Skip to main content

ආයෙමත් ක්‍රිකට් ගැන

ලංකාවේ අපි බලාපොරොත්තු නොවුන විදිහට කොමන් වෙල්ත් තරඟාවලිය අවසන් වුනා . අවසන් තරඟයෙන් ජයග්‍රහණය කරන්න බැරි වුනත් මාස කිහිපයකට කලින් දිගින් දිගටම පැරදෙමින් හිටපු ශ්‍රි ලංකා කණ්ඩායම මේ තරඟාවලියෙදි දක්වපු දක්ෂතා පිලිබඳ සතුටු වීමේ හැකියාවක් තියනවාය කියලයි මම දකින්නේ . විශේෂයෙන්ම මේ වන විට ශ්‍රේණි ගත කිරීම් වලින් පලමු ස්ථානයේ සිටින කණ්ඩායමත් , ලෝක ශූර කණ්ඩායමත් තරඟ කරපු තරඟාවලියක  ශ්‍රි ලංකා කණ්ඩායම දක්වපු දක්ෂතා වගේම අවසන් තරඟ වලට පැමිණීම සහ ඒ තුලත් හොඳ සටනක් ලබාදීම පිලිබඳ ශ්‍රි ලාංකිකයින් විදිහට අපිට සතුටු වෙන්න පුලුවන් . ඒ නිසා තරඟාවලියේ ජයග්‍රහාකයින් වුනු ඕස්ට්‍රේලියානුවන්ට සුභ පැතුම් එකතු කරන ගමන් , තරඟාවාලියේ වීරයා වුනු දිල්ෂාන් ඇතුලු , අනුශූරතාවය ලබාගත් අපේ කොල්ලන්ටත් මම සුභ පතනවා





මේ තරඟාවලියත් එක්ක ශ්‍රි ලංකා කණ්ඩායමේ අනාගතය සම්බන්ධව සුභ / අසුභ ලකුණු කිහිපයකුත් මම දැක්කා , කාලෙකින් ක්‍රිකට් ගැන කථා නොකල නිසා ඒ ගැනයි මේ කථා කරන්න හදන්නේ

දිනේෂ් චන්දිමාල්

දිනේෂ් චන්දිමාල් කියන්නේ ශ්‍රි ලංකා කණ්ඩායමට ඇතුලත් විය යුතුම ක්‍රිඩකයෙක් කියලා ඇහිලා ගොඩ කාලයක් වුනත් ඔහුගේ දක්ෂතා මම පෞද්ගලිකව දැක්කේ මේ තරඟාවලියෙදි (දිල්ශාන් නායකයා වෙලා ඉන්න කන් මැච් බලන්නෙ නෑ කියලා හිතාන හිටපු නිසා අප්‍රිකා ටුවර් එක බැලුවෙත් නැ ) , මහේල ජයවර්ධන මාධ්‍ය හමුවේ කිව්වා වගේම ශ්‍රි ලංකා ක්‍රිකට් වල ඉදිරි දශකය ඔහුගේ බව චන්දිමාල් මේ තරඟාවලිය තුලදි සනාථ කලා . අවස්ථානූකුලව පහර දෙන චන්දිමාල් කාලයක් තිස්සේ ඉතාම දුර්වල තත්වයක තිබුන අපේ මැද පෙල නැවතත් ශක්තිමත් කිරිමේ කාර්යයට උරදීලා  ඉන්න බව දැකීමත් සතුටක්



ලහිරු තිරිමාන්න 

චන්දිමාල් එක්ක මැද පෙල ශක්තිමත් කරන්න එකතු වුනු අනික් තරුණා ක්‍රිඩකයා තිරිමාන්න , තව වැඩි දියුණු විය යුතු ලක්ෂන බොහොමයක් තිබුනත් තිරිමාන්න - චන්දිමාල් යුගලය  ඉතාම හොඳ මැදපෙලක් අපේ කණ්ඩායමට එකතු කරනවා කියන එකයි මගේ අදහස

වේග පන්දු තුන් ඉරියව් ක්‍රිඩකයින් 3යි 


වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රිඩකයෙක් කියන්නෙ ඉතාම දුර්ලභ අවස්ථාවක් . ජැක් කලිස්  ශේන් වොට්සන් වගේ කිහිප දෙනෙක් ඇරුණාම  එහෙම අය දකින්න ලැබෙන්නේ නෑ , ඒ වගේම වැදගත් කාරණය වෙන්නේ වේග පන්දු තුන් ඉරියව් ක්‍රිඩකයෙක් කියන්නේ කණ්ඩායමකට ඉතාම වාසි සහගත තත්වයක් වීම . සාර්ථක වේග පන්දු  තුන් ඉරියව් ක්‍රිඩකයෙක් වුනු ඇන්ජලෝ මැතිව්ස් ට අමතරව නුවන් කුලසේකරටත් , තිසර පෙරේරා ටත් ඒ හැකියාව තියන බව මේ තරඟාවලිය තුලදි හොඳින්ම දකින්න ලැබුනා . හොඳින් පුහුණ කරගත්තොත් මේ තුන් දෙනා ශ්‍රි ලංකා කණ්ඩායමෙ පසුපෙල පිතිකරණ ලයිස්තුවට එකතු කරන ශක්තිය අනික් කණ්ඩායම් වලට බරපතල හිසරදයක් වේවි . විශේෂයෙන්ම මේ වසර අවසාන භාගයේ පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලානයේ  ශූරතාවය කරා යන ගමනට සැහෙන්න පිටුවහලක් වේවි



අනාගත නායක ඇන්ජලෝ 

 ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වයට සුදුසුයි කියන මතයේ මම ඉන්නේ දිල්ශාන් නායකත්වයට පත් කරන්නත් කලින් ඉඳන් . පසුකාලීනව මැතිව්ස් අසාර්ථක වෙත්දි ඇතැම් අය මැතිව්ස් සත පහකට වැඩක් නැති පොරක් කියත්දිත් , මම ඔහු ගැන තියන විශ්වාසය අඩු කලේ නැහැ . ශ්‍රි ලංකා ක්‍රිකට් බලධාරිනුත් ඇන්ජලෝ ඊලඟ නායකත්වයට සූදානම් කරන බවක් තමයි පේන්න තියෙන්නේ. අත්දැකීම් බහුල මහේලගේ සුපිරි නායකත්වය යටතේ වසරක් උපනායක කම දැරීම ඔහුට සාර්ථක නායකත්වයකට මඟ කියාවි . තරඟාවලියේ මුල් කාලයේදි ඕස්ට්‍රේලියාව සමඟ තරගයකදි නැවතත් තමන්ගේ සුපුරුදු වැටිච්ච මැච් ගොඩ දැමීමට අවතිර්ණ වුනු මැතිව්ස් , නැවතත් තමන්ගේ සුපුරුදු රිද්මයට පැමිනෙමින් තියනවාය කියල මට හිතෙනවා ,  විශේෂයෙන්ම අද තරඟයට ක්‍රිඩා කලා නම් තරඟය ගොඩ දැමීමේ හැකියාවකුත් ඔහුට තියෙනවා . ඇන්ජලෝට නැවත සුපුරුදු රිද්මයට පැමිනෙන්නට හැකිවේවා කියලත් , නිතර මතුවෙන අසනීප ගති මඟ හැරේවා කියලත් ප්‍රාර්ථනා කරනවා

මේ තියෙන්නේ කාලයකට කලින් මැතිව් හා දිල්ශාන් ගැන ලියපු ලිපිය 



කණ්ඩායම සමබරයි 

 පසුගිය කාලය පුරාවටම ශ්‍රි ලංකා කණ්ඩායම එතරම් සමබර කණ්ඩායමක් වුනේ නැහැ . ලෝක කුසලානයට සහභාගි වුන ඕස්ට්‍රේලියා , දකුණු අප්‍රිකා කණ්ඩායම් එක්ක බලන කොට ශ්‍රි ලංකා කණ්ඩායම ඒ අතින් පහල මට්ටමක හිටියේ ,තරඟාවලියේ දක්ෂතා තුල පවා ඒ බව දකින්න තිබුනා , නමුත් මේ වෙනකොට නම් ශ්‍රි ලංකා කන්ඩායම ඉතාම සමබර තත්වයක ඉන්නා බව පැහැදිලිව පේන්න තියනවා . ඒක ඉතින් අනිවාර්යයෙන්ම සුභ ලකුනක්


අපේ නිත්‍ය දඟපන්දු යවන්න කව්ද ?

ඉහත කිව්ව සුභ ලකුණු අස්සෙම දකින්න තියන එක අසුභ ලකුනක් තමයි , අපිට නිත්‍ය දඟ පන්දු යවන්නෙක් නැතිවීමේ ප්‍රශ්නය . රංගන හේරත් මේ තරඟාවලයෙදි  ඉතාම හොඳින් ක්‍රිඩා  කරල තියෙත්දිත් ඊලඟ තරඟාවලියට අපි කැඳවන්නේ වෙනත් ක්‍රිඩකයෙක් . ඒ වගේම අජන්ත මෙන්ඩිස්, සුරාජ් රන්දිව් වගේ ක්‍රිඩකයිනුත් ලයිස්තුවෙ ඉන්නවා . මේ අය අතරින් නිත්‍ය දඟ පන්දු යවන්නෙක් තෝරා ගැනීම ඉදිරි තරඟා වලි සඳහා බොහොම වැදගත් වෙයි


පන්දු රැකීම ?

ඉතාම ඉහල ගණයේ උඩ පන්දු කිහිපයක් දකින්න තිබුනත් අපේ පන්දු රැකීම සමස්ථයක් වශයෙන් අනික් කණ්ඩායම් දෙකමටම වඩා අඩු මට්ට්මක තමයි තරඟා වලිය පුරාම පැවතුනේ , දිල්ශාන් හා තිසර හැරුණාම අනික් ක්‍රිඩකයින් පන්දු රැකීමේ අඛණ්ඩ දක්ෂතාවයක් රඳවාගත්තේම නැති තරම් . ඒ වගේම හතරේ සීමාවට යන පන්දුවක් පිටිපස දෙන්නෙක් හඹාගෙන යැමේ අනික් කණ්ඩායම් වල පුරුද්දත් අපේ අයගේ නැහෑ , මේ නිසා සමහර වෙලාවට බිම පෙරලිලා බෝලේ අල්ලන කෙනාටම  පන්දුව භාර දෙන්න වෙනවා . ඒ නිසා පන්දු රැකීමේ අංශයෙන් නම් ප්‍රභල  වෙනස්ක් විය යුතුයි කියලයි මගේ විශ්වාසය



අසුභ කාරණා දුරුවෙලා , සුභ ලකුණු තවත් වර්ධනය වෙලා බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලානයත් අරගෙන ගෙදර එන්න අපේ කොල්ලන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරන්න කැමතියි . මේ තරඟාවලියෙදි ඉන්දියාවටත් වඩා පකිස්ථානයෙන් අභියෝගයක් එල්ල වේවි  !





පලි - කාලයකින් ක්‍රිකට් ගැන ලියන ලිපිය නිසා ක්‍රිකට් රසිකයෙක් විදිහට පොඩි යුතුකම් දෙකක් තියනවා කරන්න 


01) හදිසි අනතුරකින් මියගිය බටහිර ඉන්දියා කොදෙව් ක්‍රිඩක 
Runako Mortan  

මහතාට නිවන් සුව (ඔහු  අදහන දහමක් අනුව සිදුවිය හැකි උපරිම යහපත ) අත්වේවා කියා ප්‍රාර්ථනා කර සිටිනවා 




Runako Mortan 





02) රෝගී  තත්වයෙන් පෙලෙන ඉන්දිය ක්‍රිඩක යුවරාජ් සිංග් ට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කර සිටිනවා




යුවී - ප්‍රතිකාර අතරතුර 


03)අභාවපාත්‍ර හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ක්‍රිකට් විස්තර විචාරක රනිල් අබේනායක මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිමි ! (පාඨකයින් විසින් සිහිපත් කිරීමෙන් අනතුරුව  11/3/2012 දින උදැසන 7.10ට ඇතුලත් කරන ලදී )






Comments

  1. මාත් මේ කාරනා එක්ක එකඟයි. මුරලිගෙන් පස්සෙ ටීම් එකට ස්ථීර දඟ පන්දු යවන්නෙක් තාම ලැබුනෙ නෑ.

    ReplyDelete
  2. ඒයි ඔන්න ඩිලා මෑන් ඔෆ්ද සීරීස්. දැන් මොකෑ කියන්නේ. ඇන්ජෙලො මැතිව්ස් කියන්නේ ආත්මාරථකාමී ක්‍රීඩකයෙක්. කිසිසේත්ම නායකත්වයට සුදුසු නෑ. ආබාදවලින්ම කැපිලා යනවනම් ලොකු දෙයක්. මේකේ විශෙෂම දේ උනේ මහේල ඕපනින් ආපු එක. ලහිරු තිරිමාන්න අනාගත නායකයෙක් වෙනවට මෙන්න කැට. දිනේෂ් කලබලයි. ඒක හදාගත්තම අපිටත් තෙන්දුල් කාර් කෙනෙක් ඉන්නවා. ලෝකයේම ශ්‍රේෂ්ඨ පිතිකරුවන් අතරට එනවාමයි. තිසර පිස්සූ පීකුදු මයිලෝවත් දීලා මුන්ගේ ෆිට්නස් හදන්න ඕන. ලසිත් මාලිංග දෙක වදින කොට ඩෝප් වෙන එක නවත්ත ගත්තොත් හොඳයි. බූට් එක ක්‍රීස් එකේ තියලා බෝල් කරන්න වෙයි බෙන්ගාලේදි. තව ඉන්දියාවේ හොඳම පන්දු යවන්නේක් මැරිලා බයික් ඇක්සිඩන්ට් එකකිම් ඒ මහතාටත් නිවන් සුව අත්වේවයි පතමි. දැන් ඉතින් පෝස්ට් එකක් දාන්න ඕන නෑ. ස්තූතියි.. නැවතත් මයික්‍රපෝනය බුවා වෙත.

    ReplyDelete
    Replies
    1. මැතිව්ස් ගැන කථාවට නම් එකඟ නෑ,ඒත් ක්‍රිඩකයෙක් අල්ලගෙන තව වාදයක් පටන් ගන්නේ මොකෑ , මාතලන් අකමැති වුනත් නායකය වෙයි . වෙන කාට දෙන්නද , බෝල ගානෙන් භාගයක්වත් ලකුණු ගන්න බැරි තරංගට දෙන්නයෑ , දිනේෂ්ලා තිරිමාන්න ලා තාම ආපු ගමන්නේ

      දිල්ශාන් ඔය මැන් ඔෆ් ද් සිරිස් වුන පලවෙනි වතාව නෙවෙයිනේ , කනා ගැහුවත් හරියන වෙලාවල් තියනවා . දැක්කනෙ උඩ පැනල 160ක් ගැහුව පිට්ටනියේ තරම , කෝලියා මුලින් ගැහුවා නම් 200ක් ගහනවා .ඒ කාලේ ජයසුරිය එහෙම 120 ක් ගැහුවා නම් ඇති මැච් එක දිනුම් !

      කව්ද ඉන්දියාවේ මැරුණු එක්කෙනා ?

      Delete
  3. දිනේෂ් චන්දිමාල් අනාගත මැදපෙළ වගේම අනාගත කඩුලු රකින්නත් වෙවී.සංගාගෙන් පස්සේ අපට නිත්‍ය කඩුලු රකින්නෙක් නැති වෙන නිසා ඒ තැනට එන්න ඕන චන්දිමාල් තමා.. හැබැයි මම චන්දිමාල්ගේ දැකපු ඒක දුර්වලතාවයක් තමයි තරග අවසාන කරන හැකියාව අවශ්‍ය පමණට නැහැ කියන එක..( මැතිව්ස් / දෝනි වගේ ඉවසිලිවන්ත බවක් තව ඔහුට එකතු උනා නම් ... )

    අනිත් සොයාගැනීම තිරිමාන්න..කාලයක් ටෙස්ට් මැච් වලට විතරක් සෙල්ලම් කරපු ( ඊට පස්සේ ආරම්භක පිතිකරුවෙක් විදියටත් එවපු ) තිරිමාන්නගේ නියම සෙල්ලම් කරන්න ඕන තැන තමයි දැන් ලැබිලා තියෙන්නේ.. උපුල් තරංගත් දිඅටම දැන් ක්‍රීඩා කරන තැනම ක්‍රීඩා කරොත් ( මැතිව්ස් තරංගට පස්සේ ක්‍රීඩා කරයි යන උපකල්පනයේ සිට ) අපිට ගොඩක් හොද වෙයි.. හැබැයි අර 'පැඩ්ල් ස්විප්' පහර එල්ල කරන එක ගැන නම් තිරිමාන්නට නැවත නැවත හිතන්න වෙයි..මතක විදියට දෙපාරක්ම අවුට් උනේ ඒකෙන් නේ..

    20 ලෝක කුසලානයට ගොඩක් දුරට අජන්ත මෙන්ඩිස්ට අවස්තාව හිමි වෙයි කියලා තමයි මම නම් හිතන්නේ..මොනා උනත් අජන්තාගේ 20-20 වාර්තා හොදයි..

    ReplyDelete
    Replies
    1. තරඟ ෆිනිශ් කිරිල්ල සැහෙන්න අමාරු වැඩක් . දෝනි සහ මැතිව්ස් ඒ අතින් ඉන්න හොඳම දෙන්න , හැබැයි ඉතින් ඒ විදිහට කරන්න නම් අන්තිම මොහොතෙදි පිට්ටනියෙන් එලියට බෝලේ දාගන්න හැකියාවත් තියෙන්න ඕනි . මැතිව්ස්ට දෝනිට ඒ වැඩේට ඕනි කරන හය්ය තියන දිනේෂ් පොඩි එකානේ

      තරංග ස්ලෝ වැඩි නැද්ද , අද වුනත් හෙමින් වැඩියි සෙල්ලම් කලා . වැටෙන මැච් එකක් අල්ලගෙන ඉත්දි ඕවරේට ලකුණු 4ක්වත් අවම දාන තත්වයක් තියෙන්න ඕනි , අනික මැතිව්ස් , තිසර සෙට් එකම සෙල්ලම් කලොත් තරංගට ප්ලේස් එකක්තු නැනේද ?

      තිරිමාන්නත් අපුරු හොයා ගැනීමක් තමයි

      Delete
    2. ස්ලෝදත් අහනවා..ටෙස්ට් මැච් එකක් වගේ සින් එකක් නේ තියෙන්නේ..පුදුමේ කියෙන්නේ තරංගට ටෙස්ට් දෙන්නේ නැහැ නේ.. :O

      ඒ උනාට මගේ අදහස තමා , බැටින් පවර් ප්ලේ එහෙකදී පිස්සුවෙන් වගේ ගහන්නේ නැතිව තරංග වගේ ෂොට්ස් වලින් ලකුණු ගන්න පුළුවන් නම් ගොඩ කියන එක..

      මට තියෙන එකම ප්‍රශ්නේ Why This Kapugedara Kapugedara ?? කියන එක තමා

      Delete
    3. තරංග ටෙස්ට් ගහන්නේ නැද්ද ? පුදුමයි (මම නම් ටෙස්ට් බලන්නේ නැති නිසා දන්නේ නැ ) , හැබැයි අපරාදේ පොර ටෙස්ට් වලට හොඳ වෙයි

      කපුගෙදරව ගත්තේ වෙන ඔප්ෂන් එකක් නැති නිසා වෙන්න ඇති

      Delete
  4. අද අපි පැරදුනත් කලින් හිටපු තත්වෙට වඩා හොද තත්වෙක් ඉන්නවා.. අවසානයත් තරග තුනම සෙල්ලම් කරන්න පුළුවන් උනේ ඒ නිසානේ.. මැතිවුස්/ තිසර හිටියනම් අදත් අපිට දිනන්න තිබුනා..

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා , සමහර විට එහෙම වුනා නම් ඔසී කාරයෝ ඔයිට වඩා අඩු ගාණකට කඩා ගන්නත් තිබුනා

      Delete
  5. සිරා මචං...

    අපි පරාද වුනාට මේ සීරිස් එක අපිට ක්‍රිකට් වලට ආයෙත් ආදරේ කරන හැටි ඉගැන්නුවා..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, මාත් ඇතුලුව ගොඩ දෙනෙක් ආයෙමත් ක්‍රිකට් බැලුවේ මේ සිරිස් එකේදි තමයි

      Delete
  6. මැතිව්ස්ට බනින එක නම් සම්පූර්ණ වැරදියි.කාලයක් එයා අපේ වීරයෙක් වෙලා හිටියා.ඒත් බැටින් අඩු වුනාම බනිනවා

    ReplyDelete
  7. ටික දවසකින්..............

    කොහොමත් මේ ගොඩාක් කරුණු එක්ක මමත් 100%ක්ම එකගයි..

    ඇත්තටම ලංකාවේ මැච් බලන එක ටිකෙන් ටික ඇත් වෙමින් යනකාලයක් එක්කම මේ විදිහට දක්ශ නවකයන් කිහිප දෙනෙක්ම එකතු විම ගොඩාක් සතුටට කරුනක්...

    මේ ටිම් එක තවත් හොදට වැඩ කලොත් අනිවා හැම කප් එකක්ම ලක් මැණියන්ගේ නමින් ලියවේවි...

    ප.ලි : රනිල් අබේනායක මහත්මයා අමතක කරන්න හොදත් නැ නේද?

    ReplyDelete
    Replies
    1. //100%ක්ම එකගයි..// - බොහොම ස්තුතියි එකඟ වීම පිලිබඳ , රනිල් අබේනායක මහත්තයාව අමතක උනා නේ , ස්තුතියි මතක් කලාට ලිපියට එකතු කරන්නයි සුදානම

      Delete
  8. චාමර සිල්වයි කපුගෙදරටයි දෙන්නටම මේ වනවිට දීල තියන අවස්ථා හොදටම ඇති කියල හිතෙන්නෙ නැද්ද? මම නං කියන්නෙ අලුත්ම කෙනෙකුට අවස්තාව දෙනඑක හොදයි. කප්එක නැතත් අපේ කට්ටිය හොදට තරගාවලිය ඉවරකලා.
    තවත් එකක්, ක්‍රිකට් කියන්නෙ තාක්ෂණයට අමතරව මානසිකව ගහන ගේම් එකක්. තීරණාත්මක අවස්තා වලදී ජයග්‍රහනය කරන කන්ඩායම තමයි හොදම කන්ඩායම වෙන්නෙ. එතනදි මම හිතන්නෙ ලංකාව ඉන්නෙ ගොඩක් පහලින්. උඩින්ම ඉන්නෙ ඕස්ට්‍රෙලියාව. අවසන් තරගවලදී ඕස්ට්‍රේලියාව දිනන්නෙ ඒකයි.

    ReplyDelete
    Replies
    1. එකඟයි රාජ් සහෝ , චාමරලට දීපූ චාන්ස් නම් වැඩිත් එක්ක , සියලුම අංග වලින් ගත්තාම ඕස්ට්‍රේලියාව තමයි සමබරම සහ දක්ෂතම කණ්ඩායම කොහොමටත් , ලෝක කුසලාන වලදි අවුල් ගියත් දකුණු අප්‍රිකාවත් ඒ වගේම හොඳ කණ්ඩායමක් !

      Delete
  9. ටික දවසකට කලින් ලංකාවේ ක්‍රිකට් ඉවරයි කියල බිම පෙරලි පෙරලි අඬපු අය කෝ දැන්?

    ReplyDelete
    Replies
    1. හැබැයි ජ්යශ්‍රි දිලාව දිගටම නායක කමේ තියාගත්ත නම් මේ ටෝනමන්ට් එකත් අපි තමා මුලින්ම එලියට විසික්කා වෙන්නේ

      Delete
  10. කොපමණ අසතුටක් තිබුනත් මැච් නොබල ඉන්න බෑ. මේ සීරීස් එක ගැන හැමෝම සෑහීමට පත් වෙනවා. දිල්ශාන් ඇතුලු හැමෝම තම ශක්තිය 100% කින් සහයෝගය දුන්නා. පැරදුනත් පැරදුනේ හොඳට, කාඩ් එක බේරගෙන.

    අපට හොඳට ගැලපෙන ටයිටල් එකක් තිබේ..
    we have proved that we are the best losers, second to none.

    කාටවත් දෙවෙනි නොවන හොඳම පරාජිතයෝ...

    ReplyDelete
  11. බුවා කියලා තියන දේවල් වැඩි හරියකට මමත් එකඟයි.හසී ඩබල වගේ මැදදි ඇවිත් මැච් ගොඩදාගන්න පුලුවන් කීප දෙනෙක් අපිටත් ලැබෙන බව හොඳටම පේන්න තියනවා.එකම ප්‍රශ්නය අපේ තේරීම් කමි‍ටුව පිස්සු කෙලීද කියන එක.අපේ අයට ෆීල්ඩින් නම් දියුනු කරගන්න වෙනවා විශේෂයෙන් කැච් අල්ලන එක. චන්දිමාල්ට වෙනම කෝච් කෙනෙක් දුන්නත් කමක් නෑ.
    මාලිංග ගැන පුංචි අගය කිරීමක් කරන්න ඕන.මාර්තු 2 වෙනිදා මෙල්බර්න් වල ගහපු මැච් එක ඉවර වුනාට පස්සෙ ඕස්ට්‍රලියන් ක්‍රීඩකයො වැඩි දෙනක් ආව සමරු අත්සන් දෙන්න විශේෂයෙන් පොඩි ලමයි බලාගෙන ඉන්නවා තමන්ගෙ ප්‍රියතම ක්‍රීඩකයගෙන් අත්සනක් ලබාගන්න.මෙහෙ ඉපදුනත් ලංකාවෙ ලමයි තමන්ගෙ රට හැටියට සපෝට් කරන්නෙ ලංකාවට.ලමයි බලාගෙන හිටියා ලංකාවෙ අය එනතුරු.ඉස්සෙල්ලම මාලිංග තමයි පෑනක් අරගෙන ඇවිත් අත්සන් කරන්න පටන් ගත්තෙ.පස්සෙ චන්දිමාල්,කුලසේකර වගේ තව දෙතුන් දෙනෙක් ආවා.ඒත් මහේල, සංගක්ක්කර වගේ අය නෑ.කොච්චර හොඳට සෙල්ලම් කලත් ටිකක් ඔලුව තියනව මට හිතෙන හැටියට.MCG එකේ ලංකාවෙ අය වැඩි හරියක් යන්නෙ Southern Stand එකේ.ඒ පැත්ත තනිකරම ලංකාවෙ කොඩි වලින් වැහිල තිබුනෙ. වැඩිම ground support එකයි චියර් එකයි එන්නෙ ඒ පැත්තෙන්.හැබැයි Southern Stand එක තියෙන්නෙ ප්ලේයර්ස්ල ඉන්න තැනට හරියටම අනිත් පැත්තෙ.මාලිංග විතරයි මැච් එකෙන් පස්සෙ ඒ පැත්තට ගිහින් ලංකාවෙ අයට කතා කලේ.වෙන අය යනවා මම නම් දැක්කෙ නෑ.ඒ මැච් එකේ තවත් විශේෂ දෙයක් තිබුනා.හැමදාම මැච් එකකමැද බ්‍රේක් එකේදි පොඩි ලමයි 50 ක් විතර ග්‍රවුන්ඩ් එකට ඇවිත් පොඩි පොඩි ටීම් හැදිලා ක්‍රිකට් ගහනවා.වෙනදට ගන්නෙ මෙහෙ ක්ලබ් වලට සෙල්ලම් කරන ලමයි.පලවෙනි වතාවට වයස8 යි 12 හයි අතරෙ ලංකාවෙ පොඩි ලමයි 48 දෙනෙක් එදා සෙල්ලම් කලා බ්‍රේක් එකේදි.ඒ අවස්තාව Cricket Australia එකෙන් ලමයින්ට ලබාදීල සංවිදානය කලේ මෙහෙ ඉන්න Young Sri Lankan Proffesional අය එකතු වෙලා පිහිටවගෙන තියන Sri lanka Unites Australia කියන එකතුව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අපි නොදන්න දෙයක් සඳහන් කලාට , මාලිංග බොහොම නිහතමානි මනුස්සයෙක් කියලා ඔහුව පෞද්ගලික මුණ ගැහුනු මගේ මිතුරෙකුත් කියලා තියනවා

      Delete
  12. මගෙත් පුද්ගලික අදහස ඊළඟ නායකත්වයට සුදුසුම පුද්ගලය ඇන්ජෙලෝ මැතිව්ස් කියල.

    මෙන්ඩිස් කියන ස්පින් බෝලර්ට මොකද වුනේ ? කාලෙකින් දැක්කෙ නැති නිසා ඇහුවෙ.

    දැන් ඉන්න කණ්ඩායම මම අවුරුදු ගානකින් දැක්ක හොඳට බැලන්ස් කණ්ඩායම. වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෝ තුන් දෙනෙක් ඉන්නව කියන්නෙ ලොකු සම්පතක්. ලංකාව හුඟාක් දේවල් ඕස්ට්‍රේලියාවෙන් ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවටත් වඩා දියුණු කරගෙන තියෙනව කියන්න පුළුවන්. අන්තිමට හිටපු ඕස්ට්‍රේලියන් පුහුණු කරුවනුත් එකට හේතු වෙන්න ඇති. හතරෙ සීමාවට යන පන්දු පිටිපස්සෙ දෙන්නෙක් එලෝන එක දැන් හැම රටකම වාගේ කණ්ඩායම් වලින් කෙරුණත් ලංකාව ඒක නොකරන්නෙ ඇයිද කියන එක ප්‍රශ්නයක්.

    ස්ලෙජින් ඉංග්‍රීසියෙන් බැරිනම් සිංහලෙන් වත් කොරන්න ඕනෙ, අහන එකාට බොඩි ලැන්වේජ් එකෙන් තේරෙනව අම්මගෙ සුවදුක් තමා අහන්නෙ කියල. විනිසුරු හැටියට ධර්මසිනා හිටියොත් මිස අනෙක් ඔෆිසියල්ස්ලට සිංහල තේරෙන එකක්යැ.

    ReplyDelete
    Replies
    1. පාට් දාන්න එන පිටරට එවුන්ට කියන්න අපේ එවුන්ට කුණුහරුප ටිකක් කියල දෙන්න බැරිද ඔබා අයියට? ඕනනං තනතුරකුත් ඇතිකරල දෙන්නං.

      Delete
    2. //ඉංග්‍රීසියෙන් බැරිනම් සිංහලෙන් වත් කොරන්න ඕනෙ,//

      ඉන්දියාවෙයි පකිස්ථානෙයි උන් උන්ගේ භාෂාවලින් ඔය වැඩේ කරනව මම හිතන්නේ , ඒත් මම නම් වැඩිය මනාප ඒවා නැතුවට

      Delete
  13. උඩ තියෙන මහේල ඇඟිල්ල දික් කරන පින්තුරෙ දැකල මතක් වුනා මෙහෙ පත්තර වල පිටපිට වැටුන අර්ජුන ඇඟිල්ල දික් කරන පින්තුරෙ.
    අපේ උප මහාද්වීපික රටවල එහෙම ඇඟිල්ල දික් කරල කතා කරන එක එදිනෙදා ජීවිතේ සාමාන්‍ය දෙයක් වුනාට, බටහිර සංස්කෘතියට හැදුනු අයට ඇඟිල්ල දික් කිරීම හුඟාක් වෙනස් සහ බරපතල, විධියට පේන්නෙ. :-))

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් තියනවා කියල මාත් දැක්කා , ඒත් ඉතින් හිතට ආවේගයක් ආපු වෙලාවට පුරුදු සංස්කෘතියෙ ලක්ෂන එලියට එන්නේ නොදැනිමනේ

      Delete
  14. මැතිව්ස් බොහොම ආර්ත්මාර්ථකාමී ක්‍රීඩකයෙක්. තව ඉස්සරහට ඒක හොදට තේරෙයි. එතකම් බලාගෙන ඉමු.

    ඩිල්ෂාන් කැප්ටන් කරද්දි මහේල නොදීපු "සපෝට් එක" මහේල කැප්ටන් කරද්දි ඩිල්ෂාන් දෙන එකනං කියලා වැඩක් නෑ.

    මාලිංගට මට හිතෙන විදියට මොකක් හරි ආබාධයක් තියෙනවා. නැත්තං කවදාවත් ඔච්චර කුජීත විදියට බෝල් කරන්නේ නෑ. Asia Cup එකේදී විවේක ගත්තොත් හොදයි කියලයි හිතෙන්නේ.

    මහේල ඕපන් එන එක දැනට හොදයි, ඒත් ඩිල්ෂානුයි මහේලයි දෙන්නම නැති දවසක.......

    චන්දිමාල්, තිරිමාන්න, තිසර :- අනේ මේ පොඩි කොල්ලන්ට ඉස්සෙල්ලාම අවුරුදු දෙක තුනක් සෙල්ලං කරන්න දෙන්න. මහා ලොකු බහුබූත විකාර මුංගේ ඔලුවට දාන්න එපා. තව ටික දවසක් ඔහොම යන්න දෙන්න. උං යන්න ඕනේ තැනට උං යයි. අපි සපෝට් එක දෙමු.

    සුරාජ් රන්දිව්, අජන්ත මෙන්ඩිස්, මේ අය කොහෙද දැං?
    ඉන්න තැනක හොදට ඉන්නවනං එච්චරයි...

    ReplyDelete
    Replies
    1. මැතිව්ස් ආත්මාර්ථකාමියි කියල කියන්නේ ඇයි කියල මට නම් තේරුම් ගන්න බෑ , බලමුකො
      //ඩිල්ෂාන් කැප්ටන් කරද්දි මහේල නොදීපු "සපෝට් එක" මහේල කැප්ටන් කරද්දි ඩිල්ෂාන් //

      අනික් ක්‍රිඩකයින් සපෝට් එක අරගන්න බැරි නම් ඔහු නායකයෙක් නෙවෙයි..

      //මහේල ඕපන් එන එක දැනට හොදයි, ඒත් ඩිල්ෂානුයි මහේලයි දෙන්නම නැති දවසක.......//

      බරපතල ප්‍රශ්නයක් ... දැනට උනත් මහේල මැඳින් සෙල්ලම් කරන එක හොඳයි . ආරම්භක පිතිකරු යුගලයක් අත්‍යාවශ්‍යයි , අඩුම තරමෙ දැනට දිල්ශාන් එක්ක අනික් පැත්තේ සෙල්ලම් කරන්න කෙනෙක්වත්

      Delete
  15. කණ්ඩායමේ දක්ෂයො ඉන්න බව මාත් පිළිගන්නව. ඒත් හැමදාම මෙහෙම අනුශූරයෝ වෙන්න ගත්තහම නම් මට අපේ උන්ගෙ ක්‍රිකට් බලන්න එපා වෙනව. ඉස්සරහටවත් මේ නරක පුරුද්ද නැති කරගත්තොත් නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. උදාර අනු ශුරයෝ වෙන එක නිකම්ම කැපෙනවට වඩා සෑහෙන්න හොඳා...

      Delete
  16. අර කපුගෙදර කියන උන්දැව කපන්නම බැරිනම්, අඩුගානේ ක්‍රිකට් ගහන හැටි උගන්නන්නවත් කවුරුවත් නැද්ද?

    ReplyDelete
  17. බුවා, උඹෙන් විචාරයක් නැතුව වැඩක් නෑ බං ! මෙතනදී එකක් කියන්න ඕනේ. මැතිව්ස් කියන්නේ ලංකාවෙන් බිහිවුනු හොඳ(ම) fast bowling all rounder කෙනෙක්. මැතිව්ස් ගේ ටැලන්ට් එක ගැන මට ප්‍රශ්ණයක් නෑ. ලීඩර්ෂිප් ගැනත් ප්‍රශ්ණ නෑ. (මැතිව්ස් under 19 කැප්ටන් නේද ? ඒක නිසා අවුලක් නැතිවේවි !!!) මැතිව්ස් ගැන මට තියෙන ප්‍රශ්ණේ එයා ඔළුවට අරන් වැඩියි වගේ ගතියක් පේනවා. අනෙක වයිස් කැප්ටන් හැටියට මීට වඩා වගකීමක් ගන්න ඕනේ නේද ?

    චන්දිමාල් අවුරුදු 2 ක් පරක්කුයි. කමක් නෑ, ඌ දැන්වත් හැදෙයි ! අනිවා ඊලඟ මහේල චන්දි තමා ! තිරිමාන්නටත් 5 හොඳා. තිසර, මැතිව්ස්, කුලේ තුන් දෙනාම ඉන්නම ඕනේ. එතකොට බය නැතුව 8 ට යනකල්ම හයක් උස්සන්න පුළුවන් එවුන් ඉන්නවා ! අපේ ලොකු තුන් කට්ටුව ගිය දවසට අපිට සනා වගේ හොඳ වමත් ඕපනර් කෙනෙක් හිටියා නම්, මරු !!!

    තරංගට ටෙස්ට් දෙන්නැත්තේ ඇයිද මන්දා ? ඒ තරම් හොඳ ඕපනර් කෙනෙක් ටෙස්ට් වලට ගැලපෙන්නෑ කියනවා නම් තරංග පරණවිතානට මොකක් ද කියන්නේ ? අති විශිෂ්ඨයි කියල ද ? තරංග ටෙස්ට් දාන්නම ඕනේ.

    උඹේ විචාර තරම් වෙන මොනව වත් අල්ලලා යන්නෑ... රනිල් අබේනායක මහත්මයා ගැනත් සඳහනක් දැම්මොත් හොඳයි... ජය !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිරිමත් කිරීමට , මැතිව්ස් ආඩම්බර ක්‍රිඩකයෙක් වග නම් මම දන්නේ නැහැ .මැතිව්ස් පරදින්න යන මැච්වල වගකීමෙන් සෙල්ලම් කරනවා නේ ? අපි මුලින් ගහන හොදට වැදිලා තියන වෙලාවල තමයි කලබල වෙලා අවුට් වෙන්නේ

      අබේ නායක මහත්තය ගැන මේ දැන් එකතු කලා

      Delete
  18. Ewage pitch ekka bat karanna dan ekama eka upul tharanga vitharada. Uding bat krapu ekek tharanga play karapu widiyata wicket eke hitiyanam match eka dinum.

    eam eke inna experiencema batmansa 3 udinma gahanawa. Un thundenama ekmaninma out unata passe anith un nikanma presure. Final ekediwath mahela yatin play karanam hodawenna thibuna mama wiswasha karami.

    ReplyDelete
    Replies
    1. මහේල මැඳින් සෙල්ලම් කරන එක තමයි හොඳ ඒත් අපිට ආරම්භක පිතිකරුවෙක් නෑ මහේල වෙනුවට දාන්න . තරංග ආරම්භක පිතිකරුවා විදිහට දිගටම අසාර්ථ වුනා නේ

      Delete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව