Skip to main content

Posts

Showing posts from 2010

ඇමරිකාව එක්ක මලද?................. එහෙනම් අදම බලන්න

ඊනියා ,දේශද්‍රෝහී  අධිරාජ්‍යවාදී එතකොට මේ ලඟකදි විකි ලීක්ස් එකේ ජුලියන් අය්යා විසින් රෙද්ද ගැලවූ, ඇමරිකාව එක්ක ඔය රනිල් මහත්තය වගෙ බටහිර ගැති ඉත්තන් කිහිපදෙනෙක් ඇරුණාම අපේ රටේ ගොඩාක් දෙනා තරහයි නේ . එහෙම අයට මරු චිත්‍රපටයක් තමා "Tere Bin Laden " මේක 2010 වසරෙ ආපු හින්දි චිත්‍රපටියක් අපේ රටෙ එතරම් ප්‍රසිද්ධ නොවුනත් බලන්න වටින පට්ට ආතල් චිත්‍රපටියක් . නීති විරෝධී පිටපත් වලට ලින්ක් දෙන එක හොඳ නැති උනත් ලංකාවෙ නිත්‍යානුකූල පිටපත් නැති නිසා ඔන්න ලින්ක් එකත් දෙනවා බාගෙන බලලා ගුණාගුන කියන්න Download Page ඇත්තටම මේක බලන්න ඇමරිකන් විරෝධියෙක් නම් වෙන්න ඔනි නැ , හිනා වෙන්න කැමති කාටත් එල !! ඊලඟට මෙක ආදර කතාවක් නැති , ඒ වගේම සාපේක්ෂව කෙටි හින්දි චිත්‍රපටියක් . ගීත කිහිපයක් තිබුනත් ඒවා කතවට අදාල කතාව ඉක්මනින් ගලගෙන යන්න යොදා ගනිපුවා ඒ නිසා ඒවත් එක්කම බලන්න . ආ.......... තව දෙයක් කාට හරි පුලුවන් නම් මේක ජාතික රූපවාහිනියට හරි  ITN එකට හරි දෙන්න .වසරේ මහා දේශප්‍රේමී චිත්‍රපටිය විදිහට නිදහස් දවසෙම විකාශය කරන්න ඉඩ තියනවා , එහෙම වුනොත් අපේ විමල් ඇමතිතුමා අබා 2 ට දාල කැමතිම චිත්‍රපටි

කට නිසා නහින්නේ මාලුද ? නැත්නම් UNP කාරයින්ද?

මාලුවා නහින්නේ කට නිසා යන්න පැරණි කියමනකි .පැරැණ්නන්  එසේ කියා ඇත්තෙත් කට කසනවාට ම නොවේ. බොහෝ විපත් වලට හේතුවිය හැකි "කට" පරිස්සමෙන් තබාගත යුතු නිසාය  . නමුත් දැන් දැන් කාරණා සිදුවෙන හැටියට නම් අපට ඒ කියමන වෙනස් කල හැකිය .ඒ " UNPය නහින්නෙත් කට නිසා " ලෙසටය මට මතක එජාප ඉතිහාසයේ කට වරද්දා ගැනීමේ ප්‍රමුඛයා රනිල් වික්‍රමසිංහ මහතාය . දේශපාලන ලොකයේ ඉතිහාසගතවන තරමට එතුමා ගොන් කතා කියා ඇත නංගිලාට බ්‍රේස්ලට් . බුලත් විට - චුයින්ගම් . චන්ද්‍රිකාව කොටියට භාර දීම පස් දුන් රට, ඊසාන දිග මෝසම.තොප්පිගල කැලයක් . SMS වෙනුවට Ringtones  ,පාලම් හදන්නෙ ලමයි ඟඟට දාන්න.පොලොන්නරුවට වරායක්.... etc  ඇතුලු ගොන් කථා රාශියක් නිසා එතුමා කට වරද්දා ගැනීමට කප් ගසා ඇත ඊලඟට කට වරද්දා ගන්නේ එවකට එජාපයේ ජාතික සංවිධයක වූ එස්.බී දිසානායක මහතාය , ඒ අධිකරණ තීන්දුවක් විවේචනය කරමිනි. ඔහුට නම්  එයට පිලිතුරු ලෙස වැලිකඩ බෝඩිමේ නිවාඩුවක් නොමිලේම ලැබුණ අතර අන්තිමට නතර උනේ සන්ධානයේය.  එජාපයේ ඔලමොට්ටලම කතා සීරීස් එක දෙන්නේ රවී කරුණානයක මහතාය . යුධ සමයේ ඔහු කියූ අලිමංකඩ පාමංකඩ හා මැදවච්චි කිලිනොච්චි කතා නිසා

බුවාගෙන් කථාවක්

බුවා අද කථාවක් කියන්නයි හදන්නේ . හැමදාම ලියන සමාජ කාරණා වලින් පොඩියක් ඈත් වෙන්නත් එක්ක . මේ කථාව දන්න අයත් ඇති මමත් ලඟදි වෙන කෙනෙකුගෙන් අහගත්ත එකක් ඔන්න එකෝමත් එක රටක ( ලංකාව කියමුකො ) ඇට්ටර කොලුවෙක් හිටියා . මුගේ නම... ( මම අහපු කථාවෙ නම් කොලුවට නමක් නැහැ නමුත් කෝකටත් අපි ඌට ඇම්ඩා කියල කියමුකො ) .ඔන්න ඇම්ඩා දවසක් විභාගයක් ලියන්නේයි කියල ගියා . ලංකාවෙ විභාග කියන්නේ ඉතින් ලමයි මරවන්න හදපුව නේ කොහොමත් ඇම්ඩා වගෙ අයට විභාග අමාරුයි . ඔන්න දැන් විභාගය පටන් අරගෙන ටික වේලාවක් ගත උනා .ශාලාධිපතිතුමත් ලමයි දිහා කන්න වගේ බලාන ඉන්නව . ඇයි හත්දෙය්යනේ එකෙක් වත් කොපි කරොත් එහෙම කවද හරි සක්විති වගෙ ලෝක හොරෙක් වෙලා නෙව නවතින්නෙ . ඉතින් ශාලධිපතිතුමා ඔහොම alert  එකේ ඉන්නකොට දැක්ක ඇම්ඩ කොලයක් බලගෙන මොනවදෝ ලියනව . ශාලධිපතිට මල , ඒත් ඉස්කෝලෙදි වගෙ විභාග ශාලවෙදි කැගහල බනින්න බැනේ . එනිසා ටිකක් වෙලා ඇම්ඩා දිහාම බලාන හිටියා. එතකොටවත් වැඩේ නතර වෙයි ද බලන්න . කොහෙද ඇම්ඩට ගානේ ගානක් නැහැ, හිටු කියල ලියනව. සැරින් සැරේ ඔලුව උස්සල බලනව අයෙත් ලියනව  . ඒ පාර නම් ශාලධිපති තුමගේ මල්වඩමම පැන්න . ගියා ඇම්ඩ ලඟට .ගිහින

රටේ ඊලඟ ජනපති කව්ද?

මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ජනපති පුටුවෙන් ඉවත් වූ දිනක ( තව වසර විසි පහකින් හෝ ) වෙනත් අයෙක් ජනපති වනු ඇත . ඒ කවුරුන් විය හැකිද  සන්ධානය 01) බැසිල් රාජපක්ෂ මහතා සන්ධානය තුල සිටිනා වඩාත් සුදුසුම පුද්ගලයාය . බොරු දේශප්‍රේමීත්වය හෝ සංස්කෘතිය හෝ ජාතිකත්වය පසු පස යන්නෙක් නොවන නිසා බොහෝ විට සිය සහෝදරයාටත් වඩා සාර්ථක විය හැක . දැනට පෙනෙන ආකාරයට නිදහස් පක්ෂයේ ප්‍රභලයින්ගේ විස්වාශයත් දිනා ඇති නිසා . විමල් වැනි හැකරැල්ලන් හලා දමා වුවත් වැඩේ කරගෙන යා හැකිය . නමුත් චන්දයකට ඉදිරිපත් වීමෙදී පොඩි පරහක් ඇති වීමට ඉඩක් ඇත්තේ ඇමරිකන් පුරවැසි භාවය නිසාය . 02) නාමල් රාජපක්ෂ මහතා  බොහෝ දෙනෙකු කියන ආකාරයට මහින්දගෙන් පසු ජනපති නාමල්ය . නමුත් මංගල සමරවීර වැන්නවුන් දකින ආකරයේ ජුන්ටාවක් තවමත් අප රටේ නැති නිසා තාත්තා යනවිට පුතාට ඔටුනු පැලඳවිය නොහැක . එවැන්නක් සිදුවීමට නම් මහින්ද ජනපති තුමා තව චිරාත් කාලයක් රට පාලනය කර රට පලමු ලෝකයේ රටක් බවට පත් කල යුතුය . (ඇත්තටම එහෙම වනවා නම් එවන් ජනපති කෙනෙකුගේ පුතා ජනප්ති වනවාට බුවත් අකමැති නැත ) නැතිනම් නාමල් සුවිශේෂි, මින් පෙර කිසි අයෙකු තුල නොවු ගුණාංග වලින් සම

ඔක්කොම කණපිට

අපේ රටේ බොහෝ දෙවල් කෙරුනේ කණපිටට හෙවත් වෙන කොහේවත් සිදු නොවන අකාරයටය . වැඩ පමණක් නොව මිනිසුන්ගේ මතවාදයන්ද එලෙසමය මේ පසු ගිය කාලයේ එවන් සිදුවීම් කිහිපයකි ---------------------------------------------------------------------------------- ඊයේ සූදු පනත කියා එකක් සම්මත විය . එය කැසිනෝ සඳහා ඉඩ කඩ ලබාදෙන්නක් බව පැවසේ . ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන රනිල් වික්‍රමසිංහ  එයට විරුද්ධ වෙත්දී ධර්ම රාජ්‍යක් හදන්නෙයි කියා පැමිණි රණවක ත් . පර සුද්දාට එරෙහි බෙලෙක් හඩ, විමල් මැතිඳුත් එයට පක්ෂය ඇත්තටම විමල් මැතිඳු කණපිට ගැසුවේ මීට ටික කලකට පෙරය . O/L වලින් පසු විප්ලවයට කියා කැලේ පනින  ඔහු රජතුමාගේ ඔඩොක්කුවට පැන්න දා සිට කණපිටය විමල් එලෙස හැසිරෙන විට දේශපාලන උරුමයක් හා ජනතා ප්‍රසාදයක් සහිත අර්ජුන ෆොන්සේකාගෙ පස්සේ වැටි අනාත වී ඇත කෝටි ගණනින් මුදල් සංසරණයවූ යුද්ධයක් කල හමුදාපති වරයා බැටරි කෑලි කිහිපයක් හා රේඩාර් වගයක් හොරා කැමට හිරබත් කන අතර නැව් ගණන් අවි ජාවාරම් කල කොටි නායකයින්ට නඩුවක් වත් නැත විජේවීරව පණ පිටින් පිච්චුවෙත් , සිරිසේනගේ රෙද්ද අස්සේ රිංගූ සෝමවංශ හැර අනික් ජවිප නායකයින්ට බැ

ගල් වෙනුවට මල්! .......බුවාගෙන් දෙරණට මල් මිටක්

දේශපාලන හෝ සමාජීය බ්ලොග් ලියන බොහෝ දෙනා , බොහෝ විට ලියන්නේ අඩු පාඩු හෝ විවේචනයි සැබවින්ම බොහෝ දේවල් කණපිට ගසා ඇති රටක වෙන ලියන්නට දෙයක්ද නොමැත . බුවාගේ කෙටි කාලීන බ්ලොග් ජීවිතය තුලත් එක් පෝස්ටයක් හැරුණු විට සියල්ලම ලියා ඇත්තේ විවේචනයි. නමුත් අද ලියන්නට යන්නේ නම් එවැන්නක් නොවේ . මිට කලින් පෝස්ටය ලියුවේ මාධ්‍ය ආයතනයක තකතීරු කමක් ගැනයි අද ලියන්නට යන්නේ මාධ්‍ය ආයතනයක් විසින් පැවැත්වූ අපූරු වැඩසටහනක් ගැනයි ඒ Derana Music Video Awards 2010 වැඩසටහනයි.සරලම කතන්දරය නම් ප්‍රේක්ෂකයින්ගේ ඇස කණ  පිනවීමේ කාර්ය්‍යය ඉතා මැනවින්  ඉටු කිරීමට දෙරණට හැකිවු බවයි. සැබවින්ම රූපවාහිනි වැඩසටහනක කාර්යය ද එය වන අතර කලාව අනුභව නොකර හා ප්‍රේක්ෂක බුද්ධියට නිගා නොකර එය සිදු කිරීමද ඉතා වැදගත්ය . ඒ අයුරින් බලන විට මේ වැඩසටන අතිශයින් සාර්ථක වුවක් බව මගේ හැඟීමයි . රතු පලස් වැඩසටහනේ ආරම්භක අවස්ථාවේ නිවේදිකාව දැක්වූ දුර්වලතාවයන් හා ඇතැම් සුලු තාක්ෂණික දෝශත් වේදිකාවේ ප්‍රමාණයත් හැරුණු විට ජාත්‍යන්තර මට්ටමේ සම්මාන ප්‍රධානෝත්සවයක දක්නට ලැබෙන අංග රාශියක් මෙහි විය . වේදිකාව තරමක් ප්‍රමාණයෙන් කුඩා වුවත් විශිෂ්ට නිර්මාණයක්

ස්වර්ණවාහිනියේ විලි ලැජ්ජා නැති අභිමානය

ස්වර්ණවාහිනියේ මේගා තරු තේරීම අවසන් ය . අවසන්ය කිවාට මට නම් ෂුවර්ම නැත. මොකද මෙතෙක් පැවති රියලිටි වැඩසටහන් අවසන් වූයේ ප්‍රීති ගෝෂා මධ්‍යයේ වුවත් මෙගා තරු තෙරීම අවසන් වුයේ "Megastar වැඩසටහන අවසන් බව කරුනාවෙන් සලකන්න " කියමින්ය . ගුටි කෙලියක් යන බව පෙනුනත් මොකා කොයිකාට ගහනවාද කියාවත් බලාගන්න හැකියාවක් ලැබුනේ නැත ඇතැම් විට අවසන් තීරණයෙන් උද්දාමයට පත් ප්‍රේක්ෂක ජනතාව කැමරා පොල්ලට 2 ක් වැඩැම්මවූවාද විය හැක නැතිනම් ගුටි කෙලිය බලන්න බැරි තරම් කැත වූවාද විය හැකිය. කොයිහැටි වෙතත් ලාංකීය රියලිටි වැඩසටහන් ඉතිහාසයේ පලමු වරට ජයග්‍රාහකයාට තම ත්‍යාග හරි හැටි ලබාගන්නටත් ඒවා ලබාගෙන ජනතාවට ආචාර කරන්නටත්  නොහැකි වූ පලමු වැඩසටහන මෙයය . අනික් අතට එහෙම වීම සාධාරණය . මොකද සමස්ථ විනිශ්චය මණ්ඩලයත්, (කණ ඇහෙන ) ඕනිම පුද්ගලයෙකුත් අනුමත කරන්නාවු තීරණය ක් වෙනස් වූ පලමු අවස්ථාවත් මෙයය.  කෙසේ නමුත් ශ්‍රි ලාංකීය අභිමානය යැයි කියා ගන්නා ස්වර්ණවාහිනිය ලාංකීය ප්‍රේක්ෂකයාට කල අවමානය නම්  සුලු පටු නැත ඒ සමඟම තමන්ට කරගත් " චාටර" ය  එසේමය. එනිසා ඔවුන් වැඩ සටහන අවසන් කිරීමට යොදා ගත් වාක්‍ය කණ්ඩයට යටින

ජාවා මගඩි ,IT සහ තරුණ පරපුර

IJTS ආයතනයේ හිමිකරු විසින් කරගෙන යනු ලබන්නේ යැයි කියනු ලබන වංචනික ක්‍රියාමාර්ග පිලිබඳව සිංහල බ්ලොග් අවකාශය තුල මේ දිනවල බහුලව දක්නට ලැබේ.බුවාට මේ ආයතනය ගැන දැනගන්නට ලැබෙන්නේ මීට වසර 1 1/2 කට පමණ පෙර තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට පිවිසීමට සූදානම් වන විටයි.වාසනාවකට කේෂෙත්‍රයේ පලපුරුදු කිහිප දෙනෙකු ගෙන් ලැබුනු උපදෙස් නිසා බුවා IJTS යන්නේ නැත . නමුත් අදාල ආයතනය කතන්දරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව යන්නේත් නැත . බෝහෝ දිනවල ඉරිදා පුවත් පත් වල රු50,000 වැටුප් ගැනීමට කල යුතු යැයි කියන ඔවුන්ගේ පාඨමාලාව පිලිබඳ දැනිවීම ඊට එක් හේතුවකි,අනික් හේතුව නම් IJTS හි ඉගෙන ගත් අය නොයෙකුත් අවස්ථාවල විවිධ ස්ථාන වලදී මුන ගැසීමයි.මේ හමුවීම් නිසා බුවා තුල මුලින්ම ඇතිවන්නේ අදාල ආයතනය ගැන දැඩි අප්‍රසාදයකි. ඒ ඔවුන් විසින් සිසුන් තුලට ඔබ්බවා ඇති සම්පූර්ණයෙන්ම වැරදි මතවාද නිසාවෙනි .කාලයත් සමඟ IJTS  හි සිදුවු අලුත් වෙනස් කම් ද සමඟ ආයතනය පිලිබඳ සැකයක්ද බුවා තුල ඇතිවේ .මේ ගැන බ්ලොග් සටහනක් දමන්නට බොහෝ සේ සිත් වුවත් කාරණා දෙකක් නිසා එය සිදු නොවේ පලමුවැන්න නම් ජාවා පමණක් දත් අදාල ආයතනයේ අති පණ්ඩිත සිසුන් විසින් නැගිය හැකිව තිබු ජා

මංජුගේ ජයග්‍රනය ගැන එක එක අය කියන්න ඉඩ ඇති කතා

මංජු වන්නිආරච්චි සහෝදරයාගේ රන් පදක්කම් ජයග්‍රනය ගැන බුවා මුලු හදවතින්ම සතුටු වෙනව වගේම මංජු සහෝදරයට මුලු හදවතින්ම සුභ පතනවා!... මේ ජයග්‍රහනය අපේ රටේ ලොකු ලොකු කට්ටිය කියන්න ඉඩ තියන කතා ගැනයි මේ සටහන අතිගරු ජනාධිපතිතුමා - 30 වසරක යුධ ශාපය අවසන්ව අප මවුබිම ආසියාවේ ආශ්චර්යය බවට පත් වෙමින් තිබෙන්නාවූ බවට කදිම නිදසුනක් ලෙස මේ ජයග්‍රහනය දකින්න පුලුවන් ගරු අග්‍රාමාත්‍යතුමා - 30 වසරක යුධ ශාපය අවසන් අප ශ්‍රේෂඨ මවුබිමේ බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ අතීත අභිමානය යලි සිහි ගන්වන්නට මේ ජයග්‍රහනය සමත්ව ඇත........... අමාත්‍ය විමල් වීරවන්ශ - 30 වසරක යුධ ශාපයෙන් මිදී සංවර්ධනයේ අරුණලු දකිමින් තිබෙන අප මාතෘ භූමිය අධිරාජ්‍යවාදී ඊනියා කුමන්ත්‍රන වලින් බේරා ගැනීමේ පලමු වෙඩි මුරය අද නව දිල්ලියේදී සටහන් වුණා අමාත්‍ය පාඨලී චම්පික රණවක - දක්ෂින ආසියා භුමිය තුලදිම බටහිර බලවේග විසින් මේ ලැබූ පරාජය චීනය හා ඉන්දියාව මුල් කරගත් අනාගත ලෝක ආර්ථික සංග්‍රාමයේ ශ්‍රි ලාංකිය සලකුන සනිටුහක් කරවන්නකි ගරු විපක්ෂ නායක - ප්‍රජාතාන්ත්‍රවදය උදෙසා සටනේදී මංජුල තේ බිව්වේ නැ, බිව්වෙ කලු කෝපි විතරයි. එකත් සීනිත් නැත

මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි(මාසෙකට විතරයි )

මාසෙක කාලෙකට සමු ගන්න හදන්නේ විභාග කටයුත්තක් නිසා ,ඩෙංගු ,මීඋණ ,සූකර උණ වගෙ දෙයකට ගොදුරු නූනොත් මාසෙකින් හමුවෙමු. ඊට පස්සෙ ටිකක් විතර විවේකි කාලයක් තියන නිසා වැදගත් මොනව හරි ලියන්න පුලුවන් වෙයි .මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි(මාසෙකට විතරයි ) ප.ලි- මම ගිය අතරේ අපේ රටේ ප්‍රධාන පක්ෂෙක නායකතුමෙකුටත් යන්නම යන්න වෙන්නත් ඉඩ තියනවා

සජිත් මහත්තයා පාර්ලිමේන්තුවේදී අසන ප්‍රශ්න .

මේ පොඩි පොස්ට් එක ලියන්න හිතුනේ අද අනුර කුමාර උන්නැහෙ කියපු කතාවක් දැකලා( JVP කට්ටිය කියන එවා මම එච්චර අනුමත නොකලට මේ කතාව නම් එල ) කථාව තමයි ගොඩ දෙනෙක් අනාගත එජාප නායකත්වය විදිහට දකින සජිත් මහත්තයා පාර්ලිමේන්තුවේ අහන ප්‍රශ්න වල ස්වභාවය. මට අනුර කුමාර කියපු විදිහටම මතක නැ .  මේක තමා දල අදහස " තිස්සමහරාම ආසනයේ_ _ _ _ _ _ _ කොට්ටාශේ පදිංචි සීලවති මැණිකේගේ වත්තට හරක් දෙන්නෙක් පැනල මිරිස් පැල වගයක් කාල.. මිරිස් පැල කීයක් කාලද? එකට වන්දි දෙන්නේ කවදාද?" ඔන්න ඔහොම ඒවලු සජිත් මහත්තය අහන්නේ .... බලාගෙන ගියාම ඇත්ත තමා . රටේ මිනිස්සුන්ට , රටට බලපාන වැදගත් කාරණා පසක තිබියදී එයා අහන්නේ ඔය වගේ ප්‍රශ්න තමා . ඉතින් ගැටලුව තියෙන්නෙ ගොඩක් දෙනා බලා ඉන්න විදිහට මෙයා එජාපයේ නායකත්වයට සුදුසුද කියන එකයි. මේ ප්‍රශ්න වලට අමතරව එයාගෙ කතා විලාසය , කතා කරන දේවල් ,ප්‍රතිපත්ති ඇතුලු තවත් බොහෝ දේ දැක්කම මට නම් හිතෙන්නෙ එජාප නායකත්වයට මෙයා තවම නම් සුදුසු කම් පෙන්වා නැති බවයි.නිකමට වගේ හැමෝගෙන්ම බැනුම් අහන රනිල්,නිදිමත කරු,සජිත් ගෙ ටයි කෝට් කතාව නිසා රෙද්දට බැස්ස රවි( බූරු  කතා නොකියා ඉන්න ව නම්),එතකො

මිනිසුනේ......... ඒ ගස් බැන්ඳේ අපේම එකෙකි !

ඩෙංගු මර්ධන වැඩ පිලිවෙලට දායක නොවුණු "පාපතර " රාජ්‍ය නිලධරයෙකු ගස් බැඳීමේ නූතන "දුටු ගැමුනු "ගේ මහා වීරක්‍රියාව සිදු කර පැය 24 කටත්  වඩා ගතවී ඇත.එම නිලධාරියා තමන් විසින් ගස් බැඳ ගත්තේ යැයි ලිපියක් ද "දුටු ගැමුණු " විසින් ඉදිරි පත් කර ඇත (පසු ගිය කාලයේ අප රටෙ සිදුවූ තමා විසින් ගිනි තබා ගැනීම්,පිහියෙන් ඇන ගැනීම් ආදිය ගැන සලකන විට මෙයද වෙන්න බැරි නැත ) නමුත් මෙ කියන්නට යන්නේ මෙ මහා වීර ක්‍රියාව ගැන මට අසන්නට දකින්නට ලැබුනු මහජන අදහස් ගැනය . " අඩෝ අර යකා මරු වැඩක් කරලනෙ?" "කවුද?" "_ _ _ _  _ _ _ බන්" "ඒ මොකක්ද?" මේ මම මේ ගැන මුලින්ම දැන ගත් අවස්ථාවයි ඒ ඊයේ හැන්දෑවේ දුරකතනයෙන් මිතුරෙකු ගෙනි ,උග්‍ර UNP කාරයෙකු වූ මිතුරාට නම් මාර  චූන් ය ! ඉන් පසු TV  පොල්ලේ බොහෝ නාලිකාවන් හරහා විවිධ කැමරා කෝණ වලින් ගස් බැඳීම දුටුවෙමි අද උදේ බස් හෝල්ටයට ගියේ නගරට යාමටය , ඒ උදේ 9.30 ට පමණ ය .ත්‍රි වීලයට පැට්‍රෝල් ගෙන ඒමට කෑනයක් අතින් ගත් ත්‍රිවීල් මල්ලිත් A/L කර Campus එනකන් ගෙදර ඉන්න එකෙකුත් සිද්ධිය සමාලෝචනය කරමින් සිටියි . උන් දෙන

රියෙන්සි,එජාපය සහ අපි

ලංකා ඉතිහාසයෙ පලමු වතාවට පක්ෂයක් වෙනුවෙන් මිනිසෙක් සිය දිවි හානි කරගත්තේය.නෛතිකව බැලූ විට ඔහුගේ ක්‍රියාව වරදක් වුවත් ඔහු එමගින් සිය පක්ෂයට දුන් පණිවුඩය එජාපයට මෙන්ම රටටද ඉතා වැදගත් ය . දිගින් දිගටම අන්ත පරාජයන්ට පත්වූ එජාපයට ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව තදින්ම තිබුනත් ප්‍රතිසංවිධානය නමින් මේ වන විට සිදුවෙමින් පවතින්නේ කල්ලි බෙදී  එකිනෙකාට බැන ගැනීමත් නායකත්වය වෙනස් කිරීමට දරන් උත්සහයත් , වර්ථමාන නායකත්වය ඉන් බේරීමට කට්ටි පැනීමත්ය .පසු ගිය කාලය පුරාවට රටේ උද්ගතවූ  දේශපාලනමය  අවස්ථාවන් හිදී එජාපයෙන් පරස්පර අදහස් කිහිපයක් ඉදිරි පත්වීම එජාපයේ බෙදීමට කදිම නිදසුනකි.එක්ව මිස වෙන් වෙන් ව හිඳ ලැබිය හැකි ජයක් නොමැතිය යන හෝඩි පන්තියේ සිද්ධාන්තය තම පක්ෂයේ වග කිවයුතු  නායකයින්ට නොවැටහීම රියෙන්සි අල්ගම මහතා කලකිරවන්නට ඇත. එජාපය බෙදී වෙන් වී යැම රජයට නම් සතුටට කරුණක් වන මුත් රටේ සාමාන්‍ය ජනතාවට නම් එය සුභවාදී කාර්ණයක් නොවේ , මන්ද යත් විකල්ප  බලවේගයක් නොමැති තැන ඕනිම රජයක් පිස්සු කෙලිනා බැවිනි.නමුත් රජයට විකල්පයක් වනව තබා එක මතයක් දැරීමට තරම් වත් එකඟතාවයක් එජාපය තුල නොමැති වීම සැබවින්ම කණගාටුවට කරුණකි

ආදරණීය මුරලි (He is a legend and He is the BEST)

ලොව බිහිවූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ටෙස්ට් පිටියෙන් සමු ගත්තේය. විශිෂ්ටයෙකු විලසින්ම සමු ගත්තේ ය. තම අවසන් තරඟය සඳහා කිසිවෙකුත් බාර නොගන්නා තරමේ අභියෝගයක් කරට ගත් මුරලි, එය ජයගන්නේ තමා විශිෂ්ටතමයා බව යලිත් ලෝකයා හමුවේ තහවුරු කරමිනි  . ටෙස්ට් පිටියට සමු දුන්නත් පන්දු වාර 50  T20 හා  IPL තරඟ වලදී ඔබගේ දක්ෂතා දැකගන්නට ලැබීම ක්‍රීඩා ලෝලී සැමගේ බලාපොරොත්තුවයි . මවු බිමට සැබෑ අලෝකයක් ගෙන දුන් ආදරණීය ක්‍රිඩකයානෙනි ඔබට මාගේ උත්තමාචාරය ! Photo From - dhaka-pic.blogspot.com

අහෝ විමල්!

බඩ ගින්න වැඩි කමට මහරජතුමා "මූන්" ලෙසට පෙනුණු නිසා දෝ , මහා දේශප්‍රේමී විමල් මැතිදුන් සිය මාරාන්තික උපවාසය මැරෙනවා තියා ,මැරෙන්න හිතන්නත් කලින් අවසන් කලේය.ජනතවගේ පැත්තෙන් එය ඉතා යහපත් වුවත් විමලයා ගැන නම් දුකය .බඩ ගින්න කෙසේ වෙතත් මේ යකා දවස් 2ක් තුම්මුල්ලේ බුදිය ගත් එකට වත් වැඩක් නැත .මහරජ දුටු විගස සියල්ල අවසන්ය.මා කලින් බ්ලොග අවසන් කලේ විමල් ගැන නිදහස් පක්ෂය අවධානයෙන් සිටිය යුතු යැයි පවසමිනි , ඇතැම් විට මහරජ තුමාටත් එසේ සිතුනා විය හැක(රජයේ ඇතැම් අමත්‍ය වරුන් උපවසය  ගැන ප්‍රසාදයක් නොදක්වන බවටද මාධ්‍ය වාර්ථා පල විනි ) එසේ නොමැතිව මෙය අයවැය අමතක කරවීමට රඟදැක් වූවක් නම් විමල් යනු බොක්කෙන්ම රාජපක්ෂියෙකි ! ඡයාරූපය  lanka thruth වෙතිනි

උඩවලව

මෙ තියෙන්නෙ උඩවලව වැව. හැමෝම හොඳට දන්න තැනක් ,අඩු තරමින් අහල තියන තැනක්. මේ හවස 6.30 ට විතර මම හිතන්නෙ .ඒ වෙලවට වැව උඩ පාරෙ ගොඩක් දුර යන්න බෑ මේ හරියට නම් යන්න පුලුවන් . හරිම ලස්සනයි. මගේ phone එකෙන් ගන්න බෑ ඔයිට වඩා හොඳට.ඒත් වෘත්තීය ඡයාරූප කැමරාවක් තියනව නම් නියම photos ටිකක් ගන්න පුලුවන්,ආ.... තව එකක් ඔය 3 වන රූපයේ තියන පරිදි (ඊතල ) විදුලි වැට අහුවෙන්න ගන්න එපා ,ඒක මගඇරල ගන්න වැදගත්:- විදුලි වැට කිව්වට මේ වෙලාවට විදුලිය නැහැ..ඒත් පරිස්සම් වෙන්න විදුලිය නේ .... police Uncle ලා  ඉන්නව ඒ අය කියන දෙ අහන්න(අඩු තරමින් මේ වගෙ තමන් නොදන්න පලාතකදි ) (නිසි අවසරයකින් තොරව ඡයාරූප උපුටා ගැනීම තහනම් !)

වීරයෙකු වු විමල් සහෝදරයා !

විමල් නැවතත් කරලියට පැමින ඇත,රූපවාහිනි ගුවන් විදුලි පුවත් පත් පමණක් නොව බ්ලොග් කරුවන් ද ඔහු ගැන කතා කරයි(අනුනට කියන ගමන් මම ද කතා කරයි ).මට හිතෙන හැටියට විමල් දැනටමත් තම අවශ්‍යතාවන් බොහෝ දුරට ඉටු කරගෙන හමාරය 01) යුද්දෙන් පසු අවතැන් උන "දේශප්‍රේමය " නැවත විකුණා ගැනීම(මේ යකා විකුණන්න දන්නේ මෙච්චරය) 02) ජාතික ලයිස්තු කතාවෙන් පසු මහරජතුමාගෙන් කැපුන ලකුණු ටික ලබාගැනීම 03) රජයේ මාධ්‍ය වලින් පවා හැලෙමින් තිබුනු තමා ගේ රූපය, සියලු මාධ්‍යන්හි ප්‍රචාරය කරවා ගැනීම 04)බහුතර ජනතවගේ අනුකම්පාව දිනා ගැනීම(ස්වර්ණවහිනිය මේ සඳහා පැල් බැඳගෙන වැඩය) සරලවම කියතහොත් "පොරක්" වීම ඉටුකරගෙන හමාරය,බ්ලොග් ලියන කියවන සමාජය ඇතුලු යම් පිරිසක් මේ සමයම අවබොධ කරගත්තත් ග්‍රමීය බහුතරයක් ජනතවට විමල් දැන් වීරයෙකි (මාධ්‍ය විසින් වීරයෙක් බවට පත් කරමින් සිටියි ) නායකයකු සොයමින් පිස්සු නටමින් සිටින UNP යත් ඇදගෙන විරුද්ධ මතවාදයක්ද හදා ගැනීමට මොහු සමත්ව ඇත. මතයක් ජනප්‍රිය කරවීමට විරුද්ධ මතයක් අවශ්‍ය වන අතර UNP ය විසින් නොමිලේම සේවාව සපයයි.දෙශද්‍රොහි හංවඩුව හිසෙම ගසාගෙන සිටින විපක්ෂනායකතුමාම එම සෙවාව සප

ආයුබෝවන් !

ආයුබෝවන් ! බුවත් Blog ලියන්න කියල හදන්නෙ. පුලුවන් වෙලාවට මේ පැත්තෙ ඇවිත්, තියන දෙයක් කියවල කමෙන්ටුවක් එහෙම දාන්න කියල මම හැමෝටම ආරාධනා කරනව .