඉතාමත් ඉහල ආර්ථික වර්ධන වෙගයක් රඳවා ගත්තකි . යුධ ශක්තියෙන් ඔවුන් සිටින්නෙ 7 වැන්නේය , ඇමරිකාව රුසියාව චීනය හා ඉන්දියාව යන දැවැන්ත රටවල් හැරුණු යුධ ශක්තිය දෙවනි වන්නේ තුර්කියට හා බ්‍රිතාන්‍යයට පමණි . දකුණු කොරියානුවන් ගිය මාවත නිවැරදි බවත් උතුරු කොරියානුවන් ගිය කොමිනිස්ට් මාවත අසාර්ථ බවත් මෙයින්ම පැහැදිලිවේ . බටහිරට බනිමින් හීන ලෝක වල ගත කල වුන් දියුණු වී නැත . ආසියාවේ ඇති සියලුම සංවර්ධිත රටවල් , එම තත්වයට පත්වුයේත් , චීනය හා ඉන්දියාවේ ආර්ථිකයන් සීග්‍රයෙන් වර්ධනය වන්නෙත් බාහිර ලෝකය සමඟ පවත්නා වෙලඳ සබඳතා හෙතුවෙනි . බලයෙන් හිස උදුමාවගෙන බටහිරට චණ්ඩි පාට් දැමු පමණික් රටක් දියුණු වන්නේ නැත

    ReplyDelete
  15. ඇත්ත එක එක්කෙනාට තියෙන්නෙ එක එක මතවාද....................
    සමහර තැන්වලදි බුවා සහෝදරයා ලියලා තියෙන්නෙ ඇමරිකානුගැති බටහිර ආරෙන් කියන එක පැහැදිලිව පේනවා....ඒත් ඔබ කියපු සමහර දේවල් නිවැරදි වෙන්නත් සමිභාවිතාවක් තියෙන්න පුලුවන්........ මට නමි ඔය ආරංචිය ආපු ගමන් හිතට ආවෙ මාර දුකක්! ලංකාවෙ කොචිචර සේවයක් කල මනුස්සෙයෙකුට වත් ඔහොම පුතිචාර නමි ලැබෙන්නැතුව ඇති......ඒක ඉතින් ඔබ වටෙන් කියන ලිංමැඩි සංස්කෘතිය වෙන්න ඇති.....
    KC දක්වලා තියෙන අදහස් ගොඩාක් නිවැරදියි කියලා හිතෙනවා

    ReplyDelete
  16. මගේ දිනපොත - පැහැදිලිවම "බුවා" බටහිර හිතවාදී , ඕනි කෙනෙකුට බටහිර ගැතියි කියන්න පුලුවන් .හැබැයි බටහිරය කියල ඇමරිකාවේ අසික්කිත දේශපාලන ගේම් වලට හුරේ දාන්නෙත් නැ ,. කොහොම උනත් බුවා කියන පුද්ගලයට කෙසේ වෙතත් ලංකාවට බටහිර හිතවාදී වීම අත්‍යාවශ්‍යයි කියල මම කියා සිටිනව . ඒකට ඕනැ තරම් හේතු දෙන්න පුලුවන් . එක උදාහරණයක් තමයි දකුණු කොරියාව . අපි කැමති වුනත් අකමැති වුනත් ලෝකයේ තීරණාත්මක බලයක් බටහිරට තියනව , අන්න ඒ නිසා ප්‍රයෝගිකව රටකට (ලංකාව වගෙ චූටි රටකට විශේෂයෙන්ම ) දියුණු වෙන්න අවශ්‍ය නම් බටහිර අත්‍යාවශ්‍යයි . (තව හෙතු තියෙයි දැනට ඇති ) . බටහිරට පුක උඩ දාගෙන බනින උන්නාන්සෙලා ට පුලුවන් නම් බටහිර ප්‍රතික්ෂේප කරල ලංකාව දියුණු වෙන ආකාරය පැහැදිලි කරා නම් හොඳයි . දියුණු වෙන්න ඕනි නැ , මේ විදිහට ලංකාව ඇදගෙන යන්නෙත් ඔය පතුරු ගහන බටහිරයන්ට ම විකුනන භාණ්ඩ හා සේවා නිසා . විකල්ප ක්‍රමයක් තියනව නම් කියන්න (අර මැටි වංශලාගේ සිංහල -බෞද්ධ රජකාලෙට ආපහු යන ක්‍රම ඇරෙන්න )

    ReplyDelete
  17. ඇත්ත සහෝදරයා මට කියන්න පුලුවන් මම මධ්‍යස්ථ මතධාරීකියලා....ඒත් ඒක එහෙම නෙවෙයිනෙ.... මොකද නොබෙදි සමිමෙලනේ ඉන්න හුගක් රටවල් ඔය කියන බටහිරට හරි චීනය/රැසියාව කියන රටවලට හරි යමිකිසි නැබුරැවක් අනිවා තියෙනවා......
    ඇත්ත අපිට අද බටහිර අතඇරලා දාලා චීනේ හෝ රැසියාව එක්ක තනිගමනක් යන්න බැහැ කියන එක මම පිළිගන්නවා...... ඒක එහෙම වුණා නමි මම අද සතුටු වෙනවා .... ඇත්තටම මමත් බටහිර විරෝධියි ....ඒත් ඔවුන් සතුවත් අපේ රටට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.....
    නමුත් පොඩිඩක් අපි ආපහු හැරිලා බලමු උතුරැ කොරියාව දිහා.. පොඩිඩක් වත් හිතන්න බැරිද ඒ මිනිස්සු අපිට වඩා කොචිචර කෙලින් වැඩ කරන ජාතියක්ද කියලා.....ඒ ගොල්ලන්ට තිබිබා එක පුතිපත්තියක් අපි රැසියාවට ලැදියි කියලා.....(අවාසනාවකට රැසියාව සීතල යුද්දෙන් පැරදුණා)
    පොඩිඩක් හිතන්න රැසියාව ඒක දින්නනමි අද උතුරැ කොරියාව ගැන.................................


    ඒකාධිපතිවුණත් නැතත් හොද මිනිහෙක්ට ලංකාවෙ මිනිස්සු ගරැ කරන්න මැලිවුණාට ලෝකෙ හැම රටකම එහෙම නැහැ....

    ReplyDelete
  18. අන්තර්ජාලය බටහිරයන්ගේ ද? එතකොට බුද්දාගම...... සරම, කලිසම, .....අපේ නම් වාසගම් ...අපි. අනේ මන්ද, උබලගෙ මෝඩ පහේ ප්‍රජාතන්ත්‍රවාදය....උන්ගෙ ආතල් ඒකාදිපතිවාදය මට නම් පිස්සු වගේ අප්පා.

    ReplyDelete
  19. බුවා උත්තර දෙන විදිහ සමහර විට හරිම ආවේගශීලියිනෙ. හුඟක් උත්තර චුට්ටක් විතර තරහකුත් එක්ක දීලද මන්දා.
    මම බුවාට විරුද්ධ මතවල හිටියත් හැමදාම පෝස්ට් කියවලා කොමෙන්ට් නොකර මාරුවෙනවා. ආවේගශීලි වචන හුවමාරුවකට යන්නත් පැටලිලා වැඩ ඇරගෙන කොමෙන්ට් කරන්නත් අකමැති බොහොමයක් අය එහෙම කරනවා ඇති.
    හැබැයි දේශපාලන පෝස්ට් ලියල ලැබෙන කොමෙන්ට් දැක්කම මල පනින එක හරි කියලත් හිතුනු වෙලාවල් මටත් තියෙනවා.
    මම ජීවත් වෙන ඔසි රට ඇතුලු බොහෝ රටවල් ඔලුව උස්සගෙන ඉන්නෙ චීනෙට පින්සිද්ධ වෙන්න කියන එකත් ලෝකෙ ලොකුම නය කාරය ඇමෙරිකාව කියන එකත් පම්පෝරි ගැහුවට උන් මේ ආත්මෙ ගොඩ එන්නෙ නැහැ කියන එකත් කවුරුත් දන්නව වුනාට දන්නෙ නැහැ වගේ ඉන්නවනෙ. මමත් පට්ට ධනවාදියෙක් ඒකාධිපති වාදෙට හොඳටම විරුද්ධ්යි නමුත් තව අවුරුදු පනහකින් හරි සීයකින් හරි ලෝකෙ මොන තත්වෙ ආර්ථිකයක් මොන පාලන ක්‍රමයක් හොඳ වෙලා තියෙයිද කියලා කවුද දන්නෙ.
    සින්හල රජකාලෙත් හිටියෙ ඒකාධිපති පාලකයො අපේ රට හොඳටම දියුනු වෙලත් තිබ්බා කිව්වට ඒකාලේ පීඩිතව ඉඳපු සමාජය ඒක මොන විදිහට දැක්කද කියලා කවුද දන්නෙ.
    රටක පාලකයා මලාම ජනතාව අඬන එක පාලකයා ප්‍රජාතන්ත්‍රවාදී වුනත් ඒකාධිපති වුනත් වරදක් ඇති කියල එකපාරටම අපිට තීරනය කරන්න අමාරුයි කියල මම නම් හිතන්නෙ.

    ReplyDelete
  20. අනේ උබල වගේ මැට්ටෝ ටිකක් ... මහාචාර්ය කෙනෙක් සිගිරිය ගැන දැන නොගත්තට මොකක්ද තියෙන ප්‍රශ්නේ ... තමන්ගේ වැඩේ හරියට කරනවා නම් .... ඔය කුනුකන්දල්වලින් මොලේ පුරවන්නේ නැතුව ... මම අහල තියෙනවා අයින්ස්ටියින් ගෙදර යන්න පාර අමතක වෙලා වෙනකගේන්දෝ අහගෙන ගිය කතාවක් .... උබලට අනුව නම් උ කිසිම වැඩකට නැති එකෙක්

    ReplyDelete
  21. KC ගේ අදහස් සමග මමත් සම්පුර්ණයෙන්ම පාහේ එකඟ වෙනවා...

    ඔවුන් ඇත්තටම වැළපෙන්නේ ඔවුන්ගේ නායකයා වෙනුවෙන්නම් ඔහු නියම නායකයෙකු බව පිළිගැනීමට මා හට වෙන කරුණු උවමනා නැත.
    නායකයා ඔවුනට වටිනා නිසා සහ සේවයකළ නිසා ඔවුන් වැලපෙනවා විය හැකි අතර එයට උපරිම අයිතියද ඔවුන් සතුය.

    එසේම, කොහේ හෝ සිටින කෙළතොල්ලෙකුට ඒ දෙසබලා සිනාසීමටද තහනමක් නොමැත....

    කෙනෙකුගේ(තම නායකයාගේ) විපතේදී අඬන මිනිසුන් දිහා බලා හිනාවීමට සහ ගැරහීමට හැකි උන්ගේ මානසික තත්ත්වය සහ ඒ මිනිසුන්ගේ මානසිකත්වය සංසන්දනය කිරීමෙන් ඔබ හටම මේ වෙනස වටහාගත හැකිවනු ඇත.
    ඔබ ඔවුනට නැතැයි කියා දුක්වන දේ ගැන ඔවුන් දුක් වන්නේ නැතිනම් ඔබ වැන්නවුන් ඔවුන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන්නේ මන්ද.

    ඔබ, අප සහ අනිකුත් රටවල් වල ජනයාට තිබිය යුතු සියලුම පහසුකම් ඒ ආකාරයෙන්ම කොරියානු ජනතාවට හෝ මේ ලෝකයේ කොහේ හෝ සිටින ජනතාවකටද තිබිය යුතුයැයි ඔබ සිතනවානම් එය සමාජවාදයම නොවේද...
    අප රටේ හෝ අනිකුත් රටවල මිනිසුන්ට තිබෙන දේ ඒ ආකාරයෙන්ම තවත් රටකට තිබිය යුතුබව බලකර කියා සිටින්නට ඔබට අයිතියක් ලැබුනේ කවදාද....

    මිනිසුන්ට මුලිකවම අවශ්‍ය තම රටේ නිදහසේ සතුටින් ජිවත් වීමට හැකියාව සහ ඒ සඳහා උවමනා ආර්ථික පසුබිමකුත් පමණි. මිනිසා සෑම දෙයක්ම කරන්නේ ඒ වෙනුවෙනි.
    ඔබට අවශ්‍යයි කියා හිතෙන දෙයින් සීයෙන් කොටසක් හෝ නැතුවත් ඔබට වඩා සතුටින් දිවිගෙවන මිනිසුන් මේ ලෝකයේ ඕනා තරම් ඇත.
    උ.කොරියාවේ මිනිසුන්ද එසේ වියහැකි බවට මා උපකල්පනය කරමි.

    මට මේ පුවතෙන් තේරෙන්නේ එකම එක දෙයක් පමණි, කුමන හෝ කරුණක් නිසා ඔවුන් නායකයා කෙරෙහි කැමැත්තෙන් ඉන්නට ඇති බවත් ඒ නායකයා ඔවුන්ගේ නිසා ඔවුන් දුක්වන බවත්ය.
    පිට සිටින ඔබ වැන්නවුන්ට ඔවුන්ගේ පාලකයාගේ ක්‍රියාවන් ප්‍රශ්න කිරීමට පවා අයිතියක් නැතිබව ඒ ජනතාව ක්‍රියාවෙන් ඔප්පුකර තිබේ.

    ReplyDelete
  22. මගේ කථාව - සෝවියට් දේශයේ බිඳ වැටීමට හේතුවත් , සමාජවාදයේ අසාර්ථක කම තමයි .සමාජවාදයේ එල්ලිලා හිටපු කවුරුත් සාර්ථක වෙලා නැ .කෲර වැඩවස්ම් පාලනයට සමාජවාදය විකල්පයක් වුනත් ධනවාදයෙන් ලබන ප්‍රයෝජන ලැබන්න අමාරුයි . චීනය තමන්ගෙ ආර්ථික ප්‍රපත්ති වෙනස් නොකලා නම් ඔවුන්ටත් එය එසේමයි .රටක් විදිහට කෙලින් ඉන්න ජාතියක් වෙන්න පුලුවන් . නමුත් අදාල රට තුල ඉන්න පුරවැසියන්ට කෙලින් සිටීමේ හැකියාවක් තියනවද

    ඩිනුප - අන්තර්ජාලය බටහිරයන්ගේ නොවෙයි නම් කාගෙද , ඇත්තටම අන්තර්ජාලයෙ බරපතල ඒකාධිකාරියක් ඇමරිකාවට තියනව . රුසියාව වගෙ රටවල් ඒ බලය එක්සත් ජාතීන් යටතට ගන්න යෝජනා කරලත් තියනව . බුද්ධාගම ආවේ කොහෙන්ද , සරම , කලිසම ආවේ කොහෙන්ද කියන එක රහසක් නෙවෙයිනේ .

    ඇනෝ - ඇනෝ ස්තුතියි අදහසට , ආවේගශිලි වැඩියි වගේ තමයි සමාවෙන්න . ඔය චීනය හා ඇමරිකාව කතන්දරේ එක පැත්තට නෙවෙයි දෙපැත්තටම බලපාන දෙයක් නේ . ලෝකෙයේ ලොකුම පරිභෝජකයා බිඳ වැටුනොත් ඊලඟට ඒ සෙතේ වෙන්නේ ලොකුම නිෂ්පාදකයාට . තව අවුරුදු 100 කින් නෙවෙයි තත්පර 10 වත් වෙන්නෙ මොනවද කියල හරියට කියන්න අපිට බැනේ . කොහොම උනත් මානව වර්ගයා ආපස්සට ගමන් කරයි කියල නම් මම හිතන්නෙ නැ

    ReplyDelete
  23. //ඔබ ඔවුනට නැතැයි කියා දුක්වන දේ ගැන ඔවුන් දුක් වන්නේ නැතිනම් ඔබ වැන්නවුන් ඔවුන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන්නේ මන්ද.

    ඔබ, අප සහ අනිකුත් රටවල් වල ජනයාට තිබිය යුතු සියලුම පහසුකම් ඒ ආකාරයෙන්ම කොරියානු ජනතාවට හෝ මේ ලෝකයේ කොහේ හෝ සිටින ජනතාවකටද තිබිය යුතුයැයි ඔබ සිතනවානම් එය සමාජවාදයම නොවේද...
    අප රටේ හෝ අනිකුත් රටවල මිනිසුන්ට තිබෙන දේ ඒ ආකාරයෙන්ම තවත් රටකට තිබිය යුතුබව බලකර කියා සිටින්නට ඔබට අයිතියක් ලැබුනේ කවදාද//


    ලොකු පුතා - මූලික මානව හිමිකම් කියා දෙයක් ඇත . එය ලෝකයේ සියලුම මිනිසුන්ට ලැබිය යුතු යැයි විශ්වාස කිරීම සමාජවාදය නොවේ . උතුරු කොරියානුවන් සතුටින් සිටින්නේ ඔවුන් ඊට එහා යමක් නොදන්නා නිසාය ,වසර ගණනාවක් තිස්සේ මොල සේදීමට ලක්වී ඇති ජාතියකට තමන්ට ඉන් පිටත ලැබිය හැකි කිසිවක් පිලිබඳ හැඟිමක් නැත . මා කථා කරන්නේ පහසුකම් ගැන නොවේ , කථා කිරීම , ගම්න් කිරීමේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ වය . බුදුන් සමයේ සුනීත වැනි කශල ශෝධකයින්ට ලැබිය හැකි උපරිම තෘප්තිය අඩු කසල ප්‍රමානයක් -වැඩි මුදලක් පමණක් වන්නට ඇත . බුදුන් වීසින් ඔහුව පැවිදි නොකලා නම් බමුණන්ට පමණක් වෙන්වී තිබූ ආධ්‍යාත්මික සුවයේ වටිනාකමක් ඔහු දැන ගන්නේ නැත .

    ReplyDelete
  24. ඇනෝ - සිගිරිය වගේ දේවල් පිලිබඳ දැනගන්න එක සාමාන්‍ය දැනීම , ඒක මහාචාර්ය කෙනෙකුට නෙවෙයි ඕනි කෙනෙකුට වැදගත් . අයිස්ටයින් කියන්නේ සුවිශේශි මනුස්සයෙක් , අපුරු බූද්ධිමය හැකියාවක් තිබුනු කෙනෙක් , ඒ වගේ කෙනෙක් එක්ක අනික් අයව සසඳන්න බැහැනේ

    ReplyDelete
  25. ලංකාවත් යන්නේ ඔය ඒකාදිපති මාර්ගයේම තමයි,බලදරයින්ට කෑමති ආකාරයට පිස්සු නටනවා, ඒවා බලන් ඉන්න ජනතාව ඒවට හුරේ දානවා,විපක්ශයක් කියලා දෙයක් දෑන් ඇත්තේම නෑ,ශිශ්ය සංගම තහනම්,පොලීසිය තමන්ට රිසි සේ පිස්සු කෙලිනවා....අනේ මන්දා..

    ReplyDelete
  26. අසංක - අනිවා , මම පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට සහය දක්වන කෙනෙක් , ඒ වුනත් ශිෂ්‍ය සංගම් තහනම් කරනව වගේ වැඩ නම් කිසිසේත්ම අනුමත කරන්නෙ නැ. අවශ්‍ය වෙන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගෙ විරෝධතාවන් ට එරෙහි මතවාදයන් මාධ්‍ය හරහා ජනතාවට ගෙනියන එක (හිතේ හැටියට කඩේ යවා ගන්න එකේ ප්‍රයෝජනවත් දේකට කඩෙ යවා ගන්න පුලුවන් නේ )

    ReplyDelete
  27. මගේ නං අදහස බුවා මතුකරල තියන සමහර කාරණා වගේම ප්‍රතිවිරුද්ධව දක්වල තියන අදහසුත්, තම තමං හිතන්න කැමති විදියට උපකල්පනයන් කරල ගොඩනගපුව. මොකද කාටහරි කියන්න පුළුවන්ද ඔය කාරණා 100%ක් ඇත්ත කියල. ලොක්ක මැරුණම ජනතාව ඇත්තට අඩනව වෙන්නත් පුළුවන් මාධ්‍ය සංදර්ශන වෙන්නත් පුළුවන්. ගඩාෆි ලිබියානු ජනතාව වෙනුවෙන් කරපු සේවය දිහා බැලුවම (ඔහු රට භාරගැනීමට පෙර සහ පසු තත්වයන් සැසදීමෙන්) ඔහුගෙ මරණය මේ විදියට සිද්ධවෙයි කියල කවුරුහරි හිතුවද? රටක මිණිස්සු හැසිරෙන විදිය පොදු සූත්‍රයකින් විග්‍රහ කරන්න පුළුවන් කියල හිතනවනං ඒන මෝඩකමක්. මෙන්න මේකනං 100%ක් හරි =ලංකාවෙත් ඒකාධිපති කමෙන් ආතල් ගන්න කැමති අය සැහෙන්න ඉන්නවාය කියල මට හිතෙනව =

    ReplyDelete
  28. මිලියන ගානක් ඉන්න රටක සීයට කීයක් මිනිස්සු අඬනවද කියලා අප දන්නේ නැහැනේ. මේ සේරම අඬන දර්ශන එන්නේ උතුරුකොරියානු රුපවාහිනිය හරහා. මාත් මේ ගැන පොඩි සටහනක් මගේ බ්ලොගයේ දැම්ම. දකුණු කොරියාවේ වැඩ කරන අපේ සහෝදර වැසියෙක් කොමෙන්ටුවක් දාල තිබුනා එහෙ (උතුරු පැත්තේ) මිනිස්සුන්ගේ පුදුම භක්තියක් ඉල් අය්යට තියනවා කියලා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. මේ භක්තිය තියන මිනිසුන් හරියට කරුණා (අම්මාන්) වගේ. කැලේ ඉන්නකම් විතරයි විමුක්ති සටන. තායි කෙල්ලෙක් දැක්ක ගමන් තේරුම් යනවා කැලෙන් පිටත ලෝකයක් තියනවා කියලා.

    ReplyDelete
  29. රාජ් - ඒක ඇත්ත , අපිට රටම මිනිස්සු ඔක්කොම ගැන එක පොදු සුත්‍රයෙන් විග්‍රහ කරන්න බැ ,නමුත් උතුරු කොරියාව ලෝකේ අනික් රටවලට වඩා වෙනස් . ස්තුතියි අදහසට

    රයිගම - මගේ පලවෙනි තර්කයත් මේවා මවාපාන රූපද කියන එක . දාන්නකො ඔබතුමා ලිපියට ලින්ක් එක (ප්‍රොෆයිල් එකෙන් බ්ලොග් එක හොයාගන්න බැනෙව )

    ReplyDelete
  30. ඇනෝ - සිගිරිය වගේ දේවල් පිලිබඳ දැනගන්න එක සාමාන්‍ය දැනීම , ඒක මහාචාර්ය කෙනෙකුට නෙවෙයි ඕනි කෙනෙකුට වැදගත් . අයිස්ටයින් කියන්නේ සුවිශේශි මනුස්සයෙක් , අපුරු බූද්ධිමය හැකියාවක් තිබුනු කෙනෙක් , ඒ වගේ කෙනෙක් එක්ක අනික් අයව සසඳන්න බැහැනේ

    මහත්තයෝ ..... කවුද දන්නේ ඔය කතාවට පාදක වෙච්චි කෙනත් ඒ වගේ ද කියල

    ReplyDelete
  31. ano - හ්ම් ..වෙන්න පුලුවන් අපිට එක පාරටම නැ කියන්න හැකියාවක් නැ , ඒත් ලංකාවේ ඒවගේ සුපිරි බුද්ධියක් තියන කෙනෙක් ඉන්න බවක් දැන ගන්න නැනේ . ලංකාවේ දක්ෂයාට තැනක් නොලැබෙන නිසා අපි නොදැන එහෙම කෙනෙක් ඉන්න බැරි නැ හැබැයි .එහෙම වුනොත් ඒක සුවිශේෂි අවස්ථාවක් , පොදුවේ ඔබතුමා හිතන විදිහට ලාංකිකයින් ගෙ සාමාන්‍ය දැනුම් මට්ටම ගැන සැහීමකට පත්වෙන්න පුලුවන්ද

    ReplyDelete
  32. බුවා මල්ලි මම දැන් අවුරුදු 30ක් තිස්සේ ජපානයේ ඉන්න කෙනෙක්. ඒ වගේම අනිවාර්යයෙන් මාස හයකට එක් වතාවක් මම උ.කොරියාවට ගිහින් එන්න ඕන. එහාට විතරක් නෙවෙයි තව රටවල් 8ක් මං ආවරණය කරන්න ඕන. එි හින්දා මං ටිකක් වෙන්න ඔය රටවල් ගැන විස්තර දන්නවා.ඒත් හැම දේම නෙවෙයි. මොකද මගේ එක ගමන් වාරයක් දවස් හතරකට වඩා නොවන නිසා.ඒත් දැන් අවුරුදු 12ක් තිස්සේ මම ඔය දේ කරන හින්දා නොදන්නවමත් නෙවෙයි.
    ඇත්තටම ඒ මිනිස්සු ඔයාලා හිතං ඉන්නවට වඩා දියුණූ ජාතියක්. ඒ වගේම සෑහෙන්න සැප පහසුකම් විඳින ජාතියක්.කාලගුණික දේශගුණික උවදුරු වැඩි කම නිසා කරදර තිබුනත් රටේ පාලකයින් හින්දා දුක් විඳින අය නෙවෙයි.

    මං දැක්කා තැනක කියලා තිබුනා උතුරු කොරියාව දුවන්නේ රැසියාවෙන් චීනෙන් උදව් අරං කියලා. ඔව් එහෙම තත්වයක් තියෙනවා. ඒත් එයිට වඩා දකුණු කොරියානුවන් බටහිර මත යැපෙනවා. හෙට උදේ වෙනකොට ඒ ආධාර නැති උනොත් මාස තුනකදී දකුණු කොරියාව ඉවරයි.ඒත් උතුරු කොරියාවට එහෙම තත්වයකදී අවුරුද්දක් අල්ලං ඉන්න පුළුවන්කම තියෙනවා. මං මේ ටික කියන්නේ මං කරන රැකියාව මේ රටවල්වල ආර්ථික මෙහෙයුම් පද්ධතියට සම්බන්ධ එකක් හින්දා ඇති දැනූම මත.

    උතුරු කොරියානුවන් දක්ෂ බුද්ධීමත් ජාතියක්. ඔය ගලන කඳුළු මෝඩ කඳුළු නොවන වග විතරක් සඳහන් කරන්න කැමතියි.

    බුවා කැමති නැද්ද ටිකක් ලෝකේ වටේ සංචාරය කරලා බලන්න?ඒක හොඳ අත්දැකීමක් වෙයි ඔයා වගේ කෙනෙකුට ලිවීමේදී.‍

    කොහොම උනත් ඔයා ලියනවා හොඳයි. දිගටම කරගෙන යන්න. ඉඳ හිට හෝ අපිත් ගොඩ වෙලා කියවලා බලලා යනවා. ඒත් මොනවත් ලියන්න වෙලාවක් නොලැබෙන තරම්.
    ඔබලාගේ සිංහල ලියමන් වලට ජයවේවා!

    ReplyDelete
  33. බුවා ලියන්නෙත් අර අති පණ්ඩිත මෝඩ කණීයා වගේනේ. ඌත් බුවා වගේම ඔළුව ඉදිමුන රියල් මෝඩයා.

    ReplyDelete
  34. @ඇනෝ - (23, 2011 10:29 ) - ස්තුතියි අදහසට , ඔබතුමා අත්දැකීම් අනුව කියනවාය කියන නිසා ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් මට නැ . විශාලත්වය අතින් 14/15 තැන ඉන්න දකුණු කොරියානු ආර්ථිකය මාස කිහිපයකදි බිඳ වැටීම විශ්වාස කරන්න අමාරුයි .පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද

    @ඇනෝ - ( 23, 2011 10:33) - කණියා ගැන නම් දන්නේ නැ , මම නම් ඔබතුමා වගේ බුද්ධිමතෙක් නෙවෙයි

    ReplyDelete
  35. අවුරුදු ගාණක ඉඳන් මම ජීවත් වෙන්නෙ දකුණු කොරියාවේ , අර කලින් මහත්තයෙක් කියල තියන විදිහට බටහිර ආධාර නැවතුනා කියලා මාස තුනෙන් කඩා වැටෙන තත්වයක් මෙහෙ නැ . කොරියාව කියන්නේ දැන් ස්ව ශක්තියෙන් වැඩ කරගෙන යන සංවර්ධිත රටක් . උතුරු කොරියාව කියන්නේ බුවා හිතන තරම් නොදියුණු රටක් නෙවෙයි .ලංකාවට වඩා පහසුකම් තියනවා ඒ රටේ මිනිස්සුන්ට .හැබැයි මානව හිමිකම් අරව මෙවා නම් ඇත්තෙම නැ , ඒ වුනාට ඒ රටේ මිනිස්සුන්ට ඒවායෙ ගානක් නැ .(සමහරවිට බුවා කියනවා වගේ උන්ගෙ නොදන්න කම වෙන්න ඇති ) . ඔය අඬන විඩියෝ නම් විශ්වාස කරන්න එපා මුලු රටම එක විදිහට අඬනවාය කියල . ඕව ඔක්කොම උතුරු කොරියානු රජයෙන්ම හදල එවන ඒවා .ඒ අය කොහොමටත් විඩියෝ හැදිල්ලට දක්ෂයි

    ReplyDelete
  36. මේ ගැන යන සංවාදයට පැටලෙන්නට මට වුවමනාවක් ඇතත් ඒ සඳහා අවස්ථාවක් නැති නිසා නිහඬ වෙමි. එසේ වුවත් බුවා ගෙන් එක් පැනයක් ඇසීමට කැමැත්තෙමි...

    ඔබ උතුරු කොරියාව ගැන තොරතුරු සොයා ගත්තේ කොහෙන් ද ? කුමන මූලාශ්‍රෙයන් ද ? ඒ ඉහත ඔබ දැක්වූ විකිපීඩියා පිටුවෙන් නම් මට මෙවන් ප්‍රශ්ණයක් පැන නැගේ. උතුරු කොරියානුවන් අන්තර්ජාලය ගැන දන්නේ නැතැයි ඔබම පවසයි. එසේ නම් විකිපීඩියාවට ඉහත පිටුව ලියූවේ කවුද ? නිසැකවම උතුරු කොරියානුවෙක් නොවන පිටස්තරයෙක් විය යුතුය. එය නිවැරදි කරන්නට හෝ වැරදිය කියා දැන ගන්නටවත් අන්තර්ජාලයක් උතුරු කොරියාවට නැති බව ඔබම සඳහන් කර තිබිණි. එසේ නම් උතුරු කොරියාව ගැන ඒ ලියා ඇති දේ අන්ධයාට කිරි ගැන කියූ පරිදි නොවේද ? එවැනි පක්ෂග්‍රාහී විචාරයක් මත ඉඳිමින් ඔබ මේ ලිපිය ලිවීම සාධාරණ ද ?

    ඒකාධිපති හා බටහිර ගැති ගැන මම මුනිවත රකිමි... තේරුමක් නැති බැවිනි... ජය !!!

    ReplyDelete
  37. චතුරංග - පලමුව මේක විචාරයක් නෙවෙයි , බොහොම සරල විග්‍රහයක් . කොටින්ම මෙතන වැඩි ඉඩක් තියෙන්නෙ කොරියානු රජය නියම ප්‍රමාණයටත් වඩා මවල මේ ඇඬීම් පෙන්වන්න . මම පාදක කරගත්ත එකම මූලාශ්‍රය විකිය නෙවෙයි , විකිය ගැන සඳහන් කලේ බොහෝ දෙනෙක් පිලිගන්න මූලාශ්‍රය්ක් නිසා . බාහිර විචාර නිවැරදි නොවෙන්න පුලුවන් නමුත් 100%ක් අසත්‍යත් නෙවෙයි . උතුරු කොරියාව භාහිර ලෝකය තමන්ගෙ ජනතාවගෙන් වසන් කලාට උතූරු කොරියානු ක්‍රියා කලාපයන් භාහිර ලෝකයට රහස් නෙවෙයි . උදාහරණයක් විදිහට උතුරු කොරියානු ජනතාව අන්තර්ජාලයට සම්බන්ධ නැ කියන එක , මාධ්‍ය මගින් පෙන්වන්නේ රජයට අවශ්ය දේවල් පමණයි කියන එකට එකම සාධකය විකිය නෙවෙයි .ඒවා නොයෙක් වර ඇහිලා තියන කතා . චතුරංගගේ බටහිර විරෝධය මම නම් මීට කලින් දැකල තියනව , පුදුමයි මෙතනදි ඒ ගැන මොකුත් නොකියා ගියපු එක

    ඇනෝ - දකුණු කොරියානු ආර්ථිකය ගැන ඔබේ අදහස නිවැරදියි කියල මාත් හිතනව . ඒ වගේම මම කොයිම වෙලාවකවත් උතුරු කොරියාව අන්ත නොදියුණු රටක්ය කියල කියන්නෙ නැ .නමුත් සමහර අංශ වලින් ලබල තියන දියුණුව තවත් සමහර අංශ වල දකින්නවත් තියනවද . ඔබ ඉන්නවාය කියන දකුනු කොරියාව අන්තර්ජාල වේගයෙන් කප් ගහත්දි උතුරු කොරියාව කොතනද ඉන්නෙ. කොහොම නමුත් නිදහසක් නැති දියුණුවට වඩා නොදියුණු ලංකාව හොඳයි . ඔබ ඉන්න දකුණු කොරියාව වැනි රටවල් ඔය දෙකම කලමණාකරනය කරගත්ත රටවල්. විඩියෝව මවා පැමක් විය හැකිය කියන එක තමයි මගේ පලවෙනි තර්කය

    ReplyDelete
  38. ඇත්තටම අන්තර්ජාලයේ ආශ්චර්‍ය දැන් මම විඳිමි.
    ඉතාම ගුණාත්මක සාකච්ඡාවකට මග පෑදුවාට බුවාට තුති පුදන අතර සැවොම කල එකතු කිරීම් අතර උතුරු කොරියාවේ සංචාරය කරන ඇනෝත් දකුනු කොරියාවේ ඇනෝත් කල එකතු කිරීම් මසුරන් වටී

    ReplyDelete
  39. ඔන්න මහත්තයෝ බලාගන්න සුපිරි ප්‍රජත්රන්තවාදයක් තියෙන ඇමෙරිකාවේ මිනිස්සුන්ගේ සාමාන්‍ය දැනුම

    http://www.youtube.com/watch?v=3WBtyG2OJvw

    ReplyDelete
  40. ano - මට හිතුන ඔය විඩියෝව දායි කියල ,මම ඕක දැකල බොහොම කල් .ලංකාවේ කවුරුවත් ඔය වගේ වැඩසටහනක් කරල තියනවද ? .ඔය වගේ දෙයක් ලංකාවේ කලොත් ඇමරිකාවට වඩා ප්‍රතිශතයකගේ ඔය වගේ කාරණා පිලිබඳ දැනුම අඩුය කියන එක බලාගන්න පුලුවන් වෙයි .

    ReplyDelete
  41. සෑහෙන ලොකු සංවාදයක් ගිහින්නෙ... ඇත්තටම උතුරු කොරියාව ගැන මහා ලොකු දැනුමක් නම් මට නෑ... මම කිව්වෙ තමන්ගෙ හිටපු නායකය වෙනුවෙන් එහෙම අඬන මිනිස්සු මෝ‍ඩයො, මෝඩ ආතල් එකක් ගන්නව කියන්න වෙනත් රටක ඉඳන් දකින දේ හරහ බෑ කියන එක...

    ඒකාධිපතියෙක් වෙනුවෙන් කවුරුන් හෝ කෙනෙක් අඬව නම් ඌ තකතිරුවෙක් කියල කියන්න පුළුවන්ද?... ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මිනිස්සු විසින් හදාගත්තු එකක් මිසක් ප්‍රජාතන්ත්‍රවාදය විසින් මිනිහව නිර්මාණය කලා නෙමෙයි කියන එක අමතක කරන්න එපා සහෝදරය...

    මගේ අදහස පෝස්ට් එකකින්ම දාන්නම්... දැන් වෙලාවක් නෑ... බාගෙට ලියපු පෝස්ටුවකුත් තියෙනව ඉවර කරන්න :)

    ReplyDelete
  42. ඒ මිනිස්සු බරපතල විදිහේ මොළ සේදීමකට ලක් වෙලා ඇති. සමහරවිට ඒක හින්ද වෙන්නැති ඔය තරම් අඬන්නේ. ඒත් මටත් ඔය ගැන නිශ්චිත යමක් නම් කියන්න අමාරුයි.

    ReplyDelete
  43. දයාල් බතී - ඇත්තටම මම මේ ලිපිය ලිව්වේ ලොකු සංවාදයකට යන්න නෙවෙයි . ඔය පහල තියන චිත්‍රපටි විඩියොවෙන් ආපු අදහසක් අනුව . අන්තිමේදි නතර වුනේ කොරියාවෙනුත් උත්තර හම්බ වෙලා

    උදාර - මේ අය විතරක් නෙවෙයි , පරම්පරා වක්ම මොල සේදීමට ලක්වෙලා තියෙන්නෙ

    සාතන් - ප්‍රජාතන්ත්‍රවාදය මිනිසුන් හැදුවේ වඩාත් යහපත් පරිපාලනයක් උදේසා , ලංකාවේ ඉඳන් මේ බ්ලොග් කරණය යෙදෙන අපි කිම් ජොන්ල ගැන විතරක් නෙවෙයි රජය ගැන , රාජ්‍ය නායකය ගැන පවා කොයි තරම් විවේචනය කරනවද .නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උපරිමයෙන් භුක්ති විඳින ගමන් ඒකාධිපතීන් හොඳයි කීමේ හැකියාවක් මට නැ . මොකද ලෝකයේ ඒකාධිපතීත්වයක් තියන කිසිම තැනක භාෂනයේ නිදහස නැ

    ReplyDelete
  44. බලාගෙන ගියාම දැන් බුවාලා වගේ බටහිර වන්දනා කරන අය ඇර අනිත් උන් හැමෝම මොල සෝදපු අය. හරි පව් නේද එයාලා.
    ඇත්තටම බුවා කියන්නකෝ රහස?ඒ කිව්වේ ඔයාගේ මොලේ හේදිලා නැති වීමේ රහස. හරි සෝක් මෙයා.ඔයා විතරයි පොර.කරුමෙට වගේ ඔයාට පොඩි ඉන්දියානු ආතල් එහෙකුත් තියෙනවා නේද? ඒකනං ඔය හින්දි පිචැර් වැඩියෙන් බලලා වෙච්ච දෙයක් වෙන්න ඇත. ඒක නෙවෙයි අනේ අර මිස්ටර් තාගෝර් කිව්ව වෙන වෙන දේවල් නැද්ද? මං අහන්නේ අර බිහාර්වල අනාථ කරලා දාපු සුන්දරියන්ට කියපු කතා එහෙම?
    ඔන්න දැන් මට කියන්න එපා ඔයාගේ ආතල් කඩනවා කියලා එහෙම.මං හලි අහිංතකයි.
    -අහිංතක ඇනෝ

    ReplyDelete
  45. //දැන් බුවාලා වගේ බටහිර වන්දනා කරන අය ඇර අනිත් උන් හැමෝම මොල සෝදපු අය. හරි පව් නේද එයාලා.//

    අහිංසක ඇනෝ - අනේ මම නම් එහෙම එකක් කියලා නැ , පුක උඩ දාගෙන බටහිරට බනින මහත්තුරු තමයි පියවි සිහියෙන් ඉන්නේ . තාගෝර් සුන්දරියන්ට කිව්ව ඒවා ඒ අයගෙන්ම අහගත්තා නම් තමයි වඩා හොඳ

    ReplyDelete
  46. බුවා, කොමෙන්ට් කියවන්න නං වෙලාව නැතුව ගියා, සොරි.
    ලංකාවටත් උතුරු කොරියන් ක්‍රමේ හොඳයි කියල හිතෙන්නෙ.... හෙහ් හෙහ්

    Just joking mate.

    ReplyDelete
  47. උඹ බටහිරට කඩේයන, බටහිර ගැතිවාදී පක්ෂ වලට කඩේයන , අපගේ මිතුරු ( ඒකාධිපති ) රාජ්‍යන් විවේචනය කරන, මේ සීග්‍ර සංවර්ධනයත් තව වසරකින් පමණ ලෝක බලවතුන් වී ඇමරිකාවටත් කෙලවන්න බලා සිටින අපගේ ජාතික වීරයන්ට අපහාස කරන එකෙක් නේද ?

    එල මමත් එහෙම තමයි

    කළු පූසා

    ReplyDelete
  48. http://ansathudinapotha.blogspot.com/2012/08/blog-post_8.html

    මම උතුරු කොරියාවට ආසයි...එහේ මිනිස්සුන්ට ආසයි..ඇයි ඔබ ඉන්දියාව කියන අලි ප්‍රජාතාන්ත්‍රික මානව ිහිතවාදි රටේ බඩගින්නේ ඉඳං වැඩකරන බහුතරය ගැන කතා කරන්නෙ නැත්තෙ?
    අමරිකාවෙ වීදිවල ඉන්න ගෙවල් නැති මිනිස්සු ගැන කතා කරන්නෙ නැත්තෙ?
    ලෝකය අපිට උගන්වන්නෙ අමරිකන් කාරයො...
    එහෙම උන පලියට අපි අමරිකන් බ්‍රිටිෂ් ප්‍රජාතන්ත්‍රවාදය සුජාතයි කියල හිතන එක මෝඩගමක්...

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදයේ රෝල් මොඩල් එකක් නෙවෙයි ,නමුත් එකිනෙකට වෙනස් සංස්කෘතින් /සමාජයන් ගොන්නක් එක රටක් විදිහට ආයුධ බලයෙන් තොරව ගැටගහගෙන යාමම විශාල අභියෝගයක් , ඉන්දියාව තුල තියන දැවැන්ත සමාජීය ප්‍රශ්න වල මුල ඔවුන්ගේ සංස්කෘතික වටපිටාවත් එක්ක කරපින්නගෙන ආපු පසුගාමි අදහස් මිසක් ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි

      කොහොම වුනත් ඔබේ බ්ලොග් අඩවිය තුල තියන ලිපිය සහ අදහස් බැලුවාම ඔබත් එක්ක තර්ක කිරීමෙන් පලක් නැ , මොකද ඔබ සංවර්ධන දකින්නේ මිත්‍යාවක් ලෙස නිසා . උතුරු කොරියාවේ වාමාංශික ඒකාධිපති වාදය සහ ධනවාදි ප්‍රජාතන්ට්ත්‍රවාදය අතර වෙනස දකින්න අවශ්‍ය වෙන්නේ උතුරු සහ දකුණු කොරියාවන් ගැන සංසන්දනයක් පමණයි , නමුත් ඒ සංවර්ධනය අවශ්‍යතාවයක් ලෙස දකින කෙනෙකුට

      Delete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව