Skip to main content

Posts

Showing posts from 2012

සිංහල කාන්තාවන් මුස්ලිම් කරණය කිරීමට නිර්දේශ දෙන අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ "සිංහල බෞද්ධ විද්වතා " ....

ආගමික ප්‍රශ්නයන් දිගින් දිගටම ඇදගෙන බ්ලොග් කරණය ඇතුලේ "හෝලි වෝ" එකක් පටන් ගන්න අදහසක් නැතත් , පසුගිය දින  කිහිපය පුරාවට අන්වර් මනතුංග උන්නැහෙගේ බ්ලොග් අඩවිය තුලදී  නොයෙකුත් ආකාරයේ වාදයන්ට එලඹුන "කාන්තාවන්ගේ වස්ත්‍රය පිලිබඳ " ඉස්ලාමීය මතය පිලිබඳ සාකච්ඡාව ට තවත් එකතු කිරීමක් කරන්න සිද්ධ වෙලා තියනවා . ඒ අන්වර් මනතුංග මහත්තයා තමන්ගේ ඉස්ලාමිය මතය තහවුරු කරන්න " සිංහල බෞද්ධ විද්වතෙකු" ගේ අදහස් කියල ලිපියක් එකතු කරලා තියන නිසා කාන්තාවගේ වස්ත්‍රයන් සම්බන්ධව ඉස්ලාමයේ තියන මතය පිලිබඳ අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ . ඒ වගේම මගේ බ්ලොග් අඩව්යේ පාඨකයින් සාතිශය බහුතරකට  පිරිමින්ගේ වලත්ත කම් වලට කාන්තාව වැසීමේ අයුක්තිසහගත නිතියේ ගෝත්‍රික ස්වාභාවය පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකකුත් නෑ . මේ පිලිබඳ මගේ මතය ඉතාම සංෂිප්තව කියනවා නම් "කාන්තාවගේ ඇඳුම පිලිබඳ පූර්ණ අයිතිය  කාන්තාව සතුයි " කියන එක .  ඒ මතවාදය තුල නොඉන්නවා නම් කාන්තාවන්ගේ ඇඳුමට ආගමික හෝ වෙනත්  බාහිර තහංචි අවැසියයි සිතනවා නම් .කාන්තාවන්ට සිදුවෙන අතවරයන් වලක්වා ගන්න ඇයව ආවරණය කල යුතුයැ

අවාසනාවට ... ඇත්ත කථාවක් !

මහසෙන් සහ බණ්ඩාර කියන්නේ ශ්‍රි පුර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙල හදාරන  සමීප මිතුරන් දෙදෙනෙක්. සැහෙන කාලයක් පටන් තිබුනු මේ දෙදෙනාගේ මිත්‍රත්වය ශ්‍රි පුර විද්‍යාලයේ ගුරු සිසු කාටවත් රහසක් වුනේ නෑ . විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් තේරී පත්වුනු මහසෙන් නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක කමක් බණ්ඩාරට අරන් දෙන්න සැහෙන මහන්සි වුනු බවත් හැමෝම දන්නවා . බණ්ඩාරගෙනුත් ඒ වෙනුවෙන් මහසෙන් ට ලැබුනු උදව් බොහොමයි ශිෂ්‍ය නායක වැඩ කටයුතුවල නිරත වෙත්දි . මහසෙන් සහ බණ්ඩාර අතර කෙරුනු මේ උදව් උපකාර ඒ අයගේ පවුල් වල සාමාජික සමාජිකාවන් වෙනුවෙන් පවා යෙදුනු අවස්ථාත් නැතුවා නොවෙයි . මේ සුන්දර මිත්‍රත්වයට කණකොකා හඬන්න පටන් ගන්නේ  ශ්‍රි පුර විද්‍යාලයේ උසස් පෙල හදාරන්න  එකතුවුනු රූමත් තරුණියක් නිසා . ඇගේ නම කුමාරි . මහසෙනුත් බණ්ඩාරත් දෙදෙනාම කුමාරිගේ ආදරය වෙනුවෙන් සටන් කලත් කුමාරිගේ ආදරය හිමිවුනේ බණ්ඩාරට . මෙත් සමඟම තමයි මහසෙන් සහ බණ්ඩාර අතර තිබුන අතිජාත මිත්‍රත්වය ජන්මාන්තර වෛරයකට පෙරලෙන්නේ .තමන්ගේ මිතුරා තමන්ට පිටුපැම පිලිබඳ උරණු වූ මහසෙන් ඔහුගෙන් පලිගන්න තීරණය කරන්නේ අවසනාවන්ත විදිහට .මහසෙන් මේ සඳහා තෝරගත්ත පල

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය වශයෙන් සිටිනා

යුක්තිය පසිඳලීමේ කාර්යක්ෂම භාවය වෙනුවෙන් තේරිම් කාරක සභාවට ජාතියේ හරසර !

බටහිරයන් හෙලුවෙන් සිටි සමයේ පටන් ලොව විශ්මයට පත්කල නිර්මාණයන් බිහිකල හෙලයන්ගේ ආශ්චර්ය ද්වීපයෙන් ඊනියා බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල් කඩ බඳුවු පාර්ලිමෙන්තු සම්ප්‍රදායට සහ අධිකරණ පද්ධතිය තුල තවත් නැවුම් සහ උත්කෘෂ්ට වූ හඳුන්වාදීමක් සිදුකොට ඇති බැව් දැනගන්නට ලැබී ඇත . බටහිර අධ්‍යාපනයෙන් මොටවූ කලු කෝට් බමුණු කුලයේ කෙලිබිම වූ අධිකරණ පද්ධතිය තුල වසර ගණන් නොව දශක ගණන්  දිව යන නඩුහබ පවතිද්දී , විජාතික බලවේගයන්හි අවශ්‍යතාවයන් අනුව රජය අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩි පිලිවෙලක නිරත වූ , මෙතෙක් ශ්‍රි ලංකාවෙන් බිහිවූ දූෂිතම රාජ්‍ය නිලධරයා වන අග්‍රවිනිශ්චයකාර ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මහත්මිය පිලිබඳ  විමර්ෂණ කමිටුව ඉතා කෙටි කාලයක් තුල  තම වාර්ථාව කථා නායක ගරු චමල් රාජපක්ෂ මැතිතුමා වෙත බාරදීමට සමත්ව ඇත . ප්‍රජාතන්ත්‍රවාදි  බැටලු හම් පොරවාගත් ත්‍රස්තවාදියෙකු වූ ආර්.සම්බන්ධන් , සහ දෙමල ඩයස්පෝරාවේ කුලිකරුවන් සහ බටහිර ඔත්තු සේවාවන්හි මෙරට ඒජනතයන් වූ ලක්ෂමන් කිරිඇල්ල ජෝන් අමතුංග සහ විජිත හේරත් වැන්නන් විසින් සිදු කල අනේක විධ බාධාවන් හමුවේ ඉතා කෙටි කලකින් තම වාර්ථාව සකස් කල  උක්ත කමිටුවේ සා

රනිල් ගැන පෙත්සමට ඔබාමා ක්‍රියාකාරි වේ !

ස්ථානය ධවල මන්දිරය , දිනය 2012/11/27 . වේලාව උදැසන 7 ඇමරිකානු ජනපති බරක් ඔබාමාගේ සම්බන්ධීකරණ ලේකම් වරිය කලබලයෙන් ඔබාමාගේ කාර්යාල කාමරය වෙත දිව ඒ . ලේකම් -  සර්..සර් මාර වැඩෙනේ වෙලා තියෙන්නේ ...!! ඔබාමා - මොකෝ කෙල්ලේ බයවෙලා , ඇයි ආයේ සැන්ඩිවත් එනවලුද ? ලේකම් - නෑ ..සර් සැන්ඩි කොහෙද ආයෙ එන්නේ , මේක ඉන්ටර්නැශනල් ප්‍රොබ්ලම් එකක් . ඔබාමා - ඉශ්‍රාල කාරයෝ ආයේ ගාසා තිරෙට ගහන්න අරගෙනද , මල කෙලියයි ! ලේකම් - අනේ  නැ සර් මේ ලංකාවේ කේස් එකක් . ඔබාමා - නෑ(විශ්මයෙන් ) ..,, අර යවපු සැටලයිට් කාගේ හරි ඔලුවකටවත් පත බැවිලද ? ලේකම් - නෑ සර් , පොඩ්ඩක් ඉන්නකො කියන කන් , අනික ඒ සැටලයිට් එක ලංකාවේ උනාට තියෙන්නේ චීනෙට උඩින්ලුනේ , ඉතින් වැටුනත් චීනෙක්ගේ ඔලුවට තමයි . මේක පොලිටිකල් කේස් එකක් . ලංකාවේ විපක්ෂ කායකය කමකට නෑය කියල එහෙ කට්ටියක් අපේ වෙබ් සයිට් එකේ පෙත්සමක් දාලා . ඒ විපක්ෂ නායක ආණ්ඩුවත් එක්ක ඩීල් දානවලු , විපක්ෂෙ අයව ආණ්ඩුවට එලවනවලු.මේ ආත්මෙට දිනන්න නම් බැලු   .. තව ගොඩාක් චෝදනා දාල තියනවා .. ඔබාමා - අප්පට හුඩු , කෝ බලමු (ඔබාමා ලැප්ටොපයක් දිග හරියි ) , ශික් විතරක් මේ මල බකබාව ඕ

ගාසා තීරයේ හමාස් අන්කල්ලාට තණමල්විල හිච්චි එකාගෙන් ලියුමක් !

ආදරණීය හමාස් අන්කල්ලා වෙතය මේ වෙනකොට නම් ඔයාලා ඩිංගක් සැනසීමෙන් ඉන්නවා ඇතිය කියා සිතමි . ඊජිතුවේ ජනාධිපති අන්කලුයි ක්ලින්ටන් ආච්චිටයි පින් සිද්ධ වෙන්නට හිතේ ගින්දරක් නැතුව බත් ඩිංගක් හෝ කන්නට  චාන්ස් එකක්  ටික දොහකට පස්සේ අන්කල්ලාට ලැබි ඇතැයි කියා මට හිතෙනවාය  , අන්කල් ලා ගැන මම හරියට දන්නේ නැති වුනාට පලස්තීයනය කියන්නේ අපේ ආඩම්බර කාර පියා අන්කල්ගේ හොඳම යාලුවෙක් කියා නම් දන්නවාය , අන්කල්ලා අල්ලන් ඉන්නේ පල්ස්තීනයෙන් කැල්ලක් විතරක් උනත් අන්කල් ලා කරන්නේත් අධිරාජ්‍ය විරෝධි සටනක්ය කියා , කොහොමටත් දේශප්‍රේමි අධිරාජ්‍ය විරෝධී හිච්චි එකාටත් හිතෙනවාය . මීට කලින් ගඩාෆි අන්කල් ටයි අසාද අන්කල්ටයිත් මම මෙහෙම ලියුම් යවලා තියනවාය . අන්කල්ලා පහුගිය සතියම කලේ ජල්ලි අල්ලපු එකය , ඇත්තටම කිව්වොත් ඊශ්‍රාලයෙන් කාපු එකය . ඒ වුනාට ආශ්චර්යයේ අපට නම් පහුගිය සතිය මාර සතුටුය . ඒ අපේ ආඩම්භර කාර චූටි අය්යා චන්ද්‍රිකාවක් උඩ යවන නිසාය , අන්කල් ලා වගේ නෙමේය එතකොට අපිත් අපේම කියලා චන්ද්‍රිකාවක් තියන රටක් වෙනවාය . අපේ තාත්තා නම් චන්ද්‍රිකා කෙලියට විරුද්ධය . තාත්තා කියන්නේ  ඔය යවන චන්ද්‍රිකාව චිනුන්ගේ කසි කබලක්

දේශද්‍රෝහී පාහරයන් විසින් ජනතාවගෙන් වසන් කරනු ලබන 2013 අය වැයේ සැබැ ප්‍රතිලාභ !

සන්ධාන රජයේ 2013 වසර අය වැය පිලිබඳව නොයෙකුත් මතවාදයන් , අන්තර්ජාලය පුරා දක්නට ඇත . මේවා දෙස විමසිල්ලෙන් බැලු විට පෙනී යන කරුණ නම්  රටේ සහ ජනතාවගේ අනාගත සුභ සිද්ධිය සඳහා වන අගනා යෝජනා රැසක් අන්තර්ගත උක්ත අය වැයෙ  අභිලාශයන් ජනතාවගෙන් වසන් කරණු වස් දේශද්‍රෝහි  පාහරයින් පිරිසක් විසින් පතුරවා හරිනු ලබන මිත්‍යාවන් පමණක් බවය. පහතින් දැක්වෙන්නේ එවන් චෝදනාවන් සහ ඒවායේ සැඟවුනු  යථාර්තයන්ය . රේසින් කාර් සඳහා බදු සහන  ශ්‍රි ලංකාවේ දැනට පවතින සහ ඉදිවෙමින් පවතින F1 ධාවන පත දක්ෂිණ ආසියාවේ පමණක් නොව සමස්ථ ආසියා කරයේම මෝටර් රථ ධාවන තරඟ සඳහා  හොඳම පහසුකම් සහිත රට  බවට  මෙරට පත්කෙරෙමින් පවතී. රේසින් මෝටර් රථ සඳහා ලබා දෙන බදු සහනය මඟින් මෙරට සිටින දහස් සංඛ්‍යාත තරඟ කරුවන්ට සහන මිලට මෝටර් රථ මිලදී ගෙන අදාල තරඟාවලි ජයග්‍රහණය කිරීමෙ හැකියාව ලැබෙන අතර , ඉදිවෙමින් පවතින ධාවන පත නිමවූ පසු  ඇතිවන ධාවන පත අතිරික්තය විදේශිකයින්ට ශ්‍රි ලංකාවේ අඩුමිල ගණන් යටතේ මෝටර් රථ මිලදී ගෙන තම පුහුණු කටයුතු සඳහා යොදා ගැනීමට අවකාශයද ලබා දේ.මොටර් රථ ධාවන තරඟ නැරඹීමට පැමිණෙන  සංචාරකයින්ගෙන් ලැබෙනා අදායම රුපියල් බිලියන 1000ක

සුපර් සික්ස් වරද්ද ගත්තේ කොතනද ?

මේ දවස් වල අන්තර්ජාලයේ කථා බහට ලක්වෙන්නේ  කර්ම චිත්‍රපටිය . සෙනසුරු මාරුව ගැනත් ප්‍රවීන බ්ලොග් කරු මාරයා විසින් කථා බහක් ආරම්භ කරල තිබුනා . ඒවා පැත්තකින් තියෙත්දි මීට මාස කිහිපයකට කලින් තිරගත වුනු සහ අන්තර් ජාලයේ  සාකච්ඡාවට බඳුන් වෙච්ච සුපර් සික්ස් චිත්‍රපටිය ගැනයි මේ කථා කරන්න සුදානම . අන්තර්ජාලයේ දැකපු සටහන් නිසාම සිනමා ශාලාවකට ගිහින් නැරඹීම වැලකුනත් ශ්‍රි ලාංකාවේ වැඩිම වියදමක් දරා නිපදවු චිත්‍රපටිය නිසා සුපර් සික්ස් ගැන කතිකාව සමස්ථ  ශ්‍රි ලාංකීය සිනමාව පිලිබඳව පොඩි විමසුමක් විදිහට දකින්න පුලුවන් කම තියෙයි. සම්ප්‍රදාය  සුපර් සිකිස් චිත්‍රපටයත් ,ශ්‍රි ලංකාවේ බොහොමයක් සිනමා නිර්මාණ විදිහට ඉන්දියානු සිනමා නිර්මාණ ශෛලි‍ය  අනුගමනය කරමින් තමයි නිර්මාණය වෙන්නේ. ගීත , නර්ථන සටන් , විහිලු ආදර ජවනිකා ආදී සියල්ල එක නිර්මාණයක අඩංගු වන "මසාල " වර්ගයේ කියල හඳුන්වන සිනමා නිර්මාණයක් ගණයට සුපර් සික්සුත් අයිති වෙනවා. මේ දක්වාත් ඉන්දියානු  සිනමාව තුල ඔය ආකෘතියේ සිනමා නිර්මාණ දකින්න තිබුනත් , මේ වෙනකොට බොලිවුඩ් සිනමා නිර්මාණ ඔය ආකෘතියෙන් බැහැරව වර්ගිකරණයන් එකකට හෝ කිහිපයකට අදාල වන නිර්

ඉස්ලාමයේ 9:5 - මනුෂ්‍ය ඝාතන දිරි ගැන්වීම සහ සාධාරණීකරණය - ඉස්ලාමිකයෙකුගේ ලිපියකට පිලිතුරක්

ආගම් පිලිබඳ වාදයන් කිසි විටකත් අවසන් වන්නක් නොවේ . ආගම් පිලිබඳ වාද විවාදයන් එක් ආගමක් තදින් වැලඳගත් ආගමේ කොතනක හෝ සටහන් වූ පමණින් ඕනැම ටොම් පචයක්  හිස් මුදුනින් පිලිගන්නා  පුද්ගලයින් අතර සිදුවන විට එක් මතයකට පැමිණ වාදයක් අවසන් වීමේ හැකියාවක්ද පවතින්නේද නැත . මැවුම් වාදය පිලිගන්නා වුන්  කිසි විටකත් මැවුම් කරු මැව්වේ මොකාදැයි නොඅසන්නා සේම හින්දුන්ට පියඹන වඳුරන් ඇතුලු සිය දේව සභාව තාර්කිකවන අතර බෞද්ධ "ආගමිකයින්ට" ජාතක කථා වලටද තාර්කික පැහැදිලි කිරීම් දිය හැක . තත්වය එසේ තිබියදීත් ඉස්ලාම් අන්තවාදීන් අතින් වෙඩි පහරට ලක්වුනු පකිස්ථාන දැරිය පිලිබඳ රාජ් සහෝදරයා විසින් ලියවුනු ලිපියේ  මතුවූ සංවාදයක් මඳක් ඉදිරියට රැගෙන යැමේ අවස්ථාවක් පැමිණ ඇත . මෙය කිසිදු ආගමික දෘශ්ටිකය සිට නොව නිර්-ආගමිකව , මානූශීය  කෝණයෙන් සංවාදයට ලක් කල හැක්කක් බවද සඳහන් කල යුතුය . ලොව පවතින ත්‍රස්තවාදී සංවිධාන අතුරින් සාතිශය බහුතරයක් මුස්ලිම්   ජාතිකයන් ඉස්ලාම් ධර්මයේ නාමයෙන් පවත්වාගෙන  යන්නන් වන බව පහත විකි පිඩියා ලිපියේ අන්තර්ගත තොරතුරු හරහා වටහා ගත හැක , http://en.wikipedia.org/wiki/List_of_designated_

පලාත් සභා වල ප්‍රායොගිකත්වය සහ පලාත් සභා අහෝසි කිරීමේ ප්‍රායෝගිකත්වය

13 වන සංශෝධනය නොහොත් පලාත් සභා ක්‍රමය අහෝසී කිරීම පිලිබඳ වූ කථා බහ නැවතත් මතුව ඇත . රජය විසින් ගෙන ඒමට නියමිත දිවි නැගුම පනත පලාත් සභා වල අනුමැතියට ලක්විය යුතු බවට ලැබුණු අධිකරණය නියෝගය සහ ඒ  ආශ්‍රිතව දෙමල සංධානයෙන් නැවතත් අධිකරණ පිහිට පැතිමත් ,ඒ පිලිබඳ අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා පලාත් සභා අහෝසි කල යුතු බවට ප්‍රකාශයක් පුවත්පතකට ප්‍රකාශ කිරීමත් මෙහි ආරම්බභය ලෙස සැලකිය හැක . ආරක්ෂක ලේකම් වරයාගේ ස්ථාවරය යුද්ධය අවසන් වූ කාලයේ සිටම ඒ තරම් වෙනසකට ලක්වී නැතත් පලාත් සභා අහෝසී කල යුතු යැයි ඔහුගෙන් ලැබුනු ඍජු ප්‍රකාශයත් සමඟ රජයට සම්බන්ධ පලාත් සභා විරෝධී අන්තවාදි දේශපාලන කණ්ඩායම්ද නැවතත් ඇවිස්සී ඇත . මෙම මතය වෙනුවෙන් වසර ගණනක් තිස්සේ පෙනී සිටි ඉරිදා පුවත්පතක් තම ප්‍රධාන පුවත ලෙස හුවා දක්වන්නේද රජයේ  ජේෂ්ඨ අමාත්‍ය වරයෙක් විසින් මේ පිලිබඳ දැක්වුවා යැයි පැවසෙන අදහස්ය . 13 වෙනි සංශෝධනයේ  භාවිතාවේ ප්‍රායෝගිකත්වය පිලිබඳව වෙන්ම එය අහෝසි කිරීමේ ප්‍රායෝගිකත්වය පිලිබඳවද අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණයි . බලය බෙදීම ඕනැම රටක සර්වත්‍ර වශයෙන් සැලකූ විට බලය බෙදා හැරීම යනු , ප්‍රජ