Skip to main content

ආසනික් ගැටලුව පිලිබඳ මැදහත්ව සිතන , දිවයින පුවත්පතේ පාඨකයින් නොවන අයගේ දැන ගැනීම සඳහායි !

ආසනික් කථාව තවමත් යටගොස් නොමැත .නාථ දෙවි පිහිටෙන් ආසනික් සොයා ගත් පිරිස බටහිර විද්‍යාවට පලු යන්නට බනිමින් ආසනික් කථා පතුරවමින් ඇත , ජනපතිවරයා පවා කාර්මික තාක්ෂණ ආයතනයෙ ප්‍රතිඵලය තමන් පිලිගන්න බව පැවසුවත් මේ මහා දේශප්‍රේමීන්  රැල ආසනික් නාටකය අතහැර නොමැත . කණගාටුවට කරුණ නම් මෙහි මූලිකයා වූ මහාචාර්ය වරයාගෙ හීන ලෝකයෙ දේශන වලට රැවටුනු ජන සමූහයක්ද අප අතර ඇත . මොවුන්ද ආසනික් මංගල්ලය රට පුරා පතුරවමින් ඇත . විද්‍යාව බටහිරය කියා හංවඩු ගසමින් සිටිනා මේ පිස්සන් ගේ ඔලු හේදීමට අපට නොහැකි වුවත් . මැදහත්ව මේ දෙස බලනා අය වෙනුවෙන් යමක් කල යුතුව ඇත . ඒ වෙනුවෙන් වූ වැදගත් සාකච්ඡාවක් ඉරිදා දිවයින් පුවත් පත සිදු කර ඇත . ඒ මේ රසායන විද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාමාණික උගතෙකු වන ඔලිවර් ඒ . ඉලේපෙරුම මහතා සමඟය . ඔහු රසායන විද්‍යාව පිලිබඳ ජේෂ්ට මහාචාර්යවරයෙකු බවද මෙහිලා සඳහන් කලයුතුය


මා උපුටා ගෙන ඇත්තේ අදාල සාකාච්ඡාවෙන් බිඳක් පමණය . පහත සබැඳිය හරහා මුලු සාකච්ඡාවම කියවිය හැක
http://www.divaina.com/2011/07/03/feature09.html

උපුටනයන්


සම්මත ක්‍රමවේදයට අනුව කාර්මික හා තාක්‌ෂණ ආයතනය කළ පර්යේෂණවලට අනුව රජරට පානීය ජලයේ සහ පස්‌වල ආසනික්‌ නැහැ. නව ක්‍රමවේදයකට අනුව කැලණිය විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්‌ඩායම කළ පර්යේෂණයට අනුව එම සාම්පලවල ආසනික්‌ තිබෙනවා. මේ ගැටලුව නිරාකරණය කර ගන්නෙ කොහොමද?

කාර්මික හා තාක්‌ෂණ ආයතනය අයිඑස්‌ඕ තත්ත්ව සහතිකය පවා ලබාගත් ප්‍රමිතියකට අනුව පර්යේෂණ සිදුකරන ආයතනයක්‌. එහි පර්යේෂණ නිවැරැදිව සිදුකෙරෙන බව අත්දැකීමෙන් දන්නවා. මෑතකදී මහනුවර මූලික අධ්‍යයන ආයතනයෙනුත් ඔය ආසනික්‌ අඩංගු යෑයි කියන සාම්පල ජපානයට යවල අයිසීපී නම් ඉතාමත් සියුම් උපකරණය ඇසුරින් කළ පර්යේෂණවලිනුත් මේ සාම්පලවල ආසනික්‌ අඩංගු යෑයි අනාවරණය වී නැහැ. ඒ අනුවත් කාර්මික හා තාක්‌ෂණ ආයතනය සිදු කළ පර්යේෂණ නිවැරැදි බව සනාථ වී තිබෙනවා.
නමුත් විශේෂයෙන් රජරට ප්‍රදේශයේ කිවුල සහිත ජලය සමඟ ආසනික්‌ එකතුවී කැල්සියම් ආසනේට්‌ නම් අද්‍රdව්‍ය සංයෝගයත් සෑදීම කිවුල සහිත ජලය ඇති ප්‍රදේශවල මේ රෝගය බහුල වීමට හේතුවක්‌ බව කැලණිය විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්‌ඩායමේ අදහසක්‌.

ආසනික්‌ කිවුල ජලයේ ඇති කැල්සියම් සමග එකතුවී කැල්සියම් ආසනේට්‌ නම් අද්‍රdව්‍ය සංයෝගයක්‌ හැදෙනවා නම් අප දන්නා රසායන විද්‍යාව අනුව එම ජලයෙන් ආසනික්‌ ඉවත් වෙන්න ඕන. ඔවුන් පවසන ආකාරයට කැල්සියම් ආසනේට්‌ නිසා වකුගඩු රෝගය ඇතිවෙනවා නම් කිවුල ජලය අධික ලෙස ඇති පළිබෝධනාශකත් අධික ලෙස භාවිත කරන යාපන ප්‍රදේශයේ වකුගඩු රෝගීන් බහුල විය යුතුයි.
ඔබ දීර්ඝ කාලයක සිට පර්යේෂණ කටයුතුවල නියුතු අකාබනික රසායනික විද්‍යාඥයෙක්‌. ජලයේ හෝ මේ මහ පොළොවේ මිනිසුන්ට හානිකර මට්‌ටමක ආසනික්‌ ප්‍රතිශතයක්‌ තියෙනවද?

මම මෙතෙක්‌ කළ කිසිදු පර්යේෂණයකින් එබඳු නිගමනයකට එළඹෙන්න පුළුවන්කමක්‌ නැහැ. හානිකර මට්‌ටමකට ආසනික්‌ අඩංගු ඛනිජ අපේ රටෙන් සොයා ගෙන නැහැ. වෙනත් ඛනිජ සමග මුසු වුණු ඉතාමත් සුළු ප්‍රමාණයක්‌ ලෙස ආසනික්‌ තිබෙන්න පුළුවන්. අපේ පොළොවේ ආසනික්‌ තියෙනව කියල මුලින්ම කිව්ව කියන්නෙ දෙවි කෙනෙක්‌නෙ. නොපෙනෙන දෙවි කෙනෙක්‌ ගැන මා නම් විශ්වාස කරන්නෙ නෑ. දෙවියන් විශ්වාස කරන්න එපා කියලා මම කාටවත් කියන්නෙත් නෑ. විද්‍යාත්මක ක්‍රමයත්, යම් දෙයක්‌ දැකල එය විශ්ලේෂණය කරල ලබාගත් නිගමනත් මම විශ්වාස කරනවා. දෙවිවරුන්ට පුළුවන් නම් ඔහොම කියන්න අපට මොකටද විද්‍යාගාර. දෙවියො කියන දේ විතරක්‌ නෙමෙයි අපි ප්‍රායෝගික තත්ත්වයත් බලන්න ඕන. පළිබෝධනාශක නතර කරල අපේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර නිපදවන්න පුළුවන්ද? ඉස්‌සර වැද්දො කළා වගේ වනාන්තරවලට ගිහින් ආහාර සොයා ගෙන එන්න පුළුවන්ද? එහෙම වනාන්තර දැන් තියෙනවද? ආපසු ගල් යුගයට යන්න පුළුවන්ද? 
. ගණිත මහාචාර්ය තුමාගෙ රසායන විද්‍යා දැනුම ගැනත්  ඔහු ගැනත් අන්ධ විශ්වාසයෙන් යුතු කෙනෙකු නොවේනම් ,  බටහිර විද්‍යාව ලෙස විද්‍යාවට ලේබල් අලවන්නෙකු හෝ එය විශ්වාස නොකරන්නෙකු නොවේ නම් ඔබගේ  දැනුම වර්ධනය වෙනුවෙන් ඉහත සාකච්ඡාව අතිශයින් ප්‍රයෝජනවත් විය හැක . මාගේ දුප්පත් බ්ලොගයට වඩා දිවයින පුවත් පතට  සිටින පාඨකයින් ගණන අතිශයින් වැඩි බව දන්නා මුත් මේ උත්සාහය දිවයින් නොබලන්නෙකු  මේ වටිනා සාකච්ඡාවට යොමු කිරීමටය . මාතෘකාව තුලම එය ලියා ඇත්තේ  එනිසා වෙනි


Comments

  1. මට නං ඔය සංවාදයට සහබාගි වෙන්ට සුදුසුකම් නෑ. කොලුවා මගෙ බ්ලොග් එකට දාන කොමෙන්ටුවලටත් හිලවු වෙන්න පොඩි කාරණයක් කියනවා. දැනට කැලණියෙ නලීන්ගෙයි නාථ දෙවියන්ගෙයි කණ්ඩායම ඇරුණාම රේගුවෙ මහත්තුරු කට්ටියකටත් ආසනික් අහුවෙලා තියන බවයි කියවෙන්නෙ. මම දන්න විදියට ඒක වෙනම වෙච්ච පරීක්ෂණයක්. නලීන්ගෙ කතා කියල අහක දාන්න බෑ.

    ReplyDelete
  2. නලින් නෙවෙයි බින් ලාඩ කිව්වත් ඇත්ත දෙ ඇත්ත . ඒ වුණාට දැනට කරල තියන විද්‍යාත්මක පරීක්ෂන වලින් ඔය කථා තහවුරු වෙලා නැනේ . රේගුව යවපු සාම්පල් නේද අර පරීක්ෂ කරා කිව්වේ , එතනින් දෙකක විතරලුනේ ආසනික් තිබුනෙ . මම නම් විද්‍යාත්මක පරීක්ෂනයක් මිසක් දෙය්යො කියපු මඟුලක් නම් පිලිගන්න සූදනම් නැ . දැන දැන කොලේ වහනව නම් ඒකට වග කියන ඔනි නලින් මහත්තයලම පත් කරගත්ත දේශප්‍රේමී රජයම තමා

    ReplyDelete
  3. ඔය "මහචාර්ය" කියන තනතුර බටහිර සුද්දන්ගෙන් ආපු එකක් නෙවෙ යි නේද? අපේ අදීන සිංහල බෞද්ධ සංස්කෘතියෙ නිර්මාණයක් වෙන්න ඇති නේද?

    ReplyDelete
  4. ඔතන තියනවා රේගුවෙන් කරපු වැටලීම ගැන.

    http://www.vidusara.com/2011/06/08/news1.html

    ඊලඟට තියනවා රෙජිස්ටාර්ගෙ මාධ්‍ය සාකච්ඡාව ගැන.
    http://www.vidusara.com/2011/06/15/news1.html
    "මෙසේ පරීක්‌ෂා කර ඇත්තේ ඉකුත් දා රේගුවෙන් ඇල්ලූ සාම්පල නො ව වෙළෙඳපොළෙන් රැස්‌ කළ සාම්පල බව ද මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවල දී හෙළි විය"

    (මේ විදුසර කියන්නෙ නම් දිවයිනේම කෑල්ලක්. නලින්ගෙ ලිපි පලකරන පත්තරයක්. හරියන්නෙ නැත්ද මන්ද?)

    ReplyDelete
  5. @පොඩිගමයා - හරි ඉතින් කෝ රේගුවෙන් අහුවුන ඒවා පරීක්ෂ කරල ඉක්මනට තීන්දුව දෙමුකො බලන්න . මම කියන්නේ රේගුව හරි මොකා හරි පරීක්ෂනය්ක් කරල තොරතුරු රටට කියපල්ල . මම මේ දීල ත්යන සාකච්ඡාව මේ ගැන අවධානයෙන් ඉන්න කෙනෙකුට ඉතාම හොඳ එකක් . නැතුව මම ආසනික් නැ කියන්නෙවත් තියනව කියන්නෙවත් නැ . තියනව නම් හරි විදිහට ඔප්පු කොරපල්ලා . ඔය ගණිත මහ චාර්යගෙ පිස්සු අදහස් වලට වඩා රටේ පිලිගත් රසායන විද්‍යා උගතෙකුගෙ අදහස් වලට මම නම් ගරු කරනව

    ReplyDelete
  6. @outsider- අනේ මන්ද දේශීය විදිහට බක පණ්ඩිත කියල දා ගත්ත නම් හරියටම ගැලපෙනව

    ReplyDelete
  7. මොන තීන්දුවක් ගැනද කොලුව කියන්නෙ? රේගුවෙන් අල්ලගත්ත එව්ව පරීක්ෂා කරල කවුද තීන්දුවක් දෙන්නෙ?

    ReplyDelete
  8. රේගුවෙ රසායන විද්‍යාඥයින් නෑ. ඔය රේගුවෙ කියල පරීක්ෂා කොරල තියෙන්නෙත් නලින් ද සිල්වා ගොයියගෙ එවුන්ම තමයි. රේගුවෙත් ඉන්නවනෙ පොඩ්ඩක් කැපී පෙනිල ඉහළට යන්න බලන නරි රැලක්. මුන් ටික හිතුව හරි තමයි අපිටත් ලකුණු දා ගන්න චාන්ස් එක කියල. මොකද මේ ආසනික් විගඩම මුලින්ම ක්‍රියාත්මක වුණේ ජනාධිපති මාධ්‍ය ඒකකයෙ ආශිර්වාදය ඇතිව. රේගුවෙ ඉන්න අයියලටත් ඉතින් ලකුණු දා ගන්න හොඳ චාන්ස් එකනෙ. ඔක්කොම වැරදුණේ මහින්ද ලොක්ක අනික් පැත්ත ගහපු එක. දැන් අර රේගුවේ හිටපු එවුන් ටික ගලේ පහරපු බළල්ලු වගේ. ඔක්කෝටම කලින් ඒ නරි ටිකට දඬුවම් කරන්න ඕනෑ මහ ජනතාව නොමඟ යැවීම ගැන.

    ReplyDelete
  9. "ඔය ගණිත මහ චාර්යගෙ පිස්සු අදහස් වලට වඩා රටේ පිලිගත් රසායන විද්‍යා උගතෙකුගෙ අදහස් වලට මම නම් ගරු කරනව"

    මම නම් රසායන විද්‍යා උගත කියන දේවල් කොලුව ගන්න තරම් ලොකුවට ගන්නෙ නෑ. හේතුව කෙටියෙන් මෙහෙමයි. උගත කියන දේවල් කොලුව පිලිගත්තට එයා කියන විදියට නැතුව වැඩිදෙනා පිලිනොගන්න ගණිත මහ චාර්යගෙ පිස්සු කතාවල තියන විදියට බටහිර විද්‍යාඥයො වැඩ කරනවා. ඒ නිසා අර උගතට තමන් කරන වැඩේ මොකද්ද කියල තියන දැනුම ගැන මගේ විස්වාසයක් නැතුව යනවා.

    ReplyDelete
  10. ඔය නලින් ද සිල්වා ගොයියා වගේම මිථ්‍යා පතුරවන එවුන් බ්ලොග් අවකාශෙත් ඉන්නව. මේකත් බලමුකො. http://anonymousaya.blogspot.com/2011/07/blog-post.html ටිකක් නරක බාසාවකින් වුණත් කියල තියෙන කතාව ඇත්ත.

    ReplyDelete
  11. රේගුවේ රසායන විද්‍යාඥයෝ නැ . ඔය පරීක්ෂන කරන්න පිලිගත් ආයතන තියනව . ඔය ඔබතුමා දීපු ලිපියෙම තියෙන්නෙ රේගුවෙන් අල්ලපුව තාම පරීක්ෂා කොලේ නැය , වෙනත් සාම්පල්ය පරීක්ෂ කලේ කියල , මම කියන්නෙ රේගුවේන් අල්ල ගත්තාය කියන ඒවා ඒ ආයතන හරහා පරීක්ෂා කොලාද නැද්ද ? ආසනික් තිබුනද ?

    ඔය පිස්සු මහාචාරියා පස්සෙ යන්නේ මොනව හරි විකාර මතවාදයක් ගෙනල්ල ප්‍රසිද්ද වෙන්න දඟල ගොට්ටො ටිකක් විතරයි . ලංකාවෙ ඉන්න බහුතර විද්‍යඥයින් ඔය පිස්සු කථා පස්සෙ යන්නෙ නැ . ඉලේපෙරුම මහත්තය කියන්නෙ කව්ද කියල හොයල බලනව ඉස්සෙල්ල . ඊලඟට ඒ මනුස්සය ඉදිරිපත් කරන තර්කය බලනව . මෙතන මහා ලොකු වාදයක් නැ . ඔය ඔබතුමාලගෙ මහාචාර්ය තුමා හරි නම් ලංකාව්ට ගේන බහුතරයක් කෘෂි රසායන වල ආසනික් තියනවාය කියල පිලිගත් විද්‍යාත්මක පරීක්ෂනයකින් ඔප්පු වෙන්න ඕනි . එහෙම උනොත් අපි පිලිගන්නව , නැතුව අර දෙය්යො කිව්වාය , භාවනා කරල හොයා ගත්තාය කිව්වට අපි පිලිගන්නෙ නැ . ඔබතුමාට ඕනි නම් පිලිගන්න . මට ප්‍රශ්නයක් නැ . මම ලිපියෙ ලියලාම තියනවනෙ නලින්ගෙ ගොට්ටන්ටවත් , බටහිර විද්‍යාව එක්ක තරහ පොරවල් වලටවත් මේක අදාල නැ කිය්ල . ඔබතුමාල නලින්ගේ පිස්සු ටෝක් අහගෙන ඉන්න ඒව පිලිගන්න . පදනමක් නැති ඒ කථා අපි නම් පිලිගන්නෙ නැ

    ReplyDelete
  12. පොඩි ගමයා කියන සිංහල බෞද්ධ වර්ගවාදී ගෝත්‍රික පුංචා මේ අවස්ථාවෙ කල්පනා කරන්නෙ නලින් ද සිල්වා නැමැති හත් පොළේ ගාගත් තම වර්ගවාදී ගෝත්‍රයේ ගුරා බේරා ගැනීම ගැන මිසක්කා වෙන දෙයක් ගැන නෙවෙයි. එවැනි ගෝත්‍රිකයන් සමඟ වාදයෙන් හෙළිවන දෙයක් නෑ.

    ReplyDelete
  13. @ano1 -කථාව ඇත්ත

    @ano2 - මරු ලිපිය , අයේ දෙකක් නැ , හොඳ වයින්ම ලියල තියනව . මුල් ලිපිය ලියපු මනුස්සය මහාචාර්ය තුමාටත් හපන් පිස්සෙක් , මහාචාර්යතුමාවත් දෙය්යො බුදුන් වැඳල ඕව කරන්න කියන්නෙ නැ (ඔව නොකරම ඉන්න කිව්වොත් මිසක් )

    ReplyDelete
  14. @ano3 - මේ වගේ මතවල ඉන්න අයත් එක්ක වාද කරල නම් වැඩක් නැ තමයි . ඒත් දැක්කාම මොකුත් නොකිය ඉන්නෙත් හිතෙන්නෙ නැනේ

    ReplyDelete
  15. ජනරජදාසJuly 2, 2011 at 10:37 PM

    ආගමික උන්මාදය මේ වන විට ශ්‍රී ලාංකීය සමාජය තුළ එහි කූඨ ප්‍රාප්තියට ළඟාවෙමින් තිබේ. පහසුවෙන් කළ හැකි සාමාන්‍ය රසායන විද්‍යා පරීක්ෂණයකට පවා ආගම බද්ධ කොට ගැනීමට මේ උම්මත්තකයින් දරණ උත්සාහයෙන් පෙනෙන්නේ ඒ ආගමික උන්මාදයෙන් තොරව පැවැත්මක් ගැන සිතීමට පවා ඔවුන්ට ඇති අපහසුවයි. මේ ආරම්භය පමණෙකැයි මම කල්පනා කරමි. නොබෝ කාලයකින් මේ උම්මත්තකයන් ඉරානය බඳු ආන්තික ඉස්ලාම් සමාජ වල වූවාක් සේ අපේ එදිනෙදා ජීවිතයේ හැම කටයුත්තකටම ආගම බද්ධ කරලීම තුළින් ඔවුන්ගේ ආගමික උන්මාදය අප මතද පටවනු ඇත. එකී වර්ගවාදීන් සැදැහැ සිතින් වන්දනාමාන කරන මුග්ධ අනුගාමිකයින් පිරිසක් සිටීම තුළ ඒ කටයුත්ත ඔවුන් සිතනවාට වඩා ලෙහෙසි එකක්ද වනු ඇත්තේය.

    මේ ආගමික උන්මාදය ඇති කරලීමේ වරදෙහි සැලකිය යුතු කොටසක් කලකට පෙර පිනාචාර්ය පදවියකට ලොබ බැඳ මිය ගිය ගංගොඩවිල සෝම නම් පුද්ගලයාට පැවරිය හැකිය. මට මතක හැටියට සෝමගේ එක තර්කයක් වූයේ සිසේරියන් සැත්කමකින් උපදින දරුවන් සාමාන්‍ය ලෙස උපදින දරුවන්ට වඩා බෙලහීන වන බවයි. මේ නිසා සිසේරියන් සැත්කම් නොකැර ගන්නා ලෙස සෝම බෞද්ධ කාන්තාවන්ට අණ කළේය. මේ කිසිම විද්‍යාත්මක පදනමකින් තොර හිතළුවකි. (බෞද්ධ දර්ශනයෙහි හෝ සාහිත්‍යයෙහි කිසි තැනෙක මෙවැන්නක් නොවේ. නමුත් සෝම සිංහල බෞද්ධ සමාජය තුළ පෙනී සිටියේ ආගමික නායකයකුට වඩා ගෝත්‍රික නායකයකු ස්වරූපයෙනි.) සිසේරියන් සැත්කමකින් බිහි වීය කියා දරුවකුගේ වෙනසක් නොවේ. නමුත් අනෙක් අතට සිසේරියන් සැත්කමක් යනු වඩා ආරක්ෂාකාරීව දරුවකු බිහි කරන මාර්ගයකි. කාන්තාවන් සෝමගේ අණ පිළිපැද සිසේරියන් සැත්කම් වලට විරෝධය පෑවා නම් විය හැකිව තිබුණේ බෙලහීන/ආබාධිත/රෝගී දරුවන් අඩුවීම නොව වැඩිවීමය.

    පුදුමයකට මෙන් ගංගොඩවිල සෝම මේ මිථ්‍යා මත පැතිරවීමට එරෙහි වූ එකම පුද්ගලයකු වත් එකල නොවීය. මා ඒ ගැන වරක් පුවත්පත් වලට ලියා යැවූ මුත් මෙරට ජාතික යැයි කියා ගන්නා එකම පුවත්පතක් වත් එය පළ කිරීමට තරම් එඩිතර වූයේ නොවේ. අවසානයේ මෙකී ගංගොඩවිල සෝම නම් පුද්ගලයා මිය ගිය විට ඔහූ මහා පුරුෂයකු, වීරයකු බවට පත් කරන ලද්දේද ලාංකීය සමාජය තුළ මුල් බැස ගත් ආගමික අන්තවාදය විසිනි.

    අද ආසනික් වෙසින් අප සොයා පැමිණ ඇත්තේ මේ අගමික අන්තවාදයේ වඩා වර්ධිත, වඩා භයානක අවදියකි. අප එය ප්‍රශ්න නොනඟා පිළි ගන්නේ නම් හෙට දින නලින් ද සිල්වාටද වඩා දරුණු ආගමික අන්තවාදීන් මේ සමාජයෙන් බිහි වනු ඇත්තේය.

    ReplyDelete
  16. ඇත්ත ඇත්ත තවත් මේකට කොමෙන්ට් දාන එක සුදුසු නෑ. මැදහත් විද්‍යා පොරක් අල්ලගෙන කොලූ වාදෙ කරගන්න කෝ. ඕං අපි ගියා.

    ReplyDelete
  17. @ජනරජදාස - සෝමි හිමි පිලිබඳ අදහසට ඇර අනෙකුත් කොටස් වලට එකඟය. සෝම හිමියන් එක්තරා දුරකට ආගමික අන්තවාදී ස්වරූපයක් දැරුවත් එතුමා බෞද්ධයින්ගෙ මිත්‍යා විශ්වාස දුරලීමට සහා ප්‍රායෝගිකව එදිනෙදා ජිවිතයට බෞද්ධ දර්ශ්නය භාවිතා කිරීම වෙනුවෙන් ලබා දුන් උපදේශනය අතිශයින් ප්‍රසංශනීයය. අනෙක් අතට උන්වහන්සේගේ මතවාදය වර්ථමානයෙ මෙන් රාජ්‍ය බලය හරහා එන්නක් නොව ඊට ප්‍රතිවිරුද්ධ වූවක් බව පැහැදිලිය . අවසානයේ ටෙලිශාන් රූපවාහිනිය දක්වා පල්ලම් බසින්නට උන්වහන්සේට සිදුවිය . මා දකින ලෙසින් නම් ආගමික අන්තවාදය වැපිරීම දරුණු ලෙසින් සිදුවන්නේ සෝම හිමියන්ගේ අපවත්වීම විකුණන් කැ පිරිස් නිසාය . සෝම හිමි පිලිබඳ ඔබගේ මතවාදය කුමක් වුවත් නිකන්ම සෝම ලෙසින් ඇමතීමද ගෝචර නොවේ

    ReplyDelete
  18. ජනරජදාසJuly 3, 2011 at 9:57 AM

    @Buwa,

    ගංගොඩවිල සෝමගේ භූමිකාව ගැඹුරින් සලකා බැලිය යුත්තකි. එහි සාධනීය සේම සාධනීය නොවන ලක්ෂණද ඇත. මාතෘකාවට අදාළව මා මෙහිදී සලකා බැලූයේ දෙවැන්නයි. සෝමගේ මතවාදය ඔබ කියන්නාක් මෙන් රාජ්‍යය විසින් ජනතාව මත ආගම බලෙන් පැටවීමකට වඩා ප්‍රගතිශීලී එකක් බැව් මම පිළි ගනිමි. එසේම ඔහුගේ මතවාදය නිසා ජනනය වූ ඍණාත්මක ප්‍රතිඵල බොහොමයක් එළි දුටුවේද ඔහුගේ මරණයෙන් පසු බැව් සැබෑවකි. නමුත් සෝම නැමැත්තා සමාජයේ වගකිවයුතු පුද්ගලයකු සේ සිතුවේ නම් තමන් වපුරන අස්වැන්නේ ප්‍රතිඵල ගැන ඔහු කල් තියා දැනගත යුතුව තිබුණේය.

    අද අප මුහුණ දී ඇති කාලකණ්නි තත්ත්වයට ගංගොඩවිල සෝම වග කිව යුත්තේ මෙසේය.

    ගෝත්‍රවාදය ලාංකීය සමාජය තුළ හැමදා තිබුණේය. නමුත් එය බොහෝවිට ක්‍රියාත්මක වූයේ වාර්ගික අර්ථයෙනි. උදාහරණයක් විදියට සිංහලයා දෙමළාටත් මුසල්මානුවාටත් එරෙහි විය. දෙමළා සිංහලයාට එරෙහි විය. මේ සියල්ලෝම තමන් කරන ක්‍රියාවලියෙහි වරද දුටු පිරිසකි. ඔවුන් ඒ වර්ගවාදය සාධාරණීකරණය කළේ තම ගෝත්‍රය වෙනුවෙන් කරන්නකිය සලකාය. ගංගොඩවිල සෝම මේ ගෝත්‍රවාදයට ආගමික අරුතක් එක් කළේය. මේ භයානක ක්‍රියාවලියකි. මන්ද ආගම වෙනුවෙන්ය කී කල්හි ඕනෑම ජඩ කමක් කරන්නට නොපැකිළෙන පිරිසක් අප සමාජයේ ඇති හෙයිනි. කෙනකුගේ පුද්ගලික දෙයක් විය යුතු ආගමට දේශපාලන අර්ථයක් දීම මෙනයින් ඉතාම භයානකය. ඒ සඳහා මැද පෙරදිගින් ලැබෙන උදාහරණ ප්‍රමාණවත් නොවේ නම් පූර්ව ප්‍රතිසංස්කරණ යුගයේ කිතුණු සමාජයන්ගෙන් ඕනෑ තරම් උදාහරණ ලබා දිය හැකිය. සෝමට වෙනත් ආගම් ජන කොටස් ගාවා නොගෙන, ආගමට දේශපාලන අරුතක් නොදී මේ කටයුත්ත කළ හැකිව තිබුණේය. නමුත් ඔහුට තමන්ගේ හැම තර්කයක්ම කිතුණුවන්ට, ඉස්ලාම් භක්තිකයින්ට බද්ධ කර විශ්ලේෂණය කරන්නට අවශ්‍ය විය. මෙහි ප්‍රතිඵලය දෙයාකාරය. එක අතකින් කිතුණු හා ඉස්ලාම් ආගම් කෙරෙහි දැඩි වෛරයක් ඇති කොටගත් පිරිසක් බෞද්ධයින් අතුරින් බිහිවිය. (මේ සඳහා උදාහරණ සිංහල බ්ලොග් අවකාශයෙන් ඕනෑ තරම් සොයා ගත හැකිය.) දෙවනුව ඊට ප්‍රතිචාර හැටියට කිතුණුවෝ හා ඉස්ලාම් භක්තිකයෝද අන්තවාදය කරා ගමන් කළහ. (මීටද උදාහරණ බ්ලොග් අවකාශයෙන් දැක ගත හැකිය.) මේ ප්‍රවණතා දෙකම අපේ සමාජයට ඉතාම හානිකර ඒවා බව අමුතුවෙන් කිව මනා නොවේ.

    අවසාන වශයෙන් කෙනෙකුට නමින් ඇමතීම අගෞරවයකැයි මම නොසිතමි. මා සියළුම පුද්ගලයින් නමින් අමතන්නේ එසේ නොකිරීම තුළ ඔවුන්ගේ (සමහරවිට ඉතාම දිළිඳු) මතවාදයන්ට අනවශ්‍ය බරක් ලැබෙන හෙයිනි. ගංගොඩවිල සෝමට මම "සෝමෙයා" නොකීවෙමි. එසේ හෙයින් මගේ ආමන්ත්‍රණයේ වරදක් මම නොදකිමි.

    ReplyDelete
  19. ජනරජදාසJuly 3, 2011 at 10:24 AM

    @Ano2,

    ඔබ දී ඇති සබැඳියෙන් කියැවෙන "මහ වෙදනා" නමින් තමන් හඳුන්වා ගන්නා පුද්ගලයා මුහුණ දී ඇති මානසික තත්ත්වය (මෙය මානසික රෝගයක්ද නොදනිමි. සැබෑ වෛද්‍යවරයකු පැහැදිළි කරන්නේ නම් කෘතඥ වෙමි.) Sexual fetishism මඟින් පැහැදිළි කළ හැකිය සිතමි. මේ මානසික තත්ත්වයට පත්වන්නෝ සාමාන්‍ය පුද්ගලයකු ආස්වාදයක් නොලබන ආකාරයකින් ජීව හා අජීව වස්තූන්ගෙන් ලිංගිකාස්වාදයක් ලබන අතරම එය ඔවුන්ගේ ලිංගික ක්‍රියාවලියේ වැදගත් කොටසක්ද වේ. මෙහිදී ඔවුන් ලිංගික සතුට සම්පූර්ණ කර ගැනීමට භාවිතා කරන ජීව වස්තූන් අතර සහකරු/සහකාරියගේ අත්, ඇඟිලි හෝ පාද වැනි සාමාන්‍යයෙන් ලිංගික කර්තව්‍යයක් ඉටු නොකරන අවයවද අජීව වස්තූන් අතර කාන්තා යට ඇඳුම්, සපත්තු වැනි දේද දැකිය හැකිය. (වැඩි විස්තර සඳහා බලන්න http://en.wikipedia.org/wiki/Sexual_fetishism)

    "මහ වෙදනා" නම් තැනැත්තාගේ Sexual fetishism එක මේ ආකෘතියෙන් තරමක් වෙනස් වන්නේ ඔහු මේ සියල්ල සඳහා ආගම ආදේශ කර ගන්නා හෙයිනි. ඔහුගේ ලිංගිකාස්වාදය සම්පූර්ණ වන්නේ ආගමික වත් පිළිවෙත් එහි කොටසක් වූ කල්හිය. මෙයද අදට අළුත් දෙයක් වෙතත් ඉතිහාසයට නම් අළුත් දෙයක් නොවේ. බොහොමයක් 'පිජින්' ආගම් වල ලිංගිකාස්වාදය ආගමික වත්පිළිවෙත්හි කොටසක් සේද ආගමික වත්පිළිවෙත් ලිංගිකාස්වාදයේ කොටසක් සේද ගැණිනි. (The Da Vinci Code මතක් කර ගන්න.) එසේම මේ සිරිත සමහර නව ආගමික කල්ලි (cult) වලද දැකිය හැකිය. බ්ලොග්කරුවකු හා ලේඛකයකු වන අජිත් පැරකුම් ජයසිංහ මේ ගැන යම් සඳහනක් තම 'ශාස්තෲ' නවකතාවෙහි කරයි.

    "මහ වෙදනා" කවර හෝ ආකාරයකින් ලිංගිකාස්වාදයක් ලැබීම ඔහුගේ පුද්ගලික කාරණාවකි. නමුත් ඔහු තම බ්ලොග් එක හරහා තම ෆැන්ටසිය අනෙකුන් මත පටවන්නට උත්සාහ දැරීම තුළින් එක පොදුවේ සාකච්ඡා කෙරෙන තත්ත්වයට පත් වේ. මේ සටහන එනිසාය. නැතිව කෙනෙකුගේ පුද්ගලික කාරණා අපට වැදගත් නොවේ.

    ReplyDelete
  20. @ජනරජදාස - වර්ථමාන තත්වය හිතකර නොවේය යන්න පිලිබන්ද ගැටලුවක් නොමැත නමුත් මුස්ලිම් ජාතිකයින් ගෙ අන්තවාදය හෝ ආගම දේශපාලනී කරණය සෝම හිමි හෝ වෙනත් අයෙක් නිසා ඇතිවූවක් නොව ඔවුන් තුල ස්වාභාවයෙන්ම දක්නට ලැබෙනා තත්වයකි . දේශපාලනය පමණක් නොව සිය වෘත්තීන් , සමාජීය කාරණා ඇතුලු සියල්ලම ආගම හා බද්ධ කරගැනීමටත් , ඒ සියල්ලක්ම සිය ආගම ව්‍යාප්ත කිරීමේ උපාය මාර්ගයන් ලෙසත් මොවුන් යොදා ගන්න බව රහසක් නොවේ . ශ්‍රි ලංකාවේ පමණක් නොව ලොව පුරාම තත්වයද මෙයයි. එනිසා සිංහල බෞද්ධ අන්තවාදයෙන් ඔවුනට සුලු උත්තේජනය්ක් ලැබුණා නම් විනා ඔවුනගේ අන්තවාදී ග්‍රාම්‍ය චින්තනය ඇරඹුනේ සිංහල බෞද්ධ අන්තවාදය නිසා යැයි නම් මා කිසිසේත් විශ්වාස නොකරමි. සෝම හිමියන්ගෙ ධර්ම දේශනා තුලට අනෙකුත් ආගමික චින්තනයන් ගාවා ගැනීම හෝ අනෙකුත් අන්තවාදී අදහස් මා අනුමත නොකලත් .කිතුණු පල්ලි ගිණි තැබීම් , බටහිර ක්‍රිස්තියානි බලවේග පිලිබඳ මතවාද ඇතුලු එක්තරා දුරකට හිංසාකාරි සහ අනෙක් අතින් දේව වාදයන් ,බලි තොවිල් , සහ අතිශයින් නොදියුණු ග්‍රාම්‍ය සංකල්ප වලින් පිරුණු වර්ථාමාන තත්වයට මූලිකම හේතුව ඒ සඳහා ලැබෙන රාජ්‍ය අනුග්‍රහයත් අනෙක් අතින් අන්තර්ජාලය හරහා අන්කවරදාකටත් වඩා වේගයෙන් වැඩි ජන කොටසකට එම මතයන් වීමය . විකල්ප මතවාදයක් පිලිබඳ සාකච්ඡාවක් කිසිදු කෙශෙත්‍රයක් අරඹයා සිදු නොවෙන වටපිටාවක(මාධ්‍ය ආයතන පවා එවැන්නකට ඉඩ නොතබන ) එම ග්‍රාම්‍ය මත සමාජයේ ස්ථාපනය වීමද පහසුය . ඉන්දියානු විරෝධය හරහා බුදු රජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේය කියන්නන් පවා බිහිවී ඇත්තේ මේ වටපිටාව තුලය . එනිසා සෝම හිමියන් මෙහිලා කුඩා අංකුරයක් පමණි , අතු පතර විහිදුන මහා වෘක්ෂය සමාජය ගිල ගනිමින් සිටින්නෙත් , එයට සරිලන පරිසරය අපුරුවට සකසා දී තිබෙන්නෙත් වර්ථමානය තුලයි

    ReplyDelete
  21. ලිංගික සුඛාස්වාදය ඉහලින්ම ලබන්න නම් පන්සිල් අරගෙන විතරක් මදි. යහපත් වැඩකත් නිරත වෙන්න ඕන.මෑතක ඉදල රෑට රෑට ගෑනුන්ගෙ නිදියහනට ගොඩ වදින්න පුරුදු වෙල ඉන්න නාථ දෙයියොත් වැඩේ පටන් ගන්න කලින් යහපත් වැඩක නිරත වෙන්න අධිෂ්ඨාන කරල තියෙනව. ඔය ආසනික් වැඩේ කණට කරල කොදුරල කියල තියෙන්නෙ ඕන් ඔය විදිහට.

    ඕන නම් අංජනමක් යවල හැබෑ බොරු දැන ගත්තෑකි.

    ReplyDelete
  22. සිංහලයෝ තරම් අනිමතයන් ඉවසනා පිරිසක් වෙන කොහේවත් නොවෙති. සිංහලයනට කිසිදාක දෙමළ ජාතිය සමඟ නොසිඳෙනා තරහක් නොවීය. සිංහලයෝ සැමදා, ත්‍රස්තවාදය හා ඊළම හෙළාදැක්කො පමණක් වෙති. සිංහලයනට කිසිඳු ජාතියක් හා ඒරෙහිවීමක් නැත. අනෙකුත් සියළුම සංස්කෘතීන් මඩිමින් ඊනියා ආධිපත්‍යය වපුරන බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට පිළිතුරු දියහැකි මතවාදයක් නිර්මාණය කිරීම, බටහිරයාගෙ මානසික පීතෘත්වය නොලද කාගෙත් වගකීම වෙයි.

    අද ලෝකය, බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය සරණගොස් ඇත. ඉන් ඒහාට කිසිවක් කළ නොහැක්කන් ප්ර්සක් අද නිර්මාණය කෙරීඇත. ඒහෙයින් බටහිරයන් පිළිනොගන්නා තුරු,බටහිරයන් කියනා දෙය හැර අන්කිසිවක් නොපිළිගන්නා සියල්ලෝම උගතු ලෙස අද පිළිගැනෙති.

    කුඹුරක් ඇස නොගැටුන ළමයි,වෙදිකාව මත ගොයම් කැපුම රඟදක්වත්දී, කෙත කමත හුරු ළමුන් වෙදිකාව අභියෙස හිද ඒම රැගුම නරඹයි. සුනිල් ඒදිරිසිංහ මහතාගෙ ගීතයෙ පද අද යථාරිථයක්ව ඇත.

    මෙසියල්ලෙම පදනම අත්විදින්නට සිදුවන අනාගතය තව බොහෝ දුර ඈත නොවන බව අපගෙ මතය වෙයි. බටහිරයන් කියනා කිසිවක් පිළිගන්නට නම් අප ඊනියා උගතුන්ට හෝ ඔවුනගෙ අනුගාමිකයන්ට, බටහිර දැනුමෙ පදනම විමසිය යුත්තක් නොවෙයි. මෙ අවාසනාවන්ත ඉරණමට සිංහලයින් පත්කළෝ කවරහුද? මෙසියල්ල ඊනියා අධිපතිත්වය ගොඩනැගීමට බටහිරයන් ඇටවූ උගුල් වෙයි.

    කවුරුන් කෙසෙ කීවද, මෙ ඊනියා පණ්ඩිතයෝ රජරට වකුගඩු රෝගයෙන් පෙළෙන්නෝ නොවෙති. අඩුම තරමින් රජරට වකුගඩු රෝගයෙන් පෙළෙන්නන්ගෙ වෙදනාව දැනෙන සිංහලයෝ නොවෙති. තවත් අයෙක් රජරට වකුගඩු රෝගයට හෙතු සෙවීමෙ හා නිවාරණය කිරීමෙ ගෞරවය අපේක්ෂාවෙන් කාතයක් තිස්සෙ සිහිනදැක්කෝ වෙති.ඒම සිහිනයෙන් මිදෙන්නටවීමෙ වෙදනාව අතිවිදින්නෝ වෙති. යථාර්ථය මෙතරම්ම පිළිකුල්සරගත වෙයි.

    අපි කුමක් කරමුද?

    ReplyDelete
  23. - ඔබතුමා එකම කමෙන්ටුව තුන් පාරක් දාල තිබුන නිසා එක පාරයි පබ්ලිශ් කලේ (පොඩි පොඩි වෙනස් කම් තිබුනද නම් දන්නෙ නැ ) . නලින් මහත්තයගෙ කථාවක් වගේමයි . ඔබතුමාලගෙ ඔය බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍ය කියන එක නම් මට අනුව විකාරයක් විතරයි ඒ ගැන කථා නොකර ඉමු. වකුගඩු රෝගය ගැන කථා කරනවා නම් ඔය පරීක්ෂක කණ්ඩායම වකුගඩ් රෝගයට හේතුව කියන එක තහවුරු කරන්න සමත් වෙලා නැ . එහෙම රෝගයකට හෙතුවක් නිකන්ම කියල විතරක් හරි යන්නෙ නැ . ඒවා විවිධා කාර රෝගීන් ගණනාවක් ඇසුරෙන් පරීක්ෂන කරලයි දැන ගන්න ඕනි (මම සබැඳීයක් දිල තියන ලිපියෙ ඉන්න මහාචාර්ය තුමා නම් එහෙම තමා කරල ත්යෙන්නෙ ) නලින් මහත්තය විද්‍යාත්මක ක්‍රමය ප්‍රත්ක්ෂේප කරනව වෙන්න පුලුවන් නමුත් අනික් අයට ඒ ක්‍රමයෙන් ඒත්තු ගන්න වන්න වෙනව . එහෙම නැත්නම් එතුමාගෙ දේශීය ක්‍රමයකටම රෝගය සුව කරල පෙන්නන්න වෙනව . නමුත් මේ අය දැන ක්ථාව ගෙනියන්නෙ කෘෂි රසායන තහනම් කරපියව් , දේශිය ක්‍රමයට වගා කරපියව් කියල විතරයි . අර රෝගය ගැන නෙවෙයි . අනේ අපේ රටේ මිනිස්සුන්ට වහ කවලාය කියල හදවතට දුකක් දැනුනාම කැගහන එක වැරදිම කියන්න බැ හැබැයුඉ ඊට කලින් ඔලු ගෙඩිය ටිකක් පාවිච්චි කරල බලන්න ඕනි . මේ රෝගයට හේතුව ආසනික්ම කියල හොයාගෙන තියනවද ? ඒක ඔප්පු වෙලාද තියෙන්නෙ ? එහෙමනම් ලංකාවට ගේන ඔක්කොම රසායන නතර කරල දේශීය විදිහට කුඹුරු කොටන්න කියන එකද හරි නිවැරදි ප්‍රමිති යෙන් යුතු රසායන ගේන එකද හරි ? කියන ප්‍රශ්න ටික තමන්ම අහග්න්න ඕනි . ඊලඟට නලින් මහත්තය හිතනව නම් එයාගේ ආදර්ශ කුඹුර විදිහට ලංකාවෙම ඉන්න ගොවියන්ට පොහොර, රසායනික ද්‍රව‍ය නැතුව වගා කරන්න පුලුවන් කියල ඒක පට්ට පල් බොරුවක් . අඩුම තරමේ අපේ ගොවි මහත්තුරුන්ගෙ ජීවන රටාව වත් දන්නෙ නැති . නගරෙට වල හීන ලෝක වල ඉඳන් තියරි හදන පිස්සෙකුට විතරයි එහෙම දේවල් කියන්න ල් පුලුවන් . ඒවා කිසිම ප්‍රායෝගිකත්වයක් නැති ෆැන්ටසි විතරයි

    ReplyDelete
  24. @ ජනරජදාස නොහොත් ටැබූ

    මහාචාරිය තුමාට ගණන් බෑය කියල ඔය උන්නැහේ ඔප්පු කොරනවා කිවු එකට මොකඕ වෙන්නේ?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව