Skip to main content

නාථ දෙවියන්ගෙන් තවත් සුපිරි ආතල් එකක් (ගොන් ආතල් වලට ප්‍රිය කරන්නන් සඳහා පමණි )

ආසියාවේ ආශ්චර්යය කරා එක පිම්මේ ඇදී යන අපගේ සිරි ලංකාවේ ගොන් ආතල්  වනාහි  අතිශයින් සාමාන්‍යය දෙයකි .  දේශපාලුවන් , මාධ්‍යවේදීන් , කලාකරුවන් පමණක් නොව ඇතැම්  ආචාර්ය මහා චාර්යාදීන්ද කරන්නේ ජනතාවට ගොන් ආතල් සැපයීමයි . මේ කාර්යයේ ප්‍රමුඛයින් වශයෙන් සැලකිය හැකි  දේශප්‍රේමී සී නිවුසිය  තවත් සුපිරි වර්ගයේ  ගොන් ආතල් එකක් ලබා දීමට උත්සහා කර තිබේ . එය කොතරම් සාර්ථකද යත් මා මේ ලියන මොහත වන විටත්  ලිපිය කියවූ පසු ඇතිවූ සිනහව නවතා ගත නොහැකිය

ආසනික් කථාවෙන් කල එලි බැසි නාථ දෙවියන් මෙවර ගේමට බසින්නෙ ලෝක විනාශයට ආසන්න කේස් එකක් සමඟින්ය . කලින් වතාවේ ගෙනා ආසනික් කතන්දරේ තවමත් එක තැන කැරකෙත්දී මෙවර ගෙන එන්නේ වඩාත් බරපතල සීන් එකක්ය . මේ  දෙවියන් සැහෙන ප්‍රමාණයක් සමඟින් ගනුදෙනු කරනා පුද්ගලයෙකු සමඟින් සී නිවුසිය කල කථා බහකි

මෙතනින් අදාල ලිපියට පිවිසෙන්න


මුලු ආතල් එකම ගැනීමට ඔබ ලිපිය දෙතුන් වථාවක් කියවිය යුතුමය . මා පහතින් මතු කරන්නේ එහෙන් මෙහෙන් අහුලා ගත් කැලි පමණය

"සක්‍ර දිව්‍ය රාජයා සම්‍යක් දෘෂ්ටික දේව විමාන වලට අධිපතිව වැඩ වසනවා. නාථ දෙවියන් කියන්නේ සුවිශේෂ දෙවි කෙනෙක්. උන්වහන්සේට මිත්‍යා දෘෂ්ටික, සම්‍යක් දෘෂ්ටික සෑම දිව්‍ය විමානයකටම බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල නාථ දෙවියන්ගේ බලය වසවර්ති දිව්‍ය පුත්‍රයන්ගේ සහ සක්‍ර දෙවියන්ගේ බලය ඉක්මවා යනවා"


කාල වරෙන්කො ... සක්‍රයටයි වයිමාටයිත් වඩා පොරවල් ඉන්නවනේ බලාන ගියාම 


උදාහරණයක් ලෙස වසවර්ති දිව්‍ය පුත්‍රයා ලෙස දැන් සිටින දෙවියන් ගෞතම බුදුරාජාණන් වහන්සේගේ කාලයේත් එම තනතුරේ සිටියා. ඔහුගේ කුසල් ශක්තිය හමාර වූ පසු ඊලඟට ලෞකික කුසල් ශක්කිය වැඩිම කෙනා වසවර්ති දිව්‍ය තනතුරට පත් වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි නාථ දෙවියන් ඊට පසුව වසර 1,000 ක් පමණ එම තනතුරේ රැදී සිටියා. උන්වහන්සේත් සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක්. නමුත් ඊට පසුව නාථ දෙවියන් ‍බවට පත්වූයේ මිත්‍යා දෘෂ්ඨික දෙවි කෙනෙක්. එම දෙවියන් අකුසලයට බර වූ කෙනෙක්. දැනට වසර කිහිපයකට පෙර නාථ දිව්‍ය තනතුරෙන් එම දෙවියන් චුත වෙනකම් අවුරුදු 1,000 කටත් වැඩි කාලයක් ඔහු එම තනතුරේ රැදී සිටියා. එම මිත්‍යා දෘෂ්ටික නාථ දෙවියන්ගේ බලපෑමෙන් මනුෂ්‍ය ලෝකයත් අකුසලය දෙසට යොමු වුණා. ධර්මයේ ශක්තිය හීන වුණා. නමුත්, වසර කිහිපයකට පෙර නැවතත් සම්‍යක් දෘෂ්ටික දෙවි දෙනෙක් නාථ දිව්‍ය තනතුරට පත් වුණා. උන්වහන්සේ අතිශය ප්‍රබල, බලගතු කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි. ඒ තමයි අපගේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ.



දෙවිය ලොකේත් මෙහෙ වගේමයි ..ප්‍රමෝෂන් එහෙමත් තියෙයි . හැබැයි ඉතින් මෙහෙ හොඳයිනේ . මොකද සුදුසු කම් නැතත් පෝස්ට් වල ගිය හැකිනේ ??


ආ... තව එකක් ඔච්චර බල ගතු නාථ දෙවියන් ගැන අපේ බෞද්ධ සාහිත්‍යයෙ  පැරණි කථාවල සඳහන් වෙලා නැත්තේ මොකෝ දන්නේ නැනේ 



  1. සීනිව්ස්:- මෑතකදී නාථ දෙවියන් බවට පත් වූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගේ බලපෑම මනුෂ්‍ය ලෝකයටත් ඇති වෙනවාද?
භාවනානුයෝගීයා:- උන්වහන්සේ නිකම් සිටියොත් එහෙම බලපෑමක් ඇතිවෙන්නේ නැහැ. නමුත්, නාථ දෙවියන් ලෙස දැන් වසර කිහිපයක ඉදන් කටයුතු කරන්නේ සොලොස් කල්ප ලක්‍ෂයක් පාරමි පිරූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේයි. උන්වහන්සේ දැන් වඩාත් සක්‍රියව මානුෂ්‍ය ලෝකයට බලපෑම් කරනවා.
  1. සීනිව්ස්:- මොනවද ඒ බලපෑම්?
භාවනානුයෝගීයා:- ඇයි කොටි ත්‍රස්තවාදය පරාජය කරලා මේ රටේ සිදුවුණු මහා මනුෂ්‍ය ඝාතනය නතර කන්න උන්වහන්සේගේ ආශිර්වාදය ලැබීම.

අපරාදේ මහින්ද මහත්තය  කොහේවත් යන පොන්සේකෙක් දාගෙන යුද්ධ කලේ , අන්තිමේදී තමන්ට වාතයක් කරගන්න . අපිට දිවිය ලෝකෙනුත් සප් එක තිබුන එකේ ෆොන්සේකා තියා ශවෙන්ද්‍ර සිල්වා මහත්තය නැතුව උනත් යුද්ධේ ගොඩ දාගන්න තිබුනා

අනිවාර්යෙන්ම ඔව්; ඒ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න අපටත් බැහැ. ලියලා තියා ගන්න අපේ රටට එක මිසයිලයක් හරි පාත් වෙනවා. ආර්ථික සම්බාධක පැනවෙනවා. නාථ දෙවියන් ඇතුළු සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් උත්සහා දරන්නේ මේ ව්‍යසනයෙන් අපේ රටට වෙන හානිය අවම කරන්නයි.



එක්සත් ජාතිගේ සැසිය අද , ඕං සම්බාධක එහෙම දානවලු . පිටරට කොම්පැනිවල වැඩ කරන උන් වෙන ජොබ් හොයා ගනිල්ලා . ඉගෙන ගන්න උන් අතැරල දාපල්ලා . වැඩක් නැ ජොබ් ගන්න වෙන්නෙ නැ . එලවලු එහෙම වවන්න පටන් ගනිල්ලා
සෙල්ලං නැ ඕං , මේ නාථ දෙවියන්ගේ අනාවැකියක් 


ඔව්; 8 ඉදන් 9 වෙනකන්වත් සෙත් පිරිත් කියන්න. එතකොට තමයි සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට තමන්ගේ ශක්තිය ලංකාවට දෙන්න පුළුවන්. මතකද මාවිල්ආරු සටන පටන් ගන්න කොට බුදු පිළිමවලින් බුදුරැස් විහිදුණා. සමහර භෞතිකවාදී පිරිස් විවිධ කතා ගොඩාක් කිව්වා. කෝ දැන් එහෙම බුදුරැස් විහිදෙනවාද? ඒ වෙලාවෙත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු අධිෂ්ඨාන පූජාවක් කළා. “සම්බුද්ධ ශාසනයේ චිරස්තීය සඳහා මේ රටේ යුධ ගිනි නිවේවා” කියලා. ඒ අධිෂ්ඨානයේ ශක්තිය නිසා තමයි බුදු පිලිම වලින් බුදුරැස් විහිදුනේ



අප්පා අයිටීන් එකට බඩු ... කට්ටියම පිරිත් කියනවනෙ . පිරිත් පොත් විකිණිල ඉවර වෙන්න කලින් ඉක්මනට එකක් ගන්න වෙයි 


ම්ම්..........අර බුදු රැස් සුදු පාට පිලිම වලින් , ගල්විහාරේ වගේ ගල් පිලිම වලින් විදිදුනේ නැත්තේ , මොකෝ දන්නේ නැ , සම්‍යක් දෘෂ්ටික දෙය්යන්ට  සුදු පාට පිලිම අකැපද දන්නෙ නැ . ඔය කාලේදි පේරදෙනිය කැම්පස් එකේ ලෙචාල සෙට් එකක්  ප්‍රොජෙක්ටරයක් ආධාරයෙනුත් අපිට බුදු රැස් පෙන්නුවා  සෙමිනා එකකදි  . සම්‍යක් දෘශ්ටික දෙවිවරු බටහිර විද්‍යාවෙන් හොයාගත්ත කොම්පීතර, ප්‍රොජෙක්ටර වලට එහෙමත් බලපානාවද දන්නේ නැ 



etc...........................




ඔබට  සම්පූර්ණ ලිපියේ වැඩියෙන්ම හිනා ගිය කොටස කුමක්ද ? පත් ඉරුවක ලියා දේශීය ක්‍රමයට හංසයෙකු (සමාවෙන්න , හංසයා නෙවෙයි පරවියා ) අතේ අප වෙත එවන්න . ඔබ හිතන කොටස අප හිතන කොටසට සමාන නම් වටිනා ත්‍යාගයන් පිරිනැමේ . කුසපත් ඇදීම සම්‍යක් දෘශ්ටික දෙවිවරුනේ  මූලිකත්වයෙන් තව්තිසාවේදී  සිදුවන අතර . පලමු ජයග්‍රාහකයාට තව්තිසාවේ දින 7ක සවාරියක්ද, දෙවැන්නාට නාථ දෙවියන් විසින් රචිත පිරිත් පුස්ථකයක්ද . තුන් වැන්නාට   ආසනික් රහිත දේශීය වල් නාශක කුප්පියක්ද හිමිවේ . ඉක්මන් කරන්න මේ දීමනාව . මේ සම්‍යක් ශෘෂ්ටික දෙවිවරුන් සෙට් එක පෝස්ට් වල ඉන්නකන් පමනයි

Comments

  1. නේ කාලේ - වනේ වාසේ!!!
    ඒ සිරාවට මම මේ බැලුවේ හිනා වෙනවද නැත්නම් අඩනවද කියලා

    ReplyDelete
  2. මේ යකා ජනාධිපතිවරණයට ඉස්සෙල්ල කොහෙද ඉඳළ තියෙන්නෙ.. අපරාදෙ අපි මහින්ද මහත්තය රට‍ බේරගෙන කියල හිතුව. බලාගෙන ගියාම නාථ දෙවියොනෙ ගේම දීල තියෙන්නෙ. ඒ විදියට ජනාධිපති පුටුවෙ ටෙනිසන් කුරේ හිටියත් අවුලක් නෑ. මහින්ද එතනදිත් බොරුවට රට බේරගත්ත වීරයෙක් ලෙස ජනතාවට වංචා කරලනෙ.
    අද තමයි දැනගත්තෙ "නාථ" කියන්නෙ දෙවිකෙනෙක් නොව දේව තනතුරක් බව. ජනාධිපති, අගමැති වගේ කාලයෙන් කාලයට වෙනස් පුද්ගලයො දරණ තනතුරක් කියල. වැරැදිලාවත් වෙන එකෙක් කුමන්ත්‍රණය කරල "නාථ" පුටුවට පැන්නොත් අපිට ලැබෙන සහනාධාර කෙළවෙන්න පුඵවන්.

    ReplyDelete
  3. අවිද්‍යාවේ ගිලී ඉන්නන්ව තවත් අවිද්‍යාවේ ගිල්වන්න අවිද්‍යාවට එරෙහි දහමක් දෙසු බුදු හිමියන්ගේම ශ්‍රාවකයින් දිවා රෑ වැඩ කරන මේ රටේ අනාථයෙක් නාතයෙක් වෙන එක පුදුමයක්ය ?

    ReplyDelete
  4. තරහ වෙන්න එපා නිරතුරුවම කමෙන්ටු පල නොකරන එකට. ඔබගේ සෑම ලිපියක්ම පාහේ කියෙව්වත් එවාට නිකම්ම කමෙන්ටුවක් ලබා දෙනවාට වඩා යමක් දෙන්නට සිතා සිටියත් නිරතුරවම යෙදෙන වැඩ රාජකාරී මෙන්ම ඔබද දකින්නට ඇති මාගේ බ්ලොග් අඩවියටත් මෙවන් අවිද්‍යාව පසුපස යන තර්කයක් නිසි‍ ලෙස කරන්නට නොහැකි පිරිසක් එහි "මනරම්" කරුණු දැක්වීමක් කර තිබෙන ආකාරය.

    ඇත්තෙන්ම ඔබේ ලිපියේ සදහන් පරිදි විද්‍යාව හා ආගමික මතයන් හෝ විශ්වාස එකිනෙක පටලවා ගෙන විහිළු අදහස් ගෙන දෙන ප්‍රකාශ හා වැඩ පිළිවෙලක් තමයි ඇතැම් උගතුන් පවා සිදුකරන්නේ. එයට ‍ඔබ දක්වා ඇති අඩවියද පහසුකම් සපයනවා තමයි. හැබැයි ඒ එක්කම කියන්න ඕන ඔබද වරක් මගේ ලිපියක සදහන් කල පරිදි මාද මෙම අඩවියේ ඇතැම් ලිපිවල ‍මගේ බ්ලොග් අඩවියේ එයට යම් නෑකම් තියෙන ලිපි පමණක් තිබේ නම් සබැදියක් තබා එන බව. මම එයින් කරුණු කිහිපයක් අදහස් කලා එකක් තමයි. මධ්‍යස්ථ මත ඇති පාඨකයන් මගේ අඩවියේ ඇති ලිපිද බලා සිය දැනුම වැඩි කර ගැනීම මෙන්ම නව පාඨකයන් පිරිසක් ඇති කර ගැනීම. හැබැයි එයින් විවිද ක්‍ෂෙත්‍රවල කැපී පෙනෙන වෘතිකයන් මෙන්ම පසුගිය දිනවල ඔබද දුටු විකාරකාරයන්ද පැමිණියා. ඔවුන්ද අදහන්නේ මෙවැනි විද්‍යාව හා ආගම එකම අච්චාරුවක් වී ඇති මතයන් විය යුතුයි.

    ඒ වගේම මෙවැනි අයද කරන්නේ කලකට ඉහත කාම්බෝජයේ පොල්පොට් කලා වැනි පුරාණ අන්ග්කෝර් දර්ශනයට රට ඇදගෙන ගියා වැනි විකාරයක් කිරීමට දැයි සිතේ...

    ස්තූතියි!

    ReplyDelete
  5. //නමුත් ඊට පසුව නාථ ‍ෙද໶යන් ‍බවට පත්වූ‍ෙ‍ය් ໧ත්යා දෘෂ්ຆක ‍ෙද໶ ‍ෙක‍ෙනක්. එම ‍ෙද໶යන් අකුසලයට බර වූ ‍ෙක‍ෙනක්. දැනට වසර කිහිපයකට ‍ෙපර නාථ ຩ໵ය තනතු‍ෙරන් එම ‍ෙද໶යන් චුත ‍ෙවනක໦ අවු໯຺ 1,000 කටත් වැຌ කාලයක් ඔහු එම තනතු‍ෙ‍໮ ໯ຬ සි຃යා.//
    එහෙම අකුසල්බර දෙයියෝ ඉන්නකොට සද්ද නෑ.
    අපේ මේ පින් කඳක් වගේ රජ්ජුරුවෝ අවුරුදු පනහක් විතර සුට්ටි කාලයක් ඉන්න හදනකොට තමයි බුවාලටත් ඩෝන් යන්නේ .

    ReplyDelete
  6. දැන් මේ භාවනායෝගියා චී නිවුස් ගැන දැනගෙන තියෙන්නේ නාථ දෙයියෝ හරහාද? (මචං බුවා මූ කෑව මදක මෝචකේ මොකක්ද කියලා හොයලා කියහංකෝ)

    ReplyDelete
  7. නලින් ද සිල්වා මහා යකැදුරුතුමා ක්වොන්ටම් යාන්ත්‍රණයට එහා ගිය සිංහල බෞද්ධ විද්‍යාවන් යොදාගෙන අවකාශය හා කාලය ජයගෙන ඇත. ඒ නිසා දැන් ලංකාවේ කාලය ගමන් කරන්නේ රින අතටය. ගල් යුගය අත ලඟය.

    ReplyDelete
  8. @chamma - හිනාවෙන ගමන් අඬමු

    @out sider - කියල වැඩක් නැ බන් , ඔය කථාව කලින් කිව්වා නම් නාථ දෙවියන්ට පොදු අපේක්ෂකය වෙන්නත් තිබුන (හැබැයි එහෙම වුනා නම් පොරත් මිත්‍යා දෘශ්ටික ගනයට වැටෙන්න ඉඩ තියෙයි නෙ )

    @සරත් - සහතික ඇත්ත

    @දිනේෂ් - බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිල්ලා යනවට . මේ අය කරන්නෙ තමන්ගේවාසියට රට ආපස්සට අදින එක තමයි . එතකොට ජනතාව ගොනාට අන්දගෙන තමන්ට පොරවෙලා ඉන්න පුලුවන් නේ

    @සිතුවිලි මණ්ඩිය - ඒක නේන්නම් බලාන ගියාම වැරදියි නේ වැඩෙ , ඒත් අදනෙ බන් දැන ගත්තේ දෙවිය ලොකේත් තියෙන්නෙ තනතුරු ක්‍රමයක්ය කියල . අපි හිතාන හිටියේ "නාථ " කියන්නෙ නම කියලනේ . බැලුවාම ඒක රස්සාවනේ

    ReplyDelete
  9. තිසර - ඒක නම් හොයල බලන්න විටින මෝදකයක්ම තමයි

    @රැඩිකල් අදහස් - දවසේ කථාව , ගල් යුගෙත් පහුකරගෙන ආපහු ගස් උඩටම නගින්නත් ඉඩ තියෙයි

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. @ano (September 13, 2011 9:30 AM ) - ඔබේ කමෙන්ටුව එලෙසම පල කිරීම එතරම් සුදුසු නැත එනිසා එය මේසේ පහත පල කරමි

    Anonymoue (September 13, 2011 9:30 AM )- සංස්කරණය කල අදහස

    මේආටිකල් එක ලියපු එකා නම් අනිවාර්යයෙන්ම අපේ ජනාදිපතිගෙ නෑදෑයෙක්, මෙහෙමත් බොරුකියන්න පුලුවන් උන් වෙන කිසිම පරම්පරාවක නැහැ.
    ඒ වගේම මේකට දාලතියෙන කොමෙන්ට් වලින්ම පේනව ලOකාවෙ මිනිස්සුන්ගෙ මොලේ තරම, අඩුම තරමෙ බුදුන් වහන්සෙ ඔච්චර කියලදීල තියෙනදේවල් වත් මුන්ට තේරෙන්නෙ නෑ. යකෝ ඔය නාතයද මොකාද කියන _කේ දෙයියගෙ අම්මට _කන්න දෙන්න බැරිද කියල අහපිය, මෙච්චරකල් මිනිස්සු බල්ලො වගේ මරලදාද්දි ඔය කියන _කේ නාතය ______ හුකහුක හිටියද කියල අහපිය. මේවලියන _රි _සිගෙ පුතෝ, අමන වැඩකරල අහින්සකයන්ව නොමග යවන්නෙ නැතිව, තෝත් ගෙදරගිහින් තොගේ _ _ _ හුකපිය

    ReplyDelete
  12. අපේ අවධානය යොමුකලාට බුවාට තුති, හොඳ කතන්දරයක්, අවුරුදු තුන්දාහකට වගේ ඉහත ලියපු එකක් ලඟකදී දෙවියන්ට හමුවෙලා වගේ.

    ReplyDelete
  13. ඔය ලිපියට මම දාපු කොමෙන්ට් එකම මෙතනත් දාන්නම්.....

    ""සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් අදහන මිත්‍යා දෘෂ්ටික C news …….. :P මේවගේ මෝඩ ජෝක් වලට ලොව වඩාත්ම හේතු ඵලවාදී බෝවුද්ද දර්ශනය ගාවා ගැනීමෙන් වලකින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි……""

    හිනාවෙන්න නෙමේ සහෝදරයා අඩන්නයි වෙන්නේ......

    ReplyDelete
  14. @dhayaal - ඒ වගේ තමයි

    @සෝඩා ගුණේ - ඒක ඇත්ත මතුපිටින් හිනාඋනත් අපේ රට ඇදගෙන යන තැන දැක්කාම අඬන්න ඕනි තමයි

    ReplyDelete
  15. මම ඔය ප්‍රවෘත්තිය සලකන්නේ සාහිත්‍ය නිර්මාණයක් විදියට

    ReplyDelete
  16. paniwuda yawanna mehe hansayo nehe mehe inne paththyo witharai kamak nedda

    ReplyDelete
  17. mbuwa meka mage mulma comment eka.mama c news kiyan redi nathuwa kade yana site eka balanne na,bt buwa kiyapu nisa me news eka kiyewwa,patta athal ekak gaththe.thanx ehema athal ekak ganna set karala dunnata.news ita comment karala thiyana samahara un kiyala thiyana dewal walata hina gihin pana na,me rte mechchara harak innawada kiyala hithenawa inter net use karana.ayeth c news yanne na,matath pissu hadei.buwata thanx

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව