Skip to main content

Posts

Showing posts from January, 2012

සිංහල බ්ලොග් අවකාශයේ ඇනෝ භීතිකාව !

මුලින්ම සඳහන් කරන්න ඕනි මේ ලියන්න හදන්නේ ඇනොනිමස් ආතල් බ්ලොග් එක ගැන එහෙම නෙවෙයි , බ්ලොග් වලට වැටෙන ඇනෝනිමස් කමෙන්ට්ස් ගැන . ඒ වගේම මේක ටික කාලයක් තිස්සේ බ්ලොග් අවකාශයය තුලදි  නීරික්ෂනය කරපු දේවල් ඇසුරෙන් ලියන දෙයක් මිසක් යම්කිසි නිශ්චිත සිදුවීමක් හෝ බ්ලොග් අඩවියක් මේකට අදාල වෙන්නේ නැ ඇනෝනිමස් කමෙන්ට්ස් ගැන ලියන්නේ ඇයි ? සිංහල බ්ලොග් අවකාශයේ වැඩි වශයෙන් භාවිතා වෙන බ්ලොගර් පැල්ට්ෆොම් එකේ ඇනොනිමස් හෙවත් නිර්නාමික කමෙන්ට් කරුවන් සම්බන්දයෙන් සමහර බ්ලොග් කරුවන් තුල අමුතු විරෝධයක් දකින්න තියෙයි . සමහර බ්ලොග් අඩවි ඇනෝ කමෙන්ට් බ්ලොක් කරල තියෙත්දි තවත් සමහර කෙනෙක් ඇනෝ කෙනෙක්ගේ අදහසක් සම්බන්ධයෙන් දක්වන මූලිකම ප්‍රතිචාරය තමයි "කොන්ද පණ නැති ඇනෝ" කියන එක . මෙන්න මේ කාරණය නිසයි ඇනෝ ගැන කථා කරන්නේ. ඇනෝ කියන්නේ කව්ද ? ඇනෝනිමස් කියන්නේ නිර්-නාමිකත්වය කියල සරලව හඳුන්වන්න පුලුවන් . බ්ලොගර් වලදි බ්ලොගර් හෝ වෙනත් බ්ලොග් සම්බන්ධ අයිඩී එකක් නොමැතිව කමෙන්ටුවක් පල කිරීමට තියන පහසුකම ඇනෝනිමස් කමෙන්ට් විදිහට හඳුන්වන්න හැකියාව තියනවා . බ්ලොග් ලිවීමක් නොකරන කෙනෙක් ඒ වෙනුවෙන් අයිඩී එකක් හදාගන

මේ මොහොතේ කතිකාව 13 හෝ 13 + නොවිය යුත්තේ ඇයි ?

බලය බෙදීම , දේශපාලන විසඳුම්  13 + වැනි මාතෘකා නැවතත් කරලියට පැමිණ ඇත . ඉන්දීය විදේශ අමාත්‍ය වරයාගේ ශ්‍රිලංකා සංචාරය අතරතුර මහින්ද රාජපක්ෂ ජනපතිවරයා විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය විසඳුමක් කෙරේ යොමු වන බැව් තමාට පොරොන්දු වූ බවක් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම මේ කතිකාව සඳහා හේතුවී තිබේ . දින කිහිපයකට ප්‍රථම දෙමල සංධානය සමඟ සාකච්ඡා අරභයා පොලිස් හෝ ඉඩ බලතල කිසිසේත් ලබා නොදෙමුයි ශපත කල රජය ඉන්දියානු විදේශ අමාත්‍යවරයා ඉදිරියේ 13+ එකක් පිලිබඳව පොරොන්දු වීමත් , රජය නියෝජනය කරන හෙල උරුමය හා ජනිපේ වැනි දේශපාලන බලවේගයන් දේශපාලනික විසඳුමක අවශ්‍යතාවක් හෝ නොදකින තත්වයත් මේ පිලිබඳ ව්‍යාකූලතාවයක් ඇතිකිරීමට සමත් වී ඇත . ඒ නිසා ඒ පිලිබඳ වඩාත් පුලුල් වූ සාකච්ඡාවක් කෙරේ යොමු වීම වැදගත්ය. දේශපාලනික විසඳුමක් අවශ්‍යද ?? දේශපාලනික විසඳුමක අවශ්‍යතාවයක් තිබේද  යන්න රජය නියෝජනය කරන ඇතැම් දේශපාලන බලවේග හා බහුජන සංවිධාන වල පවා ප්‍රශ්නාර්ථයන් නැඟී ඇති  කාරණයකි . ශ්‍රි ලංකාවේ පැවැතියේ ත්‍රස්තවාදයක් පමණක් බවත් එය අවසන් නිසා සිංහල දෙමල ජනතාවගේ සහජීවනයට කිසිදු  බාධාවක් නොමැති බවත්  දේශපාලනික විසඳුමක අවශ්‍

ෆොන්සේකා අන්කල්ගේ නිදහස් වීමට අකමැති කස්ටිය

ෆොන්සේකා අන්කල් නිදහස් කරගැනීම ගැන මේ දිනවල ගොඩ දෙනෙක් කථාවෙනවාය . අපේ විපස්ස නායක අන්කල් ,අලස් අන්කල් , වෙන්ට විපස්ස නායක අය්යා පමණක් නොව වීරවංශ අන්කල්ද කථා කරන්නේ ෆොන්සෙකා අන්කල්ගේ නිදහස  ගැනය . නිදහස හම්බු වේද නැද්ද කියන්නට දන්නේ නැතත් ෆොන්සේකා අන්කල් නිදහස් වෙනවාට බය කට්ටියක් නම් පේන්නට තියනවාය මේ ලියන්නට යන්නේ ඒ ගැනය ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ අපේ මහරජතුමා අන්කල්ය , කොටින්ම ෆොන්සේකා අන්කල් හිරේ ලගින්නේත් මහරජතුමා අන්කල් නිසාය . ඒක එහෙම නෙවේය වරදට දඬුවම් දෙන්නට ඕනැය කියා තර්ක කොරන්නට පුලුවන් වුනත් . මිනිමරුවන් ස්ත්‍රි දුෂකයින් එලියේ ඉත්දී  , පෙලක් එවුන්ගේ නඩු ඉල්ලා අස් කරගනිත්දී , ඒ තියා තොග පිටින් මිනි මැරු කොටි නායකයින් එලියේ ඉත්දී ෆොන්සේකා අන්කල් බැටරි කැලි වගයකට හා කට වැඩි වීමට (කට නම් කොහොමටත් පොඩ්ඩක් අප්සැට්ය ) හිරේ ලගින්නේ ඒකය . මුල් තත්වය එහෙම වුනත් දැන් නම් ෆොන්සේකා අන්කල් එලියේ සිටිනා තරමට මහරජතුමා අන්කල්ට වාසි බවකුත් පේන්නට ඇත . නමුත් තාමත් කල් මරමින් ඉන්නේ හිතේ චුට්ටං බයක්  හෝ තියෙන නිසා වෙන්නට බැරි නැත .කියන්නට බැරිය  , තත්පර දහයේ ක්ලිප් එකෙන් වැඩ පෙන්වන ෆොන්සේකා අන්

බල්ලන් සහ මැක්කන්

ආචාර්ය සිල්වා ගේ ගෝලබාලයන් පිරිස ඔහුට එරෙහී වී ඇත . "අපිට ඒ ගැන ලැජ්ජයි" , "අපි ඒ දවස් වල කොන්දක් තිබුනේ නැ" වැනි දේශපාලකයෙකුගේ මුවින් කිසිලෙසකින් හෝ පිටවිය නොහැකි වැකි ඔවුන්ගෙන් පිට වනවා දක්නට ලැබිනි . ආචාර්ය සිල්වාගේ ගෝලයන් අහවල් පාට වැන් වලින් උස්සන් යෑම ඇතුලු රංගනයන් කිහිපයක් පසුගිය සමයේ දක්නට ලැබුනු අතර තිරය පිටුපසද ඊට වඩා සැහෙන කෙලියක් සිදුවී ඇති බවටද උපකල්පනය කල හැක . මන්ද බල්ලාගෙන්  යැපෙන මැක්කන් ලේසියෙන් බල්ලාට විරුද්ධ වන්නේ නැත . ආචාර්ය සිල්වා පැවැත්වූ  මාධ්‍ය හමුවේදී සුපුරුදු පරිදි තම ගොන්කම ප්‍රදර්ශනය කරමින් පැවැසුවේද බල්ලන් හා මැක්කන් ගැනය . ඔහු  කියන්නේ බල්ලන් සමඟ නිදියන්නට ගොස් මැක්කන් සමඟ නැගිටීමට තමන්ට සිදුවී ඇති බවකි . බල්ලන් හෝ බල්ලන් සමඟ ලගින්නන් තුරුලට ගත්විට සිදුවන්නේ කුමක්ද යන්න  ආචාර්ය  නොවන සිල්වා අපුරුවට පෙන්වා ඇති වටපිටාවක බල්ලන් සහ බල්ලන් සමඟ ලගින උන් ගැන බරපතල ලෙස සිතීමට ලොකු තැනට සිදුවනු නියතය . මන්ද බල්ලන්ගේ පමණක් නොව මැක්කන්ගේ කෙරුවාවෙන්ද කෙලවෙන්නේ එතුමානණ්ටය , තංගල්ලේදී එයද අපුරුවට රඟදක්වා ඇත . බල්ලන් පිලිබඳ නිසි පියවර ගතහොත් මැක්

ආලකමන්දාව - නව වසරේ වින්දනීය අලුත් වැඩක් (ඔබටත් දායක විය හැකියි )

සාමය සතුට සපිරි සුභ නව වසරක් වේවා කියල සියලුදෙනාටම සුභ පතන ගමන් අලුතින් අතගහපු වැඩක් ගැන කියන්නයි සුදානම . මේක විවිධාකරයේ බ්ලොග් ලියන /කියන ඕනැම කෙනෙකුට ගැලපෙන සහ දායක වෙන්න පුලුවන් වැඩක් . ඔව්.. අලුත් බ්ලොග් අඩවියක් තමයි .සිනමාව හා සංගීතය පමණක් විෂය වෙච්ච මේ බ්ලොග් අඩවියේ නම "ආලකමන්දාව " (මේ නම  කොයිතාක් දුරකට ගැලපෙනවාද කියල නම් දන්නේ නැ ) . පහුගිය සතියේ ලියපු 2011 වසරේ හිතගිය ගීත ලිපියත් එක්ක තමයි මේ අදහස මුලුන්ම හිතට එන්නේ . ඒ වගේම අපේ මාතලන් අය්යගේ අලුත් පින්තුර බ්ලොග් එකත් වෙනස් දෙයක් කලයුතුයි කියල හිතන්නට පෙලඹවීමක් කලා කිව්වොත් නිවැරදියි . සාමාන්‍යෙන් සිංහල බ්ලොග් අවකාශය තුල දකින්න  අඩු Blogger Dynamic Views   තමයි මේ බ්ලොග් එකට භාවිතා කලේ . බ්ලොග් අඩවියේ  තේමාවන් එක්ක  Dynamic Views වඩාත් හොඳින් ගැලපෙනව කියලයි මගේ කල්පනාව . දැනට Magazine View තේමාව එක විදිහට භාවිතා කරල තියනව . කැමති කෙනෙකුට කැමති අකාරයෙන් භාවිතා කරල බ්ලොග් අඩවිය කියවන්න , හැකියාව තියෙයි(sidebar view එක වඩාත් වේගවත් )  . පහල තියෙන්නෙ බ්ලොග් අඩවියට සබැඳිය , ගිහින්ම බලන්නකො http://alakamandhawa.bl