Skip to main content

කාගෙද ඩෝ බලවේගේ???? රජතුමාගේ බලවේගේ .........


ඕං පුංචි චන්දයේ දෙවෙනි අදියරත් ඉවරයි , ඡන්දෙට කලින් ලියපු ලිපියෙදි කිව්වා වගේම දේශප්‍රේමී ජනතාවට ස්තුතිය ඡන්දෙට කලින්ම කරල හිටියත් අවුලක් නෑ කියල නැවතත් වතාවක් ඔප්පු වෙලා තියනව . තිස්ස මහත්තය කොහොම හරි ප්‍රගතියක් පෙන්නුවත් එජාපය තවත් සුපුරුදු තැනමයි කියලයි පේන්නේ . ජවිපෙ නම් ඉතින් විජේවීර සහෝදරය ගිය දිහාවටම  නොනවතින ගමණක් ආරම්ඹ කරල නේ තියෙන්නෙ කොහොමටත්

හැමදාම ප්‍රතිඵලය මේ වගේ වෙන්නෙ ඇයි? පහුගිය කාලේ කරපු වැඩ ගොඩකින් හත්පොලේ ගාගෙනත් රජය ඉතාම ඉහලින් දිනන්නේ ඇයි ? මෙගා සමයම් නිසා අයිටීන් එකෙන් පිට ලෝකයක් මිනිස්සු නොදකින නිසාද,රජයට විකල්පයක් විපක්ෂයෙන් නොදකින නිසාද , මේ මැතිවරණයෙන් කල හැකි යමක් නොහැකි නිසාද , එහෙමත් නැත්නම් එජාප පාක්ෂිකයින් කලකිරීමෙන් ඉන්න නිසාද .. නැත්නම් වෙන මොකක් හරි හේතුවක්ද ?

මට වැටහෙන විදිහට නම් ඔය කිව්ව කාරණා හැම එකකම බලපැම සුලුවශෙයෙන් හරි මේ තත්වයට බලපාල තියනව .

ඉස්සර රාජ්‍ය මාධ්‍ය වලට යොමුවුන පිරිසට වඩා ඉතා වැඩි පිරිසක් ඒ වටා ගොනු කරගන්න මෙගා නාට්‍ය සමත් වෙලා තියනව . විශේෂයෙන්ම කාන්තා පාර්ශවය . ඒ ඉන්න බහුතරයක් දෙනා ආශ්චර්යට ඔන්න මෙන්න තියන ශ්‍රි ලංකාව මිසක් යථාර්තය දකින්නේ නැ . ඒ අයගේ ඡන්දය කුමන තත්වයක් යටතේ උනත් රජයෙන් පිට නොයන්නෙ ඒ නිසා.

රජයේ අඩුපාඩු දකින බොහෝ දෙනෙක් දරණ අදහසක් තමයි විකල්පයකුත් නැය කියන ඒක . රජයේ අඩුපාඩු නිවැරදිව ජනතාව අතරට ගෙනියන්නවත් , තමන් ඊට විකල්පයක් බව පෙන්නන්නවත් එජාපයට හැකියාවක් ලැබ්ලා නැ . එකෙක් නායකත්වයට කෙල හල ඉන්නත් අනිකා සුපුරුදු නිද්‍රා සුවයෙන් කල් ගෙවන්නත් කටයුතු කරනව මිසක් අඩුම තරමේ එකම වේදිකාවක ඉඳන් ඡන්ද රැස්වීමක්   තියන්නවත් කටයුතු නොකරන කොට සාමාන්‍ය ජනතාව  ඒ අය ගැන කල කිරීම ඉතාම ස්වාභාවිකයි


පලාත් පාලන මැතිවරණයක් හරහා රජයකට දැනෙන්න යමක් කරන්න බැය කියන එක අපේ සමාජයේ පිලිගත් මතයක් . ඒ නිසා ඉන්න රජයට ම ඡන්දය දීලා ගමට වැඩක් කරගන්න පෙලඹෙන  කොටසකුත් , රජය ගැන කල කිරිල නම් ඡන්ද නොදා ඉන්න පිරිසකුත්  දකින්න ලැබෙනවා

එජාප පාක්ෂිකයින් කල කිරීමෙන් ඉන්නේ සැහෙන කාලයක ඉඳල,සිංහල   අවුරුද්ද වෙනකොට තමන් නායකයා වෙලා එජාපය ගොඩ ගන්නවාය කියපු අයත් නිකන්ම කිච වෙලා යන කොට එජාප පාක්ෂිකය අන්තයටම කල කිරෙන ස්වාභාවිකයි . නායක මට්ටමේ තියා පාර්ලිමේන්තු මන්ත්‍රිල වත් සමහර ප්‍රදේශවල තමන්ගේ සහයට එන්නේ නැති කොට අපේක්ෂකයින් පවා අධෛර්යට පත්වුනා කිව්වොත් නිවැරදියි

ඔය ඔක්කොම කාරනා වල ප්‍රතිඵලය තමයි මේ පාර දකින්න ලැබුනේ කියලයි මම නම් හිතන්නේ

හැබැයි උතුරේ තත්වය නම් හාත්පසින් වෙනස් , දෙමල ජනතාව තමන් සමඟ ඉන්නවාය කියන දේ ජාත්‍යන්තරයට , විශේෂයෙන්ම ඉන්දියාවට පෙන්වීමේ අරමුණින් රජය තමන්ගේ සියලුම හැකියාවන් නිල වගේම  නොනිල විදිහට භාවිතා කරත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක වුනු බව තමයි පේන්න තියෙන්නේ . එල්ටිටිය පරාජය කලාට දේශපාලනික කාර්යභාරයක් තවමත් කරන්න තියනවාය කියන එක  ඉතා පැහැදිලිවම මේ මැතිවරණය හරහා පෙන්නුම් කරන්න දෙමල ජනතාව සමත් වෙලා තියනවා.දේශපාලන විසඳුම් ක්‍රියාවලියකදි තීරණාත්මකම සාධකය තමා බව දෙමල සංධානය නැවතත් ඔප්පු කරල තියනවා . ඒ නිසා මැතිවරණයෙන් පසු  ඇතිවන තත්ව වලදි රජයට දැවැන්ත අභියොගයක් වීමේ හැකියාවත් දෙමල සංධානය සතු කරගෙන ඉන්නවාය කියල කියන්න පුලුවන්





පක්ෂෙ ජයග්‍රහන යෙන් පස්සෙ තමන්ගේ සහය ලබපු කෙනාගේ ප්‍රිතිය සමරන්න ආධාර කරුවො පාරට බහින වෙලාව තමයි මේ ."කාගේද මේ බලවේගේ ? අහවලාගෙ බලවේගේ" "එනෝ එනෝ කොල්ලෝ එනෝ අහවලාගෙ කොල්ලො එනෝ " වගේ තේමා පාඨ  තමයි ඒ අයගෙ  භාව්තාව

එතකොට " කාගෙද ඩෝ බලවේගේ " පාඨය මොකක්ද ?

ඒක මම අහපු කථාවක් (සත්‍යතාව ශුවර් නැත ) 


එක්තරා ගම් පලාතක පුංචි ඡන්දෙකදි  ගමේ  ඒ වෙනකන් හිටපු පොරගේ ගෝලයෙකුත් තවත් පිරිසකුත් කඩාගෙන ගිහින් වෙනම ඡන්දේ ඉල්ලුවලු,හැබැයි ඉතින් ගමේ මිනිස්සු ඡන්දේ දීල තියෙන්නේ පුරුදු මිනිහටම තමයි (අපි මිනිහට ගුණේ අය්ය කියල කියමු ) . ඡන්ද දවසට පහුවදා ගුණේ අය්යගේ සෙට් එක ප්‍රිති ඝෝෂා කර කර ගමට එනවලු . ඒ එනකොට විරුද්ධ වාදියාට බැහැල වැඩ කරපු පොරක් උගේ මල්ලිත් එක්ක පාර අයිනේ ඉන්නවලු .  උන් දෙන්නව ආදරණීය විදිහට අමතල දාගත්තලු ලොරියට .  කමිස දෙකත් ගලවල දාලා ඉස්සරහියි ඉටි පස්සෙයි ගුණේ අය්යගේ මනාප අංකෙත් ලොකුවට ලිව්වලු . ඊට පස්සෙ .  ලොරියේ ඉස්සරහින් උන් දෙන්නව තියාගෙන අතට බැනර් එකක් දුන්නලු "ගුණේ අය්යට ජයවේවා " කියල ගහපු

 ..ඊට පස්සෙ ගුණේ අය්යගේ සෙට් එක  "කාගෙද ඩෝ බලවේගේ" කියල කියන කොට අරුන් දෙන්නා විතරක් "ගුනේ අය්යගෙ බලවේගේ "කියල කැගහන්න ඕනි

ඔය විදිහට අරුන් දෙන්නව ගම පුරාම එක්කගෙන ගිහින් තියනව

ප.ලි - අපේක්ෂකයො දෙන්නම එකම පක්ෂේ

Comments

  1. අනේ මන්දා බන් ‍මේවට කමෙන්ට් කරන්න ගියත් දේශද්‍රෝහියෝ වෙයිද දන්නෙත් නෑ....

    ReplyDelete
  2. බය වෙන්න එපා මේක එහෙම ලිපියක් නෙවෙයි .... ඒකනෙ රජතුමාගෙ රූපෙත් දාල තියෙන්නෙ

    ReplyDelete
  3. දේශපාලනය ගැන නම් මම දරන්නෙත් උබ දරන මතයම තමා..

    "මට වැටහෙන විදිහට නම් ඔය කිව්ව කාරණා හැම එකකම බලපැම සුලුවශෙයෙන් හරි මේ තත්වයට බලපාල තියනව."

    පේලියට 100000% එකගයි... දැන් කාලේ UNP එක වගේ රැස්වීම්වල විතරක් දිනන්නේ නැතුව,දෙමල සන්ධානය මේ පාර දෙයක් කරලා තියනවා දැක්කම මට සතුටුයි.

    ReplyDelete
  4. ඔන්න මාත් බයෙන් බයෙන් කමෙන්ට් කරන්නේ. මේවා කියලා රටින් පිටුවහල් කරයිද දන්නේ නෑ.සුදු වෑන් එකක් එවන්න නම් එපෝ !!!!!!!!

    ReplyDelete
  5. @ADK - නායකයො ටිකට එක පෙලට හිට ගන්න බැරි , තමන්ගෙ පක්ෂේ ප්‍රතිපත්ති වෙනුවෙන් බය නැතුව පෙනී ඉන්න බැරි මිනිස්සුත් එක්ක එජාපයට ඔය තරම්වත් ඡන්ද ලැබුන එකයි පුදුමේ . හරි හෝ වැරදි දෙමල සංධානය හැමදාම ඉන්නෙ තමන්ගෙ ප්‍රතිපත්තියේ . මොන ප්‍රශ්න ආවත් ඒ වෙනුවෙන් පෙනී සිටිනව


    @මධුරංග - සතියක් දෙකක් මාව බ්ලොග් අවකාශෙ නොදැක්කොත් උඹත් හැංගියන් එහෙනම් ... :D

    ReplyDelete
  6. දේශපාලන බලවේගයක් නෙවෙයි, ජනතා බලවේගයක් විදියට අපි එකමුතු නොවෙන තාක් කල් මේ ප්‍රතිඵලය මෙහෙමම තමයි. රජයේ හොඳ වැඩ අගය කරන අතරම වැරදි විවේචනය කරන්නත් කොන්දක් තියෙන්න ඕනේ. රාජ්‍ය බලයේ ඉන්නේ මොන පක්ෂයද කියන එක නෙවෙයි ප්‍රශ්ණය. කරන්නේ හරි වැඩද වැරදි වැඩද කියන එකයි. දේශප්‍රේමී පක්ෂයක් වුනත් රටට අහිතකර තීරණ ගන්නව නම් ජනතාව ඒකට විරුද්ධ වෙන්න ඕනේ. මේ රටාව වෙනස් කරන්න දැන් තියෙන දේශපාලනේ කොහෙත්ම හරියන්නෑ. ආණ්ඩුවේ වැරදි විවේචනය කරන්න ශක්තිමත් විකල්පයක් නෑ. ඉතින් බලයේ ඉන්න අයට කිසිම වගකීමක් නෑ ජනතාව ගැන. අපි ඡන්දේ දීලා අපිටව කෙළව ගන්නවා. හපොයි ...!!!

    ReplyDelete
  7. විපක්ෂය බොග වීම මත ඕන දෙයක් කරන්න පුලුවන්

    ReplyDelete
  8. පෙට්‍රල්වලට වතුර කලවම් කරල දුන්නත් බත්වලට ආසනික් දාල දුන්නත් වැලේ වැල් නැතිව නිකම්ම නිකම් බත් ගිල්ලත් අපි මේ ආණ්ඩුවට චන්දෙ දෙන එක ශක්‍රයටවත් වළක්වන්න බෑ. මොනව කරත් ආණ්ඩුව දේශප්‍රේමී නෙ!

    ReplyDelete
  9. දැන් බලන්න කොච්චරක් කියලා චාටර් වැඩ උනාද ඒ උනාත ඡන්දයක් තිබ්බොත් දිනන්නේ රජතුමා තමයි..හාල් වල ආසනික් , පෙට්‍රල් වල වතුර ඕවගේ ඒවා කොච්චාර තිබ්බද...

    මගේ පුද්ගලික අදහස "ප්‍රභල" විපක්ෂයක් නැහැ...අනික මොනවා උනත් ආණ්ඩුවේ මාකටින් පාර+ ඇඩ්වර්ටයිසින් හොදට කරනවා..[ හොදට කියෙන්නේ අනිත් අයට වඩා ]..

    "මට වැටහෙන විදිහට නම් ඔය කිව්ව කාරණා හැම එකකම බලපැම සුලුවශෙයෙන් හරි මේ තත්වයට බලපාල තියනව..." උබ ඔය කියලා තියෙන හේතු වලට මමත් 100% එකගයි

    ReplyDelete
  10. @රත්ගමයා |ඇනෝ|Chamma - ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි

    ReplyDelete
  11. @චතුර - කලින්ම කමෙන්ටුව කියෙව්වා උත්තර දෙන්නයි අමතක උනේ .... ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි කිඅයන අදහසට මාත් එකඟයි

    ReplyDelete
  12. සහතික ඇත්ත කියලා තියෙන්නෙ, හරි විපක්ෂයක් නැති කම ප්‍රබල හේතුවක් වෙලා ............

    අන්තිම කතාව නම් පට්ටයි ........

    ReplyDelete
  13. අන්තිම කථාව නම් හිනා යන සීන් එකක්ම තමයි මචන්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව