Skip to main content

මට එරෙහිව මම වූ ජිනිවා යෝජනා සහ චැනල් 4 v2


ජිනිවා මානව හිම්කම් සමුලුව සහ චැනල් 4 නවතම විඩියෝ පටයත් සමඟින් ලාංකීය දේශපාලනය උණුසුම් වෙමින් පවතී . පුවත්පත්  ඇතුලු ජනමාධ්‍ය හරහා ජිනිවා , ඇමරිකාව හා චැනල් 4 පතුරු ගසන්නන් මෙන්ම මුණු පොතේ චැනල් 4 පිටුව බැන් කරන්නට වෙර දරනා සයිබර් වීරයන්ද නිරන්තරයෙන් මුණ ගැසෙන වටපිටාවක මේ සූදානම මානව හිමිකම් සමුලුව හා චැනල් 4 දෙවන විඩියෝ පටය පිලිබඳ සංශිප්ත විමසීමකටය .







උගත් පාඩම් කොමිසම සහ ඇමරිකානු යෝජනා

කාලයක් තිස්සේ එල්ලවූ යුධ අපරාධ , මානව හිමිකම්  චෝදනා මෙවර ගොනු වී ඇත්තේ ශ්‍රි ලංකා රජය විසින්ම පත්කල උගත් පාඩම් කොමිසමේ වාර්ථාව වටාය . කොටි හිතවාදි සංවිධාන වල ස්ථාවරයන් කුමක් වුනත් ඇමරිකාව ඇතුලු බටහිර රාජ්‍යයන්  ( තමන් පූර්න වශයෙන් පිලි නොගන්නා තත්වයක වුවත් )  උගත් පාඩම් කොමිසමේ වාර්ථාව ක්‍රියාත්ම කිරීම ශ්‍රි ලංකාවේ 'අවම ප්‍රතිචාරය ' ලෙස සලකනා බවක්  ඉදිරිපත් කර ඇති යෝජනා හරහා දක්නට ඇත .එල්ලවී ඇති ප්‍රභල චෝදනා රාශියක් මඟ හැර ඇති ලෙස උගත් පාඩම් වාර්ථාව විග්‍රහ කරන බටහිර රාජ්‍යන්ගේ මේ ස්ථාවරය  රජය පවසනා පරිද්දෙන් 'මස් කොක්කේ' එල්ලීමකට වඩා ,පහසුවෙන් චෝදනා වලින් ගැලවීමේ මාර්ගයක් ලෙස සැලකිය හැක


එක්සත් ජනපද යෝජනාව 

එක්සත් ජනපදය මානව හිමිකම් කොමිසම හමුවේ ගෙන ආ යෝජනාවේ කරුණු තුනක් අන්තරගත වේ . සරලව ඒවා පහත පරිදිය

01)උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් ශ්‍රි ලංකා රජයට දන්වා සිටීම

02) අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරි සැලසුමක් ඉදිරිපත් කිරීම

03) මේ සඳහා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ උපදේස් සහ තාක්ෂනික සහයන් ලබා ගැනීම


මෙම මූලික කරුණ වලට අමතරව උගත් පාඩම් කොමිසම් වාර්ථාව හරහා ඉදිරිපත් කර ඇති සාධනීය යෝජනා තමන් අගය කරනා අතරම අන්තර්ජාතික නිතිය උල්ලංඝනය කිරීම පිලිබඳ චෝදනා පිලිබඳ ආදාල වාර්ථාවෙන් ආවරණය වී නොමැති බැව් සටහන් කරන බවද ඇමරිකානු යෝජනාවේ අන්තර්ගත වී තිබේ

  මස් කොක්ක සහ යථාර්තය

උක්ත යෝජනා දෙස විමසිල්ලෙන් බැලූ විට පෙනී යන කරුණ නම් රජය මොර දුන් පරිදි 'මස් කොක්කෙ ' එල්ලීමක් එහි නොමැති බවත් එම යෝජනා රජයේ මූලික ස්ථාවරය වන  උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා  එකඟතාවයක් ඇති බවත්ය . රජය විසින් පත් කල  කමිටුවක වාර්ථාව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඉදිරිපත් වී ඇති යෝජ්නාවට (එය ඉදිරිපත් වීමට පෙර සිටිම ) විරෝධය පල කිරීම 'මට එරෙහිව මම ' ආකාරයේ විසිලු විරෝධතාවයක් ලෙසින් සැලකිය හැක . ඇමරිකානු යෝජනාවේ අවසන් කරුණ වන මානව හිමිකම්  සමුලුවේ සහය ලබාගැන්ම හැරුණ විට අනෙක් යෝජනා දෙක  ශ්‍රි ලංකා රජයේ ස්ථාවරයෙන් වෙනස් වන එකම පදනම වන්නේ . "උඹල කියන්න ඕනි නෑ , අපිට ඕනි විදිහට අපිම කරගන්නම් '  යන්න පමණය . නමුත් වඩා ප්‍රභල විරෝධයන් තිබියදී අවම මට්ටමෙන් එල්ල වී ඇති යෝජනා සාකච්ඡාමය වට පිටාවක් තුල එකඟතාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමෙන් , ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමටත් ඒ හරහා ප්‍රභල හඬ නගන්නන්ගේ බලපැම් අවම කිරීමටත් හැකියාවක් ඇත .


චැනල් 4

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව ශ්‍රි ලංකාව පිලිබඳ වූ තමන්ගේ දෙවන විඩියෝ පටය කල් යල් බලා නිකුත් කරනලදැයි කිව හැක . ඇමරිකානු යෝජනා ප්‍රමාණවත් නොවන බවත් ශ්‍රි ලංකාවට එරෙහි වඩාත් ප්‍රභල යෝජනාවක් අවශ්‍ය බවත් හඬගැ පිරිස් වෙත චැනල් 4 විඩියෝ පටය  මනා උත්තේජනයක් සැපයුවා ලෙස හැඳින්විය හැක . පලමුව් විඩියෝ පටය හා සසඳන විට තර්ක  තහවුරු කිරීමේ සාධක වලට වඩා ශ්‍රි ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වීම කෙරෙහි විදේස් රටවල් හා නියෝජිතයින්  පෙලඹවනු වස් හැඟීම් බරා  විඩියෝ පටයක් මෙවර ඉදිරිපත් කර ඇතැයෙ පැවසිය  හැක . ප්‍රභාකරන්ගෙ පුත්‍රයාගේ මරණය පිලිබඳ කාරණය හැර අනෙක් කාරණා පෙර විඩියෝවෙන්ම මතු කල  ඒවා මය . ඡායාරූපයක් හරහා වෙඩි සටහන් නිර්ණය කිරීමේ හැකියාවක් විද්‍යාත්මකව නොමැති නම් එයද පෙරකී 'හැඟිම් බර" කාණ්ඩයේ තොරතුවක් පමණි , කිසිදු රජයක්  නිල වශයෙන් පිලිනොගන්නා විකි ලීක්ස් පණිවුඩ පවා යොදාගනිමින් චැන 4 නාලිකාව උත්සහ ගන්නේ  සත්‍ය සාක්ෂි සහිත හෙල දරව්වකට වඩා  ශ්‍රි ලංකාව කෙරේ අනෙකුත් රටවල් දරන ආකල්පයන් වෙත යම් බලපැමක් ඇති කීරීමට බැව් නිරීක්ෂනය කල හැක . මෙහෙදී සිදුවූ හාස්‍ය ජනක සිදුවීම නම් ප්‍රභාකරන්ගේ මරණය පිලිබඳ ඉදිරිපත් කල වාර්ථාව 'බැක් ෆයර් ' වී එල්ටිටියි හිතවාදීන් තුල කැලඹීමක් ඇති කිරීමයි



රජයේ ප්‍රතිචාරය 

ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමේදී උපාය මාර්ගික රාජ්‍යතාන්ත්‍රික පිලිවෙත් වෙනුවට සරම් කරට ගත් චණ්ඩි පාට් දැමිමේ සන්ධාන රජයේ ප්‍රතිපත්තිය මෙම සිදුවීම් තුලද ඉතා පැහැදිලිව දක්නට ඇත , මේ බ්ලොග් අඩවිය තුල නොයෙක් වර සාකාච්ඡා කොට ඇති මාතෘකාවක් හෙයින් වැඩි දුර යමක් සටහන් නොකලත්  රජය රාජ්‍යතාන්ත්‍රිකව හා බුද්ධිමත්ව කටයුතු කලා නම් චැනල් 4 දෙවෙනි විඩියෝ පටයක් නිශ්පාදනය වීමත් , ඇමරිකාව විසින් කුමන හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීමත් වලක්වාගත හැකිව තිබූ බව සඳහන් කල යුතුය . ජිනිවා හිදි කුමක් වුවත් ලාංකීය දේශපාලනයේදී  රාජපක්ෂ ජනපති වරයා ජයග්‍රහණය ලබනා ලෙසට දේශප්‍රේමය අවුලුවා  තිබෙන අතර අහක සිට ලකුණු දමා ගැනීමට තප්පුලන සජිත් ප්‍රේමදාස වැන්නවුන් කරන්නේ එයට පොහොර දැමීමය !

UPDATE - ඉන්දියාවද  , ශ්‍රි ලංකාවට එරෙහිව ඡන්දය භාවිතා කිරීමට තීරණය කර ඇතැයි වාර්ථා වේ







Comments

  1. රජයේ බහුතරයක් ප්‍රති උත්තර ජාත්‍යයන්තරයට නොගැලපෙන්නේමය. හද බලා බුරන්නාක් මෙන් වැඩක් නැත්තේමය. විමල් මාමලාගේ කතන්දර නිසා චොර වන්නේමය. වැදගත් වන්නේ ජනතා උසිගැන්වීම‍ නොව මොලයෙන් දෙන සීතල ගේමය.

    රනිල් ලංකාවේ කුජීත වුවාට අන්තර්ජාතික පිලිගැනීමක් ඇත. මහියාට එසේ නැත. ඒ බුද්ධිය හා මොලයෙන් දෙන ගේම පිලිබද ගැටලුවකි.

    ReplyDelete
  2. මොළයෙන් වැඩ කල ලංකාවේ හිටපු එ.ජා.නි.නියෝජිත පලිහක්කාර මහතා ප්‍රකට චරිතයක්. නමුත් මහ රජාගේ සරම උස්සල කරන ගොන් පාට් වලට අනුව ඔහුවත් එම තනතුරින් ඉවත් කළා..
    විමල් ගොන් හෝ පොර ටෝක්ස් දෙන්නේ හුදෙක් ජනප්‍රියතාවය රදවාගන්න.

    කමෙන්ටුව සැර වැඩිද මන්ද?(සැර වැඩිනම් ඉවත් කලාට කිසිම අමනාපයක් නැත)

    ReplyDelete
  3. හමබන්තොට කරන සංවර්ධනේ උතුරේ කරා නම් (චීන්නුත් සමග නොව දෙමළුන් සමග.) එකෙක්වත් කට අරින්න එන්නේ නෑ. ආයෝජකයොත් එනවා. ආන්ඩුව හිතා ගෙන හිටියේ මේ රටේ හරක් වගේ පිට රට උනුත් ගොනාටම අන්දන්න. දැන් නානවා.

    ReplyDelete
  4. මට නම් හිතෙන්නේ මෙයාලා චණ්ඩි පාට් දාන්නේ ලංකාවේ විතරයි.එලියට ගියාම පූස් පැටව් වගේ.

    ReplyDelete
    Replies
    1. මචන් බුවා දන්නේ නැති හින්දය් අහන්නේ උබය් මෙගවර්නයයි වැඩකරන්නේ එකම NGO එකටද ..... ගතමන්ට් එක කොහොමද ... මටත් ජොබ් එකක් නැතුව දැන් මාස ගානක් වේලි වේලි ඉන්නේ ... මහරජාටය් විහිලුවන්සටය් ... මහානයකයන්ටය්... හොර උරුමයටය් වැදෙන්න ගහන්න සිරා පොඉන්ට් ටිකක් මම ලග තියෙනවා ... හැබය් ජොබ් එක දෙනවා නම් විතරය් ... මොකද කියන්නේ මම CV එකක් එවන්න ද ?

      Delete
    2. සජීව ධනුද්ධරMarch 19, 2012 at 9:40 AM

      @ Anos Mar 18, 2012 02:48 PM

      මචං උඹේ එක බුවාට එව්වට වැඩක් නෑ.. ඒක එක්කෝ අර පවුලේ නාලිකාවට හරි එහෙම නැත්තම් lankaCnews එකට හරි යවපන්. පට්ට ජොබක් ෂුවර් එකටම ලැබේවි.

      Delete
    3. වැඩක් නෑ...... එකට ගන්නේ පකසොත්ති, වික්‍රමබාහු, මොංගල්, කොටි නඩේට ගහන්න පොයින්ට් තියෙන එවුන් නේ ............

      Delete
  5. මේක මම අද දැක්ක එකක් රිතේෂ් දේශ්මුක් කියලා හින්දි නළුවෙක් ඉන්නේ ( ඇලඩින් එකේ හිටිය බුවා ) ටිව්ටර් එකේ දාලා තිබ්බ " එයා Killing Field වීඩියෝ එක Cnn-IBN නිව්ස් වල දැක්ක , ඒක දැකලා ගොඩක් අප්සෙට් උනා කියලා..."
    1.නළුවෝ උනත් නිව්ස් එක දැකලා ඔහොම් updates දානවා නම් ( හොයන්නේ බලන්නේ නැතිව හරි ) අපි ඔය ගැන ක්‍රියා කරලා තියෙන ප්‍රමාණය හොදටම මදි..
    ඇත්තටම අපි මොනාද කරලා තියෙන්නේ ..

    2. ගමේ චන්ඩ් එක්ක ප්‍රශ්න විසදනවා වගේ මේවා විසදන්න බෑ කියන අපේ එවුන කොච්චරවත් / කවදත් තේරම් ගන්නෙත් නෑ..

    ReplyDelete
  6. // ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමේදී උපාය මාර්ගික රාජ්‍යතාන්ත්‍රික පිලිවෙත්//

    මොනවද ඔය රාජ්‍යතාන්ත්‍රික පිලිවෙත් ? දන්නේ නැති හින්දයි අහන්නේ ?

    ඇයි ඔය ජාත්‍යන්තරේට අපි *ක දෙන්න යන්නේ. මොකද උන් ඉරක් / ලිබියා වලදී ඔව් බැලුවද. gautama bay ඉන්න සිරකරුවන් නිදහස් කරන්න කිව්වොත් උන් කරිද. ලංකාවේ ආණ්ඩුවට උගත් පාඩම් කොමිසමේ වාර්ථාවේ තියන ඒවා දවසෙන් දෙකෙන් කරන්න බැහැ.. උන් සල්ලි දෙනවද ?. අනිත් එක නැවත අළු යට ගිනි කොටි එම නවත්වගන්නත් ඕනේ. උදාහරණයක් විදිහට නැවත පදිංචි කරන්න ඔය කියන තරම් හදිස්සියෙන් කරන්න බහ. තවම සමහර ප්‍රදේශ වල බිම් බෝම්බ ඉවත් කරමින් තිබෙන්නේ. ඉතින් මමනම් කියන්නේ සුද්දට *ක දෙන රාජ්‍යතාන්ත්‍රික පිලිවෙත් වෙනුවට කොන්ද පන ඇතුව සරම් කරට අරගන වෙඩි කාල මලත් කමක් නැහැ.

    විහිලු වංස google කතාව කරලා stage එකෙන් බහින්න හම්බ උනේ නැහැ සිංහල බ්ලොග් සයිබර් වීරයන් කැල පත්තර ගහන්න ගත්ත (තාමත් ගහනවා) ,, චැනල් 4 පතුරු ගසන්නන් මෙන්ම මුණු පොතේ චැනල් 4 පිටුව බැන් කරන්නට වෙර දරන උදවිය දැක්කම තමා බුවාලටත් කැක්කුම.

    චැනල් 4 දෙවෙනි විඩියෝ එකත් ලංකා ආණ්ඩුවට ගහපු, සල්ලි වලට කරපු මාද්‍ය මාෆියාවක්. @jonsnowC4 , @millerC4 , @Callum_Macrae කියන twitter කියවල බැලුවහමත්, ඒ උදවියගේම බ්ලොග් කියවන ලංකාවේ ජීවත් වෙන කෙනෙකුට හිතා ගන්න පුළුවන් ඒ මිනිස්සු ලංකාව ගැන හිතාගන ඉන්න විකුර්ති මානසිකත්වය..

    මටනම් විඩියෝ එක ගැන එක ප්‍රශ්නයක් තියනවා.. විඩියෝ එකේ එකම එක තැනක විතරයි SF ගැන සදහන් වෙන්නේ. එකත් හිටපු හමුදාපති විදිහට. නමුත් හිටපු හමුදාපතිට උඩින් ඉන්න MR ගෝට සහ. ඊට යටින් හිටපු ශාවෙන්ද්‍ර තමයි උන් කියන විදිහට යුද අපරාද කරලා තියෙන්නේ. ඇයි සරත් ෆොන්සේකා බේරලා කතා කරලා තියෙන්නේ. ? අමතක කරන්න එපා, SF නිවාස අඩස්සියේ ඉන්නකොට. AC නැහැ HOT Water නැහැ කියල SF ගේ අත් අකුරෙන්ම ඇදපු SF හිටපු තැන map එකක් දැම්මෙත් ඔය චැනල් 4 තමා.

    ReplyDelete
    Replies
    1. දන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නෑ ,ලිපි දෙක තුනක්ම ලියල තියන නිසා නැවතත් මෙතන ලියන්න කම්මැලියි , කැමති නම් පොඩ්ඩක් ඒ ලිපි බලලා මම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග කියන්නේ මොනවටද කියල කියවල බලන්න , නැත්නම් එහෙම එකක් නෑය කියල හිතා ගන්න මොකද ලංකාවේ ගොඩක් උන් 'රාජ්‍යතාන්ත්‍රික භාවය ' අඳුරන එවුන් නෙවෙයි

      ලිබියාව අනාගත්තේ කොතනද කියල තේරුම් ගන්න පුලුවන් නම් , බටහිරට ලිබියාවට හොට දාන්න අවස්ථාව ලැබුනේ ඇයි කියල තේරෙනවා නම් රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග කියන්නේ මොනවද කීයල තේරෙන්න ඕනි

      උගත් පාඩම් කොමිසම ක්‍රියාත්මක කරන්න රජයේ තියන කැපවීම හරියාකාරව ජාත්‍යන්තරය අරන් ගියා නම් ඔහොම යෝජනාවක් එන එක ලේසියෙන් වලක්වාගන්න පුලුවන්

      වෙඩි කාල මලත් සැපයි නම් ඉතින් සරම කරට අරන් කෑ ගහ ගහ ඉඳල බලන්න

      විමල්ගේ කථාවේ තියන මජර මෝඩ කම තේරෙනවා නම් ඒක විවේචනය කල යුතුයි කියල තේරුම් යන්න ඕනි .

      ෆොන්සේකා අමතක කරලා කථා කිරීමත් චැනල් 4 ශ්‍රි ලංකා රජය ට එරෙහිව ඉලක්කගත වැඩ පිලිවෙලක් ගෙනියන බවට සාක්ෂියක් , ඒක මම කොතකවත් නෑ කියල නැහැ . මම කියන්නේ ඒවා සඳහා පිලිතුරු දෙන අපේ ක්‍රමවේදය වැරදියි කියන එක විතරයි , චැනල් 4 කලින් විඩියෝව ෆේක් කියල බෙරිහන් තැලුවට මධ්‍යස්ථ පරීක්ෂනයක් (වෙනත් රටක් හරහා )කරල ෆේකය කියල ඔප්පු කරගන්න බැරි වුනා , හැබැයි ශ්‍රි ලංකාවේ පැමිණිලි අනුව බ්‍රිතාන්‍යයේ අදාල නිල ආයතනයක් කරපු විමර්ෂනයකින් විඩියෝව නිදහස් වුනා , අන්තිමේදී සම්මාන වලට පවා නිර්දේශ වුනු ඒ විඩියෝව ලෝකයෙන් පිලිගැනීමක් එන කොට සාධක රහිතව ෆේක් කියල කෑ ගහපු ලංකාවේ රජය නිකන් සවුත්තු වුනා විතරයි .

      Delete
  7. ps : උඩින්ම තියන කොමෙන්ට් ටික කියවනකොට තේරෙනවා කොමෙන්ට් ලියපු එඋන් චැනල් 4 විඩියෝ පටය බලල ලබල තියන කාලකන්නි සතුට . රටට කෙල උනත් කමක් නැහැ මේ ආණ්ඩුව පන්නල උන්ගේ එකක් ගෙන්න තමා හදන්නේ. හරියට හිසරදයට කොට්ට මාරු කරනවා වගේ.

    ReplyDelete
  8. නොබැඳි ජාතීන්ට අයිති රටක් විදිහට ජාත්යාන්තරය එකක් වැඩ කරන්න තිබ්බා කියන එක මගේත් හැඟීම . .

    අපි ස්වයංපෝෂිත ජාතියක් නම් කිසි අවුලක් නැතුව ගේම ඉල්ලන්න තිබ්බා . . .

    තෙල් විතරක් නෙමේ රටේ වැවෙන හාල් පොල් පවා ආනයනය කරන අනුන් මත්තේ යැපෙන ආර්ථිකක් ඇති අපි ගමේ ගූ චන්ඩි කසිප්පු බීලා සරම කරට අරන් ගෙදර ඉඳන් අඩෝ ඕන XXXක් වරෙව් යකෝ කියලා කෑගහන ජාතියේ ක්‍රම වලින් මේ වගේ ප්‍රශ්න වලින් ගොඩ යන්න බෑ කියන එක තේරුම් ගන්න ආන්ඩුවක් එනකම් . . .. හ්හ්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. දුකා, උබ වගේ රටේ හැම දේම දේශපනල්යෙන් බලන එකෙකුට එහෙම තමා පෙන්නේ. ශවේන්ද්‍ර ට චෙනෙල් 4 එකෙන් ගහන එකෙන්ම තේරෙනවා. මිනිහ කරන වැඩ කොටස. උබ මුකුත් කියන්න කලින් ශවේන්ද්‍ර කරන වැඩ මොනවද කියල හොයල බලපන්. තව තානාපති වරුත් (කිහිප දෙනෙක් ඇර) සැහෙන වැඩ කොටසක් කරනවා. රජයෙන්ම වෙන්න ඕනේ නැහැ. ලංකාවේ වෙන රටවල සන්විදනත් ඒ ඒ රටවල් වලට හැකි ඖරින් දැනුවත් කරනවා. http://www.spur.asn.au ලාංකිකයන් Australian තානාපති යුද අපරාද හංවඩුව ගශ ඇති තිසර සමරසින්හා හරහා කරන වැඩ කොටස ඉතා විසාලයි .

      ලිබියාවට ඔය කියන ජාත්‍යන්තරේ අත දිගෑරල බෝම්බ දැම්මේ ඒ රටේ මිනිස්සුන්ගෙන් ඊට විරුද්දව හඩක් නොනැගුණ නිසා. පෙළපාලියකින් ගිහිල්ල කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයට ලිකිතව මේ රටේ ජනතාවගේ අදහස කියන එක උබ දකින්නේ වරෙව් යකෝ කියලා කෑගහන ජාතියේ ක්‍රම කියලනම්, උබ කියන හරි ක්‍රම කියපන්. අපි කරලා බලමු. මේ වගේ ප්‍රශ්න වලින් ගොඩ යන්න

      Delete
    2. දුකා උබල කලින් ඉඳලම තප්පුලෑවා නේද LTTE එක සහ යුද්ධේ ඉවර කලේ පොන්සේකා කියලා
      එතකොට එයාව මේ චෝදනා වලින් නිදහස් උනේ කොහොමද
      එයා මේ චෝදනා වලට යටත් නැහැ කියන්නේ සහ චෝදනා එල්ලවෙලා තියෙන්නේ මහින්ද, ගෝඨා, ශවේන්ද්‍ර යන අයට පමණක්නම් යුධ ජයග්‍රහණයේ නියම හිමිකරුවන් ඔවුන් බවට අපිට පිළි ගන්න වෙනවා නේද (හමුදාව සහ ජනතාව යන පොදු කුලකයද ඇතුළුව)
      පොන්සේකාගේ හොර ගේම් තිබ්බ සහ තාමත් තියෙන නිසානේ ලස්සනට මේකෙනුත් බේරිලා අනිත් අයට තොන්ඩුව දාන්න හදන්නේ
      අපේ ආර්මි එකේ කොල්ලෝ ගත්තු වීඩියෝ එහෙමත් චැනල් 4 එකට යන්න ඇත්තේ ඌ සහ උගේ ජරා දේශපාළු නඩය හරහා
      දුකා වගේ කටු කන්න තියා කටුවක් දකපුවත් ඉස්සරහටවත් දකින්න ලබෙන්නේවත් නැති බල්ලෝ පැත්තක ඉඳගෙන තොළකට ලෙවකද්දී, දුකාල වගේම හිතන උඩ මට්ටමේ ඉන්න මස් සහ කටු කන්න බලාගෙන ඉන්න මහ බල්ලෝ මොන ජඩවැඩ නොකරයිද

      Delete
  9. කොච්චර කිව්වත් වැඩක් නෑ මෙයාලට

    ReplyDelete
  10. ඔය දුකා sAm, Meghawarna, බුවා වගේ එවුන් ගේ අම්මල තාත්තල පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කරානම් මේ රටට ණය නෑ

    ReplyDelete
    Replies
    1. අනිවා......
      උඹේ කටේනම් මෙව්වා එකක් දාන්න වටිනවා.
      අඩු ගානේ ෂොපින් බෑග් එකක් හරි ලන්ච් ෂීට් එකක් හරිවත් පාවිච්චි කලානම්

      Delete
  11. //UPDATE - ඉන්දියාවද , ශ්‍රි ලංකාවට එරෙහිව ඡන්දය භාවිතා කිරීමට තීරණය කර ඇතැයි වාර්ථා වේ//


    අපි ඉඳල ඉවරයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව