Skip to main content

වෘත්තීය ජිවිතයේ 50 වෙනි වසර සමරන පක්කලියාට සුභ පතමු !

තම වෘත්තීය ජිවිතයේ 50 වන වසර සැමරීමේ අවස්ථාව හිමි වන්නේ ඉතාමත් කලාතුරකින් කෙනෙකුට පමණි . බොහෝ වෘත්තීන් හි විශ්‍රාම වයස 60 වන නිසා  වසර 50ක වෘත්තීමය ජීවිතයක් යනු සැබවින්ම සුවිශේෂි කාරණයකි . මෙවන් සැමරුමක් කරන තැනැත්තෙක් බොහෝ විට තම වෘත්තිමය ජීවිතයේ අති සාර්ථකත්වය නිසා විශ්‍රාම වයසෙන් පසුවත් සේවය සපයන ඉහල විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්/ව්‍යාපාරිකයෙක් හෝ ළමා ශ්‍රමය පිලිබඳ නීති රීතින් ලිහිල් අවදියක කම්කරු  ශ්‍රේණියේ රැකියාවකින් වෘත්තීමය ජීවිතය ආරම්භ කල අයෙකි . ඉහත සඳහන් කල දෙවෙනි වරගයේ අයවලුන් අතර කම්කරු ශ්‍රේණියෙන් පටන් ගෙන ඉහලට නැගි අයෙකු මෙන්ම එම තත්වයේම වසර 50ක් සේවය කල අයකුද සිටිය හැක . ඒ  පුද්ගලයාගේ සමත් අසමත් කම් අනුවය . මේ කොයි ආකාරයේ කෙනෙකු වුවත් වසර 50ක වෘත්තිමය ජිවිතයක් ගත කල අයෙකුට තමාගේ කාර්යභාරය පිලිබඳ මෙනෙහි කර සතුටක් ලැබිය හැකි විය යුතුය . එහීදී ආයතන කලමණාකරුවෙකුටත් වැසිකිලි පිරිසිදු කරන්නෙකුටත් දැනෙනා සතුට එකමය . ඒ තමන් තමන්ගේ වගකීම් කොටස සාර්ථක ලෙස ඉටු කිරීම පිලිබඳ ලබනා ආත්ම තෘප්තියයි . කාර්යයේ මුල්‍යමය වටිනාමක් වෙනස් වුවත් ඒ තුල ගැබ්ව ඇති හරාත්මක වටිනා කම් වෙනස් වන්නේද නැත . මන්ද අදාල වපසරිය තුල වෘත්තියට , ආයතනයට  මෙන්ම සමස්ථ සමාජයටම ඔහුගෙන් ඉටු විය යුතුකම් කොටස ඉටුවී හමාරය

අද දින ලංකාවේ බොහෝ දෙනෙකු නම ඇසු පමණින් දන්නා කියන පුද්ගලයෙකු තමාගේ වෘත්තිමය ජීවිතයේ 50 වෙනි වසර සමරන බවක් දැන ගන්නට ඇත . එයට රටේ ඉහලම නායකාරකාදීන් සහභාගි වෙන බවක්ද දැනගන්නට ඇත . එහෙත් මේ පුද්ගලයා ඉහත සඳහන් කල  ආකාරයේ ආත්ම තෘප්තියක් ලැබිය හැකි වෘත්තිකයෙකු නම් නොවේ . ඔහු  ජනතාවගේ මුදලින් යැපෙන ආයතනයක එක් ප්‍රධාන නිෂ්පාදනයක් භාර ජනතාවගෙන් වැටපු ලබන නිලධාරියෙකි , නමුත්  අදාල  නිෂ්පාදනයෙන් ආයතනය ලාභ උපයන්නෙ නැත  එනයින් බැලු විට ඔහුගෙන් ආයතනයට  ඉටු විය යුතු යුතුකම් කොටස ඉටු වන්නෙ නැත .  ඔහුගේ  කාර්යය ඍජුව වගකිව යුත්තේ ජනතාවගේ සුභ සිද්ධියටය . නමුත් ඔහු එහිලා කිසිදු දායකත්වයක් දක්වන්නෙ නැත . ජනතාවගේ සුභ සිද්ධිය ඔහු විසින් සහමුලින්ම අමතක කර දමා ඇත . එනිසා ඔහුගෙන්  සමාජයට ඉටුවිය යුතු සමාජීය කාරයභාරයද  ඉටු වී නැත . ඔහුගේ වෘත්තිය ඉතාමත් ගෞරවාන්විතය ,රටක  හෝ රටවල් ගණනාවක අනාගතය වෙනස් කල හැකි මට්ටමේ බලයක්  අදාල වෘත්තිය සතුව ඇත , නමුත් මේ පුද්ගලයා අතින් දිගින් දිගටම සිදුවන්නෙ  එකී ගෞර්වනීය වෘත්තියේ ගෞරවය කෙලෙසීමය . ඒ අනුව ඔහුගෙන්  වෘත්තියට ඉටු විය යුතුකම ඉටුවී  නොමැත


ඉහත කාරණා අනුව ඔහු වසර 50 ක් සැපිරුවා යන්න තුල සැමරීමට තරම් දෙයක් නොමැත . වර්ථමානයේ ඔහු විසින් කරනා එකම කාර්යය වැසිකිලි වලවල් අතින් හාරා  දිගට හරහට අසුචි විසිකිරීම වැනි රටම ගඳගස්වනා  පක්කලි ක්‍රියාවක්  වුවත් ඔහුගේ සැමරුමට රටේ ඉහලම තැන්වල දායකත්වය ලැබී ඇත . ඒ ඔහුගේ වැසිකිලි කැඩීමේ ක්‍රියාවලිය තුලින් වාසී ලබනා එකම පිරිසය .මේ සිරි ලකේ ඔවැනි කාරණා පිලිබඳ සිත් තැවුල් ඇති කරගැනීමෙන් පලක් නැත . මේ අප ආශ්චර්යයේ  ස්වභාවයයි . 50 වසරක පක්කලි සේවය වෙනුවෙන් අද දින උපහාර ලබන්නානෙනි ඔබට මාගේ සුභ පැතුම්!!

ප.ලි - මේ පුද්ගලයා කව්දැයි යන්න හඳුනාගැනීමක ඔබට එතරම් අපහසු විය නොහැක , නොහැකි වුවහොත් මඳක් විපරම් කර බලන්න සොයාගත හැකි වනු ඇත . කෙසේ හෝ ඔහුගේ සැබැ නාමය  කමෙන්ටු තීරයේ වත් නොලියා සිටින මෙන් ඉල්ලා සිටිමි . පලමුවෙන් එවැනි පක්කලියෙකුගෙ නමක් මෙහි ලියවෙනවාට  මා අකමැතිය . දෙවැන්න බ්ලොග් අඩවිය දැන්ම ලියාපදිංචි කිරීමේ බලාපොරොත්තුවක් නොමැත

Comments

  1. අපෝ දන්නවා දන්නවා. මමත් කැමති නැහැ ඒ වගේ ජරා පප්පෙක්ගේ නම මේවගේ වැදගත් තැනක ලියන්න. මෙකාගේ පුතා සාපෙක්ෂව හොඳ කෙනෙක්. නමුත් ගහේ කටු උල් කරන්නත් ඕනෙද? ඒ නිසා ආශ්‍රය ප්‍රවේසමෙන්. අනික මේ වගේ මිනිස්සු විඳවනවා වැඩියි. ඒකයි 50 කප් එක ගහන්න පුළුවන් වෙලා තියන්නේ ඒකයි. ඉන්න ඉන්න මුන් වගේ මිනිස්සු විඳවනවා.

    ReplyDelete
  2. ලේඛකයෙකුට පුළුවන් ඔය වැඩේ.

    මාත් හතේ පන්තියේ දී පොඩි පොතක් හැදුවා කවි, කෙටිකතා දාලා. වයස 12 යි. අවුරුදු 62 වුණාම ලොකු උත්සවයක් ගන්න ඕනෑ.

    වෛද්‍යවරයෙකුටත් පුළුවනි. ගුරුවරයෙකුටත් පුළුවනි!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මට නම් මේ තැනැත්තා කවුල කියලා මීටරේට එන්නෙම නෑ. කෝකටත් සුවා - දීන නාලිකාවක යන පුවත් ගැනවත් "විපරම්" කරලා බලන්න ඕනෑ..

    ReplyDelete
  5. @මහවෙදනා - ස්තුතියි

    @කතන්දර - ඒක හැබැව මට අමතක උනා නෙව

    @නිශ් - ඇයි ප්‍රතිචාරය අයින් කලේ , මේල් බොක්ස් එකේ තිබුන ඒ ප්‍රතිචාරය දැකලමයි මේ උත්තර දෙන්න ආවෙත්

    @ඇනෝ - ඔව් මෙයා සුවා- දීන එකටත් චුට්ටක් සම්බන්ධය්යි . ඒකේ නම් අනිවා කියයි

    ReplyDelete
  6. තවත් කෙනෙකුට ඉන්දියාවෙන් සම්මානයක්ද දී ඇත. ඉන්දියාවත් සල්ලි වලට වැඩ කරනවා යයි ඊ නිවුස් පවසන්නේ දැයි බලා සිටිමි.

    ReplyDelete
  7. @No Frames - ඉන්දියාවෙන් කියන්නෙ ඉන්දියාවේ රජයෙන්ද ? මොකද ඉන්දියාවේ හොර සම්මාන දෙන උන් ඉන්නව ඕනි තරම් ඒ විදිහට ආචාර්ය උපාධි ගත්තය එහෙම ඉන්නේ . ඉන්දියාවේ රජය හෝ පිලිගත් ආයතනයකින් එහෙම එකක් දීල නම් මට කියන්න තියෙන්නෙ "මාරයි " කියල තමා . කොහොම උනත් වාචාල කම පැත්තකින් තිබ්බොත් 50 වසර පොරට වඩා සම්මානනීය පොර මාධ්‍යවේදියෙක් වශයෙන් ඉදිරියෙන් කියල මට හිතෙනව

    ReplyDelete
  8. දෙමටගොඩ හරියේ ලොකු කටවුට් එහෙම ගහලා සුභ පැතුව කෙනා ගැනද මේ...?

    ReplyDelete
  9. එකපාරටම කියවනකොට කවුද කියල බැලුව. අපේ .... මාමනේ! මෙයා ගැන නං කතා කරල වැඩක් නෑ. බුවාට මතකද දන්නෙ නෑ මෙයා රජයේ ආයතනයට එන්න කලිං හිටිය පෞද්ගලික ආයතනෙ. ඒකෙදි මෙයා මෙච්චර පීචං උනේ නෑ.
    උස්සවේට එන ලොකු ලොකු කස්ටිය ගැන මේගොල්ලගෙ පච පඩංගුවෙ තියනවා. පුදුමයි! ඒත් ඇත්තයි.

    ReplyDelete
  10. සුන්දර ද? ඈ බේ?

    ReplyDelete
  11. තාම ටියුබ් ලයිට් :o)

    ReplyDelete
  12. බ්ලොගයක් කියන්නේ වෙබ් අඩවියක් නොවේ යයි තර්ක කල හැකි නිසා ආණ්ඩුවේ ලියා ගෙදර පදිංචි වීමේ අවශ්‍යතාවක් නැත.

    ReplyDelete
  13. දනිමි, දනිමි. ඌ නම් සැබෑම පක්කලියෙකි.

    ReplyDelete
  14. මමනං නම ලියන්ඩමයි ආවෙ. ඒත් ඉතිං උඩ කවුරුුවත් ලියල නැති හිංදා නිකං ඉන්නවා

    ReplyDelete
  15. ආගිය කතා ලියපු සුන්දර මනුස්සයද මේ කියලා හිතාගන්නවත් බෑ. නමුත් මූට විතරක් තනිකරලා ගහන එක පවු. අද මීමන ප්‍රේමතිලකගේ පුතත්, ලූෂන් රාජකරුණානායකලත්, වාසුත්, නන්දා මාලනීලා, සුනිල් ආරියරත්නලා සහ තවත් විශාල පිරිසක් කරන්නේ ඔය දේමයි. උගේ පැත්තෙන් ඌ ප්‍රාර්ථනා කළ ළෝකය ඉඳිවෙලා ඇති.

    ReplyDelete
  16. @ බුවා - "ඉන්දියාවෙන් කියන්නෙ ඉන්දියාවේ රජයෙන්ද ?"

    ඒක නම් දන්නේ නැත. සොයා බලා කීවොත් නරක ද?

    ReplyDelete
  17. සම්මානය දී ඇත්තේ මේ ආයතනයෙනි. පිලිගත්තු එකක් ද නැත්ද කියන්නට නොදනිමි.

    http://www.abci.in/

    The Association of Business Communicators of India

    ReplyDelete
  18. අහිංසක කසල භක්ෂකයා ද?මම නම කිවිෙව නෑ හරි (උපුටා ගත්ෙත් ටැබූ ෙගන්)

    ReplyDelete
  19. තව ප්‍රධාන චරිතයක් අමතක උනා. වික්ටර් අයිවන්..

    ReplyDelete
  20. බුවා මම කොමෙන්ට් වශයෙන් ලියන්නෙ ලිපියක් කියවලා අවසානයේ එවෙලෙ හිතට දැනෙන දේ. ඒත් ඒක නුසුදුසුයි කියල හිතුනා ඒකයි අහක් කලේ. මගේ මතය දැනගත්ත නේ.

    මම දකින්නෙ එහෙම තමා ඔය දේම හැම දේශපාලකයා වෙනුවෙන්ම කරන මිනිස්සු ඉන්නව. ගරහනවා නම් හැමෝටම ගරහන්න ඕනි ඔබත් ඇතුලුව.

    ReplyDelete
  21. @නිශ් - මම නම් කිසිම දේශපාලකයෙක් වෙනුවෙන් කඩේ යන්නෙ නැ ,(එහෙම පුද්ගලවාදීව කඩෙ ගිය බවක් පෙන්වන්නකො ) මම අදහන දේශපාලන ප්‍රතිපත්තිය වෙනුවෙන් තමයි පෙනි සිටින්නේ , ඒ වෙනුවෙන් කටයුතු කරන ඕනිම පුදගලයෙක් වෙනුවෙන් පෙනි සිටිනව . මතවාද වෙනුවෙන් පෙනී සිටිමයි පුද්ගලයින් වෙනුවෙන් කඩේ යැමයි කියන්නෙ දෙකක් , අදාල පුදගලයගෙ කඩේ යාමෙයි , අනික් කඩේ යන මිනිස්සුන්ගෙ කඩේ යැමෙයි වෙනස ඔබතුමාට නොතේරෙනව නම් ඒක පුදුමයට කාරනයක් . මාධ්‍ය වේදියෙක් /ආයතනයක් අසීමීතව පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටීම වැරදියි .මතවාදයක් නියෝජනය කරන එක ගැටලුවක් නෙවෙයි . නමුත් අනික් මතවලටත් සංවාදයට ලක්වෙන්න ඉඩ දිය යුතුයි . හිතට එන දේ ලිව්වාම කියවන අනික් අයටත් පෙන්න සටහන් වෙලා තියනව නම් තමයි වැඩිය හොඳ

    ReplyDelete
  22. @ගෝල්ඩ් ෆිශ් - දන්නෙ නැ මචෝ , මම දෙමටගොඩ දිහාවේ ගියෙ නැ කාලකින්

    @රාජ් - සිරාවට පුදුමයි ඒත් ඇත්තයි !

    @ඇනෝ - නැතුව ඉතින්

    @රැඩිකල් - දැන් නම් කව්ද කියල දන්නව ඇතිනේ , ඕව කියන්න බැ අපිටත් ඉල්ලුම් ප්ත්‍ර පුරවන්න වෙයි

    @උදාර - :D

    @charmi - :D

    ReplyDelete
  23. @මාතලන් - ඔය ලිස්ට් එකේ ඇයින්ට වඩා මෙයාගේ ක්‍රියාපාටියේ කැතක් පේන්න නැද්ද ? වික්ටර් අයිවන් තමන්ට පලු යන්න බනින ලිපිත් රාවයේ පල කරත්දි , මෙයා මැක්කා ගැන රචනාව වගේ කොහෙන් ගියත් එකම තැනට ඇවිත් ගහන එක අයිට වඩා කැත නැද්ද

    @නෝ ෆ්‍රේම් - ඕක හෙන පරණ සංවිධානයක් කියලයි පෙන්න තියෙන්නෙ , සම්මාන උලෙලත් හෙන පරනයි , ඒක නිසා පිලිගැනීමක් නැති වෙන්න බැ , ඒ කියන්නේ මෙයා හොඳයි අරයා හොඳා...යි :D

    @ජයශ්‍රි - මතකයි මතකයි ටැබු නම් පොරත් ප්ලෙන්ටි ගැහුව කථාවකුත් කියල තිබුන නේ


    @

    ReplyDelete
  24. වෙන තැනකට ලියපු කමෙන්ටුවක් වැරදීමකින් පල විය ,subscribe වූ අය සමාවන්න !

    ReplyDelete
  25. කඩේ යන උන් තමයි මේ කාලෙ සමරන්නෙ. ඒත් එක්කම කඩේ නොයන උන් මරන්නෙ.

    ReplyDelete
  26. සම්පුර්ණයෙන් ටියුබ් ලයිට්, ඉන්නෙ ලංකාවෙ නෙමේ හින්දම වෙන්නැති, කව්රු හරි ඊයක් වත් එවනවද පහත ලිපිනයට?
    sanathwijewardene@gmail.com

    ReplyDelete
  27. අර වෙඩි තියල මරපු පක්කලිය ගැනත් ලියල දාන්න

    ReplyDelete
  28. මේ කියන්නෙ කානු කටා ගැනද මන්දා. අපේ රටේ ඉන්න පක්කලි සංක්‍යාවෙ හැටියට මොකා ගැන කියනවද කියල හිතාගන්නේ කොහොමද බුවො ?

    ReplyDelete
  29. මුතුහර කියවන්න එන්න

    ReplyDelete
  30. meka sarapayek wage ekekda ?

    ReplyDelete
  31. මෙයා අවුරුදු 50 වෙනුවෙන් වෙබ් අඩවියකුත් හදලා තිබුණා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව