Skip to main content

බිලියන 7 වෙනි ලෝක පුරවැසියා සැමරීමේ විකාරය

ලෝක ජනගහනය බිලියන 7යි , ඉන්න ජනගහණයෙන් සැහෙන පිරිසක් අපා දුක් විඳිත්දි ඊයේ ලෝකය පුරාම try  කලේ හරියටම බිලියන 7 වෙනි දරුවා කව්ද කියල බලන්න . මේක මම දකින විදිහට නම් සියවසේ බැරිනම් දශකයේ හොඳම විහිලුව කරගන්න ඕනි වැඩක් . මුලු  ලෝකයේම ඉපදෙන්න ඉන්න දරුවන් දිහා නීරීක්ෂනය කරල හරියටම මෙන්න මූ තමයි බිලියන 7 වෙනියා කියල කියන්න පුලුවන්ද . එහෙම කරන්න නම් ඉතින් ලෝකයේ දරුවන් හම්බ වෙන්න ඉන්න හැම ඝර්භණී කාන්තාවක් ගැනම වාර්ථා තියාගෙන , එක මණ්ඩලයක් හදල ඒ අයව අදාල රටවල් වලට යවල නීරීක්ෂනය කරන්න සැහෙන්න ගේමක් දෙන්න ඕනි . එහෙම කිසිම දෙයක් නොකර කට්ටියම කටවල් ඇරගෙන බලාන හිටියෙ බිලියන 7 වෙනියා එලියට එනකන් . මේ බලන්නකො ඒ මෝඩ ආතල් එකේ ස්වාභාවය

මේ තියෙන්නෙ දිවයින් පත්තරේ තියන ලිපි දෙකක් , ලෝකයේ  බිලියන 7 කියල  නම් කරපු දරුවා ගැනයි ලංකාවේ එකෙක්නා ගැනයි .


01 ඉන්දියාවේ ලක්‌නව් නගරය ආසන්නයේ පිහිටි ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්‌ථානයක උපන් "නාර්ගීස්‌" බිළිඳිය බිලියන 07 ළදැරිය ලෙස නම් කර ඇත. 23 හැවිරිදි විනීතා හා අඡේ යුවළට දාව මේ දැරිය උපත ලැබුවේ ඊයේ පෙ.ව. 7.20 ටය. ලෝකයේ බිලියන හයේ දරුවා ලෙස ප්‍රකාශ කරනු ලැබුවේ බොස්‌නියා අගනුවර සරයේවෝ හි උපන් පිරිමි දරුවෙකි. මේ දරුවාගේ මව වූයේ ෆාතිමා නෙවික්‌ය. මේ දරුවා උපන්නේ 1999 දීය.


02 ලෝක ජනගහනය බිලියන 7 ක්‌ බවට පත්වීම වාර්තාගත කරමින් ඊයේ (31 දා) උදාවත් සමග අලුයම 12 පසු වී තත්ත්පර 01 ට (12.01 ට) ශ්‍රී ලංකාවේ ද දියණියක්‌ කොළඹ කාසල් රෝහලේදී උපත ලැබීය. කිරිබත්ගොඩ පමුණුවිල පදිංචි 23 හැවිරිදි ධනුෂිකා ඩිලානි පෙරේරා මව එම දියණිය ප්‍රසූත කළ අතර 24 හැවිරිදි පී. ඉෂාර මධුසංඛ එම දියණියගේ පියා විය. කොළඹ කාසල් රෝහලේ වෛද්‍ය ළහිරු හෙට්‌ටිගේ හෙද සොයුරිය එච්. එම්. පී. හේරත්, හෙද නිලධාරිනී ඩී. ඡේ. රූපසිංහ, පවුල් සෞඛ්‍ය නිලධාරිනී යූ. සී. ජී. පෙරේරා යන මහත්ම මහත්මීන් ප්‍රධාන රෝහල් කාර්ය මණ්‌ඩලය මෙම කාර්යයට දායක වී තිබිණි.

මෙම දරුවා ඉපදීමෙන් පසු ඊයේ උදෑසන 6.00 වන විට කොළඹ කාසල් රෝහලේ බිළිඳුන් 5 දෙනකු උපත ලබා තිබූ අතර එයින් දෙදෙනෙක්‌ පිරිමි දරුවෝ වෙති.

බිලියන 7 සම්පූර්ණ කිරීමට දායක වූ ශ්‍රී ලාංකික බිළිඳිය හා අනෙකුත් දරුවන්ගේ සුවදුක්‌ බැලීමට ඊයේ උදෑසන ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ද පැමිණි අතර එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මෙම අවස්‌ථාව සංවිධානය කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කර තිබිණි.



(මට තේරෙන විදිහට ලංකාව එක්කෙනා ඉපදිලා තියෙන්නෙ කලින් , ඒයා බිලියන 6 පොයින්ට් ගානට වෙන්න ඇති අයිති ,)



කවුරු හරි හරියට ගණන් බැලුවාමය කියල කියමුකො , ඒත් හරි  රෝහල් පහසුකම් නැති රටවල් කොච්චර තියනවද , ඒවායෙ බොහෝ වෙලාවට ගෙවල් වලම ඉපදෙන දරුවන් ගැන වාර්ථා කරන්න නීරීක්ෂකයෝ හිටියද , වෙන එකක් තියා ඉන්දියාවෙම උනත් එහෙම ගෙවල් වල දරු ප්‍රසූති කියක් වෙන්න ඇතිද ඕවා ගැන හරියට හොයල බලලද මේ වාර්ථා කරන්නේ ?

කියන ප්‍රශ්නාර්ථ ටික මට නම් තියනව , ඔය බිලියන් 7 දැඟලිල්ල දශකයේ හොඳම විහිලුව කියන්නෙ ඒකයි

ඇත්තෙන්ම ලෝක ජනගහනය බිලියන 7 කියන ඉලක්කම වීමට වඩා වටින්නේ  අර වගේ අඩු සෞඛ්‍ය පහසුකම් මත දිවි ගෙවන්න වෙලා තීයන ජනතාවගෙ ජනගහණය වැඩී වීම අවධානය යොමු කිරීම . පවුල් සැලසුම් ක්‍රම ආදිය භාවිතා නොවෙන මේ මිනිස්සුන්ගේ ජනගහන වර්ධනය බොහොම වැඩියි , ලෝකයේ තුන්වෙනි ආර්ථික බලවතා බවට පත්වීම අභියස ඉන්න ඉන්දියාව මානව සංවර්ධන දර්ශකයේ ලංකාවටත් පහල තැනක ඉන්නේ , තමන්ගෙ අධික ජනගහනය සහ එ අයට ලැබිල තියන අවම පහසු කම් නිසා . ඒ වෙනුවෙන් යමක් කරනවා වෙනුවට බිලියන 7 දරුවා තමන්ගේය කියල සතුටු වෙන එකෙන් ඉන්දියාවට පලක් තියනවද , සමහර විට බිලියන 7 දරුවා ඉන්දියාවේ ම  කොතනක හරි සෞඛ්‍ය පහසුමක් වත් ලබා ගන්න බැරි තැනක ඉපදුනා වෙන්න බැරිද කියන කාරනය ඉන්දියානුවන්ට ප්‍රතික්ෂේප කරන්න පුලුවන්ද . හඳට යානා යවන්න කරන උත්සාහයන් අතරම තමන්ගේ රටේ ජනතාවගෙ සුභ විවරණය වෙනුවෙන් මීට වඩා උත්සහයෙන් කටයුතු නොකලොත් 2030දී ලෝකයේ වැඩිම ජනගනණ්ය වාර්ථා කරන ඉන්දියාව , ඔවුන්ගේ ආර්ථික විද්‍යා අනාවැකි අනුව 2050-2060 කාලයේදී ලෝක ආර්ථික බලවතා වෙන්නෙ හෝ 2040 න් පසු මොහොතක දෙවෙනි ආර්ථික බලවතා වෙන්නෙ , බොහොම කණගාටුදායක මානව සංවර්ධනයක් තියාගෙන වෙන්න පුලුවන් . ඒක ඉන්දියාවට විතරක් නෙවෙයි , සමස්ථ ලෝකයටම හිතකර තත්වයක් වෙන එකක් නැ


