Skip to main content

පුවතක් :ජනාධිපතිගේ විකෘති දසුන් ළග තබාගත් තරුණයකු රිමාන්ඩ් ....එය එසේ නම් අනික් රටවල තහනම් විඩියෝ මෙසේ වේ!!

පුවතක් :ජනාධිපතිගේ විකෘති දසුන් ළග තබාගත් තරුණයකු රිමාන්ඩ්


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව විකෘති කර සකස් කරන ලද වීඩියෝ කොටසක් සහිත ජංගම දුරකථනයක් ළග තබාගෙන සිටි තරුණයකු ගාල්ල යක්කලමුල්ල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ප‍්‍රශ්ණ කිරීම්වලින් පසු බද්දේගම වැඩබලන මහේස්ත‍්‍රාත්වරය වෙත ඉදිරිපත් කර ඇත. එම පුද්ගලයා ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී නියෝග කර තිබේ.


එක්සත් ජාතින්ගේ සැසියෙදී හඬනඟා කිවූ පරිදි අපේ රට

ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයයි !!!!

 ඒ අනුව ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයෙ පුරවැසියෙකුට පහත විඩියෝව ලඟ තබා ගැනීම තහනම්ය 




ප්‍රජාතන්ත්‍රවාදයේ  මහගෙදර පුරවැසියාට පහත විඩියෝ පට ලඟ තබා ගැනීම තහනම්ය 










Comments

  1. ප්‍රජාතන්ත්‍රවාදයත් දැන් සාපේක්ෂයි වගෙ!

    ReplyDelete
  2. ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය මිසක් ඒක කොයි වගේ ගුණයක්ද කියල ලංකාවෙ අපි තවම දන්නෙ නෑ. මේ පවතින විදිය ප්‍රජාතාන්ත්‍රවාදීනම් ප්‍රජාතන්ත්‍රවාදය රටකට ජනතාවකට හිතකර එකක් වෙන්න බෑ.

    ReplyDelete
  3. ඒ ඔය ප්‍රජාතන්ත්‍රවාදය ද මොකක්ද එක නැතිවෙලා ගොඩක් කල් නේ බන්..

    ReplyDelete
  4. කවුද කියන්නේ ප්‍රජාචන්ත්‍රවාදේ නැතෙයි කියල. සුපිරියටම තියෙනව. පාළකයන්ට. විනිසුරුත් කටු ලෙව කන එකෙක් වෙන්ට ඇති..

    ReplyDelete
  5. මිනිස්සු තමුන්ගේ අයිතිවාසිකම් දන්නෙත් නැහැ පාලකයෝ එවුව දෙන්න උන් දන්නෙත් නැහැනේ.. අපේ රට වැඩ වසම් යුගේ අදහස් වලින් පිරිච්ච මිනිස්සු වැඩියෙන් ඉන්න රටක් වගෙයි..

    ReplyDelete
  6. @sabith -ඒ වගේ තමයි පේන්නේ


    @outsider - //මේ පවතින විදිය ප්‍රජාතාන්ත්‍රවාදීනම් ප්‍රජාතන්ත්‍රවාදය රටකට ජනතාවකට හිතකර එකක් වෙන්න බෑ// - අනිවා

    @chamma - නැතිවෙන්න අපේ රටේ කවමදාවත් එහෙම එකක් තිබුනද කියලත් හිතෙනව

    මාතලන් - ඒ අයට කොහොමත් එහෙමනේ , චීනේ උනත් පාලකයින්ට ප්‍රජාතන්ත්‍රවාදය තියනව අපූරුවටම

    සරත් - ඒක ඇත්ත , අපේ ගොඩ දෙනෙක් හිතාන ඉන්නෙ මානව හිමිකම් කියන්නේ සුද්දන්ගෙ දෙයක්ය කියලනේ

    ReplyDelete
  7. තව කෙනෙකුගේ දුරකථනයට එබී බැලීම ප්‍රජාතන්ත්‍රවාදයට එකඟද?

    මට නම් පිස්සු වගේ!

    ReplyDelete
  8. මෙන්න එයාලගෙ ප්‍රජානත්ත්‍රවාදය. අයෙත් එයාලවම ජන්දෙ දිලා දනවමු. හැම එකාටම කඩේ යන අයට හොද පාඩම්...

    ReplyDelete
  9. මේකට කියන්නෙ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය කියලනේ.ඒකෙ මේවගේ හොද ලක්ෂණ තියනවා.
    1.විකෘති දසුන් ළග තබාගත් කෙනෙකු ඇතුලට යැවීමේ නිදහස.
    2.කෙනෙකුගේ දුරකථනයට එබී බැලීමේ නිදහස.
    ඒවගේම ප්‍රජාතන්ත්‍රවාදය නැතිකිරීමේ නිදහසත් තියෙන්ට එපැයි.

    ReplyDelete
  10. පොලිසීයේ මහතුන්ගේ අමු ගොන් පාට් එකකි. මම ජනාධිපති නම්, මා අදාල පුද්ගලයා කැදවා එම රූප බලා සිනාසී අදාල පුද්ගලයා නිදහස් කරමි. එය ප්‍රතිරූබ වර්ධනයටද හේතු වෙයි!

    නමුත් තිබුණේ අසභ්‍ය රූප නම් මේ පුද්ගලයා ගැන කිසිදු අනුකම්පාවක් මට ඇති නොවේ.

    ReplyDelete
  11. 4 වන දා වෙනකම් රිමාන්ඩ් එකේ සැප ලැබෙන හැඩයි. තැලුම් තෙල් බෝතලයක් වත් කොල්ලට යැව්ව නම්!

    ReplyDelete
  12. @ජයශ්‍රි - එහෙමද ? මට නම් පෙනුන විදිහට ජයශ්‍රි ට කාලයක් තිබුන පිස්සු ගතිය දැන් හොඳ වේගනයි එන්නෙ , හැරුම් ලක්ෂය අර තරාදිය .. :D

    @රාජ් - ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමේ නිදහස තමයි වැදගත්ම එක :D

    @නෝ ෆ්‍රේම් - අසභ්‍ය රූප තිබේදැයි පේන්නටත් ෆෝන් එකට එබී බැලිය යුතුය , පොලිස් කාරයින්ට එසේ කිරීමට හැකියාවක් ඇත්නම් එතනම මානව නිදහසක් නැත

    @රැඩිකල් අදහස් - නාථ දෙවියන්ගෙන්වත් ගුලියක් ඉල්ල ගන්න ඕනි , ඒත් සම්‍යක් දෘශ්ටික දෙවි කෙනෙක් මේ වගේමිත්‍යා දෘශ්ටික කොල්ලෙකුට උදව් කරන්න කැමතිවෙයි ද මන්ද

    ReplyDelete
  13. පොලිසියට නීති විරෝධී ක්‍රියාවක් වෙනවා යයි විශ්වාස කරනවානම් දුරකතනයක් හෝ පරිගණකයක් බැලිය හැක. නමුත් එවැනි සිදු වීමක් වී නීති විරෝදී කිසිවක් නැතිනම් එම උපංගයේ අයිතිකරුට පොලිසියට විරුද්දව පියවර ගත හැක. පොලිස් නිලධාරියෙක් මට කී පරිදි හොඳ tip එකක් නැතුව මෙවැනි දේට (ඉහත හේතුව නිසා) පොලිසිය අත නොදමයි. අසබ්‍ය ප්‍රකාශන සම්බන්දයෙන් ඉහත කරුණු වල exception තිබිය හැක. නමුත් පරිගණක අපරාධ පනතට අනුව ඉලෙක්ට්‍රොනික මාධ්‍යක අපහාසාත්මක දෙයක් තබා ගැනීම අපරාධයකි.

    ලංකාවේ මේ සම්බන්දයෙන් ඇති නීති හා වෙනෙත් රටක ඇති නීති අතර මහා වෙනසක් නැත. වෙනස ඇත්තේ නිතිය ක්‍රියාත්මක කිරීමේදීය.

    ReplyDelete
  14. බුවා අයියේ මොනව කොරන්ටද විධායක ජනාධිපතිකමේ බලයනෙ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සිංහල කාන්තාවන් මුස්ලිම් කරණය කිරීමට නිර්දේශ දෙන අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ "සිංහල බෞද්ධ විද්වතා " ....

ආගමික ප්‍රශ්නයන් දිගින් දිගටම ඇදගෙන බ්ලොග් කරණය ඇතුලේ "හෝලි වෝ" එකක් පටන් ගන්න අදහසක් නැතත් , පසුගිය දින  කිහිපය පුරාවට අන්වර් මනතුංග උන්නැහෙගේ බ්ලොග් අඩවිය තුලදී  නොයෙකුත් ආකාරයේ වාදයන්ට එලඹුන "කාන්තාවන්ගේ වස්ත්‍රය පිලිබඳ " ඉස්ලාමීය මතය පිලිබඳ සාකච්ඡාව ට තවත් එකතු කිරීමක් කරන්න සිද්ධ වෙලා තියනවා . ඒ අන්වර් මනතුංග මහත්තයා තමන්ගේ ඉස්ලාමිය මතය තහවුරු කරන්න " සිංහල බෞද්ධ විද්වතෙකු" ගේ අදහස් කියල ලිපියක් එකතු කරලා තියන නිසා කාන්තාවගේ වස්ත්‍රයන් සම්බන්ධව ඉස්ලාමයේ තියන මතය පිලිබඳ අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ . ඒ වගේම මගේ බ්ලොග් අඩව්යේ පාඨකයින් සාතිශය බහුතරකට  පිරිමින්ගේ වලත්ත කම් වලට කාන්තාව වැසීමේ අයුක්තිසහගත නිතියේ ගෝත්‍රික ස්වාභාවය පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකකුත් නෑ . මේ පිලිබඳ මගේ මතය ඉතාම සංෂිප්තව කියනවා නම් "කාන්තාවගේ ඇඳුම පිලිබඳ පූර්ණ අයිතිය  කාන්තාව සතුයි " කියන එක .  ඒ මතවාදය තුල නොඉන්නවා නම් කාන්තාවන්ගේ ඇඳුමට ආගමික හෝ වෙනත්  බාහිර තහංචි අවැසියයි සිතනවා නම් .කාන්තාවන්ට සිදුවෙන අතවරයන් වලක්වා ගන්න ඇයව ආවරණය කල යුතුයැ...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...

ඕං අවුරුදු දෙකයි !

බ්ලොග් කරණයට එකතු වෙලා  අදට අවුරුදු දෙකක් . බ්ලොග් රචකයෙක් වීමට  මාස කිහිපයකට කලින් ඉඳන් බ්ලොග් කියවීම සිදු කලත් පලවෙනි කමෙන්ටුව පල කලේ බ්ලොග් ලියන්න පටන් ගැනීමෙන් පස්සෙ නිසා සමස්ථ බ්ලොග් අවකාශයටම මගේ ආගමනය සිදුවුනේ වසර දෙකකට කලින්ය කියන්න පුලුවන් .බ්ලොග් කරණයට පිවිසෙන්න උදව් කරපු සියලු දෙනාටම වගේ එදා ඉඳන් අද දක්වා එක් වතාවක් හෝ මගේ බ්ලොග් අඩවියට පිවිසුන , කමෙන්ට් කරපු සියලු දෙනාටමත් සින්ඩිකේටර හිමිකරුවන්ට සහ තමන්ගේ බ්ලොග් රෝල වලට එකතු කල බ්ලොග් කරුවන්ටත්  මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමන්නේ මේ කාර්යයේ සාර්ථකත්වයට ප්‍රභලතම හේතුව ඔවුන් නිසා . 2010/7/8 වෙනිදා ඉඳන් අද දක්වා ලියවිලා තියන මුලු ලිපි සංඛ්‍යාව 145 කියල සටහන් වුනත් , මේ වගේ සැමරුම් , නිවේදන ආදී ලිපි ඉවත් කලාම වැදගත් (හෝ මම වැදගත්ය කියලා හිතාන ඉන්න ) ලිපි ගණන 135-140 අතර ගණනක් වෙන්න පුලුවන් . දැනට බ්ලොග් අඩවියේ  සටහන් වෙලා තියන මුලු පිවිසුම් සංඛ්‍යාව 85402 ක් . මගේ ප්‍රතිචාරත් ඇතුලුව මුලු ප්‍රතිචාර සංඛ්‍යාව 2812ක් .  2010 වසරේ පටන් ගත්ත බ්ලොග් කරණය වඩාත් සාර්ථක වුනේ 2011 වසරේදි ,  මම ලියපු ජනප්‍රිය...