දශක තුනක් තිස්සේ දිගහැරුණු කොටි ත්‍රස්තවාදය විනාශ කරල අදට අවුරුදු 2යි . ජනවාර්ගික ප්‍රශ්නයකින් පටන් අරගෙන ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදියා හා ත්‍රස්තවාදී සංවිධානය දක්වා ගිය එල්ටිටියෙ විනාශය සනිටුහන් කරල අවුරුදු දෙකක් ගතවෙන වෙලාවෙ ඒ ගැන පොඩ්ඩක් කතා කලොත් හොඳයි කියල මම හිතුව . මොකද මම යුද්ධය පැවතුණු කාලේ බ්ලොග් කරනයේ සිටියෙ නැති නිසා මේ ගැන මීට කලින් කතා කරලාත් නැහැ කොටි සංවිධානය විනාශ කරන්න වගේම ප්‍රශ්නයෙ මූලික ගැටලුව විසඳන්න සාකච්ඡාමය ක්‍රියාමාර්ගයක් තමයි " හොඳම " ක්‍රමය විදිහට මම දැක්කේ . ජවිපයත් චන්ද්‍රිකාත් එකතුවෙලා එජාප රජය බිඳ නොවැට්ටුවා නම් සටන් විරාමය හරහා උපක්‍රම ශීලිව එල්ටිටිය බිඳ දාන්නත් , ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ගේන්නත් හැකියාව තිබුනයි කියන එකයි මගේ පුද්ගලික මතය (Note - මම මෙහෙම කිව්වාම බොහොම දෙනෙක් මට විරෝධය පල කරන්න ඉඩ තියනව . ඒත් මේ වෙන කොට පිලිණු වෙච්ච මාතෘකාවක් වන " සටන් විරාමය " හෝ ඒ ගැන මගේ මතය සම්බඳයෙන් නොනවතින විවාදයකට පැටලෙන්න නම් මගේ බලාපොරොත්තුවක් නැහැ ) කොහොම උනත් චන්ද්‍රිකා නෝන වගේ...