ඉන්දියාවේ තත්වයට වඩා අපේ තත්වය සැහෙන්න යහපත් උනත්  බිලියන 7 සැමරීමට එහා ගිය කාර්ය භාරයක් ලංකාවටත් තියනව . නිදහස් සෞඛ්‍ය සේවය නිසා හැමෝටම සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ සෛද්ධාන්තික හැකියාව තිබුනත් , ප්‍රායෝගිකව ලංකාවෙත් තියන ගැටලු බොහොමයි . වැඩි වෙන ජනගහණයත් එක්ක මේ තත්වය උග්‍ර වෙන්නෙ තාමත් ඒවට විසඳුම් හොයන්න උත්සාහයක් නොගන්නා නිසා.

 ඒ වගේම ආගමික කණ්ඩායම් වලට හා නායකයින්ට බම්බු ගහගන්න කියල උපත් පාලන නීති ක්‍රියාත්මක කිරීමත් අත්‍යාවශ්‍යයි . එක පවුලට  ඉන්න දරුවන් ගාන 2/3 කට සීමා කරන නීතිත් එක්කම . නිසි පරිදි උපත් පාලන  ක්‍රම භාවිතා කරන්න  ග්‍රාමීය මට්ටමේ ජනතාව දැනුවත් කිරීමත් අත්‍යාවශ්‍යයි .  කුඩා දූපත් රාජ්‍යක් වුනු අපි ජනගහනය අනවශ්‍ය ලෙස වර්ධනය කරගත්තොත් , ඒ ජනගහනයට අවශ්‍ය පහසුකම් උත්පාදනය කරගන්න එකත් අපහසු වෙන්න ඉඩ තියනව . මොකද අපිට තියන සම්පත් ප්‍රමාණය සීමිත නිසා .

 7 වෙනිය ඉපදුන තැන හොයනවට වඩා වැදගත් වෙන්නෙ , වැඩි වන ලෝක ජනගහණය සීමා කිරීම සහ ඉන්න ජනගහණයට අවශ්ය කරන පහසුකම් ලබදීමට ලෝක අවධානය යොමු වීම ,කියන කාරණය අවසන් වශයෙන් සටහන් කරන්න කැමතියි .



Image From - http://photographya.info/best-baby-photography/

Comments

  1. ඇයි මතක නැද්ද අර සහශ්‍රයේ දරුවගෙ සිද්ධිය. ඒකත් මේවගේ විකාරයක්නෙ.

    ReplyDelete
  2. අපේ රටේම ගත්තොත් අම්මල කීදෙනෙකුට ගෙදරදීම දරුවෝ ලැබෙනවද ? ඔය වෙලාවට දරු උපත ලක්ෂ ගණනක් වෙන්න ඇති.. වැඩක් නැතුවට කරන වැඩ ..

    ReplyDelete
  3. බොහෝ දුරට මමත් එකඟයි ඔබේ අදහසට. නමුත් අපි ජනගහනය පාලනය කලත් නොකලත් ස්වභාව ධර්මයා ඒක කරනවා. එහෙමෙයි කියලා කට බලියන් ඉන්නත් හොඳ නැහැ. මේ ලෝකෙ තියන සම්පත් නිසියාකාරව බෙදී යනව නම් තව බිලියන 7ක් වුවත් මේ මහ පොලවට වැඩි නැහැ. හැබැයි පාලනයක් තිබිය යුතුමයි. ලෙඩ රෝග පිරි ලෝකෙකට වඩා පිරිසිදු ලෝකෙක වටිනාකම වැඩියි. ඔබත් අපත් හැර ඕකතේරුම ගන්නා දෙස්පලුවන් මෙහි සිටීද?

    ආගමික නායකයන් ගැන නම් උන් දැන් බුදුන්ටත් ධර්මය උගනන්න තරම් වැඩ්ඩන් මිසක් මේලෝක් වැඩක් සමාජයට තියනවද/ කවුද ඕකුන් කියන දේ ගනන් ගන්නේ. බුදුන් වහන්සේ වැනි උත්තමෙයකුටත් මුන් නිඟා කරනවා.

    ReplyDelete
  4. මේව ඉතින් අපිට හිනා වෙන්න කරන වැඩ...ඉඳලා හිටලා මිනිස්සු මෙහෙම මේ වගේ දේවල් බල බල හිනා වෙන්නත් එපායෑ....අර එක පාරකුත් කලේ " Who is the first Millennium Baby " කියලා

    ReplyDelete
  5. උඹට පිස්සුද බන්. කොකොමෙයි පාළනය කොරන්නෙ. නිකන් බලපන් ඔය ජනගහනය හම්බානක වැඩි වෙන්නේ දුප්පත් එවුන් අතරේ. උන්ට ඉතින් ආතල් එකට තියෙන්නේ සංසර්ගයේ යෙදෙන එක විතරනේ. ලංකාවේ තවත් වැඩි වෙයි විදුලි බිල වැඩි කොරාම. උඹ කියන්නේ XXX එකත් නවත්තන්නෙයි කියලයි දුප්පත් උන්ට. එහෙමනම් කර අඹන සංගමයක් පිහිටුවා ගනින්.. මළ වදේ..

    ReplyDelete
  6. ඔයිට වඩා දේවල් නම් කරන්න තියෙනවා තමයි...

    ReplyDelete
  7. @මාතලන්
    උඹට ඒකෙ සබාපතිකම දෙන්නං.:D

    ReplyDelete
  8. i think this is an effort to familiarise the figure of the world population . World Population is growing exponentially and now it has hit the 7 million mark.

    but the real problem is 20% of this 7 million ( obliviously developed nations) consume 80 % of the available resource in the world while rest only consumes less than 20% of resources, while most of them are dying because of hunger..!!!!

    ReplyDelete
  9. තත්වෙ භයානක කම වටහාගෙන තීන හින්ද තමයි ඉන්දියානු සෞක්‍ය ඇමති කියල තීන්නෙ its not a matter of joy but a great worry කියල.

    ReplyDelete
  10. @සර් , රාජ් , මහ වෙදනා , දිල්,v - බොහොම ස්තුතුයි

    @මාතලන් ගෙ තර්කය හරි තමා , ඒ ආතල් එක ජනගහනය වැඩි නොවෙන විදිහට ගන්න කියල දෙන්න පුලුවන් නේ , අපි සංගම් පිහිටුවේ නැතත් සැහෙන්න එන්ජිඕ කාරයො ට්‍රයි කලා ඒ වුනාට තාම දුප්පත් මිනිස්සු අතරේ අසාර්ථකයි , මුස්ලිම් උන් කරන්නෙ ආතල් ගන්නම නෙමෙයි ලමයි හදන්න නේ , ඒ නිසා උන්ගෙ ජනගහනය කොහොමත් වැඩියි

    ReplyDelete
  11. @ඉන්දික - එහෙම නම් තත්වය තේරුම් අරන් , අපේ ඇමතිලට වඩා ඔලුවක් තියන පාටයි

    @උදාර - බොහොම ස්තුතියි

    @මය්යා- මම හිතන්නෙ ඔබ හරි , ඉන්දිකගෙ කමෙන්ටුවෙන් පස්සෙ එහෙම හිතෙනව , ඒත් ලංකාවේ නම් සැමරුමක් විතරයි වගේ , ස්තුතියි අදහසට

    ReplyDelete
  12. ඔය බිලියන හත ගණන් බැලුව හරිද බං
    ලංකාවෙ ජනගහනය හරියටම කියන්න පුඵවන්ද අපේ රටට
    ගොඩක් රටවල් වලට නිවැරැදි සංඛ්‍යාලේඛන දෙන්න බැරිව ඇති.

    ReplyDelete
  13. මුං හත කියන්නෙ අටට පුතේ
    අට කීවොත් නවය වෙතේ

    ReplyDelete
  14. ඔස්ට්‍රේලියාවෙ පත්තර වල තිබුනෙ බිලියන් හතේ දරුවා පිලිපීනයෙ ඉපදුනා කියල. මයෙත් එක්ක වැඩ කරන අයත් එක්ක, පත්තරේ නිවුස් එක ගැන කතා වෙද්දීත් කියවුනේ ඉස්පිරිතාල ගැන අහලවත් නැති තැන් වල තාම දරුවො ඉපදෙන බව

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව