Skip to main content

Posts

Showing posts from December, 2012

සිංහල කාන්තාවන් මුස්ලිම් කරණය කිරීමට නිර්දේශ දෙන අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ "සිංහල බෞද්ධ විද්වතා " ....

ආගමික ප්‍රශ්නයන් දිගින් දිගටම ඇදගෙන බ්ලොග් කරණය ඇතුලේ "හෝලි වෝ" එකක් පටන් ගන්න අදහසක් නැතත් , පසුගිය දින  කිහිපය පුරාවට අන්වර් මනතුංග උන්නැහෙගේ බ්ලොග් අඩවිය තුලදී  නොයෙකුත් ආකාරයේ වාදයන්ට එලඹුන "කාන්තාවන්ගේ වස්ත්‍රය පිලිබඳ " ඉස්ලාමීය මතය පිලිබඳ සාකච්ඡාව ට තවත් එකතු කිරීමක් කරන්න සිද්ධ වෙලා තියනවා . ඒ අන්වර් මනතුංග මහත්තයා තමන්ගේ ඉස්ලාමිය මතය තහවුරු කරන්න " සිංහල බෞද්ධ විද්වතෙකු" ගේ අදහස් කියල ලිපියක් එකතු කරලා තියන නිසා කාන්තාවගේ වස්ත්‍රයන් සම්බන්ධව ඉස්ලාමයේ තියන මතය පිලිබඳ අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ . ඒ වගේම මගේ බ්ලොග් අඩව්යේ පාඨකයින් සාතිශය බහුතරකට  පිරිමින්ගේ වලත්ත කම් වලට කාන්තාව වැසීමේ අයුක්තිසහගත නිතියේ ගෝත්‍රික ස්වාභාවය පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකකුත් නෑ . මේ පිලිබඳ මගේ මතය ඉතාම සංෂිප්තව කියනවා නම් "කාන්තාවගේ ඇඳුම පිලිබඳ පූර්ණ අයිතිය  කාන්තාව සතුයි " කියන එක .  ඒ මතවාදය තුල නොඉන්නවා නම් කාන්තාවන්ගේ ඇඳුමට ආගමික හෝ වෙනත්  බාහිර තහංචි අවැසියයි සිතනවා නම් .කාන්තාවන්ට සිදුවෙන අතවරයන් වලක්වා ගන්න ඇයව ආවරණය කල යුතුයැ

අවාසනාවට ... ඇත්ත කථාවක් !

මහසෙන් සහ බණ්ඩාර කියන්නේ ශ්‍රි පුර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙල හදාරන  සමීප මිතුරන් දෙදෙනෙක්. සැහෙන කාලයක් පටන් තිබුනු මේ දෙදෙනාගේ මිත්‍රත්වය ශ්‍රි පුර විද්‍යාලයේ ගුරු සිසු කාටවත් රහසක් වුනේ නෑ . විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් තේරී පත්වුනු මහසෙන් නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක කමක් බණ්ඩාරට අරන් දෙන්න සැහෙන මහන්සි වුනු බවත් හැමෝම දන්නවා . බණ්ඩාරගෙනුත් ඒ වෙනුවෙන් මහසෙන් ට ලැබුනු උදව් බොහොමයි ශිෂ්‍ය නායක වැඩ කටයුතුවල නිරත වෙත්දි . මහසෙන් සහ බණ්ඩාර අතර කෙරුනු මේ උදව් උපකාර ඒ අයගේ පවුල් වල සාමාජික සමාජිකාවන් වෙනුවෙන් පවා යෙදුනු අවස්ථාත් නැතුවා නොවෙයි . මේ සුන්දර මිත්‍රත්වයට කණකොකා හඬන්න පටන් ගන්නේ  ශ්‍රි පුර විද්‍යාලයේ උසස් පෙල හදාරන්න  එකතුවුනු රූමත් තරුණියක් නිසා . ඇගේ නම කුමාරි . මහසෙනුත් බණ්ඩාරත් දෙදෙනාම කුමාරිගේ ආදරය වෙනුවෙන් සටන් කලත් කුමාරිගේ ආදරය හිමිවුනේ බණ්ඩාරට . මෙත් සමඟම තමයි මහසෙන් සහ බණ්ඩාර අතර තිබුන අතිජාත මිත්‍රත්වය ජන්මාන්තර වෛරයකට පෙරලෙන්නේ .තමන්ගේ මිතුරා තමන්ට පිටුපැම පිලිබඳ උරණු වූ මහසෙන් ඔහුගෙන් පලිගන්න තීරණය කරන්නේ අවසනාවන්ත විදිහට .මහසෙන් මේ සඳහා තෝරගත්ත පල

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය වශයෙන් සිටිනා

යුක්තිය පසිඳලීමේ කාර්යක්ෂම භාවය වෙනුවෙන් තේරිම් කාරක සභාවට ජාතියේ හරසර !

බටහිරයන් හෙලුවෙන් සිටි සමයේ පටන් ලොව විශ්මයට පත්කල නිර්මාණයන් බිහිකල හෙලයන්ගේ ආශ්චර්ය ද්වීපයෙන් ඊනියා බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල් කඩ බඳුවු පාර්ලිමෙන්තු සම්ප්‍රදායට සහ අධිකරණ පද්ධතිය තුල තවත් නැවුම් සහ උත්කෘෂ්ට වූ හඳුන්වාදීමක් සිදුකොට ඇති බැව් දැනගන්නට ලැබී ඇත . බටහිර අධ්‍යාපනයෙන් මොටවූ කලු කෝට් බමුණු කුලයේ කෙලිබිම වූ අධිකරණ පද්ධතිය තුල වසර ගණන් නොව දශක ගණන්  දිව යන නඩුහබ පවතිද්දී , විජාතික බලවේගයන්හි අවශ්‍යතාවයන් අනුව රජය අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩි පිලිවෙලක නිරත වූ , මෙතෙක් ශ්‍රි ලංකාවෙන් බිහිවූ දූෂිතම රාජ්‍ය නිලධරයා වන අග්‍රවිනිශ්චයකාර ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මහත්මිය පිලිබඳ  විමර්ෂණ කමිටුව ඉතා කෙටි කාලයක් තුල  තම වාර්ථාව කථා නායක ගරු චමල් රාජපක්ෂ මැතිතුමා වෙත බාරදීමට සමත්ව ඇත . ප්‍රජාතන්ත්‍රවාදි  බැටලු හම් පොරවාගත් ත්‍රස්තවාදියෙකු වූ ආර්.සම්බන්ධන් , සහ දෙමල ඩයස්පෝරාවේ කුලිකරුවන් සහ බටහිර ඔත්තු සේවාවන්හි මෙරට ඒජනතයන් වූ ලක්ෂමන් කිරිඇල්ල ජෝන් අමතුංග සහ විජිත හේරත් වැන්නන් විසින් සිදු කල අනේක විධ බාධාවන් හමුවේ ඉතා කෙටි කලකින් තම වාර්ථාව සකස් කල  උක්ත කමිටුවේ සා