Skip to main content

අලින්ගේ නොවන අල කලංචි !!!

අලින්ගේ අල කලංචි නම් දැන්  දැකලාම එපා වෙලාය . උන් මුන්ගේත්, මුන් උන්ගේත් කලිසම් ගලවන නිසා (රෙද්ද බැනියම ගැන ලොකු ටෝක් දෙන උන් අඳින්නේද කලිසම් ය ) දෙගොල්ලම සිටින්නේ හෙලුවෙන්ය . ඒත් උන්ට ගානවත් නැත . බලා ඉන්න අපිට ගානකුත් නැත . අලින්ගේ හෙලුවට හිනා වෙන බුලත් කාරයින්ගේද අලකලංචි බොහෝමය .  මහ තැනගේ බල පරාක්‍රමය නිසාත් , දැනට බලය අතේ තියන නිසාත් එව්වා අර තරම් ලොකුවට එලියට එන්නේ නැත .

මේ අලකලංචි හොඳටම දකින්න තිබුනේ බුලත් කාරයින්ට පට්ටම් දුන් කාලයේය . අලුතින් පට්ටම් ගත්ත උන් , කලින් පට්ටම් කල උන් පතුරු ගැසුවේ  හරියට  කලින් පට්ටම් කලේ අලි සෙට් එකේ උන්දලා වගේය . ලොකු  තැන සද්දයක් දමා වැඩේ ශේප් නොකලා නම් තව ගොඩ දෙනෙකුගේ රෙදි ගැලවෙනවා බලා ගන්නට තිබුනා කියා සිතෙනවාය .  දැනටත් ඒවා නැත්තේම නැත . අහවල් නරුවේ පාල තුමාත්  ඉඳහිට මරු කථා කියනවාය . එක වරක් කිවේ තමන්ගෙ පවුලේ සැහෙන සෙට් එකක් හිටියත් කාව වත් පොලිටික්ස් වලට ගෙනාවේ නැ කියාය . ඒ නැමුවේ කාටද කියා රටම දන්නා නිසා අමුතුවෙන් කියන්නට ඕනැ නැය . උන්නැහේ ඊයේත් මරු කථාවක් කියා ඇත . ඒ බුලත්විට කාරයින් වගේ දොස්තරලා හදන්න බැ කියාය . ඒ  බණ්ඩා තුමා මොකක්ද එකකට උඩින් දකිනා දොස්තරලා පුද්ගලිකව  හදන්නටත් දත කත්දීය (හරියට වැඩෙ කරනවා නම් බුවා මෙතන්දී බණ්ඩා තුමාට සපෝට් බවත් කිව යුතුය )

හත්පොලේ ගාගන්නා ගොං වංශ තුමාත් හරියට කචල් දාගන්නවාය . මුලින්ම ඇවිලුණේ (බාල)තෙල් ජයන්ත තුමා සම්ඟය . ඒ තමන්ගේ පොරකට ලයිස්තුවෙන් එන්න දුන්නේ නැ කියායා . කොයි තරම් දැඟලුවත් ජයන්ත තුමා අන්තිමේදී දින්නාය . ඊලඟට හැප්පුනේ කඩුවෙල දාස තුමා සමඟය . ඇමති කෙනෙක් වෙලාත්  නගර සභාවේ දාස තුමාට කිචවී පල්ලම් බැසීමට වංශ තුමාට සිදුවුනාය . වංශ තුමා පෙලපාලි යන්නටත් රුසියාය (ඒවායේ ගොන් පාට්  දමා නාගන්නටත් එලෙසින්ම රුසියාය ) . මේ පෙලපාලි වලදී උන්නැහෙ ගෙනියන්නේ හුසේන් අන්කල් ,  ගඩාෆි අන්කල් වගේ අයගේ රූප අපේ රජතුමාගෙ රූපයත් එක්ක පෙලට තබා ගෙනය . උන්නැහේ වගේම ෆුල් බටහිර විරෝධියෙකු වන මණ්ඩලයේ පික තුමා මේකට කැමති නැය . උන්නැහේ කියන්නේ  වංශ තුමා කරන්නේ මෝඩ වැඩක් කියාය . වංශ තුමා මේ දවස්වල පොලවේ පස් කන්නේ 13 එපා කියාය , ඒත් බුලත් පිලේම ඩග්- අලස් තුමා කියන්නේ ෆුල් බලතල සහිත  13 හෝ පුලුවන් නම් 13+ ඕනැ කියායා . බුලත් සෙට් එකේම රතු උන්නැහෙලා කියන්නේම 13+ කියලාය (13 හැදුවේ ලංකාවේ ධනපතියන් "මංකියන්" සමඟ එකතුව කියා උන්නැහෙලාව මතක නැතුවා වගේය ) . අත පැත්තෙන් ආ බුලත් කාරයින් එහෙම කියන්නේ දැනට තියෙන විදිහට 13 තිබුනාම ඇති කියායා . එකම සෙට් එකේ අයම එක එක ඒව්වා කියන්නේ විපක්ෂයෙන් උන් මොකුත් නොකියනා නිසා විය හැක . කොහොම උනත් මණ්ඩලයේ පික තුමා මෙතන්දී වංශ තුමාගේ පැත්තේය


පික තුමාලාගෙ සෙට් එක හැමවෙලේම කියන්නේ ලංකාව සිංහල බෞද්ධයින්ගේ පමණක්ය කියාය (වංශ තුමාලාද එහෙමය ) ඒ නිසා උන්නැහෙලා මුස්ලිමුන්ට කැමැත්තක් ඇත්තේම නැත . ඒත් අහිංසක පොලිස් නිලධරයෙකුට පහර දී මරා දැමු අන්තවාදී මුස්ලිමුන් නිදහස් කිරීම පිටුපස ඉන්නේත් බුලත් පැත්තේම   පට්ටම් ධාරි මුස්ලිම් තුමෙක්ය . මේ දෙගොල්ලන්ට වගේම රතු තුමන්ලාටත් ලිබරල් ආර්ථිකය ඇස් දෙකට පේන්නට බැරිය . ඒත් බුලත් ආණ්ඩුවේ බොහෝ වැඩ ලිබරල් ය (භාගෙට ) . දැන් කොලඹට  දමා ඉන්නෙත් ෆුල් ලිව්බරල් වාදියෙක්ය . ජාතික ආර්ථිකයක් ගැන කථා කරන්නෙත් , පිරටටට ඉඩම් විකුනන්නේත් එකම සෙට් එකේ අයමය


තව තව සීන් ගොඩක් තිබේය මේ ලිව්වේ මතක් වෙන ටික විතරය . ඔබලාටත් මතක්වෙන දෙයක් තිබේ නම් පහලින් ලියා තැබිය හැක . බුවාලාට මෙවර ඡන්දය ඇත , නගරයේ සමහර පාරවල් කොල - නිල් මාරුවෙන් මාරුවට කොඩි වැල් ඇද ඇත .  කාගේවත් කොඩි වැල් කැපෙන්නේ නැත . කොල නිල් පොස්ටර් එක එක ලඟ පිරිලාය . (කොටින්ම සාමුහිකව පරිසරය දූෂණය කරමින් ඇත ) . කිසිම වලියක් කොල -නිල් අතර නැත . අනේ ඒත් තමන්ගේ ඒරියා  එකේ තමන්ගේ පිලේ වෙනත් එකකුට පෝස්ටරයක්වත් ගහන්න දෙන්නේ නැත . බැරිවෙලා ගැහුවොත් එදා රැම වහනවාය . ගහත්දී අහුවුනොත් ඉතින් වලියක්ය . මේවා දකින්න තියෙන්නෙත් (වැඩිපුරම ) බුලත් සෙට් එකේ අය අතරය

Comments

  1. මළත් නොදෙන්නෙමු බිම් අඟලක්
    අපි ඉපදුණු මේ මව් පොළොවෙන්, කියල කියන අය ඔය‍ නොදෙනව කියන්නෙ මේ රටේ උපන් එවුන්ට විතරයි නේද? පිටරට එවුන්ට වික්කට අවුලක් නෑ.

    ReplyDelete
  2. වංශ තුමා ලගදි අර සින්දු කියන මන්ත්‍රී අයියා එක්ක නාගත්ත නා ගැනිල්ල තමා පට්ටම සීන් එක :D

    ReplyDelete
  3. බුවා මුන් ඔක්කොටම දෙයියන්ගේ හාල් කැවිලා දොඩෝනවා. මගේ පුද්ගලික අදහසත් දොස්තර ප්‍රශ්නෙදි නම බන්ඩා තුමා සමඟ තමයි. හැබැයි මේසැරේ කවුරු මොනවා කිව්වත් බන්ඩා ගොයියා ඕක කරනවාමයි. වමක් ලංකාවේ තිබේද? පිකතුමා, වංශයා, සහ අනිත් ගොයියො ටික ලොක්කා ලඟදී ඔය කථා කියනවාද කියන එකයි ප්‍රශ්නෙ.

    ReplyDelete
  4. @outsider ඒ වගේ සීන් එකක් තමයි පේන්න තියෙන්නෙ

    @chamma - පොරගේ තේමා පාඨය "මම නාගැනීමටම උපන්නෙමි නේ "

    @මහවෙදනා -බණ්ඩ ගොය්යා කරයි කියල තමයි මාත් විශ්වාස කරන්නේ , වමක් වගෙ එකක් තියනවනේ ..හිහි . පිස්සුද ලොක්කා ගාවදි බබාල වගේ

    ReplyDelete
  5. //ඒ බණ්ඩා තුමා මොකක්ද එකකට උඩින් දකිනා දොස්තරලා පුද්ගලිකව හදන්නටත් දත කත්දීය (හරියට වැඩෙ කරනවා නම් බුවා මෙතන්දී බණ්ඩා තුමාට සපෝට් බවත් කිව යුතුය )

    1. වැඩේ හරියට කිරීම යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?

    2. මාළබේ පු.වෛ.වි. ගැන ඔබේ අදහස කුමක්ද?


    //පික තුමාලාගෙ සෙට් එක හැමවෙලේම කියන්නේ ලංකාව සිංහල බෞද්ධයින්ගේ පමණක්ය කියාය

    මෙසේ කියා ඇති තැනක් පෙන්වන්න. මෙරට සිංහල බෞද්ධයන්ගේ "පමණක්" බව පැහැද්ලිවම සඳහන් විය යුතුය. wishful thinking ඡේද හා ප්‍රකාශ භාර ගනු නොලැබේ.

    ReplyDelete
  6. 01)හරියට කිරීම යනු වෛද්‍ය උපාධිය පිරි නැමීම සඳහා ජාත්‍යන්තරව පිලිගත් ගුණාත්මක භාවය අදාල ආයතනය සතුද ? එය දිගටම පවත්වාගෙන යනවාද පිලිබඳ රජය නිසි පරිදි ඇගයීමක් සිදු කිරීම/ වාර්ෂිකව හෝ අර්ධ වාර්ශිකව එම ඇගැයීම පවත්වාගෙන යාම . ඉදිරියේදී අරඹන ඕනැම පුද්ගලික විශ්ව විද්‍යාලයක් සඳහා මේම ගුණාත්මක බව ඇගයීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාම . යන කාරණායි

    02) මාලඹේ අදාල ආයතනය සතුව එම ගුණාත්මක භාවය පවතී නම් , එයට උපාධිය පිරිනැමිමේ අවස්ථාව ලබදීමේ කිසිදු වරදක් නැත . මා වෛද්‍ය උපාධිය සඳහා තිබිය යුතු ගුනාංගයන් පිලිබඳ විස්තර නොදන්නා මුත් . මේ දක්වා අමාත්‍යවරයා විසින් රට හමුවේ තබා ඇති කරුණු කාරනා අනුව මා ඉන්නේ සුභවාදී ස්ථාවරයකය

    ReplyDelete
  7. එය අදාල දේශපාලන කණ්ඩායම් පිලිබඳ මාගෙ කියවීමයි . ඒ මා ඔවුනගේ දේශපාලන හැසීරීම නිරීක්ෂනයෙන් බැස ගත් නිගමනයයි . මා නිවැරදි නොවිය හැක නමුත් ඉන් එහා කියවීමක් ඔවුන් ගැන නොමැත

    ReplyDelete
  8. 01. මේ ඇගයීම දැනටමත් වෛද්‍ය කවුන්සලය මගින් කර ඇති අතර, ඒ අංශයෙන් එය අසමත්ව ඇත. එස්.බී. ක්‍රනනේ හොර පාරෙන් එය සම්මත කර ගැනීමකි. මාළබේ වෛද්‍ය විද්‍යාලය සතුව සායනික කටයුතු කිරීමට පහසුකම් නැති අතර, සායනික කටයුතු උගන්වන ආචාර්යවරුන්ගෙන් බහුතරර වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවුණු, එනිසා ලාංකික රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නීතිමය අයිතියක් නැති පිරිස වෙති.

    02. අමාත්‍යවරයා රට හමුවේ තබා ඇත්තෙ බොරු ගොඩකි.

    අ. මේ උපාධිය ලාබ බව කීම - පිටරටක උපාධියක් ලක්ෂ 100ක් වෙතැයි ඔහු පවසත්ත, ලැටිවියාවේ හා චීනයේ උපාධි රුපියල් මිලියන 3 - 4 දක්වා ගණනකින් ලබා ගත හැකිය. එනිසා මෙය ලාබ නැත

    ආ. රට තුල මුදල් ඉතිරි වීම - මේ වි.වි. රෝහල තනන්නේ අපේ රටේ බැංකු වලින් ණය ගැනීමෙනි. එනිසා කිසිම ආයෝජනයක් සිදු නොවේ. එසේම සිසුන් ගෙවන මුදලින් බහුතරයද ඇදී යන්නේ පිටරටටය.

    ඇ. මොවුන් කිසිම විටෙක රජයේ වෛද්‍ය විද්‍යාල හා පොදු විභාග පරිපාටියකට එකඟ වී නැත. (දැනට අවසන් විභාගය සියළුම පීඨ සඳහා පොදු එකකි.) එසේ නොකිරීමේ හේතුව පහසු උපාධියක් පිරිනැමීම හැර වෙන කුමක්ද?

    ReplyDelete
  9. 01)ඔබ ඉදිරිපත් කරන්නේ මෙවන වෛද්‍ය වරුන්ගේ පාර්ශවයෙන් ඉදිරිපත් කරනා තර්ක සමූහයයි . වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කලත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ පිලිබඳ ඇගැයීම් රාශියක් සිදු කල බව පැවසේ . මා දන්නා තරමින් අධ්‍යාපන ආයතනයක් පලමුව ලැබිය යුත්තේ අධ්‍යාපනික වශයෙන් ලැබිය යුතු වලංගුතාවයයි . වෘත්තීය සංගමයේ පිලිගැනීම ලැබිය යුත්තේ දෙවනුවටයි .අදාල ආයතනය පලමු ව කී පිලිගැනීම ලබාගෙන ඇත . ඔබ අමාත්‍ය වරයාගේ සද්භාවය පිලිබඳ ප්‍රශ්න කරන්නාක් මෙන්ම වෛද්‍ය සභාවේ සද්භාවය ගැනත් අප හට ප්‍රශ්නයක් මතුවේ . ඒ වෛද්‍යවරුන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටිනවා මිස සත්‍ය වෙනුවෙන් පෙනී නොසිටිනා බවටයි . සායනික පුහුණුව සඳහා ඔවුන් පෞද්ගලික රෝහලක් සොයාගෙන ඇති බවටත් . අලුතින් බඳවා ගන්නා ලමුන් සඳහා සායනික පූහුණුව දීමට අලුතින් රෝහලක් ඉදිකරනා බැව් පැවසේ . ඔවුන් අලුතින් රෝහලක් හදනවාද යන්න අධ්‍යාපන අමාත්‍යාංශයට පහසුවෙන් නිරීක්ෂනය කල හැක . මේ සඳහා අමාත්‍යාංශය සමඟ ගිවිසුමක්ද ඇතැයි කියවේ . ආචාර්යවරුන්ගේ සුදුසු කම් ගැන ඔබ කියනා කථාව ඔබලාගේ පාර්ශවයෙන් ඉදිරිපත්වී ඇති තර්කයකි . එහි හරි වැරැද්ද මේ මොහොතේ සාමාන්‍ය ජනතාවට නිර්ණය කල නොහැක . තමන්ගේ ආචාර්යවරුන්ගේ සුදුසු කම් පිලිබඳ ආදාල ආයතනය විසින් නිසි තොරතුරු ඉදිරිපත් කිරීමක් කල යුතුව ඇතැයි සිතමි

    ReplyDelete
  10. අමාත්‍ය වරයා කියන්නේ පච වැලක්ය කියන තැන සිට මේ ප්‍රශ්නය බලනවා නම් ඔබලා කියන සියල්ල පිලිගත හැක නමුත් ඒසේ කිරීම සාධාරණ නැත

    අ. ලෝකයේ ලාභම වෛද්‍ය උපාධිය නොවුනත් සාපේක්ෂව ලාභ දායකය . අනෙක චීනයට යන ලක්ෂ 30ට වඩා අපේ රට තුල සංසරනය වන ලක්ෂ 60 රටට වැඩදායකය

    ආ. දේශීය බැංකු වලින් ණය ලබාගෙන ඉදිකරනවානම් ආයෝජනයක් නොවන්නේ මන්ද ?? බැංකු වල මූලික කාරණයක් වන්නේ ව්‍යාපාරික ණය ලබාදීමය .(ණය පොලි අනුපාත පහත දමා රජය ව්‍යාපාරික ණය දිරිමත් කරනා බව ඔබ නොදන්නේද ) බැංකුව ඊට ප්‍රතිලාභයක් ලබන අතර . එම මුදල භාවිතයෙන් නව භාණ්ඩ හෝ සේවා ඉපැද්දීමක් සිදුවන අතර , එය දල දේශීය නිෂ්පාදිතයට එකතුවේ . එනිසා මෙය ආයෝජනයක් නොවේ යැයි කීම විහිලුවකි (ආයෝජන යනු ගෙදරින් සියලු මුදල් ගෙනවිත් කරනා ව්‍යාපාර හෝ විදේශයකින් මෙරටට විත් කරනා ව්‍යාපාර පමණක්ම නොවේ ) . උපාධිය ලබා දෙන්නෙ රුසියාවේ නම් විදෙස් මුදල් පිරටට ඇදීමක් සිදුවන මුත් ලංකාවේ උපාධිය ප්‍රධානය කරන්නේ නම් එසේ සිදුවන්නේ නැත . අදාල භෞතික සම්පත් මිලට ගැනීම සඳහා යම් මුදලක් පිටරටට ඇදී යැම හැර වෙනත් ආකාරයක් තිබේ නම් ඒ විදේස් ආචාර්ය වරුන් සිටී නම් වැටුප් ගෙවීමටය

    ඇ. පොදු විභාග පටිපාටිය අත්‍යාවශ්‍ය දැයි මා දන්නේ නැත , ලෝකයේ අනික් රටවල ( බ්‍රිතාන්‍යයේ , එක්සත් ජනපදයේ ) ඉතාම ඉහල පිලිගැනීමක් සහිත වෛද්‍ය විද්‍යාලත් අනුගමනය කරන්නේ එකම විභාග පටිපාටියක්ද . එකම විභාග පටිපාටියකට නොවූ පමණින් එය පහසු උපාධියක් යැයි කිව හැකිද ?

    -----------------------------------------------

    සායනික පුහුණුවට රෝගලක් තිබේ නම් ( ඉදිවෙනවාද , නැද්ද කියා බැලිය හැක ) . ආචාර්ය මණ්ඩලය සියලු සුදුසුකම් සපිරු එකක් නම් . එකම විභාග පටිපාටියටත් එකඟ නම් . තමන් පුද්ගලික වෛද්‍ය උපාධියට සහය පල කරනා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කොතනකවත් පවසා තිබේද ? එම සුදුසු කම් සපුරන වා නම් ඔබ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එකඟද ?

    ReplyDelete
  11. [ඔබ ඉදිරිපත් කරන්නේ මෙවන වෛද්‍ය වරුන්ගේ පාර්ශවයෙන් ඉදිරිපත් කරනා තර්ක සමූහයයි . වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කලත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ පිලිබඳ ඇගැයීම් රාශියක් සිදු කල බව පැවසේ . මා දන්නා තරමින් අධ්‍යාපන ආයතනයක් පලමුව ලැබිය යුත්තේ අධ්‍යාපනික වශයෙන් ලැබිය යුතු වලංගුතාවයයි ]

    ශ්‍රී ලංකාවේ නීතියේ හටියට වලංගු වන්නේ වෛද්‍ය සභාව මගින් සිදු කරන ඇගැයීම මිස වෙනත් ආයතන වලින් කරන ඇගයීම නොවේ. විද්‍ය සභාව ව්‍යවස්ථාපිතව ඇති කර ඇති ආයතනයක් වන ආතර එහි එක් කාර්යයක් වන්නේ වෛද්‍ය අධ්‍යාපන ආයතන වල ගුණාත්මක භාවය පිළිබඳව ඇගයීමයි. අනෙක් විෂයයන් මෙන් නොව, වෛද්‍ය අධ්‍යාපනයේදේඉ ඇගයීමේ මූලිකත්වය හිමිවන්නේ වෛද්‍ය කවුන්සලයටයි. එය සෑම රටකම දැකිය හැකි පොදු තත්වයකි. එසේම "අධ්‍යාපනික වලංගුතාවය" යනු ගිරා පෝතක ක්‍රමයේ වලංගුතාවයක් නම් එය වෛද්‍ය අධ්‍යාපනයට නොගැලපේ. වෛද්‍ය අධ්‍යාපනයේ මූලික අඩිතාලම සායනික පුහුනුවයි. එනිසා වෛද්‍ය අධ්‍යාපනයේ ඊටම ආවේණික සුවිෂේශතා පවතී.

    [වෘත්තීය සංගමයේ පිලිගැනීම ලැබිය යුත්තේ දෙවනුවටයි]
    වෛඩ්‍ය කවුන්සලය වෘත්තීය සංගමයක් නොව ව්‍යවස්ථාපිත රජයේ ආයතනයකි. එනිසා ඔබේ තර්කය සහමුලින්ම වරදිය.

    [අදාල ආයතනය පලමු ව කී පිලිගැනීම ලබාගෙන ඇත . ඔබ අමාත්‍ය වරයාගේ සද්භාවය පිලිබඳ ප්‍රශ්න කරන්නාක් මෙන්ම වෛද්‍ය සභාවේ සද්භාවය ගැනත් අප හට ප්‍රශ්නයක් මතුවේ . ඒ වෛද්‍යවරුන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටිනවා මිස සත්‍ය වෙනුවෙන් පෙනී නොසිටිනා බවටයි]

    විද්‍ය කවුන්සලයේ සාමාජිකයන්ගෙන් බහුතරය විශ්‍රාමික මහාචාර්ය වරුන් වෙති. ඔවුන්ට අමුතු දෙයක් පුද්ගලික වි.වි. වලට විරුද්ධ වීමෙන් නොලැබේ. එකඟ වෙනවාට නම් ගතමනා ලැබිය හැකි අතර තමුන්ගේ දරුවන්ද එයට ඇතුළු කර ඝැනීමට අවස්ථා ලැබිය හැකිය. එනිසා පු.වෛ.වි. වලට විරුද්ධ වීමෙන් ඔවුන්ට කිසිම වාසියක් නොසැලසේ. ඇමැතිවරයාගේ සද්භාවයක් ගන මෙහිදී ප්‍රශ්නයක් නැත. ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය සම්පූර්ණයෙන් නීතිවිරෝධීය. එනිසා සද්භාවය ගැන ඔබ කරන ප්‍රකාශය නැවතත අවලංගු එකකි.

    [සායනික පුහුණුව සඳහා ඔවුන් පෞද්ගලික රෝහලක් සොයාගෙන ඇති බවටත් . අලුතින් බඳවා ගන්නා ලමුන් සඳහා සායනික පූහුණුව දීමට අලුතින් රෝහලක් ඉදිකරනා බැව් පැවසේ . ඔවුන් අලුතින් රෝහලක් හදනවාද යන්න අධ්‍යාපන අමාත්‍යාංශයට පහසුවෙන් නිරීක්ෂනය කල හැක . මේ සඳහා අමාත්‍යාංශය සමඟ ගිවිසුමක්ද ඇතැයි කියවේ]

    දෙඤ්ඤං කාසි වලට වෛද්‍ය විද්‍යාල ඇති කිරීම කළ නොහකිය. එසේම සායනික පුහුණුව ලබා දෙන්නට ඉදිකරන බව කී රෝහලට මුල්ගල වත් මේ වන තෙක් තබා නැත. ඒ වෙනුවට මොවුන් උත්සාහ කලේ හෝමාගම රෝහල හරහා පහසුවෙන් වැඩේ කර ගනීමටය. එසේම රෝහල සාදන තුරු සායනික පුහුණුව ලැබිය යුතු සිසුන්ට සිදු වන්නේ කුමක්ද යන්නටත් ඔබට උත්තර නැත

    [ආචාර්යවරුන්ගේ සුදුසු කම් ගැන ඔබ කියනා කථාව ඔබලාගේ පාර්ශවයෙන් ඉදිරිපත්වී ඇති තර්කයකි . එහි හරි වැරැද්ද මේ මොහොතේ සාමාන්‍ය ජනතාවට නිර්ණය කල නොහැක . තමන්ගේ ආචාර්යවරුන්ගේ සුදුසු කම් පිලිබඳ ආදාල ආයතනය විසින් නිසි තොරතුරු ඉදිරිපත් කිරීමක් කල යුතුව ඇතැයි සිතමි ]

    මේ ඔබ වැන්නන් පහසුවට කියන කථාවකි. මාලබේ පු.වෛ.වි. හි අඩවියේ උක්ත ආචාර්ය වරුන්ගේ නම් සහ සුදුසුකම් ඇති අතර, වෛද්‍ය කවුන්සලයේ අඩවියෙන් එහි ලියාපදිංචිය පහසුවෙන්ම සොයා ගත හැකිය. මේ කාරණා ඇස් පනා පිට ඇති දත්ත මගින් පැහැදිලි වන අතර මේ ගැන "අපි දන්නේ නැතැයි' කීම හොරට නිදා සිටීමකි.

    ReplyDelete
  12. [අ. ලෝකයේ ලාභම වෛද්‍ය උපාධිය නොවුනත් සාපේක්ෂව ලාභ දායකය . අනෙක චීනයට යන ලක්ෂ 30ට වඩා අපේ රට තුල සංසරනය වන ලක්ෂ 60 රටට වැඩදායකය]

    මෙතැන ඇති ප්‍රශ්නය නම් ලක්ෂ 60 ම මෙරට සංසරණය වනවාය යන මිරිඟුවේ ඔබ සිටීමයි. මින් 90% කට වඩා ඇදී යන්නේ රුසියාව වෙතය. මේ සියළුම මුදල් අප රටේ රඳෙනවා නම් ඔබ කියන කාරණය වැදගත් වනු ඇත.

    [ආ. දේශීය බැංකු වලින් ණය ලබාගෙන ඉදිකරනවානම් ආයෝජනයක් නොවන්නේ මන්ද ?? බැංකු වල මූලික කාරණයක් වන්නේ ව්‍යාපාරික ණය ලබාදීමය .(ණය පොලි අනුපාත පහත දමා රජය ව්‍යාපාරික ණය දිරිමත් කරනා බව ඔබ නොදන්නේද ) බැංකුව ඊට ප්‍රතිලාභයක් ලබන අතර . එම මුදල භාවිතයෙන් නව භාණ්ඩ හෝ සේවා ඉපැද්දීමක් සිදුවන අතර , එය දල දේශීය නිෂ්පාදිතයට එකතුවේ . එනිසා මෙය ආයෝජනයක් නොවේ යැයි කීම විහිලුවකි ]

    දැන් ඔබම මගේ තර්කය මනාවට ඔප්පු කර ඇත. ලාංකික බැංකු වලින් ණය දී ආයෝජන කරන්නට විදෙස් ආයෝජකයන් අවශ්‍ය වන්නේ කුමකටද? විදෙස් ආයෝජකයන් විදෙස් මුදල් ගෙන ආයුතුය. සිදු වන්නේ නය ලබා ගෙන ඒවා ගෙවිය නොහකි බව පෙණුනු විට පැදුරටත් නොකියා මාරු වී ණය බොල් ණය කිරීමය. පසු ගිය වසර 30 තුළ සිදු වූ මේ සිද්ධීන් නොදැන සිටීමට තරම් බුවා බබෙකු නොවේ.
    [
    (ආයෝජන යනු ගෙදරින් සියලු මුදල් ගෙනවිත් කරනා ව්‍යාපාර හෝ විදේශයකින් මෙරටට විත් කරනා ව්‍යාපාර පමණක්ම නොවේ ) . උපාධිය ලබා දෙන්නෙ රුසියාවේ නම් විදෙස් මුදල් පිරටට ඇදීමක් සිදුවන මුත් ලංකාවේ උපාධිය ප්‍රධානය කරන්නේ නම් එසේ සිදුවන්නේ නැත . අදාල භෞතික සම්පත් මිලට ගැනීම සඳහා යම් මුදලක් පිටරටට ඇදී යැම හැර වෙනත් ආකාරයක් තිබේ නම් ඒ විදේස් ආචාර්ය වරුන් සිටී නම් වැටුප් ගෙවීමටය]

    රුසියානු සමාගම මෙතරම් මුදලක් වැය කර ඇත්තේ ලාබ ලැබීමට නොව අත ලෙව කාමටය! මේවාට සිනා සීමටද ඇඬීමටද කියා නොතේරේ! නමුත්ය් මෙකී කරුණු පු.වෛ.වි. වලට එරෙහි වීමට ප්‍රමාණවත් කරුණු නොවන අතර, ඒවා සාධාරණීකරණය කිරීමට තරම් ශක්තිමත් කරුණුද නොවේ.

    [ඇ. පොදු විභාග පටිපාටිය අත්‍යාවශ්‍ය දැයි මා දන්නේ නැත , ලෝකයේ අනික් රටවල ( බ්‍රිතාන්‍යයේ , එක්සත් ජනපදයේ ) ඉතාම ඉහල පිලිගැනීමක් සහිත වෛද්‍ය විද්‍යාලත් අනුගමනය කරන්නේ එකම විභාග පටිපාටියක්ද . එකම විභාග පටිපාටියකට නොවූ පමණින් එය පහසු උපාධියක් යැයි කිව හැකිද ?]

    උත්තරය, ඔවු. අවසන් විභාගයෙන් පසුව සීමාවාසික පුහුණුව දෙන්නේ කුසලතා ලැයිස්තුවකට (merit list) අනුවය. එනිසා විභාගය පොදු එකක් විය යුතුය. විදෙස් උපාධිධාරීන්ගෙන් කුසලතා විභාගය (act 16) සමත් වන්නේ 5% පමණි. එය අවසන් වසර විභාගයට වඩා ලෙහෙසි එකක්ද වෙයි. පු.වෛ.වි. වල ගුනාත්මක භාවය ගැන එයම හොඳ සාධකයක් වනු ඇත.

    [සායනික පුහුණුවට රෝගලක් තිබේ නම් ( ඉදිවෙනවාද , නැද්ද කියා බැලිය හැක ) . ආචාර්ය මණ්ඩලය සියලු සුදුසුකම් සපිරු එකක් නම් . එකම විභාග පටිපාටියටත් එකඟ නම් . තමන් පුද්ගලික වෛද්‍ය උපාධියට සහය පල කරනා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කොතනකවත් පවසා තිබේද ? එම සුදුසු කම් සපුරන වා නම් ඔබ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එකඟද ? ]

    පුද්ගලික වෛ.වි. පිළිබඳ රජයේ ස්ථාවරයට එකඟ බව වෛද්‍ය සංගමය (GMOA) (එනම් වෘත්තීය සමිතිය, මෙය වෛද්‍ය මණ්ඩලය / කවුන්සලය (SLMC) සමග පටලවා නොගන්න!) පවසා ඇත. (2011 සැප්තම්බර් 11 ලංකාදීප, මතවාද අතිරේකය, වෛද්‍ය උපුල් ගුණසේකරගේ සාකච්ඡාව.) අවධාරනය කර ඇත. ඔවුන් පු.වෛ.වි. වලට එරෙහි නැත. නමුත් ඇමැති උත්සාහ කරන්නේ මාලබේ පු.වෛ.වි. ට එරෙහි වීම සමස්ත පු.වෛ.වි. වලට එරෙහි වීමක් ලෙස හුවා දක්වීමටය. අවශ්‍ය වන්නේ ඒවා නියමිත ප්‍රමිතියෙන් පවතීම වන අතර, මේ ප්‍රමිතිය තීරණය කිරීම, එස්.බී. සතු කාර්‍යයක්ද නොවේ.

    ReplyDelete
  13. නොදන්නා දේ දන්නා සේ මවා පැමේ පුරුද්දක් මා හට නැත . වෛද්‍ය සභාව වෘත්තීය සංගමයක් නොවේ නම් මාගෙ තර්කයන් අවලංගු වන බව පිලිගනිමි

    සායනික පුහුණුව වෙනුවෙන් හෝමාගම රෝහල යොදා ගැනීමේ එකඟතාවය බිඳ දැමුවේ වෛද්‍යවරුන්ය කියා චෝදනාවක් ඇත . එම රෝහල වෙනුවෙන් අදාල ආයතනය යම් ආයෝජනයකට එකඟතාවය පල කර තිබියදීත් , එයට බාධා පමුණවන්නේ කුහකත්වය නිසා බැව් පැහැදිලිය. අලුත් රෝහල ඉදිවන්නේ මේ වසරේ බඳවා ගන්නා සිසුන් සඳහා නිසා , එහි ගැටලුවක් තිබිය නොහැක . උසස් අධ්‍යාපන අමාත්‍යාංශ හා වගකීමකින් බැඳුණු පසු එය නොකර සිටීමේ හැකියාවක් නොමැත

    (දැනට උපාධිය හදාරමින් සිටිනා සිසුන්ට සායනික පුහුණුව සඳහා පෞද්ගලික රෝහලක් සොයාගෙන ඇතිබව අදාල ආයතනය මාද්‍යට පවසා ඇත) . \

    . අදාල සුදුසු කම් සපුරන වා නම් අවසරය දීම පිලිබඳ තමාගෙ විරෝධයක් නැති බවක් වෛද්‍යවරුන් පවසා නැත . එනිසා ඔවුනගේ විරෝධය හුදු ආත්මාර්ථකාමීත්වය උදෙසා පමණක් වන බැව් පෙනෙන්නට ඇත .( අමාත්‍ය වරයා නිති විරෝධී නම් කල යුතු වන්නේ ඔහුට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමය)

    . වත්මන් ඇමතිවරයාගෙ ක්‍රියා කලාපය නිති විරෝධී කියා කියමු . නීත්‍යානූකූලව කෙරෙනවා නම් ඔබ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පක්ෂද ?

    ReplyDelete
  14. මෙම ආයතනය රුසියානු සමාගමක් සතු ආයතනයක් නොවේ . මෙය නෙවිල් ප්‍රනාන්දු නම් ශ්‍රි ලාංකිකයා සතු ව්‍යාපාරයකි , එනිසා ඔබ කියනා විදේස් ආයෝජන කථාවක් හෝ රුසියානු සමාගමක ලාභ ලැබීමකත් මෙතනට අදාල නැත . රුසියානු ආයතනය සමඟ ඇත්තේ උපාධි ලබාදීම වෙනුවෙන් ඇති සම්බන්ධය පමණය . ලංකාවේදී තමන්ගේම උපාධි ලබාදීමේ හැකියාව ලැබේ නම් එම මුදල් රුසියාවට පැටවෙන්නේ නැත . පෞද්ගලික විශ්ව විද්‍යාල මෙරට ඉදිවීම තුල ඇති ප්‍රධානතම වාසියක් වනුයේ රටේ මුදල් රට තුල ඉතිරි වීමය ., එනිසා එය අවතක්සේරු නොකරන්නේ නම් මැනවි

    ReplyDelete
  15. [සායනික පුහුණුව වෙනුවෙන් හෝමාගම රෝහල යොදා ගැනීමේ එකඟතාවය බිඳ දැමුවේ වෛද්‍යවරුන්ය කියා චෝදනාවක් ඇත]

    එවන් එකගතාවයක් කිසිවිටෙක තිබුණේ නැත. එසේම පුද්ගලික වෛ.වි. වල සිසුන්ට සායනික පුහුනුව ලබා දීමය වෛද්‍යවරුන් බැදී නැත. එසේම අමාත්‍යංශය‍ට එවැන්නකට බල කිරීමත් කල නොහැකිය. කිසිදු ගාස්තුවක් නොගෙවා වෛද්‍යවරුන්ගෙන් එම සේවාව ලබා ගෙන නමුත් ඒ වෙනුවෙන් මුදලාලි මුදල් අය කර ගැනීමේ සාධාරණතාවය කුමක් ද?

    [එම රෝහල වෙනුවෙන් අදාල ආයතනය යම් ආයෝජනයකට එකඟතාවය පල කර තිබියදීත් , එයට බාධා පමුණවන්නේ කුහකත්වය නිසා බැව් පැහැදිලිය]

    එසේ ආයෝජනය කලාට උගන්වන්නේ කවුද? ඒ සදහා වන ගෙවීම් මොනවාද? මේවාට උත්තර නැත. ඒසේම මෙහිදී කුහකත්වය යන්නෙන් අදහස් වනදේ පැහැදිලි නැත. ඒසේ එකක් ඇත්නම් කළ යුත්තේ රජයේ වෛ.වි. වලින් පිටවන පිරිස අඩු කිරීමට ක්‍රියා කිරීමය. එසේම කුහකත්වය යන පදය වෘත්තීමය ඊර්ෂ්‍යාව සමගත් අත් වැල් බැදගත් පදයකි.

    [අලුත් රෝහල ඉදිවන්නේ මේ වසරේ බඳවා ගන්නා සිසුන් සඳහා නිසා , එහි ගැටලුවක් තිබිය නොහැක . උසස් අධ්‍යාපන අමාත්‍යාංශ හා වගකීමකින් බැඳුණු පසු එය නොකර සිටීමේ හැකියාවක් නොමැත]

    ප්‍රශ්නය ඇත්තේ අළුතින් බදවා ගන්නා සිසුන් ගැන නොව දැනට සායනික පුහුණුව රහිතව සිටින සිසුන් ගැනය.

    ReplyDelete
  16. http://www.divaina.com/2011/09/11/feature10.html

    මේ අදාල ආයතනයේ හිමිකරුවා දක්වන අදහස් ය . වෛද්‍යවරුන්ට ගෙවීමක් නොකර සායනික පුහුණුව බලාපොරොත්තු වූවා නම් එය බරපතල වරදක් බැව් මාද පිලිගනිමි . කෙසේ හෝ හිමිකරු පවසන පරිදි ඔවුන් දැනට සිටිනා සිසුන්ගේ සායනික පුහුණුව සඳහා රෝහලක් සොයාගෙන ඇත . අමාත්‍යවරයා අවධාරනය කරන පරිද්දෙන් වර්ථාමාන සිසුන්ට ලංකාවේ උපාධිය ලැබෙන්නෙ නැත , ඔවුන් ලබන්නේ රුසියානු උපාධියයි . කිසිදු සායනික පුහුණුවකින් තොරව අදාල විශ්ව විද්‍යාලය තමන්ගේ උපාධිය ලබා දෙතැයි සිතිය නොහැක . උපාධිය ලැබූ පසු මොවුන් ඇක්ට් 16 ට පෙනී සිටිය යුතුය (විදෙස් උපාධියක් නිසා ) . එවිට සමත් වන්නන් පමණක් රාජ්‍ය සේවයට එක්කහු වනු ඇත . මෙවර බඳවා ගත් සිසුන් සඳහා ඔවුන් කියනා රෝහල හැදේ නම් (එය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙ වගකීමයි ) ඔවුනගෙ සායනික පුහුණුව පිලිබඳ ගැටලුවක් මතුවන්නේ නැත

    ReplyDelete
  17. "වත්මන් ඇමතිවරයාගෙ ක්‍රියා කලාපය නිති විරෝධී කියා කියමු . නීත්‍යානූකූලව කෙරෙනවා නම් ඔබ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පක්ෂද ?"

    එයට විරුද්ධ වීමට කිසිදු හේතුවක් නැත. එවැන්නකට සහාය දීම පුද්ගලිකව මට වාසිදායක ද වනු ඇත!

    එසේම සායනික පුහුණිව ලබා දෙන වෛද්‍යවරු SLMC හි ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වේ. එසේ නැති අය‍ට රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම නීතියෙන් තහනම්ය. එනිසා තවමත් විසදුමක් නැති ප්‍රශ්න රාශියන්ම ඉතිරි වී තිබේ.

    මේ ගැන මා වසර දෙකකට පමණ පෙර දැක්වූ අදහස් මෙතැනින් කියවිය හැකිය.

    ReplyDelete
  18. සමාවෙන්න මෙන්න නිවැරදි යොමුව

    http://sabithl.blogspot.com/2011/08/11.html#more

    ReplyDelete
  19. එයට මා සමබර විග්‍රහයක් ලෙස පලමු ප්‍රතිචාරය ලෙස එක් කර ඇත . ඒ ඔබගේ සියලු අදහස් වලට එකඟ නිසා නොව ඔබ සංකල්පයක් වශයෙන් පුද්ගලික විද්‍ය විද්‍යාල පිලිගැනීම හා මා පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට වඩා බොහෝ සෙයින් අගයන විසඳුමක් වන රජයේ විශ්ව විද්‍යාලවලට මුදල් ගෙවා ඇතුලු වීමටත් ඉඩ ලබා දීම යන කාරණා ඔබත් පිලිගන්නා නිසාය . මින් දෙවැන්න ඉතාම හොඳ විකල්පයක් වුවත් (වෛද්‍ය උපාධි සඳහා විශේෂයෙන්ම ) ලංකාවේ බංකොලොත් දේශපාලන කණ්ඩායම් හා ශිෂ්‍ය ප්‍රජාව ඊට ඉඩ දෙන්නෙ නැත . එනිසා දෙවන විකල්පයට යායුතුව ඇත . මා මාලඹේ සිද්ධිය දකින්නේ එහි ආරම්භ ලෙසයි .

    ReplyDelete
  20. ඒ ලිපිය ගැන මාගේ මතකය අවධි කලාට ස්තුතුයි , ඒ ගැන මතකයක් තිබුනා නම් මා ඔබ පුද්ගලික වෛද්‍ය විද්‍යාල සංකල්පයට එරෙහි පුද්ගලයෙකු වශයෙන් සලකා සංවාදයට එලඹෙන්නෙ නැත

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව