Skip to main content

Posts

Showing posts from March, 2013

දිනමින කතු වැකියේ මඤ්ඤං කථා

මාතෘකාව දකිනා කෙනෙකු දිණමිනේ මඤඤං නොවන  යමක් පලවූයේ කවදා දැයි විමසා සිටියත් මා පුදුමයට පත්වන්නේ නැත . නමුත් රජයට සුදු හුණු ගැමෙන් නොනැවතී ලෝක දේශපාලනයත් ඇඳා ගත් කරුණු කාරණා සම්බන්ධයෙන් "මඤ්ඤං" කථා රාශියක් ඇතුලත් ලිපියක් අද දින කතු වැකිය වශයෙන් පලවී ඇත . මේ ඒ පිලිබඳ විග්‍රහයකි (කරුණු උපුටා ගන්නේ කතුවරයා සටහන් කර ඇති අනුපිලිවෙලට නොවේ ) // තායිලන්තය, පිලිපීනය, බ්‍රසීලය, චිලී, ආර්ජන්ටිනාව වැනි රාජ්‍යයන් ගැන අමුතුවෙන් කතාකළ යුතු නැත. එම රටවල් අමෙරිකාව හා යුරෝපය මත යැපෙන රාජ්‍යයෝය.  // ඉහත වාක්‍යය දුටු සිනහ පහල නොවනා කෙනෙක් සිටී නම් ඒ දිණමින , අයිටින් සහ ස්වාධීන රූපවාහිනියෙන් තොර ලෝකයක් නොදන්නා අයෙකු විය යුතුය .  බ්‍රික්ස් කණ්ඩායමට අයත් නැගී එන ආර්ථික බලවතෙකු වන බ්‍රසීලය  , අදාල සංගමේ වඩාත් පරිපූර්න  සංවර්ධනයක් අත්කරගත් සාමාජිකයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. එනිසා ආර්ථික හෝ දේශපාලනික වශයෙන් කිසිදු රාජ්‍යක් මත "යැපීමේ" අවශ්‍යතාවයක් බ්‍රසීලයට නැත . බ්‍රසීලය ලෝක දේශපාලනය තුල ක්‍රියාත්මක වී ඇති අන්දමෙන්ද ඔවුන් කිසිසේත්ම ඇමරිකන් හිතවාදීන් නොවෙනා බැව් නිරික්ෂණය කල හැක . බ්‍රසී

ජිනිවා අවසන් "යටතේ නොවෙනා" දේශප්‍රේමියනි අපි දැන් කුමක් කරමුද ?

ජිනිවා කෙලිය  සිතු පරිදිම අවසන්ය  ,රජයේ අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය නිසා සිදුවන බාගෙන නාගැනීම් පිලිබඳව  කථා කිරීමත් කාලය කා දැමීමක් පමණි. එනිසා මේ අද දින ඇමරිකානු කානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී "යටත් නොවෙමුය" කියා බෙරිහන් තැලූ දේශ හිතෛශීයින් ඇතුලු සමස්ථ දේශප්‍රේමීන්  ගේ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ අදහස් දැනගැනීමට ඡන්දයකි . ඡන්දය ඉහලින් ඇත , ප්‍රශ්නය සහ පිලිතුරු පහලින් ඇත  ජිනිවා හිදී ශ්‍රි ලංකාවට එරෙහිවූ පාහරයන්ට පාඩමක් උගන්වන්නේ කෙසේද ?  A. සියලුම ඇමරිකන් භාණ්ඩ හා සේවා වර්ජනය කිරීම (අන්තර්ජාලයද ඇතුලුව )  B. සියලුම ඉන්දියානු භාණ්ඩ හා සේවා වර්ජනය කිරීම (ජපන් බස් පාරට දාන තෙක් පයින් යාම ) C. ඉන්දියාවට එරෙහිව යුධමය ක්‍රියා මාර්ගයකට යොමු වීම  D.චීනය සහ රුසියාව සමඟින් එක්ව ඇමරිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීම  E. ෆෙස් බුකියේ ඡායාරූප වලින් ඇමරිකාව , ඉන්දියාව , නවනීදන් පිල්ලේ පතුරු ඇරීම   F. ඇමරිකානු හෝ  ඉන්දියානු තානාපති කාර්යාල ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ඇරඹීම (ලෙමන් පෆ් භාවිතා කිරීමේ අවසරය ඇත )  G.ඔබාමාගේ , මන්මෝහන් ගේ පඹයින් ගිනි තැබීම   මේ හැර කරන්නට  බලාපොරො

තමිල්නාඩුවට එරෙහිව බ්‍රහ්ම දණ්ඩය .. බුවාගෙන "අර්ධ දේශප්‍රේමී" යෝජනාවක් !

වසර දෙකක් තිස්සේ ලියා  මෙහි ලියූ දේවලින් මෙන්ම අනෙකුත්  බ්ලොග් අඩවි තුල පල කල අදහස් තුලින් බුවා අයත් වන්නේ "දේශද්‍රෝහින්" කුලකයට කීවොත් නිවැරදිය .ඒ දේශප්‍රේමීන් , සහ දේශද්‍රොහින් නිර්ණය කරන නූතන ශ්‍රි ලාංකීය නිර්ණායකයන්ට අනුවයි . මේ වන විට දකින්නට නැතත් කලකට පෙර බ්ලොග් අවකාශයේ නිරන්තරයෙන් දක්නට ලැබුනු "දේශප්‍රේමීන්" විසින් මේ ලේබලය ඇලවූ අවස්ථාද නැත්තේ නොවේ . මේ සුදානම් වන්නේ ඒ ලේබලයෙන් මදක් බැහැරව යන "අර්ධ දේශප්‍රේමි" යෝජනවක් ඉදිරිපත් කිරීමය , ඒ තමිල්නාඩුවේදී ශ්‍රි ලාංකිය භික්ෂුන් වහන්සේ දෙනමක් පහර කැමට ලක්වීම අරභයා  ඔරිජිනල් "දේශප්‍රේමීන්" විසින් ලබාදෙන විසඳුම් වලට විකල්පයක් ලෙසිණි භික්ෂූන් වහන්සේලාට පහර දීම සම්බන්ධයෙන් නොයෙකුත් තැන්හී අපගේ "දේශප්‍රේමින්" තැබු සටහන් වලින් උකහා ගත් යෝජනාවන් පහත සාරාංශ ගත කර ඇත . ඒ එම යෝජනාවන්හී ගැටලු සහගත භාවයන් පෙන්වා දී , මාගේ යෝජනාවේ අවශ්‍යතාවය මතු කිරිම උදෙසාය ඉන්දියානු භාණ්ඩ වර්ජනය - මේ දේශප්‍රේමයේ උපරිම තලයේ යෝජනාවකි . හෙලයේ මහා දේශප්‍රේමී වීරවංශ මැතිදුන් ගේ ඇමරිකන් භාණ්ඩ වර්ජනයේම තවත් පියවරක

කීර්ති වර්ණකුල සුරිය මහතා හෙලිකරණ ඩොලර් කාක්කන්ගේ යෝජනා

කීර්ති වර්ණකුල සුරිය යන අසා නැති  කෙනෙක් ශ්‍රි ලංකාවේ පුවත් පත් පාඨකයින් අතරින් සොයා ගැනිමට හැකිවේ යැයි මා සිතන්නේ නැත . දිවයින ඉරිදා සංග්‍රහයේ ආරක්ෂක තොරතුරු වාර්ථාකරු වූ  ඔහු මෙවර ජිනිවා හි සිට සිය සුපුරුදු ආරක්ෂක  විග්‍රහය දිවයින පුවත් පතට යොමු කර ඇත . ඒ තුල වැඩි ඉඩ කඩක් වෙන් වන්නේ ශ්‍රි ලංකාව පිලිබඳ විශ්ව කාලාන්තර සමාලෝචනය වෙනුවෙන් ඉදිරිපත් වූ යෝජනා පිලිබඳ වයි . එම යෝජනා පිලිබඳ කතුවරයා මෙසේ කියා සිටියි  ශ්‍රී ලංකාව ඉටු කළ යුතු යෑයි දක්‌වමින් නිර්දේශ 204 ක්‌ එකී වාර්තාවට ඇතුළත් කර තිබූ අතර ඉන් 94 ක්‌ රජය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. මෙලෙස ප්‍රතික්‍ෂේප වූ නිර්දේශ පිළිබඳව විමර්ශනය කරන විට හෙළි වූයේ ඩොලර් මුදල් ලබන කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් විසින් විදේශ රටවල් ලවා එකී නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි . ඩොලර් සහ යුරෝ අරමුදල් ලබන කොළඹ එන්.ජී.ඕ. කල්ලිය විදේශ රටවල් නටවන අන්දම මෙකී නිර්දේශවලින් තවදුරටත් හෙළිවී තිබේ. එන්.ජී.ඕ. කල්ලිය හෙවත් ඩොලර් කාක්‌කන් විසින් විදේශ රටවල් ලවා යොමු කරනු ලැබූ නිර්දේශ මෙසේය.  රාජ්‍ය නොවන සංවිධාන හෝ "ඩොලර් කාක්කන්" විසි

ජිනිවා............ නිහැඬියාව,ඩීල් සහ තවත් කථා

ජිනිවා සමුලුවට ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණි. පසුගිය වසරේ ජිනිවා සමුලුව වෙත මෙවැනිම යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ ශ්‍රි ලංකාවේ වාතාවරණය සහ වර්ථමාන වාතාවරණය ඉතා පැහැදිලි වෙනසක් නීරීක්ෂණය කල හැක ."සුද්දන් අපිට කෙලවන්නට එනෝ..." යන ජනප්‍රිය  ශ්‍රි ලාංකීය තේමාවේ දිගුවක් වශයෙන් පශ්චාත් යුධ සමයේ ජාත්‍යන්තර  බලපැම් විස්තර කරන්නට යෙදුනු රජය, රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය , සිවිල් ක්‍රියාකාරකම් ආදී නොයෙකුත් දෑ මගින් සමස්ථ රට වැසියා (බහුතරය ) ජිනිවා "ගැටලුව"  විශයෙහි සංවේදී කොට තැබීමටත් , ඒ හරහා රටේ අභ්‍යන්තර කටුක දේශපාලනික යථාර්තයන් අමතක කර රජය වටා ජනතාව එක් රැස් කර ගැනීමටත් කටයුතු යොදනා බවක් පසුගිය වතාවේ ඉතා පැහැදිලිව දක්නට ලැබිණි . රට අභ්‍යන්තරයෙන් නඟනා කුමන හඬකින් හෝ අබමල් රේණුවක බලපැමක් ජිනිවා වෙත සිදු කල නොහැකි බව රජය විසින් සැබැවින්ම වටහා ගෙන නොතිබුනේද කියා සැකයක් මතුවන්නේ විදුලි ගාස්තු වැඩි කීරිම් , බස් ගාස්තු වැඩි කිරීම් ආදී දෑ ආවරණය කිරීම සඳහා ඉතා පහසුවෙන් යොදා ගත හැකිව තිබු ජිනිවා පි

සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටියට බලපෑ ඉස්ලාමීය අන්තවාදය - රන්ජන් රාමනායක හෙලි කරයි !!

ජනප්‍රිය සිනමා නලු රන්ජන් රාමනායක මහතා ගේ රංගනයන් පිලිබඳ මාගේ එතරම් පැහැදීමක් නැතත් දේශපාලකයෙකු වශයෙන් අගය කල හැකි සහ විශ්වාස කල හැකි පුද්ගලයෙකු බැව්  ඔහු පසුගිය සමයේ දක්වා ඇති අදහස් උදහස් සහ ක්‍රියා මාර්ගයන්ගෙන් පැහැදිලිවේ . දේශප්‍රේමී ලේබල් ගසා ගත් බොහෝ දේශපාලකයින්  කථා කිරීමට මැලි වන දේ ඉතා සෘජුව , බාධා කිරීම් මධ්‍යයේ පාර්ලිමේන්තුව තුල හඬගා කීමෙන්  තමා මුදලට යට නොවූ කොන්ද පණ ඇති දේශපාලකයෙකු බැව් සනාථ කිරීමට සමත් වී තිබේ රාමනායක මහතා පිලිබඳ මේ සටහන තබන්නේ ඔහු විසින් පුවත්පතකට කලාය කියන සාකච්ඡාවකදී (ගොසිප් අඩවියක් තුල ඇස ගැටුණු )  හෙලිකරනා කාරණයක විශ්වාසනීයත්වය පිලිබඳ  මාගේ තක්සේරුව ලෙසිනි  . ගොසිප් අඩවියේ පරමාර්ථය  සිනමා තරුවකගේ තොරතුරු උපුටා දැක්වීම නිසාවෙන්  එම සාක්චාවේදී රාමනයක මහතා විසින් හෙලි කරනා ඉතා වැදගත් තොරතුරක් මෙසේ උපුටා දක්වමු // නමුත් රංගන ශිල්පියකු හැටියට ඔබට යම් අසාධාරණයක් වුණා මේ චිත්‍රපටයේදී? ඔව්, ඒ ගැන මේ ප්‍රථම වරට පුවත්පතකට හෙළි කරන්නේ. සිද්ධාර්ථ කුමාරයාගේ ළමා කාලයේ මම ඔහුට ක්‍රීඩා කරන්න, සටන් කරන්න පුහුණු කරනවා ඔහු සමඟ සෙල්ලම් කරනවා. එතකොට වප් මඟුල් උත්සව

මුදලට ක්‍රිකට්, මාලිංග, අයිපීල් සහ කුහක මාධ්‍යවෙදියෝ !

රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව යනුවෙන් "රුවන්" වැකියක් බස් රථ සහ ත්‍රිරෝද රථ වල පිටුපස සඳහන් කර තිබෙනු ඔබ විසින් දැක ඇතුවාට සැකයක් නැත . ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් ක්‍රිඩකයින් අතර හටගත් මත ගැටුමත් ,ඒ අවස්ථාවෙදී ලසිත් මාලිංග මාධ්‍ය වේදීන් පිරිසකට ලබා දුන් පිලිතුරත් සමඟින් ප්‍රධාන ධාරාවේ මාධ්‍යන් හි මෙන්ම අන්තර්ජාලය තුල නොයෙකුත් කතිකාවන් තුලද මතුවූ අදහස් දුටු විට මා හට  සිහියට නැගෙන්නේ ඉහත කී රුවන් වැකියයි .  මාලිංගව දරුණු ලෙස විවේචනය කරමින් මෙන්ම සහය දක්වමින් නොයෙකුත් අදහස් මතුවූ පසුගිය සතියේ අධික කාර්ය බහුලත්වය නිසා දැක්වීමට නොහැකී වූ අදහස් කිහිපය මෙලෙසින් ගොණු කරන්නේ පසුගිය ඉරිදා "ජාතික" පුවත්පත් වල  පලවූ අදහස් කිහිපයක් නිසාවෙන්  ලැබූ උත්තේජනය නිසාවෙනි .  'හුදකලා සිදුවීමක් වශයෙන් සැලකූ කල ලසිත් මාලිංගගේ හැසිරීම මා අනුමත නොකලත් , ඒ හා සබැඳි පෙර කථා සහ පසු කථා අමතක කර දමා මාලිංග දඬු කඳේ ගැසීමට හැකියාවක් මා හට නැත  සල්ලි වලට ක්‍රිකට්  මාලිංග පිලිබඳ කෙරෙනා විවේචනයන් තුල මෙන්ම ක්‍රිඩකයින් සිය වැටුප් සහ දීමනා වෙනුවෙන් ක්‍රිකට් ආයතනය සම