Skip to main content

දේශප්‍රේමී සිතාම්බර පටයෙන් වසාගන්නට තැත් කරනා අමනයින්ගේ නිරුවත

දේශප්‍රේමීයා හා දේශප්‍රේමීත්වය යනු පසු ගිය කාලයේ සෑහෙන තරම් කථාබහට ලක්වුන සහ අදටත් කථාබහට ලක්වෙන මතෘකාවකි.තමන්ට දේශප්‍රේමි ලේබල අලවා ගැනීම මෙන්ම අනුන්ට දේශද්‍රෝහී හංවඩු ගැසීමද , දේශප්‍රේමීත්වයේ පරිමාව වෙනුවෙන් සීතල යුද්ධද පසුගිය කාලයේ  ඕනැතරම් දක්නට ලැබිනි . මීට වසර දෙකකට පමණ පෙරදී නම් දේශප්‍රේමීයා හා දේශද්‍රෝහීයා ඉතා පහසුවෙන් හඳුනාගත හැකිව තිබින . රජයට පක්ෂ හිතවත් කඩේ යන සියලු දෙනාම දේශප්‍රේමී ගණයටත් , රජයට මොනයම් ආකාරයකින් විරුද්ධ බලවේග දේශද්‍රෝහීන් ලෙසත් ඉරක් ගසා තිබීම ඊට හේතුවයි . කොතරම් දේශප්‍රේමියෙක් වුවත් අර කලින් කී ඉර පැන්න විගස දේශද්‍රෝහියෙක් බවට පත්වෙන බව පසුගිය ජනාධිපතිවරන සමයේදී ඔප්පු විය . තවමත් එ තත්වය එලෙසින්ම  ඇතත් රජය තුල සිටිනා දේශප්‍රේමීන් රජය තුලින්ම  දේශද්‍රෝහින් දකිනා බවට උදාහරණද මැත කාලීනව දක්නට ලැබින . ජී එල් පිරිස් ,රජීව් විජේසිංහ, මහින්ද යාපා අබේවර්ධන හා අග්‍රාමාත්‍යවරයා වැනි  රජයේ මැති ඇමති තුමන්ලා, දේශද්‍රෝහී ගොඩෙහිලා සැලකීම එහි හොඳම උදාහරණයයි . එතනි නොනැවතුනු දේශප්‍රේමීන් තමන්ගේ දේශප්‍රේමීත්වයේ මූලිකම පදනම වූ සමස්ථ රජයට පවා " ඔබලා තව දේශප්‍රේමී විය යුතුයි " කියන්නට  සූදානම් බව පහත අකාරයේ ලිපි වලින් පැහැදිලිවේ

link


රජයට පක්ෂ සහ විරුද්ධ න්‍යායෙන් දේශප්‍රේමීන් සෙවිම අසීරු බව පෙනෙන්නට ඇති නිසා . දේශප්‍රේමීන්ගේ  දකින්නට ලැබෙනා ලක්ෂණ පිලිබඳ හඳුනා ගැනීම වැදගත්ය

ඇමෙරිකාව ඇතුලු බටහිර විරෝධය 


දේශප්‍රේමියෙකු හඳුනාගැනීමට ඇති පහසුම මාර්ගය මෙයයි . මොවුන් ඇමරිකාව හා බ්‍රිතාන්‍යයට ඉතා වැඩි බරක් සහිතව බටහිරට විරුද්ධය . ඔවුනගේ දේශපාලනය, සදාචාරය , ප්‍රජාතන්ත්‍රවාදය, කලාව , අධ්‍යාපනය පමණක් නොව විද්‍යාවද බටහිර කියා එයටත් විරුද්ධය


දෙමල හා මුස්ලිම් විරෝධය 


මෙය දෙවන සාධකයයි . දේශප්‍රේමීන් සිතන්නෙ ශ්‍රි ලංකාව සිංහල බෞද්ධයන්ගේ පමණක් කියාය. දෙමල හෝ මුස්ලිම් ජාතීන් පසු කාලීනව මෙහි පැමිණි උන් නිසා , උන්ට ඇත්තේ ඉතා අඩු අයිතියක් බවත් ඔවුන් මහ ජාතිය වූ සිංහලයින්ට අවශ්‍ය ලෙසින්  ජීවත් විය යුතුබව මොවුන්ගේ අදහසයි

නූතනවිරෝධය


නූතනත්වයට විරුද්ධ වීමද දේශප්‍රේමීන් සියලු දෙනාගේම පාහේ දක්නට ඇත . මොවුන්ට වර්ථමානයේ පවතින කිසිදු දෙයක් රුස්සන්නෙ නැත . සියල්ල  අතීතයේ ක්‍රමයට කිරීම යෝග්‍ය බව මොවුනගෙ හැඟීමය . මීට මූලීකම හෙතුව නූතන්වය බටහිරය කියා ලෙබලයක් ගසා ගෙන තිබීමය

ඉන්දියානු විරෝධය 

 මෙයත් දේශප්‍රේමීන් අතර සුලභය නමුත්   විරෝධතාවේ ප්‍රභලතාවය , ස්වාභාවය ඇතැම් විට වෙනස්ය . මොවුනට අනුව ඉන්දියාව බටහිර ගණයේම ලා සැලකිය හැකි සතුරෙකි . එනිසා  ඉන්දියාවත් සමඟ දේශපාලනික ගනුදෙනු වල නිරත් නොවිය යුතුය . අනෙක් අතින් ඉන්දියාවෙන් අපට  ලැබුන දේවල් ගැන ඉතිහාසයෙ ඇත්තේ නිවැරදි දැ නොවේ . එනිසා ඉන්දියානු දේශපාලනයට , කලාවට පමණක් නොව ක්‍රිකට් කණ්ඩායමටද මොවුන් විරුද්ධය . බුදුන් ඉපදුනේ ඉන්දියාවේ නොවේ යන්නද  මොවුනගේ තර්ක අතර ප්‍රධානය


රුසියානු හා චීන මිත්‍රත්වය 


දේශප්‍රේමීන් සියලුදෙනාගේම ප්‍රියතම රටවල් මේ දෙකය මීට අමතරව , උතුරු කොරියාව , කියුබාව වැනි රටවල්ද . ලංකාවේ සිටිනා මුස්ලිමුන් පෙන්නන්න බැරි උනත් ඉරානය ලිබියාව වැනි මුස්ලිම් රටවල්ද මොවුන්ට ප්‍රිය ජනකය

ඊනියා කුමන්ත්‍රණ

තමන්ගේ මතයට පිටින් යන සියල්ලම මොවුනට  අනුව රටට එරෙහි ඊනියා කුමන්ත්‍රණය . විපක්ෂය උද්ඝෝෂනය කලත් , පිටරටකට ගියත් , වෘත්තීය අයිතියක් වෙනුවෙන් මිනිසුන් නැගී සිටියත් , පත්තර කාරයෙක් ලිපියක් ලිව්වත් ඒ සියල්ල්ම කුමන්ත්‍රණය . මේ කුම්න්ත්‍රණ අහවල් එකයි කියා වෙන්කල නොහැක . මොවුනට අනුව  ලොව පවතින බොහෝ දැ ඊනියා කුමන්ත්‍රණය . විශේෂත්වය මේ කුමන්ත්‍රණ සියල්ලම පිටුපස සිටින්නේ අප රටේ දියුණුවට  එරෙහි   බටහිර බලවේග වීමයි


ඇදහිලි විශ්වාස 

බෞද්ධයයි කියා ලේබල් ගසා ගත්තත් මොවුන් තුල ඇදහිලි හා විශ්වාස පිලිබඳ විශාල භක්තියක්ද දකින්නට ඇත . අදිෂ්ඨාන පුජා, බලි තොවිල්, ශාන්තිකර්ම , දේව කන්නලව් , පිරිත් වලින් හාස්කම් , දෙවියන්ගෙ අනුහසින් කරනු ලබන පර්යේෂණ ආදී බොහෝ දැ ඔවුන් විසින් සිදුකරනු ලබන අතර ජනතාව ඒ සඳහා යොමු කරවීමද සිදු කරනු ලැබේ


දේශන සම්මන්ත්‍රණ, වෙබ් ප්‍රචාරන 

අන් සියලුම මතවාදි කණ්ඩායම් වල්ට මොවුනගේ ප්‍රචාරන ජාලය පුලුල්ය, දේශන සම්මන්ත්‍රණ , වාද විවාද ආදිය නිරන්තරවම පැවැත්වෙන බව දක්නට ලැබේ.අන්තර්ජාලය හරහා මොවුන්ගෙ ප්‍රචාරණයද සැහෙන තරම්  දැවැන්තය . ඉ මෙල් මගින් ප්‍රචාරණය , බ්ලොග් අඩවි , වෙබ් අඩවි ආදි ක්‍රම රාශියක් ඉතා සක්‍රියව භාවිතා කරන බවද දක්නට ඇත


රනිල්ට විරුද්ධ වීම 

මෙයත් සියලු දේශප්‍රේමීන්ගේ ලක්ෂනයක් ලෙස සැලකිය හැක . රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලනය පමණක් නොව පුද්ගලික ජීවිතයද දේශප්‍රේමීන්ට දිරවන්නෙ නැත , රනිල් ලංකාවේ හිට්යත් , රට ගියත් , කථා කල්ත්  , නොකලත් තබා මොකුත්ම නොකර නිකන්ම හිටියත්  මොවුන් එහි අඩු පාඩු දකින්නට සමත්ය . එජාපය තුල සිටින දේශප්‍රේමී වෙන්ට දඟලන අය පවා රනිල් විරෝධී ක්‍රමයක් අනුගමනය කරන නිසා ලංකාවේ සිටින්  සියලුම දේශප්‍රේමීන් ගේ පොදු හතුරා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හැඳින්විය හැක


සරත් ෆොන්සේකාට විරුද්ධ වීම

එජාපයේ  දේශප්‍රේමීවීමට දඟලන්නන් හැර අන් සියලුම දේශප්‍රේමීන්  ෆොන්සේකා මහතාටද විරුද්ධය . ඔහුගේද දේශපාලනයට පමණක් නොව පෞද්ගලික ජීවිතයට පවා විරුද්ධය .



සැබවින්ම දේශප්‍රේමීයා යනු කව්ද ?
ඉහත දැක්වුයේ දේශප්‍රේමීන් කියා ලේබල් ගසා ගත් උන්ගේ ලක්ෂණ ගැනය . එහෙත් සැබැවිනම දේශප්‍රේමියෙක් යනු කවුරුන්ද යන්න  ඔවුනගේ ලක්ෂණ තුලින් නිරූපණය වන්නෙ නැත . දේශප්‍රේමීයා යන  වදනේ අරුත දේශයට ආදරය කරන්නාය . දේශයක් යනු එහි මහ පොලවත් , ගස්වැල් සතා සීපාවා ඇතුලු පරිසරයත් වාසය කරනා  ජනතාවත්ය . එනිසා දේශයට ආදරය කරන්න මේ සියල්ලන්ටම ආදරය කරන්නෙක් විය යුතුය . ආදරය  කිරීම යනු ඒ සියලු දේ වල යහපත ප්‍රාර්ථනා කිරීමය .

එසේ නම්  ඉහත දැක්වූ දේශප්‍රේමීන් සැබවින්ම දේශප්‍රේමීන්ද ? ඔවුන් එසේ නොවනවා පමණක් නොව , ඔවුනගේ දේශප්‍රේමය සිතාම්බර සලුවකින් හෙලුව වසා ගැනීමේ අසාර්ථක උත්සාහයක් බවද විමසිල්ලෙන් බැලු කල පෙනී යයි

දේශප්‍රේමීන්ගේ මුලිකම විරෝධය ඇත්තේ බටහිර සමඟය , කලින් කීවාක් මෙන් ඔවුන් බටහිරගේ සැම දෙයකටම විරුද්ධය . ඒ අතර විද්‍යාව හා තාක්ෂණයද ඇත . විද්‍යාව හා තාක්ෂනය සැලකූ විට එය 100% ක් බටහිරයන්ගෙ නොවූවත්  වැඩි ගෞරවය ඔවුන් සතු  නිසාදෝ දේශප්‍රේමීන්  විද්‍යාවට විරුද්ධය . නමුත් මෙසේ විරුද්ධ වන දේශප්‍රේමීන් සමහරක් දෙනා අතේ ලක්ෂ ගනන් වටිනා ජංගම දුරකථන ඇත , බටහිර විශ්ව විද්‍යාල වලින් ලැබූ මහා චාර්ය ,ආචාර්ය පට්ටම් ඇත , බටහිර අධ්‍යාපනයට විරුද්ධ වුවත් මේ බොහෝ දෙනාගෙ දරුවන් ඉගෙන ගන්නෙ බටහිර රටවලය .  දේශීය ගෘහ නිර්මාණ ශිලිපියේ  සුපිරිතම නිර්මාණයක් වූ සිගිරිය බලන්නටවත් නොගිය දේශප්‍රේමීන් නිවාඩු වට යන්නෙ ප්‍රංශයටය . එපමණක් නොව ප්‍රංශ  කාරයින්ගේ කරට අත දමා පොටෝද ගන්නවාය . එනමුත් ජනතවාට කියන්නේ බටහිර වැරදි ගැනය  බටහිර විද්‍යාවේ , හා අධ්‍යාපනයේ  වැරදි ගැනය . ඒ සඳහා වැඩි වශයෙන් භාවිත කරන්නේද බටහිරයන්ගේ නිර්මානයන්ක්වූ අන්තර්ජාලයය  හා වෙබ්/බ්ලොග් අඩවිය . ඊ මෙල් සේවා යනු ඇමරිකන් කාරයාගේ ඔත්තු  සේවායැයි කියමින් ඊමෙල් ප්‍රචාරන සේවා කරන්නේද කිසිදු හිරිකිතයක් නැතිවය . කොටින්ම කියතහොත් සුද්දාට පලු යන්න බනිනා බහුතරයක් දේශප්‍රේමින් විලි වසාගන්නෙ සුද්දාගේ ඇඳුම වූ කලිසම හා කමිසයෙන්ය

නූතනත්වය පිලිබඳ කථාවද එසේමය මාධ්‍ය හර්හා පිටු ගනන් , පැය ගනන් දේශීය ක්‍රමයේ  පම්පෝරි ගැසුවත් නූතනත්වයේ ප්‍රතිලාභ අත්හරින්නට මොවුන් සුදානම් නැත , දුරකථන , පරිඝනක , සැප වාහන වැනි දැ අතහැර සන්දේශ වලින් වලින් පනිවුස යවන , පයින් හෝ ගොං කරත්තයෙන් ගමන් යන  දේශප්‍රේමීන් එකෙකුවත් ලංකාවෙ නැත . අනෙක් අතට නූතනත්වය යනු බටහිරය කියා සිමා පැනවිය නොහැකි මානව වර්ගයාගේ චින්තනයේ හා ජීවන ක්‍රමයේ සිදුවන පරිණාමනයයැයි තෙරුම් ගැනීමට මේ දේශප්‍රේමීන්ට හැකියාවක් නොමැත


දේශප්‍රේමය තුල මූලිකම අංගයක් ලෙස රටේ ජනතාව කෙරේ දක්වන් ආදරය හෙවත් ඔවුනගේ  යහපත  දැක්විය හැකි වුවත් මේ දේශ්ප්‍රේමීන්ගේ බොහෝ ක්‍රියා කලාපයන් නිසා ජනතාවට සිදුවන්නෙ අයහපතක්මය , මේ භුමිය තුලම ඉපදුනු දෙමල් හා මුස්ලිම් ජනයා පිලිබඳ දක්වන විරෝධා කල්ප කිසිලෙසකින්වත්  දෙශයට වැඩදායක  නොවන අතර මොවුනගේ බටහිර විරෝධයන් , හා ඉන්දියානු විරෝධයන් නිසා ඇතිවන  අහිතකර ඵල විපාක වලට මුහුණ දීමට සිදුවන්නේද ජනතාවටය .

මෝඩ දේව ඇදහිලි  බලි තොවිල් ශාන්තිකර්ම ආදිය වෙත ජනතාව ඇදගෙන යාම  නිසා ආත්ම විශ්වාසයක් හෝ විචාර බුද්ධියක් ඇති ජනතාවක් බිහිවීම වැලකීම රටට අහිතකර වුවත් මොවුනගේ ලිං මැඩි මතවාද ප්‍රචාරණයට නම් ඉතා යහපත්ය ,

ජනතාව තම වෘත්තීය  අයිතියක් වෙනුවෙන් පෙල  ගැසීම ඊනියා බටහිර කුමන්ත්‍රනයක් කියා හෙලා දකිනවාට වඩා දෙයක් කිරීමේ හැකියාවක්  මොවුන්ට නොමැත .  රට වෙනුවෙන් දහඩිය වගුරන ඇඟලුම් කම්හල් සේවකයාත් , රටට බුද්ධිමතුන් දායද කරනා සරසවි ඇදුරාත් කුමන්ත්‍රණ කරුවන් ලෙසින් දකිනවා විනා ඔවුන්ගේ   සැබැ පීඩාව හඳුනා ගැනීමේ හැකියාවක් මේ දේශයට ආදරය කරනවා යැයි කියා ගන්නා  උන් හට නොමැත

රටේ  මහජන දේපල , පරිසරය , සතා සීපාවා ගසා කන දේශපාලුවන් එකෙකුටවත් එහෙරිව  කට අරින්නට තරම් පිට කොන්දක් මේ දේශප්‍රේමීන්ට නොමැත . තමන්ගේ පාර්ශවයේ සිටිනා  ස්ත්‍රි  දූෂකයින් , කුඩු කාරයින් , බුකි කාරයින් හා මිනී මරුවන් ගැන කටක් නැරියත් රනිල්ගෙ කොල්ලන් ගැහිල්ල හෝ ෆොන්සේකාගෙ බඩු  ගැහිල්ල පිලිබඳ කථා හැදීමට නම් මොවුන් සමර්ථය


මේ අනුව බලනා විට මොවුන් කිසිසේත්ම දේශයට ආදරයක් ඇති පුද්ගලයින් නොවන අතරම තම්න්ගේ වාසිය වෙනුවෙන්  ජනතාව  නොමඟ යවමින් , රටේත් ජනතාවගෙත් අනාගතය බිල්ලට තබනා අමන පාහරයින් පිරිසක් බව නම් පැහැදිලිය . රජයේ රජයේ වගකිව යුතු ඉහල තැන් දේශපාලන වේදිකාවේදී දේශප්‍රේමය ආයුධයක් කරගත්තාට මට කම් නැත . එහි ඇත්තේ සදාචාරමය ගැටලුවක් පමණය . නමුත් ව්‍යාජ දේශ්ප්‍රේමීන්ගේ ක්‍රමයට රාජ්‍ය පාලනයට  යොමු වෙනවා නම් රටේ අනාගතය ඇත්තේ බරපතල අනතුරක බව කිව යුතුය


මේ ලිපිය දකිනා බ්ලොග් අවකාශයේ  දේශප්‍රේමීන් ගේන් මා හට  එල්ල විය හැකි චෝදනා . බටහිර ගැත්තා එන්ජිඕ කාරයා , බටහිර අධ්‍යාපනයේ ප්‍රතිපල .......ආදිය විය හැක . ඔවුන් වෙනුවෙන් ද යමක් කිව යුතුය 


බටහිරයන්ගෙ ඇතැම් දේශපාලනික ප්‍රතිපත්තීන් හැරැණු විට අන් කිසිදු කාරණාවක් පිලිබඳ මා හට බටහිරයන් පිලිබඳ ගැටලුවක් නොමැත . මේ අදහස් කොටන කී බෝඩයේ සිට ඔබලාත් මෙය කියවන  මොන්ටරය දක්වා නිමැවුම් සියල්ල නුඹලා විසින් බටහිරය කියා  හංවඩු ගසන විද්‍යාවේය , එනිසා බටහිර විද්‍යාව හෝ එය උගන්වන බටහිර අධ්‍යාපනයද මා  ඉහලින්ම  පිලිගන්නා කාරණාය  



විද්‍යාවේ නිර්මාණද ඇතුලු නූතනත්වය මා හට නම් ඉතාම ප්‍රියය . ගැටලුව ඇත්තේ ශ්‍රි ලංකාව ඉන් ඉවතට පියමැනීම පිලිබඳවය ,  ත්‍රස්තවාදයට විරුද්ධ මුත් මා දෙමල ජනයාට විරුද්ධ  නැත ,මුස්ලිම් ආගමික අන්තවාදයට  විරුද්ධ වුවත් මුස්ලිම් ජනයාට විරුද්ධ නොමැත .එනිසා ඔවුනටද මේ භූමියෙ අපහට ඇති අයිතියම ඇති බවද මගෙ විශ්වාසයයි . මෙය සිංහල බෞද්ධ රාජ්‍යයි කියා මා කියන්නේත් නැත .  එමෙන්ම රටේ  ජනතාවට ,  පරිසරයට හානි කරනා පුද්ගලයින්හෝ ක්‍රියාමාර්ග වලට මා සැම විටම විරුද්ධය . එම විරෝධතාව  වචනයෙන් මෙන්ම ක්‍රියාවෙනුත් ඇතැම් විට දක්වා ඇත . වැඩි වශයෙන්   ඇමරිකානු කොම්පැනියක සර්වරයක් තුල ගබඩාවන මෙ බ්ලොගය හරහාද එලි දක්වා ඇත .ඒන්සා මා පිලිබඳ ඔබේ අර්ථ දැක්වීම කුමක් වුවත් මා ජීවත් වන්නෙ මා අදහන දර්ශනය තුලය , අනික් අයට කියන්නෙද මා කරනා දෙය  පමණය .


නමුත් ඔබ ..


 බටහිර විද්‍යාවට  ,නූතනත්වයට විරුද්ධ දේශප්‍රේමියෙකු නම් ඔබ ජීවත් වන්නෙ එලෙසින්ද ? බටහිර ය කිය්න විද්‍යාවෙ හෝ නූතනත්වයෙ ප්‍රතිඵල කීයක් ඔබ මේ මොහොතේත් භුක්ති විදිනවාද ?


නූතන උපකරන , ඇඳුම් ආයිත්තම අතහැර , දේශීය ඇඳුම් පමණක් අඳින දේශිය ක්‍රමයට ගමන් බිමන් යන , සන්නිවේදන කටයුතු කරන කෙනෙකු සිටී නම් දේශප්‍රේමීත්වය තබා අඩුම තරමේ ප්‍රතිපත්ති ගරුක මිනිසෙක්ය යන  තැන සිට හෝ  ඔහු දෙස බැලිය හැක . එසේ නොවනා අනුනට බණ කියන්නට පමණක් දන්නා, ජනතාව නොමග යවා රටට වින කරනා  පණ්ඩිතයින් අයත් වන්නේ    කලින් කී පාහරයන්  ගණයට පමණක්ය . දේශප්‍රේමී  සිතාම්බර පටයෙන් වසා ගන්නට තැත් කරනා ඔබගේ හෙලුව ඔබගේ කල්ලියෙ නොවන ඕනැම එකෙකුට පෙනෙන්නේය 

Comments

  1. කරුණු කිහිපයක් ගැන මගේ අදහස් මෙසේය;

    ඇමරිකාව ඇතුලු බටහිර විරෝධය හා රුසියානු/චීන ඇගයීම: ලංකාවේ සිටින විදේශික ගණිකාවන්ගෙන් 99% දෙනා රුසියානු හෝ චීන සම්භවයක් ඇති අය වෙති. ඇමෙරිකානුවන් ඇත්තේම නැතිතරම් ය. ඉතින් දෙශප්‍රේමීන් විරුද්ධවීම අහන්නත් දෙයක් ද?

    බලි, තොවිල්, ශාන්තිකර්ම, අණ වින, කොඩි වින, පැන්නුම්, ඉනා, යන්තර, මන්තර, ගුරුකම්, බිලිපූජා,...: මේවා අපේ දේශීය විද්යාවේ අංගයන් ය. ලඟදීම මේ විශයයන්ගෙන් නිකම් උපාධි හා ආචාරිය උපාධි ලබාදීමට කැළණිය විශ්ව විද්යාලය කටයුතු කරගෙන යයි.

    නූතන විරෝධය: බොහෝ අසාර්ථක ජීවිත කරන අයට වර්තමානය ගැන කළකිරීම ස්වභාවිකය. ඔවුන්ට අනාගතයක් ද නැත. ඉතින් තමන් උපන් කාලයට වඩා පැරණි අතීතය හොඳ යයි සිතයි.

    රනිල් විරෝධය: මම අහල තියෙන්නෙ ඌට උගෙ ගෑනිවත් කැමති නෑ කියල. ඇත්තටම කවුද බං ඌට කැමති?

    දේශප්‍රේමය: රැකියාවක් කිරීමට හැකියාවක් නැති කෙනෙකුට ජීවනෝපායක් සලසා ගත හැකි ක්‍රම අතරින් එකක්

    ReplyDelete
  2. //ලංකාවේ සිටින් සියලුම දේශප්‍රේමීන් ගේ පොදු හතුරා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හැඳින්විය හැක//
    හෙහ්... හෙහ්.... පට්ට ඇත්ත. පව් බං අසරණයා.

    මේක බුකියේ දාන්ඩ බොහොම වටින ලියවිල්ලක්. ඔන්න දැම්මා.

    ReplyDelete
  3. හොර දේශප්‍රේමින්ට නියම කනේ පාරක්....!

    ReplyDelete
  4. @ra- වටින අදහස් ටික , රනිල්ට කැමතිය කියන අයගේ ලිස්ට් එකක් කිව්ව හැකි , ඒත් පව් බන්

    @charmi - Thanks Lot machoo

    @පුතා - සිරාවටම හැබැයි අපේ කට්ටිය මේයාවත් දේශද්‍රෝහී ගොඩට දාන්න ඉඩ තිය්නව සුද්දන්ගෙ රටට ගිහි මාතෘ භුමියට අපහාස කොලාය කියල

    ReplyDelete
  5. "එසේ නම් ඉහත දැක්වූ දේශප්‍රේමීන් සැබවින්ම දේශප්‍රේමීන්ද ? ඔවුන් එසේ නොවනවා පමණක් නොව , ඔවුනගේ දේශප්‍රේමය සිතාම්බර සලුවකින් හෙලුව වසා ගැනීමේ අසාර්ථක උත්සාහයක් බවද විමසිල්ලෙන් බැලු කල පෙනී යයි"
    අසාර්ථක උත්සාහයක් කියන එක හරිද? ඒක ඉතාම සාර්ථක වෙලා තියෙනව ඔවුන් සම්බන්ධයෙන්. ඔවුන්ගේ හෙඵව පෙණුනත් එය හෙඵවක් ලෙස පිළිගන්නා අයට වඩා පිළිනොගන්නා අය වැඩිය. මොකද අද වෙද්දි බහුතරයක්ම හෙඵවෙන් සිටින නිසා විය හැක. ඒ වගේම ඔවුන් සියඵ දෙනාම අතිසාර්ථක වෙලා තියෙනව ලංකාවෙ භෞතික තලයේ. ඔවුන්ට බලය මෙන්ම ධනයත් ගලාගෙන එනව.

    බටහිර විරෝධයත් ඇවිල්ල මොවුන් තුළ පවතින්නක් නෙවෙයි. එය අනෙකුන්ට ආරෝපණය කරන්න හැදීමෙන් ලාභ ජනප්‍රියත්වයක් ලැබීම මිස ඔවුන් තුළ කිසිදු බටහිර හෝ නූතනත්ව විරෝධයක් නැත. රටේ පොඩි එවුන්ට කුරහන් කාපල්ල කියල උන් හැම් බේකන් කයි. උන්ගේ දේශීයත්වයද එසේය.
    ඒ වගේම මම කළිනුත් වතාවක් කිව්ව වගේ බටහිර විරෝධී, දේශීයත්වයෙන් පරල වෙලා ඉන්න දේශප්‍රේමීන් නඩයේ ගොඩක් අය සමාජගත වෙලා ඉන්නේද බටහිර ප්‍රතිරූප හරහාය. නලින්ද සිල්වා ප්‍රොපෙසර් කෙනෙකි. ප්‍රොපෙසර් කියන්නෙ බටහිර අධ්‍යාපනයේ නිර්මාණයක් මිස දුටුගැමුණු රජ්ජුරුවො ඇති කරපු තනතුරක්‍ නොවේ. ගුණදාස අමරසේකර බටහිර වෛද්‍ය විද්‍යාවෙන් දොස්තර කෙනෙක් වූවෙකි. ඒත් මෙයාල ඇයි ඒ බටහිර සඵපිළි උනල දාන්නෙ නැත්තෙ කියන එකනම් ගැටඵවකි.
    අද වෙද්දි දේශප්‍රේමය කියන්නෙ තක්කඩිකමේ සංඛේතයකි.

    ReplyDelete
  6. මං මේ කල්පනා කොරන්නේ මොන ගොඩේද මං ඉන්නෙ කියලා.

    ReplyDelete
  7. බුවා මචන් හොඳ ලිපියක්.

    දැන්නම් මේ "දේශප්‍රේමය" උණ සන්නිපාත තත්ත්වයක් වේගෙන එන්නේ, මතකනේ ආසනික් සිද්ධියේදි මේ අය හැසිරිච්ච හැටි.

    ඒ සිද්ධියේදී ඔවුන් තමන් කියන මතයට විරුද්ධ සියළුම මත වලට දේශ්ද්‍රෝහී ලේබලය අලවනවා (උදා: කෘශිකර්ම රෙජිශ්ටාර්, ITI ආයතනය, මහාචාර්ය ජනිතා, කෘශිකර්ම ඇමති etc.)සහ ඔවුන්ගේ ප්‍රචාරණ යාන්ත්‍රණ යොදාගෙන දැඩි ලෙස පහර ගහනවා.

    මෙ වැනි දේ වලින් ඔවුන් බිද වට්ටන්නේ ජනතාව, රාජ්‍ය නිළධාරීන් සහ රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳ ඇති විශ්වාසය. මේක භයානක තත්ත්වයක්.

    ReplyDelete
  8. අහ් තව දෙයක් අමතක වුනා කියන්න,

    දැන් ඔය දේශප්‍රේමී ගොඩට අළුතින්ම එකතු වෙච්හ කෙනා තමයි කුමාර් සන්ගක්කාර (පුතා විසින් උඩින් දාල තියෙන ලින්ක් එක.

    ටික කලකට කලින් මම ලියපු සටහනක්,
    සංවේදී නායකත්වය සහ අසංවේදී ජනතාව

    ReplyDelete
  9. රනිල්ටනං දිග කරුමයක් පටිසන් දීලා තියෙන්නෙ :D ඒකට කරන්න දෙයක් නෑ.

    අනිත් ටික කියන්න තියෙන ගාණට කියල තියෙනව. පොඩි ටිකක් එකතු කරන්නං. මේ දේසප්‍රේමී ටිකේ කමෙන්ට් ඔක්කොම වගේ "යකෝ අපේ ඉතිහාසය අවුරුදු 2500ක් දැන ගනියව්...................වාද බයිලා...........තොපි දැනගනියව් අපේ හැටි. තෙරුවන් සරණයි" format එකට තමයි දුවන්නෙ.

    ReplyDelete
  10. ඔබ වැනි කෙලින් කතාකරන මිනිසුන්ගේ රස්නය දැනෙන්නට පටන් ගෙන ඇත, සංගක්කාරගේ ඒංගලන්ත ලෝඩ්ස් කතාවත් එහි ප්‍රතිපලයකි.

    සිය ඓතිහාසික භූමිකාවෙ නිමාව දක්ශයා තේරුම් ගනී, ඒ මිනිසා අවංක නම් භූමිකාව අවසන වහාම නික්මී යයි. මේ ධර්මතාවය නොතේරුම් ගන්නාට වන්නේ සනත් ජයසූරිය කෙනෙක් වන්නටය.

    කටුසු සහ වවුල් දේශප්‍රේමි තුරුම්පුවේද අවසානයට ලඟාවෙමින් ඇත යන්නද එසේම අවබෝධ කරගත යුතු තත්වයකි.

    dayal-bathee

    ReplyDelete
  11. ලංකාවට පමණක් සීමා නොවෙච්ච, කාල වකවාණුවකට පමණක් ද සීමා නොවෙච්ච කතාබහක් මේ දේශප්‍රේමය.

    මුල් ම ඇමෙරිකන් ජනාධිපති ජෝර්ජ් වොෂිංටන්ට ජනාධිපති තනතුරේ ඉන්න ඉන්න කියා අනිත් අය ඉල්ලා සිටිද්දී ඉවත් වෙලා යන්නෙ මෙහෙම කියාගෙන. එහෙම ජනාධිපතිවරු අද කොයින් ද?!!

    “ව්‍යාජ ජාත්‍යාලය මවා පාන රැවටීම්කරුවන් ගෙන් ආරක්ෂා වන්න.” -සමුගැන්මේ ඇමතීම, සැප්තැම්බර් 19, 1796

    ඔය පැත්තෙ ව්‍යාජ ජාත්‍යාලය මවා පාන රැවටීම්කරුවන් හඳුනා ගන්න හැකි හැටි ඉතා පැහැදිලිව බූවා ලියලා තියෙනවා. ලියපු දේවල් ‍විහිළු නොව හිත රිදවන සත්‍යයන් වුවත් හිනා නොවී සිටිය නොහැකි වූවා. සමාවෙන්න. හිනාව නැවතුනාට පස්සෙ ඇස්වලට කඳුළු උනන්න තමයි පටන් ගත්තෙ. ඔය තත්වයෙන් ලංකාවේ චින්තනය කවදා වෙනස් වෙයි ද? අනිත් රටවල්, රුසියාව ඉන්දියාව ඇතුළු චීනය පවා අද බොරු දේශප්‍රේමයෙන් ඉවත්ව වේගයෙන් දියුණුව කරා යන්නට වෙනස් වෙන හැටි නොදකින්න ලංකාවේ අය ඇස් වසා ගෙන ඉන්නේ ඇයි?

    Ra said... //රනිල් විරෝධය: මම අහල තියෙන්නෙ ඌට උගෙ ගෑනිවත් කැමති නෑ කියල. ඇත්තටම කවුද බං ඌට කැමති?//

    මගේ යෙහෙළියක් ඇහුවා ඇයගෙන් ඇයි ඔයා එයාව බඳින්න තීරණය කළේ කියලා. ඇය කිව්වේ ‘මොනා වුනත් විපක්ෂ නායකයානේ” කියලායි. හැබැයි එතැන ඒ වෙලාවේ මම හිටියෙ නැහැ!! ඇය ඔහුට කැමතියි. බූවා කියනවා වගේ රනිල්ට කැමති අයගේ දිග ලැයිස්තුවක් මටත් දෙන්න පුළුවන්.

    කාලාන්තරයක් තිස්සේ බලය අල්ලා ගෙන සිටින හැම කෙනෙකුට ඇති විරෝධය නිසා පක්ෂ මුලසුන හැර නොයන රනිල් ට මම ද කැමැති නැහැ. යුද්ධය ජයගත් පමණින් රටක් පාලනයට තමන් සුදුසු යැයි සිතූ නිසා සරත් ෆොන්සේකාට ද මම කැමති නැහැ.

    කොහොමටත් මම ලංකාවට ආදරය කළාට මම ලංකාවේ දේශප්‍රේමියෙක් නෙමෙයිනෙ. මම ඇමෙරිකන් දේශප්‍රේමියානේ!!!!

    ReplyDelete
  12. @``` Outsider``` - ඔබ කිය්න විදිහට මේ අය තමන්ට අවශ්‍ය බලය , ධනය හා අනුගාමිකයින් පිරිසකුත් ඇති කරනගෙන ඉන්න නිසා අති සාර්ථකයි තමා . මම අදහස් කලේ දේශප්‍රේමී කියා ගත්තා ඔවුන් එසේ නොවන බව ඔවුනගේ කල්ලියේ නොවන අයට පෙනෙනා බවයි

    "අද වෙද්දි දේශප්‍රේමය කියන්නෙ තක්කඩිකමේ සංඛේතයකි." ඇත්තටම සහෝ මගේ මුලු ලිපියෙම අදහස තනි වාක්‍යකට ගත්තාම කියන්න ඕක තමයි .

    @sithuwilimandiya - මුන් කියනා විදිහට මම නම් දේශද්‍රෝහී

    @malansamarawickrama - බොහොම ස්තුතියි ප්‍රතිචාරයට , ඔයාගෙ ලිපිය එක්වාරයක් කියෙව්වා . මීටරේට දාගන්න තවත් වරක් කියවන්න වෙයි වගේ

    @පිටස්තරයා - බොහොම ස්තුතියි -- ඔව් ඔව් මිනි මරන්න කථා කලත් කමෙන්ට් එක ඉවර කරන්නෙ තෙරුවණ් සරණයි කියල තමයි

    ReplyDelete
  13. @dayal-bathee - ඒ අවසානය හැකි ඉක්මනින් ලඟාවීම මුලු මහත් රටවැසියාටම යහපත්ය

    @arunishapiro -ස්තුතියි , අපේ අය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් හොඳ දෙයක් ගන්න බවක් පේන්න නැ , චීනයෙන් ඒකාධිපතීත්වයත් , ඉන්දියාවෙන් මෝඩ ඇදහිලි විශ්වාසත් නම් ගන්න බව පේන්න තියනව . රනිල් වික්‍රමසිංහගෙ දේශපාලන දැක්ම එක්ක මම බොහෝ දුරට එකඟයි . ලංකාවේ හැකියාවන් හා අවශ්‍යතාවන් හඳුනාගත්ත හොඳ වැඩපිලිවෙලක් පොරට තියනව , යලි පුබුදමු ශ්‍රි ලංකා කියන්නෙ ඒක හොඳින්ම නිරූපණය වෙන වැඩ පිලිවෙලක් ( දැන් ඉන්න අයත් ඒකෙ කැලි කොපි කරන්නෙ ලස්සනට හොර පාරෙන් )

    හැබැය් ලංකාව ඇතුලේ දේශපාලනය කරන්න ගියාම නම් රනිල් අසාර්ථකයි , නගරේ මිනිහට තමන්ගේ මතවාදය ගෙනියන්නවත් , ගමෙ මිනිහගෙ බලාපොරොත්තු මොනවද කියලවත් , පොරට අවබෝධයක් තිය්නබව පේන්න නැ . හැබැයි ඉතින් කරු ජයසූරිය නායකත්වයට නෝඑනවා නම් එජාපයේ රටට වැඩ දායක වෙන්න පුලුවන් නායකත්වයකුත් ලඟ පාතක නැ

    අක්ක ඇමරිකන් දේශප්‍රේමියාවෙනව වගේ මේ අයගේ අර්ථ දැක්වීමට අනුව මම දේශද්‍රෝහියෙක් හෙවත් ඇමරිකන් ගැත්තෙක් ,අන්තිමට බැලුවාම එකම බෝට්ටුවේ

    ReplyDelete
  14. සබඳ ඔබ 100% නිවැරදිය. අනර්ඝ ලිපියකි.

    ReplyDelete
  15. දේශප්‍රේමීන්ගේ දරැවන් බොහෝ විට ඉගෙන ගන්නේ අපට කෙළවන්නට බලාගෙන සිටින (ඔවුන් එසේ පසිතාගෙන සිටිති) බටහිර රටවලය.

    නිවාඩු ගත කරන්නට බටහිර රටවලට යන්නට මොවුන් ඉතා ප්‍රියය.

    පීසා වැනි පරසුද්දන්ගේ ආහාර වලට, ඉංග්‍රිසීයෙන් කතා කරන්නට කැමතිය.

    අනිත් අතට යුධ ජයග්‍රහණය දේශීය විදිහට ලබාගත්තා නම් කොහොම හිටීද? මල්ටි බැරල්... මිග්, කපීර් නැතුව දඩුමොණර

    ගණිකවො ගැනත් කියපු නිසා කොන්ඩම්....

    ReplyDelete
  16. බගේ වියමන වර්තමානයට ඉතාම හොදින් ගැලපෙනවා........ බහුතරයක් දේශප්‍රේමින් ගැන කෙරෙන මනා විග්‍රහයක්. ඔව් මිතුර විද්‍යාව යනු සත්‍යයි.... එය බටහිර උවත් පෙරදිග උවත් එකක් වියයුතුය.... මා විශ්වාස කරන්නේ විද්‍යාත්මක දැනුම බටහිර ප්‍රජාවට පමණක් අයිති දෙයක් නොව එය මුළුමහත් ලෝක ප්‍රජාවගේ උරුමයකි සාමුහික ප්‍රයත්නයක ප්‍රතිපලයකි.... එය සමස්ත ලෝකවාසින්ගේම යහපතට පාවිච්චි කළයුතුය.. නියම දේශප්‍රේමියා කලයුතුවන්නේ ලොව තිබෙන සියලු විද්‍යාත්මක දැනුම ලාංකීය සමාජයට ලබාගෙන වඩාත් යහපත් තැනකට ජාති, ආගම් බේදයකින් තොරව ලාංකීය සමාජය රැගෙන යන ක්‍රමයක් පිහිටුවාලිමට කටයුතුකිරිමය......

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව