Skip to main content

කලාවේ දුම්වැටි ප්‍රචාරණය , වාරණය ෂර්ලොක් හෝම්ස් සමඟින් ෂාරුක් ඛාන්

මත්පැන් හා දුම්වැටි අඩංගු දර්ශනවලදී කොටු  දැමීමේ ක්‍රමය වෙනුවට බැනර්  ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයක් මේ මාසේ ඉඳන් හඳුන්වාදීල තියන බවක් තමයි කියන්නේ . හැබැයි ඒ අදාල පනතට කලින් නිර්මාණය වුනු නිර්මාණ වලටලු , අනෙක්වාට කරන්නෙ මොකක්ද කියන එක  මට නම් පැහැදිලි නැ , මොකද මේ  ගැන එක එක අය පල කරපු වාර්ථා එකෙනෙකට වෙනස් . කොහොම උනත් කොටු දැම්මට වඩා නම් බැනර් ප්‍රදර්ශනය හොඳයි කියල තමයි මම දකින්නේ . මම කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ  මේ ලංකාවේ වාරණයන් ගැන නම් නෙවෙයි කලා මාධ්‍ය වල දුම් වැටි භාවිතාව හා බලපැම සම්බන්ධව .

.සිනමාවේ මධ්‍යය අවදියේ ඉඳන්ම වගේ සිනමාව හරහා දුම්වැටි ප්‍රචාරණය කිරීම් සිදුවුනාය කිව්වොත් මං හිතන්නෙ මම නිවැරදියි , තමන්ගේ කථා තේමාවට අදාලව චරිත ගොඩ නැඟීමෙදී දුම්වැටි දර්ශන ඇතුල් කිරීමට අමතරව දුම්වැටි නිෂ්පාදකයින්ගේ  මුල්‍යාධාර මත  සිනමා පට නිපදවන්නත් ඒ හරහා චිත්‍රපටියේ වීර චරිත දුම්පානය  කරන්නන් විදිහට ඉස්මතු කරන්නත් 40/50 දශක වලදී පවා සිනමා කරුවන් කටයුතු කරල තියනව . වීර චරිත විතරක්ම නෙවෙයි සමහර සම්භාව්‍ය සිනමා නිර්මාණ හරහාත් දුම් පානය ආශ්වාද ජනක දෙයක් ලෙස රසිකයාට ඉදිරිපත් කරන්න කටයුතු කලාය කියලයි කියවෙන්නේ .පහල තියෙන්නෙ ඒ කාලයට අදාල ඡායාරූප කිහිපයක්

  Unlimited Free Image and File Hosting at MediaFire   Unlimited Free Image and File Hosting at MediaFire   Unlimited Free Image and File Hosting at MediaFire     Unlimited Free Image and File Hosting at MediaFire

කාලයත් එක්ක සිනමාව වර්ධනය වෙත්දි සුපිරි වීරයින් සහිත ක්‍රියාදාම චිත්‍රපට බිහිවෙත්දි ඒ වීරයින්ගේ (බොහෝ දෙනෙකුගේ) අනිවාර්ය ලක්ෂණයක් විදිහට දුම් පානය ඉස්මතු වුනෙත් සිනමා නිර්මාන හා ඇතැම් රංගන ශිලිපි ශිල්පිනියන් වෙනුවෙන් දුම් වැටි සමගම් අතදිගැරල වියදම් කල නිසාය කියලයි කියවෙන්නෙ

වීර චරිතවලටම පණ පොවපු සටැලෝන් ඊට කදිම නිදසුනක් . ඔහුගේ සැම සිනමා නිර්මානයකම වගෙ දුම් වැටි සඳහා ප්‍රචාරණයක් ලබා  දුන්නේ ප්‍රසිද්දියේ එකඟතාවලට එලඹිලා .  පහලින් තියෙන්නෙ  ඒ ආශ්‍රිත ලිපියක් .මෙයා විතරක් නෙවෙයි බොහොමයක් හොලිවුඩ් නලු නිලියන් සිනමා සමාගම් දුම්වැටි සමාගම් එක්ක එකතුව වැඩ කලා විතරක් නෙවෙයි ඉන්දියානු සිනමාවේ සහ අපේ සිනමාවෙත් ඒ සම්බන්ධකම් තිබුනාදෝ කියලත් මට නම් හිතෙනෙව .අපේ සුපිරි රංගන ශිල්පින් 70/80 දශක වලදි රඟපාපු සිනමා නිර්මාණ දිහා බැලුවාම ඒ කාරණය ඔබටත් වැටහෙයි










Source - tobaccodocuments.org

සිනමාව විතරක් නෙවෙයි රේඩියෝ වැඩසටහන් , ඒවාට අදාල පෝස්ටර් ,  රූපවාහිනි ආදි නොයෙකුත් මාධ්‍ය හරහා කෙරුණු දුම් වැටි ප්‍රචාරණයන් මේ වෙනකොට නම් යම් තාක් දුරකට අඩු කරගෙන යන බව තමයි කියවෙන්නෙ . ප්‍රධාන පෙලේ සිනමා සමාගම් තමන්ගේ සිනමා නිර්මාණ සඳහා දුම් වැටි  සමාගම් වල අනුග්‍රහය ලබා නොගැනීමත් , සිනමාරූපී අවශ්‍යතාවයන්ට විනා හුදු ප්‍රචාරක මාධ්‍යක් වශයෙන් පමණක් දුම් වැටි යොදා නොගන්නත් , කුඩා ලමුන් හා යෞවනයින් ඉලක්ක ගත කරගෙන නිර්මාණය කරන සිනමා නිර්මාණ සඳහා දුම් වැටි දර්ශන කිසිසේත් ඇතුලත් නොකරන්නත් කටයුතු කරගෙන යනවා . තමන්ගේ නිර්මාණයට අදාල චරිතවලට අදාල ලක්ෂන සමහර වෙලාවට ඉවත් කරල හරි කරන මේ දේ  සමජායට ඉතාම හිතකර වෙන්නෙ අතීතයට සාපේක්ෂව දැනුවත් තරුන පරම්පරාවක් ඉන්න වර්ථමානයේ පවා සිනමා/ටෙලි නිර්මාණ නිසා තාරුන තරුනියන් දුම් පානයට/ මත් පැන්වලට යොමු වෙනවාය කියල සමීක්ෂන වලින් තහවුරු වෙලා තියන නිසා . මත්පැන් වලට වඩා සිය ගුණයක් හානි දායක දුම් වැටි වලින් තාරුණ්යය බෙරා ගැනීම සඳහා අඩුම වශයෙන් දුම් වැටි වලට "වීරත්වයන් " ආරෝපණය කිරීම වත් නතර  කිරීම ඉතාම වැදගත් 

බොලිවුඩ් සිනමාවේ දුම්වැටි ප්‍රචාරණය ගැන චෝදනා එල්ල වෙන්නෙ 90 දශකයෙදි . ඉන්දියාවට විවෘත ආර්ථිකය   හඳුන්වාදුන්නායින් පසු මේ තත්වය ඇතිවුනා කියල හිතන්න පුලුවන් . අනුව දශකයේදී බිහිවුන "කිලාඩි" පන්නයේ චිත්‍රපටි වලින් දුම් බීමට වීරත්වයක් ආරෝපණය කරලා තියන බව ඒ නිර්මාණ බැලුවාම හඳුනාගන්න පුලුවන් . සිනමා නලුවන් දේවත්වයෙන් අදහන ඉන්දියාවේ බොහොමයක් දෙනා (තරුණයින්) දුම් පානයට යොමු කරන්න මේවාට හැකිවෙන්නත් ඇති .  ඉන්දියානු රජය දුම්වැටි ප්‍රචාරක දර්ශන වලින් ඉවත් වෙන්න  කියල  රංගන ශිල්පීන්ගෙන් මැතකදි ඉල්ලීමකුත් කරල තිබුනේ ඒ බලපැම ගැන අවබෝධයෙන් විය යුතුයිත . ඒ ඉල්ලීමට ඉතා හොඳ ප්‍රතිචාර සමහර රංගන ශිල්පීන්ගෙන් ලැබුනත් විරුද්ධ වුනු අයත් හිටියා . ඒ වගේම අතීතයේ හොලිවුඩ් නිර්මාණ වගේ ප්‍රචාරක පෝස්ටරයෙනුත් දුම්වැටි හුවා දක්වන බොලිවුඩ් නිර්මාණ වලට තාමත් ඉඩ කඩ තියනවාය කියන එක , ඉතාම ඉහල කලාත්මක ගුණයකින් යුතු නිර්මාණයක් වුන ගුෂාරිශ් චිත්‍රපටියෙ පහත ප්‍රචාරක පොස්ටරයෙන් පේනවා ඇති



මේ චිත්‍රපටියේ ප්‍රචාරක පටීයේ ත් දුම්බීම අන්තර්ගත බවක් තමයි මට නම් මතක 

ඒ සිනමාව හරහා දුම්වැටි වලට ලැබුන ප්‍රචාරය . ෂර්ලොක් හොම්ස් කියන්නෙත්  දුම් වැටි එක්කම කියවෙන නමක් .කොනන් ඩොයිල්ගේ දුම්බීමට තියන ප්‍රියතාවය නිසා මිසක දුම්කොල සමාගමක් නිසා එකතු වුන දෙයක් නොවුනත් ෂර්ලොක් හෝම්ස් ගේ පයිප්පය හා දුම්කොලත් , ගැටලුවක් විසඳීමට හොඳවයින් ෂොට් දෙකක් ඇදීමත් නිසා ෂර්ලෝක් හෝම්ස් චරිතයට ආදරය කරන   තරුණයින්ගෙන් කෙනෙකුත් ඒ නිසා දුම් බීමට යොමු වෙනවාය කියලත් කෙනෙකුට තර්ක කරන්න පුලුවන් . දුම් බීම ප්‍රචාරය කිරීමේ අරමුණක් නැතුව , ඉතා විශිෂ්ට සාහිත්‍ය නිර්මාණයක සුවිශේෂී චරිතයක්  නිර්මාණය කිරීමේ අරමුණින් කරපු දෙයක් නිසා ඒ ගැන චෝදනාවක් එල්ල කරන්න බැරි වුනත් . ස්ටැන්ඩර්ඩ් සඟරාවේ ඉඳන් අන්තිමට ආපු චිත්‍රපටිය දක්වාම ෂර්ලොක්ගේ  දුම්බීම භාවිතා වුනේ ඒක චරිතයෙන් වෙන් කරන්න බැරි තරමට බද්ධ වුන ආවෙනික ලක්ෂනයක් නිසා ව් වෙන්න ඕනි   



ශාරුක් ඛාන් කියන්නෙත් දුම්බීම සම්බන්ධයෙන් නිතරම නම කියවෙන චරිතයක් . ඒ ඔහු පෞද්ගලික ජිවිතයේදිත් දුම් පානයට අධික ලෙස ඇබ්බැහිවෙච්ච කෙනෙක් නිසා .


පේනවනේ මයික් පොල්ල අතේ තියාගෙනත් බටේ කටේ ගහගෙන ඉන්නේ ....

ඒ විතරක්ම නෙවෙයි ඉන්දියානු රජයේ දුම් පානයට   එරෙහි ඉල්ලීමටත් විරුද්ධව අදහස් පල කල කෙනෙක් තමයි ෂාරුක් ඒ  ගැන ඔහු කිව්වෙ මෙන්නෙ මෙහෙම

""I want to tell on behalf of every actor, director and producer that anything negative in movies like, fighting, firing, smoking, drinking and rapes are not for their glorification, but they are a part of characters. Films can't be all about good things or god and goddess," 

                                                                                     Source - bharatwaves.com


ෂාරුක්ගේ  කථාවේ ඇත්තක් තිබුනත් සිනමාවේ යහපත් ය කියල උලුප්ප්න චරිතවල අංගයක් විදිහට  දුම්පානය එකතු කරල දුම්බීම ප්‍රචාරණය කිරීම නම් සිනමා කලාවට අයත් දෙයක් නෙවෙයි . ෂාරුක් රඟපාන ඩොන් - 2 චිත්‍රපටිය (මට හිතෙන විදිහට හොඳම බොලිවුඩ් ක්‍රියාදාම  චිත්‍රපටිය ) තුලත් ෂාරුක් දුම්පානය කරන දර්ශන තියනවාය කියල පහත ප්‍රචාරක විඩියෝවෙන් පේන්න තියනව




ඒ පතාල ලෝක්යේ මැර චරිතයක් වශයෙන් ගොඬ නගපු ඩොන්ගෙ චරිතයට අවශ්‍ය අංගයක් නිසාද නැතිනම් පාතාල නායකයෙකු වුනත් චිත්‍රපටියට අදාලව "වීරයා " නිසා තවත් ප්‍රචාරණයක්ද කියල හිතන්න බැරි ෂාරුක් තවමත් දුම් පානයට පක්ෂ තැනක ඉන්න නිසා . ඩොන් වගේ පාතාල චරිතයක කෙසේ වෙතත් වෙනත් චරිතයකදි ඔය  දේ කලොත් නම් ෂාරුක් ඒ කරන්නේ ඉතාම බරපතල හානියක් (ඉන්දියානු තාරුණයට  ) බව  සඳහන් කරන්න ඕනි .


ක්‍රිඩාවේන් , වෙලඳ ප්‍රචාරණයෙන් ඇත් කරල තියන  , තමනුත් මැරෙන ගමන් අනුන්ත් මරන දුම් වැටිය කලාව තුලිනුත් ප්‍රචාරණය කිරීම නවත්වන්නට හැකි වුනොත් දැනටමත් අඩු වෙලා ඉන්න දුම් බොන්නන්ගෙ සංඛ්‍යාව තවත් අඩු කරගන්න ඉඩ කඩ ලැබෙයි . ගාමිනි - විජය වගේ කොල්ලන්ට ඇගෙනට දැනෙන  ප්‍රතිරූප දැන් නැති නිසා ලංකාවෙ සිනමාවේ දුම් පානයට නම් දැන් යමක් කරන්න හැකියාවක් ඇතියි කියල මම හිතන්නෙ නැ , ඒ වුනත් මහ දවල් 12 ටත් පෙල්න්ටියයි සිගරට් එකයි ගහන උන්ගේ "අමුතු ආතල් "එක ආතල් එකක් නොවේය කියල පෙන්නන්න ටෙලි නාට්‍ය   (කලාව??? ) නම් යොදා ගන්න හැකිවේවේ !!!

Comments

  1. ඕක ඉතින් දුම්වැටි සමාගම් වල මාෆියාවක් වගේ වෙන දෙයක් නේද?

    ReplyDelete
  2. ෂර්ලොක් හෝම්ස් මහත්තයලගෙ කාලෙ මත්ද්‍රව්‍ය ගැන තිබිච්ච ආකල්ප සෑහෙන්ඩ වෙනස් නේ. ඒ කාලෙ වික්ටෝරියන් සමාජය නොවැ. දැං තරං දැනුමක් තිබෙන්ට නෑ නේද දුම්බීමෙන් සරීරෙට වෙන හානිය ගැන.

    දැං නූතනවාදී සමාජෙ ඉන්ද්‍රිය පිනවීම ඒ කාලෙට වඩා තදේට කොරන්න නේ හදන්නෙ. පරහකට තියන්නෙ නූතනවාදියොංගෙ ඊනියා පුද්ගල නිදහසයි පුද්ගල ජීවිතවලට තියන සමාජ වටිනාකමයි අතරෙ ගැටුමක් ඇතිවීම. ශාරුක් උන්නැහෙ හරියට ලැයිස්තුවක් හදල තියන්නෙ නෙගටිව් දේවල් මේවය කියල. උන්නැහෙ ඒකෙන් මොකක් ඉඟිකරනවාද කියන්න බෑ. නමුත් ලිස්ට් එක නම් සාදාරණයි. ඕකෙ තියන අනිත් එව්ව ගැන ඒ තරමටවත් කතාවක් වෙන්නෙ නෑ.

    අළුත් ෂර්ලොක් හෝම්ස් චරිතය මොඩනයිස් කරල තියන තරම කොහොමද? ඒකෙන් ප්‍රචාරණය කෙරෙන්නෙ මොනවාද? මට නම් කොකේන් විදගත්ත හෝම්ස් මහත්තය නූතන හෝම්ස්ට වඩා සෑහෙන්න හොඳයි.

    ReplyDelete
  3. නිර්මාණයට කොච්චර ඕන උනත් මගේ අදහස ඕනනැති දේවල් ඕනෑම නැහැ කියන එකයි..

    ReplyDelete
  4. ඔබ කියන්නේ සම්පූර්ණ ඇත්ත. කොටු දැම්මට වැඩක් වේද? මගේ පුද්ගලික අත්දැකීමක් කියනව නම් මම එක්තරා රූපවාහිනී සේවයක වැඩ සටහනකට සහභාගී වූ අවස්ථාවක මේ දුම්බීම සහ මත්පැන් පානය ගැන කථා කිරීම ගැන සැලසුම් කලා. ඒ අවස්ථාවේ ඒ ආයතනයේ ප්‍රධානියා මට දැනුම දුන්නා ඒ ගැන නොකියා ඉන්න කියා. මොකද අදාල ආයතන තමන්ට දෙන වෙලද දැන්වීම වලට ප්‍රශ්නයක් වෙයි කියලා. මෙහෙමයි වැඩ. මේවා ඔක්කොම ප්‍රදර්ශන වැඩ. කිසිම මූලික ප්‍රතිපත්තියක් ඇතුව කරන දේවල් නෙමෙයි. ඔබ අපි මෙහෙමවත් කථා කිරීම වටිනවා.

    ReplyDelete
  5. දුම්බීමෙන් මිදෙන්න/මුදවගන්න ප්‍රතිකර්ම තියෙනවා. ඒවා ගැන දැනුවත් කලානම් වඩා හොඳ වෙයි. www.nicotinell.com වගේ නිශ්පාදන ලංකාවට හඳුන්වා දෙන්න ඕනි.

    ReplyDelete
  6. මේ තත්වයන් වෙනස් වෙන්නෙ නෑ සිනමාව තුළ දුම්බීමේ හෝ මත්පැන් බීමේ දර්ශන නැති කලා කියල. ඒත් කලා කෘතියක් කලා කෘතියක් විදියට වින්දනයේ කිරීමේ රසවින්ඳන හැකියාව දරුවන් තුළ පෝෂණය කරන්න හැකියාව තියෙනවනම් අනුකාරකයන් බවට පත්වීම වෙනුවට හොඳ රසිකයින් බිහිවෙයි.

    ReplyDelete
  7. Thank You for Smoking කියන චිත්‍රපටියෙ කියවෙන්නෙ දුම්කොල සමාගමක නියෝජිතයෙක් ගැන. ඔහු චිත්‍රපටිවල තමන්ගෙ නිෂ්පාදන පිහිටුවීම ගැන කෙරෙන අවස්ථා කීපයක්ම ඒකෙ තියෙනව. ඒක ඉතිං සමාගම් වල වැඩක් තමයි.

    http://www.imdb.com/title/tt0427944/

    ReplyDelete
  8. @ඉන්දික - එහෙම එකක් තමා නේ

    @පොඩිගමයා - ස්තුතියි අදහසට

    @චම්මා - අදහසට ස්තුතියි

    @මහ වෙදනා - ඒක තමයි වැරැද්ද තමන්ගේ ආර්ථික වාසි මත , පරම්පරාවක්ම විනාශ කරනව . ස්තුතුයි ප්‍රතිචාරයට

    @රැඩිකල් - ඒ වගේ ක්‍රම ගැන මෙහෙ අය උනන්දු නැනේ , සිම්පල් ප්ලැන් නේ හොයන්නේ . ඒ නිසා කොටු ටිකක් දාල ඕං අපි මතට තිත තිබ්බාය කියල පම්පෝරි ගහනව

    @outsider සිනමාවේන් සම්පූර්ණයෙන්ම අයින් කරන්නය කියල මම කියන්නෙ නැ , නමුත් කොම්පැනිකාරයින්ගේ සල්ලි වලට සිගරැට් වල වීරත්වයන් ආරෝපණය කරන එක නම් බරපතල වැරැද්දක් , ළමයින්ගෙ රස වින්දන සීමාවන්ට එහා ගිය නිර්මාණ වලදි භාවිතා කරන ගැටලුවක් නැ , නමුත් ලමයින්ගෙ රස වින්දනයටත් විවෘත නිර්මාණ වලදි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනි . මොකද් ජීව විද්‍යාත්මකව ළම්යින් වර්ධනයත් එක්ක අන්තරාදායක දේවල් අත්හදා බලන්න , වීරත්වයන් ආරෝපණය කරගන්න හරි කැමතියි . ළමයින්ව මොට කරන අපේ රටේ නෙවෙයි සැහෙන තරම් දැනුවත් ලමා පරපුරක් ඉන්න ඇමෙරිකාවේත් මැත කාලීන පරීක්ෂන වලින් දුම් බීමේ දර්ශන වල බලපැම ගැන තහවුරු වෙලා තියනව . ඒ අනුව තමයි ප්‍රසිද්ද සිනමා සමාගම් කටයුතු කරල තියෙන්නෙ සහ රජයන් කටයුතු කරල තියෙන්නෙ . මේ ලිපිය ලිව්වට පස්සේ කියපු ලේඛනයකට අනුව ඇමරිකාවෙ විඔතරක් නෙවෙයි ඉන්දියාවෙත් මේ ගැන අන පනත් සම්මත වෙලා තියෙනෙවා

    ReplyDelete
  9. @hare - එහෙමද ? සැහෙන ජනප්‍රිය චිත්‍රපටියක් බවයි පෙන්නෙ IMDB රැන්ක්ස් අනුව

    ReplyDelete
  10. හැම දේටම දේශපාලනය වගේම තදින්ම වෙළඳාමත් ගෑවිලා තියෙන ලෝකෙක ඕක විතරක් වෙනස් කරන්න හම්බ වෙයි කියලා මං නං හිතන්නේ නැහැ.

    බුවා පොඩ්ඩක් උඩ ලිපිය හදන්න වෙයි..මං පේන විදියට මෙන්න මේ කොටස දෙපාරක්ම යෙදිලා තියෙනවා

    "සිනමාවේ මධ්‍යය අවදියේ ඉඳන්ම වගේ සිනමාව හරහා දුම්වැටි ප්‍රචාරණය කිරීම් සිදුවුනාය කිව්වොත් මං හිතන්නෙ මම නිවැරදියි , තමන්ගේ කථා තේමාවට අදාලව චරිත ගොඩ නැඟීමෙදී දුම්වැටි දර්ශන ඇතුල් කිරීමට අමතරව දුම්වැටි නිෂ්පාදකයින්ගේ මුල්‍යාධාර මත සිනමා පට නිපදවන්නත් ඒ හරහා චිත්‍රපටියේ වීර චරිත දුම්පානය කරන්නන් විදිහට ඉස්මතු කරන්නත් 40/50 දශක වලදී පවා සිනමා කරුවන් කටයුතු කරල තියනව . වීර චරිත විතරක්ම නෙවෙයි සමහර සම්භාව්‍ය සිනමා නිර්මාණ හරහාත් දුම් පානය ආශ්වාද ජනක දෙයක් ලෙස රසිකයාට ඉදිරිපත් කරන්න කටයුතු කලාය කියලයි කියවෙන්නේ "

    ReplyDelete
  11. @මාරයා - අදහසට ස්තුතියි ... දෙපාරක් දාල තමයි කන්වර්ටරෙන් කොපි පේස්ට් කරත්දි සිද්ද වෙන වැඩ තමයි ..බොහොම ස්තුතියි වැරැද්ද පෙන්නල දුන්නට

    ReplyDelete
  12. ශෝක් ශෝක්, ඔය ප්‍රචන්ඩකාරී දර්ශනත් හොන්ද නෑලුනෙ, ඒවටත් බැනර් දාමු.

    මස් මාලු කන දර්ශන, හප්පේ ලමය් මස් කන්න පුරුදු වෙනවනෙ, ඒවටත් බැනර් දාමු

    සිපගැනීමේ දර්ශන, බුදු අම්මො ලමය් කිස් කොරන්න පටන් ගත්තොත් ඕව දැකල, ඒවටත් බැනර් දාමු.

    ඔක්කෝටම බැනර් දාමු.

    චරිත ටික හතර පෝයට සිල ගන්න සුදනො කරමු, රටේ ලමයි නරක් වෙනවනෙ නැත්තන් අප්පෙ, කලා නිර්මානයක් කරන කොට වැදගත් වෙන්නෙ අදහස් ප්‍රකාශ කරන එක නෙමේනෙ, රටේ පොඩි උන් හදන එක, නේද?

    ReplyDelete
  13. @අනෝ - කව්ද එහෙම එකක් කියන්නේ ? කියන දෙයක් තේරුම් ගැනීමේ හැකියාව බොහොම දුර්වලයිනේ . මම කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමක් ගැනවත් සියල්ල වාරණය කරන එක ගැනවත් නෙවෙයි . වාණිජ වශයෙන් පමනක් දුම් වැටි භාවිතා කිරීම ගැන සහ දුම් වැටි වලට වීරත්වයක් එකතු කිරීම ගැන . ඔය අනික් සීන් ගැන මගේ ස්ථාවරය මම කලින් ලියල තියනව . පහල ලින්ක් එක තියෙයි කියවල බලන්න .

    http://buwagesithuvili.blogspot.com/2011/08/blog-post_7834.html?utm_source=BP_recent

    ලංකාව ගැන කියනව නම් ඔය කිසිම දෙයක් කලාත්මකව භාවිතා කරන්න තරමේ සිනමා නිර්මාණයක් හැදෙන්නෙවත් නැ , මේ වෙනකොට . අනික අදහස් ප්‍රකාශ කරනාවාය කියල හැම මඟුලම ලමයින්ට පෙන්නන්න බැ . ඒ නිසා තමයි වෙන රටවලට චිත්‍රපටි සහ රූපවාහිනි වැඩසටහන් වලට රේටින් ක්‍රමයක් තියෙන්නෙ ඒ ඒ වයස් කාණ්ඩයට අදාල අයට රසවිඳින්න

    ReplyDelete
  14. ඔබ හරි.. මමත් ඉඳල හිටලා ඔය එකක් සොමියට දාගන්න හින්ද නෙවෙයි.. මත්පැන් බීමට වඩා දුම් බීම අතිශයින්ම භයානක දෙයක්. ඒ කාලේ ගාමිණී ෆොන්සේකා මහත්තයාගේ ෆයිට් සීන් පටන් ගන්නේ දුම්වැටියෙන් තමයි. ඔන්න මිනිහ දුම් වැටිය ඒක පාරක් උඩට උරලා බිමට විසිකරලා පාගනවා ඊට පස්සේ දුෂ්ටයාට උඩ යන්න ගහනවා. ඔය වැඩේ ගමේ නාට්‍යයක කරන්න ගිහින් මිනිහෙකුට උන අකරතැබ්බක් මට මතකයි. දුෂ්ටයාට ගහන්න කලින් සිගරට් ඒක උරන්න එපාය.. මේ යකා සිගරට් තදියමට ඒක කරන්න ගිහින් ගින්දර පැත්ත කටේ දාගත්තා. නාට්‍යය එතනින් හමාරයි.. කට පිච්චුනා මදිවට හුවත් අහන්න උනා..
    මතට තිත වගේ තමයි මේකත්.. වැඩිම බදු ආදායම එකෙන් ගන්න ගමන් කොහොමද ඒක නැති කරන්නේ ?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව