සියතින් ගෙල සිඳගැනීමේ එජාප ආදර්ශය සන්ධාන රජය විසින්ද අනුමනය කරන්නට යෙදී ඇති බවක් පෙනෙන්නට ඇත . නව තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේදී පමණක් නොව රටක ඒදිනෙදා කර්තව්‍යයන් වූ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම වැනි දැ වලදී පවා සන්ධාන රජය හත් පොලේ ගාගනිමින් සිටිනා බවක් පැහැදිලිව දක්නට ඇත . මේ අතර බොර දියේ මාලු බාන්නට සැරසෙනා කුහකයින් පිරිසකගෙ ක්‍රියාකාරීත්වයක් රජය තුලින්ම පැන නැගෙනා බවක් දක්නට ඇති නිසා ඒ පිලිබඳ කෙටි සටහනක් එක් කල යුතු යැයි සිතුවෙමි මුස්ලිම් , දෙම්ල අන්තවාදීන් සමඟින් සිංහල ජාතීවාදිනුත් ,සාම්ප්‍රදායික වාමාංශිකයින් සමඟින් නව ලිබරල් වාදීනුත් වශයෙන් විවිධාර මතවාදයන් දරන පුද්ගලයින්ගේ සම්මිශ්‍රණයක් වූ රජයක් තුල විවිධා කාර ගැටුම් ඇතිවීම ස්වාභාවිකය . විශේෂයෙන් රජය තම ජනප්‍රියත්වයේ "පීක්" එකේ සිට පල්ලම බසිනා යුගයක එවන් තත්වයන් සුලභය . නමුත් වර්ථමානයේ රජයේ ඇතැම් පාර්ශව ඉන් එහා ගොස් තමන් පමණක් පොරවීමේ ක්‍රියාවලියක සිටිනා බවක් දක්නට ඇත .රජයේ කැබිනට් අමාත්‍යවරුන් වූ විමල් වීරවංශ සහ චම්පික රනවක මහත්වරුන් සාමාජිකත්වය දරනා ජාතික නිදහස් පෙරමුණා හා හෙල උරුමය මේ පාර්ශවයන් ලෙස මූලිකව