Skip to main content

Posts

Showing posts from February, 2012

ශ්‍රි ලංකා රජයේ ප්‍රතිචාරයෙන් ලෝකය කැලඹේ !..

එක්සත්  ජාතීන්ගේ  මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රි ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත යෝජනාවට එරෙහිව ලබන 27 වෙනිදා රටපුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරනා බව ශ්‍රි ලංකා රජය විසින් ප්‍රකාශයට පත්කොට ඇත . ශ්‍රි ලංකාවේ මෙම නිවේදනය පිලිබඳ අදාල යෝජනාවට සහයෝගය දීමට බලාපොරොත්තුවෙන් සිටි පාර්ශවයන්  ද  ප්‍රතිචාර දක්වා තිබුනි ශ්‍රි ලංකාවේ නිවේදනය පිලිබඳ අදහස් දක්වන   ජනපති බැරක් ඔබමා මහතා  ශ්‍රි ලංකා රජයේ නිවේදනය ඇසීමෙන් තමන් බලවත් කම්පනයට පත්වූ බවත් , ශ්‍රි ලංකාවට එරෙහි කිසිදු යෝජනාවකට සහයෝගය දීමෙ කිසිදු බලාපොරොත්තුවක් තමාට හෝ එක්සත් ජනපදයට නොමැති බවත් අවධාරණය කර සිටියේය . තව දූරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙය එක්සත් ජනපදය හා ශ්‍රි ලංකාව අතර පැවතෙන දිගු කාලීන සබඳතා බිඳ දැමිමේ අරමුණින්  රුසියානු හෝ චීන ඔත්තු සේවා මගින් යෙදූ කූට උපක්‍රමයක් බවට සැකයක් ඇතැයිද පවසා සිටියේය . මේ අතර  සරත් ෆොන්සේකා මහතා දේශපාලන සිරකරුවෙකු වශයෙන් නම් කිරීමට ගත් තීරණයද ඉදිරිකාලයේදී අවලංගු කිරීමට නියමිත බව ධවල මන්දිර ආරංචි මාර්ග පවසා සිටී . ශ්‍රි ලංකාව සමඟ සබඳතා බිඳ වැටීම ඉදිරි ජනාධිපතිවරණයෙදී  අයහපත් ලෙස බලපැ හැකි බැවිත් ඔබාමා මහ

දේශප්‍රේමියනි අවදිවව්!!

තෙල් මිල වැඩි වෙලාය , විදුලිය   බස් ගාස්තු පාන් ජලය අනන් මනන් ඔක්කොමත් වැඩි වෙනවාය . ගැස් කිරිපිටි එහෙමත් වැඩිවෙනවා කියා කියනවාය . මේ සියල්ලටම මුල ඊනීයා අධිරාජ්‍ය වාදී බටහිර බලවේග ය .දේශප්‍රේමීන්ගේ පරම මිතුරෙකු වූ අහමදි නෙජාඩ් ලොක්කාට දාන ගෙම්බර් නිසා දේශප්‍රේමී  අපිටත් තෙල් ගණන් වැඩි වෙලාය  . ඇමරිකන් කාරයා ඉරානයට සම්බාධක දාන්නේ සිංහල -බෞද්ධ දේශය නොහොත් ආසියාවේ ආශ්චර්යයට කෙලවීමට පමණක්ම වෙන්නට බැරිත් නැය . ඒ තරමටම ආසියාවේ ආශ්චර්යය හා දේශීය විද්‍යාව බටහිරයන්ට හිසරදයක් වෙලාය . ඉරාන තෙල් මත විතරක් යැපීමේ විපාක , සම්බාධක වලට කල් තියෙයි , ලෝක වෙලඳ පොලේ තෙල් මිලට සාපේක්ෂව වැඩි කලා වැඩියි කියා කියන්නේ රනිල්  වික්‍රමසිංහ වැනි දේශද්‍රෝහීන් පමණය , ඔවුන්ගේ කථා දේශප්‍රේමී අප පිලිගන්නට ඕනෑ නැය .මේ මිල වැඩි වීම් අපගේ ආශ්චර්යමත් රාජ්‍යයට එල්ලවන අභියෝගයන් ලෙස සලකා එකාමෙන් එකමුතුව සිටිය යුතුය තෙල් මිල වැඩිවුනා කියා උද්ඝෝෂනය කල එකෙක් මැරිලාය . ගල් මුල්  ,කඩු පොලු අරන් එන උන් හුරතල් කරන්නට බැය , මුන්ගේ පිටි පස්සෙ ඉන්නේ එන්ජීඕ කාරයින්ය . ඒ නිසා ඒවා මර්ධනය කල යුතුමය . දෙන ගානකට ඩීසල් ගහගෙන මූදු නොගිහින

නිදහස් දින කථා සහ සරත් ෆොන්සේකා

සරත් ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධනාගාරයේ සිට රූපවාහිනිය නරඹමින් සිටී , අද දෙරණ පුවත් විකාශ ඇරඹේ . නිදහස් දින කථා පෙලින් පෙලට විකාශය වෙත්දී ඒ පිලිබඳ ඔහුගේ සිතේ ඇතිවෙන්නේ මෙවන් අදහස් විය හැක ගරු ජනපති තුමා - පිටරටින් ආනයනය කරන විසඳුම් අපිට අවශ්‍ය වෙන්නේ නැ ........... S.F  - ඉන්දියන් කාරයෝ ආවම 13+ කිව්වෙ මමයැ ගරු විපක්ෂ නායක තුමා - අද රටේ නිදහස නැ , මානව හිමිකම් නැ , නිතිය නැ .......  S.F - කාලෙකින් මේ පැත්තේ ආවෙත් නැ , මාව මතකද දන්නෙත් නැ පා.ම සජිත් ප්‍රේමදාස - අපේ බලාපොරොත්තුව ඉක්මනින් එජාප රජයක් පිහිටුවලා , සරත් ෆොන්සේකා මහතාට පූර්ණ නිදහස ලබාදීමයි  S.F - අනේ ..පුතේ එච්චර කාලයක් නම් මේක ඇතුලේ ඉන්න අමාරුයි ! -------------------------------------------------------------------------------------------- ප.ලි - ඔව් .. ඔහුට තවමත් නිදහස නැ , ඇත්තටම නිදහස නැත්තේ ඔහුට පමණද ?