Skip to main content

Posts

Showing posts with the label දේශපාලන

මූඩි අන්කල්ගේ ශ්‍රි ලංකා විසිට් එකේදි කල කිව යුතු දැ ලයිස්තුවක්

අපේ තුමා අල්ලපු වැටේ මුඩි අන්කල්ට විසිට් එකකට අඬගහලාය , අපේ තුමාට වැඩ රාජකාරි අස්සේ අමතක වුනොත් ප්‍රයෝජනයට ගන්නට පුලුවන් ලයිස්තුවක් (චෙක් ලිස්ට් එකක්) පහල තියනවාය . ඒ මූඩි අන්කල්ගේ විසිට් එක අතර තුරදී කල කිය යුතු දැ ගැනය 01) මූඩි අන්කල්ගේ ප්ලෙන් එක **තලින් ගොඩ බැස්ස වීම - වනාන්තරයක් මැද , හුදකලා වූ ගුවන් තොටුපොලක මහිමය මුඩි අන්කල්ට අවබෝධ කරදිය හැක 02) **බන්තොට වරායේ සංචාරය - තමන්ට කැමති තැනක වරායක් සාදා , එයට බලහත්කාරයෙන් නැව් ගෙන්නාගෙන සාර්ථක කර ගන්නා ආකාරය පිලිබඳ වැඩ මුලුව 03) දිවා ආහාරය - බිෆ් හොඳි සමඟ කුරහන් තලප (සුද්දන්ට දුන් ලුණු මිරිස් මෝඩිට වැඩ කරන්නේ නැත ) 04) අධිවේගය දිගේ කොලඹට - කොංග්‍රස් ආණ්ඩුවෙන් ආරම්භ කල ව්‍යාපෘති "මෝඩි-ෆයිඩ්" කර නම ගසා ගැනීම පිලිබඳ ක්‍රැශ් කෝස් එකක් 05) රාත්‍රි ආහාරය - බිෆ් කොත්තු 06) ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් සමඟ සුහද පිලිසඳර - කොංග්‍රසයේ ඉතුරුව ඇති මන්ත්‍රින් පනස් දෙනා ගෙන් විස්සක් ඇද ගන්නා ආකාරය පිලිබඳ රහසිගත වට්ටෝරුව හඳුන්වාදීම 07) අමතක සිල්වානන් සමඟින් කොලඹ නගර සංචාරය - වන්දි නොගෙවා පදිංචි කරුවන් ඉවත් කර ඉඩම් සමාගම් වලට බදු ද...

ආදරණීය කෝලි කුට්ටු අය්යා වෙත ලියන වගනම් - තණමල් විල හිච්චි එකාගේ ලියුම්

ආදරණීය කෝලි කුට්ටු අය්යේ, අය්යා සැපෙන් ඉන්නවා කියා හිතනවාය . චැම්පියන්ස් ත්‍රෝපියත් උස්සපු නිසා දුකෙන්  ඉන්න හේතුවක් නැය . හැබැයි ඉතින් ඒ අය්යාගේ  ගැන්ගම් වර්ශන් එක ගැන ගේල් අය්යට තද වෙලා කණ පැලෙන්න දීලා නැත්නම්ය . අය්යා සතුටින් හිටියාට  ලංකාවේ නම් ගොඩක් එවුන් ඉන්නේ දුකෙන්ය ,ඒ  හැමදාම අය්යලාගෙන් කන නිසාය , ඊටත් හපන් අය්යා අවුට් ඔෆ් ෆෝර්ම් ඉඳලත් අපිට ගහලා ෆොර්ම් වෙන නිසාය . අවුරුදු 5ට මැච් 54ක් ගහලත් තාමත් අපිටත්  අය්යලාටත් ඇතිවෙලා නැති පාටය , ආයෙත් කොන් තුනක් ගහන්න පටන් අරන්ය . මැච් තියන කාලෙට අපේ එවුන්ට හිනෙනුත් පෙන්නේ අය්යාවම නිසා මෙහෙම ලියුමක් වත් ලියලා පොඩි උපදෙසක් දෙන්නට හිතුණාය . ක්‍රිකට් නැතත් රටේ අනික් එවුනත් කථා කරන්නේ අය්යලාගේ රට ගැනමය , ඒ 13ය කියල මකබාවක් නිසාය . මට නම් ඒ මොකක්ද කියා තෙරේන්නේ නැය , හැබැයි අපේ දේශප්‍රේමී අම්මා නම් 13 වැඩේ නිසා අය්යලාත් එක්ක තරහා වෙලාය . ඉස්සර බුදුන් උපන් දේශය කියලා මැච් වලදී අය්යලාට සපෝට් කලාට ,  නිදි මරාගෙන ෆයිනල් බලන ගමන් කිවේම එංගල්නය දිනපන් , එංගලන්තය දිනපන් කියලාමය ,ඒ අපේ දේශප්‍රේමි පචවංශ අන්කල්ගේ කථා අහල...

ආශ්චර්ය දීපයේ චිත්‍රපට - 13 ත් එක්ක බෑ , හොඳ අන්කලුයි නරක ඇන්ටියි ,ප්ලෙන් එනකම්...........

හොලිවුඩයේ මේ දවස් වල කථා වෙන්නේ යකඩ මිනිහා 3 , පෙට්ටි කාර්යාල වාර්ථා කුඩු පට්ටම් කිරීම් ගැනය.යකඩ මිනිහාත් ඇතුලු මාවල් විරයෝ සෙට් එකම ඉන්න ඇවෙන්ජර්ස්  වලට විතරක් දෙවෙනි ආරම්භයක් යකඩ මිනිහා තුන අරගෙනය . ඒ කියන්නේ  හොඳම ආර්ම්භක සති අන්තයන් දෙකටම යකඩ මිනිහා සම්බන්ධ වෙලා කියන එකය. පලවෙනි දර්ශනේට නිලියක් ඇන්ද රෙද්ද නිසා අපේ අයටත් යකඩ 3 මිනිහා ගමේ එකෙක් ගානටම සමීපය. 45-50 අන්කල්ලා , 20-25 කෙල්ලන්ට ලව් කරන ඒවාත් , පයිට් , සින්දු , කොමඩි , නැටුම් , රේස් ඔක්කොම එකතු කරපු මසාලාවකුත් නොවන  , ආධුනිකයන් දෙදෙනෙක් රගපාන Aashiqui -2  වසරේ පලවෙනි සුපර් හිට් එක වීම බොලිවුඩයෙන් ඇහෙන හොඳම කථාව කිවාටද වරදක් නෑය . චිත්‍රපටිය කෙසේ වෙතත් සින්දු සෙට් එක නම් සුපිරිය .රසිකයෙකුට කණ පිරෙන්න අහන්නට වගේම හින්දුස්ථානි සංගීතයට "දේශීය සංගීතය" කියා ලේබල් ගසා මැරෙන්න හදනා මෙරට ඔස්තාද්ලාට බටහිර රොක් සංගීත සම්ප්‍රදාය සහ හින්දුස්ථානි සංගීතය එකතු කර රසවත් නිර්මානයක් කරන්නේ කෙසේදැයි ටියුශන් ගන්නටත් ඒ සෙට් එක වැදගත්ය කොලිවුඩ් නොහොත් තමිල්නාඩු සිනමාව ගැන නම් දැන් අපිට හිතන්නට දෙයක් නෑය , අපේ රාවණා බලකාය ...

IPL6 , විරෝධතා , ක්‍රිඩාව සහ දේශපාලනය , චන්දිමාල් & අර්ජුන

අයි පි එල් තරඟ මාලාවේ 6 වෙනි අදියර උත්සවශ්‍රියෙන් අද දින ආරම්භ වීමට නියමිතය. දැඩි ආන්දෝලනයකින් පසු නුවන් කුලසේකරත් , අකිල ධනංජයත් හැර අන් සියලුම ක්‍රිඩකයින් මෙම තරඟාවලිය සඳහා සහභාගී වන බැව් මේ වන දැන ගන්නට ඇත . ඇතැම් මාධ්‍ය දිනේශ් චන්දිමාලුත් මෙම ගොඩට දමා අයි පි එල් යන්නේ ක්‍රිඩකයින් 10 ක් පමණක් යැයි පවසමින් සිය සමාන්‍ය දැනීමේ සහ අංක ගණිත දැනුමේ ප්‍රමාණය පල කලත් චන්දිමාල් යනු වෙනමම කථා කල යුතු මාතෘකාවකි . පසුගිය දින කිහිපය තුල මුහුණු පොතේ වැඩියෙන්ම ශෙයා වූ කාරණා අතර ඉහලින්ම තිබෙන්නේ ශ්‍රි ලාංකීය ක්‍රිඩකයින් අයි පි එල් තරඟ සඳහා සහභාගී නොවිය යුතු බවයි . විශේෂයෙන්ම මුහුණු පොත හරහා සිංහල- බෞද්ධ උරුමය රැක ගැනීමට වෙහෙසෙන බුකි ප්‍රේමින් අතර මේ විරෝධතාවයන් වැඩි වශයෙන් දක්නට ලැබුනි. ජයලලිතා, වයිකෝ, රැජිනි කාන්ත් වැනි අන්තවාදි ගොබ්බයින් සහ තමන් අතර කිසිදු වෙනසක් නොමැති බව සනාථ කල බොදු බලසේනාවේ ඥාණ සාර හිමියන් ගේ කුණු බිත්තර ප්‍රකාශයෙන් , මෙමෙ  විරෝධතාවයන්ගේ  පසුබිම කුමක් දැයි වටහා ගැනීමේ හැකියාව තිබේ ක්‍රිඩාව දේශපාලනය සහ ජයලලිතා  "ආසියාවේ ආශ්චර්ය" වීමට දඟලන ශ්‍රි ලංකාවෙ මෙන...

දිනමින කතු වැකියේ මඤ්ඤං කථා

මාතෘකාව දකිනා කෙනෙකු දිණමිනේ මඤඤං නොවන  යමක් පලවූයේ කවදා දැයි විමසා සිටියත් මා පුදුමයට පත්වන්නේ නැත . නමුත් රජයට සුදු හුණු ගැමෙන් නොනැවතී ලෝක දේශපාලනයත් ඇඳා ගත් කරුණු කාරණා සම්බන්ධයෙන් "මඤ්ඤං" කථා රාශියක් ඇතුලත් ලිපියක් අද දින කතු වැකිය වශයෙන් පලවී ඇත . මේ ඒ පිලිබඳ විග්‍රහයකි (කරුණු උපුටා ගන්නේ කතුවරයා සටහන් කර ඇති අනුපිලිවෙලට නොවේ ) // තායිලන්තය, පිලිපීනය, බ්‍රසීලය, චිලී, ආර්ජන්ටිනාව වැනි රාජ්‍යයන් ගැන අමුතුවෙන් කතාකළ යුතු නැත. එම රටවල් අමෙරිකාව හා යුරෝපය මත යැපෙන රාජ්‍යයෝය.  // ඉහත වාක්‍යය දුටු සිනහ පහල නොවනා කෙනෙක් සිටී නම් ඒ දිණමින , අයිටින් සහ ස්වාධීන රූපවාහිනියෙන් තොර ලෝකයක් නොදන්නා අයෙකු විය යුතුය .  බ්‍රික්ස් කණ්ඩායමට අයත් නැගී එන ආර්ථික බලවතෙකු වන බ්‍රසීලය  , අදාල සංගමේ වඩාත් පරිපූර්න  සංවර්ධනයක් අත්කරගත් සාමාජිකයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. එනිසා ආර්ථික හෝ දේශපාලනික වශයෙන් කිසිදු රාජ්‍යක් මත "යැපීමේ" අවශ්‍යතාවයක් බ්‍රසීලයට නැත . බ්‍රසීලය ලෝක දේශපාලනය තුල ක්‍රියාත්මක වී ඇති අන්දමෙන්ද ඔවුන් කිසිසේත්ම ඇමරිකන් හිතවාදීන් නොවෙනා බැව් නිරික්ෂණය කල හැක . බ්...

ජිනිවා අවසන් "යටතේ නොවෙනා" දේශප්‍රේමියනි අපි දැන් කුමක් කරමුද ?

ජිනිවා කෙලිය  සිතු පරිදිම අවසන්ය  ,රජයේ අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය නිසා සිදුවන බාගෙන නාගැනීම් පිලිබඳව  කථා කිරීමත් කාලය කා දැමීමක් පමණි. එනිසා මේ අද දින ඇමරිකානු කානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී "යටත් නොවෙමුය" කියා බෙරිහන් තැලූ දේශ හිතෛශීයින් ඇතුලු සමස්ථ දේශප්‍රේමීන්  ගේ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ අදහස් දැනගැනීමට ඡන්දයකි . ඡන්දය ඉහලින් ඇත , ප්‍රශ්නය සහ පිලිතුරු පහලින් ඇත  ජිනිවා හිදී ශ්‍රි ලංකාවට එරෙහිවූ පාහරයන්ට පාඩමක් උගන්වන්නේ කෙසේද ?  A. සියලුම ඇමරිකන් භාණ්ඩ හා සේවා වර්ජනය කිරීම (අන්තර්ජාලයද ඇතුලුව )  B. සියලුම ඉන්දියානු භාණ්ඩ හා සේවා වර්ජනය කිරීම (ජපන් බස් පාරට දාන තෙක් පයින් යාම ) C. ඉන්දියාවට එරෙහිව යුධමය ක්‍රියා මාර්ගයකට යොමු වීම  D.චීනය සහ රුසියාව සමඟින් එක්ව ඇමරිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීම  E. ෆෙස් බුකියේ ඡායාරූප වලින් ඇමරිකාව , ඉන්දියාව , නවනීදන් පිල්ලේ පතුරු ඇරීම   F. ඇමරිකානු හෝ  ඉන්දියානු තානාපති කාර්යාල ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ඇරඹීම (ලෙමන් පෆ් භාවිතා කිරීමේ අවසරය ඇත )  G.ඔබාමාගේ , මන්...

තමිල්නාඩුවට එරෙහිව බ්‍රහ්ම දණ්ඩය .. බුවාගෙන "අර්ධ දේශප්‍රේමී" යෝජනාවක් !

වසර දෙකක් තිස්සේ ලියා  මෙහි ලියූ දේවලින් මෙන්ම අනෙකුත්  බ්ලොග් අඩවි තුල පල කල අදහස් තුලින් බුවා අයත් වන්නේ "දේශද්‍රෝහින්" කුලකයට කීවොත් නිවැරදිය .ඒ දේශප්‍රේමීන් , සහ දේශද්‍රොහින් නිර්ණය කරන නූතන ශ්‍රි ලාංකීය නිර්ණායකයන්ට අනුවයි . මේ වන විට දකින්නට නැතත් කලකට පෙර බ්ලොග් අවකාශයේ නිරන්තරයෙන් දක්නට ලැබුනු "දේශප්‍රේමීන්" විසින් මේ ලේබලය ඇලවූ අවස්ථාද නැත්තේ නොවේ . මේ සුදානම් වන්නේ ඒ ලේබලයෙන් මදක් බැහැරව යන "අර්ධ දේශප්‍රේමි" යෝජනවක් ඉදිරිපත් කිරීමය , ඒ තමිල්නාඩුවේදී ශ්‍රි ලාංකිය භික්ෂුන් වහන්සේ දෙනමක් පහර කැමට ලක්වීම අරභයා  ඔරිජිනල් "දේශප්‍රේමීන්" විසින් ලබාදෙන විසඳුම් වලට විකල්පයක් ලෙසිණි භික්ෂූන් වහන්සේලාට පහර දීම සම්බන්ධයෙන් නොයෙකුත් තැන්හී අපගේ "දේශප්‍රේමින්" තැබු සටහන් වලින් උකහා ගත් යෝජනාවන් පහත සාරාංශ ගත කර ඇත . ඒ එම යෝජනාවන්හී ගැටලු සහගත භාවයන් පෙන්වා දී , මාගේ යෝජනාවේ අවශ්‍යතාවය මතු කිරිම උදෙසාය ඉන්දියානු භාණ්ඩ වර්ජනය - මේ දේශප්‍රේමයේ උපරිම තලයේ යෝජනාවකි . හෙලයේ මහා දේශප්‍රේමී වීරවංශ මැතිදුන් ගේ ඇමරිකන් භාණ්ඩ වර්ජනයේම තවත් පියවරක...

කීර්ති වර්ණකුල සුරිය මහතා හෙලිකරණ ඩොලර් කාක්කන්ගේ යෝජනා

කීර්ති වර්ණකුල සුරිය යන අසා නැති  කෙනෙක් ශ්‍රි ලංකාවේ පුවත් පත් පාඨකයින් අතරින් සොයා ගැනිමට හැකිවේ යැයි මා සිතන්නේ නැත . දිවයින ඉරිදා සංග්‍රහයේ ආරක්ෂක තොරතුරු වාර්ථාකරු වූ  ඔහු මෙවර ජිනිවා හි සිට සිය සුපුරුදු ආරක්ෂක  විග්‍රහය දිවයින පුවත් පතට යොමු කර ඇත . ඒ තුල වැඩි ඉඩ කඩක් වෙන් වන්නේ ශ්‍රි ලංකාව පිලිබඳ විශ්ව කාලාන්තර සමාලෝචනය වෙනුවෙන් ඉදිරිපත් වූ යෝජනා පිලිබඳ වයි . එම යෝජනා පිලිබඳ කතුවරයා මෙසේ කියා සිටියි  ශ්‍රී ලංකාව ඉටු කළ යුතු යෑයි දක්‌වමින් නිර්දේශ 204 ක්‌ එකී වාර්තාවට ඇතුළත් කර තිබූ අතර ඉන් 94 ක්‌ රජය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. මෙලෙස ප්‍රතික්‍ෂේප වූ නිර්දේශ පිළිබඳව විමර්ශනය කරන විට හෙළි වූයේ ඩොලර් මුදල් ලබන කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් විසින් විදේශ රටවල් ලවා එකී නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි . ඩොලර් සහ යුරෝ අරමුදල් ලබන කොළඹ එන්.ජී.ඕ. කල්ලිය විදේශ රටවල් නටවන අන්දම මෙකී නිර්දේශවලින් තවදුරටත් හෙළිවී තිබේ. එන්.ජී.ඕ. කල්ලිය හෙවත් ඩොලර් කාක්‌කන් විසින් විදේශ රටවල් ලවා යොමු කරනු ලැබූ නිර්දේශ මෙසේය.  රාජ්‍ය නොවන සංවිධාන හෝ "ඩොලර්...

ජිනිවා............ නිහැඬියාව,ඩීල් සහ තවත් කථා

ජිනිවා සමුලුවට ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණි. පසුගිය වසරේ ජිනිවා සමුලුව වෙත මෙවැනිම යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ ශ්‍රි ලංකාවේ වාතාවරණය සහ වර්ථමාන වාතාවරණය ඉතා පැහැදිලි වෙනසක් නීරීක්ෂණය කල හැක ."සුද්දන් අපිට කෙලවන්නට එනෝ..." යන ජනප්‍රිය  ශ්‍රි ලාංකීය තේමාවේ දිගුවක් වශයෙන් පශ්චාත් යුධ සමයේ ජාත්‍යන්තර  බලපැම් විස්තර කරන්නට යෙදුනු රජය, රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය , සිවිල් ක්‍රියාකාරකම් ආදී නොයෙකුත් දෑ මගින් සමස්ථ රට වැසියා (බහුතරය ) ජිනිවා "ගැටලුව"  විශයෙහි සංවේදී කොට තැබීමටත් , ඒ හරහා රටේ අභ්‍යන්තර කටුක දේශපාලනික යථාර්තයන් අමතක කර රජය වටා ජනතාව එක් රැස් කර ගැනීමටත් කටයුතු යොදනා බවක් පසුගිය වතාවේ ඉතා පැහැදිලිව දක්නට ලැබිණි . රට අභ්‍යන්තරයෙන් නඟනා කුමන හඬකින් හෝ අබමල් රේණුවක බලපැමක් ජිනිවා වෙත සිදු කල නොහැකි බව රජය විසින් සැබැවින්ම වටහා ගෙන නොතිබුනේද කියා සැකයක් මතුවන්නේ විදුලි ගාස්තු වැඩි කීරිම් , බස් ගාස්තු වැඩි කිරීම් ආදී දෑ ආවරණය කිරීම සඳහා ඉතා පහසුවෙන් යොදා ගත හැකිව තිබු ජිනිවා පි...

නව අමාත්‍යධූර සඳහා දේශප්‍රේමි යෝජනා !

ආශ්චර්ය ද්වීපයට අලුතෙන් ඇමති තුමන්ලා පිරිසක් පත්ව තිබේ . රට ආශ්චර්යමත් කිරීමට දායක වන අමාත්‍යවරුන් තව තවත් පත්කල යුතු යැයි අපි සිතමු . විද්‍යා තාක්ෂණ සහ තාක්ෂණ පර්යේෂන කියා ඇමති කම් දෙකක් තිබීම ගැන අවලාද නගන විජාතික බලවේග වල බලල් අතක් වූ ඊ නිවුසිය වැනි දේශද්‍රෝහි පාහරයන්ගේ නම් පටලැවිලි චෝදනාවලට ලක්නොවී අනාගතයේදී පත්කල හැකි අමාත්‍ය වරුන් ලයිස්තුවක් මෙසේ පලකර සිටින්නේමු  සිනි කර්මාන්ත අමාත්‍යාංශය අනුව යමින්  පැණි කර්මාන්ත හකුරු කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යදූර වශයෙන් -  මි පැණි භාර නියෝජ්‍ය ඇමති  කිතුල් පැණි භාර නියෝජ්‍ය ඇමති  කිතුල් හකුරු භාර නියෝජ්‍ය ඇමති තල් හකුරු භාර නියෝජ්‍ය ඇමති   ----------------------------------------------------------------------- පොල් සංවර්ධන අමාත්‍යාංශය අනුව යමින් කොස් සංවර්ධන දෙල් සංවර්ධන  එලවලු සංවර්ධන  කොස් සංවර්ධන අමාත්‍යාංශය යටතේ                      කොස් , වරකා , වැල සහ පොලොස් වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය ධූර 4ක්  දෙල් සංවර්ධන අම...

13 එපා එපා - විමල් , 13 ඕනි ඕනි -ජී .එල් සමඟින් ආගමික සහජීවනය

මීට මාස කිහිපයකට පෙර විමල් වීරවංශ , දේශ හිතෛශීන් , හෙල උරුමය ඇතුලු  රජයේ නිල "දේශප්‍රේමීන්ට" තිබු එකම ගැටලුව වූයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පමණි . අගවිනිසුරු වරිය එලවීමේ අධිකරණ වසන්තයේ කොටස් කරුවන් වීමට ගිය නිසාදෝ පසුව  ඔවුනට එය සහමුලින්ම අමතක  බවක් දක්නට ලැබුණි . දැන් නැවතත් රජය විසින් 13 එලියට ඇදගෙන තිබේ ඒ ජී.එල් පිරිස් අමාත්‍ය වරයායි . ඉන්දියාවේ සංචාරයක නිරත වෙන ඔහු 13 වන සංශෝධනය වෙනුවෙන් රජයේ ඇති කැපවීම පිලිබඳ සහතිකයක් ඉන්දියානු රජයට ලබාදී තිබේ  විමල් වීරවංශගේ හෝ දේශ හිතෛශීන්ගේ *කේ අමාරුවට 13 අහෝසි කිරීම මෙන්ම ඉන්දියාවේ වුවමනාව වෙනුවෙන් පමණක් 13 තබා ගැනීමද විකාරයකි . යුද්ධයෙන් පසුව සිදුවිය යුතුව තිබුනේ දෙමල ජනතාවගේ දේශපාලනික අයිතිවාසි කම් ලබාදීමේ ක්‍රමවේදයක් පිලිබඳ පුලුල් සාක්ච්ඡාවක් ඇතිවීම වුවත් යුද්ධයෙන් වසර 4කට ආසන්න කාලයක් ගතවී ඇතත් , රජය ජාත්‍යන්තරය සමඟින් ඔට්ටු සෙල්ලම් කරනවා විනා එවැනි ප්‍රවේශයක් ලබාගත් බවක් දැකගන්නට නොලැබේ . 13 වන සංශෝධනයේ ප්‍රතිපාදන ප්‍රමාණවත් වේ නම් උතුරු පලාත් සභා ඡන්දය පැවැත්වීම සිදු කර එමගින් ජාත්‍යන්තර පීඩනයත් සැහෙන පමණ අඩුකර ...

ඊනියා බටහිරයන් ප්‍රතික්ෂේප කර චීනයටම දීමේ ක්‍රමවේදය

ඇමරිකාවේ බෑ කියනවා නම් අපේ හමුදාවන්ට පුහුණු පාඨමාලා චිනෙන් දෙන්නට පුලුවන්ය කියා ඊයේ නිවුස් වල කියනවා ඇසුනි . සැබැවින්ම හමුදා පුහුණුව පමණක් නොව  ඊනියා බටහිර අධිරාජ්‍ය වාදීන්ට නොදී චීනයට දිය හැකි ගොඩක් දේවල් අපිට තිබේ . 01) ඇඟලුම් - දේශද්‍රෝහි එජාප පාලන කාලය තුලදී කල තවත් එක් අවලම් වැඩක් වන්නේ අපේ කෙල්ලන් ලවා සුද්දන්ට ජංගි මැස්සවීම බව නොදන්නා කෙනෙක් නැත . වහාම ක්‍රියාත්මක වන පරිදි සුද්දන්ට සහ සුද්දියන්ට මසහ ජංගි වෙනුවෙට චීනන්ට ජංගි මැස්සවීම අප විසින් ආරම්භ කල යුතුය . හැඩි දැඩි සුද්දන්ට වඩා චූටි චීනන්ට මසන ජංගි කුඩා හෙයින් , අඩු කාලයක් තුල වැඩි ජංගි ප්‍රමාණයක් මසා නිම කල හැකිය. ආර්ථික අවපාතය හමුවේ ඉදිරියේදී බටහිරයන්ට හෙලුවෙන් සිටීමට සිදුවන නිසා දැන් සිටම චීනයට ඇඳුම් පැටවීම දූර් දර්ශි ක්‍රියාවකි   02) මෘදුකාංග - දැනට ලංකාවේ මෘදුකාංග සේවා සියල්ලම පාහේ සපයන්නේද බටහිර රටවලට . ආර්ථික වශයෙන් බංකොලොත් වෙමින් සිටිනා බටහිර වෙනුවට ඉතා ඉහල මෘදුකාංග වෙලඳ පොලක් සහිත  චීනය අප විසින් තෝරා ගත යුතුය . ලොව මිලෙන් අඩුම විශාලතම මෘදුකාංග සේවා සපයන රට වශයෙන් ශ්‍රි ලංකාවේ මෘදුකාංග...

xxx xxxx මහතාගේ ඝාතනය පිලිබඳ දැක්වූ අදහස්

Mr .ලොකු තැන - ------------------------------------------{නිහැඬියාවක් පමණි } Mr . පැරකුම් - අපිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න වෙලා තියනවා . ලැටිමර් හවුස් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා , රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න කියලා අපි ******** ගේ රජයට කියනවා . ලබන සිංහල අවුරුද්ද වෙනකන් විතරයි  අපි කල් දෙන්නේ . ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත නොවුනොත් අපි මැයි මාසෙදි පාරට බැහැල 2014 දී ආණ්ඩුව ගෙදර යවනවා Mr. කලවැද්දා - අද රටේ නීතියක් නෑ , බල්ලො බලල්ලු වගේ මිනිස්සු මරනවා . මේක ඒකාධිපති පාලනයක් .සමහර බංකොලොත් දේශපාලන නායකයොත් මේ ඒකාධිපති පාලනයට කඩේ යනවා . එන්න මාත් එක්ක එකතු වෙලා මේවට විරුද්ධව සටන් කරන්න . ජයවේවා Mr.වෙනුර- ඕක තමයි මම කිව්වේ මාලු කඩේ කියලා .ඔය වැඩේ කරවපු  හොටු ගැමුණු උන්නැහේ මාලු කඩේ සමාජිකයෙක් . මාලු කඩවල උන් නෙවෙයිද ඔය වගේ ජරා වැඩ කරන්නේ Mr. බුරුවංශ - මේක තනිකරම බටහිර අධිරාජ්‍ය වාදි වලවේග වල කුමන්ත්‍රණයක් . යුද්ධෙන් පස්සේ අපි යන ගමන මේ අයට ඉවසගන්න බෑ මොකක් හරි බාල්දියක් පෙරලනවා . මාර්තුවල ජිනිවා සමුලුව ඉලක්ක කරගෙන කරන වැඩ මේවා . ලංකාවේ මන්ත්‍රි කෙනෙක...

අවාසනාවට ... ඇත්ත කථාවක් !

මහසෙන් සහ බණ්ඩාර කියන්නේ ශ්‍රි පුර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙල හදාරන  සමීප මිතුරන් දෙදෙනෙක්. සැහෙන කාලයක් පටන් තිබුනු මේ දෙදෙනාගේ මිත්‍රත්වය ශ්‍රි පුර විද්‍යාලයේ ගුරු සිසු කාටවත් රහසක් වුනේ නෑ . විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් තේරී පත්වුනු මහසෙන් නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක කමක් බණ්ඩාරට අරන් දෙන්න සැහෙන මහන්සි වුනු බවත් හැමෝම දන්නවා . බණ්ඩාරගෙනුත් ඒ වෙනුවෙන් මහසෙන් ට ලැබුනු උදව් බොහොමයි ශිෂ්‍ය නායක වැඩ කටයුතුවල නිරත වෙත්දි . මහසෙන් සහ බණ්ඩාර අතර කෙරුනු මේ උදව් උපකාර ඒ අයගේ පවුල් වල සාමාජික සමාජිකාවන් වෙනුවෙන් පවා යෙදුනු අවස්ථාත් නැතුවා නොවෙයි . මේ සුන්දර මිත්‍රත්වයට කණකොකා හඬන්න පටන් ගන්නේ  ශ්‍රි පුර විද්‍යාලයේ උසස් පෙල හදාරන්න  එකතුවුනු රූමත් තරුණියක් නිසා . ඇගේ නම කුමාරි . මහසෙනුත් බණ්ඩාරත් දෙදෙනාම කුමාරිගේ ආදරය වෙනුවෙන් සටන් කලත් කුමාරිගේ ආදරය හිමිවුනේ බණ්ඩාරට . මෙත් සමඟම තමයි මහසෙන් සහ බණ්ඩාර අතර තිබුන අතිජාත මිත්‍රත්වය ජන්මාන්තර වෛරයකට පෙරලෙන්නේ .තමන්ගේ මිතුරා තමන්ට පිටුපැම පිලිබඳ උරණු වූ මහසෙන් ඔහුගෙන් පලිගන්න තීරණය කරන්නේ අවසනාවන්ත විදිහට .මහසෙන් මේ ස...

රනිල් ගැන පෙත්සමට ඔබාමා ක්‍රියාකාරි වේ !

ස්ථානය ධවල මන්දිරය , දිනය 2012/11/27 . වේලාව උදැසන 7 ඇමරිකානු ජනපති බරක් ඔබාමාගේ සම්බන්ධීකරණ ලේකම් වරිය කලබලයෙන් ඔබාමාගේ කාර්යාල කාමරය වෙත දිව ඒ . ලේකම් -  සර්..සර් මාර වැඩෙනේ වෙලා තියෙන්නේ ...!! ඔබාමා - මොකෝ කෙල්ලේ බයවෙලා , ඇයි ආයේ සැන්ඩිවත් එනවලුද ? ලේකම් - නෑ ..සර් සැන්ඩි කොහෙද ආයෙ එන්නේ , මේක ඉන්ටර්නැශනල් ප්‍රොබ්ලම් එකක් . ඔබාමා - ඉශ්‍රාල කාරයෝ ආයේ ගාසා තිරෙට ගහන්න අරගෙනද , මල කෙලියයි ! ලේකම් - අනේ  නැ සර් මේ ලංකාවේ කේස් එකක් . ඔබාමා - නෑ(විශ්මයෙන් ) ..,, අර යවපු සැටලයිට් කාගේ හරි ඔලුවකටවත් පත බැවිලද ? ලේකම් - නෑ සර් , පොඩ්ඩක් ඉන්නකො කියන කන් , අනික ඒ සැටලයිට් එක ලංකාවේ උනාට තියෙන්නේ චීනෙට උඩින්ලුනේ , ඉතින් වැටුනත් චීනෙක්ගේ ඔලුවට තමයි . මේක පොලිටිකල් කේස් එකක් . ලංකාවේ විපක්ෂ කායකය කමකට නෑය කියල එහෙ කට්ටියක් අපේ වෙබ් සයිට් එකේ පෙත්සමක් දාලා . ඒ විපක්ෂ නායක ආණ්ඩුවත් එක්ක ඩීල් දානවලු , විපක්ෂෙ අයව ආණ්ඩුවට එලවනවලු.මේ ආත්මෙට දිනන්න නම් බැලු   .. තව ගොඩාක් චෝදනා දාල තියනවා .. ඔබාමා - අප්පට හුඩු , කෝ බලමු (ඔබාමා ලැප්ටොපයක් දිග හරියි ) , ශික් ව...