Skip to main content

බ්ලොග් කරණයට වසරක් සම්පූර්ණවීම

මගේ බ්ලොග් කෙරුවාවට නිල වශයෙන් ජුලි 8 වෙනිදට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා . නිල වශයෙන් කියල විශේෂනයක් දැම්මෙ ඇයි කියල ලිපිය කියවන කොට තේරුම් යාවි .මේ ලිපිය ලියන්න පටන් ගත්තේ ඊයේ වුණත් අධික කාර්යබහුලතාවයක් නිසා අවසන් කරගන්න ලැබුනේ නැහැ

බ්ලොග් කියන වචනය මුලින්ම අහන්න ලැබුනේ ජංගම දුරකථනයක පහසුකම් ලයිස්තුව කියවාගෙන යත්දි . විඩියෝ බ්ලොගින්(හෝ එවැනි යමක් ) ඒ දුරකථනයෙ පහසුකම් ලයිස්තුවට එකතු කරල තිබුනා . නිකන් කියවාගෙන යත්දි කුතුහලයක් දැනුනත් ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යාමට වඩා අන්තර්ජාලයක් ගැන දැන ගෙන නොසිටිය නිසා ඒ ගැන වැටහීමක් තිබෙනවත් , හොයන්න උනන්දුවක් ඇතිවුනේ වත් නැහැ.ඔය 2009 අවුරුද්දේ මුල් කාලය , ඔය වෙනකොට කොම්පුටර්  භාවිතය උපරිමයටම තිබුනත් අන්තර්ජාලය ගැන නම් මෙලෝ දෙයක් දැනගෙන හිටියේ නැ . ඒ නිසා බ්ලොග් කියන වචනයත් අතනින්ම හිතින් අයින් වෙලා ගියා . ඊට පස්සේ ආයෙමත් මට බ්ලොග් කියන වචනය දැනගන්න ලැබෙන්නෙ ,මිතුරෙක් ගෙන් 2009 අග භාගයේදී විතර , ඒ අන්තර්ජාල  භාවිතය ආරම්ඹ කරල සති දෙකතුනක් ඇතුලත .  අපි දෙන්නගේ කථා බහ (අන්තර්ජාල කථා බහක් ) තිබුනේ කඩ්ඩ ගැන . මොකද ඒ වෙන කොට ඒ මිත්‍රය කඩ්ඩෙන් සුද්දන්ටත් කොටන සයිස් ප්‍රවීනයෙක් වෙලා හිටියත් මම යන්තම් එහෙන් මෙහෙම් අහුලගෙන අමුණගෙන කඩ්ඩ ගැටගහගන්න තත්වයක තමයි හිටියේ .

"උඹ බ්ලොග් එකක් ලියපන්කො එතකොට කඩ්ඩ නිකන්ම හරි යයි"

 . මේ මගේ මිත්‍රයාගෙන් ලැබුණු උපදේසේ .

 " මොකක්ද බන් බ්ලොග් එකක් කියන්නේ ?" 

ඔන්න ඔය ප්‍රශ්නයත් එක්ක තමයි බ්ලොග් එකක් කියන දේ ගැන පැහැදිලි විස්තරයක් දැන ගන්න ලැබෙන්නේ.

ඒ විස්තරෙන් පස්සෙ යාලුවා එයාගේ ලිපියට ලින්ක් එකකුත් එව්වා . ඒ තිබුන කඩ්ඩෙන් භාගෙට භාගයක් නොතේරුණත් එල පට්ට  ලිපිය මචන් කියල .. ස්කයිප් හරහා ප්‍රතිචාරෙකුත් දුන්නා .

ඒත් මචෝ මට කඩ්ඩෙන් ලියන්න තරම් දැනුමක් නැනේ

එහෙනම් සිංහලෙන් ලියන්න පටන් ගනින් පස්සෙ කඩ්ඩට මාරු වෙයන් . මේ තමයි යාලුවගෙ උපදේශේ


බ්ලොග් ගැන හිතට  යම් අදහසක් වැටුණක් මගේම කියල බ්ලොගක් ලියනවාය කියල සිතුවිල්ලක් නම් ඒ වෙලාවේ ඇති වුනේ නැ .


ඊටත් ටික කාලෙකට පස්සෙ ජනාධිපතිවරණය කාලෙදී අර කලින් කිව්ව යාලුවම මට ලින්ක් එකක් එව්වා "මචන් මේක කියවල  බලපන් පට්ට "


ඒ තමයි මම කියවපු පලවෙනි සිංහල බ්ලොග් ලිපිය , ලිපිය ටැබු සබ්ජෙක්ට්ගේ "සංවේදී සිංහයා හා අසංවේදී සිංහයා "  ගැන ලියවුන ලිපිය . කිසිම පුවත්පතක , හෝ වෙනත් කිසිම තැනක නොදැක්ක  දේශපාලන උපහාසයක්  තිබුන ඒ ලිපිය තමයි සිංහල බ්ලොග් එකක් ලියන්න හිතේ ඇතිවුණ මුල්ම ආසාව ඇති කලේ . ඒ ලිපිය හරහා ටැබුගේ අනික් ලිපිවලටත් , බියොන්ඩ් ද ෆ්‍රේම් සහ තවත් බ්ලොග් කිහිපයකටත් යන්න ඒ දවස් වල හැකියාව ලැබුනා . ඒ අතරම බ්ලොග් එකක් ලියන්න ඇතිවුන ආසාව නිසා . වින්ඩෝස් 7 (හෝ විස්ටා මට දැන් මතක නැ හරියටම )  කෙලින්ම ලැබෙන සිංහල යුනිකේත  හරහා සිහල ටයිප් කරන්නත් උත්සාහයක් ගත්තා (මේ වෙනකොට යුනිකේත කියන වචනය නම් දැන ගෙන හිටියෙ නැ ). ඒත් "කො" වගේ අකුරු ලියන්න ගියාම අමුතු බින්දු වගයක් පෙන්න ගත් නිසාත් , මගේ බ්ලොග් ලියපු යාලුව සිංහල බ්ලොග් නොලියන නිසා ඒකට විසඳුමක් නොදැන හිටිය නිසත් වැඩෙ අතැරල දාන්න සිදුවුනා .

ජනාධිපතිවරනය වෙනකන් ආසාවෙන් බ්ලොග් කිහිපයක් කියව කියව හිටියත් එතනින් පස්සෙ  බී.එෆ්  ලියන්නෙ නැතය කීව නිසාත්, ටැබූ කඩ්ඩට බැස්ස නිසාත් බ්ලොග් කියවිල්ලත් ටිකක් දුරට අතැරුනා

 සිංහල බ්ලොග අවකාශයේ ප්‍රවීනයෙකු වුනු හසියා එක්ක බ්ලොග් කරණය ගැන කථාවක් අහම්ඹෙන් වගේ ඇති වෙන්නෙ ඊටත් පස්සේ . සිංහල බ්ලොග් කර්ණයට අදාල යුනිකේත , දැනටත් මම භාවිතා කරන යුනිකේත පරිවර්ථකය සින්ඩිකේටර , බ්ලොග්ගර් හා වර්ඩ්ප්‍රෙස් අතර වෙනස ආදී  බොහෝ දේවල් දැන කියා ගත්තෙ හසියාගෙන් . හසියාගෙන් ලැබුනු තොරතුරුත්  සැරින් සැරේ කරපු දිරිමත් කිරීමුත් නිසා 2010 ජුලි 8 වෙනිදා බුවාගේ සිතුවිලි බ්ලොගය  ආරම්භ වීම සිදු වුනා

ලියපු දේවල්


දේශපාලන බ්ලොග් හරහා උනන්දුවක් ඇතිවුනා වුනත් , මේ බ්ලොගය පටන් ගනිත්දි විවිධාකාර දේවල් ලියනවාය කියලයි හිතුවේ හැබැයි ඉතින් මටත් නොදැනිම ලියවුන  හැමලිපියක්ම යොමුවුනේ දේශපාලනික හෝ සමාජීය පැත්තට . ඒ නිසා ඒ දේවල් වලටම වැඩි අවධානයක් දීලා ලිපි ලියන්න  පටන් ගත්තාය  කිව්වොත් නිවැරදියි . ජූලී මාසයෙදි ලිපි කිහිපයක් අගෝස්තුවෙදි තවත් ටිකක් වශයෙන් ලිපි ලියවුණත් පාඨක අවදානයට හොඳින් ලක්වුන ලියක් ලියවුනේ ඔක්තෝබර් මාසෙදි මංජුගෙ ජයග්‍රහනය ගැන එක එක අය කියන කථා විදිහට . බොහොම හොඳ ප්‍රතිචාරයක් ඒ ලිපියට ලැබුනේ මම අනික් බ්ලොග් ෆලෝ කිරීමත් , ඒවායෙ කමෙන්ට් කිරීමත් ඉතාම අඩුවෙන් කරපු බුවා කියල චරිතයක් කිසිම කෙනෙක් නොදන්න කාලයක. අදටත් මම ලියපු ලිපි අතරින් 2 වෙනියට වැඩිම පිරිසක් කියවපු ලිපිය වෙලා තියෙන්නෙ ඒක   .එතනින් එහාට සාමාන්‍ය තත්වයෙන් තිබුන බ්ලොග් කරණයට අලුත් පනක් එකතු වුනේ "කරටි කැඩිල්ල ගැන වෙනස් භාෂා රටාවකින් ලියපු ලිපිය .වැඩිම නරබන්නන් සංඛ්‍යාව අතින් පලමු 10 අතර වත් නැති වුනත් මගේ ලිපියට ලැබුනු වැඩිම ප්‍රතිචාර සංඛ්‍යාව වෙච්ච ප්‍රතිචාර 34 ක් ඒ ලිපියට ලැබුනා . 2010 ජුලි වලදි නිල වශයෙන් ඇරඹුන බ්ලොග් කරනය සැබැවින්ම ඇරඹුනේ මෙතන්දිය කියලයි මට නම් හිතෙන්නෙ . ඊට පස්සේ ලියවුණු හැම ක්‍රිකට් ලිපියකට වගේම ලිපි 2 තුනක් ඇරුණාම ඉතිරි සියල්ලටම 200 ඉක්මවූ නරඹන්නන් ගානක් ලැබිල තියනව් . ඒ වගේම අනික් බ්ලොග් වල කමෙන්ට් කරන්නත් , ෆලෝ කරන්නත්  හරියාකාරව පටන් ගැනීම නිසා මගේ ලිපි නිරන්තරයෙන් බලන පිරිසක් (සංඛ්‍යාත්මකව ඉතා කුඩා වුනත් ) ඉන්නවාය කියලත් මට දැනිල තියනව. දැනට මුලු පිටු නැරඹුම් සංඛ්‍යාව 17 , 872ක් වෙත්දි එයින් 5000 කට ආසන්න ප්‍රමාණයක් ලැබිල තියෙන්නෙ පසුගිය මාසය ඇතුලත . ඒ වගේම මගේ මතකයේ හැටියට පසුගිය පෙබරවාරි මාසය වෙන කොට මුලු පිටි නැරඹුම් ගාන  තිබුනෙ 5000 ටත් අඩු මට්ටමක . ෆලොවර්සල ගැන කතන්දරයත් එහෙමම තමයි . එනිසා තමයි මගේ බ්ලොග්  කරනයේ සැබැ ආරම්ඹය ඒ කාලයේදී සිදු වුනාය කියල මට හිතෙන්නෙ .  මේ නැරඹුම් සංඛ්‍යාවට අදාලව ලියවිලා තියන මුලු ලිපි සංඛ්‍යාව 65ක්

මතවාදය හා නියෝජනය කරන පාර්ශව 


දේශපාලනය හෝ සමාජීය කාරණා වැඩියෙන් කථා බහ කෙරෙන බ්ලොග් අඩවියකට අදාල වෙන මූලික කාරණයක් තමයි නියෝජනය කරන මතවාදය  හා පාර්ශවය . මගේ ලිපි කියවීම තුලින් මගේ දේශපාලන මතවාදය තියෙන්නෙ නම් කොතනද කියල පාඨකයින්ට තේරුම් යන්නට ඇති කියල මම හිතනව . හැබැයි රටේ කිසිම දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් වෙනුවෙන් නම් සෘජුව පෙනී සීටීමක් මම මෙතෙක් කරල නැහැ . ලංකාවේ කිසිම දේශපාලන බලවේගයක් මම දරන  දේශපාලනික මතයට කොටු කරල දැකීමේ හැකියාවක් නැ . ඒ නිසා සාමාන්‍ය තත්වයන් යටතෙදි එක් පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටීමෙ හැකියාවකුත් නැ . ජනාධිපතිවරණයක් වගේ තමන්ගෙ මතවාදයට ආසන්නතම බලවේගය වෙත යොමුවෙන තැනකදි නම් මමත් ඒ පාර්ශවය වෙනුවෙන් පෙනී ඉඳියි . ඒ කියන්නෙ තව සැහෙන කාලය කින් . ලියපු ලිපි දපු කමෙන්ට් ආදිය තුලින් මම දක්වපු මතවාදය ඉදිරියටත් බ්ලොග් අවකාශය තුල පවත්වා ගන්න එක තමයි බලාපොරොත්තුව




බුවා සහ ඉදිරිය


බුවා කියන්නෙ බ්ලොග් අවකාශයට නිර්ණාමික  චරිතයක් , හසියා ඇරුණාම කිසිම බ්ලොග් කරුවෙක් බුවා කියන චරිතය පුද්ගලිකව හඳුනන්නෙත් නැ . ඉදිරියටත් මෙතෙක් කල් ලියූ දේවල් ආකාරයේ දේ හැර  වෙනත් ආරයකට යොමු වෙන්න බලාපොරොත්තුවක් නැති නිසා ඒ තත්වය දිගටම තියා ගන්නයි බලාපොරොත්තු වෙන්නෙ . පුදගලික අත්දැකීම් වෘත්තීය කරුණු ආදිය ලියවුණු  ඉතා සංයමයකින් කලමණාකරනය කරන  තමන් ගැන හඳුන්වාදීමක් විදිහට ඕනි තැනක භාවිතා කරන්න  පුලුවන් බ්ලොග් අඩවි බ්ලොග් අවකාශයේ තියනව දැක්කාම එවැන්නකට ආසාවක් ඇති වුනත් මෙතෙක්  ලියල තියන දේ නිසාත් , බොක්කට දැනෙන දේ කෙලින්ම ලියන්න තියන කැමැත්තත් වගේම  අවශ්‍ය  නම් එවැනි ආකාරයේ බ්ලොගයක් වෙනම සාදාගැනීමේ හැකියාවක් තියන නිසාත් බුවාගේ සිතුවිලි  කලින් විදිහටම පවත්වා ගෙන යන්නයි හිතාන ඉන්නේ

ස්තුතිය


බ්ලොග් කරණයට මාව යොමු කරපු මිතුරාටත්  හසියාටත් මූලික ස්තුතිය පිලිගන්වන අතරේ . සියලුම සින්ඩිකේටර  හිමියන්ට , මේ බ්ලොගය බ්ලොග් රෝල තුල දක්වා ඇති සියලුම දෙනාට . එදා ඉඳන් මේ ලිපිය දක්වා මගේ ලියවිලි කියවපු සැම සියලු දෙනාටම . මගේ බ්ලොගය තුල නිතර දකින්න ඉන්න ඇනෝලා ඇතුලු ප්‍රතිචාර දක්වපු හැමෝටම මගේ  ආදරණීය ස්තුතිය පල කරන්න කැමතියි .  මෙතන සඳහන් කරපු එකදු පාර්ශවයක් හෝ නොතිබෙන්න මේ ලිපිය ලියවෙන්න බ්ලොගයක් ඉතුරු නොවෙන නිසා බුවා ඒ හැම කෙනාටම ඒ වෙනුවෙන් ණය ගැතියි . මේ ලැබුනු සහයෝගය ඒ අකාරයෙන්ම ඉදිරියේදිත් ලැබේවි කියලයි   මම බලාපොරොත්තු වෙන්නෙ .


අවසාන වශෙය්න් මගේ බ්ලොගයට පාඨකයින් ආපු විදිහ ගැනත් යමක් ලියන්න ඕනි . ලාංකීය සිතුවිලි හරහා වැඩිම පිරිසක් පැමිණිල තියෙත්දි කොත්තු තුලිනුත් ඊට ආසන්න පිරිසක් ඇවිත් තියනව . සිංහල බ්ලොග් කරුවන්ගෙ සංසදය හරහා ඒ ගානින් භාගයකට ආසන්න ප්‍රමාණයක් ඇවිත් තියනව .  ඊලඟ පිරිස හත්මාලුවෙනුත් , සින්ඩිය සින්ඩිකේටරය හරහාත් ඇවිත් තියෙයි . මූණු පොතට මම ලිපි එකතු නොකරත් අපු ආය කරපු එකතු කිරීම් වලින් මූණු පොතෙනුත් සැහෙන පිරිසක් ඇවිත් තියෙයි . ඒ වගෙම සත්සමුදුර හා රත්ගමයා හරහාත් ඉතා විශාල පිරිසත් ඇවිත් තියනව .

 ඉතින් ඒ අයටත් හැමෝටමත් බොහොම ස්තුතියි .  සක්‍ර භවනේ දෙවනි කොටසින් හමුවෙමු .  පලමු කොටස බලපු නැති අය මෙතනින් ගිහින් බලන්නකො එතකන් .


ප.ලි - මේ ලිපිය දවස් 2 ක් තිස්සේ ලියන්නෙ ගොඩක් කැලඹිලි සහිත පරිසරයක . ඒ නිසා හරියට අදහස් ගොනුවෙලා නම් නැතුව ඇති ඒ පිලිබඳ සමාවෙන්න

Comments

  1. උණුසුම් සුබපැතුම් බුවා.... තවත් දීර්ඝ කාලයක් ඔබේ අදහස් උදහස් අප හා බෙදා ගන්නට....

    ReplyDelete
  2. සුබ පැතුම්!නායකත්ව පුහුනුව ගැන රත්ගමයාගේ බ්ලොග් එකේ තිබුන සටහනට ඔබ දාල තිබුනු ප්‍රතිචාරය තමයි නියම ප්‍රතිචාරය.අවුරුද්දක් බ්ලොග් එකක් කරගෙන එන එක අමාරු වැඩක්.දිගටම ලියන්න.සමාජ ‍දේශපාලන පැත්තට වැඩියෙන් බර තියන එක හොද‍ දෙයක්.

    ReplyDelete
  3. @Charmi - බොහොම ස්තුතියි

    @Ramachandra - සුභ පැතුමටත් , ප්‍රතිචාරය ගැන දැක්වූ අදහසටත් බොහොම ස්තුතියි . ඔය පුහුණුව ගැන ලියවුණු හැම තැනකම වගේ මගේ විරෝධතාව පල කලා පුලුපුලුවන් විදිහට , නමුත් යථාර්ථය තේරුම් ගත්ත අය බොහොම අඩුයි .

    ReplyDelete
  4. නියමයි... තමන්ගෙ අනනන්‍යතාවය තියාගෙන දිගටම ලියමු. වෙනස් වෙන්න උවමනා නෑ. :D

    ReplyDelete
  5. සුබ පැතුම් තවත් දීර්ඝ කාලයක් බූවාගේ සිතුවිලි අපි හා බෙදා ගන්නට!!!

    ReplyDelete
  6. @hare :-) - බොහොම ස්තුතියි

    @arunishapiro - බොහොම ස්තුතියි

    ReplyDelete
  7. හැමදාම කමෙන්ට් නොදැම්මට මම හිතන්නේ මම උඹ ලියපු ඔක්කම වගේ කියවලා තියෙනවා.. ලියන විදිහත් හොඳයි.. ලියන දේවලුත් හොඳයි.. ඉතින් තව වෙන මොනවද.. තව තවත් හොඳින් ලියන්ට සුභ පැතුම්..

    ReplyDelete
  8. නමින් නොදත් අන්තර්ජාලයේ නොදුටු මිතුර, බුවා... ! මචං උඹට සුභ සංවත්සරයක් වේවා කියන ගමන් තවත් දිගටම 'මේ වගේම' ලියන්න හැකියාව ලැබෙන්න කියලත් පතනවා...

    පටන් අරන් අවුරුද්දක් වුනාට උඹ දැන් බ්ලොග් ප්‍රවීනයෙක් කියලයි මට හිතෙන්නේ. මතවාදී වශයෙන් අපි පිල් දෙකක හිටියත් මමත් හැමදාම උඹේ බ්ලොගේ බලනවා. කමෙන්ට් කරනවා. උඹත් මගේ බ්ලොගේට නිතරම එනවා කියලා මම දන්නවා. ඒ වගේම පළවෙනි මාසෙ ඉඳන් අද වෙනකල්ම උඹ තමා මගේ බ්ලොගේ වැඩියෙන්ම කමෙන්ට් කරලා තියෙන්නේ. ඒ වගේම ෆේස්බුක් ලිපියට ගිය වලියේ ඉඳලා අද වෙනකල්ම මගේ බ්ලොගේට දෙන සහයෝගෙට ගොඩක් ස්තුතියි බුවා...

    බ්ලොග් අවකාශේ ඇතුලේ උඹ දැනටමත් නම තියලා ඉවරයි. පහුගිය අවුරුද්දේ කරගෙන ආපු ටික ඉස්සරහටත් වඩාත් හොඳට කරගෙන යන්න ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා. ජයවේවා...!!!

    ReplyDelete
  9. සුභ පැතුම් මිත්‍රයා...ඔබට ජය!

    ReplyDelete
  10. හද පිරි සුබ පැතුම්... දිගටම ලියපන් මචං... අපි ඉන්නවා කියවන්න

    ReplyDelete
  11. බ්ලොග් බුවා,දිගටම ලියන්න මෙන්න අපෙනුත් සුභ පැතුම්.

    ReplyDelete
  12. මගෙනුත් සුභ පැතුම්.තවත් ලිවීමට ශක්තිය ලැබේවා.

    ReplyDelete
  13. වසරක බ්ලොග් කරනයටම මගේත් සුභ පැතුම්.

    මගේ හැඟීමත් ඔබ අන්වර්ථ නාමයෙන් පමනක් රැඳී සිට ලියන එක වඩා හොඳයි කියන් එකයි.

    අනන්‍යතාවය එලි දැක්වුනාම මධ්‍යස්තව ලියන්න බැරි වෙනවා. එතකොට සාර්ථක ලිපි ලියවෙන එක ඒ හා සමානවම සිදුවෙන්න ඉඩකඩ වැඩී.

    බුවා කාටවත් කඩේ නොයන එකෙක් කියන දේ ලිපි වලින් පැහැදිලි වෙනවා.

    ඇත්තෙන්ම අපිට ඕනත් ඒ වගේ අය. බටහිර රටවල් වඩා දියුනු ඒ රටවල මධ්‍යස්ථ දේශපාලන මතධාරීන් වැඩි නිසාද කියලා මට නිතරම සිතෙනවා.

    ජය වේවා !

    ReplyDelete
  14. උණුසුම් සුබපැතුම් සහෝ!!! දිගටම මේ වගේ ලියන්න.

    ReplyDelete
  15. බ්ලොග් එකක් වසරක් ලියනවා කියන්නේ ලොකු ජයග්‍රහනයක්.... ඒකට මම මගේ හදවතින්ම සුබ පතන්වා...
    මගෙත් ගොඩාක් පොස්ට් වලට ඔයාගෙන් කමෙන්ට් ලැබුනා කියලා මට මතකයි...ඒකට මම ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙන් ගමන්ම හදවතින්ම මේ බ්ලොග් කරණයේ තව චිරාත් කාලයක් වැජබෙන්න ලැබේවා කියලා සුභ පතනවා

    ප.ලි : මේක දවස් 2ක් තිස්සේ ලිවා කිවනේ.. පලවෙනි දවසේ ලිවේ පලවෙනි පෙලිය විතරයි නේද????????

    ReplyDelete
  16. @පුතා - බොහොම ස්තුතියි, කොමෙන්ට් නොකලට කියවල යන එකත් කොච්චර වටිනවද

    @චතුරංග පෙරේරා | chathuranga Perera - බොහොම ස්තුතියි,මතවාදීව වෙනස් කම් තිබියදීත් තියන සුහදත්වය තමයි ගොඩක්ම වටින්නෙ

    @දුකා - බොහොම ස්තුතියි ,මම ලියනදේ ගැන දක්වා තිබෙන අදහසත් හිතට ලොකු සතුටක්

    ReplyDelete
  17. @Sabith | sameerausa | sithuwilimandiya | JHOTHISHALANKA | blog gadol - සුභ පැතුම් වලට බොහොම ස්තුතියි

    @දේවා ගේ අඩවිය - බොහොම ස්තුතියි ,නැහැ මචන් සැරින් සැරෙ කොටස් කිහිපයක් ලිව්වා , ඉවර කරගන්න බැරි උනා ."අදට වසරයි " කිය්ල තිබුන පලවෙනි වාක්‍යත් වෙනස් කරන්න සිදුවුනා

    ReplyDelete
  18. සුබ පැතුම්.

    ReplyDelete
  19. බුවා මගේ කොමෙන්ටුවේ පොඩි පොඩි වැරදි ටිකක් තිබේ

    හරි විදිහ නම් මේකයි හොඳේ:

    වසරක බ්ලොග්කරනයට මගේත් සුභ පැතුම්.

    මගේ හැඟීමත් ඔබ අන්වර්ථ නාමයෙන් පමනක් රැඳී සිට ලියන එක වඩා හොඳයි කියන එකයි.

    අනන්‍යතාවය එලි දැක්වුනාම මධ්‍යස්තව ලියන්න බැරි වෙනවා.

    එතකොට සාර්ථක ලිපි ලියවෙන එක ඒ හා සමානවම අඩුවීමක් සිදුවෙන්න ඉඩකඩ වැඩී.

    බුවා කාටවත් කඩේ නොයන එකෙක් කියන දේ ලිපි වලින් පැහැදිලි වෙනවා.

    ඇත්තෙන්ම අපිට ඕනත් ඒ වගේ අය.

    බටහිර රටවල් වඩා දියුනු ඒ රටවල මධ්‍යස්ථ දේශපාලන මතධාරීන් වැඩි නිසාද කියලා මට නිතරම සිතෙනවා.

    ජය වේවා !

    ReplyDelete
  20. පඩ ෂෝ නොදා වැඩ කිඩ දැමීමට අනාගතයේදී ඉඩ කඩ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා..

    -මොතා

    ReplyDelete
  21. එලියට එන්න එපා බුවා. එහම උනොත් ලියන දේවල්වල රහ නැතිවෙයි. ඔහොමම ඉඳගෙන දිගටම ලියමු, සුභ පැතුම් !

    ReplyDelete
  22. මගේත් සුභ පැතුම්..විශේෂයෙන්ම වසරක් එක දිගට ලියනවා කියන දේ ලේසි වැඩක් නෙවෙයි..ඔබ ලියන දේ මගේ මතවලට එකඟ නැති අවස්ථා වැඩි උනත් ඒකේ කිසිම ගැටළුවක් නැහැ..මොකද ඒ ඔබේ අයිතිය..මේ මගේ අයිතිය..ඒක තේරුම් ගත්තම ලියන්න පහසුයි..රැඳී ඉන්නත් පහසුයි.

    ReplyDelete
  23. අවුරුද්දේ මංගල්ලයට සුබ පතන්නම්.
    ඒ වගේම රූකඩයක් නොවී මෙතෙක් ලියපු ලිවිල්ලම දිගටම ඔබේ අතින් සිදුවෙන්න කියල ප්‍රාර්ථනා කරන්නම්.

    ReplyDelete
  24. පැතුම් ..මමත් කියවනවා . සමහර දේ කියවා පමණක් යමි . එහෙත් මා හැමදාම කියවන බව කියමි . ජය!!! බුවා මල්ලි

    ReplyDelete
  25. @ano - Thanks

    @dhuka - කලිනුත් මට අදහස තේරුනා :)


    @මොතා - Thanks , පඩ ශෝ පෙන්නල දෙන්න කට්ටියත් ඉන්න එපායැ

    ReplyDelete
  26. @nawammawatha -අවවාදයටත් . සුභපැතුමටත් දෙකටම බොහොම ස්තුතියි



    @Bindi - බොහොම ස්තුතියි අක්කෙ , ඇවිත් ය්න එකත් ගොඩක් වටිනව



    @Outsider - බොහොම ස්තුතියි , රූකඩ නොවන අදහස් ගරු කරන ඔබ වැනි අය නිසා තමයි එහෙම දෙ ලියවෙන්නෙත්

    @මාරයාගේ හෝරාව - මතවාදය වෙනස්ව තිබියදිත් ඇවිත් සුභ පතපු එකට බොහොම ස්තුතියි

    ReplyDelete
  27. ටැබූ, බියොන්ඩ් ෆ්‍රේම්, කොලූ, පිස්සා වැනි චරිත බ්ලොග් අවකාශයෙන් එළවා දැමීමෙන් පසුව බිහිවුණේ බ්ලොග් අවකාශයේ ඉතාම අවිචාර සමය කියන්නට පුළුවන්. එතුළ ඇඳුම් ගලවාගෙන නිරුවතින්ම නටන්නට හැකිවුණේ පෙරමුණේ රාළ, නෝ ෆ්‍රේම්ස්, පද්දා, පොඩි ගමයා වැනි අන්ත වර්ගවාදී චරිත කීපයකට පමණයි. මේ චරිත කිහිපය විසින් අන්තවාදී සිංහල බෞද්ධ ආධිපත්‍යය සැබෑ ලෝකයේදී වගේම අතත්‍ය ලෝකයේදීත් සුළුතරයන් මත පටවමින්, ඊනියා 'දේශප්‍රේමී' නිරුවත ප්‍රදර්ශනය කරන තත්ත්වයක් තම පහුගිය ටිකේම දකින්නට ලැබුණේ. ඒ අතරට ඔබ වැනි මැදහත් දේශපාලන නිරීක්ෂකයන්ගේ ආගමනය ඉතා වැදගත්. වසරක් පුරා ගෙන ගිය ඔබේ බ්ලොග්කරණයට මා සුභ පතනවා. නමුත් පරිස්සම් වන්න, අපේ ඊනියා 'දේශප්‍රේමී' අයියලාගෙන්. ඒ අන්තිම භයානක කල්ලියක්.

    ReplyDelete
  28. මම නං ඉතිං මේ පැත්තෙ යන්න එන්න පටං ගත්තෙ ක්‍රිරිකැට් නිසා නොවැ. :D

    ReplyDelete
  29. @budhajeewa - ඇත්තට ක්‍රිකට් ලිපි ගොඩකට කමෙන්ට් දාල තිබුන තමයි , ඕං කාලෙකට පස්සෙ ලියන්නෙ නැ කියල හ්ටපු ක්‍රිකට් ගැන ලිව්වා , හැබැයි ඉතින් ක්‍රිකට්ම නෙමේ . ලියනව නම් ලිය්න්න ඇති තරම් දේවල් තියන්ව ක්‍රිකට් ගැන

    ReplyDelete
  30. ඔන්න බුවා මචෝ දැන් තමයි උඹගේ බ්ලොග් එකේ නිදහසේ කමෙන්ට් ටිකක් දාන්න වෙලාවක් සෙට් වුනේ.

    උඹ ගැන් මම දැන ගත්තෙ මාරයාගේ බ්ලොග් එකෙන්, මට මතක හැටියට උඹ ඇනෝ කමෙන්ට් ගැන මොනා හරි ලියලා තිබුනා.

    මම දකින මම කැමති චරිත වලින් එකක් තමා බුවා කියන්නෙ. මොකද කියන්න තියන දේ එල කිරි වගේ කියලා දානවා.

    හැබැයි පුතෝ උඹ ලියන්නෙ මම අකමැතිම සබ්ජෙක්ට් ගැන, ක්‍රිකට් සහ දේශපාලනය. මම වැඩියෙන්ම කැමති උඹගේ පෝස්ට් කියවනවට වඩා උඹ දාන කමෙන්ට් කියවන්න. ඒවයේ මාර ගතියක් තියනවා .....

    උඹට ජය ........

    ReplyDelete
  31. උඹේ කමෙන්ට් සෙට් එකම කියෙව්වා හැමෑකටම උත්තර නොදුන්නත් බොහොම ස්තුතියි ඒ කමෙන්ට් වලට . මාරයගේ බ්ලොගේ ඔය කියන කමෙන්ට් එක මම හිතන්නේ අර මාරයට පුද්ගලිකව මඩ ගහපු එක ගැන වෙන්න ඇති ඇති දිගටම මේ පැත්තේ එන්න කියල ආරාධනා කරනව එහෙනම

    ReplyDelete
  32. සමාවෙන්න ඔනි ලිපිය දැක්කේ හුඟක් පරක්කුවෙලා.බුවා ට මෙන්න ජයශ්‍රී‍ ගෙනුත් සුභ පැතුම්!
    ගොඩක් අගය කරන්නේ ඔබේ මැදමාවතේ විවරණයන්.

    ReplyDelete
  33. හෙලෝ මචන්..කාලෙකට පස්සෙ comment කරන්නේ...World cup දවස්වල මාත් ලිපි දෙක තුනක් ලිව්වා..උඹ ඒවායේ comment කරලත් තිබුනා..උඹේ අදහස් බොහෝ දුරට මගේ අදහස් වලට සමීපයි..ඉතින් ප්‍රමාද වී හෝ උඹට සුභ පතන්නම්...සමාජයට වටිනා යමක්,ගැඹුරක් ඇති යමක් දීමට දිගින් දිගටම හැකියාව,ශක්තිය ලැබේවා කියලා..

    ReplyDelete
  34. මටත් ඒ දවස්වලම දැනුනා අදහස් එක වගේය කියල .... බොහොම ස්තුතියි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව