Skip to main content

FBI එක සහ කහවත්තේ ගැණු භූතයා


මාතෘකාව නිකන් අලු කෙහෙලුයි කොණ්ඩකටුයි වගේ වගේ ගැලපීමක් නැති එකක් වගේ තමා පේන්නේ . මොකද FBI එකෙන් ගැණු භූතයෝ අල්ලන්න එන එකක්යැ නේද ?  FBI එක ගාව ගත්තේ ඇයි කියල දැනගන්න කලින් කහවත්ත සිද්ධිය දිහාවට හැරෙමු . මේ වගේ සිද්දීන් අයත් වෙන්නේ Serial Killers ලා විසින් සිදු කරන ඝාතන වර්ගයට . ඒ කියන්නෙ කාලයක් පුරාවට එක සමානා ආකාරයේ මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදු කිරීම . ඝාතන සිදුකරන  ආකාරය එක සමාන වගේම  ඝාතනයට ලක්වන අය යම් කිසි සමාන තාවක් දක්වන බවකුත්  මේවායේ තියනව . කහවත්ත සිද්දියේදී නම් ඝාතකයා දිගින් දිගටම තෝරගන්නේ වයසක කාන්තාවන් . මේ ඝාතන එක් පුද්ගලයෙක් හෝ කිහිපදෙනෙක් අතින් වෙන්න පුලුවන් කම තිබුනත් . සාතිශය බහුතරයක් අවස්ථාවල මානසික විකෘතිතාවයට ලක්වුන තනි පුද්ගලයෙකුගේ අතින් තමයි ඝාතන සිද්ද වෙන්නේ .

සාමාන්‍යයෙන් මේ වගේ ඝාතන රැල්ලකදි අපරාධකරුවා ඝාතන 4-6 ක් දක්වා ප්‍රමාණයක්දි අල්ලාගැනීමේ හැකියාව ලැබෙනව . හැබැයි ඉතින් ඉතා සුක්ෂම  අපරාධකරුවන් ඊට වැඩි අවස්ථා ගානක් දක්වා බේරිලා ඉන්නව . ගොඩක් වෙලාවට ඝාතන දෙකක් අතර විරාමය වැඩි නම් හෝ එක් ඝාතන රැල්ලකින් පස්සේ ඝාතකය විරාම කාලයකට යනව නම් ඔහුව අල්ලා ගන්න ගතවෙන කාලය වැඩියි


කහවත්තේ සිද්ධිය  මේ වෙනකොට ඝාතන 9ක් දක්වා වර්ධනය වේලා තියෙන්නේ.  නමුත් අපරාධකරු පිලිබඳ නිශ්චිත සාක්ෂි නැහැයි කියලයි පොලිසිය කියන්නේ (කොහොමටත් මේ වගේ දෙයකදි නියම තොරතුරු මාධ්‍යට ලබාදෙන්නෙ නැ ) . හැබැයි ඉතින් ඝාතන 9ක් කියන්නෙ සුලු පටු නැ .අනික අතුරුදහන්වෙලා ඉඳලා ටික දවසකින් ඝාතනය කරනවාය කියන කාරණයේදී ඝාතන 9ක් දක්වා සිද්ධිය යන කන් පොලිසියට අපරාධ කරුවා කොටු කරගැනීමට නොහැකි වීම ඉතාම කණගාටු දායකයි . මේකට මූලිකම හේතුව මේ වගේ සිදුවීම් ලංකාවේ දුර්ලභ වීමත් පොලිස් නිලධාරීන්ට නිසි පුහුණුවක් නොමැති වීමත් කියලයි මම නම් හිතන්නේ .

ඇමරිකාව කියන්නේ Serial Killers ල ගැන බොහොම ප්‍රසිද්දියක් උසුලන රටක් . ඒ නිසාම  FBI ආයතනය කියන්නෙත් Serial Killers ල  කොටු කර ගැනීමට වගේම ඒ අයගේ මානසික තත්වය , හැසීරීම් රටා , ඝාතන පියවර වගේ ගොඩ ක් දේ ගැන පරීක්ෂන සිදුකරන ආයතනයක් . කොහොමටත් ඝාතන වල ස්වාභාවයන් පරීක්ෂා කිරීමේ වෙනම ඒකකයක් පවා FBI ආයතනය සතුව තියනව .FBI එක තරම් නම් නැති උනත් ලංකාවේ පොලිස් නිලධාරීන්ටත් අපරාධ පිලිබඳ විශේෂඥ දැනුමක් යම් පමණකින් ලබා දෙන්නෙත් , ඒ ඒ ක්ශේත්‍ර වල ප්‍රවීනයන්  අපරාධ පරීක්ෂන ක්‍රියාවලියට දායක කරගැනීමටත් ක්‍රමවේදයක් තිබුනා නම් ඉතාම වටිනව . පහලින් දීල තියෙන්නෙ FBI ආයතනයේ විශේෂ නියෝජිතයෙක් (Special Agent ) වෙන්න අවශ්‍ය සුදුසුකම් , ලංකාවෙ රහස් පොලිසියට බැඳෙන්න හෝ එහෙම සුදුසු කම් මාලාවක් තියන බවක් දන්න කෙනෙක් ඉන්නව නම් සටහන් කලොත් ගොඩක් වටිනව

මූලිකම සුදුසුකම් - වසර 4ක උපාධියක් සමගින් වසර තුනක රැකියා පලපුරුද්ද | වයස අවු 23-37 අතර වීම හා ඇමෙරිකානු පුරවැසියෙකු වීම


ඊට අමතරව පහත ක්ෂේත්‍ර යටතේ ප්‍රවීනයෙකු විය යුතු වෙනව (මෙවායින් එකක )



  • Accounting
  • Computer Science/Information Technology
  • Language
  • Law
  • Diversified
ඊට පස්සෙ මේ අයට ප්‍රමුක තාවය ලැබෙන්නෙ පහත තියන දක්ෂතා අනුව . මේවායින් වැඩි ගනන්ක් තියන කෙනාට තමයි මූලිකත්වය ලැබෙන්නෙ

  • Accounting
  • Finance
  • Computer Science/Information Technology Expertise
  • Engineering Expertise
  • Foreign Language(s) Proficiency
  • Intelligence Experience
  • Law Experience
  • Law Enforcement/Investigative Experience
  • Military Experience
  • Physical Sciences (e.g., physics, chemistry, biology, etc.) Expertise
  • Diversified Experience
මෙහෙම තෝරා ගන්න අයට FBI Academy   තුලදි සති 20ක පුහුණුවකුත් ලැබෙනව .  FBI Academy එක කියන්නේ ඉතාම ඉහල පහසුකම් සහිත පුහුණු ආයතනයක් . මේ වගේ තෝරගන්න පිරිසකට ඉතාම ඉහල තාක්ෂණික පහසුකමුත් එක්ක Serial Killers ල  විතරක් නෙවෙයි ඕනැම අපරාධ කාරයෙක් කොටුකරගැනීමේ හැකියාව ලැබෙන එක අහන්නත් දෙයක්ද නේද ? හැබැයි ඉතින් එක FBI ගේමට බහින්නේ ප්‍රාන්ත පොලිසී වලට නඩත්තු කරගන්න බැරි හෝ ජාතික ආරක්ෂාවට   ඍජුව සම්බන්ධ හෝ අමුතු ආකාරයේ සිද්දි වලට විතරයි 

FBI එක වගේ ලොකු මට්ටමෙන් බැරි උනත් යම්තාක් දුරකට හරි මේ වගෙ ක්‍රමවේදයක් සැකසෙනව නම් කහවත්ත සිද්ධිය වගේ අවාසනාවන්ත සිද්ධීන් වලක්වා ගන්න අපිටත් හැකියාව ලැබෙයි .
Serial Killers ල ගැන නිර්මානය වුන සිනමා හා ටෙලි නිර්මානත් බොහොමයි. ගොඩ දෙන්ක් ඒවගෙ ඒව කිහිපයක්වත් බලල ඇත්නේ . මේ මාසේ තිරගත වෙන අපේ ජැකොලයින් අක්ක රඟපාන Murder 2 චිත්‍රපටියත්  Serial Killer  කෙනෙක් ගැනලු තියෙන්නෙ . 

ආ.. තවත් දෙයක් FBI කිව්ව  ගමන් මම වගේ  X- Files රසිකයින්ට නම් මුලින්ම මතක් වෙන්නෙ Fox Mulder  ව තමයි . එයත් ඔය වගේ Serial Killers ල පසු පස යන කතන්දර ගොඩක් X Files  තුල තියනවා මතක ඇතිනේ , හැබැයි පොර කහවත්තේ සිද්ධියට සෙට් වුනා නම් මේ වෙනකොට මුලු කහවත්ත ප්‍රදේශයේම ජනතාව වගෙ විශ්වාස කරන භූතයෙක් හොයන්න ගිහින් I Want To Believe  තියරියටත් කෙලෝ ගන්නව :D

Comments

  1. සීරියල් කිලර් කියපු ගමන් මට මතක් වෙන්නෙ බලල තියෙන චිත්‍රපටි ටික. නම් මතකත් නෑ දැන්. ඒ වගේම දැන් නම් එපා වෙලත් තියෙන්නෙ. ඔය කියන විධියට ඉතිං FBI පොරක් වෙන්න අධ්‍යාපනේ එක්ක ප්‍රැක්ටිකල් දැනුමත් සෑහෙන්න බලනව වගේ.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අලුත් පොලිස්පතිතුමා කියල තියෙනව අල්ල ගත් එක්කෙනෙක් ඝාතන තුනක වගකීම භාරගත්ත කියල.
    අපේ රටේ නම් FBI විදියට කට්ටිය බඳව ගන්නව බොරු. ලොක්කගෙ ඉඳළ හැම දේශපාලකයෙක්ම අරය මෙයා ගන්න කියල බලපෑම් කරයි. අන්තිමට අඩුම සුදුසුකම් තියෙන සෙට් එක තේරෙයි.

    ReplyDelete
  4. @hare :-) -නියම පොරවල් වගේ තමා

    @Outsider - අයේ මොනවද මෙහේ කොයින්ද දේශපාලනෙ නොගෑවුන තැනක් . ඝාතන තුනක වගකීම එක්කෙනෙක් බාර ගත්තා නම් . අනික් ඝාතන ඒ රටාවෙන් වෙනස් වෙන්න ඕනි . එහෙමත් නැත්නම් එක්කෙනෙකුට වඩා වැඩි ගනනක් මෙතන ඉන්නව. අර FBI කට්ටියගේ හැසීරීම අධ්‍යනයන් සහ දත්ත පද්ධතිවගෙ දේවල් වල වටිනා කම තියෙන්නෙ අන්න ඒ වගෙ වෙලාවට තමයි

    ReplyDelete
  5. ඇත්තට දැන්නම් අපේ​ පොලිසියටත් මේ වගේ දෙයක් ට්‍රේන් කරාට අපතේ යන්නේ නෑ, මොකද මේ පටන් ගැන්මක් වගේ නිසා ඉස්සරහට තව මේ වගේ සීන් ඈතිවෙන්න පුළුවන්....

    ස්කලී අක්කව එව්වනම් ඔය ඔක්කොම ඉවරයි...

    ReplyDelete
  6. මේ වැනි ඝාතන රැල්ලක් පිලිබඳ නිසි ආකාරයක පරීක්ෂණ පවත්වන්න තරම් තාමත් අපේ රහස් පොලිසියට තාක්ෂනික පහසුකම් මද බව මගේත් අදහසයි.
    ඒනිසා ඔය අහුවෙච්ච එකා තව ගුටි වදිනකොට ඉතිරි ඝාතනවල වගකීමත් භාර ගනීවි.

    ReplyDelete
  7. ඇත්තටම මේක හරි ප්‍රශ්නයක් මේකා වයසක ආච්චි අම්මලව මරන එකනෙ වැඩේ.කහවත්ත පොලොසියට පඩි ගෙවනවටත් නයයි.

    ReplyDelete
  8. ඔන්න එක රටක තරඟයක් තිබුනාලු හොඳම විමර්ශන කණ්ඩායම හොයන්න.. මේකට ඇමරිකාව, බ්‍රිතාන්‍ය, රුසියාව, ඊශ්‍රයලය වගේම ලංකාවත් සහභාගි උනාලු... තරගෙ තමයි කැලේකට අතඇරපු ගිනි පිග් (ඌරු මීයෙක් විතර ලොකු දුඹුරුයි සුදුයි පාට මීයෙක් වගේ සතෙක්) කෙනෙක් හොයා ගෙන එන එක....
    කට්ටියම තරගෙට බැස්සලු, ලංකාවෙ අය ඔය ගිනි පිග් කියන සතාව දන්නෙත් නෑ ලු. ලොක්කා කොහොම හරි දිනලම එන්න කියපු නිසා දිනන්නත් ඕනලු...දවල් වෙනකොට ඔක්කොම කෙලි කාරයෝ එනවලු හිස් අතින්, ලංකාවෙ ටීම් ඒක නෑලු. මෙන්න මුං ටික හවස එනවලු තඩි වල් ඌරෙක් අල්ලගෙන, ඌට ඇවිද ගන්න බැරිවෙනකල්ම ගහලා.. ඒ වල් ඌර කිය කිය එනවලු අනෙ සර් ගහන්න එපා ඔය කියන "ගිනි පිග්" මම තමයි කියල... අර අල්ල ගත්තු එක්කෙනත් එහෙම වෙන්න ඇති වගකීම බාර ගන්න ඇත්තේ මගෙ හිතේ....

    ReplyDelete
  9. @prasanna86k - එයා ආවනම් අපේ උන් කොහොමටවත් වැඩ කරන්නෙ නැ

    @Anonymous -ඉතිරි ඝාතන විත්‍රක් නෙවෙයි මුලු රත්නපුර දිස්ත්‍රික්කයේම ඝාතන වලට වගකීම භාරගනී

    @JHOTHISHALANKA -උන්ගෙ වරදම නෙමේ බන් උන්ට නිවැරදි පුහුණුවක් නැති එක තමයි අවුල , අට පාස් වෙල කොස්තාපල ගිය එකෙක් නිකන්ම පරීක්ෂක තනතුර දක්වා ආවට පස්සෙ මොන හැකියාවක්ද තියෙන්නෙ . හොඳ අත්දැකීම් ලැබිල තිබුනොත් එච්චරයි නැත්නම් මොකුත්ම නැ

    @harshana1985- මරු කථාව මමත් ඔකේ දිග වර්ශන් එක අහල තියෙයි

    ReplyDelete
  10. ඇමරිකාවෙ serial killers බහුලයි කියන එක තරහට හදපු බොරුවක්. ජනගහනය වැඩි වීමයි හේතුව.චීනෙ රුසියාවෙත් ඒ වගේම තියනවා.

    ReplyDelete
  11. @abo -අපෝ මම ඇමරිකාව එක්ක කිසිම තරහක් නැ . රුසියාවේ චීනේ වගේම ඉන්දියාවේත් ඒවගේම තියෙන්න ඕනි ජනගහනය අධික නිසා . ඔය සම්බන්ඳව විශේෂ දක්ෂතා තියන ආයතනය FBI නිසා තමයි ඇමරිකාව විතරක් ගත්තේ. රුසියාවේ හා චිනේ පොලිස් සේවා ගැන මම මොකුත් දන්නෙ නැ . ඉන්දියාවේ CBI කියල එකක් තිබුනත් ඒක මොන වගෙ තත්වයෙන් ක්‍රියාත්මක වෙනවද කියල හරියටම දන්නෙත් නැ . දන්න එක ගැන තමා ලිව්වේ

    ReplyDelete
  12. බුවා නැවතත් පොර ටෝකක් දී ඇත.. නිශ්චිත පරීක්ෂණයකින් තොරව අපරාද කරුවකු තීරණය නොකරයි.. වැඩිපුර xfiles වැනි විකාර නැරබීම නිසා බුවාගේ ඔලුව කචල් වී ඇති සෙයක් පෙනේ.
    මෙම මරණ වලට හේතුව serial killer කෙනෙක්මයයි කියන්නේ කෙසේද?ගාතකයා බූතයෙක්ද විය හැක.. වයසක ආච්චිලා ආතල් එකට සියදිවි හානිකර ගත්තාද වියහැක.. පරීක්ෂණ හමාරවී නිශ්චිත නිගමනයකට එනතුරු කිසිවක් කිව නොහැක... බටහිර ගැත්තන්ට සෑම විටම පෙනෙන්නේ අපේ වැරදිමය.. පොලිස් පරීක්ෂණ නියමිත පරිදි සිදුවෙමින් පවතින බව මගේ විශ්වාසයයි..

    -මොතා

    ReplyDelete
  13. /ඇත්තටම මේක හරි ප්‍රශ්නයක් මේකා වයසක ආච්චි අම්මලව මරන එකනෙ වැඩේ.කහවත්ත පොලොසියට පඩි ගෙවනවටත් නයයි/

    අම්මප ඇත්ත තමයි. ඇයි ඔය තමන්ට ඔක්කොම පේනවයි කියන ජෝතිශකාරයො? උන්ට බැරිද මේ භූතයව අල්ලල දෙන්න? උන්ගෙත් බොරුව පේනව නේද හැබෑටම?

    ReplyDelete
  14. ජෝතිශකාරයො කියන විදියට නම් එක විදියටම මැරෙන්න නම් ඔය වයසක ගෑනු ඇත්තන්ගෙ කේන්දර වල යම්කිසි සමානකමක් ඇතිනෙ. දැන් ඔය පොර ටෝක් දාන ජෝතිශකාරයෙක් අල්ලගෙන ඌට කිව්ව නම් හරි ඒ සමානකම හොයාගෙන තව මිනීමැරුම් සිද්ද වෙන එක නතර කරන්න කියල. බැරි නම් එක්කො ඌ සෑස්තරේ දන්නෙ නෑ. නැත්නම් ජෝතිශේ කියන්නෙ අමූලික බොරුවක්.

    ReplyDelete
  15. නාථ දෙවියොත් මොකුත් දන්නෙ නැද්ද දන්නෙ නෑ මේ භූතයා ගැන?

    ReplyDelete
  16. @මොතා - මම බුවා නිසා කොටමටත් දෙන්නේ පොර ටෝක්ම විතරය . සිරියල් කිලර් කෙනෙකුගේ ඝාතන යැයි කියන්නේ එකම සමාන අයුරින් කාල සිමාවක් මුලුල්ලේ සිදුවන ඒවාටය . පරීක්ෂන කරන්නෙ ඝාතන කරන ඒ එකා හෝ කිහිප දෙනා ඇල්ලීමටය , ඌ බූතයෙකු නම් සිරියල් කිලර් බූතයෙක් කියා කීමටද ඇහැකිය . ආතල් එකට සිවි හානි කරගන්නවා නම් ඔයිට වඩා ලේසි ක්‍රම ඕනි තරම් තියනවාය . ආසනික් සහිත රවුන්ඩ් අප් බෝතලයක් ගැහුවා නම් එක ශොට් එකෙන්ම නාථ භවනේය . කොහොම උනත් මෙවන් ඛේදවාචකයක් විහිලිවකට ගැනීම නම් එතරම් හොඳ නැත

    X - Files බැලුවාට ඔලුව නම් කචල් වී නැත , අනික X- Files අනුව යනවා නම් භූතයෙක් ගැන විශ්වාස කිරීම ඉතා පහසුය . පොලිස් පරීක්ෂන නොවෙනවා කියා මා කියා නැත . මා කියන්නේ සමස්ථ පොලිස් සේවයේ ගුණාත්මක බව ගැනය (අලුත් පොලිස්පති තුමාද එහෙම එකක් ගැන කියා ඇත ) පොලිස් පරීක්ෂන ලසන්ත ඝාතනය ගැනත්, ඊ නිවුස් ගිනි තැබිම ගැනත් තවමත් සිදු කරනවා කියා කියනවාය

    ReplyDelete
  17. Ano 1 & Ano 2 - ජෝතිෂේට එහෙම ලොකු ලොකු වැඩ කරන්න බැය කියලනෙ කියන්නෙ

    Ano 3 අනේ මන්ද මහාචාර්යතුමාට සන්දේශයක් වත් යවමුද

    ReplyDelete
  18. serial killers
    niyama topic eka katha karanna..
    lankawe aththatama ohoma puhunuwak denawanam kochchara aparada adu waida..
    mahinda mama poddak owa gana hithuwoth hodai bus wala gasthu wadi karanawata wada..lol

    ReplyDelete
  19. ape ayatath traning ekak denna oni fbi eken.

    ReplyDelete
  20. kahavatte archilata me davas vala loku vatinakamak labila vage.meka kiyanne vinodhyata nam neve.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව